මා සමඟ මෙතෙක් කළක් රැඳී සිටියාට ස්තුතියි…………….!
ජුලි මාසෙ පැවැත්වුන බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලට මගේ බ්ලොග් අඩවියත් ඇතුළත් කළේ දහසකුත් එකක් වැඩ රාජකාරි අතරෙයි… ඔබ සැම සියළුම දෙනා දන්නා පරිදි මට අළුතෙන් ජර්මනියෙ රැකියාව ලැබුණෙත් ඒ නිසාම ලංකාවට එන්න තිබුණෙත් මේ බ්ලොග් සම්මාන උළෙලට ලිපි ලියලා පළ කළ යුතු කාලෙමයි.. තරඟ නීති රීති වලට අනුකූලව ලිපි දින පතා පළ කළ යුතු නිසාම, ඒ වැඩ මොනවා තිබුණත් සුපුරුදු රටාවටම ලිපි ලියා පළ කරන්න සිදු වුනා… සමහර විට ඇල්කෙමිච්චිගෙන් බැණුම් අහගෙන තමයි මේ ලිපි ලියැවුනේ…. බ්ලොග් සම්මාන උළෙලට මගේ බ්ලොගය ඉදිරිපත් කළා කියලා අමුතුවෙන් නිර්මාණාත්මක ලිපි ලියන්නවත්, මගේ පාඨකයන්ගෙන් ඒවා බෙදා ගන්නවත් කියලා අමුතුවෙන් ඉල්ලන්න නොගියෙ මම ඉල්ලුවත් නැතත් හොඳ ලිපියක් තිබුණා නම් ඔබ ඒක බෙදා ගන්න බව දැනගෙන….
ඉතින් මගේ බ්ලොග් අඩවියත් කැටගරි දෙකකටම තේරිලා තිබුණ බව දන්නෙත් අද උදේ…
විනිසුරු මඬුල්ල දිහා බැලුවාම මගේ බ්ලොග් අඩවිය තේරිලා තිබීමම ගෞරවයක්… නියෝජනය වෙලා තිබුණ බ්ලොග් අඩවි දිහා බැලුවාම මට සමහර විට තැනක් නොඑයි කියලත් හිත්නෙ පසුගිය මාස දෙකේ වැඩිපුර ලිපි ලියන්නත් බැරි වුන නිසා… මොකද ලංකාවෙ නිවාඩුවකට ඇවිත් නෙ හිටියෙ… නිවාඩුවට ආවම කවුද බ්ලොග් ලියන්නෙ ?
ඉතින් අද බ්ලොග් සම්මාන උළෙලට සවන් දුන්නෙත් අහම්බෙන්… ඒ උදේ බස් රේඩියෝව අහද්දියි දැනගත්තෙ අද සම්මාන දෙනවා කියලා…
ඉතින් මගේ බ්ලොග් අඩවිය හොඳම පර්යේෂණාත්මක සහ ගවේෂණාත්මක බ්ලොග් අඩවිය ලෙස තේරී පත් වුනා… ඒ ගැන ඇත්තටම සතුටුයි… සම්මාන උළෙලකට ඉදිරිපත් කළ දෙවන අවස්ථාව මේ… ඇල්කෙමියාගේ රසායනාගාරය පටන් ගත්ත කාළෙම රාජකීය විද්‍යාලය මඟින් පවත්වපු සම්මාන උළෙලට එය ඉදිරිපත් කළත් ටිකක් පරක්කු වෙලා තමයි ඉදිරිපත් කළේ… ඒ වගේම ඒ කාළෙ බ්ලොගය වැඩිපුර ජනප්‍රිය හෝ පරිණත වෙලා තිබුණෙත් නැහැ.. ඒ නිසාම ඉඩක් ලැබුණෙ නැහැ…. ඉතින් මේ ජය ගැන නිහතමානීව ආඩම්බරයි… සන්තෝසයි…
ඒත් එක්කම මේ සම්මාන උළෙල පවත්වපු බස් රේඩියෝ කාර්ය මණ්ඩලයට සුවිශේෂ ස්තුතියක් පිරිනැමිය යුතුයි මේ වගේ දෙයක් සංවිධානය කළාට. බ්ලොග් අවකාශයේ බොහෝ දෙනෙකු ඇහුම්කන් දෙන, ඉහළ රසඥතාවයක් සහිත සහ හොඳ ගීත ප්‍රචාරය කෙරෙන.. බස් රේඩියෝවෙ කටයුතු ඉතාම ප්‍රශංසනීයයි. ඔවුන් මෙය සංවිධානය කිරීමේදී විවිධාකාර බාධක වලට මුහුණ දෙන්න ඇති… ඒ සියල්ල මැඩගෙන ඔවුන් කළ මේ දේ අගය කළ යුතුයි.
ඒ වගේම මේ සම්මාන සඳහා තමන්ගෙ බ්ලොග් ඉදිරිපත් කළ සියළුම දෙනා සුවිශේෂයි… බ්ලොගයක් පවත්වාගෙන යනවා කියන්නෙ ලේසි පාසු දෙයක් නොවෙයි… ඒ සියළුම දෙනා අගය කළ යුත්තෙ තමන්ගේ දැනුම සිතුවිලි අනිත් අයත් එක්ක බෙදා හදා ගන්න තමන් තුළ ඇති පරාර්ථකාමී හැඟීම සහ ඊට කාළය යෙදවීම ගැන…
අවසානයේ මම ස්තුතිවන්ත වෙන්නෙ මගේ පාඨකයන්ට.. ඔබ නිසයි මම මේ බ්ලොගය ලියන්නෙ.. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර හරිම අගෙයි මට… ඒ වගේමයි විවේචන…. මගේ වැරදි හදා ගන්න පුළුවනි. මගේ ලිපි ලිවීමේදී ඔබේ ප්‍රතිචාර වලටත් ලොකු සැලකිල්ලක් ලැබෙනවා. සමහරු දේශපාලන ලිපි වලට කැමතියි…(ඇල්කෙමිච්චි නම් කැමතිම නෑ) සමහරු අධ්‍යාපනික ලිපි වලට කැමතියි… මම කතන්දර නම් ලියන්නෙ නෑ… මොකද ඒවා ලියන්න ඕනතරම් කට්ටිය ඉන්න නිසා.. ඉදින් මම දන්න දෙයක් බෙදා හදාගෙන මම කැමති දේවල් අගයමින් ඒ වගේම මම අකමැති දේවල් විවේචනය කරමින් මම බොහොම හෙමින් ගමනක් යනවා. ඒ සියල්ල කියවාගෙන මට දිරි දෙන ඔබට බොහොම තුති…
ඉතින් පෙර වගේම ඉදිරියේදිත් මම ඔබට සේවය කරන්නම්… මේ සම්මානය මට ගෞරවයක්, දිරියක්… සමහර විට මේ නිසා මට තව තවත් ලිපි ලියන්න කැමැත්ත ඇති වේවි..
ඉතින්… තවත් ලිපියකින් හමු වෙමු… ඔබ සියල්ලටම බොහොම ස්තුතියි.
Posted on සැප්තැම්බර් 29, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 24.
සුභපැතුම් සර්! මට හිතෙන විදියට අවකාශයේ අැති සිරා ම බ්ලොග් පහෙන් එකකි!
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි… මම නම් හිතන්නෙ මට වඩා හොඳ බ්ලොග් ඇති…. තව තවත් දියුණු කරන්නට උත්සාහ කරනවා…
කැමතියිකැමතියි
සුබ පැතුම්!!!
තව තවත් ලියන්න කැමත්ත වැඩි වැඩියෙන් ඇති වේවා!!!
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි අරුණි අක්කා…
ඔබේ බ්ලොග් එක සහ ලිවීමේ ශෛලිය තමයි මමත් මෙතැනට යොමු කරන්න එක හේතුවක් වුනේ…
කැමතියිකැමතියි
උණුසුම් සුභ පැතුම්!!!
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි… ඔබටත් රාජ සම්පත් වැඩි දියුණු වේවා… (දැනටමත් ලැබිලනෙ තියෙන්නේ)
කැමතියිකැමතියි
සුබ පැතුම්! සෙනෙහසින්. ඇල්කෙමිට, තව තවත් මේ වටිනා කාර්යය දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ලැබේවා!
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි…. ඉදිරියට තවත් හොඳ දේවල් ලියැවෙයි… වෙලාව තියෙන විදියට… බලමු..
කැමතියිකැමතියි
සුබ පැතුම් ඇල්කේමියා මහත්මයා! වර්ඩ්ප්‍රෙස් අලකලංචි නිසා වැඩිය කමෙන්ට් නොකලට අපිත් මේ පැත්තෙ එනවා.
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි….
වර්ඩ් ප්‍රෙස් අලකලංචියට පිළියමක් ලඟදිම දෙන්නම්… Blogger අයටත් පිළිතුරු සපයන්න පුළුවන් වෙන විදියෙ පිළියමක්…
කැමතියිකැමතියි
මගේ උණුසුම් සුභ පැතුම් !
ඔබට තව තවත් වටිනා හරවත් ලිපි ලිවීමට දිරිය ලැබේවා !
කැමතියිකැමතියි
ස්තුතියි ගිම්…
ඉදිරියට තත්ත්වය වැඩි දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා…
කැමතියිකැමතියි
ඔබ කොහොමත් හිත හොද රත්තරන් මනුස්සයෙක්. ඔබට ලැබුනු මේ ජයග්‍රහණය මට නම් මහමෙරක්. සතුටුයි ඇත්තටම සතුටුයි.
කැමතියිකැමතියි
ස්තුතියි මිත්‍රයා…
අපි මැරෙනකොට ගෙනියන්නෙ එකතු කරගනිපු මිනිස්සුන්ගෙ මතකය විතරයි…
මම අදහන ධර්මය ඒකයි…. ඉතින් අපි හරියට ජීවත් වෙමින් අනිත් අයටත් උදවු කරන්න උත්සාහ කරනවා…
එච්චරයි.
ඔබව පෞද්ගලිකව දැන අඳුනා ගන්නට ලැබීමත් ලොකු පිනක්… (හැබැයි වැරදිලා හරි බෙහෙතක් ගන්න බැරි එක තමයි ප්‍රශ්නෙ)
කැමතියිකැමතියි
ඇල්කෙමියා, පිළිගන්න මගේ උනුසුම් සුබ පැතුම් ඔබටත්, බ්ලොගයටත් දෙකටම!
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කැමතියිකැමතියි
ස්තුතියි Dude… ඔබේ බ්ලොගයන් ඉතා වටිනා ඒවා.. අමතක කරන්න එපා අපි හැමෝම කවදා හරි දිනයි…
කැමතියිකැමතියි
සුභ පැතුම්… සාමාන්‍යයෙන් ඇල්කෙමිච්චිලා ඔක්කොම ඔහොම තමයි…. ඒ උනාට කියනකොට කියන්න සාර්ථකත්වය පසුපස ඉන්නේ එයා තමා කියලා… ඊට පස්සෙ ඉතින් තව කාලයක් ලියන්න පුළුවන්
කැමතියිකැමතියි
චුරු චුරු ගෑවට ඒක දන්නවා..
ඒ විතරක් නෙවෙයි ඉතිං හෙණ්ඩුව අතේ තියා නොගත්තොත් ඉතිං මම මොනවා ලියයිද දන්නෙ නැති නිසා නිතරම ඇහැ ගහගෙන තමයි ඉන්නෙ…
මොනව කියුවත් ලිවිල්ල අතාරින්නෙ නෑ…
කැමතියිකැමතියි
මගේ උණුසුම් සුබ පැතුම් යාළුවා!!!!
කැමතියිකැමතියි
ස්තූතියි මිත්‍රයා…. මේ පැත්තෙ දිගටම එන්න…
කැමතියිකැමතියි
සුභ පැතුම්! you deserved it!
කැමතියිකැමතියි
ස්තුතියි..
ඔබත් එක්ක එකම ගොඩට වැටීමත් භාග්‍යයක්…
ලබන පාර ඔබට දිනන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා….
කැමතියිකැමතියි
පිස්සු කතා කරනවද? ඔබ වැනි උගත් අයෙකුගේ බ්ලොග් එකක් අස්සේ මගේ පුංචි බ්ලොග් එකත් තිබිච්ච එක ගැන මමයි ආඩම්බර වෙන්න ඕන!
කැමතියිකැමතියි
අදයි ඔබගේ දිනපොත කියෙව්වේ.. ඔබට සම්මානයික් ලැබුණයි කියලත් දැනගන්නට ලැබුණා. මගෙනුත් උණුසුම් සුබ පැතුම් පිළිගන්න. ජයවේවා….
කැමතියිකැමතියි