2012 ඔක්තෝබර් 22: දේවෝ මාළු වස්සති අහේතු කාලේන……. අතිරික්තෙට මක්කැයි කොරන්නෙ ?
රට සශ්‍රීක වෙච්චි තරම කොච්චරද කිවුවොත් දැන් ධිවරයෝ මාළු අල්ලන්න මුහුදට යාමට අවශ්‍යම නැත. වෙරළට වී මුහුද දෙස බලා සිටින විටම මාළු ඇවිත් දෙපා මුළ මැරී වැටේ. මේ නිසා ධිවරයන්ට පවු සිදු වීමක් ද නොවේ. ඒ ප්‍රාණඝාතය සඳහා වූ අවශ්‍යතා සම්පූර්ණ නොවීම නිසාය. රටක නායක කාරකාදීන් ධාර්මික වන විට නිසි කළට වැසි ලැබේ. සැප සම්පතින් අනූන වේ. කිසිදු අඩුවක් දක්නට නොලැබේ. අන්න ආසියාවේ අයිස්-චරිය.
දැන් හීන ලෝකයේ හිටියා ඇති. බිමට බහිමු…
මාළු ගොඩබිමට ආවේ ඇයි දැයි ධීවර ඇමතිතුමාගෙන් ඇසූ විට දත් දොස්තර මහතා කිවුවේ මුහුදේ උෂ්ණත්වය වැඩි වීමත්, මුහුදේ මාළු ගහණය වැඩි වීමත් නිසා මාළුන්ට අවශ්‍ය ආහාර නොලැබීම නිසා ඔවුන් මිය ගිය බවයි. මුහුදේ උෂ්ණත්වය ඉහළ ගියේ ඇයි ? මා හිතන අන්දමට ඒ දක්ෂිණාර්ධගෝලයට ග්‍රීෂ්ම ඍතුව පැමිණි නිසා වන්නට පුළුවන. දක්ෂීණාර්ධ ගෝලයෙන් වැඩි කොටසක් සමුද්‍රයයි. සමුද්‍රය උණුසුම් වන විට මාළුන්ගේ චර්යා රටා වෙනස් විය හැකි වුවත් මෙසේ මාළුන් මිය යන්නට වෙනත් හේතුවක් තිබිය යුතුමය. එක් වරම මුහුදේ උෂ්ණත්වය ඉහළ නොයයි. මක්නිසාද යත් උෂ්ණත්වය ඉහළ යාම සෙමෙන් සිදුවන කටයුත්තක් බැවිනි. එක්වරම උෂ්ණත්වය ඉහළ යා හැක්කේ එක්කෝ මුහුද යට වූ ගිණිකඳු පිපිරීමක නිසා ඇතිවන අධික ලාවා ගැලීමක් හෝ අභ්‍යන්තර විවරයකින් ලාවා ගැලීමක් නිසා විය හැකිය. නමුත් එසේ සිදු වූ බවට කිසිදු වාර්තාවක් මෑතකදී පළ වූයේ නැත.
මෙය අනතුරු ඇඟවීමක් ද ? සමහර විට එය එසේ විය හැකිය. පොළව උෂ්ණත්වය ඉහළ යතත්, එක වරම කිසි විටෙක ඉහළ යාමක් සිදු නොවේ. මේ ගැන වැඩිදුර විස්තර සොයා බැලීමට මට අවකාශ නොතිබූ නිසා මේ ගැන පැහැදිලි නිගමනයක් මගේ පැත්තෙන් දීමට නොහැක. නමුත් පරිසරය පිළිබඳ දැන් තරමක් අවධානයෙන් සිටීම සුභදායක වේ. සමහර විට භූ චලනයක් හෝ සුනාමියක පෙර නිමිත්තක් මෙයින් අදහස් වන්නට පුළුවන.
කෙසේ හෝ වේවා දැන් මාළු ලාභය – අතිරික්තයක් ඇති විය හැකිය. දකුණු ආසියාවේ විශාලතම ටින් මාළු කම්හල ලංකාවේ පිහිටා තිබෙන නිසා මෙසේ මාළු ලංකාවේ මුහුදු වෙරළට ආවා දැයි සැකයක් මතුවේ. කෙසේ වුවත් මේ වාසියෙන් ප්‍රයෝජනයක් ගත යුතුය. ඒ සඳහා දැනටමත් අපේ ධීවර අමාත්‍යාංශය ලහි ලහියේ සූදානම් වන බව මම අත්දැකීමෙන් දනිමි. මේ නිසා අනාගතයේදී අපට ලාබෙට ටින් මාළු මිළදී ගත හැකි බව සුමනදාස අබේගූඋනවර්ධන මහතා කියනවාට වඩා ප්‍රබල අනාවැකියකින් මට පැවසිය හැකිය.
ඒ එක පැත්තකි. නමුත් මේ විශාල ව්‍යසනයක ආරම්භයකි. සාමාන්‍යයෙන් ජලයේ විශිෂ්ඨ තාපය ඉහළ අගයක් ඇති නිසා සුළු උෂ්ණත්ව වෙනස් වීමක් එතරම් හානිදායක නොවේ. කෙසේ නමුත් දීර්ඝ කාළයක් පෘථිවිය ක්‍රම ක්‍රමයෙන් රත් වී යද්දී මේ අගය සුළු වශයෙන් වෙනස් විය හැකිය. ධ්‍රැවාසන්න හිම තට්ටු මගින් පෘථිවියේ උෂ්ණත්වය පාලනය වන නමුත් ඒවායේ ද දියවීම සීඝ්‍ර වීම නිසා දැනටමත් එහි ආදීනව අපට පෙනෙන්නට පටන් ගෙන තිබේ. සමකය ආසන්න රටවල් අධික ලෙස රත් වීමෙන් සිදු වන්නේ එහි ජල චක්‍රයට හානි පැමිණීම, ස්වභාවික සම්පත් කෙමෙන් ක්ෂය වීම සහ කාළගුණ රටා වෙනස් වීමයි. කෘෂිකාර්මික රටක් වන අපට කාළගුණ රටා වෙනස් වූ විට සිදු වන්නේ භෝග හානියයි. සමහර කාළ වල අධික පළදාවක් ලැබුණත්, නිසි කළමණාකරණයක් නැති නිසා ඒවායේ වාසියද ගොවියන් එළවළු කුණු වලට දැමීමෙන් අහිමි වී යයි. මේවාට පැලැස්තර විසඳුම් නැතිව දිගු කාළීන වැඩපිළිවෙලක් යොදන්නේ නම් අතිරික්ත භෝග, මෙවැනි අතිරික්ත මත්ස්‍ය පළදාව වැනි දේ වල වාසිය පාරිභෝගිකයාට ලැබීමට සැලැස්විය හැකිය.
දැන් කරන්නට ඇත්තේ අහුවන මාළු ගෙදර ගෙන ගොස් එක්කෝ කරවල වේලීම හෝ ජාඩි දැමීමය… මොනවා කළත් ප්‍රශ්නයක් නැත. තම තමන් ඉතිරි කර ගත්තොත් තමන්ටය….
තමන්ගේ මැට්ටම් තම්මැට්ටම් වේ….
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මේ කතාවම Blogger.com එකේ ඇල්කෙමියාගේ දිනපොතේද තිබේ.
Posted on ඔක්තෝබර් 22, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged ගෝලීය උණුසුම වැඩි වීම, මාළු අතිරික්තය. Bookmark the permalink. ප්‍රතිචාර 16.
ඔක්කොටම කලින් බැලුවොත් මොකද, මොකක් හරි විශක් නිසා මාලු ගොඩ ගැහුවාද කියලා…පෙරේත කමට අපේ කට්ටිය කාලා ලෙඩ හදා ගනීද දන්නේ නෑ…ඊට පස්සෙ චෙක් කරලා බලයි මොකද උනේ කියලා…එතකොට පරක්කු වැඩි 😦
කැමතියිකැමතියි
මාළු කෑවට කමක් නෑ කියලා ලොක්කෙක් කියලා තියෙන්නෙ…. ඒ නිසා ඔන්න ඔහේ කන්න අරින්න…. කාලා නේ මැරෙන්නෙ….
කැමතියිකැමතියි
නායකයොයි,ඇමතියොයි මොනවා හරි සිදුවීමක් උනාම ඔහේ කටට අපුදෙයක් කියල දානවා කිසිම සොයාබැලීමක් නොකර.අන්තිමට ලොකු විනාසයක් වෙලයි නවතින්නේ.ඒ අය කියන දේවල් සේරම ඇත්ත කියල පිළිගන්න,කතිර ගහපු ජනතාවත් සැදී පැහැදී ඉන්නවනේ.එකනේ එඋන් හැමදාමත් මොනවා හරි උනාම ගොන් කතාවක් කියල ෂේප් කරලා දාන්නේ.අර කිව්වත් වගේ කාලනේ මැරෙන්නේ.
කැමතියිකැමතියි
ඇමතිතුමාගෙ කියමනෙන් මට එක පාරටම වැටහී ගියේ ” මාළු ජනගහණය වැඩි වන නිසා කෑවාට පවු නැත” වගේ දෙයක්. ඒ කොහොම වෙතත් අතිරික්තයක් තියෙනවා නම් මාළු මිළ ගණන් හිටු කියල පහල ගිහින් ඇති නේද? ඒ බයිල ….. අතිරික්තයක් වේ නම් වේලන්න පුළුවන් කරවල වලට. ටින් කරන්න පුළුවන්.
මාළු ලක්ෂ ගණන් මිය යාමක් වුනා මා ඉන්නා හරියෙත්..ලෝක විනාසෙවත්ද ?
කැමතියිකැමතියි
මමත් කිවුවෙ ඔය ටිකම තමයි… අතිරික්තයක් ආව නම් ඒ ගැන පියවරක් ගන්න ඕන ඉක්මනින්ම. මෙහෙම මැරිලා යන මාළුන්ගෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන…අර මී කුණකින් සිටු වරයෙක් වුන කතාවෙදි වගේ මේක කාට වුනත් හොඳ අවස්ථාවක්…
මටත් තේරෙන විදියට ජෛවගෝලයෙ විවිධ වෙනස්කම් සිදු වන විට මුලින්ම දැනෙන්නෙ සතුන්ට… මේක පොළව යට සිදු වන ලොකු වෙනස්කම් ගොන්නක මූලික ප්‍රතිඵලයද දන්නෙ නැහැ…
කවුරු මොනවා කිවුවත් (මම තදින් විශ්වාස නොකළත් ) 2012 -12-21 ටත් දින හරි යාගෙන එන්නෙ
කැමතියිකැමතියි
මගේ වයිෆ්ගෙ උපන් දිනේ 2012-12-23 තෑග්ගක් ගන්නවද ? නැද්ද ?…..
කැමතියිකැමතියි
අනේ අරගන්න…. ලෝකෙ විනාස නොවුනොත් දෙන්න පුළුවන් නෙ… . වැරදිලාවත් තෑග්ග නොගත්තොත් ලෝක විනාසයක් තමයි වෙන්නෙ….
කැමතියිකැමතියි
මම දැක්කා විශේෂඥයෙක් කියනවා මේකට හේතුව ඇල්ගී ප්‍රමාණයේ වැඩිවීමක් කියලා. එහෙම වැඩි වෙන්නත් කුමක් හෝ හේතුවක් ඇතිනේ. එතකොට ඒ ඇල්ගී ජලයේ ඇති ඔක්සිජන් ප්‍රමණය අවශෝශනය කර ගන්නා බැවින් මුහුදු ජලයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා මාළු ගොඩට එනවා කියලා.
කොහොම නමුත් අපට වඩා ඇල්කේමියා මේ ගැන දන්නවා ඇතිනේ..
කැමතියිකැමතියි
මටත් මේ කියන හරුපෙ තේරෙන්නෙ නැහැ. මොකද මාළුන්ට ඔක්සිජන් වැඩිවීමක් නම් උන් දියඹට යනවා මිසක් ගොඩට එන්න අවශ්‍යතාවයක් නැහැනෙ…
ඇල්ගී වැඩි වෙනකොට එතැන ඉන්න මාළු වැඩි වෙනවා.. ආහාර වැඩි වීම නිසා… ඒ නිසා ඒක පාලනය වෙනවා..
ඒ වගේම විලෝපිකයො වැඩි වෙනවා… එතැනිනුත් පාළනය වෙනවා…
මේක මට පේන විදියට වෙනත් දෙයක්… ඉදිරියේදි දැනගන්න ලැබේවි…
කැමතියිකැමතියි
මේක දාක්කම සාමාන්‍යයෙන් මතක් වෙන්නෙ….. යම් ජලාශයකට අධික ලෙස කාබනික ද්‍රව්‍ය එකතු වෙලා algae වැඩි උනාම දවල්ට O2 සැපයුමක් කලා උනත් රාත්‍රී කාලේදි දෙගොල්ලන්ටම O2 ඔ්න වෙන එකේ ප්‍රථිපලයක් තමා ජලජ සතුන් මියයාම. මම දන්නෙ නෑ එ්ක එහෙමද වෙලා තියෙන්නෙ කියල. හැබැයි එහෙමනම්…. එ් කියන්නෙ අධික ලෙස කාබනික ද්‍රව්‍ය එක් වීමක් වෙලා තියනව කියන එකයි!
කෙසේ වෙතත් මම තවම GIC Level 1 වෙමි! 🙂
කැමතියිකැමතියි
සාමාන්‍යයෙන් මේ කතාව අදාල වෙන්නෙ සංවෘත ජෛව පද්ධතියකට… ඒ කියන්නෙ මිරිදිය ජලාශයකට… නමුත් මුහුද කියන්නෙ ඕනෑතරම් ඔක්සිජන් සහ ආහාර හුවමාරු වෙන ස්ථානයක්..
කැමතියිකැමතියි
ඔතන වෙන්න ඇත්තෙ මෙහෙම වෙන්න බැරිද?…ආසියාවෙ ආස්වරිය ගැන මාලු ලෝකෙට ආරංචිය ගියා…මෙවන් විස්මයක් නොදුටු මේ දෑස් මක්කටෙයි? කියල මාලුවො කතාවෙලා එක සීරුවට ආව ගොඩට….ආස්වර්යෙ හැටි සොබාව දැක්කම එවුංට අමතකම උනා වතුරෙං ගොඩට ආහම හුස්ම ගන්ට බෑය කියල…ඔන්න මට හිතෙන්නෙ වෙච්චි දේ 🙂
පූර්වාදර්ශයකුත් ඔය තියෙන්නෙ ඕනම නං….
ගුත්තිල පඬිතුමාගෙ වීණා කොන්සට් එකේදි ” Guththila – Unplugged – Live in Concert ” නොදැනිම දරුවන් ඇකයෙන් වැටුණා කියල ඔය කියන්නෙ..අන්න ඒකෙ ”Modern Version ” එක තමයි මේ…නොදැනිම මාලුවො ගොඩටම ආවා…. 😀
කැමතියිකැමතියි
අපරාදෙ, ඕක දත් දොස්තර මහත්තයට කිවුව නං අර ඉස්සෙල්ලා කියපු විස්තරේ වෙනුවට මේක කියන්න ඕන….
කැමතියිකැමතියි
2012
කැමතියිකැමතියි
Apoi math dakka baye baha visak hinda malu marunada kiya marichcha malu kanna honda nahalu neda ane manda sunamiyak eida eka ganath hithenawa , oluwa vikara wenawa mewa dakkama.
කැමතියිකැමතියි
ඔළුව විකාර කරගන්න එපා… කිසි ප්‍රශ්නයක් නැතිව ඉන්න… මේ දවස්වල මාළු කන එක නම් පරිස්සමින් කරන්න….
කැමතියිකැමතියි