2012 ජුනි 28: උගතුන් සිටින තාක් කල් මේ රට හැදිය නොහැකිය..
මීට ලිපි දෙකකට පෙර මා ලියූ “අන්තරාවයි…. නූගත්කම ඉදිරියෙන්” යන ලිපියට පසු වදනක් ඉතාමත්ම ඉක්මනින් ලිවීමට සිදුවීම ගැන මගේ කණගාටුව මටම ප්‍රකාශ කර ගනිමි. රටක ඉදිරි ගමන සැකසෙන්නේ ජනතාවගේ බුද්ධියේ ප්‍රමාණය අනුව බව ඔළු කට්ට ඇතුලේ මොළයක් ඇති ඕනෑම කෙනෙකුට වැටහේ. අළුත් දෑ සොයා නොගත්තත්, සොයා ගෙන ඇති දෑ භාවිතයෙන් හෝ තම නැණ පමණින් කටයුතු කළහොත් අගාධයට නොවැටී ජීවත් විය හැක. ලෝකයේ ආර්ථිකව සහ සමාජයීයව ඉදිරියට ගොස් ඇති රටවල් දෙස බැලූ විට අධ්‍යාපනය සහ බුද්ධි වර්ධනයට ඔවුහු සැලකිය යුතු අවධානයක් යොමු කරති.
මෑතකදී ඉදිරිපත් වූ මානව පරිණාමය සම්බන්ධ මතයකට අනුව තවත් අවුරුදු දහසක් හෝ දෙදහසක් පමණ කාළයකදී මානව සංහතිය කොටස් දෙකකට බෙදී යයි. පළමුවැන්න වන්නේ බුද්ධිමත්, ධනවත්, කඩවසම්/රූමත්, සියලුම අතින් සාර්ථක මිනිසුන් කොටසකි. දෙවැන්න එහි ප්රතිලෝමයයි. මේ අනුව ලෝකය පාලනය වන්නේ සහ බොහෝ සම්පත් සතු වන්නේ පළමු කොටසටය. බුද්ධිමතා ලෝකය පාලනය කරන අතර මුදල් හදල් තිබූ පමණින්ම එතැනට වැටෙන්නේ නැත. ධනවත් මෝඩයින්ගේ පැවැත්ම අවිනිශ්චිත වන අතර ඔවුහු සමහර විට මධ්‍යම පාන්තිකයන්ගේ තත්ත්වයට පත් විය හැක. මෙය මා විසින් කියවූ පුවතක තිබූ කරුණකි.
විමල් වීරවංශ මහතාට අනුව Z Score ප්‍රශ්නයට වගකිව යුතු වන්නේ එය නිර්මාණය කළ බුද්ධිමත් මහාචාර්ය වරයායි. ඔහු එය සොයා නොගත්තා නම් බන්දුල ගුණවර්ධන මහතා සහ එස් බී දිසානායක මහතාට මේ ඉරණම අත් වන්නේ නැත. කෙතරම් බුද්ධිමත් තර්කයක් ද ?
ඇත්තෙන්ම මේ රටට හෙණ වැදී තිබෙන්නේ විශ්ව විද්‍යාල මහාචාර්යවරු, විශ්ව විද්‍යාල සිසුන් සහ උසස්පෙළ සිසුන් නිසාය. ඔවුන් නොසිටියේ නම් මේ රට පාරාදීසයකි. ආසියාවේ අයිස්ම අයිස්චර්යයි. උසස්පෙළ සිසුන් නොසිටියේ නම් Z Score පිළිබඳ අර්බුධයක් පැන නගින්නේ නැත. අර මෝඩ මහාචාර්යවරයා Z Score එක නොසෑදුවා නම් මේ ප්රශ්නය පැණ නගින්නේ නැත. මහාචාර්යවරු වර්ජනය කර වැටුප් වැඩි කර ගැනීම නිසා ආණ්ඩුවට පාඩු වී ඇත. මේ නිසා ඔවුන්ගේ වැටුප මැති ඇමතිවරුන්ගේ වැටුපට වඩා වැඩි වී තිබේ… මේවා සිදු නොවිය යුතු දේවල්ය. මේ සියල්ල සිදු වී ඇත්තේ ලංකාවේ මහාචාර්යවරුන් උගතුන් වීම නිසාය.
මේ සිද්ධියේ මූලිකම ප්රශ්නය වන්නේ බටහිරින් ලබා ගත් සංඛ්‍යාන විද්‍යාව අනුව මේ Z Score එක සැකසීමයි. අපටම ආවේනික සිංහල බෞද්ධ ගණිතාචාර්යවරයෙකු සිටින මේ රටේ Z Score එක සෑදීමට වෙනත් මහාචාර්යවරයෙකුට පැවරීම, Z Score එක යනුවෙන් බටහිරින් අහුලාගත් වචනයක් එයට ලබා දීම වැනි බටහිරට ගැති සංකල්පයක් අනුගමනය කිරීම මේ ප්රශ්නයේ මූලයයි. ඉන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුවේ බටහිරට ගැති සේවකයින් බටහිරින් ගෙන ආ පරිඝණක භාවිතා කර මේ දත්ත ඒවාට ඇතුලත් කිරීම නිසා මේ අගයයන් බටහිරට ගැති වී ඇත. මේ නිසා මේ ප්‍රශ්නයට අහිංසක ඇමතිවරුන්ට බැණලා වැඩක් නැත. ඒ මහත්වරු දන්න මගුලක් නැත. ඒ මහත්වරු අහිංසකය… වැරැද්ද ඇත්තේ Z Score එක සැකසූ මහාචාර්යවරයා අතය… අනවශ්‍ය ලෙස රට පුරා කැළඹීමක් ඇති කළ නිසා ඒ මහතා සේවයෙන් පහ කළ යුතුය.
මේ තර්කයට අනුව රටේ අපරාධ වැඩි වූවාට ආණ්ඩුවට හෝ පොලීසියට බැණලා වැඩක් නැත. අපි වටිනා බඩු භාණ්ඩ ලඟ තබා ගන්නා විට හොරුන්ට ඒවා ගන්න සිතේ… ඒ නිසා අපි වටිනා දේ තබා ගත යුතු නොවේ. අපි වැඩිපුර ඉගෙන ගන්නා විට සිතන්නට පුළුවන් වේ. ඒ නිසා අනවශ්‍ය දෑ සිතීම වලක්වා ගැනීමට ඉගෙන ගැනීම නතර කළ යුතුය. පාරේ ගමන් කරන විට අනතුරු ඇතිවේ – රිය අනතුරුවලින් බේරීමට පාරේ ගමන් නොකළ යුතුය. විදුලි බල්බ දැල්වීම නිසා විදුලිය පාවිච්චි කිරීම සිදු වේ – එවිට විදුලි බිල වැඩි වේ – විදුලිබිල අඩු කර ගැනීමට අපි විදුලි බල්බ නොදල්වා සිටිය යුතුය. කොටින්ම කියනවා නම් කාන්තාවන් දූෂණය වන්නේ ඔවුන් සතුව දූෂණයට ලක් විය හැකි අවයව ඇති නිසාය.. පිරිමියෙකු කාන්තාවක් අතින් දූෂණය වූ අවස්ථාවක් කවදාවත් අසන්නට ලැබෙනවාද ? නැත.. එසේ නැත්තේ ඔවුන් එවැනි අවයව ලඟ තබා නොගැනීම නිසාය..
ඒ අනුවම ගත් කළ විමල් වීරවංශ මහතා ඇතුළු බුද්ධිමත් මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවට පත් කර යවන්නේ අපිමය… ඔවුන්ට අනුව හොඳ යමක් කළ විට එහි ගෞරවය අයත් වන්නේ ඔවුන්ටය.. නමුත් ඔවුන් නරක දෙයක් කළ විට එය පැටවෙන්නේ ඔවුන් ඡන්දයෙන් පත් කළ අපටය… දුමින්ද සිල්වා මහතා පාර්ලිමේන්තුවට පත් කර යැවුවේ නැතිනම් භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මිය යන්නේ නැත. මේ සියල්ල අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා ය…..
විමල් වීරවංශ මහතා නිවැරදිය… ඒ මහතාගේ පියා පාන් කරවෙන්න නොදී තිබුණා නම්……………………….
Posted on ජූනි 28, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 8.
ඊයෙ අර දත්වාට්ටු හරියෙ තියෙන මෙව්වෑකෙ මීටිමකට ගොහිං ආපු උගතෙක් එතුමගෙ ගෙදර ඇත්තිට කිව්වලු. මීටිමේ හිටපු උගත්තු කිව්ව ඒවට අඬන්නද හිනාවෙන්නද හිතාගන්න බැහැකියල. මට නං කියන්න තියෙන්නෙ තව කනකොට තව රෙX කියල.
රටේ උගතුන් දේසපාලන හෝ නොවන වෙනත් වාසි බලාපොරොත්තුවෙං කොන්ද නැති කර ගන්නවානම් ඊටවඩා දුකක් නැත
කැමතියිකැමතියි
සමහර විට ඔවුන්ට කරන්න දෙයක් නැති වුනාමත් ඒ තත්ත්වයට පත් වෙනවා… උදාහරණයක් වශයෙන් කවුරුත් තව දවසක් හරි ජීවත් වෙන්න ආසයි.. බලෙන් ඒ අවස්ථාව නැති කරගන්නවට වඩා කට වහගෙන ඉන්න එක ඇඟට ගුණයිනෙ…
කැමතියිකැමතියි
http://www.divaina.com/2012/06/29/news29.html
කැමතියිකැමතියි
සහතික ඇත්ත. උන් කරන දේවල වැරදි කාරයෝ නම් අපම තමා. මෙවැනි ගොන් තඩින් පාර්ලිමේන්තු කැන්ටිමෙන් කන්න යවන්නේ අපම නිසා. (පාර්ලිමේන්තු ගොස් උන් කරනා වෙන වැඩක් මට නම් සිතා ගත නොහැක.) මේ රටේ මහ ජනයාට බූවල්ලෙන් තැලිය යුතුය. ඒ මෙහෙව් උන් බලයට පත්කර උන්ට හිතන්නවත් බැරි ලෝකයක් පතනා බැවිනි. මට මතක් වන්නේ කැන්නන්ගර උන්නැහැ නිදහස් අධ්‍යාපන පණත ගෙන එන්නට දඟලන විට ජාතියේ පියා කී කතාවයි. (කන්නන්ගරගේ වැඩේ නිසා ගඩා ගෙඩියක් කඩා ගන්න එකෙක් නැති වෙයි කවදා හරි.) එහෙව් දුර දක්නා නුවණක් තිබූ ජාතියේ පියාටත් නොහොබී අද අපේ කෙරුවාව.
කැමතියිකැමතියි
kathawa sampurna aththa.
කැමතියිකැමතියි
ජාතියේ පිනට පහලවූ දේශපාලකයෝ… ලංකාවේ මිනිස්සු ගොන්කං කරනතාක්කල් මේ වගේ උත්තමයෝ වැඩි වැඩියෙන් පහල වේවි 🙂
කැමතියිකැමතියි
ඔය මනුස්සයා කියන ඒවා සැලකිල්ලට ගන්න යන එක ටයිම් වේස්ට් කේස් එකක්!
කැමතියිකැමතියි
උගතුන්ගේ පස්සා පැත්තට පයින් දෙකක් ගසා එලවා දැමිය යුතුය
කැමතියිකැමතියි