2012 ජුලි 26 : සත් වසක මතකයන් විසි වසකට පසු අවදි වී…….


කවුරුත් දන්න පරිදි මම නම් දැන් ඉන්නෙ සිරි ලංකාවෙ… හිතපු තරම්ම සමහර දේ නරක නැති වුනත් වැඩි වෙනසක් වෙලත් නෑ සමහර දේ වල… සමහර ගති පැවතුම් වල… දැන් ඉතිං අර ලංකාවෙ බොහොම හෙමින් ගලන වැඩිපුර වගකීමක් නැති ජීවිතේට හුරු වේගෙන යන්නෙ…. ලංකාවට ආපු ගමන්ම වැඩ ගොඩක් තිබුණා…. මුලින්ම තිබුණෙ ටිකක් නිදහසේ ගිමන් හරින්න.. පසුගිය සති කිහිපයම අධික ලෙස මහන්සි වුනේ ජර්මනියට යවන බඩු පැක් කරන්නයි, ලංකාවට ගේන බඩු පැක් කරන්නයි, නිවස සුද්ද කරන්නයි ආදී දහසක් දේ වලට. ඒ නිසාම ලංකාවට ඇවිත් ටිකක් නිදහසේ ඉන්න හිතුවා…

නමුත් නිවාඩුවක් කියන්නෙ නිවාඩුවක් නෙවෙයි කියන එක වැටහෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. ගමන් ගොඩක් විතරයි… මුලින්ම ජර්මනියට යන වීසා ලිපි ලේඛණ සකසන්න දවසක්ම ගියා. ඒත් සිකුරාදා එම්බසිය වහලා නිසා ඒකත් මේ සතියට කල් ගියා. සිකුරාදා රෑ ගමේ මහගෙදර ගියේ මහ රෑ දොළහට විතර අධිවේගී මාර්ගය දිගේ.. අවට වට පිට බලන්න හැකියාවක් නොතිබුණත්, අපි අධිවේගයේ (ඇමරිකාවෙ නම් සාමාන්‍ය මාර්ගයක වේගය පැයට හැතැක්ම 60) අසිරිය විඳගෙන ගියා… පසුදා උදේම නැගිටලා අම්මයි තාත්තයි හදලා තිබූ කොළකැඳ කෝප්පයක රස බීලා ටිකක් නිදහසේ සිටියා… ඉන් පසුවයි හොඳ හරිය….

මගේ ඉස්කෝලෙ පන්තියේ මිතුරන්ගේ හමුවක් සංවිධානය කරලා තිබුණා මමත් තවත් මිතුරන් දෙදෙනෙකුත් විදේශයන්හි සිට එන නිසාම. එකතුව 23ක් මම නම් බොහෝ දෙනෙක් හමු වෙන්නෙ අවුරුදු 20 කට පසුවයි. දැන් මේ ඔක්කොම ඉන්නෙ බොහොම හොඳ තැන්වල… විවිධ අය විවිධ මාවත්වල… දොස්තරවරු හයක්, ඉංජිනේරුවරු හයක් හතක්, පෞද්ගලික ව්‍යාපාර හිමි අය, ආයතනවල සභාපතිවරු, නීතීඥයො, විවිධ ආයතනවල අධ්‍යක්‍ෂවරු, ආදී මෙකී නොකී බොහෝ දෙනෙක් මෙතැන ඉන්නවා. ඉතින් මගේ මිතුරු සුමිත් එක්ක මම මුලින්ම සුමිත්ගෙ ගෙදර ගියේ අනිත් මිතුරන් සියළුම දෙනා කොළඹ ඉඳලා එන්න ටිකක් පරක්කු වෙන නිසා… සුමිත්ගෙ ගෙදර ගියාම හමු වුනේ සුමිත්ගෙ පවුලෙ අයට අමතරව නිවසේ ඇති කරන සුරතලා: ටුටූ. මේ ඉන්නෙ ටුටූ… බලන්න කවුද කියලා..

මේ ඉන්නේ ටුටූ

ඉන් පසුව ටික වෙලාවකින් අපි දිවා ආහාරය ගන්න ඉන්ඩියන් හට් එකට ගියා. එතැන තමයි අපි ඔක්කොම එකතු වෙන්න හිටිය තැන. එතැන සිට දිවා ආහාරය ගන්න අතරතුරේ අපි දෙන්නාගෙ ආගිය කතා ඔක්කොම කතා කළා. ටික වෙලාවකින් අනිත් මිතුරනුත් වාහනයක නැගී ආවා.. එතැන රස සාගරයක්… සමහරුන්ට බත් කන්න ඕන. මේ අතර සමහරුන්ට පළතුරු යුෂ බොන්න ඕන.. කොහොමහරි බොහෝ දෙනෙක් පළතුරු යුෂත් බීලා බතුත් කාලයි ගමන ඇරඹුවෙ.

අතරමගදී බුද්ධිකව ගෙදරින් ගන්න යොදාගෙන තිබුණා. බුද්ධිකයා අපි අතරෙ හිටපු යාළුවො සමහරක් අවුරුදු 20 කින්ම දැකලා නැහැ. මම ගියේ රතු පාට වෑන් එකක තවත් යාළුවො හතර දෙනෙක් එක්ක. අපේ එක යාළුවො කට්ටියක් ගියේ සුදු පාට වෑන් එකක…. බුද්ධිකයාව සුදු වෑන් එකක පැහැරගෙන යන්න යෝජනාවක් ඇවිත් තිබුණෙත් ඔය අතරෙමයි. මෙන්ඩිස් කියන්නේ අපි අතරෙ හිටපු හොඳ මහත දෙහෙත තිබෙන පුද්ගලයෙක් මේ නිසා මෙන්ඩිස්ව වැඩේට යොදාගෙන… බුද්ධිකයා කලිසමේ චූ කරගත්තෙ නැති එක විතරයි…. කොහොම හරි ඒ සිද්ධිය වෙනකොට අපිත් දෙවනි වෑන් එකෙන් එතනට ලඟාවෙලා… සුදු වෑන් එක පිරිලා තිබුණ නිසා බුද්ධික අපේ වෑන් එකට නැග්ගා. හොඳ හරිය ඊට පස්සෙ… අනිත් වෑන් එකේ ආපු අය බුද්ධිකලාගෙ පාරෙ ඉඳලා අමනයාගේ ගෙදරට යන්න දන්නෙ නෑ… ඉතින් අපිව ෆලෝ කරගෙන තමයි කට්ටිය යන්න ආවෙ… කොහොම හරි ඉස්සෙල්ලා කට්ටිය අපිව පහු කරගෙන ගිහින් හන්දියක් ලඟ නවත්තං ඉන්නවා අපි එනකල්…

මේක තේරුම් ගනිපු අපි හනික වෙනත් පාරකට දාලා වාහනේ හංගගත්තා. අර කට්ටිය අර වැරදි පාරෙ කඩාගෙන බිඳගෙන ගියා.. නැවත හරි පාරට හරවගත්ත අපි අර ගොල්ලන්ට හැතැක්මක් පමණ යන්න දීලා දුරකථන ඇමතුමක් දීලා නැවතත් හරි පාරට දම්මවගෙන අමනයාගේ ගෙදර බලා ගියා. එතැනට යන්න තියෙන්නෙ වංගු ගොඩක් ඇති පාරක… බොහෝ දෙනාට කැරකිල්ල.. කොහොම හරි අමනයාගේ ගෙදරට ගියාම රජ සැලකිලි.. දවාලෙ එහේ දානෙකුත් තිබිලා…. කන්නත් ඇතිවෙන්න… අපේ කට්ටිය තිතට මතත් ගෙනැත්… බොන්නත් බැරි උදවිය එතැන හිටියෙ…

ආගිය තොරතුරු කතා කරලා මුලින්ම කළේ පින්තූරයක් ගන්න එකයි… නැත්නම් ඉතිං කට්ටිය කට් වුනාට පස්සෙ පින්තූර කැත වෙනව නේ… මේ ඉන්නෙ අපේ කට්ටිය… සමහරු නම් බොහොම ප්‍රසිද්ධ උදවිය… හොඳට බලන්න දන්න මූණු තියෙනවද කියලා මේ අතරේ….

ඉන්‍ද්‍රඛීල කේන්‍ද්‍රය නොහොත් මහින්දයේ E පන්තිය…. පින්තූරය ගත්තෙ ඇල්කෙමියා නිසා ඌ මෙතැන නැත.

ඉතිං අපි එකතු වුන තැන කොහොමත් රස සාගරයක්… ඒ පැය කීපය තමයි කාලෙකින් නොනවත්වා හිනා වුන පැය කීපය…. එහෙන් එනකොට රෑ එකහමාරයි… ගෙදරින් බහිනකොට උදේ හතරයි….

කොහොම වුනත් ඇමරිකාවෙන් ආපූ ගමන් ඇති තෙහෙට්ටුව තිබුණත් මේ ගතකළ කාළය නම් බොහෝ කලකට අමතක වෙන එකක් නැහැ… ඒක මට බොහොම වටිනවා… මේ ලිවුවෙ තාරබර අඩු කරලා… ඔක්කොම සිද්ධි ලිවුවා නං අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි කියලයි මාතෘකාවෙ දාන්න වෙන්නෙ…

මේ මහින්දෙ E පන්තියෙ කට්ටිය වෙනුවෙන් ලියැවුන සටහනක්… එදා ඉඳලා අද දක්වාම අපේ තියෙන එකමුතුකමට උපහාර පිණිස ලියැවිච්ච අව්‍යාජ සටහනක්….

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

පසුව ලියමි.

ලංකාවේ දේශපාලන තත්ත්‍වය සහ අධ්‍යාපනය ගැන ලිවීමට අත කැසුවත්, දෙමාපියන් සහ තවත් දන්නා කියන මට ආදරය කරන බොහෝ දෙනෙකුගේ බලවත් ඉල්ලීම පරිදි ඒ දේවල් නොදැක්කා සේ සිටීමට අදහස් කරගෙන සිටින බව කරුණාවෙන් දැනුම් දෙමි.. එසේම ලංකාවේ සිට බ්ලොග් ලිවීමට කාලය සොයා ගන්නා කට්ටියට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි… නිවාඩුවට ඇවිත් ලියන්න හිතුනත් ලියන්න වෙලාවක් නැතිව සිටින මා ගැන සිතන විට දහසකුත් එකක් වැඩ රාජකාරි මැද සිටින ඔබේ ලිවිල්ලට මාගේ ප්‍රණාමය….

ආයෙම වෙලාවක් ලැබුණොත් ලියන්නම්… හෙට සිට සතියක්ම කොළඹින් පිට….

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූලි 26, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. ඇත්තටම පුරාණ යාලුවො හමුවෙන එකනම් සන්තෝෂ වැඩකි….
    ලංකාවෙ දේශපාලනේ ගැන නම් ඉතිං ලියල වැඩක් නෑ..ඊට හොඳයි ෆුස් සිටියෙං ගොටුකොල මිටියක් අරං ලියල සම්බෝල හදල කනවා…
    ඒක සරීරෙට හොඳයි…

    කැමතියි

  2. කාලෙකින් බ්ලොග් පැත්ත පලාතක බලන්න බැරි උනා !!! මෙන්න ඒ ටිකකට ඇලෝ ලංකාවට ඇවිල්ලා . . ජය වේවා !!!

    කැමතියි

  3. Happy to hear and thoruoghly enjoyed your write up and the progress from the time you arrived here, piyal , hope you will make arrangements to meet IChem batch too.
    Dayananda

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: