2012 නොවැම්බර් 03: මෙන්න මිනිහෙක් මැරෙනවා… වරෙල්ලා වරෙල්ලා…. වීඩියෝ කරපල්ලා……


අපේ ඉතිහාසයේ නොවූ විරූ අන්දමට අපේ සිත් සතන් සහ සිතිවිලි විරූප වී තිබේ. තාක්‍ෂණයේ දියුණුවත් සමඟම සියළුම දෙනාට  අති නවීන ජංගම දුරකථන හිමි වී තිබේ. යුද්ධයේ අනුහසින් මරණය යනු තවත් සාමාන්‍ය දෙයක් බවට පත් වී තිබේ. මිනිසුන් සිතන්නේ නැත.. ඔවුහු තිරිසන් හැඟීම් සහ ඇඩ්‍රිනලින් ප්‍රවාහයන් වෙනුවෙන් මානුෂිකත්‍වය බිලි දී ඇත. පුවත්පතක් ගතහොත් ස්ත්‍රී දූෂණ 10ක්, මිනී මැරුම් 15 ක් සහ ලමා අපචාර පහක්වත් කියවිය හැක. පුවත්පත් විකුණා ගැනීම සඳහා ද බොහෝ පුවත්පත් මේවා රසකමින් පළකරති. තවත් සමහර රූපවාහිනී සේවා මළකඳන් විකුණමින් සිය ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙන යති. එසේම මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් තිරිසන් වී ඇති අයුරු මෑතකදී සිදු වූ සිදුවීම් කිහිපයකින්ම අපට පසක් විය. රිය අනතුරකට පත්ව හිස කඳින් වෙන්ව ගිය මවගේ හිස රැගෙන විලාප නඟන තරුණියක් වීඩියෝ කරන්නට සමත් නරුම හිත් අපට පහළ වූයේ කෙසේදැයි සිතා ගන්නට නොහැක… එයට දෙවැනි කර රන් පදක්කම ලබා ගන්නට ගාල්ලේ සිදුවීමක් වීඩියෝ කළ පුද්ගලයා සමත්ව ඇත.

ගාල්ලේ සිදු වූ ගැටුමකදී හිටපු නගරාධිපති ගේ සොහොයුරාගේ පාදයක් හා අතක් වෙන්වන්නටම මහමඟ කපා දමා තිබියදී ඔහුව රෝහලකට ගෙනයනු වෙනුවට ඒ වටා සිටි සියළුම දෙනා තම ජංගම දුරකථන ඒ දෙසට දික් කරගෙන වීඩියෝ කරනු අපට දක්නට ලැබුණි. මෙසේ වීඩියෝ කරගෙන කුමක් කරන්නද ? නැවත නැවතත් අර මිනිසා මරණය සමඟ පොරබදනු නරඹා මාර ආතල් එකක් ගන්නද ? ගෙදර ගෙනගොස් පෙන්වන්නද ? වෙබ්අඩවියකට විකුණා මුදල් ගන්නද ? මේ සිද්ධිය ගාල්ල ප්‍රදේශයේ කල්ලි කිහිපයක් අතර ගැටුමක ප්‍රතිඵලයක් බව දැන් දැන් ඇසෙන ප්‍රවෘත්ති වලින් දැනගන්නට ලැබේ. අවි ගත්තෝ අවියෙන්ම නැසුනත්, අපට ඒ ගැටුමට අත දැමීම තම ජීවිතයට තර්ජනයක් විය හැකි වුවත්, මානුෂීය හේතූන් සළකා එම පුද්ගලයා මහමඟ මිය යනු වීඩියෝ නොකර සිටියා නම් කොපමණ වටී ද ? මිනිස් ජීවිතයට ලැබෙන වටිනාකම මෙයද ?

මෝටර් රථ ධාවන තරඟයකදී පාරෙන් ඉවතට ගිය වාහනයක් ගොඩට අදින දර්ශනයක් වීඩියෝ කළ තරුණයින් දෙදෙනෙකු එහි දී සිදුවූ  අනතුරකින්  නිසාම මියගිය පුවතක් අපට අසන්නට ලැබුණේ වැඩි ඈතක නොවේ. එසේම ඒ මියගිය තරුණයින් දෙදෙනාද වීඩියෝ කර අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කර තිබෙනු අපට දකින්නට ලැබුණි. ඔබ හෝ ඔබගේ පවුලේ කිසිවෙකු මෙසේ මහමඟ මිය යද්දී අවට සිටින්නවුන් උපකාර නොකර දුරකථන දික් කරගෙන සිටිය හොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද ?

මීට වසර විස්සකට පමණ පෙර පාර අයිනෙහි බල්ලෙකු පණ අදිමින් සිටියත් අහළ-පහළ මිනිසුන් එකතු වී ඌට වතුර පොදක් පෙවීමට හෝ තරම් මනුස්සකමක් අපේ හදවත් තුළ තිබුණි. නමුත් යුද්ධයත් තාක්‍ෂණයත් තවත් නොදන්නා සාධක බොහොමයකුත් එකතුව අපේ මනුස්සකම කොහේදෝ රැගෙන ගොස් ඇත… ඒ නිසාම මිය යන මිනිසාගේ ගෞරවයට වඩා වීඩියෝ කිරීම අපට ලොකු වී ඇත….

අපි අපේ මිනිස් ජීවිතවල අර්ථය කුමක්දැයි නැවත සිතා බැලීමට කාළය පැමිණ ඇත… ආණ්ඩුවෙන් නීති පැණවීම කරනතෙක් බලා නොසිට අපි අපිම ස්වයං වාරණයක් පණවාගත යුතුය… මිනිස් ඝාතනය කොතැනත් වැරදි ය… නමුත් ඒ සඳහා ක්‍රියා කිරීමට නීතියක්, පොලීසියක් ඇත.. ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ කාර්යය ඔවුන්ට භාර කරමු.. නමුත්, මිය යන මිනිසෙකුගේ අවසාන මිනිත්තු කිහිපය ඔබේ ජංගම දුරකථනයේ තබාගෙන එය රස විඳීම නම් අන්තිම පහත් කාර්යයකි….

ඔබේ වටිනාකම පිළිබඳ ඔබම තක්සේරු කරගන්න….. ඔබ මිය යන විටත් වටපිට මිනිසුන් ජංගම දුරකථන දික් කරගෙන සිටින දිනය වැඩි ඈතක නොවන්නට පුළුවන… ඔබ වෙනස් වෙන්න… ඔබේ මිතුරන් වෙනස් කරන්න…. සමාජය වෙනස් වනු ඇත….

මිනිසෙක් වශයෙන් ජීවත් වී මිනිසෙක් වශයෙන් මිය යන්න…… අවම වශයෙන් ඔබේ ආත්මයට සැනසීමක් එක්කරවනු ඇත…

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on නොවැම්බර් 2, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 27.

  1. මෙය අපේ මිණිසුන් කරනලද මිනී මැරුමක් නොවේ බලා සිටියේද වීඩියෝ කලේද අපේ අය නොවේ ඇමරිකාවේ චිකාගෝ නුවර දාමරිකයන් පිරිසක් යොදවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කරුවන් සැලසුම් සහගතව කල දෙයකි. බටහිරයන් ට සැලසුම් කර අපේ රටට හෙලයින්ට අපහාස කිරීමට මෙවැනි මෙවැනි දේ කිරීම සුළු දෙයකි.

    කැමතියි

  2. මිස්ටර් ඇල්..
    ඔබේ අදහසට ගරු කරමි.ඒත් ඔබගේ නොදැනුවත්කම ගැන අනුකම්පා කරමි..
    නලින් සිල්වා නලින්ද සිල්වා නම් ඔහුගේ අදහස් වලින් .00001ක් වත් ඔබට තේරුම්ගත හැකිනම් ඔබේ ඔහු පිළිබඳව ප්‍රතිරූපය වෙනස් එකක් වන්නට ඉඩ ඇත… මිනිසුන්ට මූණටම වාග් ප්‍රහාර තැන නොතැන බලා එල්ල කලද අනේ මේ මිනිහා පිස්සෙක් තමඉ කියන දේ විතරක් හරි කියන යන ගතානුගතික මතවාදය එල්බසිටීම මේ බ්ලොගය කියවන ඔබේ අනුගාමිකයින්ගේද ඔළු කුරුවල් වනු ඇත..යමක් පිළිබඳව,යමෙකු පිළිබඳව අධ්‍යනය කර ඔහු විවේචනය කරන්න..අපිට මිනිසුන්ගේ ප්‍රතිරූප ගතිපැවතුම් පෞද්ගලික ජීවිත වලින් වැඩක් නැත වැදගත් වන්නේ ඔහුගේ දර්ශනයයි..
    නියම මිනිස්කම කියන්නෙ මේවාගැන ටිකක් හිතලා බලලා කටයුතු කිරීම

    කැමතියි

  3. ඔය දේවල් කියවල/දැකල මම හරියට කම්පා වුනා.මට ඕව කියෙව්වම/දැක්කම මතක් වෙනවා. මගේ මහගෙදර ඉඩම පිහිටලා තිබුනේ එක් පැත්තක් මායිම්වෙලා තිබුනේ විශාල වැවකට.ඔය වැවේ අවුරුද්දකට මිනිස් බිලි 4/5 ක් ගන්නවා.එහෙම වෙලාවට ගම්මුන් කොච්චර සංවේදීව හැසුරුනාද කියල මතක් වෙනවා.තරුණ/මැදිවියේ පිරිමි ගිලුන කෙනාව ගොඩගන්න හොයනව්,තවකෙනෙක් ග්‍රාමසේවකට කියන්න යනවා,තවත් අයෙක් පාපැදියක් හොයාගෙන පොලිසියට දැනුම් දෙන්න යනවා.තව කට්ටියක් මිනිය ගොඩගත්තම තබන්න ගසක්යට පොල් අතුවලින් වටකරනවා,වැඩවල යෙදිල ඉන්න අයට කහට උගුරක් දෙන්න ගැහැණු උදවිය වතුර මුට්ටි උනුකරනවා ඔය වගේ දේවල් තමා අපි පුංචි සන්දියේ දැක්කේ/ඇහැව්වේ.අද වැඩිහිටියෝ තමන්ගේ දුවා දරුවන්ට තමන්ගේ කාලේ දේවල්වලින් දැනුවත් කරනවානම් සුළුවශයෙන් හෝ දැන් සිදුවෙන දෑ අවම කරගන්න පුළුවන් කියල මම හිතන්නේ.කොහෙද සම හරක් දෙමව්පියන් දරුවන් ඉස්සරහ හැසිරෙන්නේ 50ස් ගණන්වල අපිත් ලැප්ටොප්/අයිෆෝන් පවිච්චිකරපු ගානටනේ.

    කැමතියි

  4. රටත් එපාවෙනවා අප්පා මේව අහල දැකලම

    කැමතියි

  5. යලි යලිත් සිදුවෙන මෙවැනි සිද්ධීන් තරමටම එවැනි සිද්ධීන් විවේචනය කිරීමත් දැන් අලුත්ම විලාසිතාව බවට පත්වී තිබෙනවා . අසරණවී පන අදින අයකුගේ වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කිරීම මම කොහෙත්ම අනුමත කරන්නේ නැහැ .එවැනි දෙයක් බලා කිසිවකු සතුටු වෙතැයි කියා [වීඩියෝ ගත කල තැනැත්තාද ඇතුළුව ] මම කිසි විටෙකත් සිතන්නේ නැහැ . ලංකාවේ මිනිස්සු අනුන්ගේ විපතකදී සංවේදීව ක්‍රියා කරන්නේ නැහැ කියන අදහසත් මම කිසිවිටෙක පිළිගන්නේ නැහැ .මග තොටදී සිදුවන මාර්ග අනතුරු ආදියේදී මෙවැනි නොසලකා හැරීම් කිසි විටෙක මා දැක නැහැ . මිනිසුන් පමණක් නොවෙයි සතෙකු පවා අනතුරකට ලක් වූ අවස්ථාවල තමන්ට හැකි අයුරින් ක්ෂණිකව ඒ වෙනුවෙන් කැපවෙන මිනුසුන් සැමවිටම ලංකාවේ ඉන්න බව නොකීවොත් එය ඔවුන්ට කරංනාවූ අපහාසයක් . එසේනම් මෙහිදී සිදුවන්න ඇත්තේ කුමක්ද ???? මා දන්නා තරමට රණ්ඩු වලට විශේෂයෙන් මිනී මැරීම් වැනි දේවලට අදාළ සිද්ධීන් වලට කිසිම විදිහකින් සම්බන්ධ වෙන්න කිසි කෙනෙක් සතුටු නැහැ .බයයි . මේ වැනි අසරණ තත්වයක සිටින්නා වූ කෙනෙකුට වුව උදවු කරන්න බයයි විරුද්ධ පැත්තෙන් මොන ආකාරයක ප්‍රතිචාරයක් එදා කියා දෙගිඩියාවක් ඇතිවන නිසා . මට නම් හිතෙන්නේ මෙවැනි අවස්තාවක කලයුතු හොඳම දෙය පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට මේ ගැන දන්වා සිටීමයි . කොයි හැටි උනත් මෙවැනි දේ වීඩියෝ කර ප්‍රසිද්ධ කෙරීම අප්‍රසන්නයි !!!!

    කැමතියි

    • ඇත්ත… මම වුනත් ඔතැන හිටියා නම් ඔය මනුස්සයට උදවු කරන්න යන්නෙ නැති වෙන්න ඉඩ තිබුණා.. මොකද මේක පාතාල කල්ලි දෙකක් අතර සටනක්… නිකං අණුන්ගෙ සීනි කිරන්න ගිහින් මැරුම් කන්න වෙන්නෙත් අපටමයි. අර නඩුවක සාක්‍ෂිකාරයෙක් නඩු දිනේට ඉස්සෙල්ලා ගෙදරට ඇවිත් වෙඩි තියපු එකේ, මේ මිනිහට උදවු කරලා ගෙදර යනකොට අපටත් කඩුවකින්ම කොටලා යන්න බැරිකමක් නැහැ. ඒක මම පිළිගන්නවා.
      නමුත් අර වීඩියෝ කරපු එක නම් අන්තිම පහත්…. මම විවේචනය කළේ මට දැනුන දේ.. කොහොමත් මිනිස්සු විවේචනය කරන්න දක්‍ෂයි… වලක්වන්න කටයුතු කරන්නෙ නැහැ..

      කැමතියි

  6. මේ ගොසිප් වෙබ් සයිට් තහනම් කරන එක එක තකින් හොඳයි මමත් කල්පනා කලේ මගේ සින්ඩියේ එල්ලන් ඉන්න බ්ලොග් සහ වෙබ් සයිට් තවත් වරක් මේ වගේ දේවල් දැම්මොත් ඉවත් කරන්න. ෆේස්බුක් ඒවනම් මිතුරු කමෙන් කෙලින්ම ඉවත් කරණවා. මිනීමරපු උන්ට වඩා කාළකන්ණියෙක් වෙන්න ඕන මේවා වීඩීයෝ කළේ.

    කැමතියි

  7. මෙවැනි දේ ප්‍රචාරය කිරීම ගැන මම නම් තරයේම විරුද්ධයි. ආගම් වාදී හා වෙනත් අසැබි දේ බ්ලොග් වලින් උපුටා දක්වන අයට මම කමෙන්ටුවක් වත් දමන්නේ නෑ ප්‍රතිපත්තියක් ලෙස. මමත් බෞද්ධ ආගම පිළිබඳව ලියනවා. ඒකෙන් කාටවත් ගැරහීමක් කරන්නේ නෑ. මේ ටිකේ ෆේස් බුක් එකේ නිතරම මෙවනි දේ දමනවා. මේවා අපිට අවැසි දේ නොවන බව දැනගත යුතුයි. මේ වැනි පහත් ක්‍රියා හෙලා දැකිය යුතුයි.

    කැමතියි

  8. අනිවාර්යෙන්ම හෙලාදැකියයුතු දෙයක්. මිණීමැරුමක් වගේ දෙයක් නවත්වන්න බැරිවෙන්න පුළුවන් (අවදානමක් ගන්න කැමති නෑ කියමුකෝ) ඒත් හදිසි අනතුරක් වෙච්ච වෙලාවටත් කරන්නෙ මේ දේම තමයි. මම නං මේකට යුද්ධයට බනින්නෙ නෑ. යුද්ධයට වඩා මාධ්‍ය වලින් ඇතිකරපු තරගය තමයි හේතුව. හැමෝම උත්සාහ කරන්නෙ හොට්ම හොට් තත්වයේ තියෙද්දි ෆොටෝ එකක්-වීඩියෝ එකක් ගන්න මිසක් අසරණය බේරගන්න නෙවේ.

    මේ ප්‍රවනතාවය මෙච්චරම තදින් ඇතිවුනේ අවුරුද්දක දෙකක කාලයක ඉඳල.

    කැමතියි

  9. මෙතන දේසපාලනයක් හරි වෙන මොකක හරි කියනවා කියලා හිතන්න ඵපා.
    මේක තමා දෑන් ලෝකය කෑරකෙන රටාව.
    අනුන්ට හෙන ගෑහුවත් බල්ලො මරලා හරි සල්ලි හොයාගෙන තමුන්ගේ පාඩුවේ ඉදපන්(නෑත්නම් කරදර වෙයි )කියන න්‍යාය අපේ මිනිස්සුන්ගේ ඔලුවට කොටලයි තියෙන්නේ.පාන් ගෙඩිය 60ට නෙවෙයි 600ට ගියත් දිවි නෑගුම නෙවෙයි දිවි නෑසුම කියලාම ඵකක ගෙනල්ලා සල්ලි ටික හොරාකෑවත් අපේ උන් නෙවෙයි පාරට බහින්නේ.ඉතින් තමුන්ට කෙලිම බලපාන ඵ් වගේ දෙයක් ගෑනවත් කට නාරින අපේ ඈයෝ අනුන්ට උන මේ වගේ දේකදි කට අරීවිද?
    මිනිස්සු සීග්‍රයෙන් අදේශපාලන්ක උදරපෝශිතයන් කරන්න හදපු අවුරුදුගානක වෑඩපිලිවලක අවසන් ප්‍රතිපලය මේක මිසක් මේ තතව හදිස්සියේ ඈතිඋනු ඵකක් නෙවෙයි.
    කොටින්ම මේ ක්‍රමයට අවශ්‍ය මේ වගේ මිනිස්සු මිසක් ඔතනට බෑහෑලා වෑඩක් කරන් උන් නෙවෙයි.

    කැමතියි

  10. //ඔබ හෝ ඔබගේ පවුලේ කිසිවෙකු මෙසේ මහමඟ මිය යද්දී අවට සිටින්නවුන් උපකාර නොකර දුරකථන දික් කරගෙන සිටිය හොත් ඔබට ඇතිවන හැඟීම කුමක්ද ?//

    මේ කාරණාව ම තමා මටත් හිතුනේ. කුමක් හෝ හේතුවක් නිසා උදව් නොකලත් කමක් නෑ, ඒත් වට වී විඩියෝ කරද්දි ඔවුන් තුල ඇතිවන හැගීම ගැන හිතා ගන්න බෑ. ඔය ගැන කතා කරද්දි මටමතක් වුනේ, අපි (මම) පිලිකුලෙන් දැකපු අතීත සිදුවීමක්. ඒ අතීතයේ රෝමයේ එකෙක් මිය යනතුරු කරන සටනෙන් පරදින කෙනා මිය යන්න පණ අදිමින් සිටිය දී ඔහු වහා මරා දමන්න කියමින් ඔල්වරසන් දෙන ප්‍රෙක්ෂකයෝ.

    මේ වගේ සිද්දියක් මම විදේස රටක දී දැක්කා. එදා හිතුනා අපේ රටේ නම් මෙහෙම වෙන්නෙ නෑ නේද කියලා. ඒත් අවුරුදු දෙක තුනක් ඇතුලත තත්වය සම්පූර්ණ වෙනස්.

    කැමතියි

    • මට හිතෙන විදියට මේක මාධ්‍ය වලින් අපට කරපු වින්නැහියක්…
      හැමෝම තරඟෙට වැඩිපුර ප්‍රේක්‍ෂකයො අද්දවා ගන්න බාල ගණයේ වැඩසටහන්, රූප රාමු දානවා… මේ ඒ සියල්ලෙ කූඨප්‍රාප්තිය…
      මම නම් කියන්නෙ අපි මේවගේ දේ වලට ස්වයං වාරණයක් දමා ගැනීම විතරයි කරන්න පුළුවන් කියලා..
      මට පුළුවන් දවසක දීපව්‍යාප්තව යමක් කරනවා මේ වගේ දේවලට… නමුත් ඒ ඔක්කොටම ඉස්සෙල්ලා ලංකාවට එන්න ඕන…
      බලමු ඉස්සරහට….

      කැමතියි

  11. ඇමෙරිකාවේ පොලිසියෙන් ඔවුන්ගේ අණ නොතකා ධාවනය වන වාහන පසු පස හඹායන දර්ශන සජීවීව ඉදිරිපත් කරන්න සමහර රූපවාහිනී නාලිකා බලා ඉන්නවා. රූපවාහිනී නාලිකා වලින්ම යොදලා තියන හෙලිකොප්ටර් මගින් තමයි මේව රූපගත කරන්නේ. සාමාන්‍ය වැඩ සටහන් නවත්වලා තමයි ඔවුන් මේවා විකාශය කරන්නේ. කලකට උඩදි මේ විදිහට පොලිසියෙන් පසුපස පන්නා නැවැත්වූ වාහනයක් පැදවූ පුද්ගලයෙක් මහා මාර්ගය මැදට පැමිණ වෙඩිතබාගත්තා. ඊට පස්සේ ඒ ගැන බලවත් කතාබහක් ආරම්භ උනත් මේ තත්වය වෙනස්වෙලාද කියලා දන්නෙ නෑ.

    ඉතාලියෙදි(?) අනතුරට පත්වූ මගී නෞකාවෙදිත් සවි ශක්තිය ඇති තරුණයන්, උදව් කරනවා මොබයිල් ෆෝන් ආධාරයෙන් ගිලෙන මිනිසුන් වීඩියෝ කල බව පුවත්පත් වල තිබුණා. ලංකාවේදිත්, දුම් රියට අසුවූ තරුණයා, මවගේ හිස රැගෙන විලාප දෙන තරුණිය පිලිබඳ වෙබ් අඩවි වල දුටුවිට මටත් ඇති උනේ පිදුම පිළිකුලක්. ඩයනා කුමරිය අනතුරට පත්වී මියයන අවස්ථාවෙදිත්, උදව් කරනවා වෙනුවට, පැපරාසින් තව දුරටත් ෆොටෝ ගනිමින් සිටි බව වාර්තා වුනා.

    මං හිතන්නෙ මිනිස්සු ස්වභාවයෙන්ම නොදැනුවත්ව හෝ අනිත් අයගේ දුක රස විඳින්න කැමතියි. හැබැයි, විපතට පත් වූ පුද්ගලයා බේරාගන්න අවංකව ඉදිරිපත් වෙන මිනිස්සු කොහෙත් ඉන්නවා… ලඟදි අරුණි වීඩියෝ එකකුත් දාලා තිබ්බේ… ඒත් ඔය උදව් කරන සමහරුත් එන්නේ අන් අයකුට සිද්ධවෙන ඛේදවාචකයක් සියැසින් දැක පස්සේ ඒ පිළිබඳ “ඇසින්දුටු අයෙකුගේ” අදහස් රස කර කර කියන්න පුලුවන් කම නිසා. ලංකාවේ ගොසිප් අඩවියකට ගියොත් දකින්නම තියෙන්නේ ඛේදවාචක පිළිබඳව ෆෑෂ් වෙන බැනර්. “මහ මග මිනිසෙකු මරා දමන දර්ශන”, කාමාතුරයෙකුට බිලිවූ මල් කැකුල” ඔන්න ඔය වගේ ඒවා…. ඔය වගේ වීඩියෝ පමණක්ම ඇතුලත් වෙබ් අඩවියකුත් තියනවා… හදිසියේ දැකලා වමනේ ගියේ නැති එක විතරයි.

    කැමතියි

  12. math dakka oya siduveema gana liya thibuna dewal.video ekanam apo naha. . ow minisun maha dawale maranna baya naha auda aran ona kenekuta onadeyak karanna puluwan deshapaluwange puthuntath neethiyak naha neethiya wal wadila thiyena thanaka minisun bayai idiri path wenna minihek pana adiddi unath mathakane sunamiya welawe minisun hasurunu hati lajjai bauddayo kiyala kiyanna. penawane hamuduruwaru hasirena vidiha. ithin siyalla panuwan kala ihnda wahala kunuwela. kakulal wagenam kunuuna thuwle kapala leda bera gannawa. dan ehema naha. sarath n silwa wage katha kiyana minisun inna rataka thawath monada. ? tika dawasakin siyalla amathaka karanna puluwan jathiyak. marunu demala wenuwen kiribath kaawa ratak marune demala ho sinhalaya ho marune me rate minihek kiya hithanna bari eth hawasata pansal yana,loku dan dena minisun inna ratak Amerikawata sandy awa eka ekagana sathutu wena kuhakayo inna ratak. . eth mokaddo mageth pawak thiyenawa mage anthima kale inna hadanne oya kiya lankawema thama.

    කැමතියි

  13. මේ රැල්ලේ පලමු වීඩියෝව සම්බන්ධයෙන් මවිසින් මෙසේ ලියා අැත! අදාල අනතුර සිදු වූ තැනැත්තිය මගේ මිතුරියකි!

    “Dipun Nirmal Perera: Kavinda කතා වලටනං අැත්තටම මොකුත් කියන්න බෑ! මොකද සාමාන්‍යයෙන් ලංකාවෙ ජීවත් වෙන්නෙ එතරම් සිවිලයිස් වෙච්ච කට්ටියක් නෙවෙයි!

    අපට උන කරුමෙ මේකයි! ලංකාවෙ මිනිස්සු machine එක use කරන්න දන්නව! but අැයි අපි එ්ක use කරන්න ඔ්න කියන දේ දන්නෙ නෑ!

    කොටින්ම කියනවනං තාක්ශණය ලංකාවෙ තිබුනට එ්ක පාවිච්චි කරන්න පසුබිමක් නෑ. ඉතිං තාක්ශණය යනු ලංකාවෙ අයට ගොං අාතල් ගන්න තියන තවත් මාදයයක් විතරයි!
    October 18 at 2:36pm · Like · 3”

    කැමතියි

  14. අන්න රිටර්න් එකත් දීල මේ වෙනකොට හතර දෙනෙකුටම. මේක කොහොම නවත්තන්නද කියල හිතා ගන්නත් බැරුව ඇති පොලිසියටවත්. හරිම කරුමයක් තමා. මනුස්ස ජීවිතේක වටිනාකම නොදැනෙන එක තරං කරුමයක් මේ ලොවේ තවත් නැහැ.

    කැමතියි

  1. පින්ග්කිරීම: ගෝරි බලන්න කැමතිද? « රැඩිකල් අදහස්

ප්‍රතිචාරයක් ලබාදෙන්න