2015 අප්‍රේල් 01 : සංවේගයෙන් දැනුම් දීමයි. ලෝකයේ ලාබාලතම අභ්‍යවකාශගාමියා රොකට්ටුව පිපිරී මිය යයි… ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් දැයි සැකයක්….


නිවාඩුව දිග වැඩිද මන්දා…….. කරන්නම දෙයක් නැති නිසා කාමරේට ගිහින් ටීවී එක දා ගත්තා… හීනියට බස් රේඩියෝවත් දාගත්තා සිංදුවක් අහන්න…. මෙන්න බොලේ එතකොටම………… ඉටි කිරිස් කෑල්ලක් ඇවිත් ටීවී එකේ මෙහෙම කියපි………..

මෙන්න දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්..

ලෝකයේ ලාබාලතම අභ්‍යවකාශගාමියා ලෙස හැඳින් වූ ඇමරිකාවේ ජනාධිපති මිට් රොම්නිගේ පුත් ක්‍රෙග් රොම්නි අභ්‍යවකාශ ගත කිරීමේදී සිදු වූ අනතුරකින් ජීවිතක්‍ෂයට පත් වී ඇති බව විශ්වස කරනු ඇතැයි වොෂිංටනයෙන් දැන් ලැබුණ ආරංචියකින් කියැවේ. අභ්‍යවකාශය තෙක් ගමන් කළ මිට්කවරි යානය (Mittcovery) එක් වරම විශාල ආලෝකයක් විහිදුවමින් දර්ශන පථයෙන් නික්ම ගොස් ඇති අතර ලොව පුරා සියළුම රජයයන් ඒ පිළබඳ අවධානයෙන් පසු වන්නේ අවම වශයෙන් පිපිරී ගියා යැයි සැලකෙන රොකට්ටුවේ කොටස් සිය රටවලට පතිත වේදැයි යන සැකයෙනි – බලාපොරොත්තුවෙනි.

CNN Breaking News

2012 වසරේ හිටපු ජනාධිපති බරක් ඔබාමා අති සාර්ථකව පරාජය කළ මිට් රොම්නි ජනාධිපති වූ විගස ආරම්භ කළ පළමු ව්‍යාපෘතිය වන්නේ සිය පුතු ලොව ලාබාලතම අභ්‍යවකාශගාමියා කිරීමේ ව්‍යාපෘතියයි. මෙයට හේතුව වූයේ රුසියාවේ ජනාධිපති පුටින් මහතා විසින් ලොව ලාබාලතම අභ්‍යවකාශගාමියා පුහුණු කිරීම ආරම්භ කර ඇති බවට බුද්ධි අංශ විසින් දැනුම් දීමත්, රුසියාව වැනි රටකට දෙවැනි වීම ඇමරිකාවේ අභිමානයට තරම් නොවීමත් යන කරුණු නිසා බව වොෂිංටන් ආරංචි මාර්ග පවසයි.

මේ නිසාම ජනාධිපති රොම්නි විසින් වොෂිංටනයේ මධ්‍යයේ වූ වොෂිංටන් කුළුණ(Washington Monument) ගලවා එතැන ඩොලර් ට්‍රිලියන තුනක නවීනතම අභ්‍යවකාශ පර්යෝෂණ සහ ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කළේ නාසා ආයතනයේ සියළු වියදම් කපා හරිමිනි.  මේ අතර ප්‍රමෝදයට පත් ඇමරිකානු ජනතාව ද සිය වියදම් කපා හරිමින් ඇමරිකානු ජනපතිට සහය පළ කළේ සිය රටින් ලොව පළමුව සඳ මත පා තැබූ මිනිසා මෙන්ම පළමු ලාබාලතම අභ්‍යවකාශ ගාමියා ඇති කිරීමේ අභිප්‍රාය නිසාවෙනි.  මේ නිසාම ඇමරිකානු ජනතාව දවසට පැය තුනක් ස්වෙච්ඡා විදුලිය කප්පාදු කිරීමක් සිදු කර ගනිමින් සිය කටයුතු වල ඵලදායීතාවය සියයට 30 ක් අඩුකර රජයේ වියදම පියවූහ. ඇමරිකානු විශ්ව විද්‍යාල සියල්ල වසා දමා සිය වියදම් සියල්ල ඇමරිකානු රජය වෙත යොමු කළේ තම ජනාධිපතිවරයාගේ අභිප්‍රාය මුදුන් පැමිණවීමට ඒකමතිකව එකඟ වෙමිනි. එසේම ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ සහ පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ සියල්ලෝම සිය රටේ අභිමානය වෙනුවෙන් සියළු වාද භේද දුරැලා එකා වන්ව ලොව ලාබාලතම අභ්‍යවකාශගාමියා ගුවනට යැවීමේ අභිමානවත් කර්තව්‍යයට සහයෝගය පළකළහ.

එවන් පසුබිමක් තුළ ජනාධිපති පුත් ක්‍රෙග් රොම්නි ඉතා උනන්දුවෙන් සහ ඔහුගේ සහජ බුද්ධියෙන් සිය අභ්‍යවකාශ පාඨමාලාව හදාරා තම පන්තියේ පළමු වැනියා ලෙස සහ අභ්‍යවකාශ පාඨමාලාවන් හි ප්‍රථම වරට සියළුම විභාගයන්ගෙන් 100% ලබා ගනිමින් (Perfect score) නව ගිනස් වාර්තාවක් ද සමගින් සිය පියාගේ තේරීම අත්‍යන්තයෙන්ම නිවැරදි බව ලොවටම පසක් කරමින් අභ්‍යවකාශ පාඨමාලාව සාර්ථකව නිම කළේය.  එවැනි බුද්ධිමත්, දක්‍ෂ සහ ආදර්ශමත් දරුවකුගේ නික්ම යාම දරාගත නොහැකිව ඇමරිකානු ජනතාව සියළු කටයුතු නවතා සතියක ස්වයං ශෝක කාළයක්  ප්‍රකාශ කරගෙන ඇත.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

 දෙවන සංස්කරණය…………………….

මේ අතර විශේෂඥයන් දැන් දැන් ඇමරිකානු අභ්‍යවකාශ ඒජන්සියට ඇඟිලි දිගු කිරීමට පටන්ගෙන ඇත. 2012 වසරේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ භාරකාරත්‍වය චීනය වැනි තුන්වන පාර්ශවයකට ලබා දීම ගැන ඇමරිකානු බුද්ධි අංශ නොසතුට පළ කිරීමත්, චීන – ඇමරිකානු සබඳතා එතරම් යහපත්ව නොපැවතීම මත මෙවැනි භාරදූර කර්තව්‍යයක් චීනයට භාර දීම ගැන රටේ ජනතාව පැහැදීමක් නොවීමත් ඒ සඳහා වූ ආසන්නතම හේතුවයි. එසේ වුවත් 2012 දී ඇමරිකානු ආර්ථිකය වැටී තිබූ තත්ත්‍වය අනුව සහ ඇමරිකාව චීනයට ඩොලර් ට්‍රිලියන 15 ක් ණය වී තිබීමම මත මිට් රොම්නිට මේ ව්‍යාපෘතිය චීනයට භාර දීම හැරෙන්නට වෙන කළ හැක්කක් නොතිබූ බව වොෂිංටන් ආරංචි මාර්ග පවසයි. මේ ව්‍යාපෘතිය මිට් රොම්නිගේ අදහසකටත් වඩා ජනාධිපති ආර්යාවගේ සිහිනයක් සැබෑ කිරීමක් බව දැන් දැන් විපක්‍ෂ දේශපාලනඥයෝ චෝදනා කිරීමට පටන් ගෙන ඇත.

කෙසේ වෙතත් චීනය මේ චෝදනා ප්‍රතික්‍ෂෙප කරයි. චීනය මෙම ව්‍යාපෘතිය භාර ගත්තේ ඇමරිකානු ජනාධිපතිගේ කීමට හෝ ඇරයුමට නොව ක්‍රමාණුකූල ටෙන්ඩර් පටිපාටියකින් සමත්ව ඉරානය, සිරියාව සහ උතුරු කොරියානු රජයයන් වෙතින් ඉදිරිපත් කෙරුණ යෝජනා පරාජය කිරීමෙන් බව චීන ජනාධිපති ලීක් වෙන් චූන් (Leek When Choon) මහතා විසින් මේ දැන් සී එන් එන් වෙත කළ ප්‍රකාශයකින් දැක්වේ.

මේ අතර ගුවන්ගත කෙරුණ අභ්‍යවකාශ යානයේ වැරදි සෙවීම (trouble shooting) ඇරඹි ඇති අතර එහි ඉලෙක්ට්‍රොණික පරිපථ සහ පරිඝණකයන් හි දෝෂ නැති බව ඇපල්සුන් (Apple+Samsung = Applesung)  සමාගමේ නිවේදනයකින් දැක්වේ. මේ නිසා දැන් අවධානය යොමු වී ඇත්තේ අභ්‍යවකාශ යානා ඉන්ධන සැපයූ සිංගප්පූරු සමාගම වෙත බව බුද්ධි අංශ දැනුම් දේ.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

තුන්වන සංස්කරණය……

මේ දැන් ලැබුණ ප්‍රවෘත්තියක් අනුව අභ්‍යවකාශ යානා ඉන්ධන බාල තත්ත්‍වයේ පසු වූ බවට ජාතික තත්ත්‍ව සහ ප්‍රමිතිකරණ ආයතනය (National Institute of Standardization and Testing) දැනුම් දී ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාතික බලශක්ති ලේකම් වේඩ් ජෝන් බෑස් (Wade John Bass) පවසන්නේ තම ආයතනයට ලැබුණ ඉන්ධන සියල්ල නිසි ප්‍රමිතියට ලක් කර අදාල පරීක්‍ෂණ දෙසිය පණහම සිදු කර ඒ සියල්ලෙන් සමත්වූ නිසා යානාවලට යෙදීමට සහතික කළ බවයි. මේ නිසා ඒ ඉන්ධන වල තත්ත්‍වය සියයට දෙසිය පණහක් සහතික කළ හැකි බව ඒ මහතා කපිලවස්තු පුරයෙන් ඇමරිකාවට වැඩැම්මවූ ධාතු මත අත ගසා ප්‍රතිඥා දිය හැකි බව සී එන් එන් පුවත් සේවයට ප්‍රකාශ කරයි.

කෙසේ වුවද ඔහු පවසන්නේ මෙය කෙතරම් ප්‍රමිතිකරණයට ලක් කළත් අභ්‍යවකාශ යානාවට ඉන්ධන ලබා දීමේදී කඩා කප්පල්කාරි ක්‍රියාවක් සිදු කිරීමට ඉඩ කඩ තිබිය හැකි බවයි. මේ අනුව එහි සේවය කළ සියළුම සේවකයන් දැනට ග්වොන්ටානාමොබේ කඳවුර කරා ගෙන ගොස් මානව හිමිකම් ප්‍රකාරව ප්‍රශ්න කිරීමට ආරම්භ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ නොමැතිව සිය පෞද්ගලික වාසි තකා බාල ඉන්ධන මිලදී ගැනීමක් නොකළ බව ඔහු පුන පුනා පවසයි.

කෙසේ වෙතත් ලොව පුරා මාධ්‍ය ආයතන මෙන්ම රජයයන්, බුද්ධි අංශ මෙන්ම සාමාන්‍ය ජනතාව ද සියළු වැඩ කටයුතු අත් හිටුවා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරමින් සිටිති.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මෙන්න දැන් ලැබුණ විශේෂ ප්‍රවෘත්තියක්……

ජනාධිපති පුත් ලොව ලාබාලතම අභ්‍යවකාශ ගාමී ක්‍රෙග් රොම්නි රැගත් යානය චන්‍ද්‍රයා කරා ලඟා වෙමින් පවතින බව හවායි හි මහ මෙවුනා ලොආ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දුරේක්‍ෂවල සඳහන් වෙමින් පවතින බවත් සිය මධ්‍යස්ථානය අදාල යානය සමඟ සබඳතා ගොඩ නඟා ගන්නට උත්සාහ කරමින් පවතින බවත් පැවසේ… මෑතකදී චන්‍ද්‍රයාගේ අති විශාල වශයෙන් රත්‍රං, ටයිටේනියම්, ප්ලැටිනම්, වැනි වටිනා ලෝහ ඇතැයි සොයා ගැනීමත් සමඟම මිට් රොමිනි සිය ව්‍යාපෘතිය හුදෙක් අභ්‍යවකාශයට යාම ඉක්මවා සඳෙහි වූ වටිනා ලෝහයන් අත්පත් කර ගැනීමේ රහස් මෙහෙයුමක් දක්වා විහිදුවා ඇතැයි ඉන්දියානු ජනාධිපතිනී ජයලලිතා ජයරාම් මැතිණිය චෝදනා කර සිටියි. එසේ වුවද ලෝකයේ වැඩිම රත්‍රං ප්‍රමාණය දකුණු ඉන්දියාවේ තරුණියන් අතර බෙදා හැර ඇති බව ඇය ප්‍රකාශ කර සිටින්නේ මහත් ආඩම්බරයෙන් .

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴.෴෴෴෴෴෴

මේ විවිධාකාර මත නිසා මේ සිදුවීම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් විය හැකි බව ජනාධිපති ප්‍රකාශක  චේ තීය කිං (Chethiya King – ලැරී කිං මහතාගේ පුත් ) මහතා ප්‍රකාශ කර සිටියි.

මේ අතර සඳ මත ගොඩ බසින Mittcovery යානාවේ ඡායාරූපයක් මුලින්ම 7788 ට SMS කර එවන පුද්ගලයාට වටිනා මෝටර් රථයක් පිරිනැමීමට සී එන් එන් ආයතනය කටයුතු යොදා ඇති නිසා දැන්ම සඳට ගොඩ බසින යානාවේ පින්තූරයක් රැගෙන අප වෙත එවන මෙන් ඉල්ලා සිටිමු……………….

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ නිසා රූපවාහිනිය නරඹමින් සිටි මම ද පොඩි එකාගේ ටෙලස් කෝප්පය රැගෙන හඳ බලන්නට යන්න හැරුණා පමණි.

“කොහෙද මනුස්සයෝ මේ මහ රෑ මගේ අතත් ඇදන් දුවන්න හදන්නෙ ? රෑ තිස්සෙ මගුල් විකාර බලලා මෙතන සැනසිල්ලෙ නිදාගන්නවත් නෑ….. විකාර…. ඉතිපිසෝ ගාතාව තුන් සැරයක් කියලා පැත්තකට වෙලා නිදා ගන්නවා මට වද නොදී….මම ද ටී වී එක ඕෆ් කරන්න ඕන හැමදාම ?

අන්න අර බස් රේඩියෝ මගුලත් ඕෆ් කරනවා…. ඒකත් දවස තිස්සෙම නිවනක් නැතුව සිංදු කියනවා…. මල වදේ”

“මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න…..

ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න…….”

නන්දා මාලිනී එහෙම කියනවා හීනෙන් වගේ මට ඇහුනා……….

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on අගෝස්තු 29, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 26.

  1. ආශ්චර්යයේ අසිරිය හීනවලටත් කාන්දු වෙලානේ 🙂

    කැමතියි

  2. ආසියාවේ… නෑ නෑ වැරදුනා ඇමරිකාවේ ආස්චර්ය හීනෙන් දැකලා වගේ..හිකිස්

    කැමතියි

  3. ලංකාවෙදි නුහුගුණේ ඇල්කෙමියාට

    කැමතියි

  4. හෙහ් හෙහ්… ඕක දවල්ට පේන්නේ නැති වෙයිද? 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    කැමතියි

  5. මේව ඇහුවම හසන්ත මහත්තයෝ..මගේ ඇඟේ මයිල් මෙව්ව වෙනව…මේ බලන්න…මේ.. හසන්ත මහත්තයො ඔය ඇමරිකානුවො කුස්සියෙ ඉදෙන මැල්ලුං මුට්ටියෙ අගේ නොදන්න කම නිසා උන දේවල් නෙමෙයිද මේ මං අහන්නෙ…

    කැමතියි

  6. ඒක ඉටිකිරිස් නං මේක එළකිරිස්!

    මං හිතුවේ මේ පැරලල් ලෝකෙක වෙන දෙයක් කියලයි.

    කැමතියි

  7. කලින් දාපු කමෙන්ට් එක අන්තර්ජාතික කුමන්ත්‍රණයක් නිසා මැකී ඇත. මෙන්න දෙවනි එක.

    ඊයේ ගිනි මද්දහනේ අව්කූටකේ නුගේගොඩ හංදියේ කරක් ගැහුන එකේ පොරොතිඵල දැන් පේනවද? ඔව්වා වෙන්නේ ගිනි අව්වේ කරක් ගහලා ගිය ගමන් සීතල වතුර නෑවම. හිට්ලර් සීයලගේ ගෙදර ගියහම ඕවා හරියයි.

    කැමතියි

  8. තණමල්විලෙන් නේද ඔය හඳට යන ඉන්ධන ගේන්නෙ..

    කැමතියි

  9. හය්යෝ මරු සල්ලි ….හොද වෙලාවට මේ හීන හැබේ නොවෙන්නේ …!!!

    කැමතියි

  10. හක් හක් හා…

    ඇමෙරිකාවට අඩුව තිබ්බෙත් ලෝකයේ ලාබාලතම මොකාද එකා බිහි කිරීම නොවැ…

    කැමතියි

  11. වින්චැට් කිරිල්ලි.

    ඇමෙරිකාවට ගිය කලක් හයියෝ ශංශාරේ…!

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: