2012 ඔක්තෝබර් 29 : ඔබ ධනවතෙක්ද ? ධනවත් වීමට සිහින දකිනවාද ?


ධනවතෙක් වීම හැම දෙනාගෙම ලොකු සිහිනයක්. ලොකු ගෙයක ජීවත් වෙමින්, ලොකු වාහනයක් පදවගෙන ගිහින් ලොකු ලොකු යාළුවො ආශ්‍රය කරන්න, ලොකු ලොකු කතා කියලා තමන් ලොක්කෙක් කියලා පෙන්වන්න සමහරුන්ට තිබෙන්නෙ පුදුම ආශාවක්. ඒ නිසාම ජීවිත කාළයම ණය ගෙවනවා. ලංකාවෙ නම් ගෙයක් නැතිනම් ලොකු අඩුවක්… තවමත් කුළියටද ඉන්නෙ ? තවමත් තමන්ට කියලා ගෙයක් නැද්ද ? ඔබට මේ වගේ කතා අනන්තවත් ඇහෙනවා ඇති.. ගෙවල් ඇති අය ගෙවල් ලස්සනට තියාගෙන උජාරුවට ජීවත් වෙනවා. ගෙවල් නැති අය හූල්ලනවා අනේ මටත් මේ වගේ ගෙයක් තියෙනවා නම් කොච්චර හොඳද කියලා. වාහනයක් වුනත් එහෙමයි. පුංචි කාර් එකක් තියාගෙන ඉන්න කෙනා ලොකු කාර් එකක් ගන්න සිහින මවනවා. ලොකු කාර් එකක් තියෙන කෙනා තවත් ලොකු කාර් එකක් ගන්න සිහින මවනවා. මේ 99යෙ කණ්ඩායම.. දන්නෙ නැතිනම් හොයලා බලන්න… මමත් ඒ කතාව ඇහුවෙ රෑ ඉරපානෙන්.

අපි හැමෝටම මුදලින් ධනවත් වෙන්න පුළුවන් නම් හරිම අගෙයි. නමුත් අපි හැමෝටම ඒ වාසනාව හෝ හැකියාව නැහැ. නමුත් හැමෝටම ඒ අවස්ථාව තිබෙනවා. ඒත් අපි ඒ අවස්ථාවන් පැහැර හරිනවා.. දැන හෝ නොදැන. සමහර වෙලාවට මටත් අනන්තවත් හිතිලා තිබෙනවා… මමත් මෙච්චර වැඩිදුර ඉගෙන ගන්නෙ නැතිව රැකියාවකට ගියා නම් කොච්චර හොඳට ජීවත් වෙන්න තිබුණද කියලා.. නමුත් තවත් වෙලාවකට හිතෙනවා මෙච්චර කල් ඉගෙනගත් නිසා නේද මේ හැම දේම ලැබුණෙ කියලා. අපට අනාගතය දකින්න බැහැ. එහෙම පුළුවන් වුනා නම් බොහෝ දෙනෙක් ධනවත්තු. නමුත් අපට කරන්න පුළුවන් එකම දේ කළ යුතු සුදුසුම දේ කිරීම. සමහර විට වරදින්න පුළුවන්. මීට පෙර ලිපියක මම කිවුවා වගේ වැරදුනාම වැරදුන තැන මතක තියාගෙන එතැනින් පටන් ගන්න පුළුවනි. එකම වැරැද්ද දෙපාරක් කරන්න ගියොත් නම් සමාවක් දෙන්න බැහැ. මිනිස්සුන්ට වරදිනවා. වරදින්නෙත් උත්සාහ කරන මිනිස්සුන්ටයි. උත්සාහ නොකර එකම විදියට ඉන්න මිනිස්සුන්ට වැරදීමක් වෙන්නෙ නැහැ ඒ අය කිසිවක් කරන්නෙ නැති නිසා. ඉතින් වැරදුන දෙයින් ඉගෙන ගන්න…

මම ආචාර්ය උපාධිප ආරම්භ කළ අවස්ථාවෙ මට එක්තරා සංයෝගයක් සෑදීමට සිදු වී තිබුණා. මේ සංයෝගය මට පෙර සිටි ශිෂ්‍යයෙකුත් උත්සාහ කළ සංයෝගයක්. නමුත් ඔහුටත් එය තනාගන්නට නොහැකි වුනා. මම 22 වතාවක් විවිධාකාර අන්දමට උත්සාහ කරලා අවසානයේ 23න් වන වතාවෙ ඒ සංයෝගය තැනුවා. මා අධීක්‍ෂණය කළ පර්යේෂක සිම්බාබ්වේ ජාතික බෙවන් මට බොහෝ ප්‍රශංසා කළේ මා කිසි විටෙක ඒ උත්සාහය අත්නොහැර අවසාන ඉලක්කය කරා ගිය නිසා. ඒ සංයෝගයෙන්  මට ලොකු ප්‍රයෝජනයක් නොමැති වුනත් ඒ 22 වතාවෙදිම ලැබූ අත්දැකීම් පසුකළෙක මගේ පර්යේෂණ සාර්ථක කර ගැනීමට උපයෝගී වුනා.

බොහෝ නව නිපැයුම් තැනූ පුද්ගලයින් සිය සාර්ථකත්‍වය කරා ලඟා වුනේ නොපසුබස්නා උත්සාහයෙන්. ඇපල් සමාගම ලෝකයේ ලොකුම සහ ධනවත්ම සමාගම බවට පත් කළ ස්ටීව් ජොබ්ස් සිය ආරම්භය කර ගත්තෙ නිවසේ ගරාජය.  ඒ මිල මුදල් පැත්තෙන් ධනවතෙකු වෙන එකම මඟ.. නොපසුබස්නා උත්සාහය… තවත් ධනවතුන් මේ ලෝකෙ අනන්තවත් ඉන්නවා. ධනවත්කම මිල මුදලින්  බඩු භාණ්ඩ වලින් යාන වාහන වලින් ඇසුරු කරන ලොකු ලොක්කන්ගෙන් මනින සමාජයක ඔබ සමහරවිට දුප්පතෙක් වෙන්න පුළුවනි. නමුත් ඔබත් කිසියම් ආකාරයක ධනවතෙක් විය හැකියි. ඔබට අවශ්‍ය වෙලාවකට අවශ්‍ය උදවුවක් කරන්න සැදී පැහැදී ඉන්න මිතුරු කැළක් (බොක්කෙන් ඉන්න යාළුවො) ඉන්නට පුළුවනි. ඒ අතින් ඔබ ධනවතෙක්… බොක්කෙන් ඉන්න මිතුරු කැළක් සමහරවිට අර මිල මුදල් සියල්ලට වඩා ධනයක් වෙන්න පුළුවනි. අන් අයට වඩා ඔබ බුද්ධිමත් වෙන්නට පුළුවනි. මිල මුදල් අතින් දුප්පත් වුනත් අපේ සමහර මහාචාර්ය වරු අන් සියල්ලට වඩා උගත්කමින් -දැනුමින් පොහොසත්, ඒ නිසාම ඔවුන් සිසු සිසුවියන්ගෙන් පොහොසත්. නමුත් උගත්කම කියන්නෙ බුද්ධිමත්කම නොවෙයි කියලත් මතක තියා ගන්න. සමහර වෙලාවට පාරෙ යද්දි වුනත් පස් එකෙන් බැහැලා ඇවිත් කතා කරන සිසුන් ඉන්නෙ, පාරෙ මැද්දේ දෙනෝදාහක් සෙනග මැද්දෙ දණ ගහලා වඳින්නෙ අන්න ඒ ධනවත් බව නිසා.

ඔබ මිලමුදල් යාන වාහන නැති වුනත් නිරෝගී කම අතින් ධනවත් වෙන්න පුළුවනි. ඔබට ඉහෙන් බහින රෝගයක් නැති වෙන්න පුළුවනි. ඔබ ඒ අතින් ධනවත්, නිරෝගී කමත් ධනයක්…. නිරෝගී කමේ වටිනාකම දන්නෙ රෝගීව ඉන්න උදවිය. සිතට කිසිදු සැනසීමක් නොමැතිව නිතරම තමන්ගේ රෝග තත්ත්‍වය පිළිබඳ සිතමින් ඉන්න මිළ මුදලින් ධනවත් අයට වඩා ඔබ සැනසීමෙන් ඉන්නවා..  ඒ ධනවත් බව කාටවත් උදුරා ගන්න බැහැ…

කොච්චර ධනයක් තිබුණත් සැන්ඩි වගේ ලොකු කුණාටුවක් ආවොත් සියල්ල මොහොතින් නැති වෙන්න පුළුවන් කියලත් හිතේ තියා ගන්න.. දැන් කී දෙනෙක් බඩේ ගින්දර පත්තු වෙවී ද ඇත්තෙ කුණාටුව නිසා… ඒ සියළු දෙනා ඉන්නෙ බයෙන්.. ජීවිතය පිළිබඳ බයෙන්, තමන්ගෙ නිවස කැඩෙයි කියන බයෙන්, තමන්ගෙ වාහනය අනතුරකට පත් වෙයි කියන බයෙන්.. කොපමණ ධනය තිබුණත් ඉන්නෙ බයෙන්… ලංකාවෙ ධනවතුන්ගෙත් වැඩි වෙනසක් නෑ.. කොපමණ මුදල් තිබුණත් ඉන්නෙ බයෙන්… හොරකම් කරයිද ? කප්පම් ගනීද? තමන් මරා දායිද ආදී විවිධාකාර බයෙන්… සමහරු ආරක්‍ෂකයොත් තියාගෙනයි ඉන්නෙ… ඒත් බයෙන්…..

ඔබට ඒ සියල්ල නැතුවත් සතුටින් ඉන්න පුළුවනි. ඔබට ආදරය කරන නෑදෑයින්, දෙමාපියන්, බිරිඳක්-සැමියෙක්, දරුවන් ඉන්නවා නම්, ඔබට සියල්ල අහිමි වුනත් නැවත යා හැකි තැනක් තියෙනවා නම්, එතැන සතුටින් ඉන්න පුළුවන් නම්, ඔබ ධනවත්,..

සංතුෂ්ඨි පරමං ධනං කියලා බුදුන් වහන්සේ වදාලේ අර්ථයක් ඇතිව…

සතුටින් ඉන්න… ඔබ ධනවතෙක්…. ඔබේ සතුට ඔබට නිරෝගී බව ඇති කරනවා… එය පරම ලාභයක්…. ජීවිතය කියන්නෙ සල්ලිම නොවෙයි… සල්ලි නැතුවත් බෑ…. ඒත් සල්ලිම නෙවෙයි… තේරෙනවද මන්දා…..

ඉතින්…. ඔබ මොන වගේ ධනවතෙක්ද ?

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ඔක්තෝබර් 29, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 10.

  1. තවත් හොද ලිපියක්.මම දැන් කල්පනා කරන්නේ මම මොන වගේ ධනවතෙක්ද කියල.

    කැමතියි

  2. මට සල්ලි නෑ ඒත් මම හොඳ ධනවතෙක්… පෝස්ට් එකේ විදියටනම්…

    කැමතියි

  3. සල්ලි සම්බන්දව නම් මාතලන් අයිය කිව්ව එකම තමා කියන්න තියෙන්නෙ… මම විස්වාස කරන විදිහට නම් මං ධනවතෙක්…

    කැමතියි

  4. ඇල්කෙමි හරි.
    නමුත් සල්ලි තියන හැමෝම සතුටින් නොහිටියාට සල්ලි නැතුවම සතුටින් ඉන්න ටිකක් අමාරුයි නේද. මට හොදට මතකයි “අපි ජොලියේ හිටිය සල්ලි නැතත්, නමුත් රෑට බෝඩිමට ඇවිත් කන්න දෙයක් නැති කොට, තදට බඩගිනි එනකොට, සාක්කු දෙකම හිස් විට, සංතුෂ්ඨි නැත.

    කැමතියි

    • සල්ලි කියන්නෙ ජීවිතයම නොවෙයි වුනාට සල්ලි නැතුව ජීවිතය ගෙනියන්න බැරි බව මම දන්නවා… නමුත් තියෙන සල්ලි ප්‍රමාණය හරි හැටි කළමණාකරණය කර ගන්න පුළුවන් නම් ඒ තියෙන ටිකෙන් හරි දුකක් නැතිව ඉන්න පුළුවන් නේද ?
      මටත් එහෙමයි කියලා සල්ලි නෑ.. නමුත් තියෙන ටිකෙන් ගැට ගහගෙන සතුටින් ඉන්නවා… සමහර වෙලාවට යමක් අළුතෙන් ගන්න අවශ්‍ය වුනත් ඊලඟ පඩිය වෙනකල් ඉන්න වෙලාවල් තියෙනවා….

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )