2012 ඔක්තෝබර් 09 : වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය…….. වැඩුන සෛල බහුවිධ කාර්යයන් සඳහා නැවත පණගැන්වීමට…. තේරෙන්නෙ නැත්නම් කියවලා බලන්න……..
දැන් ආයෙම නොබෙල් තෑගි දෙන කාළය… ඉතින් කවුරු නැතත් ඇල්කෙමියා මේ ගැන ලොකු අවධානයකිනුයි ඉන්නෙ. දැනටමත් වෛද්‍ය විද්‍යාවට සහ භෞතික විද්‍යාවට නොබෙල් ත්‍යාග පිරිනමා අවසන්. හෙට වෙන විට රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගයත් පිරිණමනවා. මෙවර වෛද්‍ය විද්‍යාවට නොබෙල් ත්‍යාගය ලැබී ඇත්තේ කළල සෛල විද්‍යාවට (Stem Cell Research) -හරිද මන්දා සිංහල වචනය- අදාල පර්යේෂණයන් පැවැත්වූ ශ්‍රීමත් ජෝන් බී ගර්ඩන් සහ ශින්යා යමනකා (Sir John B. Gurdon & Shinya Yamanaka) යන දෙදෙනාටයි. මේ අතරින් ජෝන් බී ගර්ඩන් පර්යේෂණ පැවැත්වූයේ සුවිශේෂිත සෛල සිය අවසාන කර්තව්‍යය වූ යම් අවයවයක් තැනීම සඳහා නිසැකවම සැකසී ඇතැයි යන මතය බිඳ දැමීමට කටයුතු කළා.. ඔහු 1962 තරම් ඈත කලෙක මේ මතය බිඳීමට ගෙඹි බිත්තරයක් ගෙන එහි වූ න්‍යෂ්ඨිය ඉවත් කර ගෙම්බකුගේ සෛලයකින් න්‍යෂ්ඨියක් ගෙන එයට ඇතුළු කළා. එම මතය – එනම් සුවිශේෂී සෛල සුවිශේෂී අවයව තැනිය යුතු යැයි කියන මතය බිඳ හෙළමින් එම සෛලය ඉස්ගෙඩියෙකු දක්වා වැඩුනා…. පසුව කළ පර්යේෂණ වලින් වැඩුන ගෙම්බකු තැනීමට මේ ක්‍රමයෙන් පුළුවන් වුනා.. මෙමඟින් අර පැරණි මතය බිඳ වැටුනා පමණක් නොව ඊටත් එහා යමින් විවිධ කඩඉම් බිඳ දැමීමට මේ විද්‍යාව සමත් වුනා.
ශින්යා යමනකා කළේ එහි අනෙක් පැත්තයි. ඔහු බහුවිධ කාර්යයන් සඳහා සැකසුන කළල සෛල රැගෙන ඒවා කළලයෙන් වෙන් කර රසායනාගාරයේ වැඩෙන්නට සැලැස්වූවා. මෙය මුලින්ම කළේ ඇත්තෙටම 2007 නොබෙල් ත්‍යාගය දිනූ මාටින් එවන්ස් විසින්. නමුත් යමනකා ඊටත් වඩා වැඩි දුර ගොස් මේ සෛල නොවැඩී තබා ගන්නා ජානය සොයා ගත්තා.. මෙසේ ජාන කිහිපයක් සොයාගෙන ඒවා එකතු කර නැවත මුලින් වෙන් කළ සෛල බහුවිධ කාර්යයන් සඳහා සැකසිය හැකි බවට සොයා ගත්තා.
ඒ අනුව පර්යේෂණ කරලා අවසානයේ විවිධ සෛල වලින් යුතු අවයව තැනීම දක්වා මේ අංශය දියුණු කරන්නට පුළුවන් බව දැන් පෙනී යනවා. ඉතින් මේ පර්යේෂණ වල අවසානය දිනෙක වෙන වෙනම එකතු කරපු අවයව වලින් තනපු කෘත්‍රිම මිනිසෙක් වන්නටත් පුළුවන්. ඒ කියන්නෙ අපට වකුගඩු බද්ධ කිරීම්, අක්මාව බද්ධ කිරීම් වගේ දේ වලට කෙනෙක් ඒ අවයවය ප්රදානය කරන තෙක් බලා නොසිට තමන්ගේම සෛලයකින් එය තනා බද්ධ කිරීම වැනි දියුණු ක්‍රම දක්වා ගමන් කරන්න පුළුවන්. ඒත් ඉතිං අපේ සමහරක් අයට මොළයක් නම් බද්ධ කරන්න බැරි වෙයි… ඒ ගැන හීන මවන්න එපා.
මේ ලෝකයේ “බටහිරයන්ගේ” දියුණු පැත්ත… සමහරු බටහිරයන් හෙලාතලා කතා කළත් ඔවුන්ටත් තමන්ගෙම කියලා විද්‍යාවක් ඉදිරිපත් කරන්නවත් ශක්තිය නෑ දෙයියොන්ගෙ සහය නැතුව… අපේ කට්ටිය ඒ වෙනුවට කරන දේවල් ගැන කතා කරන්න වෙනම බ්ලොග් තිබෙන නිසා මම ඒ ගැන කතා කරන්නෙ නෑ…. මට කියන්න තියෙන්නෙ අපේ රටේ තියෙන මොළ කුරුවල් වෙලා යනකල් ඒවා පාරෙ පිකටින් කරනවා. තරුණ මොළ වගේම වැඩුන මොළත් එතැන තියෙනවා.. එක්කෝ මේ මොළ අයිතිකාරයොන්ට මොළේ පෑදෙන්න ඕන…. නැතිනම් මේ මොළ සියල්ල පාලනය කරන මහ මොළේට මොළේ පෑදෙන්න ඕන… මේ දෙකෙන් එකක් නොවී අපේ රට ගොඩ යනවා බොරු…
ඕං කිවුවා….
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
Here is the link
The Nobel Prize in Physiology or Medicine 2012
Sir John B. Gurdon, Shinya Yamanaka
Posted on ඔක්තෝබර් 9, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, gurdon, john b, John B. Gurdon, Nobel Prize for Physiology and Medicine 2012, Shinya Yamanaka, sir john, stem cell research. Bookmark the permalink. ප්‍රතිචාර 12.
නාථ දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ!!!
කැමතියිකැමතියි
වට් ෆෝ ද ටෙලිං කිවුවලු…..
ඇදුරුතුමාටත් කිවුවනං මේ වගේ පර්යේෂණ පටන් ගන්න කියලා ලැබෙන ලක්ෂ තුනෙන්…..
කැමතියිකැමතියි
ඇල්,
ලංකාවේ මේ පර්යේෂන ගැන තවම හිතලවත් නැහැ. මෙවැනි පර්යේෂන කිරීමට අපේ රටේ බොහෝ බාධා තිබෙනවා. නීතිත් හරි හැටි සැකසිලා නැහැ. උදාහරණයකට අපි ශුක්‍රාණු සෛල සම්බන්ධ පර්යේෂනයක් සදහා ලාංකික ශුක්‍රාණු සෛල මහා බ්රිතාණ්යයේ විශ්වවිද්‍යාලයකට ගෙනයන්න හැදුවා. නමුත් අවාසනාවකට අපි දිහා පොලීසිය, රේගුව, පරිසර අමාත්‍යාංශය බැලුවේ මහ හොරුන් මිනීමරුවන් දිහා වගේ. කිසිම සහයෝගයක් නැහැ. කොටින්ම කියන දෙයක් තේරුම ගැනීමේ මූලික හැකියාවවත් නැහැ. ලිපි ලේඛන ගැන කිසිම දැණීමක් නැහැ. ඒ නිසා අපි දැන් ඒ පරියේෂණ සියල්ල වෙන රටවල කරනවා.
මිනිස් පිටපත් හෝ අවයව පිටපත් සෑදීම තිබියේවා පිළිකාව සුව කර ගැනීමේ මාර්ගයක් මේකෙන් පාදා ගැනීමේ හැකියාව තිබෙනවා. ඒ සදහා මූලික පරයේෂණ වලට ලාංකිකයනුත් සහභාගි වෙනවා.
මෙවැනි පර්යේෂණ කොහේ කළත් අපිත් දායක වීම වැදගත්. මිනිස් සංහතියේ දියුණුව අකන්ඩත්වය රදා පවතින්නේ මෙ වැනි දේ මතයි.
ජය දැණුම බෙදාගත්තට ස්තුතියි.
කැමතියිකැමතියි
ලංකාව පර්යේෂණ අතින් අන්ත අසරණ තත්ත්වයකයි පවතින්නෙ..
නමුත් ගියවර ලංකාවට ඇවිත් රසායන විද්‍යා ආයතනයෙ වැඩමුළුවක් පවත්වද්දි මම දුටුවා ලංකාවෙ ඇති සීමිත සම්පත් ප්‍රමාණය යොදාගෙන සමහර මහාචාර්යවරු ලංකාවට සරිලන පර්යේෂණ කරන ආකාරය සහ ඒවායේ ප්‍රතිඵල…
ඇත්තෙන්ම හොඳ දේවල් කෙරෙනවා. නමුත්, ඒවා ප්‍රසිද්ධ වෙනවා අඩුයි.
නමුත් බොහෝ තැන්වල පර්යේෂණ පිළිබඳ දැනුම නැති නිසා අර කිවුවා වගේ බාධා පැමිණෙනවා…
කැමතියිකැමතියි
ඇල්කෙමි මල්ලී, මේ විදිහෙ පරීක්ෂණ කිරීම හරිම වැදගත්. ඒ දේවල් නොකර කොහොමද? අළුත් දේවල් සොයා ගන්නෙ. මේ සටහන මහ මොලේ දකීවිද? එහෙම උනොත් කාට හරි සෙතක් වෙයි නෙ. හරිම වටිනවා මේ සටහන.
කැමතියිකැමතියි
මහ මොලේ මේව දකින්නෙ නෑ…. මහ මොලේට මීට වඩා වැඩ තියනවා… බජට් එකත් ලඟයිනෙ…
කැමතියිකැමතියි
ඇල් ලංකාවේ බජට් ඒක හදන්නේ පී බී ජයසුන්දර මහ මොලේ පී බී ට කියන්නේ සරල දෙයක් පී බී අපේ කොටසට තට්ටු නොකර කොහොම හරි මේක ඇදගෙන යන්න.එච්චරයි. ඕකට මොලේ ඕනද? මේවා කියවීම කොහොම වෙතත් නවකතා පොතක් හරි කියවන නායකයෙක් අපිට හිටියනම් රටට මෙහෙම වෙන්නේ නෑ. මුන් පොතක් අතින් අල්ලන එවුන් නොවෙයි.
කැමතියිකැමතියි
අලුත්ම නොබෙල් ත්‍යාග ලාභීන් සහ ඒවා ලබාගැනීමට ඔවුන් විසින් සිදුකල කුතුහලය දනවන පර්යේෂණ සරලව කෙටියෙන් කියා දුන්නාට ස්තුතියි !!!! ඉතිරි නොබෙල් ත්‍යාගයන් ගැනත් මෙවැනිම වූ ලිපියක් ලියවේයයි බලාපොරොත්තු වෙනවා !!!!
කැමතියිකැමතියි
රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය අද පිරිණැමුවා… ඒ ගැන අද හෝ හෙට කියන්නම්…
කැමතියිකැමතියි
ජෛව තාක්ෂණ පිස්සෙක් වන මම මේ සොයාගැනීම් කරුවන්ට හදවතින්ම සුභපතමි!
කැමතියිකැමතියි
ස්තුතියි… ඔබට නොබෙල් ත්‍යාග වෙබ් අඩවියට ගොස් කෙළින්ම සුබ පැතුම් එක් කළ හැකියි
කැමතියිකැමතියි
ඇල්කෙමි, මම හිතනවා තව වසර 10 ක් යන්නට පෙර අපේ පොරකටත් ඔය සම්මානය ලැබේවි කියල.
කැමතියිකැමතියි