2012 නොවැම්බර් 08 : එදා අපිත් ෆෙරාරියක් ගන්නවා….


ඔන්න අපේ……………

ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා

වරෙන් වරෙන්……….

වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා…

පෝං පෝං පෝං…..

කාගෙත් කාගෙත් පිං පළ දීලා – කාටත් කාටත් දෙයියෝ දීලා

පුංචි පහේ ෆෙරාරියක් ගෙනැල්ලා. //

……….

අසවු අසවු කොයි කාටත් රස පණිවිඩයක් කියා //

අපේ මල්ලි රොකට් එකේ ඉස්පේස් එකටත් ගියා //

ඉස්පේස් එකටත් ගියා-ඉස්පේස් එකටත් ගියා

……………..

ඔන්න අපේ……………

ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා

වරෙන් වරෙන්……….

වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා…

පෝං පෝං පෝං…..

දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා – අපටත් දවසක හඳ පායනවා

එදා අපිත් ෆෙරාරියක් ගන්නවා.

………….

අපේ රටේ අනාගතේ චීනුන් හට විකුණලා//

ගෝල්ෆේස් පිට්ටනියත් චීනෙකුටම විකුණලා //

චීනෙකුටම විකුණලා-චීනෙකුටම විකුණලා

…………….

ඔන්න අපේ……………

ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා

වරෙන් වරෙන්……….

වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා…

පෝං පෝං පෝං…..

කාගෙත් කාගෙත් පිං පළ දීලා – කාටත් කාටත් දෙයියෝ දීලා

පුංචි පහේ ෆෙරාරියක් ගෙනැල්ලා. //

……………..

කොහේ ගියත් වලාකුලක් නිල් අහසේ පාවෙලා//

මිහින් එකේ කුඹුරු උඩින් මත්තලටත් අපි ගියා. //

මත්තලටත් අපි ගියා – මත්තලටත් අපි ගියා

………….

ඔන්න අපේ……………

ඔන්න අපේ තාත්තගේ චූටි මොළේ පෑදිලා

වරෙන් වරෙන්……….

වරෙන් වරෙන් ෆෙරාරියක් ඉතාලියෙන් බෑවිලා…

පෝං පෝං පෝං…..

දෙන දෙයියෝ ගෙට ගෙනැවිත් දෙනවා – අපටත් දවසක හඳ පායනවා

එදා අපිත් ෆෙරාරියක් ගන්නවා.

…………

සැලකිය යුතුයි.

මේ ගීතය නාරද දිසාසේකර රන්මුතු දූව චිත්‍රපටයට (ඔව් එහෙම එකක් තිබුණා) ගැයූ පිපී පිපී රේණු නටන ගීතයේ තාලයට ගැයිය යුතුය.

Advertisements

Posted on නොවැම්බර් 8, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 13.

  1. මේ අවුරුද්දේ රාජපක්ෂ පවුලට රේසින් කාර් ගෙන්න ගත්තට පස්සේ ලබන අවුරුද්දේ එකටත් බදු වැඩි කරනවා ෂුවර්…

  2. රට මාරු උනායින් පස්සේ නම් සුපිරියටම වෙනසක් වෙලා.නිර්මාණ එකකින් එකකට වෙනස්.තව තවත් අලුත් නිර්මාණ බිහිකර අපව සතුටු කිරීමට ශක්තිය සහ ධෛර්ය ලැබේවා !!!!!!!!!!

  3. ෆෙරාරිය සිහිනයක් නොම වේවා!!! පාරෙ හම්ප් වල වදිනකොට තමා ප්‍රස්නෙ. නැතිනං මම අපි 4 දෙනාට 4ක් ගන්නවා. මං චීනෙ ගිය වෙලාවෙ බලලත් ආවෙ. රොල්ස් රොයිස් එකක්

    http://emailkavikaari.blogspot.com/2011/09/shall-i-buy-rolls-royce.html

    • මම මේ නොකා නොබී සල්ලි හොයනවා..
      මරු වැඩේ කියන්නෙ පැටියා අහලා තියෙනවා ඇල්කෙමිච්චිගෙන් තාත්තා ජර්මනි ගිහින් ෆෙරාරි එකක් අරගෙනද කියලා…
      ඔන්න අපේ පැටියගෙ හීන දැම්මම…
      මමත් කවදාහරි ජනාධිපතිවරණෙට ඉල්ලනවා… අතිං කයිට් කරගෙන හරි…. වැරදිලාවත් උනොත් ඒකා ගොඩම නෙ….

  4. ඔඅය තියෙන්නේ දීලා ලෙසටම,
    උඹලට තේරෙන්නේ නෑ, පාරවල් හැදනකොට, හයිවේ හැදනකොට රේසින් කාර් නැතිව අනික්වා අල කන්නද

  5. ඇල්කෙමියා එක ඉසව්වකට නෙමේ හැම ඉසව්වකටම හපනෙක් කියලා දැන් නම් පැහැදිලියි.

  6. මේ ඇල්කෙමි පැටියටත් අපේ පැටව් ගෙ ලෙඩේ. උන් ඉල්ලන්නෙම අපිට හිතන්න වත් බැරි දේවල් නොවැ. හීන උසයි. ඒවා කොහොම හරිම සඵල වේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: