2012 නොවැම්බර් 15: ජනාධිපතිතුමාගෙ උම්බලකඩේ……………………..
ජනාධිපති මහින්ද රාජපක්ෂ මාත්තයාට වොෂිංටනයේ කට්ටිය කියන්නේ මාස්ටර් ටැක්ටීෂියන් කියාලා යැයි දිවයින පත්තරේ ආරස්සක කෝලම ලියන කීර්ති වර්ණකුලසූරිය මාත්තයා දවසක් ලියා තිබුණාය. මේ ගැන මමත් සොයා බැලුවෙමිය. ඇත්තෙන්ම බලාගෙන ගිහාම මේ කතාව අමූලික ඇත්තය.. දැන් බලන්නලා… ප්රභාකරන්ට ගුලියක් අඹරලා ඡන්ද ටික දෙමළුන්ට කියාලා වර්ජනේ කොරාගෙන උන්දෑ පලවෙනි වතාවෙ දිනුවාය. දිනලා ඉවර වෙලා අර විශ්‍රාම ගන්න ඔන්න මෙන්න හිටපු සරත් පොන්සේකා මාත්තයා හමුදාවේ ලොක්කා කොරේය. ලොක්කා වෙච්චි පොන්සේකා මාත්තයා ඒ හයියත් හිතට අරගෙන වහලා තිබුණ මාවිල් ආරු ටැප් එක ලඟින් ගහන්න පටං අරං නතර කොරේ නන්දිකඩාල් වලින්ය.. අන්තිමට මහින්ද මාත්තයා දිනවන්නට ක්‍රියාකළ ප්රභාකරන්ට වුනේ පුකේ යකඩ බටයක් ගහගෙන පොරෝ පාර නළලේ ගහ ගන්නය…. (හොඳ වෙලාවට අපේ කට්ටිය වෑයෙන් ඇහැලා පොරොවෙන් ගැහුවෙ නැත්තෙ)… ඒ වුනාට වෙන්න යන සීන් එක දැනගත්ත කරුණා අයියා වෙලාවට පැත්ත මාරු කළේය.. පිල්ලියාන් අයියාටද ගේම හම්බ වෙන්න යන්න ගියත් දන්න නිසා මාරු වුනේය… දැන් බලන්න ඒ අය ඉන්න සොමිය…
යුද්දෙ දිනපු සරත් මාත්තයා හිතුවේ යුද්දේ වගේම අනිත් එකත් දිනන්න පුළුහං කියාය… රනිල් අයියයි සෝමවංස සීයයි ඒකටම පෝර දමාලා සරත් මාත්තයාට යන එනමං නැති කොරේ ද මහින්ද මාත්තයාගේ ටැක්ටික් එකක් ලෙස යැයි කතාවක් තිබේලුය… ඊට පස්සේ සරත් මාත්තයාට වෙච්ච දේ අපි සියල්ලෝම දනිති.. වැඩේ කෙළවෙන බව දැනගත් කේපී අයියා ද ගානට මහින්ද මාත්තයාට හේත්තු වී අර සරත් මාත්තයාට වඩා ප්රවිලෙජස් ලබනවාය… මරු නේද ?
ඊට පස්සේ හෝ ඉස්සෙල්ලා විපක්ෂයේ කට්ටිය ආණ්ඩුවට ඇවිත් මහින්ද මාත්තයාගේ දෑත සත්තිමත් කරමින් ඒ මාත්තයාට දෙක නෙමේ තුන පාරක් ම හෝ ඊටත් වැඩියෙන් ජනාදිපති වෙන්නට පාර කපා දුන්නාය… දැන් මහින්ද මාත්තයාට ඒ පැත්තෙනුත් තුනෙන් දෙකම ඇත… ඔක්කෝම පහකි… සමහරු නං කියන්නේ එකක් අයින් කරලා කියලාය. ඒ කියන්නේ ටෝටල් හතරකි….. ඒ අපට වැඩක් නැතිය. සමහර විට පාරිලිමේන්තුවේ ඉන්නවා යැයි කියන සක්-කළ වට්ටම් ඒ ගැන දන්නවා ඇත…ඉතින් මේ ආකාරයෙන් මහින්ද මාත්තයා මාස්ටර් ටැක්ටීෂීයන් කෙනෙක් වගෙ වැඩේ දීගෙන දීගෙන යද්දී ආ අළුත්ම කලබැගෑනිය බජට්ටුවයි… මේ බජට්ටුවෙන් බේරෙන්නේ කෝමදැයි බල බලා ඉන්නකොට මහින්ද මාත්තයාගේ ටිකිරි මොලේට ආ අළුත්ම අදහස කට්ටිය නොමඟ යැවීමේ කලාවයි… ඒ කියන්නේ අක්කා පෙන්නා නංගී දීග දීමේ කලාවයි…
ඒ නිසා අර මුලින් කිවුවා පරිදි මහින්ද මාත්තයා තමන්ට ඕන විදියට බජට්ටුව හදාලා…. කට්ටියට රස කර කර කන්නට උම්බලකඩයක් දුන්නේය… ඒ උම්බලකඩේ ඇවිල්ලා රේස් කාර් බද්දයි… දැං ඉතිං පත්තරකාරයෝ ද විපස්ස කාරයෝද ජෙවීපී කාරයෝද මා හා උඹලා ඇතුළු බොග් කාරයෝ ද මහින්ද මාත්තයාගේ උම්බලකඩේ රස කර කර සූප්පු කරන්නේ චූටිබබා මාත්මිය ලොකු මාත්තයාගේ ඉස්ට්‍රෙස් එක යන්න කියා දවසක් දුන්න මසාජ් එකේ හැපි එන්ඩින් එක වගේය…. දැන් ඉතිං අපට බජට් එකේ මොකුත් පේන්නේ නැතිලුය.. පේන එකම අටමගලය රේස්කාර්වලට අඩු කරපු බඩ්ඩය… ඉතිං අපි කට්ටිය ඒ බඩ්ඩ ගැන කවිද කතාද ලියා අපේ ඉස්ට්‍රෙස් එක සැහැල්ලු කර ගන්නවාලුය… අපේ උම්බලකඩේට අපේ පිහිට විතරමය….
ඔන්න උඹලාට පේන්නේ නැති ටික අපට පෙනුනා ලුය.. හරියට හැපි එන්ඩින් එකේ රසවත්ම හරියොදී ලොකු නෝනා කඩා පාත් වුනා වගේම යැයි කියති. හැබැයි ඉතිං අපටත් පෙනුනේ පරක්කු වෙලාමු ය… අපිත් කවි ලිවුවේ ඒකලුය…
දැන්වත් උඔලාගේ විකාර නවත්වා අයවැයේ අනිත් කොටස් ගැන හොයාලා බැලුවොත් හොදයි යැයි මම ප්‍රකාශ කර සිටිමු…… මමත් පොඩි එකාට ෆෙරාරි එකක් අරගන්නට සෙල්ලම්බඩු කඩයකට ගියෙමිය… උන් ඒවා සත පහක්වත් අඩු කරලා නැත…. ඊට පස්සේ මම ඌට බැලුමක් අරන් දුන්නෙමිය.. අඩුම ගානෙ පුංබලා අරිනකොට ඒ දිහා බලාගෙන අපට හිනා වෙන්නවත් පුළුවනෙමි.
Posted on නොවැම්බර් 15, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged බජට් එක. Bookmark the permalink. ප්‍රතිචාර 16.
//දැන්වත් උඔලාගේ විකාර නවත්වා අයවැයේ අනිත් කොටස් ගැන හොයාලා බැලුවොත් හොදයි යැයි මම ප්‍රකාශ කර සිටිමු……//
කැමතියිකැමතියි
එසේය.. !
කැමතියිකැමතියි
මමත් එක තැනක ඇරෙන්න මේ වෙනකං දැක්කෙ රේසින් කාර් ගැන විතරයි…. මහ වෙදනද කොහෙද දේශීය වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් අයවැයේ කෑලි ටිකක් දාල තිබුනා…
බජට් එකේ වෙන අඩුපාඩු නැතුව ඇති… තිබුන නම් කට්ටිය කතා කරනවනෙ… මොනා වුනත් මහ රජා කියන්නෙ නිකං රජෙක් නෙමෙයි කට්ට කෛරාටික රජෙක් 🙂
කැමතියිකැමතියි
ඒකත් ඇත්ත වැරදි තිබුණා නම් අපේ අය කතා නොකර ඉඳීයෑ….
කැමතියිකැමතියි
@ Saathan
http://maathalan.blogspot.com/2012/11/2013-loan-investment-2013.html
කැමතියිකැමතියි
අපිත් මචෝ හොඳම ලියන්න ගියොත් නිකන් කැතයි වගේනේ. ඒකනේ උඹයි මමයි පොඩි කිචෝල් එකක් දාන්නේ. නැත්නම් ඉතින් මෙළෝ රහක් නෑනේ.. මේ බජට් එකේ ඉතා හොඳ යෝජනා තියෙනවා. ඒත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වේදයි කියන එකයි ප්‍රශ්ණේ.
ගොවියට හොඳයි. මේ කන්නෙට බීජ වී ටික නිකන්. පෝර සහනාධාරේ වටිනාකම දන්නේ ගොවියා විතරයි 150 ක් වැඩි කරත් උන් ආයෙත් ඡන්දේ දෙන්නේ මහින්ද මහත්තයට. මොකෝ උන් දන්නවා රනිල් ආපු ගමන් බඩුම තමයි කියලා..
ප්‍රාග්ධන ගිණුම විවෘත කළ එක නියමයි. දැන් විශාල මුදලක් ලංකාවට ගේන අයට එසේ ගෙන ඒම ප්‍රශ්ණ කිරීමකට ලක් නොවී ගෙන එන්න පුළුවන්. අනික පෞද්ගලික බැංකු වලට කෙලින්ම පිට රටවල් එක්ක ගණුදෙනු කරන්න පුළුවන්. ඒත් කරුමේ කියන්නේ ඒ ගේන සල්ලිත් මේ කාළකන්නි සෙට් එක නඩත්තු කරන්න රජයෙන් ආයිත් ණය හැටියට ගනීද කියන එකයි.
ඔය රෙස් කාර් සීන් එක උනත් හොඳ යෝජනාවක්. සල්ලි තියෙන සුද්දෝ ගෙන්න ගන්න නම් ඒ වගේ දේවල් කරන්න වෙනවා. ඕක ඉන්දියාවට මැලේසියාවට තේරුනේ ගොඩක් පස්සෙ. මොකෝ දැන් එන්නේ හිඟන්නෝ නේ. හරියට අපේ උන් සීනී සම්බල් හදාගෙන බැංකොක් යනවා වගේනේ. ඒත් කරුමය අවංක චේතනාව ඒකද කියන එක. ඕවා ගෙනත් කොටුවෙ රේස් දුවලා වැඩක් නෑ. ඒවා දුවන ට්‍රැක් එකත් හදන්න ඕන.
ඒත් මචෝ අපිත් හොඳ ඒවා ලියන්න ගියොත්.. කවුද පොඩි වැරද්දක් හරි ලියන්නෙ. ලොක්කා නම් මා දුටු නම්බර් වන් දේශපලන ගල් ආඳා… ආයේ නෝ කතා. ජේ ආර්ලා ප්රේමෙලා මොන්ටිසෝරී බබ්බු මෙයත් එක්කලා…
කැමතියිකැමතියි
සැටිපිකේට් ටෘත්…….
කැමතියිකැමතියි
ලොක්කා නම් ගල්ම ගල් ආඳෙක් කියා මමත් සිතනවා. ප්‍රශ්නේ මේ කාර් රේස් කතාව සහ බදු ගැන නම් විකාරයක් නිසා සමස්ථ අයවැයේ හොද නරක පිළිබඳ යමක් කිසිවෙක් කථා නොකළ එකයි. හැබැයි ඒකෙත් පොඩි ඇත්තක් තිබේ. මොකද අය වැය කියන්නේ ඕකට නෙමෙ. ඔය බඩු මිල දර්ශනයක්. ඕක හොදයි කඩේක දොරේ ගහල තියන්න. කො අපේ ආර්ථික ප්‍රතිපත්තිය එන වසරේ?
කො අපි එන වසරේ දළ දේශීය වත්කම් වැඩි කර ගන්නා උපාය මාර්ග?
කෝ අපේ අපනයන පිළිබඳ ප්‍රතිපත්ති එන වසරේ?
තව අටෝ රාශියක් ඇසිය යුතු ප්‍රශ්න තිබේ. මෙතැනින් නවතමි.
කැමතියිකැමතියි
අය වැය කියන දෙයින් අපේ මිනිස්සු අදහස් කරන්නෙ ඕක… ඉතිං මිනිස්සුන්ට ඕන දේ දෙන එක තමයි කරන්නෙ..
අඩුම ගානෙ විපක්ෂය වත් ඔබ අහපු ප්‍රශ්න අහන්නෙ නෑනෙ….
ඉතිං කවර කතාද ?
Audience එකට හරි යන්න නාට්ටිය පෙන්නනවා… එච්චරයි…
කැමතියිකැමතියි
http://maathalan.blogspot.com/2012/11/2013-loan-investment-2013.html
කැමතියිකැමතියි
මංනං දැක්කේ තුම්මුල්ල විතරමයි බවට තරයේ ප්‍රකාශ කර සිටිමි…:D:D:D
කැමතියිකැමතියි
ඔබතුමා පාස්… අහපු ප්‍රශ්නෙට උත්තර දුන්නෙ ඔබ විතරයි…
කැමතියිකැමතියි
😀
කැමතියිකැමතියි
ආශ්චර්යය රස තමා රස 🙂
කැමතියිකැමතියි
උම්බලකඩ රසයි…
කැමතියිකැමතියි
යාන්තං පෙනුනා කෙමි….
බොහොම ලස්සනයි හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා …….
එන්න සමකය වටේ රවුමක් යන්න
කැමතියිකැමතියි