2012 ජුලි 19 : ටොරිංටන් චතුරස්‍රයේ වට කිහිපයක්… ගෝඨභය රාජපක්‍ෂට මල් මිටක්……


ඉතිං ටික කළකින් හමු වෙන පොරොන්දුව අමතක කර ඔබ වෙත එන්න නැවතත් අවකාශ ලැබුණා. අද උදෑසන හතරට පමණ අප තිදෙනා ලංකාවට ගොඩ බැස්සා… සුපුරුදු පරිදි ආගමන – විගමන වැඩකටයුතු, බඩු ගොඩ බෑම් ආදී කටයුතු වලින් පසුව උදෑසන හය වගේ වනවිට අපි ගෙදරට ලඟා වුනා…. තරමක විඩා නිවීමක් – පිරිසිදු වීමකට පසු, උදෑසන අප වෙනුවෙන්ම සකසා තිබූ ඉඳිආප්ප 25 කට පමණ වගකිවුවා….

මිතුරු මිතුරියන්ට පණිවුඩ දීමෙන් කතා කිරීමෙන් අනතුරුව කළ යුතුව තිබූ ලිපි ලේඛණ කිහිපයක වැඩ කටයුතු  සහ ඊ මේල් සහ මූණු පොතේ වැඩ කටයුතු නිම කිරීමෙන් අනතුරුව පැටියා එක්ක තරමක් කාළය ගත කළා… පැටියට නම් මෙහේ ජීවිතේ හරි ජොලි….. වැඩ කරන කට්ටියට වැඩ වැඩි කරනවා…

දවල් පොඩි නින්දක් දාලා ඇල්කෙමිච්චිගෙ සහෝ එක්ක ටොරිංටන් චතුරස්‍රයට ගියා රවුමක් දුවන්න… ලංකාවෙ හිටියත් සරීර සවුක්කිය ගැන උනන්දු වෙන්න ඕන නෙ..

අපරාදෙ කියන්න බෑ එතන නියමෙට හදලා තියෙනවා… එපමණක් නෙවෙයි සෑහෙන ප්‍රමාණයක් මිනිස්සු එතැනින් හරි ප්‍රයෝජන ගන්නවා… මෙතැන මේ විදියට හදපු ආරක්‍ෂක ලේකම් තුමාට මගේ ප්‍රණාමය පුද කරනවා…. අපි එතැන පැය ගානක් ඇවිද්දා… හරිම සුන්දර තැනක්…. ආයෙම දවසක යනවා… පින්තූර ටිකක් ගන්න…

හෙට වික්ටර් රත්නායක මහත්තයගෙ අවසාන “ස“ ප්‍රසංගය හිටගෙන නරඹන්න අවස්ථාවක් ලැබුණත්, එය පැත්තකින් තියලා රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන්ගේ දක්‍ෂතා පෙන්වන ප්‍රසංගයක් නරඹන්න යනවා හවස… අපි බලමු පොඩි එවුන්ගෙ දක්‍ෂතා…..

හෙට ඉඳලා සඳුදා වනතුරු ගමනෙ… ඒ නිසා දින කිහිපයකට දිනපොත ලියැවෙන එකක් නැහැ… මගේ ඉස්කෝලෙ පන්තියෙ යාළුවො 25 දෙනෙක් විතර හමු වෙනවා 21 වනදා රෑ… ඒක නම් හරිම සුන්දර හමුවීමක් වෙන්න පුළුවනි.

මම බලාගෙන ඉන්නවා ඒ අය අවුරුදු 20 කට පමණ පස්සෙ හමු වෙන්න….

සෙස්ස පස්සට……………..

Advertisements

Posted on ජූලි 19, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 8.

  1. ගොඩබැහැපු හැටියෙම හන්ද ඔහොම මාතෘකාවක් දාපු එක හොඳයි. ආයෙම යන්නත් එපැයි නේද ? 😀

  2. නවම් ඇයි එහෙම කියන්නෙ අගය කල යුතු දෙයක් තමා එතන සහ කොළඹ අවට ගොඩක් තැන් වල කරලා තියෙන්නෙ

  3. [එය පැත්තකින් තියලා රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන්ගේ දක්‍ෂතා පෙන්වන ප්‍රසංගයක් නරඹන්න යනවා හවස…]

    බැලුව බැලුව හිටියෙ නෑනෙ!? 😦 🙂 කොහොම හරි අාවනෙ ❤

    [අපි බලමු පොඩි එවුන්ගෙ දක්‍ෂතා…..] 😀 එළනෙ? ❤

  4. මදෑ කොලා!
    ඇයි මල් විතරද?
    චොකොලට් නැද්ද?

  5. මේ stop over එකක් නේ ඇල්කෙමියා? ප්‍රීතිමත් කාලයක් ගතකරන්නට ලැබේවා!!

  6. උන්නැහේගේ වැඩ හොදයි කට පරිස්සම් කර ගන්න බැරි උනාට.

  7. ඇලා හිතන තරම්ම කුහක නැද්ද මන්දා…!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: