2012 ඔක්තෝබර් 24 : රජය පෙරළීමේ UNP කුමන්ත්‍රණය සාර්ථක වන ලකුණු…………


මේ කවුද ? මොනවද කොරාන්නේ ?

කාර් එක දෙක සෙමෙන් සෙමෙන් පැමිණේ.. බැලූ බැල්මට සමාජයේ සැළකිය යුතු පුද්ගලයින්ගේ වාහන බවට අනුමාන කළ හැකිය… සියල්ලෝම පැමිණෙන්නේ තමන්ගේම වාහනයෙනි … අවම වශයෙන් රියදුරෙක්වත් නොමැත……

රහස් සාකච්ඡාවක්ම විය යුතුය…….

ස්ථානය : කොළඹ නගරයේ රහසිගත ස්ථානයක්…

ප්‍රධාන පුද්ගලයා : විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ

සෙස්සෝ :

අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන,

උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක,

අභ්‍යන්තර වෙළඳ කටයුතු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු,

ජනමාධ්‍ය ඇමති සහ රජයේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල,

සමාජ සම්බන්ධතා පිළිබඳ ඇමති මර්වින් සිල්වා,

ධීවර ඇමති රාජිත සේනාරත්න,

කම්කරු කටයුතු සහ ඵලදායීතා ඇමති ගාමිණි ලොකුගේ

රහසිගත පටිගත කිරීමක් නිසා ශබ්ධය එතරම් හොඳින් නෑසේ… කෙසේ වුවත් කෙරෙන කතා බහෙන් සිදු වන්නේ කුමක් දැයි වටහා ගැනීම අපහසු නැත… ඒ නිසා කිසිවෙකුගේ නමක් සඳහන් නොකර අදාල පටිගත කිරීමේ වූ සියළුම කාරණා මෙසේ සඳහන් කරමු.

දැන් කට්ටිය ඔක්කොම හරි නෙ… කොහොමද ප්‍රගතිය ?

සර්.. කවුරුවත් හිතුවෙ නැති දීර්ඝකාලීන ගේමක් නෙ මේක….. සර් මේක කොටින්ට දෙන්න ගිය ගේමට වඩා ලොකු ගේමක්….

හරි හරි එස් බී… කියනවකො කොහොමද අධ්‍යාපනේ..

මේකයි… දැන් ප්‍රොපෙසර් ලා ආත්මෙකට ආපහු ගන්න බෑ… උන්ට ආණ්ඩුව එපා වෙලා විතරක් නෙවෙයි හැමෝටම එපා කරවනවා.. මට තව ඇදගෙන යන්න තිබුණා.. කොහෙද අරයා ඇවිල්ලා මැදට පැනලා වැඩේ බේරුවනේ. කොහොමත් තව මොනවා හරි කිවුවාම හැමෝම ආයෙම ඇවිස්සෙනවා… ටික දවසක් සද්ද නැතුව ඉඳලා ආයෙම මොකක් හරි කියලා ඇද බානවා… අර ප්‍රයිවෙට් යුනිවර්සිටි එක ගැනත් තව මොනවහරි කියන්න ඕන…. බය වෙන්න එපා… ලොක්කා තවම සැක කරලා නෑ… අනිත් අයත් ඉතින් නාගන්න එකනෙ කරන්නෙ….

නියමයි… අනිත් එක්කෙනා මොකද ?

ආ සර්… ඉසෙඩ් ස්කෝර් එකයි උසස් පෙළයි ළමයිනුයි දෙමාපියොයි ඔක්කොම අවුල්…. දැන් අළුතෙන් විශ්ව විද්‍යාලෙට 5000 ක් ගන්න වෙනවා.. එතකොට ලබන අවුරුද්දෙ ලොකු ප්‍රශ්නයක් වෙනවා. දැන් යන විදියට උත්තර පත්තර බලන්නත් සෑහෙන කාළයක් යනවා… කොහොමත් මේ සෙට් එක ඇතුළට ගන්නකොට 2013 වෙනවා… ඉතිං ඔක්කොම පස්සට යනවා…. උසස් පෙළත් අවුල්… ඉස්සර හිටපු ලේකම් ගාණට වැඩේ කළා…  බැරිම තැන මිනිහා මාරු කරන්න වුනේ…. ඒ වුනාට පලාත් අධ්‍යක්‍ෂකලා නියමෙට කරගෙන යනවා…… බය වෙන්න එපා තව අවුරුද්දක් දෙකක් යනකොට ඔක්කොම අවුල්….. දැන් ඒ මදැවට ගුරුවරුත් පැටලිලා… ඔහොම යං…

සර් සර්….

ඇයි මර්වින්… පොඩ්ඩක් ඉන්න… තමන්ගෙ වාරෙ එනකල්…..

එහෙම කොහොමද සර්.. ඔන්න මට විනය පරීක්‍ෂණයක් කරන්න යනවලු…. මේ පාර නං බැරි වෙයි වගේ…

බය නැතුව ඉන්නවා… මම ඒ කාලෙ තමුන්නාන්සෙ චන්‍ද්‍රිකා මැඩම් ගාවට යැවුවෙ තමන්ට අවශ්‍ය ගානට හම්බ කරගෙන මට ඕන විදියට වැඩේ කරවගන්න… බය වෙන්න එපා…ඔයා මර්වින් ගානට රඟපානවා… මීට වඩා හොඳයි නළුවෙක් වුනා නම්..

ඇයි සර් මමත් නළුවෙක් නෙ… දුටු ගැමුණු එකේ…..

ඉතින් පොඩ්ඩක් ඉවසලා ඉන්න… මේ පාරත් තමුන්නාන්සෙ ගොඩ යනවා… කැළණිය ගානට තියාගෙන ඉන්නවකො….

කොහොමද ජාතික ඵලදායිතාවය ?

කියලා වැඩක් නෑ සර්….. දැන් නම් වැඩක් කෙරෙන පාටක්ම නෑ…. එකම ප්‍රශ්නෙ අර යහ පාළනය සංකල්පෙ නිසා සමහර ආයතන ටිකක් වැඩ කෙරීගෙන යනවා… නමුත් එහෙමත්ම කියලා ප්‍රගතියක් නෑ…..

ඔහොම කරගෙන යං…. කවුරුවත් අවිශ්වාසයක් එහෙම නෑනෙ….

කොහොම අවිශ්වාස කරන්නද සර් අපි සර්ට බණින බැණිල්ලට ?

ඒක හොඳයි…..

මොකද්ද මනුස්යො අර ටින් මාළු ෆැක්ටරියට කළේ… ? දැන් අපේ ආණ්ඩුවක් ආවම ඕක පොල් ගාන්නද ?

සර් බය වෙන්න එපා… මම ගානට චීනෙත් එක්ක ගිවිසුම ගැහුවෙ වැඩේ බංකොලොත් වෙන්න තමයි… දැන් වහලා දාලා පස්සෙ අරිමු… ඕකම තමයි වෙන්නෙ පෑලියගොඩටත්… ඒ මදිවට මාළු ගොඩ ගහනවා… ඕකටත් මොකක් හරි කතාවක් කියලා දානවා.. පස්සෙ බැරි යෑ හරිගස්සන්න…

මමත් ගානට ප්‍රකාශ ටික කරගෙන යනවා… දැන් බොහොම ඇනිලා තියෙන්නෙ… එක්කෙනෙක් එකක් කියනවා, මම කියනවා එහෙම නෑ කියලා…. මිනිස්සුන්ට ගානට එපා වෙන්න වැඩේ කරගෙනයි යන්නෙ… තව ටික කාළයක් යනකොට බලමු… මට මේ ප්‍රශ්නෙ තියෙන්නෙ කකුල තමයි…. ඉස්සර වගේ නෙවෙයි දැන් ටිකක් අමාරුයි..

දුමින්ද මොකද කියන්නෙ… ?

ආ සර් මම ඕස්ට්‍රේලියාවෙ ඉඳලා එන ගමන් බලාගෙන ආවෙ… මිනිහා හොඳට ඉන්නවා… වෙලාව ආවම එයි… කරන්න ඕන දේ හරියට කළා නෙ….

මම කිවුවෙ ඒ කාලෙම මිනිහා හොඳ මොළයක් තියෙන කොල්ලෙක්…

හැහ් හැහ්… දැන් ඉතිං මොළේ බාගයයි නෙ….

කවුද කියන්නෙ ? අර යස අගේට ඉන්නෙ…  මර්වින් දැක්කද ? නෑනෙ…

ඒත් සර්….. මේ පාරත් ඡන්දෙ පරාදයි නෙ.. ඔහොම ගියාම කොහොමද සර් මිනිස්සු අපි ගැන විශ්වාසයක් තියන්නෙ…

 එහෙම කියන්න එපා ජොන්ස්ටන්… ඒකත් ප්ලෑන් එකක්…. කවදා හරි අපිට ඕක වැඩ කරනවා… මිනිස්සුන්ට ආණ්ඩුව එපා කළාම ඊලඟට චාන්ස් එක එන්නෙ අපිට…. ජනරාලුත් දැන් වැලේ වැල් නෑ…. කොහොමද අපි අන්තිම මොහොතෙ දුන්න ගේම ? කරුත් ගාණට එයාගෙ රෝල් එක කරා… අර මෝඩයො ටික තමයි උඩ දාගෙන ගියේ.. එයාල නං නැති එකම හොඳයි…  දයාසිරි ඒ ලණුව කෑවෙ නැති එක තමයි ප්‍රශ්නෙ……….දැන් බලන්න මම දයාසිරිව ආණ්ඩුවට එවන්න කොච්චර ට්‍රයි කරනවද ? මම ඒ කරන්නෙ ආයෙම ඔයාට කුරුණෑගල අරන් දෙන්න නෙ.. කොහෙද… කොච්චර එලෙවුවත් මිනිහා යන්නෙ නෑනෙ… කරුත් එක්ක කරු ගහගෙන ඉන්නවා… ඔයා තවම දෙතුන් පාරයි නෙ වැඩ පෙන්නුවෙ… කොහොමද අර පෙට්ටි වැඩේ ? ආයෙම අදිනවද ?

දැන් ඒක හරියන්නෙ නෑ සර් දැං .. දැන් ඉතිං එළවළු වෙලෙන්දො බංකොලොත් කරලා දාන්න ඕන.. එතකොට උන් උද්ඝෝෂණ කරන්නයි එළවළු විසික් කරන්නයි යනවා.. එහෙම වුනාම එළවළු ගණන් යනවා. එතකොට ආයෙම ප්‍රශ්න… දැං බලන්න.. ලොකු ළූණු අස්වැන්න කාලෙට පිටරටින් එන ළූණු වල ටැක්ස් අඩු කළා… අල වලට කළෙත් ඒක.. දැන් බලන්න මොකද වුනේ කියලා…

ඉස්සර මම දාපු බඩු මිල සූත්‍රය දැන් ආපස්සට කැරකෙනවා… මේ කපේදි ආයෙ බඩු මිල නං අඩු කරන්න බෑ සක්කරයා තියා වයිමා ආවත්…

Bandula,.. Who is this Why-Ma guy ?

ආ…. සර් ඒ ශක්‍රයාගෙ පුතා නෙ… වයිමා වයිමා…. වයිමා දන්නැද්ද ?

මම දන්න වයිමෙක් නෑ….. එහෙනම් එච්චරද අප්ඩේට්ස් ?

ඔවු සර්… අපි හෙමින් ගේම ගෙනියන්නං… කළබල වෙලා බෑනෙ… තව අනාගන්න අරිමු…

ඔවු එහෙම හොඳයි……

සර්.. අපි දැන් එහෙනම් යන්නම්… ලොක්කට ආරංචි වුනොත් හරි නෑනෙ…

බය වෙන්න එපා මෙයා… මම ලඟදි කිවුවනේ 2014 දි අපි ආණ්ඩුව ගන්නවා කියලා… ලොක්කා හිතං ඉන්නෙ ඕවා වෙන්නෙ නෑ කියලා… ඔහොම වැඩේ කරගෙන යං… ඔයාලට කරන්න තියෙන්නෙ තව වැඩේ අවුල් කරන එක තමයි.. ඔක්කොම අවුල් කරලා ලොක්කට වැඩේ බාර දෙන්න විසඳන්න… ලොක්කා අන්තිමට පිස්සු කෙළින්න ගනීවි… දැනුත් වැඩි වෙනසක් නෑනෙ…

හරි සර්… එහෙනම් අපි යන්නම්…. අම්මේ…. සර්ගෙ මොලේ තමයි මොලේ….

මර්වින් යන්න අනේ… පස්ස මිරිකන්නෙ නැතුව…. මොලේ තියෙන්නෙ එහෙ නෙවෙයි….

බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්….බ්ර්…. ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…ශ්…

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ.. ඔන්න ඔය ටී වී එක නිවලා දාලා නිදා ගන්නවා… හැමදාම කියනවා නිදි මත නං ඇඳට යන්න කියලා… හැමදාම ටීවී එක ඉස්සරහ ගොරව ගොරව නිදි….

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ හීනෙ Blogger.com එකෙත් මෙහෙමම තියෙනවා.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 25, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , , . Bookmark the permalink. ප්‍රතිචාර 16.

  1. හීනේ වුනත් ඇත්තක් නැත්තෙමත් නැති වෙන්න පුළුවන් වගේ …,අරුතක් ඇති නිර්මාණයක් …

    කැමතියි

  2. වෙට්ටු සජිත් ඇවිත් නෑ වගේ මීටිමට ….

    කැමතියි

  3. නියමෙට ගලපලා ලියල තියෙනවා.ඔය වගේ දෙයක් ඇත්තටම ඇතියි කියල මටත් හිතිලා තියෙනවා.

    කැමතියි

  4. මං නං හිතන්නෙ ඔය රා අනිල්ගෙ වැඩක් වගේ පෙනුනාට ඕව මා හින්දගේ වැඩ….උසස් අධ්‍යාපනේ ස්ට්‍රයික් එකට වැරදි කාරයා එස් බී…විසඳුම් දෙන්නෙ බැ සිල්…
    හැම ප්‍රශ්ණයකටම වැරදිකාරයා යූ ඇන් පී පොරක්….ඒත් අවසාන සාධාරණ විසඳුම රා ජපක්ෂ වරුන්ගෙන් තමයි එන්නෙ…

    මේ හරහා අනාගත යු ඇන් පී එකකට පනින්න ඉන්න සෙට් එකේ ජනප්‍රියත්වය සහ ඔවුන්ගේ චන්ද පදනම දැඩි ලෙස අවධානමකට ලක් වෙනවා….

    කැමතියි

  5. අම්මට සිරි එහෙනම් රනිල් තමයි මේ ඔක්කෝම කරන්නේ. ඒක තමයි ඔක්කෝම එක්කාසු වෙලා රනිල් මරන්න යන්නේ. එතුමගෙ ආරක්ෂාව වැඩි කරන්න වෙයි වගේ..

    සිපිරි ළිවිල්ලක්.. අගය කිරීමට වචන හිඟ තාවයක් පවතී…

    කැමතියි

  6. පට්ට ම නිර්මාණාත්මකයි! මේ යන විදියට මේක ඇත්තද කියලත් හිතෙනව.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න