2012 ඔක්තෝබර් 18: වර්තමානය වෙනුවෙන් අනාගතය බිලි දීම…….. මේවා ගෙවන්න වෙන්නෙ පොළියත් එක්කයි….


අප නිතරම උත්සාහ කරන්නේ පහසු ලාභදායී සහ වාසියක් ගෙනදෙන යමක් ඉටු කිරීමටය. වරෙක බිල් ගේට්ස් පැවසූවේ “මා කිසියම් අපහසු කාර්යයක් භාර දෙන්නේ කම්මැලිම පුද්ගලයා වෙතයි – ඒ ඔහු කෙසේ හෝ එය පසුවෙන් ඉටු කිරීමට මාර්ගයක් සොයා ගන්නා නිසාය” යනුවෙනි. කිසියම් දෙයක් සැළසුම් කිරීමේදී අප වර්තමානය පමණක් සළකා බැලුව හොත් අනාගතයේදී සිදු කළ යුතු වන සංශෝධන – එකතු කිරීම් වලට ඉඩ නොතිබෙනු ඇත. කොළඹ ගාල්ල මුහුදුබඩ මාර්ගය මෙතෙක් කළක් පුළුල් කළ නොහැකිව තිබුණේ එය සැලසුම් කිරීමේදී පාර පළල් කිරීමකට ඉඩ නොතබා ඉදි කිරීම නිසාය. එසේම මාර්ගයක් සැකසීමේදී එයට යටින් ඇදෙන ජලනල- දුරකථන රැහැන් ආදියට එක්කෝ ඉඩ තබා හෝ පසෙකින් ඒ රැහැන් ඇදීම නොකිරීම නිසා බොහෝ විට වරෙක දුරකථන සමාගම් වලින්ද තවත් වරෙක ජලසම්පාදන මණ්ඩලයෙන්ද පාර හාරනු අප බොහෝ දුරට දැකිය හැක. ඒ හරිහැටි සම්බන්ධීකරණයක් නොමැති නිසාවෙනි.

අපට මෑත අතීතයේදී වූ විදුලි බලශක්ති අර්බුධය හමුවේ ආණ්ඩුවේ පිහිටට පැමිණියේ චීනයයි. චීනයෙන් අඩු මිලට ලැබුණ ගල් අඟුරු බලාගාරය නිසා අනාගතයේ ඉතා අඩු මුදලට බලශක්තිය රටටම දිය හැකි බවට උදම් ඇනුවේ වර්තමාන විදුලිබල ඇමති ඉංජිනේරු පාඨලී චම්පික රණවකයි. ඒ අනුව අපේ පාරිභෝගිකයෝ ද අඩු මිලට විදුලිබලය ලැබෙන තෙක් දත-කට නියවා බලන් හිටි අයුරු අපට මතකය. ඒ සියල්ල දැන් දහවල් සිහින කරමින් තාප බලාගාරය බොහෝ විට අක්‍රීයව හෝ නඩත්තු කටයුතු සඳහා වසා දමා තිබුණි. කළෙකින් එසේ වූ බව අසන්නට නොලැබීමත් එක්තරා අන්දමක සහනයකි. බොහෝ විට චීනුන් ආධාර දෙන්නේ තමන්ට වාසියක් සැලසෙන ආකාරයටමය. ගිං ගඟ යෝජනා ක්‍රමයට ලැබුණ චීන ආධාර වලින් බොහොමයක් වැය වූයේ චීන ජාතිකයින්ගේ වේතනයන් සහ පහසුකම් සඳහා වේ. ඒ අනුව ආධාර වලින් වැඩි කොටසක් නැවතත් චීනය බලා ගිය විට අපට අවාසියක් සිදු විය හැක. (මේ පිළිබඳ ගිවිසුම පිළිබඳ තොරතුරු මා නොදන්නා නිසා අවාසියක් ඇත්තටම සිදු වී දැයි නොදනිමි). කෙළවරපිටියේ තාප බලාගාරයද එවැනි ආධාරයකි. තාප බලාගාරය ආධාර වශයෙන් ලැබුණද එයට අවශ්‍ය අමුද්‍රව්‍යය වන ගල් අඟුරු ආනයනය කළ යුතු වන්නේ චීනයෙනි. ඒ අනුව චීනයට අළුත් පාරිභෝගිකයෙකු ඇතිවේ. අපි චීනයට මුදල් ගෙවා ගල් අඟුරු ගනිමු. ප්‍රශ්නය එය නොවේ.

ප්‍රශ්නය වන්නේ මෙගා වොට් 300 ක් නිශ්පාදනය සඳහා වසරකට ගල් අඟුරු ටොන් 70,000 ක් දහනය  කිරීමයි. ගල් අඟුරු කියන්නෙ තනිකර කාබන්.. ඉතිං කාබන් ටොන් 70,000 ක් දහනය වෙනකොට එයින් වසරකට CO2 ටොන් කීයක් නිශ්පාදනය වෙනවද ? ගණන හදන්නෙ මෙහෙමයි..

ගල් අඟුරු ටොන් එකකින් CO2 ටොන් 2.86 ක් පිටවෙනවා. ඒක 70,000 න් වැඩි කළාම එන ගාන ටොන් 200,200 ක්.. ඒ කියන්නෙ ලංකාව බලශක්ති ජනනය සඳහා දහනය කරන ගල් අඟුරු ප්‍රමාණයෙන් පමණක් වායු ගෝලයට මුදා හරින CO2 ප්‍රමාණය ටොන් 200,200 ක්.. ලංකාවෙ ජනගහනය සමඟ සසඳත්දී මෙය එක පුද්ගලයෙකුට CO2 කිලෝ 9.53 ක් වුනත් සාපේක්‍ෂව සළකා බලන විට එකතුව ලොකු අගයක්. එපමණක් නොවෙයි, මේ නිසා පරිසරයට එකතු වන තාපයත් අධිකයි. ඉතින් අපි හැම දෙනාම අවුරුද්දකට CO2 කිලෝ 10 ක් පරිසරයට මුදා හරිනවා. මේ අන් ක්‍රම වලින් විදුලිය නිපදවීම, ප්‍රවාහණය, ශ්වසනය, දහනය ආදී දේ වලින් පරිසරයට එකතු වන CO2 ප්‍රමාණය ගණනය නොකර සිදු කළ ගණන් බැලීමක්.

ඉතින් මේ එකතු කරන CO2 ප්‍රමාණය නිසා සිදු වන හානි ගැන මම දිගින් දිගටම කියා තිබෙනවා… මේ අපි අපේ දරුවන්ගේ අනාගතයට කරන විනාශයක්.. අපට සුදුසු බලශක්ති ප්‍රභව මොනවා ද ? ලංකාව සමකය ආසන්නයේ තිබෙන රටක්. මේ නිසා ලංකාවට අවම වශයෙන් පැය 10 ක් වත් සූර්යාලෝකය පතිත වන අතර කාර්යක්‍ෂම ලෙස සැකසූ සූර්ය කෝෂයකින් සාමාන්‍යයෙන් පැය හයක් පමණ වත් සූර්ය බල ශක්තිය විදුලිය බවට හරවා ගන්නට හැකියි. එසේම රට වටා ඇති සාගරයේ සහ සුළං වල බල මහිමයෙන් සුළං ආධාරයෙන් ක්‍රියා කරන ටර්බයින සැකසීමෙන් විදුලිය නිපදවා ගැනීම කළ හැකියි. මෙසේ සැලසුම් කළ බලශක්ති ව්‍යාපෘති කිහිපයක් නුදුරු අනාගතයේදී ජනතා අයිතියට පැවරෙනවා. ඒ උතුරේ දූපත් ආශ්‍රිතව. එය ඉතාම හොඳ ප්‍රවණතාවයක්.

අපට කළ හැක්කේ මෙසේ සූර්ය ශක්තියත්, සුළං බලයත් උපයෝගී කරගෙන දීර්ඝ කාලීන ආයෝජන ලෙස නිවැසියන්ටම බලශක්තිය නිපදවා ප්‍රධාන ප්‍රවාහයට එකතු කරන අන්දමේ ක්‍රියාවලියක් සැකසීමයි. (Smart metering) එයින් විදුලි බිල අඩු වනවා පමණක් නොවෙයි, ලංකාවේ බලශක්ති ප්‍රවාහයට පුනර්ජනනීය බලශක්තිය එකතු වීමක් සිදු වෙනවා. මේ මොනවා කළත් විදුලි බල මණ්ඩලයේ සිදු වන මූල්‍ය නාස්තිය අවම නොකළහොත් මේ කිසි දෙයකින් වාසියක් ලැබෙන්නෙ නැහැ. කොහොම වුනත් වර්තමාන විදුලි බල හා බලශක්ති ඇමති තුමා විදුලි ඉංජිනේරු වරයෙක් වීම නිසාමත් ඔහු අන් අයට වඩා තරමක් වෙනස් ලෙස නව ප්‍රවණතා ගැන හිතන අයෙක් බව පෙනී යන නිසාත්, තරමක බලාපොරොත්තු තැබිය හැකියි..

නමුත් අපි අනාගතය ගැන සිතා පුනර්ජනනීය බලශක්තිය ගැන මීට වඩා දැඩි ලෙස ක්‍රියා කළ යුතුයි…

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ඇල්කෙමියාගේ රසායනාගාරය දැන් Blogger.com එකෙත් තියෙනවා.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 18, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 13.

  1. ඔව් ඇල් ඔබ හරි. මේ ගැන නම් මමත් බොහෝ සංවේදීයී. මොකද ඔබ දන්නවනේ මගේ විෂයට මේ කරුණ ලොකු බලපෑමක් කරනවා. ඔබට කලින්ම කියූ ලෙස සදුදට මම ඒ ගැන ලියන්නම්.

    මේ පරිසරය කියන්නේ මිනිසා ඇතුලු ජෛවගෝලයේම කොටසක්. සජීවී වායුගෝලයක් හිමි ග්‍රහලෝක ඉතාම සීමිත ප්‍රමානයක් තමයි අපිට දැනට සොයා ගත හැකි වී ඇත්තේ.

    පාරවල් ගැනත් මම කෙටියෙන් කියන්නම්. මගේ නම් අදහස මේ තිබෙන පාරවල් ඔය විදියටම දිය්ටුණු කරන ගමන් වෙනම මාර්ග පද්ධතියක් සැලසුම් කලොත් වඩා හොදයි. මොකද එවිට පරිසරයත් ආරක්ෂා කරන් වඩා දියුණු පද්ධතියක් ඇති කිරීම පහසු නිසා.

    කැමතියි

  2. විදුලි බලය එහෙම වෙනකොට අන්න අද කැබිනම් පේපර් එකක් පාස් කරගන්න යනවා බීමට, වගා සඳහා සහ අනිකුත් සියලුම දේ සඳහා ඇති ලිං වලට වසරකට රු 7500 – 15000 දක්වා බදු ගහන්න.

    කැමතියි

  3. ගල් අඟුරු ගෙන්වන්නේ ඉන්දුනීසියාවෙන්,හැබැයි චීනය ඔවුන්ගේ ගල් අඟුරු බලාගාර හැකි තරම් අඩු කරන්න හදනවා ඒ හා සම්බන්ධ දැඩි සමාජ හා පාරිසරික පිරිවැය නිසා.මෙතන තියෙන විහිලුව අදාළ ඇමතිතුමා පරිසර ඇමති වෙලා ඉන්න කාලේ carbon trading ගැන කතා කලා.ඒක හරියට එක පාරට අයතුල්ලා අල් කොමෙයිනිටයි, ජෝ(ර්)ජ් බුෂ්ටයි දෙන්නටම එකපාර වඳිනවා වගේ වැඩක්.

    කැමතියි

    • බොහොම ස්තූතියි දැනුවත් කළාට… ඇත්තෙන්ම අපේ මිනිස්සු කියන්නෙ එකක් කරන්නෙ තවත් එකක්… අපට දීර්ඝකාලීනව හිතලා කරන්න බොහෝ දේ තියෙද්දි අපි පැලැස්තර විසඳුම් හොයනවා හැම දේටම..
      මේවට වන්දි ගෙවන්න වෙන්නෙ අපේ අනාගත පරපුරට.. නමුත් ඔවුන්ට ඒ ගැන වගක් වත් තියෙනවද කියලා සැකයි මේ රට යන විදියට..

      කැමතියි

  4. ලංකාවේ මොනවා කරන්නත් ඉස්සෙල්ල හැම දෙයකටම පොදු වෙන ජාතික ප්‍රතිපත්තියකට යන්නේ නැතිව කිසිම දෙයක් නියම විදියට කරන්න බැහැ කියලයි මමනම් හිතන්නේ.බලයට එන එක එක අයට ඕන විදියට වෙනස්කම් කරන්න බැරි විදියට.දැනට අවුරුදු 10 ට වගේ ඉස්සෙල්ල ජපන් ජාතිකයන් [ජපන් රජයේ සහය ඇතුව] සුළගින් විදුලිය උත්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සම්බන්ධීකරණයට මට හැකියාවක් ලැබුන,නමුත් දේශපාලනික සබදතාවයන් මට නොමැති නිසා දන්නා හදුනන කෙනකුගේ මාර්ගයෙන් එකල අගමැතිගේ පුතාට කතාකරල මේ විස්තරය කිව්වම එයා කියුවේ ලංකාවේ හැමදාම සුළග නැති නිසා ඕක හරියන්නේ නැහැ නැගල යන මොනවා හරි කරමු කිව්වා.නැගල යන ඒවා කිව්වේ 10%-20% මගනැගුම වගේ ඒවා නේද කියල දැන් මට හිතෙනවා.

    කැමතියි

    • මම ජාතික ප්‍රතිපත්ති වල අවශ්‍යතාවය කිහිප වතාවක්ම කියලා තිබෙනවා. නමුත් ප්‍රශ්නය වන්නෙ ජාතික ප්‍රතිපත්තියක් හැදුවාම තමන්ට වුනත් තමන්ට අවශ්‍ය විදියට වෙනස් කරගන්න බැරි වෙන නිසා ඔවුන් හිර වීම..
      ඒ නිසා බලයට එන කිසිම ආණ්ඩුවක් නොවෙනස් වන ජාතික ප්‍රතිපත්ති හදන්න කැමති නැහැ..
      කවුරුවත් කැමති නැහැ තමන්ගේ දේශපාලන අනාගතය බිලි දෙන්න.. හැමෝම කරන්නෙ Political Survival එකක්…

      කැමතියි

  5. Hyperion වගේ nuclear reactor එකක් පොඩි පරිමානයේ එකක් කරන්න සුදුසු දූපත් අපිට තියෙන නිසා ට්‍රයි කරලා බලන එක හොඳ නැද්ද???හමොම නුcලේර් කිව්වම මහා පරිමානයෙන් හිතුවට දැන් 25MW – 100 MW තියෙන පොඩි ඒවා ගැන ඇයි හිතන්නේ නැත්තේ???
    still nuclear is a best shot for minimum wastage…
    මම හිතන විදියට…
    මමත් මේ ගැන හරි ආසාවක් උනන්දුවක් තියෙන කෙනෙක්..
    http://www.withouthotair.com/
    ඇල්කෙමියා නම් මේක කියවලා ඇත්තේ මං හිතන්නේ

    කැමතියි

    • ඒක පාඩුයි, ලොකු ප්‍රතිකාරකයක් හැදුවත්, කුඩා ප්‍රතිකාරකයක් හැදුවත් ඒකට යන මූළික වියදම බොහෝ දුරට සමානයි. සැපයිය යුතු ආරක්‍ෂාව එකම හා සමානයි. ඒ වගේම මේ දෙජාතියම වැඩිම වුනොත් වසර 40 ක් පමණ කාළයක් තමයි නිසි ලෙස ක්‍රියා කරන්නෙ. ඒ වගේම අපිට ලොකු ප්‍රශ්න තියෙනවා න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ඉවත ලෑම වැනි දේ ගැන.
      මම මේ ගැන ඇල්කෙමියාගේ රසායනාගාරයේ ලිපියක් ලියලා ඇති න්‍යෂ්ඨික බලාගාරයක් ලංකාවට අවශ්‍යද නැද්ද කියලා.. අන්න ඒක කියවලා බලන්න.. මම නම් හිතන්නෙ අපි න්‍යෂ්ඨික තාක්‍ෂණයට යන්න තරම් යටිතල පහසුකම් අතින් – ආකල්ප අතින් සහ මූල්‍යමය අතින් දියුණු වෙලා නැහැ.

      කැමතියි

  1. පින්ග්කිරීම: නිර්නාමික

  2. පින්ග්කිරීම: නිර්නාමික

  3. පින්ග්කිරීම: නිර්නාමික

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: