2012 ඔක්තෝබර් 10 : රසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය සෛල වලට පණිවුඩ යන හැටි ගැනීම වෙනුවෙන්…… කියවලා බලන්න හරිම රසවත්….


අද උදෑසන හරියටම ග්‍රිනිච් වේලාවෙන් උදෑසන 11.45 ට ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර සිට රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාග ලාභීන්ගේ නම් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව අදාල ත්‍යාගයට හිමිකම් කිවුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ජීව රසායන විද්‍යාඥයින් දෙදෙනෙක්. එක් අයෙක් වන්නේ (HHMI) හොවාර්ඩ් හියුග්ස් වෛද්‍ය ආයතනයේ Robert Lefkowitz. අනෙකා ස්ටැන්ෆර්ඩ් සරසවියේ Brian Kobilka. මේ දෙදෙනාම එකම විදියේ පර්යේෂණ පවත්වපු උදවියයි. මේ අංශය ගැන මා එතරම් දැනුවත් නැතත්, දන්නා විදියට විස්තර කරන්න උත්සාහ දරන්නම්. (ඇල්කෙමිච්චි නම් මේ අංශයේ දැනුමැත්තියක්.. ළඟ හිටියා නම් අහගෙන ලියනවා…)

Robert J. Lefkowitz

සෛල තමා වටා වූ පරිසරයට සංවේදනය දක්වන්නේ කෙසේද යන කාරණය ඉතා දිගු කාළයක් පුරා විසඳිය නොහැකි පැණයක් වී පැවතුනි.  උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේදී හෘදය ස්පන්දනය වැඩි කරන ඇඩ්‍රිනලින් වැනි හෝමොන මේ සඳහා බලවත් සාධක සැපයූ බව විද්‍යාඥයින් දැන සිටියා, මේ නිසා ඔවුන් සැක කළේ සෛල බිත්තියේ මේ අදාල හෝමොන වලට ප්‍රතිග්‍රාහක තිබිය හැකි බවයි. නමුත් මේ ප්‍රතිග්‍රාහක කෙසේ ක්‍රියාකරනවාද යන්න පසුගිය ශතවර්ශය පුරාවටම සොයාගත නොහැකි රහසක්ව පැවතුනා.

මේ අතරතුරදී ලෙෆ්කොවිට්ස් 1968 දී සෛල ප්‍රතිග්‍රාහක සළකුණු කර ගැනීම සඳහා විකිරණශීලීතාවය උපයෝගී කරගන්නට පටන් ගත්තා.  විවිධ හෝමොන වලට අයඩීන් මූලද්‍රව්‍යයේ විකිරණශීලී සමස්ථානිකයක් ඈඳීමක් කර ඔහු මුලින්ම ප්‍රතිග්‍රාහක කිහිපයක් හඳුනා ගැනීමට ඔහු සමත් වුනා. මේ අතර වැදගත් වූයේ ඇඩ්‍රිනලින් සඳහා වූ β-adrenergic  ප්‍රතිගාහකයයි. එමඟින් ඔහුගේ කණ්ඩායම මේ ප්‍රතිග්‍රාහකය සෛල බිත්තියේ සැඟවී තිබූ තැනින් ඉවත් කරගෙන එය ක්‍රියා කරන ආකාරය අනාවරණය කර ගත්තා.

ඔවුන්ගේ දෙවන ජයග්‍රහණය ලැබුවේ 1980 දශකයේදීයි. මේ සඳහා අඩිතාලම දැමුවේ කණ්ඩායමට අළුතෙන් එකතු වූ කොබිල්කායි. ඔහු සුවිශාල මානව ජිනෝමයෙන් මේ  β-adrenergic  ප්‍රතිග්‍රාහක සඳහා වූ කේතයන් වෙන්කර ගැනීමේ භාරදූර අභියෝගයට අතගැසුවා. මේ ජාන විශ්ලේෂණය කිරීමේදී  ඔවුන්ට තේරුම් ගියේ මේ ප්‍රතිග්‍රාහකය ඇස ආලෝකය ප්‍රතිගහණය කරන ආකාරයට සමානකමක් දක්වන බවයි. ඔවුන් විසින් තේරුම් ගත්තේ මේ සියළුම ප්‍රතිග්‍රාහක එකම ආකාරයකට ක්‍රියා කරන බවයි.

Brian Kobilka

අද මේ ප්‍රතිග්‍රාහක කාණ්ඩයට  G- ප්‍රෝටීන වලට සබැඳි ප්‍රතිග්‍රාහක (G-protein–coupled receptors) ලෙසින්. මෙයට ජාන දහසක් පමණ අයත් උදාහරණ ලෙස ආලෝකය, රස, ගඳ-සුවඳළ ඇඩ්‍රිනලින්, හිස්ටැමීන්, ඩෝපමීණ් සහ සෙරටොනින් දැක්විය හැකිය. ලෝකයේ නිපදවූ ඖෂධ වර්ගවලින් භාගයකට වඩා මේ G-protein–coupled receptors හරහා ප්‍රතිචාර දක්වනවා.

මේ දෙදෙනා විසින් කළ පර්යේෂණ නිසා G-protein–coupled receptors ක්‍රියාකරන ආකාරය හොඳින් අවබෝධ කරගැනීම පහසු වුනා. ඒ වගේම 2011 දී කොබිල්කා සහ ඔහුගේ කණ්ඩායම β-adrenergic ප්‍රතිග්‍රාහකයක් හෝමෝනයක් විසින්   සක්‍රීය කරන අවස්ථාව සහ සෛලය තුළට පණ්වුඩය යවන අවස්ථාවේ ඡායාරූපයක් ගැනීමට සමත් වුනා… මේ ඡායාරූපය රසායන විද්‍යාවේ හැටියට ලියනාඩෝ ඩාවින්චි ගේ අග්‍රකෘතියක් (masterpiece) ලෙසිනුයි සැලකෙන්නෙ.

ඉතින් මේ ඉහත විස්තරය නොබෙල් ත්‍යාග ලාභීන් ගැන අදාල වෙබ් අඩවියේ පළ වූ ලිපියේ ඍජු පරිවර්තනයක්. මට හැකි ප්‍රමාණයට සරළ කරලයි ඔබට පැහැදිළි කළේ… ඔබට තේරුම් ගන්න පුළුවන් වුනා නම් එය සතුටක්… පර්යේෂණ වලට අදාල පින්තූර නම් හොයා ගන්න බැරි වුනා..

Advertisements

Posted on ඔක්තෝබර් 10, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 9.

  1. ඉතා අගනා ලිපියක්… වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාවට වඩා මගේ කැමැත්ත ඇත්තේ භෞතික විද්‍යාවටයි. ඒ සඳහා නොබෙල් ත්‍යාගය දිනූ අය ගැනත් ලියමුද?

  2. ඔබේ උත්සාහයට ගොඩක් ස්තූතියි ඇල්කෙමියා – – – – – – – – – – !!!!

  3. ඔබ මේ කරන්නෙ විශාල සේවයක්. අපේ දරුවන්ට මේ දේවල් ගැන යම් ඇල්මක් ඇති කරන්න ඔබ ගන්නා උත්සාහයට පිං. යම් දිනක ඔබේ නමත් මේ ලයිස්තුවක දකින්න බලාපොරොත්තු වෙනවා.

  4. ඇත්තටම ඇලා නියමයි තේරුම් ගනින් දේශපාලනය කියන්නේ මෙන්න මේවට. ගොබ්බ නායකයෝ විවේචනය කිරීම නෙවෙයි. මෙන්න මේ වගේ දේවල් දේශපාලනිකයි මේවා කියෙව්වම වෙනස් වන්නේ මිනිස්සු. වෙනස්‌ වූ මිනිසුන් අතරින් හොඳ දේශපාලකයින් ඉදිරියේදී බිහි වේවි. උඹ දේශපාලනික ලිපි කියල මහින්දට ගැහුවම වෙන්නේ ඊට වඩා ගොබ්බ නායකයෙක් පත්වෙන එක විතරයි. .

  5. හරිම වටිනවා මේ ලිපිය ඇල්කෙමි මල්ලී. අපේ හැදෙන දරුවන්ට මෙවැනි පර්යේෂන වල වැදගත්කම මේ සටහන් වලින් තේරේවි. ඔබට බොහොමත්ම ස්තූතියි! කෙවින් ගේ අදහසට නම් මාත් එකඟයි.

  6. කලින් ලිපියට කියපු කමෙන්ට් එකම තමා මෙතනත් කියන්නෙ! 🙂
    එ් හැරුණුවිට මේ දේවල් පලකරාට ගොඩක් ස්තූතියි! 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: