2012 ඔක්තෝබර් 21: සෙක්ස් ගැන ඔබ නොදන්නා දේ………..දෙවනි කොටස………….. 18-


පසුගිය ලිපියකින් මම අවධාරණය කළේ  SEX පිළිබඳව… Sex කියන බල්ලා ගැන කතාවක් ලියන්න ගිහිල්ලා ප්‍රධාන මාතෘකාවෙන් බැහැරට ගිය නිසා කතා කරන්න හිතාගත්ත දේ කියලා ඉවර කරගන්න බැරි වුනානෙ…. ඉතින් මම එදා කිවුවේ SEX කියන දේ විවිධාකාරයෙන් අර්ථකතන දෙන්න පුළුවන් කියලා… ලිපියට ලැබුණ හිට්ස් ප්‍රමාණයෙන්ම හිතාගන්න පුළුවන් සිංහල පාඨකයො කෙතරම් SEX පිළිබඳ කියවන්න ආසද කියලා…. ලිංගිකත්‍වය කියන්නෙ කාටත් පොදු දෙයක්… ඒ වගේම බොහෝ දෙනෙක්ට ඒ පිළිබඳ තියෙන්නෙ කුතුහලයක්… ඒ වගේම ආසාවක්… නෑ කියලා ඔබ හිතනවා නම් ඔබම ඔබ ගැන හිතලා බලන්න… හිතට එකඟව…  බොරු සුදු රෙදි ගැලවූවාම හැමෝම එයට කැමතියි… ඒ වගේම යම් යම් රටවල එය විවිධාකාරයි. සමහර රටවල බොහෝ සම්බාධක පමුණවලා තියෙනවා සංස්කෘතික බැමි මුවාවෙන්. නමුත් ඒ නිසාම මිනිසුන් ඒ සම්බාධක බිඳගෙන යනවා. එවිට සිදුවන සිදුවීම් අනන්තයි අප්‍රමාණයි. ඒ නිසාම තමයි ලංකාවෙ මිනිස්සු ලිංගික අසහනයකින් පෙළෙන්නෙ. ගැහැණු ළමයෙක් කොට සායක් ඇඳගෙන ගියොත් කීදෙනෙක් හැරිලා බලනවද ? කීදෙනෙක් ඒ ළමයව සිතින් නිරුවත් කරනවද ? කී දෙනෙක් විසිල් ගහනවද ? තවත් බොහෝ උදාහරණ තියෙනවා.. ඔබම දන්නවා ඇති අපේ සමාජය ගැන….

ඉතින් SEX කියන දේ ගැන ප්‍රසිද්ධියේ කතා කිරීමත් Taboo එකක් වෙනවා.. ඒ නිසාම මමත් කැමතියි ඒ ගැන කතා කරන්න විවිධ අවසථා වල විවිධ ආකාරයට… අද කතා කරන SEX මා මුලින් කියූ පරිදි වෙනස් මාතෘකාවක්… කියවලා බලන්න….

SEX :  Sustainability : Energy Conservation : eXtended work

ඇල්කෙමියාගේ රසායනාගාරයේ මගේ මුල්ම බ්ලොග් සටහන වුනේ අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියන මාතෘකාව. ඒ වෙනකොට ඇල්කෙමියා ගැන කවුරුත් දන්නෙවත් නෑ…. දැන් නම් ටික දෙනෙක් දන්නවා… ගිහින් බලන්න පළමු ලිපිය..

මම දිගින් දිගටම මේ බ්ලොගය මගින් ඔබට අවධාරණය කරන්නෙ අපි පරිසර හිතකාමී ජීවන රටාවකට හුරු වෙන්න ඕන කියන දේ… තවත් කියන්න තරම් දෙයක් නැහැ.. ලෝකයේ සිදු වන විවිධාකාර පරිසර හිතකාමී සංවර්ධනයන්, ක්‍රියාදාමයන් ගැන අධ්‍යයනයෙන් ඉන්න ඕන කෙනෙකුට තේරෙනවා අපි වැටී සිටින අමාරුව… ලෝකයේ සිදුවන කාලගුණ සහ දේශගුණ විපර්යාසයන් ගැන අවධානයෙන් ඉන්න අය දන්නවා අපි යන්නෙ කොහාටද කියලා.. නමුත් මිනිස්සුන්ට ඊට වඩා ප්‍රශ්න තියෙනවා… රට-ලෝකය ගැන හිතනවට වඩා…. අන්තිමටම තමයි තේරෙන්නෙ… අපිත් මේකට සක්‍රීයව දායක වුනා නේද කියලා.. නමුත් එතකොට පෙරහැර ගිහින් ඉවරයි.

Sustainability :

the quality of not being harmful to the environment or depleting natural resources, and thereby supporting long-term ecological balance: කියන්නෙ ඒකයි…. අපේ පැරණ්නො මේ ජීවන රටාවට හුරු වෙලා හිටිය නිසා තමයි ඒ අය නිරෝගීව දිගු කාළයක් ජීවත් වුනේ. එපමණක් නොවෙයි කරන හැම දෙයකම පරිසරය සංරක්‍ෂණය ගෑවිලා තිබුණා. ආච්චි කඩේට ගෙනියන පන් මල්ල දිරා යන ද්‍රව්‍යයක් වන පන් වලින් හදලා තිබුණෙ. ගෙදර නිදිය ගන්න බූරු ඇඳ ගෝනි සහ ලී වලින් හදලා තිබුණෙ… එළවලු පාත්තියෙ පතෝල, වැටකොළු වහන්න ගත්තෙ පත්තර කොළ වලින් හදපු වැසුම්. කෙසෙල් කැන වැහුවෙ පොල් අත්තක් වියා ගත් වැස්මකින්. පැණි මුලක් බැන්දෙ පුවක් කොළපොතක් නවලා හදාගෙන.. මේ වගේ අනන්තවත් උදාහරණ දෙන්න පුළුවන්… ඒ වගේමයි… ඒ මිනිස්සු අවම වශයෙන් දවසකට එක වතාවක් වත් වත්තෙ වැඩක් කළා. ටික දුරක් හෝ පයින් ඇවිද්දා.. දහඩිය හෙළුවා.. සවසට සතුටු සාමීචියෙ යෙදුනා… සුවසේ නින්දට ගියා… මේ නිසාම දියවැඩියාව, හෘද රෝග, පිළිකා කියන තුන් වැදෑරුම් මාරක දන්න කියන කිසිම කෙනෙකුට හැදෙනවා කියලා අහන්නවත් ලැබුණෙ නැහැ.

ක්‍රම ක්‍රමයෙන් මිනිස්සු සංවර්ධිත ජීවන රටාවට පුරුදු වෙන්න ගනිද්දි ඒ අය නගරයට සංක්‍රමණය වෙන්න ගත්තා… ගමේ තියෙන සරළ ජීවන රටාව වෙනුවට නාගරිකයාට තියෙන්නෙ කලබලකාරී ජීවන රටාවක්. තමන් වවාගෙන කනවා වෙනුවට කාගිල්ස් එකෙන් බඩු ගන්න පුරුදු වුනා.. සොසෙජස්, හැම් බේකන් කන්න පටන් ගත්තා.. ස්වභාවික ආහාර වෙනුවට පිළියෙල කළ ආහාර Processed food පරිභෝජනය වැඩි වුනා. ඒත් එක්කම රෝගී තත්ත්‍වයනුත් වෙනස් වෙන්න ගත්තා… ව්‍යායාම මඳ ශරීරයට දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ පෝසත් ලෙඩ ගොඩ වෙන්න පටන් ගත්තෙ මේ ඒකාකාරී අවිවේකී ජීවන රටාව එක්ක… ඇත්ත.. අද තියෙන තරඟය ජය ගන්න නොවෙයි, තරඟයේ රැඳිලා ඉන්නත් ලොකු සටනක් කරන්න වෙනවා. දරුවන් පාසල් යවන්න, දරුවන්ට අමතර පන්ති (අත්‍යවශ්‍ය නොවුනත් – රැල්ලට යන්න හරි), පිහිණුම්, සංගීතය, කරාටේ, ආදී තවත් දහසකුත් එකක් අමතර වැඩ, ශිෂ්‍යත්‍වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ.. ඉන් පසු… ආදී මේ සියල්ලට අවශ්‍ය වෙන්නෙ සල්ලි. ඒ සල්ලි හොයන්න දෙමාපියො වැඩට යා යුතුයි. එවිට ගමේ ඉන්න ආච්චි සීයා නගරයට එනවා දරුවන් බලා ගන්න… මේකයි නගරයේ ජීවන රටාව.

ඉතින් නැවතත් අපි පරිසර හිතකාමී ජීවන රටාවකට යායුතු කාළය ඇවිත් (ඇවිත් කියන්නෙ බොහෝ කළකට පෙර.. දැන් කාළය පහු වෙලා) ඇත්තෙන්ම ඒ කාළය ආවෙ මීට දශකයකටත් පෙර, නමුත් අපේම නොසැලකිල්ල නිසා අපි ඒ කිසි දෙයක් ගණන් ගත්තෙ නැහැ.. දැන් වෙලා තියෙන්නෙ ආපසු හරවන්න බැරි විනාශයක් වේගෙන යන එකයි. මිහිතලය උණුසුම් වීම වැඩි වෙලා… ඒ නිසාම ධ්‍රැවීය අයිස් දියවීම වැඩි වෙලා.. මෙහෙම ගියොත් තවත් අවුරුදු 20 ක් ඇතුලත ධ්‍රැවීය අයිස් සියල්ල දියවී යන්න පුළුවන්. එවිට සිදු වන්නෙ එක අතකට මුහුදු මට්ටම ඉහළ යාම. මේ නිසා මාලදිවයින වැනි මුහුදු මට්ටමේ ඇති දූපත්වලට ලොකු අවදානමක් ඇති වෙනවා. එපමණක් නොවෙයි පෘථිවියේ උශ්ණත්‍වය පාලනය/නියාමනය කරන්නට මේ ධ්‍රැවීය අයිස් මහඟු මෙහෙයක් කරනවා. එසේම මේ අයිස් තට්ටු නිසා සූර්යාලෝකයෙන් සැළකිය යුතු ප්‍රමාණයක් පරාවර්තනය වෙනවා. මෙය සිදු නොවීම නිසා මිහිතලයේ උණුසුම් වීම වැඩි වෙනවා. දැනට තියෙන රස්නය හොඳට දැනෙයි. මේක දාම ප්‍රතික්‍රියාවක්. මිහිතලය උණුසුම් වීම නිසා වායුගෝලය ප්‍රසාරණය  වෙනවා. තැනෙන වලාකුළු ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මේ නිසා වැසි ලැබෙන කාළෙට එපා නොකියන්න වැසි ලැබෙනවා. නොලැබෙන කාලෙට එපි නොකියන්න පායනවා. ඒ වගේම කාළගුණ රටාවන් වෙනස් වෙනවා. ඍතු වෙනස් වෙනවා. සතුන්ට දරා ගන්න බැරි වෙයි. ධ්‍රැවීය සතුන් එක්කෝ හැඩ ගැසෙයි එසේ නොහැකි එවුන් මිය යාවි.. හිම වලහා වගේ සතුන් සමහර විට පුළුන් පුරවලා කෞතුකාගාර වලදී පමණක් බලන්න පුළුවන් වේවි අනාගතයෙදී. මේ සිදුවිය හැකි අනර්ථයන්ගෙන් ස්වල්පයක් පමණයි.

ඉතින් මේ තත්ත්‍වය ආපසු හරවන්න නම් බැරිවෙයි. නමුත් දැන් තියෙන තත්ත්‍වය පාලනයට පියවර ගත හැකියි. කොහොමද ? මුලින්ම අපි ශක්ති පර්භෝජනය කළමණාකරණය කළ යුතුයි. අපේ රටේ මිනිසුන්ගෙවත්, ආණ්ඩුවේ වත්, පෞද්ගලික අංශයේ වත් දකින්නට නැති එක (ප්‍රධාන) දෙයක් තමයි බලශක්ති කලමණාකරණය. මෙය බොහෝ දෙනෙකු කියන්නෙ කල නොහැක්කක් කියලා… නමුත් මම දිගින් දිගටම කියලා තියෙනවා මේ කරුණ ගැන.

  • මුලින්ම අපි සළකා බලන්න ඕන බලශක්ති ජනනය ගැන. වාසනාවකට වගේ අපට අවශ්‍ය ප්‍රමාණයට ජලාශ තිබෙනවා ජල විදුලි බලය උත්පාදනයට. නමුත්, අපි හිතලා බලලා තිබෙනවද ඒ ජලාශ පෝෂණය කරන්න අවශ්‍ය පෝෂක වනාන්තර කොපමණක් සහ අවශ්‍ය ප්‍රමාණයට ලංකාවෙ තිබෙනවද කියලා ? අපි නිතරම වැස්සට දත නියවගෙන ඉන්නවා. වැස්ස නැති කාලෙට අපි බොහොම අසරණයි. ජලාශ හිඳෙනවා, විදුලිබල අවශ්‍යතාවය පිරිමහගන්න ඩීසල් බලාගාර පාවිච්චියට ගන්නවා. -පරිසරය විනාශ වෙනවා-. අපට හැකියාවක් තිබෙනවා නම් ජලාශ පෝෂක ප්‍රදේශ නිසි ආකාරව කළමණාකරණය කරගන්න, අපට පුළුවන් වේවි ඒකාකාර ජලවහනයක් පවත්වාගන්න.. කඳුකරයේ පයිනස් ඉන්දෙවුවට ඒක කරන්න බැහැ…. එසේම තවත් ප්‍රශ්නයක් තමයි බලාගාර පෝෂක ජලාශවල රොන්මඩ තැන්පත් වීම… මේ සඳහා දැනුමැත්තන්ගෙන් උපදෙස් අරගෙන එක්කෝ රොන්මඩ ඉවත් කළ යුතුයි. නැතහොත් එසේ රොන්මඩ එකතු වීමට පිළියමක් යෙදිය යුතුයි. අපේ ජලාශ වලින් හරි අඩක්ම රොන්මඩ වලින් පිරී ගොස් ඇති නිසා අවශ්‍ය ප්‍රමාණයට ජලය එකතු කරගන්න බැහැ. ලිං වලට බදු ගැහුවට ඒක කරන්නත් බැහැ…
  • අනිත් දේ තමයි අපේ බලාගාර පිහිටවීමේදී අපි බැලිය යුතු වන්නේ ඒ සඳහා යොදා ගනු ලබන ඉන්ධන. අපට අඩු මුදලට ලැබුණ ගල් අඟුරු බලාගාර වල නිසි කාර්යක්‍ෂමතාවයකින් අඛණ්ඩව විදුලි ජනනය කිරීම කළ හැකි ලෙස කළමණාකරණය කරගත හැකි නම් ගල් අගුරු උපරිම පූර්ණ දහනයකට භාජනය කරලා උඵරිම ධාරිතාවක් ජනනය කළ හැකියි. නමුත්, දැනට පවතින අඩුපාඩු නිසා අවශ්‍ය තරම් කාර්යක්‍ෂමතාවයක් ලැබෙන්නෙ නැහැ. මේ නිසා ගල් අඟුරු අපතේ යාමක් හා/හෝ බලශක්ති අපතේ යාමක් සිදු වෙනවා. මේ කෙසේ වුනත් ගල් අඟුරු දහනයෙන් කාබන් ඩයොක්සයිඩි පිට වනවා. මේ පිටවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිචක්‍රීකරණය හෝ වෙනත් දේකට නැවත පාවිච්චියට ගත හැකි නම් එය පරිසර හිතකාමී වනවා. උදාහරණයක් ලෙස සමහර රටවල් මේ කර්මාන්තශාලා වලින් පිටවන කාබන් ඩයොක්සයිඩ් සහිත වාතය මුහුදු වතුර සමඟ මිශ්‍ර කරලා සෝඩියම් සහ කැල්සියම් කාබනේට් වැනි රසායන ද්‍රව්‍ය තනා ගන්නවා… මේවා අතිශය පිරිසිදු නැති වුනත් ගොඩනැඟිලි ඉදිකිරීම් වැනි දේ වලට අවශ්‍ය ද්‍රව්‍ය තනාගත හැකි බව කියැවෙනවා. කොහොම වුනත් පිටවන කාබන් ඩයොක්සයිඩ් පරිසරයට එකතු වීමට ඉඩ නොදී භාවිතයට ගන්නවා.
  • ඊලඟ කාරණය තමයි ජීව ඉන්ධන භාවිතය. ෆොසිල ඉන්ධන භාවිතයෙදී අපි කරන්නෙ කාළයක් තිස්සේ පොළව යට තැන්පත්  වී ඇති කාබන් සංචිත නැවත භාවිතයට ගැනීම.. නමුත් මේ සංචිත නැවත ඇති වෙන්න කල්ප කාලාන්තරයක් යනවා. මෙසේ භාවිතයට ගැනීම නිසා පරිසරයට  කාබන් ඩයොක්සයිඩ් එකතු වන වේගය ඒ සංචිත නැවත සැකසීමට ගතවන වේගයට වඩා බොහොම වැඩි නිසා පරිසරයේ එකත් වන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වනවා. නමුත් ජීව ඉන්ධන භාවිතා කළ විට සිදු වන්නේ පරිසරයේ ඇති කාබන් සංචිතයක් භාවිතයයි. මේ සංචිත ඉක්මනින් නැවත සැකසෙන නිසා පරිසරයට එකතු වන ශුද්ධ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය (Net CO2 ප්‍රමාණය) බිංදුවක් හෝ අවම අගයක් (ජීව ඉන්ධන සැකසීමේදී භාවිතා වන ඉනධන හෝ බලශක්තිය නිසා පිටවන CO2 ප්‍රමාණය මත)  ගන්නවා. මේ නිසා ජීව ඉන්ධන භාවිතය ප්‍රචලිත කළ හැකි නම් එය ඉතා අගෙයි.
  • එසේම සූර්ය ශක්තිය සහ සුලං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් භාවිතය ප්‍රචලිත කිරීම.. දැනට ලංකාවෙ නම් මේ ගැන ලොකු ප්‍රවණතාවයක් දක්නට තිබෙනවා. මෙය ඉතා හොඳ ලක්‍ෂණයක්. දැනට සූර්යකෝෂ නිෂ්පාදනයෙ ඉදිරියෙන්ම සිටින්නෙ චීනය.. අපේ රටේ චීනය සමඟ ඇති මිත්‍රත්ව සබඳතා උපයෝගී කරගෙන සූර්යකෝෂ කම්හලක් ලංකාවෙ අරඹන්න පුළුවන් නම් එයින් අපේ උගත් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා සැළසෙනවා වගේම අපට අපේ රට සූර්ය බලශක්තියෙන් ස්වයංපෝෂිත කරන්නත් පුළුවන් වේවි. එහෙම වුනොත් අපට ඩීසල් බලාගාර මත යැපීම අඩු කරලා අඩු මිලට විදුලිය ලබා දෙන්නත් පුළුවන් වේවි. මේ රජයක් වශයෙන් බලශක්තිය කළමණාකරණය කර ගත හැකි ආකාරය.
  • රජයේ සහ පෞද්ගලික ආයතනවලටත් විවිධාකාරව බලශක්තිය කළමණාකරණය කරගත හැකියි. උදාහරණයක් වශයෙන් අවම විදුලි පහන් ප්‍රමාණයක් භාවිතය, හෝ අවම බලශක්තියක් වැය කෙරෙන LED විදුලි පහන් භාවිතය. මෙය CFL විදුලි පහන් වලටත් වඩා අතිශයින්ම කාර්යක්‍ෂමයි. වායු සමන යන්ත්‍ර අවමයෙන් භාවිතය, භාවිතයට නොගන්නා අවසථාවල විදුලි උපකරණවල පේනු ගලවා තැබීම. Energy Star සළකුණ ඇති විදුලි පිරිමසින විදුලි උපකරණ භාවිතය. ආදී දේ විදුලිය පිරිමැසීම අතිනුත්,
  • අවම කඩදාසි ප්‍රමාණයක් භාවිතය- උදාහරණයක් වශයෙන් දැන් දැන් සියළුම ආයතනයන් පරිඝණකගත කර ඇති නිසා බොහෝ දෑ ඊමේල් හෝ අභ්‍යන්තර ලියැවිලි ලෙස ඉලෙක්ට්‍රොණිකව යැවීම- කඩදාසි ප්‍රතිචක්‍රීකරණය ආදී දේ සැළකීමට හැකියි.
  • එසේම රජයට හැකිනම් කාර්යක්‍ෂම ප්‍රතිචක්‍රීකරණ සේවාවක් අරඹන්නට එමගින් ඉතිරි කළ හැකි බලශක්තිය ඉතා විශාලයි. මා දන්නා පරිදි දැන් දැන් ඇඹිලිපිටිය කඩදාසි කම්හල සිය නිශ්පාදන සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ කඩදාසි පාවිච්චි කරනවා. මෙය ඉතා අගයකළ යුතු වැදගත් කටයුත්තක්.
  • පෞද්ගලිකවත් ඔබට බොහෝ දෑ කළ හැකියි. ඔබටත් හැකියි පරිසර හිතකාමී ද්‍රව්‍ය භාවිතා කරන්න. CFL විදුලි පහන් වෙනුවට LED විදුලි පහන් භාවිතා කළ හැකියි.
  • LP ගෑස් වෙනුවට මෑතකදී හඳුන්වා දුන් කුණු/කාබනික අපද්‍රව්‍ය භාවිතයෙන් නිපදවෙන මෙතේන් (LP ගෑස් වලට සමාන) වායුව සකසා ගන්නා උපකරණයක් සවි කර ගැනීම : මූලික ආයෝජනය තරමක් වැඩි වුනත් වසරක් හෝ දෙකක් ඇතුලත ඒ ආයෝජනයට සරිලන ලාභයක් (break-even) ලබාගත හැකි බවයි මගේ හැඟීම.
  • ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතය. බොහෝ දිරා යන ද්‍රව්‍ය  තමන්ගේම වත්තේ වගාවන්ට යොදාගත හැකි කොම්පෝස්ට් ලෙස භාවිතා කළ හැකියි. දිරා නොයන ද්‍රව්‍ය කිසියම් ආකාරයකට ප්‍රතිචක්‍රීකරණය කළ හැකිනම් අගෙයි.
  • නැවතත් – භාවිතයට නොගන්නා විට විදුලි උපකරණ පේනු වලින් ගලවා තැබීම. විදුලිය පිරිමසින විදුලි උපකරණ භාවිතය.
  • වාහනය නිසි පරිදි භාවිතය
    • නිසි පරිදි නඩත්තුව
    • තනි පුද්ගලයෙකු බැගින් වාහන කිහිපයක ගමන් කරනවා වෙනුවට නිවසේ කිහිප දෙනෙකු එක වාහනයක ගමන් කිරීම – car-pooling.
    • පොදු ප්‍රවාහණ සේවා භාවිතය.
    • ඉන්ධන අධික ලෙස පරිභෝජනය කරන විශාල වාහන වෙනුවට තමන්ට සරිලන සාමාන්‍ය වාහනයක් භාවිතය – තමන්ගේ ආත්මාභිමානය පසෙක දැමිය යුතු අවස්ථාවක් වන මේ කැපකිරීම ලාංකිකයන්ගෙන් බලාපොරොත්තු විය නොහැකි බව මා හොඳටම දනී
    • දෙමුහුන් වාහන භාවිතය (Hybrid Vehicles) නිසා භාවිතා වන ඉන්ධන වලින් සෑහෙන ප්‍රමාණයක් ඉතිරි වෙනවා. සාමාන්‍යයෙන් දෙමුහුන් වාහන සෙමෙන් ගමන් කිරීමේදී බැටරිය භාවිතා කරන නිසා කොළඹ වැනි අධික වාහන තදබදය ඇති පෙදෙසක ධාවනය වන වාහනවල සෑහෙන ඉන්ධන ඉතිරියක් වනවා. රජය මීට බදු සහන ලබා දී තිබුණත් කාගේ හෝ මුග්ධ අදහසකට අනුව  ඒ වාහන වලටත් බදු අය කිරීම නිසා දැන් ඒ වාහන ගෙන්වීම අඩු වී තිබෙනවා. ඒ පුද්ගලයා  දුර දක්නා නුවණකින් යුතු කෙනෙක් නම් තව වසර දහයක් දක්වා ඉදිරිය ගැන සිතා මෙවැනි වාහන ගෙන්වීම දිරිමත් කළ යුතුයි. එවැනි වාහන ගෙන්වීමෙන් අධික ඉන්ධන දහනය සිදු වන පැරණි වාහන ගෙන්වීම නතර වන අතර ඉදිරියේදී ඉන්ධන භාවිතයද අඩු වී රටටත් බරක් අඩු වනවා. කාගෙ වුනත් මොළේ තමයි මොළේ….

ඉතින් මේ කිවුවෙ SEX වල මුල හරිය පමණයි… තවත් දේ බොහෝ කියන්න තිබුණත් ලිපිය හොඳටම දිග වැඩි වුනා… EX වලින් තේරුම් යන දෑත් ඉදිරියේ දවසක ලියන්නම්….. ඇත්තෙන්ම කියන්න තියෙන්නෙ මේ වගේ ලිපියකට වෙනත් මාතෘකාවක් දැම්මා නම් මේ කියවපු ගණනෙන් බාගයක් වත් නොකියවන්න ඉඩ තිබුණ බවයි. මේකත් මගේ එක්තරා පර්යේෂණයක්…. මිනිස්සු කොතරම් SEX කියන වචනයට ඇදිලා එනවද කියලා බලන්න…. පර්යේෂණය සාර්ථකයි… .ගියවර ලිපියකිනුත් මම ඒ ගැන කිවුවා…

තරහ වෙන්න එපා.. ඔබ සියල්ලන් මගේ පර්යේෂණ නියැදීන්…. මේ ලිපියත් දිග වැඩි වුනා… කෙටි ලිපි ලියන්න උත්සාහ කරන්නම්… ලියන්න ගියාම – ලියන්න දේවල් හිතට එනකොට ලියැවෙනවා කෙළවරක් නැතිවම

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ ලිපියම ඇල්කෙමියාගේ දිනපොත Blogger.com එකෙත් තියෙනවා

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 21, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. aththamai math katata kela unagena ena lipiyak kiyala hithagena eth eetwada honda lipiyak baluwa .

    කැමතියි

  2. ලිපිය දිග වැඩි උනාට කියවන අය‍ට තේරුම් ගත හැකි විදියට පැහැදිලි කිරීම් සමගම තිබෙන නිසා කියවද්දී දිග වැඩි බවක් තේරුම් යන්නේ නැහැ.අනිත් කරුන චීනෙන් කර්මාන්තශාලා ලංකාවේ පිහිටෙව්වට සේවකයොත් එහෙන්නේ එවන්නේ.අපේ කාලේ කොළ මැල්ලුම,මිරිස්කරල,තලනබටු,තිබ්බටු,කෙසෙල්,ගස්ලබු, ,බතල,මයියොක්ක වගේ දේවල් බොහෝදුරට සපයාගත්තේ ගෙවත්තේ වවල සහ ඉබේ පැලඋන දේවලින්නේ.සති පොලේ තිබුනෙත් ගම්වල වවන ගමේ බඩුමනේ.ඉතා අගනා තවත් ලිපියක්.

    කැමතියි

  3. නියමයි!! මමත් එකක් ලියුවා හැබැයි sex ගැන නෙමෙයි බලන්නකෝ
    http://rivindu.tk

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: