2012 ඔක්තෝබර් 30 : ලංකාවේ වසරකට ගබ්සා 250,000 ක් !!!! විධිමත් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවය අපට දැනෙන්නේ ලංකාවම සමාජ රෝගීන් වූවාට පසුද ?
ලංකාවට විධිමත් ලිංගික අධ්‍යාපනයක අවශ්‍යතාවය පිළිබඳ මම මගේ බ්ලොග් අඩවිය තුළින් කතා කළේ මීට බොහෝ කලකට පෙර. ඒ ලිපියට මෙතැනින් යන්න. අද Daily Mirror පුවත්පතේ තිබූ මේ ප්‍රවෘත්තිය දුටුවාම මට ඇති වුනේ ඇත්තෙන්ම කණගාටුවක්. එයින් කියැවුනේ ලංකාවේ වසරකට ගබ්සා 250,000 ක් සිදු වන බව… මෙය ඇත්තෙන්ම මිනීමැරුම් 250,000 ක් කිරීමක්. එනම් සමූලඝාතනයක්… පුවත්පතට අනුව දිනකට ගබ්සා 700 ක් ලංකාව තුළ සිදු වෙනවා ලු. ඇත්තෙන්ම මෙය අදහන්න පුළුවන් ප්‍රවෘත්තියක්ද කියලා මුලින්ම සිතා බලන්න අවශ්‍යයි. ගබ්සා 700 ක් දිනකට සිදු වනවා කියන්නේ තරුණියන් 700 ක් දෙනෙකුගේ අනාගතයේ අවිනිශ්චිත භාවය. හිතන්න….
මේ තරුණියන් බොහෝ දෙනෙකු අනාගතයේ විවාහ වී දරුවන් ලැබ සිය පරපුර තවත් කාළයක් ගෙන යා යුතු පිරිසක්. මෙසේ ගබ්සා (එකක් හෝ වැඩි ගණනක්) කිරීම මගින් විනාශ වන්නේ ඔවුන් පමණක් නොවෙයි -ඔවුන් අනාගතය වෙනුවෙන් රැකගත යුතු මතු පරපුරයි. මතු පරපුර රෝගීන් වන විට රටේ අනාගතයට සිදු වන්නේ කුමක්ද කියා වර්තමානය වෙනුවෙන් අනාගතය බිලි දීම නමින් ලිපියක සඳහන් කළා. මේ තත්ත්වය ගැන කෑ මොර දෙමින් ගබ්සාව නීතිගත කිරීම හෝ නොකිරීම කළ යුතුද යන්න ගැන විවාද නොකර අපි කළ යුත්තේ ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමයි. ගබ්සාවට වඩා ගබ්සාව සිදු කිරීමට මුල් වන හේතුව වන අනාරක්ෂිත ලිංගික සබඳතා වැලැක්වීමට අප කටයුතු කළ යුතුයි.
නාරිවේදය පිළිබඳ අමෙරිකානු සඟරාවක (Obstetrics and Gynecology) පළවන පර්යේෂණයක ප්‍රතිඵල අනුව සැකසුන මේ ලිපියෙන් කියැවෙන්නේ අමෙරිකා එක්සත් ජනපදයේ තරුණියන් අතර උපත්පාලන පෙති සහ උපත්පාලන කොපු නොමිලයේ බෙදා හැරියහොත් ගබ්සා සිදු කර ගැනීමේ ප්‍රතිශතය පවතින තත්ත්වයෙන් 40% – 71% ක් අතර ප්‍රමාණයක අඩුවීමක් සිදු විය හැකි බවයි. මේ පර්යේෂණය සඳහා පර්යේෂකයින් විසින් මිසූරි ප්‍රාන්තයේ ශාන්ත ලුසියා (St. Louis) ප්‍රදේශයේ වෙසෙන නව යොවුන් වියේ තරුණියන් (14-15) සහ වැඩුනු ගැහුණුන් 9000 ක් අතර ඉතා විශ්වාසදායී උපත් පාලන ක්‍රම ( පෙති, ලූප, සහ තවත් පහසු උපත්පාලන ක්‍රම) නොමිලේ බෙදා හැර තිබෙනවා. ඒ අනුව ඔවුන් අධ්‍යයනය කර ඇත්තේ මේ කාණ්ඩයේ පිරිස අතරින් සිදු වන ගබ්සා ප්‍රමාණය 62% – 78% දක්වා ප්‍රමාණයක් අඩු වී ඇති බවයි.
ඔවුන්ගේම වදන් වලට අනුව නොමිලේ බෙදා හැරෙන උපත්පාලන උපකරණ නිසා සමාජයට සිදුවන යහපත සැලසුම් නොකළ ගැබ්ගැනීම් වැලැක්වීමට වඩා ඔබ්බට යන කාර්යයක්. ඒ අනුව උපත්පාලන උපයෝගීතාවය නිසා සහ ඒ හා සමගාමීව සිදු වෙන ලිංගික අධ්‍යාපනය හරහා අදාල නියැදියේ ගබ්සා ප්‍රතිශතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීමට සමත්වූවා පමණක් නොව ඔවුන්ගේ ජීවන තත්ත්වය ද චරිත ස්වභාවය ද ඉහළ දැමීමට සමත් වූ බව පවසනවා. වසර 2006 -2008 අතර ඇමරිකාවේ සිදු වූ පිළිසිඳ ගැනීම් වලින් 49% ක් සැලසුම් නොකළ පිළිසිඳගැනීම් බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා. මේ අනුව මේ තරම් දියුණු, සංස්කෘතිකව ඉතාම විවෘත ප්‍රතිපත්ති ඇති රටක් වුවත් සිදුවෙන අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා මේ ගැබ් ගැනීම් සිදු වනවා.
ලංකාවේ අවාසනාවකට සිදු වන්නේ මෙහි අනෙක් පැත්තයි. මුලින්ම මිනිසුන්ගේ ලිංගික නිදහසට වැටී ඇති තහංචි…. ආගමේ සහ සංස්කෘතියේ නාමයෙන් මිනිසුන් හිර කර තබා ඇති බව මගේ වැටහීමයි. ඒ නිසාමයි පන්සලට ගියත් තරුණියන්ගේ අඟ-පසඟ ගැන බලන තරුණයන් අප අතර ඉන්නෙ. ඒ නිසාම තමයි “කර්ම” වැනි චිත්‍රපටයක විඩිහිටියන්ට පමණයි යන තේමාව අනුව චිත්‍රපටය නරඹන්න ගොස් බොහෝ දෙනා අපේක්ෂා භංගත්වයට පත් වෙන්නෙ. ඒ වගේමයි ඕනම මාතෘකාවක් කුමක් හෝ ලිංගික තේමාවක් ඔස්සේ කතා කළවිට එය බලන්නට කියවන්නට සෙනඟ පැමිණෙන්නෙ.. මා මේ පර්යේෂණය මගේ බ්ලොග් අඩවියේම කර ඇත්තේ වරක් දෙවරක් නොවෙයි. සෑම වතාවකම ලිංගිකත්වය සම්බන්ධ තේමාවක් යෙදූ විට මගේ බ්ලොග් අඩවිය කියවන්නට එන සංඛ්‍යාව සාමාන්‍යයෙන් පැමිණෙන සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක්. මේ නිසාම තමයි පසුගිය කාළෙක ලිංගිකත්වය තේමා කරගත් සමහර බ්ලොග් අඩවි සෝඩා බෝතලය කැඩුවා වගේ ජනප්‍රිය වෙලා මාස කිහිපයක් ඇතුලත හිට්ස් ලක්ෂ ගණනක් ලබා ගත්තෙ… මිනිසා ලිංගිකත්වයට බරයි. කාටවත් ඒක වැටවල් ගහලා නවත්වන්න බැහැ. ඒක වැටවල් ගහලා නවත්වන්න යාමත් බොරුවක්… කරන්න බැහැ. බලන්න කොළඹම කෙපමණ ලැගුම්හල් ප්‍රමාණයක් තිබෙනවාද කියා.. ඒවාට යන්නෙ කවුද කියා බලන්න.. බොහොමයක් වෙලාවට යන්නේ පාසැල් යන වයසේ හෝ ඊට වඩා තරමක් වයස තරුණ තරුණියන්…. කවුද මේ ලැගුම් හල්, ගණිකා මධ්‍යස්ථානවල අයිතිකරුවන්… දේශපාලනඥයින්, ඔවුන්ගේ හෙංචයියො, නීතීඥවරුන්, නළු නිළියන්, වගේ රටේ බොහොම සම්භාව්‍ය උදවිය.
රටේ ලිංගික අපචාර වලට වැඩියෙන්ම නම ගෑවෙන්නෙ කාගෙද ? දේශපාලනඥයින්, හෙංචයියන්, නළු නිළියන්, වගේම කට්ටිය… ඉතින්… දැන්වත් අපේ මේ බොරුවට දවටාගෙන ඉන්න සංස්කෘතියේ දුහුල් සළු පිළි ගලවලා අනාගත පරපුර වෙනුවෙන් විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න අපේ රජය කටයුතු කළේ නැත්නම් අපට 2020 වනවිට ඉතිරි වෙන්නේ දියවැඩියාව සහ සමාජරෝග වලින් පිරිච්ච සමාජයක් පමණයි. මේ වගේ රෝගී සමාජයකින් අපට අනාගතයේදී රටක් දියුණු කරගෙන ආසියාවේ ආශ්චර්යය කරා යන්න බැරි වෙනවා. අපට වෙන්නේ ආසියාවේ රෝහල බවට පත් වෙන්නයි.
මේ නිසා දැන් අපි ක්‍රියාත්මක විය යුතුයි. දරුවන් දැනුම් තේරුම් ඇති කාළයක සිට තමන්ගේ සිරුර තමන්ට පමණක් අයිති දෙයක් බව දැනුවත් විය යුතුයි. මේ නිසා තමයි අපචාර වල නියැලෙන්නන් දරුවන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්නෙ… ළමා අපචාර වැඩි වන්නෙ… දරුවන් සහ දෙමාපියන් -විශේෂයෙන් මව සහ දරුවා අතර කුඩා කාළයේදී දැඩි සම්බන්ධයක් තිබිය යුතුයි. දරුවා නාවන විට, දරුවාට ඇඳුම් අන්දවන විට මවට හැකියි මේ දේ කියා දෙන්න.. තමන්ගේ සිරුර ස්පර්ෂ කළ හැක්කේ මවට සහ තමාට පමණක් බවත්, පියාට වුවත් අනිසි ලෙස ස්පර්ෂ කිරීමක් සිදු නොකළ හැකි බවත් දරුවාට පැහැදිළි කළ යුතුයි. වෛද්‍යවරයෙකුට වුවත් දරුවා ස්පර්ශ කළ හැක්කේ දෙමාපිය අවසරයක්, දරුවාගේ රෝගී තත්ත්වයක් නිසා පමණක් බව ඉගැන්විය යුතුයි. ඉන් පසුව ක්‍රම ක්‍රමයෙන් ලිංගික අවයව පිළිබඳ සහ වෙනත් බැරෑරුම් දේ ගැන නිසි වයස එළැඹෙන විට කියා දිය යුතුයි. සාමාන්‍ය පෙළ ප්‍රජනනය පාඩම තමන්ට කියවගන්න කියන ගුරුවරු ඉන්න රටක මෙවැනි ලිංගික අධ්‍යාපනයක් මනා සංයමයකින් ලබා දීම සුවිශාල අභියෝගයක්… ඒ අභියෝගය භාර ගන්න පුද්ගලයාට මනා සංයමයක් තිබිය යුතුයි.. ලංකාවේ අධ්‍යාපනයම පිස්සු කෙළින අවස්ථාවේ ලංකාවේ අධ්‍යාපන ක්ෂෙත්රයෙන් මේ වගේ වැදගත් දෙයක් බලාපොරොත්තු වීම ඇත්තෙන්ම කිසිසේත්ම බලාපොරොත්තු වෙන්න බැහැ.
ඉතින් අම්මේ තාත්තේ… දැන් ඔබ සංස්කෘතියේ බැමි ලිහිල් කළ යුතු කාළය ඇවිත්. තමන්ගේ දරුවා සමඟ ලිංගිකත්වය පිළිබඳව සංයමයකින් කතා කරන්න කාළය ඇවිත්… නැතිනම් සිදු වෙන්නේ ඔබේ පුතා සමාජරෝගියෙක් වීමත්, ඔබේ දුව පාසැල් යන වයසේදීම ගැබ්බර වීමත් යන දෙකෙන් එකක් පමණයි. දැන් ලංකාවේ පවතින රූපවාහිනී නාලිකා 25 කට අධික ප්‍රමාණයෙනුත් ඉන්දියාවෙන් එන චැනල සියල්ලෙනුත් කෙරෙන්නේ දරුවන්ගේ හැඟීම් ඇවිස්සෙන එක පමණයි..
ගබ්සාවක් කිරීමට මුලින්ම දරුවකු පිළිසිඳගත යුතුයි. මේ සඳහා ලිංගිකව සක්‍රීය පිරිමියෙකු සහ ගැහැණියගේ එක් වීමක් අත්‍යවශ්‍යයි. මේ අනුව ලංකාවේ දිනකට ගැහැණුන් 700 දෙනෙකු ට වඩා අනාරක්ෂිත ලිංගික හැසිරීම් වල නියැලෙනවා. මේ ලංකාවේ සේවය කරන ගණිකාවන් 40,000 දෙනාට අමතරව. ඒ අනුව ගැහැණුන් සහ මිනිසුන් 14,000 ක් අවම වශයෙන් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයන් වැළඳීමේ ඉඩකඩ තිබෙනවා. මෙන්න මෙතැනයි භයානක කම. ඒ අතරින් ඒඩ්ස් පැතිරීම ලංකාවෙ සීඝ්රයෙන් වැඩි වී ඇති බව පැවසෙනවා. ඉතිං… බලාගෙනයි….
ඔබත් අනාරක්ෂිතව ලිංගික හැසිරීම් වල නියැලෙන්නෙකු නම්, වහාම ලඟම ඇති ෆාමසියට ගොස් ලැජ්ජාව පසෙක තබා උපත් පාලන කොපු පැකට්ටුවක් ලබා ගන්න. ගැහැණියක් ඉදිරියේ නිරුවත් වීමට ඔබට ලැජ්ජාවක් නැතිවා සේම ඒ සඳහා ආරක්ෂිතව සහභාගී වීමට උපත්පාලන කොපු ලබා ගැනීමට ලැජ්ජාවක් ඔබට තිබිය නොහැකියි. ඒ නිසා ලැජ්ජ බිමින් තියන්නට පෙර ලැජ්ජාව පසෙක තබා උපත්පාලන කොපු පැකට්ටුවක් ලබා ගන්න.. එසේ නොවුව හොත් ඔබට සිදු වන්නේ පිඹ පිඹ ඉන්න නොවෙයි… ඊට වඩා අනතුරක්…. ඔබ ලිංගිකව සක්‍රීය තරුණියක් නම්.. (ලංකාවෙ බොහෝ තරුණියන් ලිංගිකව හැසිරුණත් අක්‍රීයයි -ඒක වෙනම කතාවක්) තරුණියක් හැටියට ඔබට යුතුකමක් තිබෙනවා ඔබ හා ලිංගිකව එක්වන පුද්ගලයාගෙන් උපත් පාලන කොපුවක් තිබේද කියා විමසන්න… ඔබේම පෙම්වතා වුනත්… අනාරක්ෂිතව ලිංගිකව හැසිරුනොත් ගැබ් ගන්නෙ ඔබ මිසක් ඔහු නොවෙයි…. ඒ වගේමයි… අනාරක්ෂිත ගබ්සාවකදි වෛද්‍යවරයා කොතරම් දක්ෂයෙකු වුවත් ඔබ මිය යන්න ඇති අවකාශ වැඩියි… බොහොමයක් ගබ්සා උපකරණ නිසි ලෙස ජීවාණුහරණය කර නැහැ… ඒ නිසාම ඔබට සමාජරෝග වැළඳීමේ අවදානමත් වැඩියි… ඒ වගේම ඔබේ පෙම්වතා කෙතරම් විශ්වාසවන්ත වුනත් ඔහුගේ උණකටුව කොහේ ඔබලා කාගෙ කාගෙ උණ බලලා එනවද කියලා ඔබ නොදන්නවා වෙන්න පුළුවනි. ඒ නිසා එක්කෝ ඔබ උපත්පාලන කොපු ඔබ සතුව තබා ගන්න… නැතිනම් ඔහුට ඒවා රැගෙන එන ලෙස පවසන්න… වරක් දෙවරක් ලිංගික සබඳතා ප්‍රතික්ෂේප කළාම ඉබේම ඔහු පුරුදු වේවි… නමුත් ඔබ දෙදෙනාටම ලිංගික සබඳතා පවත්වන්නෙ නැතිව ඉන්න සංයමයක් තිබෙනවා නම් ඒක ඊටත් වඩා හොඳයි.
ඒ නිසා මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මෙච්චරයි…
දැන්ම ක්‍රියාත්මක නොවුන හොත් අපට සිදු වන්නේ විශාල විනාශයක්.. දැනටමත් ඔබ-අප අතරේ ඒඩ්ස් සහ වෙනත් සමාජ රෝග වැළඳුන කීදෙනෙක් ඉන්නවද කියා අප දන්නෙ නැහැ. ඔබට ලිංගිකව එක්වන්න එපා කියන්න මට කිසි අයිතියක් නැහැ… මම එහෙම කියන්නෙත් නැහැ… ලිංගිකත්වය කියන්නේ වැඩුනු – වගකීමක් ඇති මිනිසෙකුගේ ගැහැණියකගේ අයිතියක්… නමුත්, කිසිදු විටෙක විශ්වාසදායක නොවන කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වන්න එපා. එසේම තමන්ගේ පෙම්වතිය-පෙම්වතා සමඟ ලිංගික ඇසුරක් පවත්වනවා නම් ආරක්ෂක උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න… ඒ වගේම ගෙදර කෑම රසවත් නෑ කියලා පිට හෝටල් වලින් කන්න ගිහින් බඩේ අමාරු හදා ගන්නෙ නැතිව ගෙදර කෑම එකම මෙනු එක වෙනස් කර කර වෙනස් වෙනස් විදියට කන්න පුළුවන් කියලත් අමතක කරන්න එපා. ඒක ගෙදර මනුස්සයත් එක්ක සාකච්ඡා කරලා බේරගන්න.. අපට ෂලකනවනං අපිත් ෂලකනවා කියලා සමහර විට ඇහෙන්න බැරි නෑ… ලිංගික කටයුත්තෙදි බේකරි මෙතඩ් එක පාවිච්චි කරන්න ගිහිල්ලා පාන් කර කර ගත්තාම අන්තිමට වෙන්නේ පෝරණුව ගඳ ගහන එක බව විවාහක සහ අවිවාහක සියළුම දෙනා මතක් කරගත්තොත් හොඳයි.
෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
මේ කතාව මෙහෙමම Blogger.com එකේ ඇල්කෙමියාගේ දිනපොතෙත් තිබෙනවා.
Posted on ඔක්තෝබර් 30, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged Abortion, අනාරක්ෂිත ලිංගික හැසිරීම්, ගබ්සාව, daily mirror, Unprotected sex. Bookmark the permalink. ප්‍රතිචාර 13.
හරි වටිනා ලිපියක්. මේ වගෙම නොවුනත්. ඕනයාත් මේ වගෙ එකක් ලියල තිබුන කොල්ලන්ට කෙල්ලන්ට බොහොම දැනෙන විදියට.
ළමයින්ට දෙන නිදහස කුමක්ද? හා දෙන අධ්‍යාපනය කුමක්ද යනවග අලුතින් තීන්දු කිරීමට අවශ්‍ය බව පෙනේ. ආගම් හා සිරිත් වලින් වහගත්ත තිත්ත ඇත්ත තමා මේ.
දහම් පාසැල් යැවූ පමණින් දරුවා යහපත් අයෙක් වෙනවා යැයි හිතන සමාජයක අප ඉන්නෙ
කැමතියිකැමතියි
දහම් පාසැල් වලත් දැන් වෙන්නෙ හරි හරි වැඩ නෙ…. මොකද… හාමුදුරුවොත් දැන් ඒ පැත්තට නෙ බර…
මම දන්න හාමුදුරු කෙනෙක් ඉන්නවා පන්සලට අල්ලපු ගෙදර ගෑණියෙක් එක්ක පවුල් කනවා පන්සලේම ඉඳන්…
ඉතිං කොහොමද ඒ වගේ තැනකට දරුවෙක් යවන්නෙ දහම්පාසැලට. ?
අපි දැන් මේ සිරිත් විරිත් ලිහිල් කරන්න ඕන කාළය ඇවිත්… දැනටමත් පරක්කු වැඩියි..
කැමතියිකැමතියි
http://emailkavikaari.blogspot.com/2011/10/1000-11-news.html
මීට අවුරුද්දකට කලිං ලිව්ව එකක්
කැමතියිකැමතියි
මේ තමයි ඇත්ත තත්ත්වේ ..අපි “සංස්කෘතියේ“ , ධර්මානුකූල බවේ නාමයෙන් ලිංගිකත්වය පිළිබඳ ලබ ගත යුතු දැනුම පවා හංගමින් , එය අභව්‍යය , අසාමාන්‍ය සංසිද්ධියක් සේ සඟවා තබනවා ..සඟවන්නට උත්සාහ කරනවා , ඒත් ප්‍රතිපලය ඒ සෙවනැල්ලේ අඳුරින් ජිවිත ගණනක් විනාශය කරා යාම විතරයි .
නිසි වයසෙදි ලිංගික දැනුම , උපත්පාලනය පිළිබඳ , ලිංගාශ්‍රිත රෝග වගේම යෞව්වනයේ සිදුවන සොඳුරු වෙනස්වීම් ගැනත් දැනුවත් කිරීම හරිම වැදගත් …
ඔබ වගේම මමත් ..තවත් බ්ලොග්කරුවන් මේ ගැන කතා කළත් , රටේ වගකිව යුතු මාධ්‍යයන් , අධ්‍යපනඥයින් , බලධාරීන් මේ ගැන කතා නොකරන්නේ ඇයි දැයි කුතුහලයක් …
මමත් මේ ගැන ටිකක් කතා කළා මේ ලිපි වලදි ..
ලිංගික ගැටළු
<a href="ලිංගික ගැටළු“>ලිංගාශ්‍රිත රෝග
කැමතියිකැමතියි
බලධාරීන් ලැජ්ජයි නේ මේ වගේ ජරා දේවල් කතා කරන්න… ඒ අය බොහොම සුදනො….ඒ නාකි මිනිස්සුන්ටම අවුරුදු 20 කෙල්ලො අරන් හෝටල් ගානෙ යන්න පුළුවන් වුනාට මේ දේවල් කටින් කතා කරන්න අමාරුයි….
ඔච්චරයි…. කතා කරන්න හයියක් තියෙන කෙනෙක් එනකල් මේ ප්රශ්නය මෙහෙමම තියෙනවා…
කැමතියිකැමතියි
ඉස්සර මෙහෙ සමහර තැන් වල තිබුන කාසි දැම්මම කොන්ඩම දෙන යන්ත්‍ර. ඒවා සදාචාර විරෝධී ඇති වැඩි කල් තිබුනේ නැහැ. මිල දී ගන්න තියෙන ලැජ්ජාව වගේම ඒවා පාවිච්චි කලාම නියම මෙව්වා එකක් නැහැ කියන මතයත් තියෙනවා නේ.
“තමන්ගේ සිරුර ස්පර්ෂ කළ හැක්කේ මවට සහ තමාට පමණක් බවත්, පියාට වුවත් අනිසි ලෙස ස්පර්ෂ කිරීමක් සිදු නොකළ හැකි බවත් දරුවාට පැහැදිළි කළ යුතුයි. ” – මේ ළඟදී මව ළඟ නැතිව පියා සමග ජීවත් වුනු දරුවෙක්, පියා තමන්ට නිතරම අතවර කරන බව තේරුම අරන් තිබුනේ පාසලේ ලිංගිකත්වය ගැන කියා දුන්නට පස්සේ..
කැමතියිකැමතියි
මමත් ඔය ගැන අහලා තිබුණා. යූනියන් ෆාමසි එකේ තිබුන යන්ත්‍රය ලඟට යන්නෙ කවුද කියලා හැමෝම බලාගෙන ඉන්නෙ… අන්න ඒකයි ලංකාවෙ තත්ත්වය….
කොන්ඩම් එකක් ගන්න ගියාම ගන්න යන මිනිහයි ෆාමසියෙ ඉන්න කෙල්ලයි දෙන්නම ඇඹරෙනවා…
කරන්න හොඳයි… නමුත් ආරක්ෂාවෙන්න ලැජ්ජයි..
කැමතියිකැමතියි
ඉතාම වටින ලිපියක් බොක්කටම වදින්න ,බොක්කෙන්ම ලියල.තව දෙයක් තියෙනවා දරුවාගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරකම් වෙනස් වීගෙන එනවිට දෙමාපියන්,[දුවට මවත්,පුතුට පියාත්]සමාජයේ ලිංගික ප්‍රශ්න සුළු වශයෙන් හෝ කතාබහට ලක්කලොත් හොදයි කියල මට හිතෙනවා.මගේ දියණිය වැඩිවියට පැමිණීමට කිට්ටු කාලයේ සිට බිරිද ඇයට කරුණු කාරණා [ඔවුන් දෙදෙනා පමණක්] පැහැදිලි කරලා තිබුන.ජාත්ත්‍යන්තර පාසලකට යද්දී දන්නවනේ කෙල්ලෝ/කොල්ලෝ ප්‍රශ්ණ එයා එන ප්‍රශ්ණ අම්ම එක්ක කතා කරලා අර ළමයිව තරහ කරගන්නේ නැතිව අතේ දුරින් මිතුරුකමත් තියාගෙන මෙවර මැයි මස O / L කලා 9As [ 6 A *] මම මෙය පුරජෙරුවකට කිව්වා නෙමේ.දෙමාපියන්ට ලොකු දෙයක් කලහැකියි තම දරුවන්ට.උනාට පස්සේ කරපු එඋන්ට හෙන ඉල්ලලා වැඩක් නැහැ.
කැමතියිකැමතියි
ඔබ දෙපළ දෙමාපිය යුවලක් හැටියක කළ යුතු දේ කර තිබෙනවා… පාරම් බෑමක් නොවෙයි… ඔය ආදර්ශයට ගත යුත්තක්…. දරුවන් හොඳින් ඉගෙන ගන්නවා කියන්නේ දෙමාපියන් ඔවුන්ට හරි මඟ පෙන්වීම කෙරෙනවා කියන එකයි..
සුබ පැතුම්…
කැමතියිකැමතියි
දුෂණයට ලක්වූ කාන්තාවකට, ආරක්ෂිතව ගබ්සාවක් කරගතහැකි කාලසීමාව තුල, තම දරුගැබ ඉවත් කරගැනීමට අවසර ලබාදීම් අමානුශිකද?
කැමතියිකැමතියි
කිසිසේත්ම නැහැ.
නමුත් මේ නීතිය මුවාවෙන් ගබ්සා කීයක් වේවිද කියලා ඔබ කල්පනා කළාද ?
මම කියන්නෙ ගබ්සාව නවත්වන්න කියලා නොවෙයි… ඒකට හේතු වන අනාරක්ෂිත ලිංගික එක්වීම් නවත්වන්න කියලා…
දුක නැති කරන්න දුකට මුල්වන දෙයයි නැති කරන්න ඕන…
කැමතියිකැමතියි
පියල්
මාතෘකාව නම් බොහොම කාලෝචිතයි නමුත් ප්‍රායෝගිකව මේක ලංකාවෙ කරන්න යන කෙනාට මුහුන දෙන්න වෙනවාමට හිතෙන විදියට ලෝකෙ තියන ලොකුම අභියෝගයට.පලවෙනියටම අපේ 2500 සංස්කෘතිය අයිතිකාරයෝ රෙද්ද කරට අරගෙන එයි ඒ කියන සංස්කෘතිය කන්න හදනවා කියලා.හාමුදුරුවරුන්ගෙත් කොටසක් 95% විතර කෑ ගහයි.දේසපාලුවෝ ටිකක්,තව නොකී මෙකී අය කෑගහයි.ඊ ලඟට ලමයි ඉස්සරහ මේ ගැන විවුර්තව කතා කරන්න තරම් හිතේ හයිය තියන අයව හොයා ගන්න එක අපේ ගුරු පරම්පරාවෙන්.මමත් ඔයා ගෙ පැත්තෙ මේකෙදි මොකද අපි දැනටමත් පරක්කු වැඩියි .මමත් ඉන්නෙ බටහිර කියලා අපේ දේශප්‍රෙමියෝ කියන රටක.ඉස්කෝලෙ හයේ පන්තියෙදි මේ කරුනු කාරනා ලමයින්ට බොහොම සරලව ඒ වගේම හොඳට හිත්ට වදින්න කියලා දෙනවා.වඩා ගැඹරට කියලා දෙන්නෙ මෙහෙ කියන විදියට District Nurse ඉස්කෝලෙට ඇවිත්.එදාට ඉස්කෝලෙන් ලියුමක් එවනවා ගෙදරට ඒ ගැන කියල සහ අපිට ලමයා ඒ කට සහභාගි වෙනවට කැමැත්ත දෙන්න කියලා.ලමයි එහෙම හරියට ඉගෙනගත්තහම ඒ ගොල්ලන්ට වැරදි වැටහීම් ඔලුවලට යන්නෙ නැහැ.ඊ ලඟට මේ කොන්ඩොම් සහ උපත් පාලන පෙති ගන්න යන කෙනා දිහා අපේ 2500 ක සංස්කෘතියක් තියන ඒ වහේම 2300ක් විටර පස්සෙන් ඉන්න අපේ මිනිස්සු බලන්නෙ මහ ලොකු වැරැද්දක් කරන කෙනෙක් වගේ.මෙහෙ නම් කොන්ඩොම් ඕනම සුපර් මාකට් එකක තියනවා. නමුත් පෙති නම් දොස්තරගෙ තූන්ඩුව නැතුව ගන්න බැහැ.මේක ප්‍රමෝට් කරන්න ගිහින් දේශදොහියෙක් වෙන්න වෙන එක නම් නවත්වන්න බැහැ.
කැමතියිකැමතියි
හැම දේම පටන් ගන්න අමාරුයි… නමුත් කවුරුම හරි පටන් ගන්න ඕන… බලමුකො ඉස්සරහට….
කැමතියිකැමතියි