Daily Archives: අගෝස්තු 11, 2012

2012 අගෝස්තු 11: මේක ඇවිල්ලා ත්‍රිත්ව කෝටිකයක්….වැස්සොත් SLPL නසී… නොවැස්සොත් ලංවිබ නසී… මොක වුනත් අපි නසී….


වර්තමානයේ වෙනස්වන කාළගුණ රටාව සමග ශ්‍රී ලාංකික ජනතාව මුහුණපා සිටින්නේ උභතෝකෝටිකයකට වඩා එකක්  වැඩි චතුස්කෝටිකයකට වඩා එකක් අඩු ත්‍රිත්ව කෝටිකයකටය… ලංකාවේ දිස්ත්‍රික්ක 14 කටම බල පවත්වන නියඟය නිසා ජනතාවට මුහුණපාන්නට සිදුව ඇති අකරතැබ්බ බොහොමයකි. වගාවන්ට ජලය නොමැති වීම මූලිකවම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වුවත් රජයට දැනෙන ප්‍රශ්න දෙකක් වන විදුලිබල නිශ්පාදනයට ජලය නොමැති වීම සහ පානීය ජලය හිඟ වීමද අනියමාර්ථයෙන් දැනෙන්නේ ජනතාවටමය. විදුලිය නිපදවීමට අවශ්‍ය ජලය නොමැති නිසා විදුලි බල මණ්ඩලයට පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමට සිදු වේ. මෙය මිල අධික නමුත් පාර්භෝගිකයාට සහ ආණ්ඩුවට හැර බොහෝ දෙනාට වාසි දායක ක්‍රියාවලියකි. ඉදිරියේදී  මේ නිසා විදුලි බල මණ්ඩලයට සිදු වන පාඩුවට වගකිවයුත්තේද ජනතාවමය.

එසේ නමුත් ජනතාවට මේ නියඟයෙන් සැනසිලිදායක තත්ත්‍වයක්ද ඇති වී ඇත. කවදා ක්‍රීඩා කළත් හේදී යන බොහොමයක් ක්‍රිකට් තරඟවලට හොඳ කල දසාවක් පැමිණ තිබීම මෙයට හේතුවයි. එය එසේ වුවද කොළඹ පැවැත්වෙන ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් රට වටා පැවැත්වෙන්නට නිමිමිත එස් එල් පී එල් තරඟාවලියේ පළමු තරඟයම වැස්සෙන් හේදී ගොස් තිබේ. දැන් මක්කා කරන්නද ?

එක්කෝ අපි ගෘහස්ත ක්‍රීඩාංගනයක් ඇති කර එතුළ වැසි දිනවල ක්‍රීඩා කළ යුතුය. එසේ නැතහොත් මේ තරඟ සියල්ලම කන්ද උඩරට පවත්වා කඳුකර ප්‍රදේශ වලට වැසි ලබා දිය යුතුය.. මේ දෙකම කළත් කෙළවෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාටය.

දැන් ලියන්න හිතෙන්නේම නැත. ලංකාවේ ඉන්න නිසා වන්නට පුළුවන. ලංකාවේ ඉන්න අයගේ කම්මැලිකම මටත් වැහී ඇත. කොම්පියුටරය ඉදිරිපිට වාඩි වෙන්නට සමහර විට වෙලාවක් නැතිකමත් එයට හේතුවකි.

පසුගිය සතියේ දානමය පිංකමක් කළෙමි. දැනුම දානය කළෙමි.අදද දැනුම දානය දී නැවත පැමිණියෙමි. සිතට සතුටක් දැනේ.

ඊට පෙර සතියේ ගමනේ මය… ලබන සතියේ නම් දෙයියනේ කියා නිවාඩුවක් ඇත. බොහෝ දෙනෙකු හමු වන්නට යා යුතුය. මහ වෙදනා මහතා හමු වී බොහෝ දේ කතා කර ඉතා සුවබර කාළයක් ගත කර නැවත පැමිණියෙමි. අහෝ බේදයකි ඉරකි තිතකි. එස් එල් පී එල් තරඟය වැස්සට සේදී ගොස් ඇත.

දෙවැන්නද ඕවර 13 කට සීමා වී ඇත. Six a side tournament එකක් ගැහුවා නම් මීට වඩා හොඳය…

තවත් ලිවුවොත් සුදු පාට වෑන් එකක් ගේ ඉදිරිපිට නවත්වනවා සිකුරුය.

අදට නවතිමි. පසුව හමුවෙමු.

%d bloggers like this: