2012 ඔක්තෝබර් 19 : ඇමතිවරු බදු ගහන්නෙ මෙන්න මෙහෙමයි……. මාරයි ඈ…..


බදු ගැසීම හරිම ආතල් දෙයකි. ගසන්නට ගසන්නට ආතල් ඒ….. බදු ගැසීමෙන් ලැබෙන ප්‍රතිඵල දුටුවිට ආතල් දෙගුණ තෙගුණ වේ… බදු ගසා ඉවර වෙන විට බදු ගසන්නාට ඇතිවන ප්‍රීතිය කියා නිම කළ නොහැක… බදු ගහන විට බද්ද වදින්නේ මල්ලිලාට වුනත් ඒ බද්ද ගහනකොට ආතල් එක වැඩි අයියලාටය.. ඒ නිසා අයියලා බදු හොය හොයා ගසති. ඒ බදු ගැසිල්ලේ හැටිය. හැබැයි බදු ගසද්දී හොඳ බදු තෝරා බේරා ගෙන ගැසුවේ නැතොත් අනාතය.. පසු කළෙක ලෙඩ දෙනවාය…

බදු නන්වැදෑරුම් වේ.. හොඳ බදු, කැත බදු, කිසිම කමකට නැති බදු, ගති බදු ආදී බදු වර්ග ගණනාවකි. හොඳ බදුකාරයෝ තෝරා බේරා ගති බදු ගසති.. එවිට නම් මල්ලිලාට වැලේ වැල් නැති වේ.. සමහර විට සෑහෙන කාළයකට නැගිටින්න බැරි වෙන්න බද්ද වදී… සමහර  බදු කාරයෝ ඕන බද්දයි එපා බද්දයි හැම එකම ගසති… එවිට නම් ටික කළකින් දන්නේම නැතුව ශේප් එකේ බද්ද අයින් කර දානවා ය… අපේ කට්ටිය මාර බදු කාරයෝය.. සමහර ඇමතිලා නම් බදු ගහන්නේ නැත.. ඒ අයට බදු ගහන්න උවමනාවක් නැත.. ඒ අය බොහොම හොඳ ඇමතිලා වෙති.   විශේෂයෙන් තරුණ ඇමතිවරු හෙන බදුකාරයෝ යැයි කතාවක් පවතී.. වෙළඳ ඇමති තුමා ලොකු බද්දක් ගසන්නට ගොස් අකුලා ගන්නට වූ හැටි හැමෝටම මතකය.. ඒක ටීවී එකෙත් පෙන්නුවේය… කළකට ඉහත අපේ උසස් අධ්‍යාපන ඇමති තුමා ක්‍රීඩා ඇමති වෙලා හිටි කාළයේ කැත බද්දක් ගහන්න ගිහින් ඇණ ගත්ත හැටි ද මතකය.. සමහර බදු ගැහුවාට පසු තැන තැන චාටර් ද වෙති… ඒ නිසා බද්දක් ගැසීමේදී හරිහැටි අලගිය වැලගිය මුලගිය තැන් හොයා බලා අතීත වර්තමාන අනාගත තුන්කල් බලා බද්ද ගැසිය යුතුය.. නැතිනම් අනාතය..

අපේ ඇමති මණ්ඩලයේ ඉස්ස සුප්‍රසිද්ධම බදු කාරයා වන්නේ ඇ.නිමල් සිරිපාල මහතාය… ඒ මහතා මහ චාටර් බදු කාරයෙක් බව බොහෝ දෙනා දනිති… සෞඛ්‍ය ඇමතිව ඉන්නා කාළයේදී දොස්තර බදු ගහන්න ගිහින් හොඳ පාඩමක් ඉගෙන ගත් හැටි ද මතකය.. ඉතින් මේ මහතා දැන් ගහන්න යන බද්දත් ඒ වගේම චාටර් බද්දකි.. ඒ බොන වතුර ටිකට ගහන්න යන බද්දය… මේ බද්ද නං එසේ මෙසේ බද්දක් නොවේ.. මොකද කියනවා නම් මේ රටේ සෑහෙන ප්‍රමාණයක් මේ බද්ද ගැන ඇහැ ගහගෙන සිටින නිසාය… සමහර විට මෙය ජනාධිපතිතුමා හොඳ මිනිහා කිරීමට ගහන්න හදන බද්දක් විය හැක… මේ බද්ද ගහන්න පාර්ලිමේන්තුවට ගෙන ආ විගස ජනාධිපති තුමා එය කැන්සල් කරනවාය.. එවිට ඇ.නිමල් සිරිපාල මහතා චොර වී ජනාධිපති තුමා පොර වේ.. කොහොමද ටිකිරි මොළේ.. ?

කොහොම වුනත් වතුරට බද්දක් ගහන එක නම් මහම පවුකාර වැඩකි. එහෙම බද්දක් ගහනවා නම් වැස්ස ඇති විට එකතු වන වතුර ටික මැන ඒ සඳහා නැවත ගෙවීමක් කළ යුතුය. නැතිනම් එය අසාධාරණය. වැරදිලාවත් ගඟකින් නාන, වතුර බොන කෙනෙකුට මේ බද්ද ගහන්නේ කොහොමදැයි සළකා බැලිය යුතුය… මේ බද්ද නිසා නැවතත් එළවලු මිල, හාල් මිළ වැඩි වේ.. එවිට ඇ.නිමල් සිරිපාල මහතා ගහන බදු වල ආතල් එක එන්නේ මහජනතාවටය. හැබැයි ගමකට වැරදිලාවත් ගිය විට මේ බද්ද ගහන්න උදවු දුන් කිසිම ඇමතියෙකුට වතුර පොදක් වත් බොන්න වෙන්නේ නැත. ඒ නිසා වැරදිලාවත් ඔවුන් ගමකට යන්නේ ද නැත.

මේ බද්ද ගැසීමේ ප්‍රධාන පරමාර්ථය අනාගත පරපුර වෙනුවෙන් ජලය ඉතිරි කිරීමට ජනතාව සූදානම් කිරීම බව පැවසේ. ජලය යනු ඛණිජ තෙල් මෙන් ඉක්මනින් ක්‍ෂය වන සම්පතක් නොවේ. ජල චක්‍රය සෑම විටම ක්‍රියාත්මක වේ. ඒ නිසා ජලය පුනර්ජජනය වන සම්පතකි. කළ යුත්තේ ජල බද්දක් ගැසීම නොව ජල පෝෂක ප්‍රදේශ ආරක්‍ෂා කිරීම වේ. මෙවැනි මුග්ධ තීරණ දෙන දේශපාලනඥයින් සහ උන්ට උල්පන්දම් දෙන මැටි මෝල් නිලධාරීන් ජලය පොවා ගඟකට දැමිය යුතුය.. නමුත් බංකොලොත් ආණ්ඩුවකට මෙයට වඩා කළ හැකි දෙයක් නොමැත. මා දැනට ජීවත් වන ජර්මනියේද නොයෙක් ආකාරයේ බදු අය කෙරේ. නමුත් ජර්මන් රජය  මනා කළමණාකරණයකින් යුක්තව කටයුතු කරන නිසා ඒ බදු වල ප්‍රතිලාභ ජනතාවට හොඳින් පෙනේ.. මේ නිසා ඔවුහු කිසිදු මැසිවිල්ලක් නොමැතිව අදාල බදු ගෙවති. එයට අමතරව මේ බොහෝ බදු සිය වේතනයෙන්ම අයවෙන ආකාරයට සකස් කර තිබේ. රජය විසින් කිසිවෙකුගෙන් තමන් ගෙවිය යුතු ප්‍රමාණයට වඩා වැඩිපුර බදු අයකරගෙන ඇතිනම් වසර අවසානයේදී බදු ලේඛණගත කිරීමේදී ඔවුනට සැලකිය යුතු මුදලක් ගිණුමට බැර වේ.. මේ නිසා බොහෝ දෙනා නිසි පරිදි බදු ගෙවීම සිදු කරති.

රටක් ලෙස අප ඉදිරියට යනවිට සිදු කළ යුත්තේ වඩා කාර්යක්‍ෂමව සහ ඵලදායීව ජනතාවගේ බදු මුදල් පරිහරණය කිරීමයි. උදාහරණයක් වශයෙන් මාස තුනක් පැවති මහාචාර්ය වර්ජනය සතියෙන් විසඳුවේ නම් රටට ඇතිවන ඵලදායීතාවය ගැන ඔබටම සිතාගත හැක. විශ්ව විද්‍යාල සිසුන් මාස තුනක් නිවෙස් වලට වී සිටීමෙන් සිදු වන අපරාධය – විශ්ව විද්‍යාල මහාචාර්යවරුන්ට මාස තුනක් වර්ජනය කිරීම වෙනුවෙන් ලැබෙන වේතනය – ඔවුන් වැඩිපුර වැඩ කළ යුතු බවට අණ පණත් ගෙනාවත් එය සිදු නොවන බව ඉර-හඳ සේ විශ්වාසය. මේ එක උදාහරණයක් පමණි. සමහර රජයේ ආයතනවල සිදු වන අක්‍රමිකතා- මුදල් නාස්තිය – දූෂණය – වංචා ආදිය පාලනය කළ හොත් අපට ඇති බදු ප්‍රමාණයෙන් ආණ්ඩුව ගෙන යා හැක. විභාග දෙපාර්තමේන්තුව තුන් වරක් Z අගයයන් සකස් කරනවා වෙනුවට  කාර්යක්‍ෂමව, බුද්ධිය පාවිච්චියෙන් එක වරකින් එය කළා නම් ඉතිරි වන මුදල කෙතරම් ද ? මේවා සුළු උදාහරණ පමණි.. ඔබ සැමට තම තමන්ගේ අත්දැකීම් අනුව තවත් දේ මතක් විය හැක.

ඉතින් මේ ලිං බද්දෙන් රජය නොනැවතී තවත් බදු අය කර ගැනීමට හැකි බව ඔවුනට මතක් කර දිය යුතුය. මේ ලිං බද්ද අනාගත පරපුර වෙනුවෙන් ගසන බද්දක් නම් මේ බදු නිසා ද අනාගත පරපුර ආරක්‍ෂා කර ගත හැක….

  • ඇඳ බද්ද – හැමදාම රෑට ජනතාව නිදා ගන්න යන නිසා ඇඳට නගින වාරයක් පාසා ගණන් කෙරෙන කවුන්ටරයක් ඇඳේ සවි කළ හැක. ඇඳන් හදන්නේ දැවයෙනි… ඒ දැව කැපීමෙන් අනාගතයට ගස් ඉතිරි නොවන නිසා ඇඳ බද්දක් ගැසිය යුතුය… ඇඳේ බදු ගැසීම – ඒක වෙනම කතාවකි… : ඒ අනුව ඇඳ බද්දෙන් මාර ගානක් හොයා ගත හැක.
  • ශ්වසන බද්ද – ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවේ. මේ නිසා අනාගත පරපුරට අවශ්‍යවන ඔක්සිජන් නැති විය හැක…
  • කකුස්සි බද්ද – සතියකට එක පාරක් හෝ ඒ පැත්තටත් යන නිසා (2500 කින් කෑ විට සිදු වන්නේ එයයි) අවම වශයෙන් කකුස්සි බද්දෙන් හොඳ ගණන් සොයා ගත හැක.
  • පඩ බද්ද – අධෝ වාතය පිටවීමේදී මීතේන් වායුව පිටවේ. මීතේන් හරිතාගාර ආචරණය ඇති කරන වායුවකි. මේ නිසා අනාගත පරපුරට විය හැකි හානි වලින් ඔවුන් වලක්වා ගැනීමට පඩ බද්දක් අය කළ යුතුය. මෙය ගණන් කිරීමට රැකියා විරහිත උපාධිධාරීන් පත් කිරීමෙන් රැකියා ප්‍රශ්නය ද විසඳා ගත හැක
  • බලු බද්ද – අතීතයේ සුද්දා ද බල්ලන්ට බදු ගැසූ නිසා සුද්දා බදු ගැසූ ලෙස බලු බද්ද ද ගැසිය හැක.
  • බේ බද්ද –  මෙය වැඩිපුරම බලපාන්නේ බේබද්දන් ටය.. දැනටමත් අම්බානට ගසන නිසා බේබද්දන්ට නම් බේ-බද්ද ගැන ගානක් නැත.
  • සද්ද බද්ද – ශබ්ධ දූෂණය තර්ජනයක් නිසාම සද්ද දානවිට බද්දක් ගැසීම කළ යුතුය. නමුත් බදු ගසන විට සද්ද පිටවන නිසා ඒ බද්ද ගැන තව දුරටත් සළකා බැලිය යුතුය.
  • වෙබ් බද්ද – දාන්න ගිහින් අකුල ගත්ත බද්දක්….

මේ ආකාරයට විවිධාකාර ලෙස බදු ගැසිය හැක… අතීතයේ රජවරු සෑහෙන බදු ගැසූ බව ලේඛණවල තිබූ බව සීයා කියා තිබුණි. ඉතින් අතීතයේ රජවරුන්ට බදු ගැසීමට හොඳ නම් අද රජවරු බදු ගැහුවාම මොකද ?

දන්නවනං තවත් බදු ගැන අනිත් අයටත් දැන ගැනීම පිණිසම කොටලා දාන්නකො.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

ඇල්කෙමියාගේ දිනපොත දැන් Blogger.com එකෙත් තියෙනවා.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 19, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 27.

  1. ක්‍රි. ව. 946-954 දී හතරවැනි උදය රජුගේ බදුලු ටැම් ලිපිය ශිලා ලේඛනය සමකාලීන වෙළඳ නගරයක් පවත්වාගෙන යෑමේ දී අවශ්‍ය නීති රීති හා දඬුවම් සඳහන් වෙන්නක්. වෙළඳාමේ යෙදි වෙළඳුන් එක්තැන් කල ‘පදි’ යන ස්ථාන වලින් බදු එකතු කරපු ‘පදිලද්’ රාජ්‍ය නිලධාරීන් දූෂණයේ යෙදී සිටිය නිසා විවිධ රෙගුලාසි ගෙනෙන්නට සිද්ධ වී තියෙනවා. වෙළඳපොලට බලපෑම් කරපු රාජ්‍ය ආයතන තුන: මන්ද්‍රන්ඩින්, වණිග්‍රාම සහ මහග්‍රාම.

    වෙළන්ඳන් සඳහා වූ නීති වල දී “ගිවිසුම් කඩ කරන යම්කිසි පුද්ගලයෙකු වේ ද, ඔහුගේ නිලය මෙන්ම අනන්‍යතාවය රාජ සන්තක කෙරේ. එමෙන්ම ඔහුගේ දණහිසට හෝ පසුපසට පහර දෙනු ලැබේ. අහම්බෙන් හෝ ඔහු දැඩි කායික හෝ මානසික වේදනාවෙන් මිය ගියහොත් සුනඛයෙකු මෙන් ආදාහන කටයුතු කරනු ලැබේ.”

    සංඝයාට අයිති ඉඩමක ගොවිතැනට ජලය ලබා ගැනීම සඳහා වැවක් ඉදි කරන්නේ නම් හා ඉන්පසු එම වැවේ ජලයෙන් වගා කරනු ලැබූ භෝග වලින් ලද ආදායමෙන් ගෙවන ‘කප්පිය’ බාරගන්නට කප්පිකාරයෙකු පත් කෙරේ. රජුගේ බදු බරින් පීඩනයට පත්වෙන ජනයා ඉඩම් හැර ඉවත් වී ගියවිට ඒ ඉඩම්වල පදිංචියට පැමිණි වෙනත් ජනයා භික්ෂූන්ට කිසිවෙක් නොදෙන්නේ නම් ජලය සැපයීම නතර කිරීමට අවසර ඇත. සංඝයාට අයිති ඇල මාර්ග, කුඹුරු හා කැලෑ වලින් ‘ස්වාමි භාගය’ අය කර ගැනීම රජු විසින් නිර්දේශිතයි.

    පුරාතන ශ්‍රී ලංකාවේ අපරාධ, විනිශ්චය හා දඬුවම්, (ක්‍රි. පූ. තෙවැනි සියවසේ සිට දොළොස්වැනි සියවස තෙක්) විමලසේන හෑලෝගම (2011)

    කැමතියි

  2. ඇල්කෙමියගේ දිනපොත කියවන්න පුරුදුවෙලා හිටපු වෘක රංචුව වන අපි මේ දවස්වල ඉන්නේ හාමතේ !!!! මොකද ඇල්කෙමිය මෑතකදී අර ලොකු ලොකු කුසලාන ,පඬුරු පාක්කූඩම් ගහන්න ඉස්සරවෙලා උදේ හවහ තුන්වේලටම කන්න දීපු ලේ බේරෙන රතුපාට කහ ඉරි ගිය අමුර්ත මස් කුට්ටි වෙනුවට දැන් ඔය සුමානෙකට දෙතුන් පාරක් ඔහේ විසිකෙරෙන රිජිෆෝම් කෑලි කිරට ඉවුවම එන රහ තියෙන සෝයා මීට් ස්නැක් පැකට්ස් හින්දා – – – – !!!!

    කැමතියි

  3. සමහර විට මෙය ජනාධිපතිතුමා හොඳ මිනිහා කිරීමට ගහන්න හදන බද්දක් විය හැක… මේ බද්ද ගහන්න පාර්ලිමේන්තුවට ගෙන ආ විගස ජනාධිපති තුමා එය කැන්සල් කරනවාය.. එවිට ඇ.නිමල් සිරිපාල මහතා චොර වී ජනාධිපති තුමා පොර වේ.. කොහොමද ටිකිරි මොළේ.. ?

    සංවේදී නායකතුමා මෙහෙම නොකර වෙන මොනවා කරන්නද?

    කැමතියි

  4. කියලා වැඩක් නැත.. සුපිරිම ලිපියකි.. දැන් පඩි ගෙවන්නවත්සල්ලි නැත.. අපි හම්බ කරන එකෙන් නිකන් ඉඳන් කන උන් වැහි වැහැලාය.. ළෝකයේ වැඩිම ආන්ඩුවේ සේවකයෝ ඉන්නේත් මෙහිය.. පාරේ යන එකාටත් ජනාධිපති උපදෙස් කම් දෙනවාය.. එහෙම එකේ අර කිව්වා වගේ රෙන බද්ද, චූ බද්ද, ස්වයං වින්දන බද්ද හා සංසර්ග බද්ද වුවද එන එක නොවැලැක්විය හැකි වන්නේ නැත..

    කැමතියි

  5. මේ අය කිසිම හිරිකිතයක් නැතිව ගසාකන හැටි.ගසාකෑම දැන්වත් නවත්වල ජනතාවට,රටට වැඩක් කරන්න හිතෙන්නෙම නැද්ද මේ අයට.බෝඩිම්වල පත්තර පිටු බෙදාගෙන එකට නිදියපු එව්වෝ අද මන්දිර හදාගෙන.මහතැන ඊයේ පෙරේදත් කියල තිබුන “රණවිරුවන්ගේ විජයග්‍රහණය “අපට අමතක කළහැකිද කියල.මේක හරි පුදුම කතාවක්නේ මේ අය කියන්නේ උන් පුළුවන් තරම් ගසාකනවා,විජයග්‍රහණය ගැන මතක් කර කර තොපිල දුක්විදපල්ලා කියල.

    කැමතියි

  6. //මේ බද්ද ගහන්න පාර්ලිමේන්තුවට ගෙන ආ විගස ජනාධිපති තුමා එය කැන්සල් කරනවාය.. එවිට ඇ.නිමල් සිරිපාල මහතා චොර වී ජනාධිපති තුමා පොර වේ.. කොහොමද ටිකිරි මොළේ.. //

    මෙහෙම වෙයි මොකද , ලිං බද්ද සංවේදි නායකයට ඡන්දෙ දෙන අයට තමයි වැඩිපුර බලපාන්නේ , රන්න -පොනිල් ට ඡන්දෙ දෙන නගර වල මිනිස්සුන්ට ලිං කපන්න බැ නෙව

    කැමතියි

  7. //බදු නන්වැදෑරුම් වේ.. හොඳ බදු, කැත බදු, කිසිම කමකට නැති බදු, ගති බදු ආදී බදු වර්ග ගණනාවකි. හොඳ බදුකාරයෝ තෝරා බේරා ගති බදු ගසති.. එවිට නම් මල්ලිලාට වැලේ වැල් නැති වේ.. සමහර විට සෑහෙන කාළයකට නැගිටින්න බැරි වෙන්න බද්ද වදී… සමහර බදු කාරයෝ ඕන බද්දයි එපා බද්දයි හැම එකම ගසති//

    ඉස්පෙලිං මිස්ටේක් මං හිතන්නේ… මේ නම් බදු නෙමේ…

    කැමතියි

  8. වැස්සට ගෙදර එකතුවෙන වතුර වෙනුවෙන් අපිට ගෙවනව නං මාත් එකඟයි. ඒක සාධාරණයි.

    කැමතියි

    • ඇත්තෙන්ම අපි වැහි වතුර එකතු කළොත් අපිට ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවනි. මෙහේ නම් තියෙනවා Rain water collection කියලා වෙනම නිවාසවලට වැසි වතුර එකතු කරගන්න ක්‍රම වලට අදාල ව්‍යාපෘතියක්… අපිත් මේ ක්‍රමය අනුගමනය කළොත් ගොඩක් ජලය ඉතුරු කරගන්න පුළුවනි.

      කැමතියි

  9. ඇයි බොස් මල බද්ධ 😀 ඔය ඔක්කොම ඇල් කිව්වත් වගේ හොඳ බඩු කාරයෝ තමයි..සොරි..බදු කාරයො 😀 ඔය සිම්පල් ‘ද’ තියෙන තැනට කැපිටල් ඩී දාගත්තා නම් කතාව තවත් රසවත්!
    ඉස්සර කවුරු හරි ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙකුගේ කාලෙක ඇඟ බද්ද කියලත් බද්දක් ගහන්න ගත්තලු.අන්තිමට ඕකට මිනිස්සු විරුද්ද වෙලා කැරලි පවා හට ගත්තා කියලා ඉගෙන ගත්තා මතකයි. ලිඳකින් වතුර බොනවා කියන්නේ අද කාලේ බැරිම මිනිහා කරන දෙයක්! ඔය කියලා තියෙන ගනං ඔය මිනිස්සුන්ට කොහෙත්ම දරන්න වෙන්නේ නෑ!

    කැමතියි

    • මල බද්ධ මතක නැති වුනා නෙ.. කකුස්සි බද්දටම එකතු කළැකි…
      අනේ මේ…. මම නං අකුරු වෙනස් කරන්න යන්නෙ නෑ… ඒ පාර බ්ලොග් බද්දකුත් එයි…
      කොහොමත් මේක හරියන්නෙ නෑ… ජනාධිපති තුමා ඕක විටෝ කරනවා… මට ඒක රනිල් කවදාවත් ජනාධිපති වෙන්නෙ නෑ වගේ විශ්වාසයි….

      කැමතියි

  10. මේ ක්‍රමය ඊයේ බ්ලොගක කියෙව්වේ, මොකේද කියල මතක නැහැ. මතක හැටියට මගේ වචන වලින් කියන්නම්.

    “සංසර්ග බද්ද – මෙහිදී සංසර්ගයේ යෙදෙන පුරුෂයින් ඒ වෙනුවෙන් රජයට (මනඃකල්පිත රටක) බද්දක් ගෙවිය යුතුය. එසේ කරන සෑම වරකටම ගෙවීම සිදු කල යුතුය. බදු අය කර ගැනීමට නිලධාරීන් යොදවා ඒ වෙනුවෙන් වියදම් නොකරන රජය, ඒ සඳහා යොදා ගන්නේ බිරින්දෑ වරුය. ස්වාමියාගෙන් සංසර්ග බද්ද එකතු කිරීම ඔවුන්ට භාර කෙරෙන අතර, එකතු කරන මුදලෙන් යම් ප්‍රතිශතයක් කොමිස් ලෙස ඔවුන්ටම ලැබේ. මුදලට ලෝභයෙන් සැමියන් වැඩි වැඩියෙන් සංසර්ගයට පොළඹවා ගැනීමට ඒ රටේ ගැහැණු පෙළඹෙන විට රාජ්‍ය බදු ආදායම ඉබේම ඉහල යයි.”

    කැමතියි

  11. කොහොම වුනත් වතුරට බද්දක් ගහන එක නම් මහම පවුකාර වැඩකි. එහෙම බද්දක් ගහනවා නම් වැස්ස ඇති විට එකතු වන වතුර ටික මැන ඒ සඳහා නැවත ගෙවීමක් කළ යුතුය.
    සහතික ඇත්ත….

    කැමතියි

  12. //සමහර විට මෙය ජනාධිපතිතුමා හොඳ මිනිහා කිරීමට ගහන්න හදන බද්දක් විය හැක… මේ බද්ද ගහන්න පාර්ලිමේන්තුවට ගෙන ආ විගස ජනාධිපති තුමා එය කැන්සල් කරනවාය.. එවිට ඇ.නිමල් සිරිපාල මහතා චොර වී ජනාධිපති තුමා පොර වේ.. කොහොමද ටිකිරි මොළේ.. ?//

    අනිවා ඩෙෆා…….. ඕක ප්ලෑන් බී.

    කැමතියි

Alchemiya වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න