Daily Archives: ජූලි 11, 2012

2012 ජුලි 12 : රැකියා විරහිත උපාධිධාරීනට රැකියා අවස්ථාවක්…. අදම අයැදුම් කරන්න….


ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් සිටිති. ඒ අතරින් කිසිදු රැකියාවක් හෝ ස්වයං රැකියාවක් කරගැනීමට සුදුසුකම් හෝ ශක්තියක් නැති අය ලිප්ටන් වට රවුමට ඇවිත් ආණ්ඩුවෙන් රැකියා දියවු යැයි කියමින් උද්ඝෝෂණය කරති. අවම සුදුසුකමට වඩා යමක් ඇති, තවත් සුදුසුකම් ඇති බුද්ධිමත් සිසුහු ස්වෝත්සාහයෙන් තමන්ට සුදුසු හෝ නුසුදුසු නමුත් කන්න යමක් ගත හැකි පඩියක් ලැබෙන රැකියාවක් සොයා ගනිති. සිය බුද්ධිය සහ ශ්‍රමය උපයෝගී කරගෙන ස්වෝත්සාහයෙන් අනුන්ට අත නොපා ජීවත් වීමට කැමැත්තෝ ස්වයං රැකියාවකට අතගසා සමහර විට දියුණු වන්නටත්, බුද්ධිය මෙහෙයවා දියුණුවේ හිණිපෙත්ත කරා පානැගීමටත් සූදානම් ව තමන්ට කියා යමක් කරගනිති.

අපේ ගොඩක් අපරාධ කාර මහත්වරුන්ගේ ඉරණම මේකයි….

අද දිවයින පුවත්පතේ ඇති ප්‍රවෘත්තියකට අනුව එල්ලුම් ගස ක්‍රියාත්මක කරවන අළුගෝසුවකුගේ ඇබෑර්තුවක් ඇතිවී තිබේ. මේ තනතුර සඳහා සුදුසුකම් ඇති තරුණයන් දහස් ගණනක් අප රටේ සිටිති. වැටුප රුපියල් 17,600 ක් වන අතර සමහර විට මිය යනතෙක් හෝ විශ්‍රාම යනතෙක් කිසිදු රාජකාරියක් නොකර පඩි ගත හැකි දෙවන රැකියාව මෙය විය හැක. (පළමු වැන්න දේශපාලනඥයෙක් වීමයි). මෙය හරිහැටි ක්‍රියාත්මක නොවන නිසා තමන් මිනියක් මරන්නේද නැද්ද යන්න අදාල නොවේ. ලංකාවේ රාජ්‍ය අංශයේ බොහෝ රැකියා මෙන්ම මේ රැකියාවද කිසිදු වැඩක් නොකර වේතනය ලබා ගත හැකි එකකි.

නමුත් වැරදිලා හෝ අපේ ජනාධිපතිතුමාට රටේ අපරාධ රැල්ල නවත්වන්න සිතී එල්ලුම් ගස ක්‍රියාත්මක කළ හොත් රටේ වැඩ අධිකම රාජ්‍ය සේවකයා වීමේ ගෞරවයද ඒ පුද්ගලයා සතු විය හැක…

දැන් අපේ රැකියා විරහිත උපාධිධාරීන්ට රජය රැකියා නොදෙන්නේ යැයි උද්ඝෝෂණ කළ නොහැක. එක් අතකින් එසේ කළ හොත් බඩුම තමාය… අනෙක් අතින් ඔවුනට සරිලන රැකියාවක් ලබා දී ඇත.. නවක වදය ලබා දීමෙන් ලැබූ අත්දැකීම්  උපයෝගී කරගෙන ඔවුනට මේ රාජකාරිය මැනවින් ඉටු කළ හැක. සමහර විට එල්ලුම් ගසට ගෙනයන්නට පෙරම චුදිතයා අපේක්‍ෂා භංගත්වයකට පමුණවා සිය දිවි නසාගිනීමේ තත්ත්‍වයකට පත් කිරීමට ඔවුනට හැකි වනවා ඇත.

අදම අයදුම් කරන්න…. හැඟීම් පෙන්වීම අනවශ්‍යයි…

මේ තියෙන්නේ බස් එකේ පින්තූරෙ…. හෙට නම් වැඩ අධික වේවි…. පුළුවන් වුනොත් තමයි ලියන්නෙ….. බලමු…

%d bloggers like this: