2012 දෙසැම්බර් 17 : ලොකු හාමුදුරුවෝ දියවැඩියා….


නිධාන කතාව:

අළුත මහණ වුන පුංචි හාමුදුරුනම පන්සලේදි වුනත් තවමත් කතා කරන්නෙ ගෙදර කතා කරනවා වගේ…

පොඩිනම… මෙහාට ආවනං…. ලොකු හාමුදුරුවො පොඩිනමට කතා කරනවා….

එනවෝ……. කියාගෙන කාර් එකකුත් පැදගෙන පොඩිනම දුවගෙන වඩිනවා…

පොඩිනම, දැන් ඉතිං පොඩිනම ගෙදර කතා කරනවා වගේ පන්සලේ කතා කරලා බැහැ… එනවෝ කියලා දුවන්න බැහැ පන්සලේ…

කනවාට කියන්නෙ වළඳනවා කියලා… එනවා- යනවා කියනවට කියන්නෙ වඩිනවා කියලා…කියනවට කියන්නෙ වදාරනවා කියලා… ඒ නිසා ඒ වගෙ යෙදුම් පාවිච්චි කරන්න පුරුදු වෙන්න ඕන… හොඳද ?

එහෙමයි ලොකු හාමුදුරුවනේ……

මෙහෙම ටික දවසක් ගතවෙද්දි, පොඩිනම කුඹුරක් මැද්දෙන් යද්දි බල්ලෙක් එළවගෙන ඇවිත් පොඩිනම හපා කන්න… ඉතිං පොඩි නමත් බුදු මෑණියනේ කියාගෙන කුඹුරේ වැටි වැටි පන්සලට දුවගෙන ඇවිත්… ඉහිං කණින් දාඩිය දාගෙන සිවුර පුරා මඩ ගාගෙන දුවගෙන ආපු පොඩිනමගෙන් ලොකු හාමුදුරුවො ඇහුවෙ මොකද්ද මේ සංගදිය කියලා..

ලොකු හාමුදුරුවනේ මම කුඹුරේ නියර දිගේ පන්සලට වැඩගෙන එනකොට බල්ලෙක් ආවනෙ මාව වළඳන්න…. මම වැඩ්ඩා වැඩිල්ලක්… වැඩ්ඩ පාරට සිවුර වෙලේ වැටුනා….

හාමුදුරුවොන්ට සිනා පහළ වුනත් පොඩි නමට කිසිවක් කියලා නැත්තෙ හැම යාමක්ම ඒමක්ම වැඩිල්ලක් නොවන නිසා වෙන්න ඇති…

ඒ වගේම මේ ලොකු හාමුදුරුවො දවසක් ස්නානය කරමින් සිටින වෙලාවක පන්සලට දායක මහතෙක් ඇවිත් පොඩිනමගෙන් විමසුවලු ලොකු හාමුදුරුවො කොහිදැයි කියා…

ලොකු හාමුදුරුවො දියවැඩියා කිවුවලු… ඉතිං දායක මහත්තයා කිවුවලු… අනේ පොඩි හාමුදුරුවනේ මම හිතුවෙ ලොකු හාමුදුරුවො උඩවැඩියා කියල….

ඉතිං මේ සරළ කතාව කාටවත් හිත් රිදවීමක් නොවෙයි කියලා මම හිතනවා… කොහොමත් ආගම වපුරගෙන වවාගෙන කන අයට නම් සමහරවිට මේක ලොකු කතාවක් වෙයි…

නමුත් මේ කතාව මට මතක් වුනේ ලංකාවෙ දායකයින්ට හාමුදුරුවන්ට දානය දෙන එකට ආචාරධර්ම පද්ධතියක් පණවන්න යන එක ගැන කියැවිච්ච මෙන්න මේ පුවත දැකලා...

අපි කවුරුත් බොහොම කැමතියි දන් දෙන්න… දන් දීම කොයි තරම් හොඳ දෙයක්ද ? නමුත් මේ දන් දීම ගැන අපි බලන්නෙ මොන විදියටද ? තමන් කැමති ඉස්තරම්ම කෑම ජාති උපරිමෙන්ම හදලා කටට රහට හාමුදුරුවන් වහන්සේලාට පිදීම තමයි අපි හැමෝම බලන්නෙ… ඉස්සර නම් දාන වලට කුකුළු මසුත් අනිවාර්යයෙන්ම තිබුණත්, දැන් දැන් මස් මාළු දාන වේල් වලින් ඈත් වෙලා තිබෙනවා. අපේ ශ්‍රද්ධාව වැඩිකම නිසා බොහෝ විට අමාරුවෙ වැටෙන්නේ පන්සල්වල වැඩ සිටින ස්වාමීන්වහන්සේලා. මොකද කියනවා නම් අපි පූජ කරන දානය බොහෝ විට අමාරුවෙන් හෝ වළඳන ඒ ස්වාමීන් වහන්සේලාට ඒ දානයෙන් ලැබෙන අධි කැලරි පෝෂණය දිරවගන්න බැරි වීම නිසා. බුදුන් වහන්සේ සිය ශ්‍රාවකයින්ට පිණ්ඩපාතයේ වැඩීමට නියම කළේ නිකම්ම නොවෙයි. ඇවිදීමෙන් ශරීරයට සිදුවන සෙත, පිණ්ඩපාතය මගින් ලැබෙන ඕනෑම දෙයක් ශ්‍රද්ධාවෙන් යුතුව වැළඳීම, ආදී බොහෝ දේ නිසයි (මේ පිළිබඳ දන්නා කියන කෙනෙකු දැනුවත් කරනවා නම් අගෙයි). කොහොම වුනත් දැන් කාළයේ පිණ්ඩපාතයේ යාමක් කෙසේ වුවත් ස්වාමීන් වහන්සේලා සක්මන් කිරීමක් හෝ සිදු වනවා දැයි දන්නෙ නැහැ… මේ නිසාම බොහෝ ස්වාමීන් වහන්සේලා විවිධාකාර රෝගවලින් පීඩා විඳිනවා.

අධික තෙල්, ලුණු, සහ මේදය ඇති ආහාර වැළඳීම මගින් කොලෙස්ටරෝල් වැඩි වීම නිසා හෘද රෝගත්, සීනි අධික ආහාර වැළඳීම නිසා දියවැඩියාව වැළඳීමත් මෙයින් ප්‍රධානයි. මේ නිසාම දැන් දැන් බොහෝ ස්වාමීන් වහන්සේලා අල්පේච්ඡ දාන වේලක් පිරිනමන මෙන් සිය දායක දායිකාවන්ගෙන් ඉල්ලා සිටිනවා. නමුත් ශ්‍රද්ධාව වැඩිකම නිසාම අපේ උපාසකම්මලා මහා පරිමාණ දාන වේල් සපයනවා. මෙය දෙපැත්ත කැපෙන පිහියක්, තම දායක දායිකාවන් නිසාම ඒ ඒ දානය යන්තමින් හෝ වැළඳීමට ඒ ස්වාමීන් වහන්සේලාට සිදු වෙනවා. දායක දායිකාවන් මේ ගැන එතරම් තැකීමක් කරන්නෙත් නැහැ..  නමුත් මේකට තිත තැබීමට කාළය පැමිණිලා.

ස්වාමීන්වහන්සේලා එතරම් ව්‍යායාමයක් නොලබන පිරිසක්. මේ නිසාම අධික කැලරි සහිත ආහාර මෙන්ම අධික සීනි හෝ ලුණු සහිත ආහාර වැළඳීම එතරම් ගුණදායක නැහැ.. මේ නිසා එවැනි දානයන් පිරිණැමීමෙන් වලකින ලෙස සිය දායක දායිකාවන් දැනුවත් කිරීම කළ යුතු මෙන්ම, තම පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ සෞඛ්‍යය පිළිබඳ සැළකිලිමත් වී උන් වහන්සේලාට පෝෂ්‍යදායක සරළ දානය වේලක් පිරිනැමීමත් දායක දායිකාවන්ගෙ වගකීමක්…

ඉතින්.. මේක අදාල වෙන්නෙ ස්වාමීන් වහන්සේලාට විතරද ? නැහැ… අපේ බොහොමයක් දෙනා හරිහැටි ව්‍යායාමයක් ලබන පිරිසක් නෙවෙයි.. ස්වාමීන්වහන්සේලාට අදාල මේ කාරණේ ගැන තමන් වහන්සේලාත් සළකා බැලුවොත් ගිහි උන්දලාටත් වටිනවා…

බුදුන් වහන්සේ “ආරෝග්‍යා පරමා ලාභා” කියලා වදාරලා තියෙන්නෙත් ඒකයි…

පෞද්ගලික රෝහල්වලත් “ආරෝග්‍යා පරමා ලාභා” කියලා ගහලා තියෙන්නෙ… මිනිස්සු ලෙඩ නොවී ඉන්න බව දන්න නිසා… ඒකත් තමන්ට පරම ලාභයක්….

ඉතිං අපි හැමොම ආහාර පාලනය කරන්න කාළය හරි… හරිමත් නෙවෙයි… දැනුත් පරක්කුයි…. අපි බොහොමයක් කන්නෙ ජරාව.. පසුගිය දවස්වල ලංකාවෙ ටික කළක් හිටපු නිසා මම දුටු දෙයක් තමයි, බොහෝ දෙනෙක් කන්නෙ ජරාව… මස් මාළු ගැන කතා කරලා වැඩක් නෑ… කුළුබඩු වලටත් වර්ණක දානවා. පරිප්පු වලට, කැකුළු බත් වලට රතුපාට දානවා. හැම දේටම බාල දේ කවලම් කරනවා. මේ සියල්ල විෂ…  ලංකාවෙ වස විස නැති පෝෂ්‍යදායක ආහාර වේලක් කන්න නම්, ගමේ ගෙදරක තමන් විසින්ම වවා ගත් එළවලු වලින් සකසා ගත් ආහාර වේලක් ගත යුතුයි. ඒවයෙත් තිබෙන්නෙ රසායනික පොහොර… කාබනික පොහොර පාවිච්චි කරලා, වස විස ඉහලා නැති ආහාර වේලක රස බලන්න ලංකාවෙ තැනක් තියෙනවද ?

දන්න කෙනෙක් ඉන්නව නං කියන්න…

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on දෙසැම්බර් 16, 2012, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 19.

  1. ඉස්සර ගෙවල් වලින් මසකට වරක් පන්සලට ගෙනියන දානය පිලියල කරන සුවද තාමත් මතක් වෙනව.දැන් අර මොටෝ,අර කැට දාල හදන කෑමවල ඒ සුවද එනවද?ගුණය තිබෙනවද?ලෙහෙසියට පහසුවට මේවට හුරු උන අයම තමයි වැරදි කාරයො.ගල්කිස්ස හෝටලයේ සති අන්තයෙ පබිලිස් ලොක්ක දෙනව නේද එයාගෙම ගොවිපලක වවන එළවලු කෑම විතරක්.

    කැමතියි

  2. //කාබනික පොහොර පාවිච්චි කරලා, වස විස ඉහලා නැති ආහාර වේලක රස බලන්න ලංකාවෙ තැනක් තියෙනවද ?//
    ඇයි අරලිය ගහ මන්දිරය… වරදවා තේරුම් ගන්න එපා ඒකෙ තේ බොන්න යන ඇම්බැට්ටයින් නෙවෙයි ඒකෙ වැඩ වාසය කරන් උත්තමයො තමයි එහෙම කන්නෙ…

    කැමතියි

  3. කාලීන වටිනාකමකින් යුතු ලිපියක්. ගිහියන් දානය දෙද්දී කල්පනා කරන්න ඕනේ මේ දෙන්නේ මොකක්ද කියල. ඒ එක්කම යතිවරු පිණ්ඩපාතයට වඩිනවා නම් ඒකත් මේ කාලේ හැටියට වටිනවා. යතිවරුන්ට සහ අපිට කියන දෙවර්ගයටම. ඒත් වැඩේ සමහර හිමිවරු යන්නේ තුන් වියතක් බලාගන නෙවෙයි නේ. තුන් ගව්වක් බලබල නේ.

    කැමතියි

  4. දාන කතානං එමටයි..ලියන්න හැටියක් තමා නැත්තේ…

    කැමතියි

  5. මේ සටහන ස්වාමීන් වහන්සේලා ට වගේම අපිටත් වැදගත් මල්ලී. අපි දැන් දෙපාරක් හිතනවා දනක් පිළියෙල කරන විට. ඒ වගේමයි රාත්‍රී ආහාරයක දී. මොකද කාල ඉක්මනින්ම නිදා ගන්න නිසා.

    කැමතියි

  6. උඹලත් වැඩ කරන්නෙ ලංකාවෙ ජනමාධ්‍ය වගේ, කිසිම වැඩක් මැද්දෙන් කඩල ඇඩ්ස් දාන්නෙ නැතුව කොරන්නෙ නෑ. කතාවක් කියාගෙන කියාගෙන ඇවිත්, දැන් ඉතින් මල ‘දානයක්’ ගැන ලියනවා. මල පනිනවා නේද පින්වත?

    කැමතියි

  7. මේ කතාව නම් ඇත්ත. හැබැයි දැන් හාමුදුරුවන්ට නෙමේ අපේ කටෙත් පස් වගේ මෙහෙම ගියොත්.

    කැමතියි

  8. ඔය වට්ටෝරුවෙන් දානෙ දීල පින් ලැබෙයිද මන්දා!!!

    දානයක් දෙනවනම් ජයටම දෙන්න ඕනෙ. හොඳට තෙල්, කිරි, සීනි දාල මදි නම් අරක්කු ටිකකුත් දානව. :o)

    කැමතියි

  1. පින්ග්කිරීම: සියක් ආයු ලැබ… මගෙත් ආයු විඳ….. මටත් වඩා කල්… ඔබ ජීවත් වේවා… ! | ඇල්කෙමියාගේ දිනපොත | Alchemist's Diary

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: