2012 දෙසැම්බර් 31 : නව වසර සුභ වීමට නම්……………

සුභ නව වසරක් වේවා !
වසරක් ගත කරලා අපි නව වසරක් කියන තවත් දවසකට පා තබනවා. කවුරුන් හෝ පටන්ගත් ක්‍රමයකට අනුව ජනවාරි 01 දින නව අවුරුද්දක මුල් දිනය කියලා සටහන් තබාගෙන අපි නව අවුරුදු උදාව සනිටුහන් කරනවා. එක්තරා ආකාරයකට එය හොඳ දෙයක්. හිතළුවක් වූ දවසක් හෝ නිමිත්තක් කරගෙන අපි නැවුම් බලාපොරොත්තු වලින් හිත් පුරවගෙන ඒ බලාපොරොත්තු සඵල කර ගන්න අවුරුද්දක් පුරා වෙර දරනවා. බලාපොරොත්තුවක් නැති මිනිහා නුවරක් නැති පවුරක් වැනිය කියා මගේ පාසැල් මිතුරෙකු වන සුමේධ මගේ පරණ සමරු පොතක ලියලා තිබුණා. අපි හැමෝම ජීවත් වෙන්නෙ බලාපොරොත්තු මත. හෙට උදේට අපි නැගිටිනවද දන්නෙ නැතිව නින්දට ගියත්, අපේ හිත් බලාපොරොත්තු වලින් පිරිලා. ඒ නිසාම අපි ඉදිරිය සැලසුම් කරනවා. ඉදිරිය වෙනුවෙන් දිරියෙන් වැඩ කරනවා..
ජනවාරි මාසය අවුරුද්දේ මුල්ම මාසය කියලා නම් කරලා තියෙන්නේ එය ජානුස් දෙවියා මූලික කරගෙන නම් කිරීමත් සමඟ. ජානුස් කියන්නෙ මුහුණු දෙකේ දෙවියෙක්. එක් මුහුණක් ඉදිරිය බලාගෙන ඉඳිද්දි, අනිත් මුහුණ පිටුපස බලාගෙන සිටිනවා. මෙය ජනවාරි මාසයට ගැලපෙන්නෙ නව වසර දිහාත් පැරණි වසර දිහාත් බලාගෙන සිටින ආකාරයක් දිස් වන නිසා. නමුත් ලෝකයේ කිසිම තැනක ජනවාරි 01 වනදා නව වසරක් කියා හැඳින්වීමට කිසිදු සාක්ෂියක් නැහැ. සළකන්නට තිබෙන ආසන්නම හේතුව මකර නිවර්තනයට හිරු මුදුන් වෙන දෙසැම්බර් 21 වන දිනය (Winter Solstice) පමණයි. උත්තරාර්ධගෝලයට වසරේ කෙටිම දිනය වන දෙසැම්බර් 21 වනදාට පසු දහවල් කාළය වැඩි වීම ආරම්භ වන්නේ ජනවාරි පළවෙනිදාට ආසන්න දිනක වීම ඊට හේතුවයි. කෘෂිකාර්මික දිවිපෙවෙතක් ගෙවන උත්තරාර්ධගෝලයේ සමහර වැසියන්ට දීර්ඝ දහවල් කාලය උදාවීමට පටන්ගැනීම යනු සිය වගාවන් ඇරඹීමට සුදුසු කාළය එළැඹීමයි. ඒ නිසා ජනවාරි පළමුවැනිදා නව ඇරඹුමක් ලෙස සැලකෙනවා.
නව අවුරුදු උදාවක් සැමරීම පිළිබඳ මුල්ම සටහන් සොයාගෙන ඇත්තේ මෙසපොතේනියානුවන් විසින් ක්‍රිස්තු වර්ෂ 2000 කට පෙර සිදුකළ උත්සවයක් පිළිබඳ සටහන් වලින්. සමහරු මාර්තු 20 වන දිනත්, ඊජිප්තියානුවන් ෆිනොසීනියානුවන් සහ පර්සියානුවන් සැප්තැම්බර් 21 වන දිනත් අවුරුදු උදාව සැමරූ අතර ආදි ග්‍රීකයෝ දෙසැම්බර් 21 වන දින නව අවුරුදු උදාව ලෙස සැමරුවා. නමුත් මේ සියළුම දෙනා නොදත් දෙයක් නම් පෘථිවිය සූර්යයාට ආසන්නම වන දිනය ජනවාරි පළමුවනදාට ආසන්න දිනයක් වීමයි. මේ නිසා ජනවාරි පළමුවනදා නව අවුරුදු උදාව ලෙස සළකන්නට ඇතැයි මත පළ වනවා. සිංහල අවුරුදු උදාව සිදු වන්නේ නම් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟයි. මේ නිසා නව චක්‍රයක් ඇරඹීම සහ අස්වනු ගෙට ගැනීම සනිටුහන් කරගෙන සිංහලයා මෙන්ම දකුණු ඉන්දියානු ජනකොටස් ද අළුත් අවුරුද්ද සැමරීම බක් මහේ කරනු ලබනවා.
මේ කොහොම අවුරුද්ද සැමරුවත් නව අවුරුද්ද සුභ වෙන්නෙ ඔබේ සිතුම් පැතුම්, ක්‍රියා කලාපයන් අනුව. තමන් තමන්ට අවංකව අනුන්ට කරදරයක් නැතිව ජීවත් වෙනවා නම්, බොහෝ දුරට නව අවුරුද්ද සුභ වේවි. අපි හැමෝම යෙදෙන්නෙ තරඟයක. අටක ජනාධිපතිතුමාගේ සිට බස් එකේ සිඟමන් යදින යාචකයා දක්වා පරාසයේ සිටින සියළුම දෙනා කරන්නෙ ජීවත් වෙන්න සටනක්. ඒ නිසාම අපි හැමෝම යම්තාක් දුරකට ආත්මාර්ථකාමීයි. මේ ආත්මාර්ථකාමීත්වය පුද්ගලයාගේ මානසිකත්වය අනුව වෙනස් වෙනවා. සමහරු අතිශය ආත්මාර්ථකාමී වන අතර තවත් සමහරු පොඩ්ඩක් ආත්මාර්ථකාමියි… 100% ක් පරාර්ථකාමී පුද්ගලයෙක් හොයා ගන්න බොහොම අමාරුයි… ඒ මමත්වය කියන දේ නැති කරන්න බැරි නිසා. ඉතින් මේ සටනෙදි අපිට නොයෙක් විදියේ දේවල් සිදු කරන්න, විවිධාකාර තීරණ ගන්න වෙනවා. අන්න ඒ අවස්ථාවෙ අනිත් අයට අවම හානියක් වෙන තීරණ ගත්තා නම්, ඔබ සමාජයට සාධාරණයක් ඉටු කරලා තියෙනවා..
ඉතින්, ඔබගේ සිතේ නව අවුරුද්දේ බොහෝ බලාපොරොත්තු එකතු වෙලා ඇති. සමහරුන්ට ගිය අවුරුද්දේ කරගන්න බැරි වුන දේවල්, තවත් සමහරුන්ට අළුත්ම බලාපොරොත්තු… මේ වගේ බලාපොරොත්තුවලින් හිත පුරවාගෙනයි ඔබ ජනවාරි පළමුවෙනිදා කියන තවත් එක් දවසකට පා නගන්නෙ…. මටත් බලාපොරොත්තු බොහොමයි… ඒවා ලබන අවුරුද්දෙ නැතත් කවදා හරි ඉටු වෙයි කියලා හිතනවා…
අපි පෞද්ගලිකවත්, සමාජයීයවත් විවිධ බලාපොරොත්තු තිබෙනවා. ඔබ හෙටින් ඇරඹෙන නව අවුරුද්දේ ඔබේ අවට සිටින අයට නිසි ගෞරවය ලබා දෙමින් බලාපොරොත්තු ඉටු කරගන්න
ඉතින් හෙටින් ලබන නව අවුරුද්ද ඔබේ යහපත් බලාපොරොත්තු සියල්ල ඉටුවෙන, නීරෝගී බව සපිරි, සෞභාග්‍යමත්, සාමකාමී වසරක් වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා…
ඔබට බුද්ධියේ සරණයි !
ඇල්කෙමියා සහ පවුලේ සැම.
Posted on දෙසැම්බර් 31, 2012, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 20.
ඔබටත් තිසරණයේම සරණයි!!
(එනම්
1. බුද්ධියේ බුද්ධං
2. ලෝක ධර්මයේ ධම්මං
3. එම ධර්මය බොහෝ අයට අවබෝධ කර වීමේ සංඝන් .)
කැමතියිකැමතියි
ඔබටත් ඒ තිසරණයේම සරණයි !
කැමතියිකැමතියි
කෙම්යෝ ඔබටත් දරුවන් දෙදෙනාටත් ආදර නොන මහත්තයාටත් ලබන්නා වූ නව වසර පැතුම් ඉටුවන වසරක් වේවා…..
කැමතියිකැමතියි
දරුවන් දෙදෙනා????
කැමතියිකැමතියි
මම දන්නෙත් නෑ දෙන්නෙක් ඉන්නවා කියලා… මල කෙලියයි.. කාපු බීපු වෙලාවක සිද්ද වෙච්ච දෙයක්ද දන්නෙ නෑ….. 😛
කැමතියිකැමතියි
තාම එකයි… !
නලින් අයියා මම නොදන්න දෙයක් දන්නවද ?
කොහොම වුනත් සුභ නව වසරක් වේවා !
කැමතියිකැමතියි
සුභම සුභ නව වසරක් වේවා….!!!
සියළු පැතුම් ඉටු වේවා….!!!
කැමතියිකැමතියි
අපේ පැතුම් ඉටු වෙනකොට රටත් හැදේවා !
කැමතියිකැමතියි
සුබ අලුත් අවුරුද්දක් වේවා ඇල් මහතාට සහ පවුලේ සැමට.
කැමතියිකැමතියි
ඔබටත් එසේම වේවා !
කැමතියිකැමතියි
ප්‍රීතිමත් නව වසරක් වේවා!!!
කැමතියිකැමතියි
එසේම වේවා !
කැමතියිකැමතියි
ඇල්කෙමියාටත් තව තව කෙටිකතා, නවකතා,ලිපි ලියන්න පුලුවන් වෙන ජොලිබර, ආතල්, මැක්සා එලකිරිම අවුරුද්දක් වේවා!!!
කැමතියිකැමතියි
එසේම වේවා කියන්න බෑනෙ….
කොහොම වුනත් ප්‍රේක්ෂකයාට සාධාරණය ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වෙනවා…
කැමතියිකැමතියි
obeth siyalu pathum ituwena suba nawa wasarak wewa!!
කැමතියිකැමතියි
ඔබටත් එසේම වේවා !
කැමතියිකැමතියි
2013 නව වසර ඔබ සහ පවුලේ සැමට සියලු සිතුම් පැතුම් ඉටුවන වසරක් වේවායි පතමි!!!
කැමතියිකැමතියි
ඔබටත් එසේම වේවා… වැඩි වැඩියෙන් කියවා ඉගෙන ගැනීමට දේවල් ලැබේවා !
කැමතියිකැමතියි
අළුත් අවුරුද්ද ගැන වෙනස් සටහනක්..ස්තුතියි..
ඔබටත් සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා..
කැමතියිකැමතියි
ඔබටත් එසේම වේවා !
කැමතියිකැමතියි