2012 සැප්තැම්බර් 19 : ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට නිවන් සුව පතමු………


ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා.

අපේ රටේ ප්‍රසිද්ධම පුද්ගලයා කවුද ඇහුවොත් කතා දෙකක් නැතිව කියන්න පුළුවන් ප්‍රසිද්ධම පුද්ගලයා ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමා කියලා. ඒ මැතිතුමා ප්‍රසිද්ධ වෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි ඒ මැතිතුමා යකෙකුටවත් බය නැති වීම… අඩු ගානෙ ජනාධිපතිතුමාටවත් බය නෑනෙ මේ මනුස්සයා… ඉතිං කවර කතාද ? කාලි අම්මටවත් බය නෑනෙ… අර මුන්නේෂ්වරම් දේවාලෙ කාලි අම්මට පූජ කරන්න තිබුණ එළුවො ටික නෙ ඒ මැතිතුමා බය නැතිව ගිහින් බේරගෙන ආවෙ… ඒකෙන්ම තේරෙනවා ඒ මැතිතුමා යකෙකුටවත් බය නැති බව…

දෙවනි කාරණේ තමයි ඒ මැතිතුමාගෙ කලා රිට… වැරදුනා… කලා කුසලතාවය. බලන්න…. සිංදු කියන්නද, සිංදු වර්ණනා කරන්නද, නැටුම් අගය කරන්නද, කුක්කු අගය කරන්නද, ආදී වශයෙන් විවිධාකාර කලා කුසලතාවයන්ගෙන් අගතැන්පත් මේ මැතිතුමා සත්තකින්ම මුළු ඇමති මණ්ඩලයටම ආදර්ශයක්… තමන් කරන දේ කෙසේ වෙතත් වෙනත් දේ ගැන බොහොම කුසලතාවයක් තිබීම…

තෙවැන්න තමයි ඒ මැතිතුමාගෙ නිර්ලෝභී දාන පාරමිතාව… දවස ගානේ රුපියල් පනස් දාහක් ගානෙ පන්සල් වලට පූජ කරන්න කාටද පුළුවන්… මම හිතන්නෙ අනේපිඬු සිටුතුමා හිටියත් කරන්න බැරි දෙයක් තමයි ඒක…. ඒ නිසා ඒ උත්තමයා ඒ පැත්තෙනුත් ප්‍රසිද්ධ වෙනවා.

අනිත් කාරණේ තමයි රට පුරා අච්චර මිනී මරණ භයානකම ඩෙංගු මදුරුවා ඒ මැතිතුමා ඉස්සරහ දණ ගහපු එක… අපි හැමෝම බය ඩෙංගු මදුරුවා වගේ අසමජ්ජාති නරුමයෙක් අර බුදු හාමුදුරුවන්ගෙ ඉදිරියෙ දණ ගහපු නාලාගිරි හස්තියා දණ ගහනවා වගේ දණ ගැස්සෙවුවා කියන්නෙ ආයෙ සුළු පටු දෙයක්ද ?

පස්වැන්න… කසාද බඳින දවසෙ ඇරෙන්න මොන මිනිහද තමන්ගෙ කැමැත්තෙන් බැඳගන්නෙ… අර කාණු සුද්ද කළේ නැති සමෘද්ධි නියාමකයෙකුගෙ හිත, මර්වින් සිල්වා මැතිතුමාගෙ අසාමාන්‍ය අධිමානසික බලය යොදාගෙන තමන් විසින්ම ගහේ බැඳෙන්න සලස්වන එක වගේ ප්‍රාතිහාර්යයක් පාන්න අඩුම ගානෙ අච්චර සෝවාන් වෙලා ඉන්න පිටිදූවෙ සිරිධම්ම හාමුදුරුවන්ටවත් පුළුවන්ද ? වඳුරඹ මෛත්‍රී බුදුහාමුදුරුවන්ට වත් පුළුවන් ද ? බෑනෙ…

තව ඉවර නෑ ලිස්ට් එක…

ඊලඟට රට වටේ සෙල්ලම් දාන සිරසට කැළණියෙ පස් පාගන්න නොදී තමන්ගෙ මාධ්‍ය ආවරණය කරන්න ආපු වෙලේදිම අර මයික් එක බිම දාලා පාගපු වික්‍රමය… බලන්න… සිරස වගේ සංවිධානයක් එක්ක හැප්පෙන්න එතුමට තියෙන ගට… ඒ විතරක්ද ? ඒ ගට ඇවිත් තියෙන්නෙ තමන්ගෙ දුටු ගැමුණු පරම්පරාවෙන් කියලා අතීතය දක්නා නුවණ භාවිතා කරලා සොයා ගත්ත අපූරුව…

එහෙම හොයා ගත්තා විතරක් නම් මදෑ… ඒ පිළිබඳ තැනුන ඓතිහාසික නිර්මාණයෙ එම චරිතයටම එතුමා පත්වෙච්චි එක… මම නම හිතන්නෙ දෛවෝපගත සිද්ධියක් කියලයි….

ඒ විතරක් නෙවෙයි.. එතුමා අලි රෑණක් මැදට වන් සිංහයෙක් වගේ රූපවාහිනී සංස්ථාව ඇතුලට තනියම ගිහින් ඒකෙ හිටපු දාහක් පමණ දෙනාට විරුද්ධව තනියම යුද්ධ ප්‍රකාශ කරලා එක ලේ බිඳක් හලා නොගෙන ආපු අපූරුව… මතක් වෙන්නෙ දුටු ගැමුණු රජතුමා විජිතපුර බලකොටුව ආක්‍රමණය කළා වගේ..

බුද්ධිය අතිනුත් ඒ මැතිතුමා කිසිවෙකුට දෙවැනි නැහැ.. දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ඇති එතුමාගේ හසළ දැණුමට ගෞරව කරනු වස් එතුමට ලැබුණ ආචාර්ය උපාධිය මේ රටේ එවැන්නෙකුට ලැබුණ පළමු උපාධිය… අපේ රටට ඒ වගේ බුද්ධිමතුන් වාසනා කරන්න ඕන…

ඉතින් මේ මැතිතුමාගෙ ගුණ කඳ අනන්තයි… අප්‍රමාණයි…. ඒ ගුණ කඳට තවත් මැණිකක් අද එකතු වෙලා කියලා පත්තරේක තිබුණාම මගෙ හිත වාවන්නෙ නැතුව ගියා…

ඒ තමයි ඒ මැතිතුමා මේ ආත්මයේ කළ දෑ සම්පූර්ණ කරගෙන දැන් ලබන ආත්මය වෙනුවෙන් කටයුතු කරනවා කියලා… මෙන්න බොරු නම් පත්තරේ විස්තරේ මෙතැනින් බලන්න

He also mentioned that he is getting ready for the comforts of the afterlife and that he has already completed the requirements to go there and that when he or his son cracks the skull of another person, it will not interfere with his progress.

ඇත්තෙන්ම මේ මැති තුමාගේ ප්‍රාර්ථනා ඉක්මනින්ම ඉටු වෙන්න කියලා මට සිතුනා.. ඇයි මේ ගුණ කඳ අපිව දාලා යන්න හදන්නෙ ? මම හිතන්නෙ එතුමා මේ බව දැනගෙනම තමයි රුවන්වැලි සෑයෙ හුණු පිරියම කෙරෙව්වෙත්…. අර මඛාදේව රජතුමා නර කෙසක් දැකලා වනගත වුනා වගේ මම හිතන්නෙ මර්වින් සිල්වා මැති තුමත් කවද හරි වනගත වේවි..

ඉතින් බලන්න….. මේ වගේ  පරාර්ථකාමීව, උපේක්‍ෂා සහගතව සිතන කෙනෙක් දැකලා තියෙනවාද ? ඒ වගේ ප්‍රාර්ථනා කරන කෙනෙකු වෙනුවෙන් අපිත හැමෝම එකතු වෙලා එතුමා ඉක්මනින්ම ඒ තමන් පතන තැනට යන්න කියලා ප්‍රාර්ථනා කළොත් නරකද ? අර පිරිත්, යාඥා, යාග හෝම, වැනි බොහෝ දෙනෙක් එකට එකතු වෙලා ප්‍රාර්ථනා කරන දේවල් වල චිත්ත බලවේගයන් එකට එකතු වෙලා ශක්තියක් විදියට ක්‍රියා කරලා ඒ ප්‍රාර්ථනා හරි යනවා කියලා කතාවක් තියෙන්නෙ….

අන්න ඒ වගේ අපි ඔක්කොම එකතු වෙලා ඒ මැතිතුමාගෙ ප්‍රාර්ථනාව හරි යන්න කියලා පතමු…. මම හිතන්නෙ අපට ගොඩක් කට්ටිය එකතු වෙයි….. මුළු රටේම ජනතාවගෙ පැතුම එතුමගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් සඵල වෙන්න කියලා ප්‍රාර්ථනා කරන එක කියලයි මට තේරෙන්නෙ….

ඉතින්… එතුමාට ඉක්මනින්ම නිවන් සැප ලැබේවා ! කියලා අපි පතමු…..

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ඉතිං දැන් අපේ දේශද්‍රෝහියො මට බනියි ඒ මහත්තයා මරන් කන්න හදනවා කියලා….. මම කියපු කතාවක් නෙවෙයි මේක… ඒ මහත්මයා මයි ලබන ආත්මෙට වැඩ කරනවා කියලා පත්තරේට කියලා තියෙන්නෙ.. මාව අල්ලගන්න එපා …. ඔය පත්තරේට ලියපු පත්තරකාරයව අල්ලගන්න….

හොඳේ……………………………… ඇහුනයි…………………………

Advertisements

Posted on සැප්තැම්බර් 19, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 6.

  1. පිං අනුමෝදං වේවා සාදු සාදු සාදු!!!

  2. එක අතකින් හරි පවු.. හැමෝම ගහන්නේ මර්වින් සිවට විතරයි. අනිත් ඔක්කොමත් මර්වින් සිල්වලම තමයි. උන් ගැන නෝ කතා…

  3. අනේ මම ම ගස් බැද ගත්තාම විනා

    මොකෙක්වත් නැහැය බැන්දේ මා ගසක

    ඩෙංගු මදුරුවන් මර්දනයට නොගොහින්

    කළේ වස වැරුද්දකි මං පිළිගත්තා

    මැතිවරණයේ පරරුතිඵල අහ ගන්න

    ගිය අතරවාරයේ මං මට ගුටි ගහ ගත්තා

    මගේ පිස්තෝලෙ ගෙනැවිත් දුන්න විනා

    අහිංසක දරුවො පලි නෑ මගෙ ගොං කමට

    http://hithuwakkaraya.blogspot.com/

  4. අනෙ අප්පේ මෙව්වා කොහොම ලිව්වද? කියල හිතා ගන්නවත් බෑ ඇල්කෙමි. තාම ඇල්කෙමිච්චි ලංකාවෙ නිසා බලාගෙන. ඔය කෙනා ඒ තැනත් හොයා ගනීවි. පත්තර කාරයො පැත්තක තියල. කොහෙ ඉඳල කඩන් පාත්වෙනවද කියල කාටද කියන්න පුලුවන්. ඔය කරගෙන තියෙනවයි කියන පින් කද මදැයි ආත්ම ගානකට.

  5. ඔච්චර ඉක්මනින් නිවන් යන්න හදන්නේ…පත්තු කරන් හිටියා ඇතිවෙලාද?

  6. නිවන් සැප ලැබෙන්න මැරෙන්න (සොරි …අපවත් වෙන්න) එපායැ…..පස්සෙනෙ තේරුනේ……අනේ එතුමට ඉක්මනින්ම නිවන් සැප ලැබේවා……!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: