2012 ඔක්තෝබර් 06 : ගරු ජනාධිපතිතුමනි…. කියන තැනකට වඳින්නම්, ඉරිදට මැච් එක බලන්න පිට්ටනියට නං යන්න එපා…..


ගිය අවුරුද්දේ ඉන්දියානු බලපෑම මත විහින් නැති කරගත් (නොහොත් කණ්ඩායමට පිටතින් සිටි කෙනෙකු පාවාදුන් ) ජාතියේ අභිමානය නැවත වතාවක් අපේ කොල්ලන් විසින් ජනතාව වෙත ලඟා කර වීමට සමත්ව තිබෙනවා. මෙවර අපට ඇති එක් සහනයක් වන්නේ ඉන්දියානු කණ්ඩායම අවසාන මහා තරඟයට සුදුසුකම් නොලැබී සිටීමයි. වැරදිලාවත් එසේ  සුදුසුකම් ලැබුවා නම් අපි මැච් එක බලන එක වැඩක් වන්නේ නැත… කාගේ හෝ බලපෑමකට මහේල ජයවර්ධනගේ අත් බැඳ සිතුවිලි සිරකර, මාලිංගගේ යෝකර් දියකර, සංගාට ජීවිතේ එපා කර කෙසේ හෝ ඉන්දියාව දිනවීමට කටයුතු යෙදෙන නිසාවෙනි. අපේ වාසනාවට මෙවර ඉන්දියාව අපත් සමඟ තරඟයකට සහභාගී නොවීම ගෙදර යවා ගන්නට සමත් වීම අපේ ජාතිය ලද එක ජයග්‍රහණයකි.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය ඉන්දියාව තරම් බලසම්පන්න සහ පොහොසත් නොවීමත්, ඔවුන් ඉන්දියානුවන් මෙන් අසික්කිත නොවීමත් යන කරුණු හේතුවෙන් අප බොහෝ දෙනෙකු බටහිර ඉන්දීය කොදෙව්වන් අවසාන මහා තරඟයට පැමිණීම ගැන සතුටු වෙමු. මා ගියවර ලිපියේ සඳහන් කළාක් මෙන් මෙය විනිසුරු සයිමන් ටවුෆල් විනිශ්චය කරන අවසාන තරඟය නිසාත් එය තරමක් හැඟීම්බරය… කෙසේ වුවත් අප මේ කුසලානයට හිමිකම් කිව යුතු බව මගේ හැඟීමයි. ඒ බටහිර ඉන්දියානුවන් මෙන් කිහිප දෙනෙකු මත යැපෙනවා නොව අපි කණ්ඩායමක් වශයෙන් ශක්තිමත් වීම නිසායි. මුල්පෙළ තිදෙනා අසාර්ථක වුවත්, මැදපෙළ දැන් තරමක් හෝ සවිමත් වීම නිසා බලාපොරොත්තු ඇතිකරගත හැක. මාලිංග හැරෙන්නට අනෙක් සියල්ලන්ගේම පන්දු රැකීම ඉතා හොඳ තත්ත්‍වයක පැවතීමද එයට තවත් බලාපොරොත්තු එකතු කරවයි.  අජන්ත මෙන්ඩිස්, රංගන හේරත් සහ A-Killer ධනංජය හොඳින් ක්‍රීඩාවට අවතීර්ණ වීමද අප තවත් ශක්තිමත් කරවයි… මේ නිසා කණ්ඩායමක් වශයෙන් අපට අපේ කොල්ලන් ගැන බොහෝ බලාපොරොත්තු තබා ගත හැක. ඉතින් මේ සියළු කරුණු කාරණා නිසා අපි ඉරිදාට ඇස් කන් අයා අපේ කණ්ඩායම දෙස බලා සිටිමු.

ලෝක කුසලාන තරඟාවලියන් හි අවසාන තරඟ සජීවී ව නැරඹීමට බොහෝ දෙනා කැමතිය. රටේ ජනාධිපති වුවා කියා මහින්ද රාජපක්‍ෂ මහතාට ගෙදර ඉඳන් ලෝක කුසලානය නැරඹීම කළ නොහැක. 2007 බටහිර ඉන්දීය කොදෙව් දූපතට පරිවාර සේනාවද රැගෙන ගියාමෙන්, 2011 ඉන්දියාවටම ගොස් බලා ආපසු ආවා මෙන් නොව, තමන්ගේ රාජ්‍යයේ පැවැත්වෙන අවසාන මහා තරඟයක් කිසිසේත්ම අතහැරිය නොහැක. වැරදිලාවත් ජයග්‍රහණය කළොත් ජය කුසලානය ද තමන්ගේම අතින් පිරිනමන්නට පුළුවන… ලොව පුරා රූපවාහිනී නාලිකා ද තමන්ගේ රූපය දෙතුන් වතාවක වත් පෙන්වනවා නියත බව ද ඒ මහතා දනී… මේ නිසා කවුරු මොනවා කිවුවත් අපේ ජනාධිපතිතුමා ඉරිදා හවසට ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයට යන එක නවත්වන්න FUTA එකට වත් අඩුම ගානේ ශිරන්ති නෝනාටවත් නොහැක..

ඉතින් එතුමා අවසාන මහා තරඟය බන්න ගිය සෑම අවස්ථාවකම අපට වුනේ පසුතැවීමටය…. ඒ බව දන්නා නිසාම මෙවර අවසාන මහා තරඟයට පෙරම එතුමාගෙන් මෙවැනි ඉල්ලීම් කරන්නේ රටට ආදරයටය…

ඇත්ත නේ දෙයියනේ

මේ දිනවල ෆේස් බුක් එකේ වැඩි පුරම බෙදා හැරෙන්නේ ලෝක කුසලානයට සම්බන්ධ පින්තූර වේ.. මේ අතර දැන් දැන් වැඩි වැඩියෙන් මේ වගේ පින්තූර බෙදා හැරෙන බව පෙනෙන්නට තිබේ… අරගත්තේ මුහුණු පොතෙනි.

ඉතින් එතුමා පොඩි මිනිසුන්ගෙ ඉල්ලීම් වලට සවන් දෙන නිසා මේ පාරවත් ගෙදර ඉඳලා මැච් එක බලයිද ?

හැබැයි එතුමා මේ පාරත් මැච් එක බලන්න ඇවිත් වැරදිලාවත් මැච් එක පැරදුනොත් ලබන පාර ජනාධිපතිවරණයත් ටිකක් අවුල් වේවි… එකපිට හතර පාරක් නෙ…. කොහොම වාවන්නද අප්පා…….. අපේ මිනිස්සුන්ට කන්න බොන්න නැතත් මැච් එක පැරදුනොත් නම් හිතට අමාරුයි……

ඉතින් ජනාධිපතිතුමනි…. කියන තැනකට වඳින්නම්… ගෙදර ඉඳන් මැච් එක බලමුද මේ පාර ? දින්නාම හෙලිකොප්ටරේ ඇවිත් ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙ මැදටම බාලා කුසලානෙ දෙන්න එමු…. හැමෝටම සන්තෝසයි.. ඔබතුමා ඊලඟ ඡන්දෙත් දිනුම්…..

නිකං මං කියනවට කරලා බලන්නකො….

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ ලිපියම Blogger.com එකේ ඇල්කෙමියාගේ දිනපොත යටතේ පළවෙනවා.

Advertisements

Posted on ඔක්තෝබර් 5, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 12.

  1. // කාගේ හෝ බලපෑමකට මහේල ජයවර්ධනගේ අත් බැඳ සිතුවිලි සිරකර, මාලිංගගේ යෝකර් දියකර, සංගාට ජීවිතේ එපා කර කෙසේ හෝ ඉන්දියාව දිනවීමට කටයුතු යෙදෙන නිසාවෙනි.//

    මේවා නම් කිසිම පදනමක් නැති චෝදනා , එච්චර හරියක් කරන්න පුලුවන් නම් ඇයි ඉන්දියාවට මේ පාර සෙමි ෆයිනල් එන්නවත් බැරි උනේ , ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා ප්‍රායෝගිකව සැහෙන වාසි ඉන්දියාණු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබන දකුණු අප්‍රිකාවෙ මණ්ඩලය හාඅ ක්‍රිකඩකයින් ලවා , ඔවුන්ට කිසිස්ත්ම වැදගත් නොවෙන මැච් එක විහින් පරාජය ක්\ වෙන්න කටයුතු නොකලේ මොකද දන්නේ නැ ???

    කිසිම පදනමක් නැති මේ වගේ දෙකයි පනහේ චෝදනා ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක්ගෙන් වෙනුවට , වැඩිහිටීයෙක්ගෙන් එනකොට අසික්කිතයි . ඔබ මේ කරන්නේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමට වගේම අපේ කොල්ලන්ටත් අපහාසයක් ! , අනික් මෝඩ කථාව තමයි ඔය ජනාධිපතිගේ පිට්ටනියට යාම සහ මැච් පැරදීම . විහිලුවක් විදිහට හොඳ දෙයක් සහ ඊ නිවුස් වගේ එකකට ජනාධිපතිට මඩ ගහන්න හොඳ දෙයක් මිසක් තාර්කික පදනමක් ඇති දෙයක් නෙවෙයි , ඒ මනුස්සයා මැච් එක බලන්න ගියා කියල විශේෂ වාසියක්වත් අවාසියක්වත් අපේ කොල්ලන්ට සිද්ධ වෙන්නේ නෑ . ලංකාවේ ගහන කප් එකේ ජයග්‍රාහකයින්ට තැගි දෙන්න එතුමාට කොහොමටත් ආරාධනය කරල ඇති !

  2. Alchemiya & Buwa
    ඇත්ත නැත්ත මොනව උනත් මේවගේ දේවල් සමාජගත වීම නවත්තන්න අපිට බෑ. අනෙක ජ්‍යෝතිෂයට අනුව ජාතික මැතිවරණ තියන රටක් මේක. ඉතිං ඇල්කෙමිය එහෙම කියනව නං බුවාට කියන්න දෙයක් නෑ‍. මේ ගැන අන්තර්ජාලෙ-ෆේස්බුක් එකේ ශෙයාර් වෙච්ච අදහස් කොච්චරද කියනව නම් අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා, නැත්තං නාමල් රාජපක්ෂවත් මේ මතය ගැන දන්නව ඇති කියල මට සෑහෙන විශ්වාසයක් තියනව.

    Buwa
    //එච්චර හරියක් කරන්න පුලුවන් නම් ඇයි ඉන්දියාවට මේ පාර සෙමි ෆයිනල් එන්නවත් බැරි උනේ , ලංකාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට වඩා ප්‍රායෝගිකව සැහෙන වාසි ඉන්දියාණු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබන දකුණු අප්‍රිකාවෙ මණ්ඩලය හාඅ ක්‍රිකඩකයින් ලවා , ඔවුන්ට කිසිස්ත්ම වැදගත් නොවෙන මැච් එක විහින් පරාජය ක්\ වෙන්න කටයුතු නොකලේ මොකද දන්නේ නැ ???//

    මේ කතාවෙ ඇත්ත නැත්ත ගැන මම නං විවෘත මතයක ඉන්නෙ. මොකද යමක් හරියට දන්නෙ නැතුව මොකුත් කියන්න බැරි නිසා.
    හැබැයි එක දෙයක්! ඉන්දියාවට ඕනනම් ලංකාව ලවා ඔයවැඩේ කරගන්න පුළුවන්. නමුත් දකුණු අප්‍රිකාව නං නම්මගන්න බෑ. (මම කිව්වෙ රාජතාන්ත්‍රික පැත්තෙන්)

    • රාජ්‍යතාන්ත්‍රික ගේමක් ක්‍රිකට් වලට දෙන්න තරම් ඉන්දියාවේ රජයට අමාරුවක් තියේ කියල මම හිතන්නේ නෑ , නමුත් ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලයට නම් සල්ලි වලින් හරි මැච් දිනවන්න හරි අවශ්‍ය ඇති( උන් කොහොමත් ඉන්නෙ අලි _කෙන් නේ) , මොකද උන් හම්බ කරන්නේ (නිල/නිල නොවන ) ඕකෙන් නිසා . එහෙම වෙලාවක සල්ලි විසි කරල ගොඩ දාගන්න පුලුවන් නම් ඔවුන් නොකර ඉන්නේත් නෑ, නමුත් අනික් රටවල් ඒකට එකඟ වෙනවා නම් මේ ක්‍රිකට් ගැහිල්ලෙන්වත් බැලිල්ලෙන් වත් ඇති තේරුමක් ඇත්තේම නැති වෙනවා

  3. ඇල්කෙමියා ඇල් වෙලා ඊට පස්සෙ ඇලා වෙලා ඉන්නවත් දැක්කා එහෙ මෙහෙ සැරිසරද්දී !!!

    මේක කියවද්දී මතක් වුනේ අන්ද්‍රේ ඇගසි ගහපු US Open ටෙනිස් මැච් අවසාන තරඟයට බිල් ක්ලින්ටන් ඇවිත් වාඩි වෙච්ච හැටි. ඊට පස්සෙ එතෙක් හොඳින් සෙල්ලම් කරමින් සිටි අන්ද්‍රේ පැරදුනා.

    ඒක නෙමෙයි මෙහෙ ඉන්න අපිට ක්‍රිකට් මැච් එක බලන්න ආසාවක් ඇති වුවොත් මොකක් ද හොඳම ස්ට්‍රීමිං සයිට් එක කියන්න. ලංකා පිළට ජය පතමි!

    දන්න ලොක්කෙක් ඔය IMF වල World Bank වල හිටියා නම් ඔවුන් ලවා ඊ ළඟ ලෝන් එක පාස් කරන්නෙ නැහැ ගෙදෙට්ට වෙලා හිටියෙ නැත්නම් යැයි කියලා යවන්න වත් තිබ්බා. කෝ එහෙම අයව දන්නෙ නැහැනේ!!!

    • http://www.extracover.net ගිහින් බලන්නකො…. මම නම් බලන්නෙ ඒක හරහා… සමහර වෙලාවට කියනවා කොපි රයිට් ප්‍රශ්න නිසා නවත්තලා කියලා… එතකොට චැනල් එක මාරු කරන්න… චැනල් හතරෙන් එකක අනිවාර්යයෙන්ම පෙන්වනවා…
      එහෙම තමයි… සමහරු ඇල් කියනවා සමහරු ඇලා කියනවා… මට ඉතින් දෙකම එකයි….
      IMF කතාවක් කිවුවොත් නම් අනිවාර්යයෙන් ගෙදර ඉඳියි….
      මේ මැච් එකෙන් බලාගන්න පුළුවන් ඒ කතාව ඇත්තද බොරුද කියලා…..
      බොහෝ දෙනෙකු Superstitions විශ්වාස කරනවා…. මම එහෙම නැති වුනත් සමහර විභාග වලට මම අඳින්නෙ රතු පාට ටී ෂර්ට් පමණයි… සමහර විට ඒක මගේ ආත්ම ශක්තිය වැඩි දියුණු කරනවා වෙන්න පුළුවන්… කොහොම වුනත් රතු පාට ඇඳලා ගිය දවසට මම හොඳට වැඩ කරනවා.. ක්‍රීඩා කරනවා… ඒත් මගේ ප්‍රියතම පාර රතු නොවෙයි..

  4. මහින්ද රාජපෂට හරි වෙන ඕනෑම පක්ෂයක දේශපාලඥයෙකුට හරි ඒගොල්ලෝ කරන වැරදි වැඩවලට ඇල්කෙමිය බනින එකට මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ !!!! පුළුවන් කමක් තියෙනවානම් මාත් මගේ සත් දෙක දාලා සහයෝගයක් දෙනවා .ඒ උනාට මේ වගේ අවිද්‍යාත්මක තුට්ටු දෙකේ බාල කතා ලියල මේ වැදගත් දිනපොත විනාස කර ගන්න එකනම් අපරාදයක් . නලින්ද සිල්වාගේ දෙවියන්ගේ කතා වලයි මේ අවිද්‍යාත්මක කතා වලයි ඇති වෙනස මොකක්ද ???? අවිද්‍යාවේ කඩ තිර අයින් කරලා ලංකාවේ මිනිස්සුන්ගේ ඇස පාදවන්න ඉන්න අල්කෙමියා වගේ විද්‍යාඥයො ,අර මහින්ද අබේසින්හලාගේ ගනෙට වැටිලා මේවගේ අවිද්‍යාත්මක සම්ප්‍රප්පලාප තමන්ගේ දිනපොත් වල ලියන එකේ තේරුම මොකක්ද ????

  5. මොකෝ මේ හැමෝම චින්තන තුමාට එන්ට එපා යැයි කියන්නෙ? ඉඳල හිටල වත් එළියට බැස්ස නම් හොඳා නේ. D;

  1. පින්ග්කිරීම: 2012 ඔක්තෝබර් 07 : අවසානයේ එය මෙසේ නිමාවට පත් විය… « ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: