2012 අගෝස්තු 31 : දොළොස් වසරක් දිවෙන ප්‍රතික්‍රියාවක්…..


මේ ප්‍රතික්‍රියාව ඇරඹෙන්න හේතු පාදක වෙච්ච රසායන ද්‍රව්‍ය එකට පෑහෙන්න අරන් බොහෝ කල් වුනත් හරියටම ප්‍රතික්‍රියාව සඳහා ඒ රසායන ද්‍රව්‍ය එකට එකතු වුනේ අවුරුදු දොළහකට පෙර අද වගේ දවසක….. එදා ඇරඹිච්ච ප්‍රතික්‍රියාව මාස තුනක කාළයක් ප්‍රතික්‍රියා කළේ ලංකාවෙ… මුල් කාළයෙ නම් ප්‍රතික්‍රියාව බොහොම කළබලකාරීයි… මොකද කියනවා නම් රසායන ද්‍රව්‍ය දෙකම විවිධාකාර වැඩ වලට යොමු වෙලා සිටි නිසාත්, ප්‍රතික්‍රියා කරන මාධ්‍යය සහ ස්ථානය ලංකාවෙන් ඇමරිකාව වෙත මාරු වීමට සූදානම් වීම නිසාත් බොහොම කාර්ය බහුල කාලයක් වුනා…

ඉන් පසු ප්‍රතික්‍රියාව සිදු වෙන්න ගත්තෙ ඇමරිකාවෙ ලුයිසියානා ප්‍රාන්තයේ… අවුරුදු දෙකහමාරක් ලුයිසියානා වල ප්‍රතික්‍රියා කළ මේ ප්‍රතික්‍රියක සරළ ඵලයක් නිර්මාණය කළා MS නැතිනම් රසායන විද්‍යාවෙන් ශාස්ත්‍රපති උපාධි දෙකක් වශයෙන්… ඉන් පසුයි මේ ප්‍රතික්‍රියක ඩෙලවෙයාර් ප්‍රාන්තයට සංක්‍රමණය වන්නෙ….. ඒ 2003 දි.

ඉන් පසු මේ ප්‍රතික්‍රියක දෙක වඩාත්ම කාර්ය බහුල වුනා…. ආචාර්ය උපාධියට සූදානම් වෙන්න… අවුරුදු දෙකක් විවිධාකාර තත්ත්‍ව යටතේ මේ ප්‍රතික්‍රියක දෙක ප්‍රතික්‍රියා කළා… විවිධ උෂ්ණත්‍වයන් විවිධ පීඩනයන්.. විවිධාකාර භෞතික සහ වෙනත් සාධක මේ ප්‍රතික්‍රියාවට බලපෑවා…

ඒ අතරෙ තමයි මේ ප්‍රතික්‍රියාවෙ අග්‍රඵලය ලැබෙන ලකුණු පෙණුනෙ… 2005 වසරේ මේ ප්‍රතික්‍රියාවෙ ප්‍රධාන ප්‍රතිඵලය මෙ ලොව එළිය දුටුවා….. දැන් ඒකට වසර හය හමාරක්….

මේ ප්‍රතික්‍රියක ලැබුණ ඵලයත් එක්කම තවදුරටත් ප්‍රතික්‍රියා කරගෙන යනවා…. ඇමරිකාවෙත් ලංකාවෙත් විවිධ තත්ත්‍ව යටතේ ප්‍රතික්‍රියා කළ මේ ප්‍රතික්‍රියාවට වසර දෙළහක් ගත වෙලා…. ඉතිං තවදුරටත් වෙනත් රටවල් වල වෙනත් තත්ත්‍ව යටතේ මේ ප්‍රතික්‍රියාව දිගටම සිදු වේවි…

ඉතින් මේ අවස්ථාවෙ ඒ ප්‍රතික්‍රියක දෙමාපියන්, සහෝදර සහෝදරියන්,  සහ ඥාති හිතමිත්‍රාදීන් නම් වූ බාහිර සහ අභ්‍යන්තර සාධක වලට සිය කෘතඥතාවය පුද කර සිටිනවා…

මේ ප්‍රතික්‍රියාව පින්තූරයක් ඇසුරින් මෙන්න මෙහෙම සරළව සාරාංශගත කරන්න පුළුවන්…. බලන්න හරිද කියලා….

වසර දොළහක් දිවෙන ප්‍රතික්‍රියාව

Advertisements

Posted on අගෝස්තු 31, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 24.

  1. සුභ පැතුම් මිතුර !!!!
    ඔබ ද මා මෙන්ම වාසනාවන්තයි මොකද අපි දෙන්නාම ඉතා සාර්ථක ප්‍රතික්‍රියාවක් සිදු කිරීමට වරම් ලැබූ නිසා.

  2. සුභ පැතුම්. මේ ප්‍රතික්‍රියා දාමයක එකක් පමණ වෙන්නැති.. 🙂

  3. සංවෘත පද්ධතියක ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල සමබරව තබා ගෙන ඉදිරියටත් ඒ කීවේ ප්‍රතිඵලයත් ප්‍රතික්‍රියක වෙලා ප්‍රතික්‍රියාව සිද්ධ වෙන කාලය තුරාවටත් විවිධ පීඩන ,විවිධ උෂ්ණත්ව , විවිධ සාන්ද්‍රණ යටතේ සුන්දර ප්‍රතික්‍රියා සිද්ධ වේවා කියල පතනව…..

    ප්‍රතික්‍රියක දෙක එක ඵලයයි නෙ සෑදුවේ කැමැති නැද්ද ද්විත්ව ඵලයක් සාදන්න….හෙහ් හෙහ්

    ලස්සනට ලියලා…. හොඳට ගලපලා…. රසායන විද්‍යාව අපේ මුළු ජීවිතේ හැමතැනකම තියෙන කතාව ඇත්ත කරා.

    සුබ පැතුම්………

  4. ඇල්කෙමියා හෘදයාංගමසුබ පැතුම් ඔබ දෙපළට අති සාර්ථක යුගදිවියකට හා වෘතීය දිවියකට සහ අතුරු ඵලයට! අදමනෙ මූණු දැක්කෙ. ඇත්තෙන්ම අපි කිසිදා හමුවෙලා නැතිවුනත් හොඳට දැක පුරුදු ගතියක් තියෙනවා දෙන්නාගෙම මුහුණු වල.

  5. ඈ ප්‍රතික්‍රියාව කපල් එකක්නේ…. ප්‍රථිපලේත් මරු… සුභ පැතුම් අයියේ…

  6. ඔය අපි දන්නා දාමයක්නෙ…
    බොක්කෙන් සු..පැතුම්….

  7. මගේ සුබ පැතුම් ඇල්….දැන් මොනවැයි ප්‍රතික්‍රියාවට බලපාපු උත්තේජක ඒ වගේම මන්දකයන් ( Retarders ) එහෙම?…..

  8. සුබ පැතුම්, ඉතා දීර්ඝ කාලයක් පුරා තව තවත් ප්‍රතික්‍රියාවන් අත් දකින්නට!!!

  9. සුබ පැතුම්! තව දීර්ග කාලයක් දෙදෙනාම යෙහෙන් දිනේවා! වාසනාව සතුට සම්පත පැල පුරා ඉතිරේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: