Daily Archives: නොවැම්බර් 8, 2012

2012 නොවැම්බර් 08 : එදා අපිත් ෆෙරාරියක් ගන්නවා….


ඔන්න අපේ……………

ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා

වරෙන් වරෙන්……….

වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා…

පෝං පෝං පෝං…..

කාගෙත් කාගෙත් පිං පළ දීලා – කාටත් කාටත් දෙයියෝ දීලා

පුංචි පහේ ෆෙරාරියක් ගෙනැල්ලා. //

……….

අසවු අසවු කොයි කාටත් රස පණිවිඩයක් කියා //

අපේ මල්ලි රොකට් එකේ ඉස්පේස් එකටත් ගියා //

ඉස්පේස් එකටත් ගියා-ඉස්පේස් එකටත් ගියා

……………..

ඔන්න අපේ……………

ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා

වරෙන් වරෙන්……….

වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා…

පෝං පෝං පෝං…..

දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා – අපටත් දවසක හඳ පායනවා

එදා අපිත් ෆෙරාරියක් ගන්නවා.

………….

අපේ රටේ අනාගතේ චීනුන් හට විකුණලා//

ගෝල්ෆේස් පිට්ටනියත් චීනෙකුටම විකුණලා //

චීනෙකුටම විකුණලා-චීනෙකුටම විකුණලා

…………….

ඔන්න අපේ……………

ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා

වරෙන් වරෙන්……….

වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා…

පෝං පෝං පෝං…..

කාගෙත් කාගෙත් පිං පළ දීලා – කාටත් කාටත් දෙයියෝ දීලා

පුංචි පහේ ෆෙරාරියක් ගෙනැල්ලා. //

……………..

කොහේ ගියත් වලාකුලක් නිල් අහසේ පාවෙලා//

මිහින් එකේ කුඹුරු උඩින් මත්තලටත් අපි ගියා. //

මත්තලටත් අපි ගියා – මත්තලටත් අපි ගියා

………….

ඔන්න අපේ……………

ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා

වරෙන් වරෙන්……….

වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා…

පෝං පෝං පෝං…..

දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා – අපටත් දවසක හඳ පායනවා

එදා අපිත් ෆෙරාරියක් ගන්නවා.

…………

සැලකිය යුතුයි.

මේ ගීතය නාරද දිසාසේකර රන්මුතු දූව චිත්‍රපටයට (ඔව් එහෙම එකක් තිබුණා) ගැයූ පිපී පිපී රේණු නටන ගීතයේ තාලයට ගැයිය යුතුය.

%d bloggers like this: