Daily Archives: ඔක්තෝබර් 8, 2012
2012 ඔක්තෝබර් 08 : ලිපි 300 ක්, ප්‍රතිචාර 2000 ක්, සමඟ ඉදිරියටත් ඔබ අතරට
ඇල්කෙමියාගේ රසායනාගාරය මුලින්ම ආරම්භ කළේ ඔබ අතරට සාමාන්‍යයෙන් නොඑන විද්‍යාත්මක පසුබිමක් ඇති පුවත්, ලිපි රැගෙන ඒමේ අභිලාශයෙන්.. ඉතින් නිතරම නොවුනත් එය ඒ විදියටම සිදු වුනා… ඒ වගේම ඇල්කෙමියාගේ දිනපොත පටන් ගත්තෙ එදිනෙදා දේ මෙන්ම කිසියම් දැනුමක් ඔබ කරා ගෙන එන්න… පසු කාලීනව වැඩ වැඩි වෙද්දි ඇල්කෙමියාගේ රසායනාගාරයට අවධානය ටික ටික අඩු වෙලා දිගටම දිනපොත ලියැවෙන්න ගත්තා… ඉතින් ඒ දිනපොතේ තුන්සිය වන ලිපිය ඊයෙ ලියැවුනා….
අවුරුදු එකහමාරක් පමණ වයසැති මේ දිනපොතෙන් ලිපි 300 ක් ලියැවුනා කිවුවාමත් පුදුමයි… ඒත් ඇත්තයි…
මේ ලිපි 300 න් 10% ක් පමණ වැදගත් ලිපි ලියැවුනත් සමහරක් නම් නිකම්ම නිකං දේශපාලන ප්‍රලාප…. ඒ ගැන සමාව අයැදිනවා…
ඉතින් ආයෙම හෙට දිනයෙත් මතු දිනවලත් දිගටම ලිපි ගෙන ඒවි.. ඉඳලා හිටලා දේශපාලන ප්‍රලාපයක් ලියැවුනත් වැඩි වැඩියෙන් අධ්‍යාපනික වටිනාකමක් ඇති දේ ගෙන එන්නත් බලාපොරොත්තු වෙනවා. සමහරවිට ඇල්කෙමියාගේ රසායනාගාරයේ තිබූ ලිපි නැවතත් මේ අඩවියේ පළවේවි දැනුම බෙදා ගැනීම උදෙසාම…
ඉතින් මෙතෙක් කළක් මා සමඟ හිටි ඔබ සැමටත්, මගේ ලිපි වලට ප්‍රතිචාර පළ කරමින් මා දිරිමත් කරවන මගේ මිතුරන්ටත්, මට හොඳම පර්යේෂණාත්මක සහ ගවේෂණාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය දුන් බස් රේඩියෝ බ්ලොග් සම්මාන උළෙලේ සංවිධායක මඬුල්ලටත් මගේ අවංක ආදර ස්තුතිය පිරිණමනවා…
හෙට ආයෙම හමුවෙමු…..