2012 සැප්තැම්බර් 18…. ආදරණීය මාලක…… ඔබ අපටත් රටටත් ආඩම්බරයකි….
අද හරි විදියට වැඩට යන දවස… උදේම නැගිටලා ජංජාලෙට සැට් වෙනකොටම ඇල්කෙමිච්චියි පැටියයි අනිත් පැත්තෙන් බලාන ඉන්නවා කතා කරන්න… ඉතින් ඒ කතා කරලා ලැහැත්ති වෙලා පයින්ම රසායනාගාරයට ඇවිදගෙන යනකොට නවයයි. රසායනාගාරයෙ මට භාර දෙන්න යන පර්යේෂණය තෝර ගන්න එකට අදාලව පර්යේෂණ පත්‍රිකා කියවන එක තමයි අද දවසෙම කළේ. කාලෙකින් රසායන විද්‍යාව කියවපු නිසා මොලේ තිබුණ මළකඩ ටික ටික කැඩිලා යනවා වගේ තේරෙනවා… සවස ආරක්ෂක විධි විධාන ගැන කියලා දුන්නා.. මෙන්න මෙහේ සමාගම් වල මේ වගේ වැඩක් තියෙනවා ලු.. තමන් වැඩට එන්න උදේ ගෙදරින් එළියට බැහැලා වැඩ කරලා ගෙදර ගිහින් දොර අරිනකල් අතරේ වෙලාව රාජකාරියට අයිතියි ලු… එහෙව් එකේ අතරමගදි අනතුරක් වුනොත් ඒක රාජකාරියට අදාල අනතුරක් කියලා සලකලනවලු… ඒ නිසා පාරෙ යන අතරමගදි වුනත් නියම ආරක්ෂක විධි විධාන පළිපදින්නලු…. හොඳ වෙලාවට ලංකාවෙ මෙහෙම සීන් නැත්තෙ….
ඉතින් මේ ගැන ගැඹුරින් සළකා බැලුවම ඇත්තකුත් තියෙනවා. මෙහේ හැම දෙයක්ම බලන්නෙ මිනිස්සුන්ගෙ පැත්තෙන්…. සේවකයන්ට, මිනිස්සුන්ට යහපතක් වෙන ආකාරයටයි… වැඩ කරනකොට වුනත්, වැඩිපුර කාළයක් වැඩ කළ යුතු නැහැයි කියලයි කියන්නෙ. අවශ්‍ය විවේකය ගන්නම ඕන… අපට අවුරුද්දකට දවස් තිහක් අනිවාර්ය නිවාඩු තිබෙනවා. ඒ වගේම අසනීප වුනා කියලා ඒ නිවාඩු වලින් නිවාඩු ගන්න තහනම්… ඒ නිවාඩු තියෙන්නෙ තමන් කැමති දිහාවක ගිහින් ගත කරලා එන්න…… ඔන්න ඔහොමයි අද උදේ මට ලැබුණ උපදෙස්….
කෙනෙක් රාජකාරියට යන විට අනතුරකට පත් වෙලා ඒ කෙනාගෙ ඵලදායීතාවය අඩු වුනොත් හානිය සිදු වන්නෙ ඒ කෙනාට පමණක් නොවෙයි වැඩ කරන ආයතනයටත්. ඒ නිසා තමන්ගෙ සේවයකයා මඟතොටදී වුනත් ආරක්ෂා කරන එක අනාගතය වෙනුවෙන් ආයෝජනය කරන සමාගම්/ආයතන වල වගකීමක්. බලාගෙන ගියාම සාධාරණයි…
ඉතින් අද වැඩ නිම කරලා ඉක්මනටම ආවෙ මැච් එකේ ඉතිරි වෙලා තියෙන කොටස බලන්න…. ජීවන් මෙන්ඩිස් හොඳ ඉනිමක් ක්‍රීඩා කළා කියලා බැලුවා… ඊට පස්සෙ තමයි අනිත් මෙන්ඩිස් වැඩේ බාර ගත්තෙ… කොහොම වුනත් ඒ තරඟය මෙන්ඩිස්ලා Vs සිම්බාබ්වේ වුනා… ජීවන් මෙන්ඩිස් අනර්ඝ ඉනිමක් ක්‍රීඩා කරලා කඩුළු තුනක් ගත්තත් මම හිතන්නෙ අජන්ත මෙන්ඩිස්ට තරඟයේ වීරයා සම්මානය හිමි විය යුතුයි.. ඒ T-20 තරඟ ඉතිහාසයේ හොඳම පන්දු යැවීම වාර්තා කළාට…. ඒ විතරක් නෙවෙයි මෙන්ඩිස් අපිව පමණක් නෙවෙයි තමන් වෙනුවෙන් පරිවර්තනය කරන්න ආපු මහේලවත් පුදුමයට පත් කළේ කැඩිච්ච ඉංග්‍රීසියෙන් හරි කතා කරලා තමන්ගෙ අදහස් ප්‍රකාශ කළ එකට… ඇත්තෙන්ම අගය කරන්න ඕන මෙන්ඩිස්ගේ ආගමනය… ක්‍රිකට් මෙන්ම පෞරුෂත්වය……
ඉතිං මෙන්න මෙහෙම දිගටම ක්‍රීඩා කළොත් අපට කිසි ප්‍රශ්නයක් නැතිව T-20 ලෝක කුසලානෙ දිනන්න පුළුවන් ඉන්දියාව අවසාන මහා තරඟෙට ආවෙ නැතොත්…. වැරදිලාවත් ඉන්දියාව අවසාන මහා තරඟෙට ආවොත් අපරාදෙ විදුලි බිලයි රුධිර පීඩනයයි වැඩි කරගන්නෙ නැතිව රූපවාහිනිය වහලා නිදා ගන්න… දැන් වෙන දේ වල් වල හැටියට ඒක හිතටත් ගතටත් හොඳයි….
දත් මිටි කනවට වඩා හිනා වෙන එක රුධිරය පිරිසිදු කරනවා කියලා සඟරාවක තිබුණා… මේ හිනා වෙන්න පුංචි ජෝක් විසි පහක්….
- ජෝක් අංක එක
- ජෝක් අංක දෙක
- ජෝක් අංක තුන
- ජෝක් අංක හතර
- ජෝක් අංක පහ
- ජෝක් අංක හය
- ජෝක් අංක හත
- ජෝක් අංක අට
- ජෝක් අංක නවය
- ජෝක් අංක දහය
Posted on සැප්තැම්බර් 18, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 12.
මරු පෝස්ට් එක.. ඇත්තටම මම උදෙම ලේ පිරිසිඳු කර ගන්නේ මල් කුමාරයගේ මුල් පිටුව බලලා. මල් කුමාරයට හිනා යන්නේ කාටුන් වලට විතරයි. මටනම් පටන් ගත්ත වෙලේ ඉඳලා හිනා යනවා..
කැමතියිකැමතියි
අපට කොහෙන්ද පූසො මාළු. ?
අපට ඕවා බලන්න වෙන්නෙ වෙබ් එකේනෙ….
කැමතියිකැමතියි
ඇල්කෙමියා ධනාත්මක දේවල් වලට ප්‍රශංසා කරමින් ඍනාත්මක දේකුත් අන්තිමටම කියල තියෙනවා .ෆයිනල්ස් වලට ඉන්දියාව ආවොත් මැච් එක බලන්න එපා අපි අනිවාර්යයෙන් පරදිනවා කියල .ඉන්දියාව හුඟක් හොඳ කණ්ඩායමක් තමයි !!!! පරද්දන්න ලේසි වෙන එකකුත් නැහැ !!!! එත් මොකෝ ???? අපි තරඟ බලන්නේ දිනනවා බලන්නමද ???? අනික් අතට හුඟක් හොඳ කණ්ඩායමක් උනාට පරද්දන්න බැරි අසාමාන්‍ය කණ්ඩායමක් නෙමෙයි !!!! පුහුණු තරඟයකදී පකිස්තානයටත් පැරදුනා මගේ හිතේ !!!! මමනම් හිතන්නෙ මේ හැම කණ්ඩායමක්ම ආසන්න වශයෙන් සමානයි . හොඳ පීඩනයට ඔරොත්තු දෙන , නිවැරදි තීරණ හරි වෙලාවට ගන්න , තමන්ගේ තමන්ට ආවේනික තරඟ රටාව සාමාන්‍යය විදිහට සෙල්ලම් කරන්න පුළුවන් කණ්ඩායම් හැම වෙලාවේම දිනාවි !!!! අජන්ත මෙන්ඩිස්ගෙ ඉංග්‍රීසි සම්බන්ද සිද්ධිය ගැන අල්කෙමිය දරන මතයට මම එකඟ නැහැ !!!! එතන සිද්ධ උනේ නොවිය යුතුව තිබුණු අශෝභන හුඟාක් ඍනාත්මක දෙයක් කියලයි මම හිතන්නෙ !!!! අජන්ත මෙන්ඩිස් පරිවර්තකයෙකු නැතිව තනියම උත්තර දෙනවනම් හෝ මහේල පරිවර්තන කටයුත්ත කරනවානම් එතනට එන්න ඉස්සර වෙලා ඒ ගැන දෙදෙනා එකඟ තාවයකට ඇවිත් සිටිය යුතුව තිබුනා !!!! එයින් ලෝකයට පෙන්නුම් කෙරුනේ අපේ කණ්ඩායමේ සන්නිවේදන කාර්යය එතරම් හොඳින් නොකෙරෙන බවයි !!!! කණ්ඩායමක් හැටියට මිසක් තනි තනි තීරණ ගන්න පොරකන එක කොහෙත්ම ප්‍රසන්න දර්ශනයක් නෙමෙයි – — – – – – !!!! කොහොම උනත් අපි ලංකාවේ ඉදිරි තරඟ වලට සුභ පතමු – – – – – – !!!!
කැමතියිකැමතියි
ඉන්දියාව නෙමෙයි මොන රට ආවත් අපි දිනනවා… 2011 ලෝක කුසලානෙත් අපට දිනන්න තිබුණා පිටියෙන් පිටත සිදු වූ හේතු නොවන්නට….
සන්නිවේදන කාර්යය පිළිබඳ හේතුවෙදි නම් මමත් ඔබ එක්ක එකඟයි… එතන ඇත්තෙන්ම මහේල නෝන්ඩි වුන එක එච්චර කවුරුවත් දැක්කෙ නෑ… මොකද හැමෝගෙම අවධානය තිබුණෙ මෙන්ඩිස් වෙත නිසා….
කැමතියිකැමතියි
අජන්ත මරු වැඩේ කලේ…කොහොම උනත් අවුලක් නෑ මෙන්ඩිස් ල නේ…අපේ බෝඩිමෙ වාහෙලා හිතන් ඉන්නෙ උන් දෙන්නා නෑයො කියලා….
එකෙක් කියනවා එහෙම නොවෙන්නත් ඇති….ඒත් එහෙම හිතුවාම ලේසියිලු….
කැමතියිකැමතියි
එහෙමම හිතන්න දෙන්න…. වැඩිය මොළේ අවුල් කරන්න එපා… පොඩ්ඩයි නෙ ඇත්තෙත්….
කැමතියිකැමතියි
“තමන් වැඩට එන්න උදේ ගෙදරින් එළියට බැහැලා වැඩ කරලා ගෙදර ගිහින් දොර අරිනකල් අතරේ වෙලාව රාජකාරියට අයිතියි ලු…”
ලංකාවෙ ත්
මෙහෙම තමයි රජයේ සේවකයන් සම්බන්දයෙන් නම් පුද්ගලික ආයතන ගැන නම් දන්නෙ නෑ
කැමතියිකැමතියි
ස්තුතියි දැනුවත් කළාට…
ඒ කියන්නෙ ලංකාවෙ ආයතනත් ඵලදායීතාවය ගැන ඉහළින්ම බලනවා වගේ….
කවුද දෙයියනේ දන්නෙ ?
කැමතියිකැමතියි
ස්තූතියි! විස්තරයට. ලේ ටිකත් ඔන්න පිරිසිදුකර ගත්තා.
කැමතියිකැමතියි
අන්න එහෙම තමයි ඉන්න ඕන..
කැමතියිකැමතියි
හෆොයි….. මාලක කිවුවම මම මේ බැලුවෙ දුටුගැමුණු පුත්රයාවත්ද කියල.
ඒකෙත් හැටි, එකම නමින් විවිධාකාර මිනිස්සු ඉන්නව
කැමතියිකැමතියි
නෑහ්… මාලකලා කොච්චර ඉන්නවද මේ රටේ ?
මම දන්න මහින්දලාම 25 ක් විතර ඉන්නවා….. මර්වින්ලා හය දෙනෙක්, නාමල් ලා හතර දෙනෙක් ආදී වශයෙන් ගොඩාක් කට්ටිය ඉන්නවා..
කැමතියිකැමතියි