2012 ඔක්තෝබර් 27 : ජීවිතය හරිම කටුකයි…… මේක ඇත්තමද ?


අවුරුදු 20ක්ම රසායන විද්‍යාව එක්ක හැප්පිච්ච මට ලෝකය පුරාම විවිධාකාර පුද්ගලයින් ඇසුරු කිරීමේ භාග්‍යය උදා වුන එක ඇත්තෙන්ම ලොකු අත්දැකීමක්. එක කාළයක් මම ලංකාවෙ සේවය කරන අතරෙ එතැනට ගෙන ආපු හිරකාරයන් සමඟ කතා කරන්නත් “භාග්‍යය” ලැබුවා. එහෙම කිවුවෙ ඒ මිනිස්සුන්ගෙ ජීවිත තුළට එබිලා බලන්න පුළුවන් තරමේ සංවාදයන් ඇති කර ගන්න පුළුවන්කම ලැබුණා. තවත් වෙලාවක සමාගම් අධ්‍යක්‍ෂක ලා, සමාගම් අයිතිකරුවන් වැනි ඉතාම ඉහළ තනතුරු දරන සමාජයේ සාර්ථක පුද්ගලයින් සමඟ ඇසුරු කරන්නත් ලැබුණා. එසේම අවුරුදු පහේ කුඩා දරුවන් මෙන්ම රසායන විද්‍යාවේ පරතෙරට ගිය මහාචාර්යවරුන්ගේ සමාගමය ලබන්නත් මට භාග්‍යය ලැබුණා. ඒ වගේම මේ අන්ත දෙක අතරේ ජීවත් වෙන බොහෝ දෙනා ඇසුරු කිරීමේ වාසනාව ලැබුණා. ඒ හැම කෙනෙක්ම එකිනෙකාගෙන් වෙනස්. ඒ නිසාම මගේ ජීවිතය අත්දැකීම් අතින් මට හරිම වැදගත්. නමුත් පරිපූර්ණ නැහැ… තවත් බොහෝ දේ ඉගෙනගන්න තිබෙනවා. මේ අතරෙ මට හමු වූ  ආචාර්ය උපාධිය හදාරන විශ්ව විද්‍යාල සිසු සිසුවියන් ගණන (දේශීය සහ විදේශීය ) අති විශාලයි. ඊට අමතරව නිතර නිතර මුහුණු පොතේ චැට් කරන, ඊ මේල් වලින් සම්බන්ධතා පවත්වාගෙන යන සිසු සිසුවියන් ගණනත් බොහොමයි. මේ සියළුම දෙනා වයස 20-30 අතර පරතරයෙ තරුණ තරුණියො… ඉඳලා හිටලා මම වගේ නාකි හම්පඩ වෙච්ච අයත් කතා කරනවා.

මේ කතා කරන සමහර කෙනෙක්ගෙ ජීවිතය බොහෝ වෙලාවට කටුක අත්දැකීම් වලින් පිරිච්ච ජීවිත, සමහරු ජීවත් වෙන්නෙ බොහොම අමාරුවෙන්. තවත් සමහරු තමන්ගෙ ජීවිතය ගෙන යා යුත්තෙ මොන දිශාවටද කියලා තීරණය කරගන්න බැරුව ඉන්න අය. බොහෝ විට මගෙන් උපදේශ බලාපොරොත්තුවෙන් මා වෙත පැමිණෙන්නෙ අවුරුදු 21-29 අතරෙ සිටින තරුණියන්… ඇයිද කියන්න මම දන්නෙ නෑ.. දැනගත්තත් ප්‍රසිද්ධියෙ කියන්නෙත් නෑ.. නමුත්, මේ සියළුම දෙනාගෙ සමානතාවය තමයි ඔවුන් නිතරම කියන්නෙ Life Really Sucks,.. !

ඉතින් මේක ඇත්තද ? ජීවිතය ගැන බොහෝ දාර්ශනිකයෝ බොහෝ ආගම් ශාස්තෘවරු, විවිධාකාර දේ පවසලා තිබෙනවා. අපිට අන්තර්ජාලයේ සැරිසැරුවොත් මේ වගේ කියමන් කෝටි ගණනක් හොයා ගන්න පුළුවන්.  ජීවිතය කියන්නෙ යුද්ධයකින් පටන් අරන් යුද්ධයකින් අවසන් වෙන දෙයක්… දරුවෙක් පිළිසිඳ ගන්නම දෙමාපියන් ලොකු යුද්ධයක් කරන්න ඕන.. සෑහෙන දාඩිය මහන්සියක් දාගෙන ලොකු  කැලරි ප්‍රමාණයක් දවන්න ඕන කාර්යයක්. සමහරුන්ට දරුවන් අවශ්‍ය වුනත් ඒක ඒ ආකාරයට සිදු වෙන්නෙ නැහැ. ඒ නිසාම සෑහෙන මුදල් ප්‍රමාණයක් වියදම් කරලා – වෛද්‍යවරු හමු වෙලා ලොකු සටනක් දීලා තමයි දරුවෙක් පිලිසිඳුවා ගන්න තත්ත්‍වයට පැමිණෙන්නෙ. (තවත් සමහරුන්ට නං පැදුර පෑගුණත් ඇති) ඒ යුද්ධෙන් පස්සෙ ශුක්‍රාණුවක් ඩිම්බයක් සමඟ සංසේචනය වීම තමයි ලෝකයේ ලොකුම තරඟය. ඔබ තරඟ කරලා තිබෙන්නෙ ඔබේ සහෝදර සහෝදරියන් කෝටි ගණනක් සමඟයි. එහෙම යුද්ධයකින් පස්සෙ තමයි ඔබ – ඔබ බවට පත් වෙන්නෙ. ඒ වගේම මාස නවයක් අඳුරු කුටීරයක් තුළ ඔබ ජීවත් වෙනවා. ඒ ජීවත් වෙන කාළයේ ඔබේ දෙමාපියෝ වෙනම යුද්ධයක් කරනවා ඔබව පෝෂණය කරවන්න – ජීවත් කරවන්න.. ඔබ ලෝකයට බිහි වෙන්නෙ යුද්ධයක් කරලා. ඔබේ මුහුණ චප්ප කරගෙන, ඔළුව බිත්තරයක් වගේ.. කැතම කැතයි. ඇඟ රැලි වැටිලා.. ඒ යුද්ධෙන් පස්සෙ ඔබේ ජීවිතය ගත කරන හැම තත්පරයකම ඔබටත් ඔබ අවට සිටින අයටත් ලොකු යුද්ධයක්. ඔබ මේ තරම් දුර ජීවත් වුන එකත් ලොකු ජයග්‍රහණයක්. ඉතින් මේ යුද්ධ සියල්ල අවසන ඔබ මේ ලෝකයෙන් සමුගෙන යාමත් යුද්ධයක්. සමහරවිට ඔබ යුද්ධයක් මධ්‍යයේම මියෙන්න පුළුවනි. නැතිනම් බොහොම සාමකාමීව මිය යාවි. ඒ කුමක් වුනත් ඔබේ සමුගැන්ම අනිත් අයට යුද්ධයක්. ඉතිං කවුද කියන්නෙ ජීවිතයම යුද්ධයක් නොවේය කියලා. ?

මේ යුද්ධයේ විවිධාකාර අවස්ථාවල විවිධාකාර අත්දැකීම් වලට අපට මුහුණ දෙන්න සිදු වෙනවා. සමහර දේවල් බොහොම වින්දනීයයි, ආදරණීයයි. නමුත් හැම දේම එහෙම නෑ.. සමහර දේවල් කටුකයි.. අන්තයටම කටුකයි.. අන්න ඒ වෙලාවට මිනිසුන් වශයෙන් අපේ වින්දනීය අත්දැකීම් සියල්ල යටපත් කරගෙන අපේ දුක්ඛදායක අත්දැකීම් එලීයට එනවා. එතකොට අපිට හිතෙනවා ජීවිතය හරිම කටුකයි කියලා. නමුත් ඔබ අර වින්දනීය අත්දැකීම් මොහොතකින් අමතක කරනවා. ඒ අපේ හැටි. මමත් එහෙමයි. කාට වුනත් කරපු හොඳ දේවල් – සිදු වුන හොඳ දේවල් මතක නෑ… නිතරම මතක් වෙන්නෙ වැරැද්දක්, සිදු නොවු දෙයක්… ඒක මිනිස් ස්වභාවය.

කෙනෙක්ගෙ ජීවිතය හැම තිස්සෙම කටුක වෙන්න පුළුවන්ද ? එහෙම වෙන්නෙ ඇයි (I don’t know why !) ?  ඒ පුද්ගලයා නිසි ලෙස හිතන්නෙ – ජීවිතය සැලසුම් කරන්නෙ නැති නිසාද ? එහෙමත් නැතිනම් තමන්ගෙ හැකියාවට වඩා අනවශ්‍ය බලාපොරොත්තු තබාගෙන (දොඩංගොඩ බදාගෙන) හැම දේම කරන්න යන නිසාද ? නැතිනම් වැරදි අවස්ථාවේ වැරදි තැන ඉන්න නිසාද ? මේ සියල්ලෙම එකතුවක්ද ?

සමහරු ජීවිතය හොඳින් සැලසුම් කරනවා.. තවත් සමහරු ආවේගශීලීව තීරණ ගන්නවා. උදාහරණයක් වශයෙන් කෙනෙක් උසස් පෙළ අසමත් නම් තවත් බලන්න දෙයක් නෑ මම රැකියාවක් කරනවා කියලා කුමක් හෝ රැකියාවකට යනවා. නමුත් ඔහුට තවත් වතාවන් දෙකක් ඉතිරිව තිබෙනවා තමන්ගෙ දෛවය උරගා බලන්න… සමහර විට ඔහු දෙවන වතාවෙ හොඳින් සමත් වෙන්නට ඉඩ තිබෙන්න පුළුවනි. ඒත් ඒ වැඩ කරන හැටියට… මගේ ජීවිතය බොහෝ අවස්ථාවලදි මම ගනිපු තීරණ නිසාම වෙනස් පැති වලට ගොස් තිබෙනවා. ඒ බොහොමයක් හොඳ පැති. මෝඩ වැඩ නං අනන්තවත් කරලා තිබෙනවා.. ඒ ගැන කතා නොකරන තරමට හොඳයි… හැබැයි ඔබට වැරදුනාම සහ ඔබ අවුල් වී ඇති වෙලාවක ඔබට උපදෙස් දෙන්න -ඔබට කතා කරන්න කෙනෙක් හෝ කණ්ඩායමක් ඉන්නවා නම් ඔබේ බර සැහැල්ලු වෙනවා. ඔබේ දෙමාපියො ඔබට යන්න පුළුවන් පළමු සහාය කණ්ඩායමයි (Support group) ඔවුන් සතු අත්දැකීම්, ජීවිතය පිළිබඳ දැනුම අති විශාලයි.. තවමත් මට ප්‍රශ්නයක් ආවම මම ඉස්සෙල්ලම කතා කරන්නෙ තාත්තට – ඊලඟට කමල් බාප්පට.. ඔවුන්ගෙන් මට හරියන විසඳුමක් අනිවාර්යයෙන්ම ලැබෙනවා.

මටත් සමහර දවසට වැඩ ඉවර වෙලා රෑ සීතලේ කිලෝ මීටර දෙකක් පයින් කන්දක් බඩ ගානකොට හිතෙනවා Life Sucks කියලා… නමුත් ඊලඟ මොහොතෙ  හිතෙන්නෙ, මට රැකියාවක් තියෙනවා, බාව බලාපොරොත්තුවෙන් ඉන්න ජීවිත දෙකක් තියෙනවා. දෙමාපියො, නෑදෑයො, මිත්‍රයො රාශියක් ඉන්නවා. මීටත් වඩා තවත් කුමක්ද ? මෙච්චරවත් නැති මිනිස්සු, මීට වඩා ප්‍රශ්න තියෙන කීදෙනෙක් ඇත්ද ? කියලා.. ඉතින් අපට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු කොච්චර ඇද්ද ?

ඉතිං ඔබ කොහොමද යමක් සැලසුම් කරන්නෙ ? ඔබ පළමු සැලසුම වැරදුනොත්, දෙවන සැලසුමක්, තෙවන සැලසුමක් (Plan B,C,D)  ඔබට තිබෙනවද ? ඔබට වැරදුනොත් ඔබට උපදෙස් ගන්න කවුරුවත් ඉන්නවද ? නැතිනම් ඔබ ඔබේ ප්‍රශ්න තියාගෙන විඳවනවද ?

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

මේ කතාවම Blogger.com එකෙත් තියෙනවා. ඉංගිරිසියෙන් කියවන්න කැමති අයට Alchemist’s Laboratory

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 27, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 8.

  1. මා ලද උසස් හමුදා පුහුණුවට පින් සිද්ධ වෙන්න, ජීවිතයේ බොහෝ අවස්ථා වලදී, දෙවැනි සැලැස්මක් සහිතව කටයුතු කරන්නට හැකියාව ලැබී තිබෙන අතර, එයින් මා ලබාගෙන ඇති යහපත් ප්‍රතිඵල අපමණයි. මම බලාපොරොත්තු වෙනවා ඒ ගැන ළඟදීම ලිපියක් ලියන්න.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    කැමතියි

  2. බොහොම ආසාවෙන් කියවපු පෝස්ටුවක්. ඇත්තටම මමත් ඔබ වැනිම නාකි පොරක් තමා .ඒකයි වඩාත් සතුටු . දැන් දිගටම එනවා මේ පැත්තේ.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    කැමතියි

  3. ජීවිතය දිහා සරලව බලන්ට පුරුදු වෙන එක හොඳ දෙයක් කියලයි මට හිතෙන්නේ…

    උදාරහණ: උයන්ට බෑ.
    ප්ලෑන් A: උයලා බලනවා.
    ප්ලෑන් :B වැරදුනාම කඩෙන් ගේනවා.
    ප්ලෑන් : C රහ නැත්නම් වෙන කඩේකින් කනවා…

    simple…. 😀

    කැමතියි

  4. මගේ ආදර්ශ පාඨය තමයි “සාර්ථක වනතුරු අත්හදා බැලීම”. මගේ සැලසුම් වෙනස් කරමින් අරමුණ කරා යන එක නම් කවදාවත් මම වෙනස් කරන්නේ නැහැ.
    අර මහාභාරතයේ අර්ජුන ශිල්ප දැක්වීමේදී ගිරවගේ ඇහැ දකින්නා වගේ මට පේන්නෙ මගේ අරමුණ විතරයි. කාලය වියදම මට ප්‍රශ්න නෙමේ.

    කැමතියි

  5. සීතලේ පයින් යන විදිය කියෙව්වහම මට මතක් උනේ මම මුලින්ම සිතල විදපු විදිය.කොච්චර ඇග,අත් සහ හිස ආවරණය කලත් තොල් ,කන්පෙති ,නාසය හරහා ශරීරයට විදින සිතල කොහොමද කියල දන්නෝ දනිති.එහෙම උපයපු දේට අරින සම හරක්ද සිටිති.[තමන්ගේ සම හරක්ද සමග] මමනම් යමක් සැලසුම් කරද්දී පරණ අත්දැකීම් මත 100%ක සාර්ථක බවක් පෙනෙනවනම් නො කතා ක්‍රියාත්මකයි,පොඩ්ඩක් වැනෙනවා වගේනම් බිරිදතුමිය,අලුත්පන්නයේ දෙන්නටම තේරුම් යන්නේ නැති දෙයක් නම් දෝනියන්දගේ[17+] ගන්න අවස්ථාත් තියෙනවා.9+පුතණ්ඩිය ට නම් කැමැත්ත තියෙන්නේ ඔබගේ විෂය ට.බලමු මොකද වෙන්නේ කියල.මෙපමණ අපව දැනුවත් කිරීම ගැන “අරිගතෝ කුදයිමසු” කියල හිසනමා ආචාර කරමි!!!!

    කැමතියි

    • ඒ සීතල ගැන දැනගන්න ඒක විඳලම බලන්න ඕන.. ලංකාවෙ මිනිස්සු දේශගුණය අතින් කොච්චර වාසනාවන්තද කියලා බලන්න වෙනත් රටකට ගිහිල්ලම ඒ දුක විඳින්න ඕන..
      නමුත් ලංකාවෙ ඉන්න අයට ඒක තේරෙන්නෙ නැහැ…
      මම මේ බණ දෙසුවට මගෙත් සමහර සැලසුම් වැරදුනා… ඒ නිසා තමයි මම මේ අනිත් අයට ඒ වැරදි නොවෙන්න කියලා දෙන්නෙ…. වැරදි හදාගෙන දැන්වත් ඉස්සරහට යන්න බලනවා.
      බොහොම ස්තූතියි ප්‍රතිචාර වලටයි දිරිගැන්වීම් වලටයි.

      කැමතියි

  6. සමාවන්න “අරිගතෝ ගොසයිමසු”

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: