2012 ඔක්තෝබර් 04: ක්‍රිකට් පිටියේ සොඳුරු ආඥාදායකයාණෙනි…. ඔබට සුබ ගමන්….
බොහෝ වෙලාවට ක්‍රිකට් කියන්නෙ ක්‍රීඩකයන්ගෙ ක්‍රීඩාවක්…. ඒ වගේමයි අනෙකුත් ක්‍රීඩාත්… ඒ සියල්ල ක්‍රීඩකයන්ට නතු වූ ක්‍රීඩාවන්… එසේ වුනත් ඒ කිසිම ක්‍රීඩාවක් විනිසුරු වරයෙකුගේ පාලනයෙන් තොරව ක්‍රියාවට නැංවෙන්නෙ නැහැ. ඒ නිසාමයි විනිසුරුවන් ක්‍රීඩාවට වැදගත් වෙන්නෙ. මේ විනිසුරුවන් විවිධාකාර පෞරුෂත්වයන් ඇති පුද්ගලයින්. සමහරු දරදඬුයි, සමහරු හරිම නම්‍යශීලීයි, සමහරු ක්‍රීඩකයින් සමඟ බොහෝ හිතවත්, සමහරු බලන්නෙවත් නෑ… තවත් සමහරු වැරදි තීරණ සඳහා බොහෝ ප්‍රසිද්ධයි… මේ තත්ත්වය හැම ක්‍රීඩාවක් සඳහාම අදාලයි. ඒති ක්‍රිකට් කියන්නෙ අපේ ජීවය… ජාතික ක්‍රීඩාව වොලිබෝල් කියලා දන්නෙ කීයෙන් කීදෙනාද ?
ඉතින් කාටත් හොරාම (හොරාම කියන්නත් බෑ – මුලින් ප්‍රසිද්ධියේ කිවුවා) අපේ ක්‍රිකට් පිටියේ ඉන්න මෙන්න මේ සොඳුරු ආඥාදායකයා සමුගන්න තීරණය කරලා. විස්සයි විස්සේ ලෝක කුසලාන උණුසුම නිසා මේ ප්‍රවෘත්තිය යටපත් වෙලා තිබුණත් අපට මේ පුද්ගලයා මින් ඉදිරියට ක්‍රිකට් තරඟ වලදි දකින්නට ලැබෙන්නෙ නැති වෙනවා. ඒ තමයි ඕස්ට්‍රේලියානු ජාතිකයෙක් වන ක්‍රිකට් විනිසුරු සයිමන් ටවුෆල් මහතා. හෝදන්න දෙයක් නෑ ඔහු සැබැවින්ම මහත්මයෙක්…. ඕස්ට්‍රේලියානු විනිසුරු වරුන් එක්ක ශ්‍රී ලාංකික අපට ඇති ජන්මාන්තර වෛරය පියෙවුවෙ මේ මහතා කිවුවොත් නිවැරදියි… ක්‍රීඩකයොත් එක්ක සුදහතාවයෙන් වැඩ කරනවා වගේම ක්‍රීඩාව කරන අවස්ථාවල කිසිම භේදයක් නොමැතිව කාටත් එකසමාන ලෙස තීරණ දීම සහ බොහෝ වෙලාවට නිවැරදි තීරණ දීම වැනි කරුණු නිසාමත්, විනිසුරුකම පිළිබඳ ඔහුට ඇති දැනුම් සම්භාරය නිසාමත් ඔහු නිතර නිතර ගෞරවයට පාත්‍ර වෙන පුද්ගලයෙක්….
නමුත් බොහෝ අය වගේ හැට පැනලා හොට බිම ඇනෙනකල් ඉන්නෙ නැතිව තමන්ගේ ජීවිතයේ හොඳම කාළයේදී සිය වෘත්තියෙන් සමුගන්න ඔහු තීරණය කරලා. ඒ තීරණය කරලා තියෙන්නේ දශකයකටත් වඩා වැඩි කාළයක් සිය පවුලෙන් ඈත්ව රාජකාරි කිරීම නිසා තමන්ගෙ කාළය එක තැනක සිට පවුලටත් බෙදා දෙන්න අවශ්‍ය නිසා. ඒ සඳහා ඔහු අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විනිසුරුවරුන් පුහුණු කිරීම භාර අරගෙන තිබෙනවා. ඇත්තෙන්ම මෙය ක්‍රිකට් ක්‍රීඩාවට එක අතකින් පාඩුවක් වුනත් දීර්ඝ කාලීනව සළකා බැලීමේදී එක්තරා ආයෝජනයක්.
කොහොම වුනත් ඔහු නැති ක්‍රිකට් පිටිය වෙනදා මෙන් නොවේවි. මට නම් ක්‍රිකට් ක්‍රීඩකයො දකිනවා වගේම සයිමන් ටවුෆල් දැක්කාමත් සිතට ප්‍රිය උපදවනවා. ඒ තරම් සොඳුරු විනිසුරු වරයෙක් අපට ඩිකී බර්ඩ් ගෙන් පස්සෙ ලැබුණෙ නැති තරම්. ඔහු විනිශ්චය කරන අවසාන තරඟය ඉරිදා විස්සයි විස්ස අවසාන මහා තරඟය… ඉතින් අපේ ප්රේක්ෂකයො ඔහුටත් ගෞරව කරන්න කිසියම් දෙයක් කරනවා නම් හොඳයි…. අවම වශයෙන් කවුරු හරි බෝඩ් එකක් අරන් යන්න…Simon Taufel,…. We will Miss you... කියලා…. ඉතින් තවත් මොනවා කියන්නද ? ක්‍රිකට් පිට්යේ සොඳුරු ආඥාදායකයාණෙනි……ඔබට සුභ ගමන්….
ගිහින් එන්න……
මේ පිළිබඳව කවුරු හෝ ලියයි කියලා කාළයක් බලාගෙන හිටියා… අනේ කාටවත් මතක් වුනේ නැති නිසාම මේ මනුස්සයා වෙනුවෙන් මගේ ලිපියක් වෙන් කරන්න ඕන කියලා හිතුනා…. අද ඔහු ක්‍රියා කළ ආකාරය දැක්කාම එය අනිවාර්යයෙන් කළ යුතු බව හැඟුන නිසාමයි මේ නිදි මරාගෙන මේක ලියුවෙ….
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
ප.ලි. මේ ගමන්ම අර නාකි වෙවී ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයො ටික දෙනාටත් විශ්‍රාම යන්න කියලා කියාගෙන යනවා නම් අගෙයි…
Blogger.com එකෙත් මෙන්න මෙතැනත් මේ ලිපිය තියෙනවා.
Posted on ඔක්තෝබර් 4, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged සයිමන් ටවුෆල්, Simon Taufel. Bookmark the permalink. ප්‍රතිචාර 6.
එයා තමය් මම දැකල තියෙන සුහදම විනිසුරු ඔයා කීවා වගේම.බොහොම ස්තුත්ය් දැනුවත් කලාට.
Simon Taufel,…. We will Miss you
කැමතියිකැමතියි
andenawa……….. we will miss him so badly
කැමතියිකැමතියි
බොහෝ දෙනා ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන කතා කරනවා ඒත් විනිසුරුවරු ගැන කතා කරනවා හරිම අඩුයි .
මේ සොඳුරු ආඥාදායකයාට මෙතෙක් ඔහු කල සේවයට ස්තූති කරන අතර ඔහුට සුභ අනාගතයකට පැතුම් !
කැමතියිකැමතියි
ඇත්තටම ඔහු සොඳුරු ආඥාදායකයෙක් තමන්ගේ රැකියාවෙ ගරුත්වය රකිමින් තමන්ගේ යුතුකම් ඉෂ්ඨ කල අයෙක්
කැමතියිකැමතියි
අපේ ගෙදරත් ක්‍රීඩකයො ඔක්කොම. ඒ නිසා එයාලටත් හරිම කණගාටුයි සයිමන් ගේ සමුගැනීම. ඔබේ මේ සටහන ගොඩක් වටිනා සටහනක් ඇල්කෙමි. ඔහුගේ ඉදිරි අනාගතය සරවප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! කියල පතනවා.
කැමතියිකැමතියි
ඕස්ට්‍රේලියාව ෆයිනල් ආවොත් සයිමන්ට ඒ තරඟය විනිශ්චය කරන්න බැරි වෙයි මම හිතන්නෙ. කරන්න ලැබුනොත් ඔහුගෙ අවසන් ජාත්‍යන්තර තරඟය ඔහුගෙ ප්‍රතම ජාත්‍යන්තර තරඟය මෙන්ම ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟයක්. නොලැබුනොත් සයිමන්ගෙ ප්‍රතම හා අවසන් තරඟ දෙකම ලංකාව ක්‍රීඩා කරපු තරඟ. පිට පිට වසර 5ක් ම හොඳම විනිසුරු ලෙස සම්මාන ලබපු මේ විශිෂ්ටයාගෙ අලුත් තනතුරට අපිත් සුබ පතමු.
කැමතියිකැමතියි