2012 ඔක්තෝබර් 24 : නොබොන්නෝ මැරෙන්නෝය……


සුරාමේරය මජ්ඣපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි

චියර්ස්…. ඕං එහෙනං ඈ…

පන්සිල් පදවල අන්තිම පදයෙන් කියැවෙන්නෙ එහෙම. බුදුන් වහන්සේ සුරාමේරෙයෙහි ආදීනව කොතෙකුත් වදාලා ඇති. ඇත්ත.. සුරාමේරයෙන් පදම් වුනාම මිනිහා නොමිනිහා වෙනවා. හිතන්න බැරි දේ කරනවා වගේම ඒ කරලා අමාරුවෙත් වැටෙනවා. ඇහැ ඇරිලා බලද්දි එක්කෝ කාණුවක, නැතිනම් බල්ලෙක් රැවුල බානවා, නැතිනම් සංචාරක හෝටලයක් දාගෙන බස් හෝල්ට් එකක ඉන්නවා.. අනිත් අන්තෙට යන අය මිනිස්සු එක්ක ගහගන්න යනවා. මේජර්ලට ගහනවා ආදී ගොඩක් දේ කරනවා.

නමුත් මද්‍යසාර ශරීරයට අගුණද ? ආගමික වශයෙන් මොනවා වුනත් දැන් කියැවෙන දේ අනුව නම් මඳ පමණට ගත්තට එච්චර ප්‍රශ්නයක් නෑ.. මොනවද මඳපමණට ගන්නෙ ? කසිප්පුද විස්කිද නැතිනම් වයින් ද ? (මේ ලාම්පු වලට දාන වයින් ස්ප්‍රීතු නෙවෙයි ඈ) මේ වයින් කිවුවෙ මිදි වලින් හදන රතු වයින්.

රතු වයින් වල තිබෙනවා ප්‍රතිඔක්සිකාරක සංයෝග. සාමාන්‍යයෙන් ශරීරයේ සිදුවන ප්‍රතික්‍රියා නිසා මුක්ත ඛණ්ඩ (Free Radicals) නම් ක්‍රියාකාරී රසායනික ඛණ්ඩ ශරීරයේ නිපදවෙනවා. මේ මුක්ත ඛණ්ඩ වලින් සෛල වලට බොහෝ හාණි පැමිණෙන්නට පුළුවනි. මේ මුක්ත ඛණ්ඩ මොළයේ ක්‍රියාත්මක වනවිට අල්ශයිමර්ස් – පාකින්සන් වැනි රෝග සෑදීමේ අවදානමත් වැඩි වෙනවා. රතු වයින්වල ඇති ප්‍රතිඔක්සිකාරක සංයෝගවලින් මේ මුක්ත ඛණ්ඩ බිඳ හෙලීමක් සිදු වෙනවා. මේ නිසා ශරීරය සෞඛ්‍ය සම්පන්න වෙනවා. මධ්‍යධරණී මුහුද අවට සිටින මිනිසුන් දිගු කළක් ජීවත් වීමේ රහස වන්නේ ඔවුන් තමන්ගේ ආහාර වේලට නැවුම් එළවළු සහ රතු වයින් එකතු කර ගැනීම නිසායි. ඉතින් රතු වයින් මඳපමණට ගත්තට කමක් නෑ… මතට තිත කිවුවට සමහරු තිතට මත අනුගමනය කරන්නෙ ඒකයි.

මද්‍යසාර සුළු වශයෙන් ගන්න පුද්ගලයො කිසි විටෙක මද්‍යසාර නොගන්නා පුද්ගලයොන්ට වඩා සමාජශීලී ලු.. ඒ අය ශාරීරිකව ප්‍රබෝධමත්ලු. වැඩිය දේවල් හිතට අරන් දුක් විඳින්නෙ නැතිලු. ඒ නිසා ඔවුන් වැඩි පුර කළක් ජීවත් වෙන්න පුළුවන් ලු. හැබැයි මෙහෙම නොවන අයත් ලෝකෙ ඉන්නවා. මගේ හොඳම මිතුරෙකු වන මෙවන් ජීවිතේට මත්පැන් කටේ තියන මිනිහෙක් නොවෙයි. නමුත් මිනිහා බොහොම සතුටින් ඉන්නවා. මත්පැන් නොගෙනත් සතුටින් ඉන්න පුළුවනි. මේ පර්යේෂණය කරලා තියෙන්නෙ බටහිර රටක, ඉතින් බටහිර රටවල මිනිස්සුන්ට නොයෙක් ප්‍රශ්න වගේම නොයෙකුත් හේතු තියෙනවා බොන්න.. සමහරු සතුටට බොනවා, තවත් සමහරු දුකට බොනවා. ඒ මිනිස්සුන්ට බොන්න හේතුවක් පමණයි අවශ්‍ය..

කොහොම වුනත් මද්‍යසාර මඳ පමණට ගත්තට මම නම් කියන්නෙ කමක් නෑ කියලයි. මම වුනත් සාදයකට ගිය විට වයින් ටිකක් ආදිය පානය කරනවා. වාහනයක් එළවන්න තිබෙනවා නම් වැඩිපුර මත්පැන් පානය කරන්නෙ නැහැ.  කොහොමත් මත්පැන් පානය කරලා වාහනයක් එළවූවොත් නම් මැරෙනවා කොයි වෙලාවක හරි..

ඉතින් බිවුවත් නැතත් හොඳින් සතුටින් හිටියොත් වැඩිකල් ජීවත් වෙන්න පුළුවනි. මේ නිසා සති අන්තයක හෝ තමන්ගේ දරුවන් නෑදෑයින් සමඟ ටිකක් සතුටින් ගත කරන්න අමතක කරන්න එපා. නිති පතා තම ආදරණීයයන් සමඟ සතුටින් ගත කරන පුද්ගලයින්ගේ සිත් තුළ ආතතිය අඩුයි. ප්‍රශ්න අඩුයි.. ඔවුන්ගෙ ඵලදායීතාවය වැඩියි.  බොනවා නම් ගානකට බොන්න.. මලාට පස්සෙ එම්බාම් කරන්න අවශ්‍ය නැති විදියට බිවුවොත් ඉතිං ඉක්මනින්ම මැරෙන්නත් පුළුවනි.

අපි හැමෝම කවදා හරි මැරෙනවා. ප්‍රශ්නය තියෙන්නේ මැරෙන්නේ කොහොමද කියන එකයි…

The question is, how to die,….?

දන්න කෙනෙක් ඉන්නවා නම් මේ ප්‍රසිද්ධ වාක්‍යය තියෙන පොතේ නම හොයාගෙන මට කියන්න…. පොත පළ වුනේ 2009 දි.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ ටිකම Blogger.com එකේ ඇල්කෙමියාගේ දිනපොතේ පළවෙනවා.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 24, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 23.

  1. මිත්‍රයා , පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ. ප්‍රති ඔක්සිකාරක green tea වලත් තියනවා නේද? green tea වැඩිපුර පානය කිරීමෙනුත් මුක්ත ඛණ්ඩ බිඳ හෙලීමක් සිදු වෙනවා නේද?

    කැමතියි

  2. බොන පුද්ගලයාහේ ශාරීරික තත්වයත් මේකට බලපානවා ඇති. දරුණුවට බොන නිරෝගී, දීර්ඝායුෂ තියෙන අය මම දැකල තියෙනව. යන්තම් බීල ඒකෙන් රෝගී වුනු අයත් දැකල තියෙනව. අහාර හා බෙහෙත් වර්ග වලිනුත් ටිකක් ශරීර ගත වෙනවනේ..ඒ වගේ දේවල් විශේෂයෙන් බෙහෙත්(මාත්‍රාව වැඩි නිසා) දිගින් දිගටම පාවිච්චියෙනුත් පරිස්සම් වෙන්න ඕනි ඇති.

    දීර්ඝායුෂ ගැන කිව්වොත් අර ඉන්දියාවේ අවුරුදු 96 සීයා තාත්තා බොන්නෙත් නැහැනේ. කලින් කිව්වා වගේ ශාරීරික තත්ත්ව මත ඔරොත්තු දීමේ හැකියාව තීරණය වෙනවා ඇති.

    ඒ පැත්තේ පොලිටික්කොත් මෙහෙම කියනවාලු.
    His record-breaking virility was reconfirmed on Tuesday as politicians in neighbouring Punjab claimed an increase in alcohol consumption and drug use was weakening sperm count in the state. Mr Raghav attributes his own virility to a teetotal lifestyle and a diet rich in fruit and dairy.

    දන්න කියන අයට සිදු වුනු දේ හොඳින්ම දැකපු නිසා මටනම් කවදාවත් බොන්න හිතුනෙ නැහැ. 🙂

    මෙන්න මේකනම් පට්ට ඇත්ත. කාර්යබහුල කම අඩු කරගෙන ඒ තත්වයට ඉක්මනට එන්න ඕනි.

    මේ නිසා සති අන්තයක හෝ තමන්ගේ දරුවන් නෑදෑයින් සමඟ ටිකක් සතුටින් ගත කරන්න අමතක කරන්න එපා. නිති පතා තම ආදරණීයයන් සමඟ සතුටින් ගත කරන පුද්ගලයින්ගේ සිත් තුළ ආතතිය අඩුයි. ප්‍රශ්න අඩුයි.. ඔවුන්ගෙ ඵලදායීතාවය වැඩියි.

    කැමතියි

    • ඕනම දෙයක් ඕනවට වඩා ඕනම නැත.
      හැම දේම මඳ පමණට කළාම හරි….
      බොන එක ශරීරයට බලපාන්නෙ ඇඟේ තියෙන Alcohol Dehydrogenase කියන එන්සයිමය තියෙන ප්‍රමාණය හා ක්‍රියාකාරීත්‍වය අනුව. සමහර අයගෙ මේ එන්සයිමය හරිම අඩුයි.. ඒකයි මූඩියක් පෑගුණ ගමන් බෝතලයක වෙරි වෙන්නෙ.. තවත් සමහරු ඉන්නවා Blotting Paper වගේ කොච්චර බිවුවත් ගාණක් වත් නෑ… නමුත් පසුකාලීනව ආමාශය Claymore එකකට අහු වෙලා වගේ තියනවා..
      ඒ වගේම බෙහෙත් එක්ක මත්පැන් බිව්වොත් ආමාශය මඥ්ඤං වෙනවා…

      කැමතියි

  3. William Shakespeare – To be, or not to be (from Hamlet 3/1)
    To be, or not to be: that is the question:
    Whether ’tis nobler in the mind to suffer
    The slings and arrows of outrageous fortune,
    Or to take arms against a sea of troubles,
    And by opposing end them? To die: to sleep;
    No more; and by a sleep to say we end
    The heart-ache and the thousand natural shocks
    That flesh is heir to, ’tis a consummation
    Devoutly to be wish’d. To die, to sleep;
    To sleep: perchance to dream: ay, there’s the rub;
    For in that sleep of death what dreams may come
    When we have shuffled off this mortal coil,
    Must give us pause: there’s the respect
    That makes calamity of so long life;
    For who would bear the whips and scorns of time,
    The oppressor’s wrong, the proud man’s contumely,
    The pangs of despised love, the law’s delay,
    The insolence of office and the spurns
    That patient merit of the unworthy takes,
    When he himself might his quietus make
    With a bare bodkin? who would fardels bear,
    To grunt and sweat under a weary life,
    But that the dread of something after death,
    The undiscover’d country from whose bourn
    No traveller returns, puzzles the will
    And makes us rather bear those ills we have
    Than fly to others that we know not of?
    Thus conscience does make cowards of us all;
    And thus the native hue of resolution
    Is sicklied o’er with the pale cast of thought,
    And enterprises of great pith and moment
    With this regard their currents turn awry,
    And lose the name of action. – Soft you now!
    The fair Ophelia! Nymph, in thy orisons
    Be all my sins remember’d.

    කැමතියි

  4. මධ්‍යධරණි මුහුද පැත්තේ කතාවනම් සම්පූර්ණ ඇත්ත. මම හිතන්නේ ළෝකයේ රසම කෑම හා බීම තියෙන්නේ ඒ ප්‍රදේෂයේ කියලා. මමත් කාළයක් ඔය පැත්තේ උන්නා. පුදුම ලාබයි කෑම. ඒ වගේම මගේ ශරීරයටත් පුදුම වෙනසක් දැනුනේ. කොච්චර මස් ජාති කෑවත්, වයින් වලට හා ඔලිව් ඔයිල් වලට ඒක කැපෙනවා මම හිතන්නේ. ඔය පැත්තේ අයගේ හමෙත් තියෙන්නේ අපූරුම සුදු පැහැයක්. මම ළෝකේ රසම මස්. මාළු, වම්බටු (කට්සිලීම්), කඩළ (හුමූස්), රොටි, මිදි, පළතුරු, චීස් වගේම රස සහ සුවඳින් පිරි තුර්කි බත් කෑවෙත් ඔය පැත්තේ ඉඳිද්දී..

    බොන එක ගැන නම් කියන්න තියෙන්නේ. අපේ අය හැම දේම වගේ බොන්නත් දන්නේ නෑ කියන එක තමයි. අපිත් බොනවා අද වෙනකන් කාටවත් වනයක් වෙලා නෑ…

    කැමතියි

    • ඒක නම් ඇත්ත…
      අපේ අයට බෝතලයක් කැඩුවොත් පතුල දකිනකල් බොන්නෙ නැතිනම් ගතියක් නෑ.
      ඒ වගේම දෙතුන් ජාතියක් කවලම් කරගෙන බොනවා පෙරේත කමට….
      නිකං හම්බ වෙන දේ නෙ…
      කිසිම පිළිවෙලක් නෑ….
      කෑම ගැනත් ඉතිං කියලාම වැඩක් නෑ… මධ්‍යධරණී මුහුද අවට කෑම නම් ඉතිං ආයෙ කතා කරන්න දෙයක් නෑ ගුණදායකයි – රසයි… අපේ කෑමවල තියෙන්නේ තෙලුයි මසුයි විතරයි නෙ.. අඩුම ගානෙ ගොටුකොළ සම්බෝලයක් වත් ජරාව නැතුව කන්න පුළුවන් ද ?

      කැමතියි

    • අනිවාර්යෙන් මාතලන් මේ කෑම සංයොජනය විශිෂ්ඨයි,
      ඒ ගැන අපි කැම්පස් එකෙත් ඉගෙන ගෙන තියනවා.
      අර “ආහාර පිරමඩය” කියන එකේ මධ්‍ය්ධරණී පිරමිඩය ඉත හොදයි.

      කැමතියි

  5. ඇල්කෙමියාව මම සලකන්නේ හොඳ රසායන විද්‍යාඥයෙක් හැටියට .එතකොට අපි වගේ සාමාන්‍යය උදවියට යමක් ලියන කොට ඒ ලිපියේ හැම දෙයක්ම විද්‍යාත්මකව ඔප්පු කල දෙයක් විය යුතුයි .මා දන්නා ආකාරයට කොයි රහමෙර පානයෙත් තියෙන්නේ එකම ඊතයිල් මධ්‍යසාරයයි .ඉතින් මේ රතු වයින් වලට විතරක් මේ සුවිශේෂ ” ප්‍රතිඔක්සිකාරක සංයෝගය ” තියෙන්නෙ කොහොමද කියල විද්‍යාත්මකව හොයල බලලම ලිපිය ලිවුවනම් හොඳයි නේද ???? මේ මතයට විරුද්ධ මතයක් මම මීට කලින් කොහේ හරි කියවලා තියෙනවා . ඒ මතයට අනුව මේ ප්‍රතිඔක්සිකාරක සංයෝගය අමුතුවෙන් රතු වයින්වල හැදෙන දෙයක් නෙමෙයි .වයින් සැදීමට භාවිතා කෙරෙන මිදී ගෙඩි වල පොත්තෙ [ සිවියේ ] තියෙන දෙයක් .ඒ ලිපියට අනුවනම් ඔය ප්‍රතිඔක්සිකාරක සංයෝගය අමුතුවෙන් ලබාගන්න හැමවේලටම හොඳවයින් රතු වයින් අඩියක් දාගන්න ඕනැ නැහැ .අතුරු පසට මිදී ගෙඩි දෙක තුනක් එකතු කර ගැනීම ප්‍රමාණවත් .කොයි හැටි උනත් ඒ ප්‍රකාශනයේ සත්‍ය අසත්‍යතාවය ගැන මම දන්නේ නැහැ .ඒ ගැන හොයල බලල ඇල්කෙමියා අපිව දැනුවත් කරාවි කියල බලා පොරොත්තු වෙනවා .කොයි හැටි උනත් ඇල්කෙමියා කියල තියෙන්නෙ ඇත්ත .මධ්‍යසාරය පොඩ්ඩක් බඩට ගියා කියල ඒ හැටි නරකක් වෙන්නෙ නැතුව ඇති .දැන් ඔය කාබන් මොනොක්සයිඩ් වගේ වායු පොඩ්ඩක් පෙනහළුවලට ගියයි කියල අමුතු දෙයක් වෙන්නෙ නැහැ වගේ .එහෙමත් නැත්තන් මීට කලින් මේ දින පොතේම ඇල්කෙමිය අපිව දැනුවත් කළා වගේ ඔය බංගලාදේශේ වගේ රටවල් වල පානීය ජලයේ ආසනික් එහෙම පොඩි ප්‍රමාණයක් දියවෙලා තිබුනට කියන්න තරම් හානියක් වෙන්නෙ නැහැ වගේම .

    කැමතියි

    • ඔබ කියන කතාව ඇත්ත…. රතු වයින් වලට ප්‍රතිඔක්සිකාරක සංයෝග ලැබෙන්නෙ මිදි ගෙඩියෙ පොත්තෙන්. නමුත් මිදි පොතු කෑවා කියලා එහෙම ගුණ ලැබෙන්නෙ නෑ.. උදාහරණයක් විදියට අපි හෙම්බිරිස්සාවට පස් පංගුව තම්බලා බොනවා. නමුත් වෙනිවැල්ගැට කෑල්ලක් කාලා ඉඟුරු කෑල්ලක් හපලා කොත්තමල්ලි ටිකක් බීවා කියලා ඒ ගුණයම ලැබෙන්නෙ නෑනෙ… අර කොක්ටේල් එකේ ගුණය එන්න ඒ සියල්ල මුසු වෙන්න ඕන…
      ඒ වගේම මිදි කෑවා කියලා ප්‍රතිඔක්සිකාරක වල ගුණ ලැබෙන්නෙ නැහැ. ඒක පැසවන්න (Ferment) ඕන ඇති…
      සුදුළූණු කියන්නෙ බොහොම හොඳ දෙයක්.. නමුත් ඒකේ ගුණය එන්න එය පිළියෙල කරන්න අවශ්‍ය ක්‍රමයක් තියෙනවා.
      හැබැයි ආසනික් පොඩ්ඩක් බඩට ගියා කියලා ප්‍රශ්නයක් නැති වෙන්නෙ නෑ.. මොකද ආසනික් කියන්නෙ බැර ලෝහයක්.. ශරීරයේ එකතු වෙනවා. ඇල්කොහොල් බඩේදිම ජීර්ණය වෙලා මොළයට යනවා…
      මං කිවුවට ඔයා පොඩ්ඩක් දැන්වත් බීලා බලන්න… දැනෙන ආතල් එක කොහොමද කියලා.
      යමක් නොකර ඒකෙ සුවය අත් විඳින්න බෑ කියලා ඔබ අත්දැකීමෙන්ම දන්නවනේ..

      කැමතියි

  6. Math ahala thiyenawa raa kama gaddi red wine glass ekak gaththama honda NINDAK, PODI KIK ekak, labenawa kiya. mama gahaniyak nisa lankawe inna mage yaluwo kiyanawa apoi oya uk gihin hondatama narak wela kiya pahadili kalath hithanne mama karanne waradi wadak vidihatai eyalata penne, mage mahaththaya waiddiyawaraek ithin samahara dinawala eyath ekka kaama gaddi api dennama red wine tikak gannawa. aththatama honda sathutudayaka awasthawak api dennama vindinawa , Alchemiya obe pahadili kereem harima agaei,Thanks. obata subadasak!!!!!!!!!!

    කැමතියි

    • ඔය මතය පිලි නොගන්න අයත් ඉන්නවා ඇල්කෙමියා :

      Australian medical experts slam ‘myth’ that red wine is good for you

      Monday 19 September 2011
      by Adam Lechmere
      Comments (5)

      A group of Australian health bodies has attacked what it calls the ‘myth’ that red wine can have health-giving properties.
      Bordeaux Harvest

      Red grapes – good for you?

      The Alcohol Policy Coalition, whose members include the Australian Drug Foundation and the Heart Foundation, has challenged the recent body of research that claims red wine in moderation reduces the risk of coronary heart disease.

      The report, Myth busted: red wine no magic remedy for heart disease, is released today to coincide with the United Nations meeting on non-communicable diseases.

      Beginning with the statistic that more than half of all alcohol-related deaths globally are from diseases such as cardiovascular disease, cancer or liver cirrhosis, the report cites studies from around the world which say the dangers of alcohol outweigh any health benefit.

      ‘After reviewing all the scientific evidence it appears any positive effects of alcohol in reducing the risk of cardiovascular disease have been hugely overestimated,‘ Kathy Bell, CEO of the Victoria Heart Foundation says.

      ‘In particular, red wine has no special, protective qualities when it relates to cardiovascular disease.’

      Globally, 545,000 people died of alcohol-related cardiovascular disease in 2004, and in Australia 5% of all cancers are caused by alcohol, including one in five breast cancers, a press release from the APC says.

      කැමතියි

      • තවමත් ඉන්නවා ලෝකෙ පැතලියි කියලා හිතන කොටසක්…
        මේවා සුළු දේවල්..
        ඇමරිකාවෙ වෛද්‍යවරු කොට්ඨාසයක් ඉන්නවා දුම් බීම හොඳයි කියන… ජර්මනියෙ ආචාරියෙක් ඉන්නවා මත්පැන් බීම හොඳයි කියන…. ඕවා ඉතින් ඔහොම තමයි…

        කැමතියි

    • ඕක ඉතින් සංස්කෘතියෙ වහල් බැමි වලින් බැඳිලා ඉන්නකොට වෙන දෙයක්… ප්‍රසිද්ධියෙ වයින් ටිකක් නොබිවුවට බොහෝ දෙනෙක් අප්‍රසිද්ධියෙ ඔය සංස්කෘතික බැමි බිඳ දානවා.
      ඔබේ ප්‍රතිචාරයට සහ දිරි ගැන්වීමට ස්තුතියි මැතිණියනි.

      කැමතියි

  7. මම ඇත්තටම කනගාටු වෙනවා අල්කෙමියා වගේ විද්‍යාඥයෙකුට තරම් නොවෙන නොසැලකිලිමත් උත්තරය පිළිබඳව . ඇල්කෙමිය කියනවා “ඒ වගේම මිදි කෑවා කියලා ප්‍රතිඔක්සිකාරක වල ගුණ ලැබෙන්නෙ නැහැ. ඒක පැසවන්න (Ferment) ඕන ඇති ” කියලා . මම හරියාකාරව නොදන්නා දෙයක් ගැන ඇල්කෙමියා වගේ විද්‍යාව ගැන ,විද්‍යාත්මක ක්‍රමවේද පරතෙරට හදාරපු කෙනෙකුගෙන් විද්‍යාත්මක පහදා දීමක් බලාපොරොත්තුවෙන් අහපු ප්‍රශ්නයකට මේ වගේ නොසැලකිලිමත් අවිද්‍යාත්මක උත්තරයක් මම බලාපොරොත්තු වුනේ නැහැ .තවත් සරලව කියනවානම් විද්‍යාත්මක පහදා දීමක් කියල මම බලාපොරොත්තු වෙන්නෙ ” මිදී ගෙඩි පිටින් කෑවා කියා ඒවායේ පොතු වල තියෙනා ප්‍රතිඔක්සිකාරක සංයෝගය මුදා හැරෙනා ලෙස මිදී පොතු ජීර්ණය වීමක් සිදු වන්නේ නැහැ .නමුත් මෙම මද්‍යසාර මාධ්‍යයේදී එය මනාව සිදු වෙනවා ” වැන්නකුයි . එහෙම නැතුව ” එහෙම වෙන්න ඒක පැසවන්න ඕනැ ඇති ” වැනි නොසැලකිලිමත් පහදා දීමක් නෙමෙයි .

    කැමතියි

  8. //මද්‍යසාර සුළු වශයෙන් ගන්න පුද්ගලයො කිසි විටෙක මද්‍යසාර නොගන්නා පුද්ගලයොන්ට වඩා …ලු.. ……. වැඩිය දේවල් හිතට අරන් දුක් විඳින්නෙ නැතිලු. //

    එහෙමලුද? …………. 😀

    ප්‍රතිපත්තියක් ලෙස එවකට නම් මගුල් ගෙවල් වලදි දෙන වයින් බින්දුව වත් නොබිව්වෙමි… දැන්නම් ප්‍රතිපත්තියක් ලෙස මගුල් ගෙවල් වල නොයමි!

    විස්තර වලට තුති! 🙂

    කැමතියි

  9. Comment transferred from your Blogger site:
    ඇල්කෙමියා දාපු MSGපෝස්ට් එක වගේම මේකත් විවාදාත්මක මාතෘකාවක්.

    සමහරු ඇල්කොහොල් වලට තදින්ම විරුද්ධයි. කිසිසේත්ම ශරීරගත විය යුතු දෙයක් නොවන හැටියටයිසලකන්නෙ.

    සමහරු ඔය ඇල්කොහොල් මඳ වශයෙන් ගත්තට කමක් නෑ කියනවා.

    තවත් සමහරු ඇල්කොහොල් මඳ වශයෙන් ගැනීම ගුණයි කියලා කියනවා. මේ මතය සමහර වෛද්‍යවරු පවා දරනවා. මට මතකයි එක වෛද්‍යවරයෙක්මෙ මට කිව්වා චුට්ටක් බිව්වා නම් අර මිනිහා මැරෙන්නෙ නෑ කියල කියනවා එක්තරා මරනයක් සම්බන්ධව. ඒ රුධිරය කැටි ගැසීම සම්බන්ධයෙන්.

    මම මේ ගැන ප්‍රශ්න කලාම මගෙ වෛදය යාලුවො කියන දෙයක් තමයි, “මේකනෙ මචං, ටිකක් බොන එක හොඳ තමයි. නමුත් අපිට ඒක කියන්න බැරි එක හේතුවක්, ඒ ඒ කෙනාට ගැලපෙන ටික මොකක්ද කියල කියන්න අමාරු වීමත්, අනික මුලදි ටිකක් බීලා, ප්‍රමානය ටික ටික හොරෙන්ම වැඩි වීමත් නිසා, අර වාසිය එහෙම පිටින්ම නැතුව ගිහින් බේබද්දෙක් වෙන නිසයි කියලා. ඉතින් ඒක නිසා බොන්න එපා කියන එක සරළයි .

    මම අහලා තියෙන්නෙ වයිට් වයින් හොඳයි කියලයි රෙඩ් වයින් වලට වඩා.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: