2012 ඔක්තෝබර් 14: පිරිමින්ගේ අවයවයේ දිග ලිංගික සුවයට බලපාන අයුරු…… ලිංගික අධ්‍යාපනික පර්යේෂණයක්…
මේ ප්‍රශ්නය හැමෝටම තියෙන ප්‍රශ්නයක්… Does the size matter ? පිරිමි ගැහැණු දෙගොල්ලන්ටම තියෙන පොදු ප්‍රශ්නයක්… නැහැ කියලා හිතෙන කෙනෙක් ඉන්නවා නම් දැන්ම කියවන එක නවත්වන්න… මොකද ඒ ගොල්ලන්ට මේ පර්යේෂණය අදාල වන්නෙ නැති නිසා…
ලිංගිකත්වය හරිම පෞද්ගලික දෙයක්.. බටහිර රටවල නම් තරමක් හෝ එළිපිට කතා කෙරුණත්, පෙරදිග රටවල කතා කෙරෙන්නෙම නැති තරම් – අවම වශයෙන් අඹු-සැමි දෙදෙනා අතරවත්. නමුත් දැන් නම් පෙරදිග තරුණ තරුණියො තරමක් විවෘතව ලිංගිකත්‍වය ගැන කතා කළත් තම තමන්ගේ රුචි අරුචිකම් – කුතුහලයන් – ප්‍රශ්න ගැන වුවත් විවෘතව කතා කෙරෙනවා අඩුයි. ගැහැණුන්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සාර්ථක ලිංගික එක්වීමකට එහෙමත් නැතිනම් තෘප්තිමත් වන්නට පිරිමින්ගේ අවයවය කෙතරම් විශාල විය යුතුද යන්න.. පිරිමින්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමන් සමඟ එක් වන කාන්තාව තෘප්තිමත් කිරීමට තමන් කෙතරම් විශාල විය යුතුද යන්න. කොහොම වුනත් මේ කොට්ඨාස දෙකෙන් වැඩිපුර මේ පිළිබඳ සිතන්නෙ කාන්තා පාර්ශවය කියලා තමයි පර්යේෂකයින් පවසන්නෙ. එහෙම කිවුවා කියලා බවලත් උදවිය මට ඉදල් කොසු එල්ල කරනවා එහෙම නොවෙයි… හොඳද ? මම කරන්නෙ වාර්තා කිරීම පමණයි… මේ ප්‍රශ්න දෙක පෙරදිග අයට පමණක් නොවෙයි බටහිර රටවල උදවියටත් තවමත් තිබෙන ප්‍රශ්න. මේ නිසාම ස්කොට්ලන්තයේ පර්යේෂකයින් කණ්ඩායමක් ඔබගේ දැවෙන ප්‍රශ්නයට පිළියමක් හොයන්න පර්යේෂණයක් කරලා… මේ තිබෙන්නේ ඒ පර්යේෂණය සහ එහි ප්‍රතිඵල….
පිරිමින් නිතර සිතන්නේ තමන්ගේ ප්‍රමාණය විශාල වන තරමට කාන්තාවන් කැමැත්තක් දක්වන බවලු. ඒ නිසාලු ඔවුන් සිය “මළනුවන්” ගැන වැඩිපුර සිතන්නෙ. නමුත් සත්‍ය වශයෙන්ම වැඩිපුර පිරිමින් සංඛ්‍යාවක් සාමාන්‍ය අය ලු. පිරිමි අවයව දිග අනුව කොටස් කිහිපයකට බෙදෙනවා. (දැන් ඔන්න සමහරුන්ට පුළුවන් ආඩම්බර වෙන්න හරි දුක් වෙන්න හරි)
- විශාල – ප්‍රාණවත් වූ විට අඟල් 7 කට වඩා දිගු
- සාමාන්‍ය – ප්‍රාණවත් වූ විට අඟල් 5.5 ත් 6.2 ත් අතර
- කුඩා – ප්‍රාණවත් වූ විට අඟල් 5 කට වඩා කෙටි
- ක්‍ෂුද්‍ර – ප්‍රාණවත් වූ විට අඟල් 2.5 ට වඩා කෙටි (එහෙම අයත් ඉන්නවා ලෝකෙ)
ඉතින් ඒ වගේම මේ සම්බන්ධව ගොඩක් මිත්‍යා මත තිබෙනවා. ඒ මත ඔප්පු කිරීම හෝ බැහැර කිරීම සඳහා තමයි මේ පර්යේෂණය කරලා තිබෙන්නෙ. නමුත් මේ පර්යේෂණයෙ අඩුපාඩු තිබෙනවා.. ඒ ගැනත් අන්තිමට සඳහන් කරන්නම්…
ඈත අතීතයේ සිටම පුරුෂාධිපත්‍යය පෙන්වීමේ ප්‍රබල අවියක් ලෙස විශාල ලිංගික අවයවයන් යොදාගෙන ඇති බව ඓතිහාසික මූලාශ්‍ර වලින් පෙන්නුම් කරනවා. පොම්පෙයි නගරයේ ඇඳ තිබූ චිත්‍රවල ධනවත් මිනිසුන් තරාදි වල දැමු මුදල් මලු සමබර කිරීම සඳහා ඔවුන්ගේ විශාල අවයවයන් අනෙක් පස තබා ඇති අයුරු දක්වනවා ලු (චිත්තරූප මවා ගන්න එපා) එසේම තුන්වන සියවසේ තනන ලද ඩයොනීසියස්ගේ දේවාලය අවට ගල්වලින් තැනූ විශාල පිරිමි අවයවයන් විසිර තිබූ බවත් සඳහන්. ඔටෝමාන් අධිරාජ්‍යයාගේ සොල්දාදුවන් විසින් ප්‍රසිද්ධියේ තම විශාල අවයවයන් සතුරු සොල්දාදුවන්ට පෙන්වා උසුළු විසුළු කර බවත් සඳහන් (එල්ටීටීඊ සොල්දාදුවන් සාම ගිවිසුම කාළයේ මේ ක්‍රමයම අනුගමනය කළාලු ඔවුන්ගේ පස්ස පැත්තට : හිතෙන දෙයක් හිතා ගන්න). එසේම බොහෝ ග්‍රීක සහ රෝම ප්‍රතිමා වල අඹා ඇති සාමාන්‍ය ප්‍රමාණයේ අවයවයන් බොහෝ දුරට ඒ පිළිම වලට අදාල පුද්ගලයන්ගේ පෞරුෂත්‍වය අනුව තනා ඇති බවත් සඳහන්. ඉන්දියාවේ හින්දු දේවාලවලත් මෙසේම විවිධ රූප අඹා ඇති බවත්, ශිවලිංගය පිළිබඳ පුරාවෘත්තත් මේ ලෝක ඉතිහාසය පුරාම පිරිමින්ගේ අවයවය පුරුෂාධිපත්‍යයේ, සරු භාවයේ, ලිංගිකත්‍වයේ සහ පෞරුෂත්‍වයේ සංකේතයක් ලෙසින් යොදාගෙන ඇති බව පෙනෙනවා. වෙනකක් තබා ප්‍රංශයේ ඇති විශාලතම කුළුණ වූ අයිෆල් කුළුණ ද නැපෝලියන් අධිරාජ්‍යයාගේ පැවති පුරුෂාධිපත්‍ය මානසිකත්‍වය පිළිබිඹු කරවන්නක් යැයි පැවසෙනවා.
ඉතින් මේ විවිධාකාර අරුත් දෙන මේ දෙය විවිධ ප්‍රමාණවලින් පැවතෙනවා. කළු ජාතිකයින් විශාල අවයවයන්ට උරුමකම් කියන බවට මතයක් ඇතත් එය එතරම් ම සත්‍ය නැති බවයි පැවසෙන්නෙ. එසේ මතයක් ඇත්තේ බොහෝ පින්තූර සහ චිත්‍රපට වලට යොදා ගන්නා කළු ජාතිකයන් එසේ වන නිසා බවයි කියන්නෙ. කිසිම පින්තූරයක හෝ චිත්‍රපටයක කුඩා අවයවයන් ඇති පුද්ගලයින් යොදා නොගන්නා බව සඳහන්. ඒ බටහිර රටවල මිනිස් සිත් වලට ඔබ්බවා ඇති විශාල අවයවය සතුට වැඩි කරන බවට ඇති මිත්‍යා මතය නිසා ලු. නමුත් ඉන්දියානු සහ නැගෙනහිර ආසියානු පිරිමින් තරමක් කුඩා අවයවයන් සහිත අය බව සඳහන්… ලංකාවෙ මේ ගැන පර්යේෂණයක් කෙරී නැති නිසා ලාංකිකයන් මෙතැනට අදාල නැති වෙන්න පුළුවනි. ඒ නිසා වැඩිය කලබල වෙන්න එපා.
ඉතින් මේ පර්යේෂණය කෙරී ඇත්තේ ස්කොට්ලන්තයේ විශ්ව විද්‍යාල සිසුවියන් 323 දෙනෙකුගේ මෑතකදී පැවැත්වූ ලිංගික සබඳතා පිළිබඳ ප්‍රශ්න කිරීමෙන් මේ පර්යේෂණයට අවශ්‍ය දත්ත සපයාගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන් මෑතකදී පැවැත්වූ සබඳතා වලදී සහකරුවාගේ ලිංගික චර්යාවන්, ලිංගයේ දිග-පළල, තමන් සුරාන්තයට පත් වූවාද/නැද්ද, ඉන් තෘප්තියක් ලැබුවාද යන ප්‍රශ්න වලට ලැබුණ පිළිතුරු වලින් මේ පර්යේෂණය සිදු කර තිබෙනවා. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රශ්න වී ඇත්තේ පුරුෂ අවයවයේ දිගට අදාල ව ලිංගික සබඳතාවයේදී තමන් සුරාන්තයට පත් වූවාද යන්නයි.
මෙහිදී යොදාගෙන ඇති නිර්ණායක වන්නේ සාමාන්‍ය පුරුෂ ලිංගයක දිග ඇමරිකානු ඩොලර් 20 ක නෝට්ටුවක දිග – එනම් අඟල් 5.8 ක් ලෙසිනුත් අඟල් 6.1කට වඩා වැඩි ඒවා දිගු ලෙසිනුත්. එහිදී ඔවුන්ගෙන් අසා ඇත්තේ තමන් වඩා සතුටක් ලැබුවේ දිගු පුරුෂ අවයවයන්ගෙන්ද නැතහොත් සාමාන්‍ය හෝ කෙටි අවයවයන්ගෙන්ද යන්නයි. ඒ අනුව ඔවුන්ගෙන් 160 දෙනෙකුම සාමාන්‍ය දිගක් සහිත පුරුෂයන් සමඟ එක්වීමෙන් සුරාන්තයට පත් වී ඇති වුවත්, ඔවුන්ගෙන් ද 34% ක් සාමාන්‍ය දිගට වඩා වැඩි දිගක් සහිත අයට කැමැති බවත් හෙළිවී තිබෙනවා. ඒ 160 දෙනාගෙන් 60% ක් පවසා ඇත්තේ ප්‍රමාණය කිසිදු වෙනසක් නොදැක්වූ බවයි. 6% ක් පමණ දෙනා පවසා ඇත්තේ දිගු ලිඟු කෙටි ඒවාට වඩා අඩු සතුටක් දුන් බවයි.
එසේම මේ අධ්‍යයනයේදී ඔවුන් පැමිණි නිගමනයක් නම් පසුගිය මාසයක කාළයක් පුරා සුරාන්තයට පත් කාන්තාවන්ගෙන් බොහෝ පිරිසක් කියා ඇත්තේ ඔවුන් දිගු ලිඟුවලට කැමැත්තක් දක්වන බවයි. ඔවුන් පවසන්නේ දිගු අවයවයන් කාන්තාවන්ගේ ප්‍රජනක මාර්ගයේ සම්පූර්ණ දිගම උත්තේජනය කිරීමට සමත් වන නිසා මේ කතාවේ සත්‍යතාවයක් ඇති බවයි. කෙසේ නමුත් කාන්තාවන්ගේ සුරාන්තයට වඩාත්ම අදාල වන G-spot නම් ස්ථානය පිහිටා ඇත්තේ ප්‍රජනක මාර්ගයේ පිටතට ආසන්න වන නිසා මේ නිගමනයත් සත්‍ය යැයි කියන්නට බැරි බවයි පැවසෙන්නෙ. ඒ වගේම මේ පර්යේෂණයේ විශාල අඩුපාඩු ඇති බව බොහෝ දෙනා පෙන්වා දෙනවා.
මේ පර්යේෂණයට සම්බන්ධ වූ කිසිදු කාන්තාවකගේ ප්‍රජනක මාර්ගවල දිග මැන නොතිබීම නිසා පෙර කී නිගමනය 100% ක් නිවැරදි නැහැ. මක් නිසාද යත් බොහෝවිට කාන්තා ප්‍රජනක මාර්ග අඟල් පහකට-හයකට වඩා ඇතුලට පැතිරී නොමැති වීමයි. එසේම තවත් සමහරු පවසන්නේ ලිඟුවේ දිගට වඩා වට ප්‍රමාණය බලපාන බවයි. ඒ අනුව ඔවුන් පිරිමි අවයවයන්ගේ වටප්‍රමාණය සළකා නොබැලීම මේ පර්යේෂණයේ තවත් අඩුවක් වී ඇත. එසේම එයට සමගාමීව කාන්තාවන්ගේ ප්‍රජනක මාර්ගයේ විශාල බව/කුඩා බව මැනීමක් ද වී නැහැ. එයට අමතරව ඔවුන් යොදාගෙන ඇත්තේ විශ්ව විද්‍යාල සිසුවියන් කණ්ඩායමක්, බොහෝ විට මේ නියැදිය මගින් සම්පූර්ණ කාන්තා ජනගහනය නියෝජනය වන්නේ නැහැ. එසේම විවිධ ජාතීන්, විවිධ සංස්කෘතීන් ලිංගික හැඟීම සහ සබඳතා වලට ප්‍රතිචාර දක්වන්නේ විවිධාකාරයට. සමහර කාන්තාවන් ඉක්මනින් ප්‍රතිචාර දක්වන අතර සමහරුන් ඉතා දිගු කාළයක් ප්‍රතිචාර දැක්වීමට ගත වෙනවා. එසේම ඔවුන් ලිංගික සබඳතාවයට පෙර පවත්වන උත්තේජනය (Foreplay) කිරීම සඳහා කෙතරම් කාළයක්, කෙතරම් උත්සාහයක් ගත කළාද යන්නත් දක්වා නැහැ. මේ නිසා මේ පර්යේෂණයේ සම්පූර්ණත්‍වය පිළිබඳ බොහෝ දෙනාට ඇත්තේ එතරම් විශ්වාසයක් නොවේ.
කොහොම වුනත් මේ සම්බන්ධව අදහස් දක්වන බොහෝ දෙනා පවසන්නේ සාර්ථක ලිංගික සම්බන්ධතාවයකට ප්‍රමාණයේ ප්‍රශ්නයක් නොමැති බවත් අන්‍යොන්‍ය තේරුම් ගැනීම සහ සබැඳියාව, එකිනෙකාගේ ලිංගික රුචි අරුචිකම් පිළිබඳ දැනීම, ඒ පිළිබඳ විවෘතවීම සහ ඒ අනුව ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන බවයි… ඒ නිසා අපි බොහෝ දෙනෙක් කියන්නා සේ ” සයිස් එක නෙවෙයි වැදගත් වෙන්නෙ වැඩ දන්නවද කියන එකයි”
ඉතින් අපි වැදගත් මිනිස්සු වගේ මේකට ප්‍රතිචාර දක්වමු….
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මෙයට පෙර ලියූ ඔම මේ විනාශ කරන්නේ ඔබගේ පුතාගේ-දුවගේ ජීවිතයයි යන ලිපිය නම් කියවා තිබුණේ සියයක් වැනි ප්‍රමාණයක්… ඒ මාතෘකාව එතරම් ඔබට වැදගත් නොවන නිසා වෙන්න ඇති… නමුත් මේ ලිපිය නම් ඔබට බෙහෙවින් වැදගත් වේවි…
ඇල්කෙමියාගේ දිනපොත මෙතැනත් දැන් තියෙනවා… Blogger.com පාවිච්චි කරන අයට එතැනට යන්න පුළුවනි… ඔබේ Blogroll එකටත් එකතු කරගන්න පුළුවන්..
Posted on ඔක්තෝබර් 14, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 23.
😀 මං හිතන්නේ කාන්තාවගේ දික කියන තීරණාත්මක සාධකය නොසලකා හැරීම මෙතනදි ලොකු අඩුපාඩුවක්. කෙටි දිගක් සහිත් ස්ත්‍රීයක් සාමාන්‍ය දිග සහිත් පුරුෂයෙක් එක්ක එකතු උනත් ඇයට වේදනාකාරී වෙන්න ඉඩ තියෙනවා.ඒ නිසා ඒ සාධකය අත ඇරියේ ඇයි කියලා හිතා ගන්න බෑ. ඔබේ කලින් ලිපිය ගැන කියනවනම් වැදගත් දෙයක් කියවන්න අපේ මිනිස්සුන්ට කොයින්ද වෙලාවක්.දේශපාලනේ ගැන හරි ලිංගිකත්වය ගැන හරි ලියනවා නම් සූ ගාලා සෙනග එයි බලන්න!
කැමතියිකැමතියි
ඇත්තෙන්ම මම හිට් ගැන බලලා ලිපි ලියන්නෙ නැහැ… නමුත් හැම ලිපියකටම අදාල හිට් ගණන වැටෙන නිසාම මම මේ ගැනත් පර්යේෂණ කරලා තියෙනවා… ඇත්තෙන්ම වැදගත් දේ ගැන ලියැවිච්ච කිසිම ලිපියක හිට් සංඛ්‍යාව උපරිම 200 ඉක්මවලා ඇති… නමුත් ආණ්ඩුවට බැණලා ලියන ලිපියක හිට් ගණන 1000 පන්නනවා.. ඒ වගේම ලිංගිකත්‍වය ගැන ලියන එකක් වුනොත් ඊටත් වැඩියි…
මගේ ලිපිවල සමහර වෙලාවට රටාවක් තියෙනවා… වැදගත් ලිපි කිහිපයක් අතරට දේශපාලන ලිපියක් – ලිංගිකත්‍වය ගැන ලිපියක් වැටෙනවාමයි… ඒ පාඨකයා ගැන අධ්‍යයනයක් කරන්න… ඒක සාර්ථකයි…
කොහොමත් මිනිස්සු දේශපාලනිකයි – ලිංගික පැත්තට බරයි… මේ දෙක නිසා බොහොමයක් දෙනා ඒ සම්බන්ධව කුතුහලයක් දක්වනවා.
ස්තුතියි.
කැමතියිකැමතියි
මේක වුනේ 80 ගණන්වල ලංකාවේ දී. අපි දන්නා අයෙක් විවාහ වුනා මැදිවියේ දී. මධුසමය අවසන් වෙද්දී මනුස්සයා සියදිවිනසා ගෙන. විපරමෙන් දැන ගන්නට ලැබුනේ එයා දිවිනසා ගත්තේ “අනේ මට දැනුනේ වත් නැහැ ඔයාගේ එක” යැයි මනාලිය කියපු නිසාලු. ක්‍රිකට් තරඟ පැරදුනා යැයි ප්‍රේක්ෂයකයන් සියදිවිනසා ගන්නා රටක මෙවැනි දෙයක් අවිශ්වාස නොකර සිටින්නේ කෙසේද?!!!
//වැදගත් දෙයක් කියවන්න අපේ මිනිස්සුන්ට කොයින්ද වෙලාවක්// යැයි සාබීත් කියන එක ඇත්ත. ඒත් පොඩි වෙනසක් ඇතිව. දේශපාලනේ කියලත් හඹා යන්නෙ වල්පල් ඕපාදූප විතරයි. මෙහෙත් එහෙමයි. කතා කළ යුතු වැදගත් මාතෘකා පැත්තකට දාලා හැමෝම කතා කරන්නේ මතුපිටින් තියෙන පුහු දේවල් ගැනයි.
ඊට පස්සෙ දැනුම සොයා යන්නට තම මුදල්, තම කාලය, තම වෙහෙස වැය කරන අයට බනිනවා, උන් පෝසත් අපි දුප්පත් කියලා!!!!!!!!!!!
කැමතියිකැමතියි
ඕවා සුළු දේවල්… වචනයක් වැරදුනා කියලා කඩු-පිහි අමෝරාගෙන සටනට එන මිනිස්සු ඉන්න සමාජයක මේවා මොනවද ?
ඇත්ත… දැනුම එකතු කර ගැනීම අපහසුයි… ඒකට කාළය ශ්‍රමය යොදවන්න ඕන.. නමුත් ඒක ආයෝජනයක් කියලා දන්නෙ බොහොම ටික දෙනයි… ඒ දන්න ටික දෙනා ආයෝජනය කරලා දියුණු වෙනවා. කම්මැලියා තමන් කරගෙන යන දේ කරගෙන යන ගමන් අර පාන් දැල්ලට ඇදෙන පළඟැටියා වගේ රසය පමණක් සොයා යනවා.. අන්තිමට තමන්ගේ ජීවිතයේ අරමුණ නොදැන කිසිම වැඩක් නැතිව ජීවිතය නිමා කරනවා… තමන්ටත් අනුන්ටත් වැඩක් නැතිව…
ඒකයි තිත්ත ඇත්ත…..
කැමතියිකැමතියි
අර ඉන්දියානුවන්ට තියෙන ප්‍රශ්නේ ගැනනම් දුමි අයියා කලින් කියල තියෙනවා. බොහෝ දුරට හිත තමා බලපානවා ඇත්තේ, “දැක්කත් ඇති ” – ඒ වගේ… 🙂 .. කාන්තාවන් බහුතරයක් දිගට කැමති වුනත් දිගට/විශාලත්වයට බය වෙන, ඒ නිසාම වැජිනිස්මස් (vaginismus) කියන තත්වයට මුහුණ දෙන සුළුතරයකුත් ඉන්නවාලු.
කැමතියිකැමතියි
ඔවු.. මම දන්නා පරිදි මගේ මිතුරෙක්ට ඒ වගේ සිද්ධියක් වුනා… ඒ දෙදෙනාට කිසිම දිනක ලිංගික සම්බන්ධතාවයක් පවත්වන්නට බැරි වුනා ඒ තත්ත්වය නිසා… ඒ නම් බයට නොවෙයි, ශාරීරික තත්ත්වයක් නිසා…
කැමතියිකැමතියි
හලෝ ඇල්කෙමියා,
මමත් ඔය සාරාංශය අහලා තියෙනවා. ගන්න යමක් තියෙන හොඳ ලිපියක් ඇල්.
මේ පහතින් තියෙන කමෙන්ට් එක මම ඇල්කෙමියා මගෙ බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එකට රිප්ලයි එකක් හැටියට දාපු එක. ෂුවර් එකටම ඇහැ ගැටෙන්න ඕඑනෙ හන්දා මෙතන දැම්මට කමක් නෑනේ?
දැන් ඉන්න තැනට ක්‍රමයෙන් අනුවර්තනය වෙමින් ඉන්නවා ඇති නේද? එතකොට පොඩ්ඩට ඉස්කෝලයක්? දැන් ජර්මන් හෙම වතුර වගෙ පුලුවන්ද? වැඩේ කියන්නෙජර්මන් භාෂාවෙ ‘ජ’ ශබ්දයක් නැති එකනෙ, නේද? කලබල වෙන්න එපා. ඉංග්‍රීසි දන්න එකාට ජර්මන් මහ වැඩක් නෙවෙයි. අර පොඩි අවුලකට තියෙන්නෙ අර නාම පද්වල ගෙන්ඩෙර් කේස් එක. වැරදුනාට ගානක් නෑ. එතකොට ජර්මන්ස්ලා ඒක ඛින්ඩෙර් ඪෙඋට්ස්ච් (ළමා ජර්මන්) හැටියට බාර අරන් නිකා ඉන්නවා.;ඪ් හිනා වෙන්නෙ නෑ.
හරි. ඉතින් පිටු 350ක පොතක්? ප්‍රශ්නෙ තියෙන්නෙ පාරිභාෂික වචනවල නේද? නැතිම වචනවලට මොකද කරන්නෙ, ඇල්? වරහන් ඇතුලෙ ඉංග්‍රීසි වචනෙ දානවද? කරලම බලමුකෝ නේද? ඒ වැඩේට ජය වේවා.
අර මූසික මිනිසාව මම ඇන්දා. අන්තිම කොටසෙ ඒක දානවා.
ඉතින් බොහෝමත්ම ස්තුතියි දිරි ගැන්වීමට.
ඉතින් කෝ ඒ බ්ලොගර් blog එකේ URL එක. අපි බ්ලොග් රෝල් වල එල්ලගෙන දෙන්නම්කො ෆුල්ම බැකප් එක. කියන්න විතරයි තියෙන්නෙ බොස්. 😀
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කැමතියිකැමතියි
කමක් නැහැ.. ඕනම එකක් මෙතැන දාන්න.. ඇත්තෙන්ම මම සමහර වෙලාවට දාන ප්‍රතිචාර පස්සෙ යන්න මටම වෙලාවක් නැහැ.. සමහර වෙලාවට සති ගණන් ගියාට පස්සෙ තමයි මතක් වෙන්නෙ… එතකොට පෙරහැර ගිහින්…
ඇත්තෙන්ම පැටියයි ඇල්කෙමිච්චියි තවමත් ලංකාවෙ… ඒ අයගෙ වීසා පරක්කු වුනා මෙහේ ඔෆිස් එකේ කට්ටිය කරපු මෝඩ වැඩක් නිසා… (වැරදි තැනකට ලිපිගොණු යවලා ගිය සතියෙ තමයි මේ ඔෆිස් එකට ආවෙ… හෙට ගිහින් කතා කරනවා – ඔන්න අපට වෙන වැඩ)
මමත් ජර්මන් ඉගෙන ගන්නවා.. ලිංග භේදය තමයි වැඩේ.. ඒ වුනාට දන්න දේ වලට ආදේශ කරගෙන හිතා ගත්තාම හරි…
දවසක් උගන්වන මහාචාර්ය තුමියට කිවුවා මම Radio කියන එක ස්ත්‍රී ලිංග වුනා නම් හරි කියලා.. ඒ මොකද ඇහුවාම මම කිවුවා තොරතෝංචියක් නැතිව සද්දෙ නෙ කියලා.. ඒ පාර මට මෙයා කියනවා මම Sexist කෙනෙක් කියලා.. විහිළුවට.. ඉතින් අන්න ඒ වගේ දේවලට යොදාගෙන මම නම් මතක තියා ගන්නවා.
පිටු 350 න් පිටු 40 ක් දැනටම ඉවරයි.. අර කිවුවා වගේ හොයා ගන්න බැරිම වචනවල ඉංග්‍රීසි වචනය එතැනම වරහන් ඇතුලෙ දානවා.. තේරුම් ගන්න… ඒක තමයි කරන්න පුළුවන් දේ දැනට.. ලංකාවට ආපු දවසක ඒකෙ හරිම තේරුම් හොයා ගන්න උත්සාහ කරනවා..
Blogger එකේ URL එක මෙහෙමයි.
http://alchemistsdiary.blogspot.de/
වැඩි වෙනසක් නෑ…. වැඩිය ඇල්කෙමියො නෑනෙ ලෝකෙ… නැහැමයි කියන්නත් බෑ…
ඉතින් දෙන්න පුළුවන් සපෝට් එකක් දෙන්න… කොහොමත් දෙපලෙම එකම ලිපිය ලියැවෙන නිසා වැඩි අවුලක් නෑ.. මට අවශ්‍ය මේක වැඩි දෙනෙක්ගෙ අතරට යන්නයි.. මට මිතුරු හවුල් හදාගන්න වෙලාවක් නැති නිසා අනෙක් අයට වගේ අනුගාමිකයො මට නෑ….
කැමතියිකැමතියි
මම කලින් පෝස්ට් එකට මගේ සින්ඩියෙනුත් බැක් එකක් දුන්නා. නමුත් මේකේ දෙමව්පියෝ අඩු බවකුත් පේනවා. මේ ලිපිය බලපු ගානත් ඊළඟ පෝස්ට් එකේ දැම්මනම් අපිටත් ඉතා වටිනවා. ඔබේ ලිවීම දිග වැඩියි. තව සංස්කරණයට ලක් කරන්න ඕන තරම් පුළුවන්. අනික චේදයක අඩංගු ප්‍රමාණය වැඩියි. ඒවගේ දේවල් බ්ලොග් කලාවට ගැලපෙන්නේ නෑ. ඒත් ඔබ ලියන හැම දෙයක්ම ඉතා වටිනා ලිපි. ඒ නිසා හිට්ස් බලන්න එපා දිගටම ලියන්න. අපේ ඒවටත් මුල් කාළේ එහෙම තමා. පන්ඩිතයෙක් කියලා හිතන්න එපා. අවංක අදහස් කිව්වේ.
කැමතියිකැමතියි
අනේ නැහැ… එහෙම හිතන්නෙ නැහැ.. මට කෙනෙකුගෙන් ලැබෙන අවවාද-යෝජනා බොහොම වටිනවා. මම ලිපි සංක්‍ෂිප්ත කරන්න උත්සාහ කරන්නම්… ඒක හොඳ යෝජනාවක්.
ඇත්ත මේ බ්ලොග් කලාවෙ නියැලෙන්නෙ බොහෝ දුරට දෙමාපියො නෙවෙයි.. මේ නිසා මේ වගේ දේ වල ඵලදායීතාවය අඩුයි.. නමුත් පෙර ලිපිය මම පුවත් පතකට යැවුවා… බලමු මොකද වෙන්නෙ කියලා…
ලියන්න ගියාම ලියැවෙනවා දිගට… දන්නෙම නැතිව…
ස්තූතියි…
කිසිම අහිතක් හිතන්න එපා.. ගල් සහ මල් එක සේ බාර ගන්නවා.
කැමතියිකැමතියි
මාතලන් සමග එකඟ වෙමි. ඔබට අවශ්‍ය යම් සෞඛ්‍යමය පණිවිඩයක් දීම නම් සරල වැකි දෙකක් හෝ කවියක් හෝ කාටූනයක් ප්‍රමාණවත් වෙනු ඇත.
පෙර කී සීයක් පමණක් බැලූ ලිපියට පැය බාගයක් වැයකරන්න කාලය ඇත්තේ බ්ලොග් බලන අයට නොව ඉරිදා පත්තර බලන අයටයි. ඇයි ඒ ලිපිය ලක්බිම ඉරිදා පත්තරේ වගේ එකකට දාන්නේ නැත්තේ?
කැමතියිකැමතියි
මම දාන්න විද්‍යුත් තැපැල් ලිපිනය හෙව්වා..
දන්නවනම් එවන්නකො… මමත් කැමතියි මේ වගේ ලිපියක් ඒ වගේ තැනක බෙදා ගන්න
කැමතියිකැමතියි
මෙම ලිපියත් ඉතා වටිනවා.වැඩිහිටියන්ම වියයුතු නැහැ,ඔබගේ ලිපි වෙන්ඩ වැඩිහිටිලාට ගොඩක් ප්‍රයෝජනවත් කියලයි මගේ අදහස.මාතලන් විසින් යෝජනාකර තිබුන දෙය මමත් අනුමත කරනවා.හරබර ලිපි ලිවීමට තව තවත් ශක්තිය!
කැමතියිකැමතියි
ඉදිරියේදී ලිපියක වචන සංඛ්‍යාව සීමා කරන්නම්..
බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට
කැමතියිකැමතියි
Average Penis Erect Length
USA – 5 inches
Germany – 5.6 inches
France – 6.2 inches
Japan – 5.0 inches
Brazil – 4.8 inches
India – 4 inches
UAE – 4.8 inches
South Korea – 3.7 inches
කැමතියිකැමතියි
මමත් මේක දැක්කා… පළ කළේ නැහැ
කැමතියිකැමතියි
ඇල්කෙමිස්ට් කියන පොතේ පරිවර්තනය පසුගිය දා පොත් ප්‍රදර්ශනයේදී මිලට ගෙන අද කියවා හමාර කළෙමි.
ස්තුතියි.
කැමතියිකැමතියි
හරි ශෝක් පොත…
සිංහල එක නම් කියවලා නෑ… ඉංගිරිසි එක නම් කියවලා තියෙනවා.
කැමතියිකැමතියි
ඔය පොත නම් මාත් ගත්තා පොත් ප්‍රදර්ශන්යෙන්..
හැබැයි තාම එහෙම්මයි.. 🙂
කැමතියිකැමතියි
හ්ම්ම්…. මම නම් හිතන්නේ සයිස් එකට වඩා මැටර් වෙන්නේ ෆෝප්ලේ එක… ලිංගික උත්තේජනය කියන්නේ මානසික ක්‍රියවලියක්… සමහරුන්ට අඩ නිරුවත් කෙනෙක් දැක්කත් ඇති. සමහරුන්ට ඇඟේ ඇතිල්ලිලා ගියත් ගානක් නෑ.. පාට්නර්ව සංසර්ගයට පෙර ක්‍රියාකාරකම් (ෆෝප්ලේ) මගින් උත්තේජනය කලවිට, සංසර්ගය බොහෝ විට වැඩි සතුටක් දෙනවා.
ඒක නෙමේ… අඟල් 6.2 – 7 අතරේ සහ 5 – 5.5 අයට වර්ගීකරණයක් නැද්ද
කැමතියිකැමතියි
දවසක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කළ්‍යාණ රොද්‍රිගෝ වගේ මතක (………….. අවසාන නම මතක නෑ…) කිවුවා මම දැන් මිනිසාගේ වැදගත්ම ලිංගික ඉන්‍ද්‍රිය පෙන්වන්න යනවා ලැජ්ජ හිතෙන කෙනෙක් ඉන්නව නම් ඇස් දෙක වහගන්න කියලා…
එහෙම කියලා මොළයේ රූප සටහනක් පෙන්වූවා.
ඇත්තෙන්ම ලිංගික ක්‍රියාවලියට වැඩිපුරම බලපාන්නෙ මොළය…
හිත එකලාසයක් නැතිනම් ඒ දේ වුනත් හරියට කරගන්න බෑ..
කැමතියිකැමතියි
Ela kiri saha jalaya wage……
කැමතියිකැමතියි
පින්ග්කිරීම: 2012 ඔක්තෝබර් 16 : අජි-නෝ-මොටෝ…. අපි-ට-මොටෝ ? අජි-නෝ-මොටෝ නිසා ඇට දිරනවද ? « ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Di