2012 අගෝස්තු 11: මේක ඇවිල්ලා ත්‍රිත්ව කෝටිකයක්….වැස්සොත් SLPL නසී… නොවැස්සොත් ලංවිබ නසී… මොක වුනත් අපි නසී….


වර්තමානයේ වෙනස්වන කාළගුණ රටාව සමග ශ්‍රී ලාංකික ජනතාව මුහුණපා සිටින්නේ උභතෝකෝටිකයකට වඩා එකක්  වැඩි චතුස්කෝටිකයකට වඩා එකක් අඩු ත්‍රිත්ව කෝටිකයකටය… ලංකාවේ දිස්ත්‍රික්ක 14 කටම බල පවත්වන නියඟය නිසා ජනතාවට මුහුණපාන්නට සිදුව ඇති අකරතැබ්බ බොහොමයකි. වගාවන්ට ජලය නොමැති වීම මූලිකවම ජනතාවට දැනෙන ප්‍රශ්නයක් වුවත් රජයට දැනෙන ප්‍රශ්න දෙකක් වන විදුලිබල නිශ්පාදනයට ජලය නොමැති වීම සහ පානීය ජලය හිඟ වීමද අනියමාර්ථයෙන් දැනෙන්නේ ජනතාවටමය. විදුලිය නිපදවීමට අවශ්‍ය ජලය නොමැති නිසා විදුලි බල මණ්ඩලයට පෞද්ගලික සමාගම් වලින් විදුලිය මිලදී ගැනීමට සිදු වේ. මෙය මිල අධික නමුත් පාර්භෝගිකයාට සහ ආණ්ඩුවට හැර බොහෝ දෙනාට වාසි දායක ක්‍රියාවලියකි. ඉදිරියේදී  මේ නිසා විදුලි බල මණ්ඩලයට සිදු වන පාඩුවට වගකිවයුත්තේද ජනතාවමය.

එසේ නමුත් ජනතාවට මේ නියඟයෙන් සැනසිලිදායක තත්ත්‍වයක්ද ඇති වී ඇත. කවදා ක්‍රීඩා කළත් හේදී යන බොහොමයක් ක්‍රිකට් තරඟවලට හොඳ කල දසාවක් පැමිණ තිබීම මෙයට හේතුවයි. එය එසේ වුවද කොළඹ පැවැත්වෙන ශ්‍රී ලංකා – පකිස්ථාන ටෙස්ට් රට වටා පැවැත්වෙන්නට නිමිමිත එස් එල් පී එල් තරඟාවලියේ පළමු තරඟයම වැස්සෙන් හේදී ගොස් තිබේ. දැන් මක්කා කරන්නද ?

එක්කෝ අපි ගෘහස්ත ක්‍රීඩාංගනයක් ඇති කර එතුළ වැසි දිනවල ක්‍රීඩා කළ යුතුය. එසේ නැතහොත් මේ තරඟ සියල්ලම කන්ද උඩරට පවත්වා කඳුකර ප්‍රදේශ වලට වැසි ලබා දිය යුතුය.. මේ දෙකම කළත් කෙළවෙන්නේ සාමාන්‍ය පාරිභෝගිකයාටය.

දැන් ලියන්න හිතෙන්නේම නැත. ලංකාවේ ඉන්න නිසා වන්නට පුළුවන. ලංකාවේ ඉන්න අයගේ කම්මැලිකම මටත් වැහී ඇත. කොම්පියුටරය ඉදිරිපිට වාඩි වෙන්නට සමහර විට වෙලාවක් නැතිකමත් එයට හේතුවකි.

පසුගිය සතියේ දානමය පිංකමක් කළෙමි. දැනුම දානය කළෙමි.අදද දැනුම දානය දී නැවත පැමිණියෙමි. සිතට සතුටක් දැනේ.

ඊට පෙර සතියේ ගමනේ මය… ලබන සතියේ නම් දෙයියනේ කියා නිවාඩුවක් ඇත. බොහෝ දෙනෙකු හමු වන්නට යා යුතුය. මහ වෙදනා මහතා හමු වී බොහෝ දේ කතා කර ඉතා සුවබර කාළයක් ගත කර නැවත පැමිණියෙමි. අහෝ බේදයකි ඉරකි තිතකි. එස් එල් පී එල් තරඟය වැස්සට සේදී ගොස් ඇත.

දෙවැන්නද ඕවර 13 කට සීමා වී ඇත. Six a side tournament එකක් ගැහුවා නම් මීට වඩා හොඳය…

තවත් ලිවුවොත් සුදු පාට වෑන් එකක් ගේ ඉදිරිපිට නවත්වනවා සිකුරුය.

අදට නවතිමි. පසුව හමුවෙමු.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 11, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 11.

  1. අපේ එකෙක් පැනගෙන මැච් එක බලන්න ගියා. මටත් කතා කළා ඒත් කම්මැලිකමේ මම ගියේ නැහැ. පුදුමේ කියන්නේ මැච්වලට ටිකට්ස් නොමිලේ තමා දෙන්නේ 🙂

    කැමතියි

  2. [පසුගිය සතියේ දානමය පිංකමක් කළෙමි. දැනුම දානය කළෙමි.අදද දැනුම දානය දී නැවත පැමිණියෙමි. සිතට සතුටක් දැනේ.]
    අනන්ත වාරයක් ස්තූතියි කියල කියන්නම්! 🙂 ❤

    කැමතියි

  3. අල්කෙමියා,

    මේ දවස් වල ලංකාවේ නේද? ඉන්ටර්නෙට් එකේ තියන තරම්ම යකා කළු නැහැ නේද? මොන දේස දීපංකරේක කරක් ගැහුවත් ලංකාවේදි අපට දැනෙන හැඟීම කියලා විස්තර කරන්න අමාරුයි නේද? ඒක ගන්න හැම හුස්මක් හුස්මක් පාසාම ඇඟට දැනෙනවා නේද? [අනේ මන්දා ඔබට කොහොමද කියලා, අවුරුදු දෙකට පස්සේ ලංකාවට ගිහින් හිටපු පහුගිය කාලේ මටනම් හිතුනේ එහෙමයි]. ලංකාව කියන්නේ පාරාදීසයක්. ඒත් අපි වෙනත් රටවල් වලට ගාල් වෙලා සැපසේ දුක විදිනවා. ලංකාවේ අය දුකසේ සැප විදිනවා.

    කොහොමහරි, මට හිතෙනවා මෙහෙම දෙයක්, මම වුනත් ලංකාවත් එක්ක වෙනත් දියුණු රටවල් සංසංධනය කරපු කාලයක් තිබුණා. මෙහෙම හුනානම් කොච්චර හොඳද, අරෙහෙම වුනානම් කොච්චර හොඳද කියල. ඒ අපි ලංකාවට ආදරේ නිසා. ඒත් ලංකාව කියන්නේ කියන්නේ ලංකාව. අපිට ඒක ඇක්සෙප්ට් කරන්න වෙනවා. මේ පාර මම ලංකාවට ගියහම ලංකාවේදි මට හම්බුවුනු ජේ‍ය්ෂ්ට මහාචාර්‍යවරයෙක් මට කියපු දෙයක් තමයි “If you live in Sri Lanka, you have to accept Sri Lanka” කියලා. මම හිතන්නේ එක තමයි ඇත්ත.

    මමනම් හිතාගත්ත තව අවුරුදු 3 ක් ඇතුළත අනිවාර්යෙන්ම ලංකාවට එනවා කියලා. ජිවිතේ අමාරු වෙයි, ඒත්…

    කැමතියි

    • ලංකාවට අපි ආදරේ නිසා තමයි අපට මේ ඇම්ම.. මම ලංකාවට කැමතියි. බොහෝ අවස්ථාවන් තිබෙනවා දියුණු වෙන්න, රට හදන්න. කියන තරම් යකා කළු නැහැ… මම වුනත් කැමතියි ලංකාවට එන්න… නමුත්, අපි තව ටික කාළයක් දෙමු….
      ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත… ටික කාළයක් ජීවත් වෙලයි බලන්න ඕන මේ පාරාදීසයේ අපූර්වත්වය…

      කැමතියි

    • @මාලන් – මොනවද උඹ බිව්වේ ??? ආපහු යන කොට ඇති හිටියා බෝතලයක් වත් ඇන්න ගියාද ?

      @අල්කෙමි – SLPL වැස්සට නොහේදුනත් බොහොම කම්මැලි පාටයි , පිට්ටනිය පිරෙන්න ඉන්න ප්‍රේක්ෂකයන්ගේ කැගැහීමක් නැතුව 20-20 බලන කොට මේලෝ රහක් නෑ(අඩුම තරමේ ප්‍රේක්ෂකයින් අතේ කණ්ඩායම් වලට අදාල කොඩියක්වත් නැ ) . කාලෙකට පස්සේ සනා ගහනව බලන්න වාඩි වුනාම පොර නෑ , කාලෙකට පස්සේ උදාවුනු කූල් කාලගුණේ සැපට නිදාගත්තා ඒ නිසා

      කැමතියි

  4. ඇස්. ඇල්. පී. ඇල් බැලීමට මොහොතක විවේකයක් නැත. හොද වෙලාවට එහෙනන් නොබැලුවේ. ඇල් හා ගතකළ කාලය මට ඉතාම සොදුරු කාලයක්ම විය. අමු කෙසෙල් දුන්නාට තරහා නෑනේ.

    කැමතියි

  5. හරි කොහොමහරි ලංකාවෙ ඉන්න කෙටි කාලය තව වසර ගනනාවකට සෑහෙන සුන්දර මතකයන් ජනිත කරන නිවාඩුවක්ම වේවා ඇල්කෙමියා.

    කැමතියි

  6. ඇලා….ඔයාගේ මේ “සුදු වෑන්” ප්‍රලාපය නවත්වන්නේ කවදාද? මට දැන් ඇතිවෙලා…….!

    1. සුදු වෑන් වලින් උස්සපු මේ රටට වැඩදායක, කිසිම වරදක් නැති, අහිංසක මිනිසුන්ගේ නම් ලිසිට් එකක් දෙන්න.
    2. අනික ඔයා වගේ ලස්සනට බ්ලොග් ලියන උගත් රසායන විද්‍යාඥයෙක්ව උස්සන්න සුදුවෑන් කාරයන්ට පිස්සු නැ…..එයාලගෙ දෘෂ්ටිකෝණයෙන් බැලුවොත් ඔයා ගැරඩියෙක් විතරයි….. උස්සනව නම් එයාලට ඕන තරම් නයි පොලොන්ගු ඉන්නවා…!
    3.ඔයාට වැඩිය දරුණුවිදියට, සෘජුවම, ප්‍රසිද්ධ ජනමාධය යොදාගෙන රජයේ වැරදි හේතුසාධක හා සාක්ෂ්‍ය සහිතව විවෙචකය කරන, තමන්ගේ නියම නමින් ලියන ජනමාධ්‍යවේදීන් මේ රටේ ඕන තරම් යහතින් ඉන්නවා (ලංකාවෙ ඉන්න ටිකේ අඩුම තරමෙ ඉරිදා දිවයි‍නේ මනෝජ්ලගෙ, ජානකලගෙ etc ලිපි ටිකක් වත් බලන්නකො)
    4.සුදුවැන් මෙහෙයුම මමත් අනුමත කරන්නැ….ඒත් අනවශ්‍ය විදියට සුදු වෑන් භීෂණයක් අතිශෝක්තියෙන් මවා පෙන්වීම ඔයා වගේ දේශප්‍රෙමීත්වය ගැන කතා කරන කෙනෙකුට ගැලපෙන්නැ…..මේකෙන් ලංකාවට වෙන්නෙ අපකීර්තියක් විතරයි….සුදුවැන් නවත්වන්න ඔහොම බැ…..හැබැයි හරියට කරුණු කාරණා තිබේ නම් හෙලිකරන්න බය වෙන්නත් එපා.

    Please බොරුවට සුදුවැන් කතාවක් ඉස්සරහට දාල ලිවීම මග නතර කරන්න එපා……!

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: