2012 ජුලි 13 : ෆ්‍රෙඩී සිල්වටයි ප්‍රේමකීර්ති ද අල්විස්ටයි ලිංගික අපචාර (Sexual Harassment) චෝදනා නැගිය හැකි සිංදුව මොකද්ද ?


අද ලියන්න හිටිය ලිපිය වුනේ ඇයි සිකුරාදා දිනයට මාසයේ 13 වනදා වැටුනම (Friday the Thirteenth) බොහෝ අය බය වෙන්නෙ කියලා.. නමුත් ඒ ගැන ලියනවාට වඩා වැදගත් නිමිත්තක් ලැබුණා.. දහතුන්වන සිකුරාදා වල් ඕනතරම් ඉදිරියට ඒවි.. නමුත් මේ සිදුවීම අමතක වුනොත් ආයෙ ලියන්න වෙන්නෙ නැහැ… ඒ නිසාම මෙය ලියන්න ගත්තා…. නමුත් මේ ලිපියෙ සම්පූර්ණ ගෞරවය හිමි විය යුත්තේ මගේ මිත්‍ර සමිත් ට. මොකද කියනවා නම් ඒකේ නිමිත්ත ලබා දුන්නෙ ඔහු නිසා.

ඉස්සර කාලෙ ගීත කියන්නේ තවමත් අපි රස කරකර අහන දේවල්. ප්‍රබුද්ධ නැහැයි කියලා ප්‍රබුද්ධ අය කියන (අපි නම් එහෙම නොකියන) තවමත් ජනප්‍රිය හිත රත්තරං ජෝතිපාලගෙ ඉඳලා ප්‍රබුද්ධත්‍වයේ අගතැන්පත් විශාරද අමරදේවයන්ගේ ගී. මේ ගීවල ඇත්තෙ සංගීතමය රසයටත් වඩා අර්ථ රසය… සමහර ගීතවල අර්ථය අමු අමුවෙම එළියට දාලා තිබුණත්, සමහර ගීතවල රසය තියෙන්නෙ වචන අතර හංගලා. තවත් සමහර ගීතවල පදවැල් මුල-මැද- අග එලිසමයන් පිහිටවලා ලියා තිබෙන්නෙ. මේ නිසාම පැරණි ගීතවල විවිධ රසයන් තවමත් අපව කුල්මත් කරනවා.

මේ ගීත බිහි වන්නෙ ගායකයො නිසාම නොවෙයි. තිරයෙන් පිටුපස ඉඳගෙන ගීතය රචනා කරන රචකයා කිසි විටෙක ඇගයීමකට ලක් නොවුනත්, රචකයාගේ පරිණත බව නිසාමයි ගීතයට ගීතයක් වගේ හැසිරෙන්න ලැබෙන්නෙ. මේ ගීත රචකයෝ අතර කරුණාරත්න අබේසේකර පරම්පරාවෙන් පසු හිතට දැනෙන ගීත රචනා කරන්න හැකි ගීතරචකයො හිටියෙ අතලොස්සයි… මේ අතර අකාලයේ ඝාතනය වුන ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විශේෂයි. ඒ මහතාට ගීතයක් රචනා කරන්න තැනක් නොතැනක්, හේතුවක් අවශ්‍ය නැහැ කියලයි මම අහලා තියෙන්නෙ. අපි බොහෝ දෙනා තවමත් ආස කරන දොස්තර හොඳහිත කාටූන් වැඩසටහන් සියල්ලෙම ගීත රචනා කළේ ප්‍රේමකීර්ති. ඒවා කොයිතරම් ලස්සන අර්ථාන්විත ගීතද ?

අපට අහිමි වූ ප්‍රේමකීර්ති

කොහොම වුනත් ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙ අපේ රටේ ගීත සාහිත්‍යය තුළ නොමැකෙන සළකුණක් තැබූ දැවැන්තයෙක්. මේ දැවැන්තයාගේ පෑන් තුඩින් ගීතයක් නොලියවුන ජාතික තලයේ ගායකයෙක් නොමැති තරම්. ප්‍රේමකීර්ති වැඩිපුරම ගීත රචනා කරන්න ඇත්තෙ වික්ටර් රත්නායක මහතාට වෙන්න ඇති. ආදරයේ උල්පත වූ අම්මා, දෙව්රම් වෙහෙරේ, තනිතරුවේ ආදි නොමැකෙන ගීත. මිල්ටන් මල්ලවාරච්චි ගායනා කරන එදා රෑ, මට මෙන් ඔහුටද කඳුල ඔබයි වැනි බීපු සහ නොබීපු වෙලාවට හිතට වැදෙන බොහෝ ගීත, මර්වින් පෙරේරා ගායනා කරන සමහර ගීතවල ඇති ගීතවත් බව වගේම නැවත නැවතත් අහන්න ආස හිතෙන බව ඔහුගේ ගීත රචනා ශෛලියේ විශේෂත්‍වයයි.  මේ සමනළයා 1989 ජුලි මස 31 වනදා සහදටම අප අතරින් වෙන්කළා….  සිටියා නම් අපට කොච්චර අළුත් ගීත ලැබෙන්න තිබුණද ?

ෆ්‍රෙඩී තමයි ෆ්‍රෙඩී…..

මේ අතර උපහාස ගීත රචනාවත් ඔහුගෙන්ම මේ ලෝකයට බිහිවූවක්… ෆ්‍රෙඩී සිල්වා ගයන පාංකිරිත්තා ගීතය, අළුත් කලාවක් හොයාගත්ත මං ගීතය වගේ ගීත සමාජයේ ඇති අඩු ලුහුඬුකම්වලට ගසන සියුම් පහරක්… මේ අතර ඔහු ලියූ ගීතයක් ෆ්‍රෙඩී සිල්වා ගායනා කරනවා යුග ගීතයක් වශයෙන්.. මේ ගීතය ඉස්සර නම් අපි බොහොම සිනාමුසු මුහුණින් ඇසුවා.. දැන් නම් තියෙන මානව හිමිකම් ප්‍රශ්න, ලිංගික අපචාර ප්‍රශ්න එක්ක බැලුවාම ගායනා කරන්නත් බයයි වගේ. ඉස්සර විශාරද නන්දා මාලිනී ගායනා කරපු චන්‍ද්‍ර මඬුළු යට සුරංගනාවන් කියනා ගීතයෙ කොටසක් ළඟදි අයින් කළාලු… ජාතිවාදය ඇවිස්සෙනවා කියලා… ඒ වගේ වාතාවරණයක් උඩ මේ සිංදුව නම් ඇහුවොත් කවුරු හරි දෙන්නටම අල්ලලා නඩු දානවා….

හොඳයි දන්න අය කියමු බලන්න මේ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ලියපු ෆ්‍රෙඩී සිල්වා මහතා ගායනා කරපු, මේක ලිවීම සහ ගායනා කිරීම නිසා ලිංගික අපචාර චෝදනා නගන්න පුළුවන් සිංදුව මොකද්ද කියලා ?

අදත් බොහොම අමාරුවෙන් ලිපියක් අකුරු කළා… බස් එකේ තරඟෙට……. තව එක දවසයි… ඊට පස්සෙ නම් ලියන්න වෙන්නෙ නෑ… සති අන්තෙ බරටම වැඩ.. අඟහරුවාදා ඉඳලා දැගටම ගමනෙ .. ලොකු නිවාඩුවක්, ජීවිතයේ ලොකුම ලොකු වෙනසක්….. සමහර විට අඟහරුවාදා ලිපියක් දාන්න පුළුවන් වේවි… ඊට පස්සෙ ලිපියක් දාන්න වෙන්නෙ කවදද කියන්න දන්නෙ නෑ… ඒ වගේම මොන රටෙන් මතු වේවිද දන්නෙත් නෑ…  ඒ ගැනත් පස්සෙ කියන්නම්.

බස් එකෙත් යමු..

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූලි 12, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 7.

  1. දොස්තර හොඳ හිතට කවි ලියපු එක ගැන මෙහෙම කථාවක් තියෙනවා.. ටයි මහත්තයා මේ සින්දු ලියන්න කියලා බොහොම කාලයක් වෙලත් ප්‍රේමකීර්තිට මේක ලියන්න මතක් වෙලා නෑ… දවසක් රූපවාහිනියේ කැන්ටිමේදි දෙන්නම හම්බුන වෙලාවක ටයි මහත්තයා හයියෙන් බැනලා තියෙනවා ප්‍රේමකීර්තිඅ මෙන්න මේ වගේ වචන යොදාගෙන

    “බැයි නම් බෑ කියනවා… බැරි දේවල් බාර ගන්න එපා.. බැයිනම් බෑ කියන්න තිබ්බනේ”

    කැන්ටිමේ අත පිහිනා තිබ්බ කොලයක් අරගෙන ඒ වෙලාවෙම ප්‍රේම කීර්ති ලියපු සිංදුව තමයි අපි අදටත් අහන, තණකොළපෙත්තාස් ගයන,

    “බෑයි කියලා බෑයි කියලා බෑ….” කියන ගීතය…

    මමත් මේ දෙන්නා ගැනම මගේ බ්ලොග් එකේ ලිව්වා… ස්තූතියි මතකය අළුත් කලාට.

    කැමතියි

  2. මේ කියන්නේ අර තනි පංගලමේ ඉඳින්න වරෙං ලෙච්චමී කියලා පොඩි ආතල් එකක් ගන්න කම්කරු කාන්තාවට කතා කරන ලොකු මාත්තියා ගේ සින්දුව නේ.

    මාත් ලිව්වා එක කතන්දරයක් ෆ්‍රෙඩී සිල්වා මලගෙදර ගියා වගේ කියන උපමාව දාලා.

    තව එකක් – සිංහල ලෙස්බියන් සින්දුව!

    විවිධ වෘත්තිකයින් ගේ සින්දු ගැනත් මං පෝස්ට් එකක් කළා.

    ලින්ක් පස්සේ දාන්නම්.

    කැමතියි

  3. math hithuwe tea kudaya sinduwa kiyalai. thawa victor ratnayanaka kiyana nage nage wahi enawa palata waren. owa liyala thibune amuthu subdarathwayak ekka. eth ada lankawe loku kathawak yanaw sadacharaya gana. .hamathanama hamuduruwaru gahagannawa

    කැමතියි

  4. මේක අපචාරයක්ම නෙමෙයි නේද ?…..බලහත්කාරයක් නෑනෙ…. මේක අනාචාරයක්…..මොනව උනත් ආතල් එකක්.

    කැමතියි

  5. //ෆ්‍රෙඩී සිල්වා ගයන පාංකිරිත්තා ගීතය//

    ඔය සින්දුව ලිව්වෙ ප්‍රේමකීර්ති ද අල්විස් නේද? මම අහලා තියෙන්නේ ප්‍රේම් ඔය සින්දුව ලිව්වේ ගුණදාස ලියනගේ මහත්මයා උපහාසයට ලක් කරන්න. ඔහු ප්‍රේම් ලියපු එක් ගීතයක් විවේචනය කරලා පත්තරේට ලිව්වාට. පාන් කිරිත්තා – ප්‍රේම්, කලු කෑදැත්තා – ගුණදාස ලියනගේ

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: