2013 ජනවාරි 10 : රිෂානාගේ මරණය සහ ෂරියා නීතිය : බුදුන් වහන්සේ, ක්‍රිස්තූන් සහ අල්ලා දෙවියෝ…………


රිෂානා මියගොසිනි. ඇයව අඩු වයසින් අරාබියේ රැකියාවට යැවීමට සිදු වූ ඇගේ දෙමාපියන්වත්, ඈට හොර උප්පැන්න සහතික, හොර පාස්පෝට් තනා ඇයව අරාබියට යැවූ ඒජන්තවරයාවත්, ඇයවත් නොසිතූ අන්දමට ඇය මෙළොව හැර ගියේ ඈ නොකළ වරදකටය. වරද කොතැනදැයි සෙවීම අදාල අංශ වලට භාර කරමු… අද මා කතා කරන්නේ නොකළ වරදකට හෝ සිදු වූ අතපසුවීමකට ජීවිතයෙන් වන්දි ගෙවිය යුතුද යන කාරණය පිළිබඳවයි. මේ ලිපිය අනිවාර්යයෙන්ම ආගමික සහ ජාතිවාදී මුහුණුවරක් ගන්නා බව පැවසිය යුතුමය… මක් නිසාද යත් ඇය මරා දැමුණේ මුස්ලිම් ආගමානුකූල ෂරියා නීතිය යටතේ වීම නිසාය. මේ ලිපියෙන් කිසිවෙකුට නොරිදේ යැයි ද සිතිය නොහැක. මක් නිසාද යත්, කියවන ඔබ අයත් වන විවිධ බුද්ධිමට්ටම් අනුව ඔවුන් මෙය තමන්ට කැමති ආකාරයකට අර්ථකතනය කළ හැකි නිසා වෙනි. මධ්‍යස්ථ මතයක හිඳ, අන්තයකට නොගොස් බුද්ධිය මත පිහිටා තර්ක කළ හැකි අයට පමණක් මේ ලිපියේ සංවාදයන් විවෘත බව කරුණාවෙන් සැළකිය යුතුය. මේ ලිපියට විවිධ වෙබ් අඩවි වලින් උපුටා ගන්නා කරුණු අඩංගු කර ඇත. මා ෂරියා නීතිය හදාරා නැති නිසා ඒ පිළිබඳ ලියැවුන තැන් වලින් උපුටා ගනිමි.

Sharia Law

“Sharia, in its strictest definition, is a divine law, as expressed in the Qur’an and Muhammad’s example(often called the sunnah). As such, it is related to but different from fiqh, which is emphasized as the human interpretation of the law. Many scholars have pointed out that the sharia is not formally a code, nor a well-defined set of rules. The sharia is characterized as a discussion on the duties of Muslims based on both the opinion of the Muslim community and extensive literature. Hunt Janin and Andre Kahlmeyer thus conclude that the sharia is “long, diverse, and complicated.”

උපුටා ගැනීම  http://en.wikipedia.org/wiki/Sharia

ෂරියා නීතියේ මිනීමැරුමකට දඬුවම් ලබා දීම

උපුටා ගැනීම.

“අවබෝධ කරගන්නෙනි, ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතියෙ) හි ජීවිතයක් (සුරැකෙනු) ඇත; නුඹලා (ඝාතනයෙන් දුරස්තවී) බිය බැතිමත් වනු පිණිස” (අල් කුර්ආනය 2:179)

 ‘කිසාස්‌’ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනුව ‘ජීවිතයක් ඇතැයි’ යනුවෙන් දෙවිඳුන් අවධාරණය කරනුයේ චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙළඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්වයක් නියත වශයෙන්ම උදාවනු ඇත.

එහිම…

“විශ්වාස කළවුනි, ඝාතනය කරනු ලැබුවන්ගේ විෂයයෙහි කිසාස්‌ (සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය) අනිවාර්යය කරනු ලැබ ඇත; නිදහස් පුද්ගලයාට නිදහස් පුද්ගලයාද, වහලෙකුට වහලාද, ස්ත්‍රියකට ස්ත්‍රිය ද (මරණ දණ්ඩනයේ නීතීන්ට යටත්) වේ; එනමුත් තම (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ) සහෝදරයා විසින් කවරෙකු (ඝාතකයා) ට යම් කිසි සමාවක් දෙනු ලබන්නේද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා එවිට වන්දි මුදල සම්බන්ධයෙන්) සාධාරණත්වය අනුගමනය කළ යුතුය; තවද ඔහු (ඝාතනයට ලක්වූ තැනැත්තාගේ සහෝදරයා) වෙත යහපත් අයුරින් (වන්දිය) ඉටු කළ යුතුය; එය නුඹලාගේ පරමාධිපතිගෙන්වූ සහනයකි, තවද කරුණාවකි; ඉන්පසුව කවරෙකු හෝ සීමාව ඉක්මවා යන්නේ නම් ඔහුට වේදනීය දඬුවමක් ඇත.” (අල්-කුර්ආනය 2: 178)

 ඉහත අල්-කුර්ආන වැකියට අර්ථ දක්වන ඉස්ලාමීය විද්වතුන්ගේ මතය සංක්‍ෂිප්තව පහතින් දක්වා ඇත්තෙමු.

 1.       මිනිස් ඝාතනයකදී අගතියට පත් පාර්ශවයට සම ප්‍රතිචාර දැක්වීමේ නීතිය යටතේ ඝාතකයාට මරණ දඬුවම දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටීමේ අයිතිය ඇත.    

 2.       දෙවන විකල්පය වශයෙන් ‘දියා’ යනුවෙන් හැඳින්වෙන වන්දි මුදලක් ලබාගෙන ඝාතකයාට සමාව දීමේ අයිතියද අගතියට පත් පාර්ශවයටම ලබාදී ඇත. මෙය පොදුවේ සිදුවෙන රටේ පාලකයා විසින් හෝ ඉහල උසාවියකින් දෙනුලබන සමාව හා සම නොවේ. එවැනි ඉඩකඩකට ඉස්ලාමීය නීතියේ කිසිදු ඉඩක් නොමැත.

 3.       වන්දි මුදලක් ලබා නොගෙනද සමාව දීමේ අයිතිය අගතියට පත් පාර්ශව කරුවන්ට ලබාදී තිබේ.

උපුටා ගැනීම අවසන්

අන්වර් මනතුංග වෙබ් අඩවිය. “ජීවිත රක්‍ෂණය සහ ෂරියා නීතිය”

ෂරියා නීතිය බලපැවැත්වෙන රටවල්

ෂරියා නීතිය බලපැවැත්වෙන රටවල්

මේ අනුව මට වැටහෙන අන්දමට ඉස්ලාමයේ මරණ දඬුවම් දීමට හැක්කේ චේතනීය මිනී මැරුමකට පමණි.  අචේතනිකව හෝ අත්වැරැද්දකින් සිදුවන මරණයක් වෙනුවෙන් දඬුවම් දීමට ෂරියා නීතිය අනුව හැකියාවක් ඇත්ද යන්න සැක සහිතය. මේ දඬුවම් දීම නිසා සමාජය නිවැරදි මඟට පැමිණෙන බව නීතියේ අපේක්‍ෂාවයි.  මේ අනුව රිෂානාට දුන් දඬුවම ෂරියා නීතියට අදාලද යන්න තීරණය කිරීමට දැන උගත් පාඨකයාට භාර කරමි.

මා දන්නා ප්‍රධාන ආගම්වලට අනුව මිනී මැරීම සාධාරණය කර ඇති එකම ආගම මුස්ලිම් ආගම පමණි. බුද්ධාගමේ සියළු සත්ත්‍වයින්ට මෙත පතුරන්නැයි පැවසෙද්දී, කිතුනු ආගමේ පවසන්නේ තමන් තමන්ට ආදරය කරනවා සේම අසල්වාසීන්ට ද ප්‍රේමවන්ත වන ලෙසයි. තමා වැඩියෙන්ම ආදරය කරන්නේ තමාගේ ජීවිතයට බැවින් ඒ හා සමානවම අනුන්ට ද මෙත පතුරන ලෙස කිතුණු දහමේ ද කියැවේ. මේ කිසිම ආගමක මැරීම අනුමත නොකරයි. මේ ආගම් දෙකෙහිම පැවසෙන්නේ සතුරාට වුවද මෛත්‍රිය කරන ලෙසයි. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව සෑම ආගමකම පුනපුනා කියා දෙයි. තමන් වහන්සේට කුරුසියේ ඇණ ගැසූ පුද්ගලයනට පවා අනුකම්පා කරන්නැයි ක්‍රිස්තුස් වහන්සේ පවා පවසා ඇත.

You shall not murder යනුවෙන් දසපණතේ හැඳින්වෙන්නේ ද ඒ හේතුවම නිසාය…

පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ලෙසින් පළමු සිල්පදය යෙදෙන්නේ කෙනෙකුගේ (හෝ සතෙකුගේ) ජීවිතය අන් සියල්ලටම වඩා වැදගත් වන නිසාය. මේ අයුරින් මේ ප්‍රධාන ආගම් දෙකෙහිම අන්‍යයන්ට මෛත්‍රිය කිරීම පිළිබඳ පැහැදිළිවම දක්වා ඇති අතර ප්‍රාණඝාතය පවක් බව පැහැදිලිවම දක්වා ඇත.

බොදුනුවන් ද මස් මාංශ අනුභව කළත්, නවතම වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මස් මාංශ ශරීරයට අවශ්‍ය නොවන බව දැන් දැන් පිළිගැනෙමින් පවතී.  මනුෂ්‍ය ආහාර ජීර්ණ පද්ධතිය මස් මාංශ ජීර්ණය සඳහා සැකසී නොමැත. කිසිදු මනුෂ්‍ය ජීරණ පද්ධතියක් මාංශ භක්‍ෂණය සඳහා අනුවර්තනය වී නොමැත. සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා සහ සමහරවිටක කම්මැලිකම නිසාම ඉපැරණි මිනිසා සතුන් මරා මස් අනුභව කරන්නට ඇති වුවත්, නූතන මිනිසාට මාංශ භක්‍ෂණයේ කිසිදු විද්‍යානුකූල අවශ්‍යතාවයක් නොමැත. එසේම ශරීරයට අත්‍යවශ්‍ය සංඝඨක සියල්ල නිර්මාංශ ආහාර වේල්වලින් ලබාගත හැකි බව දැන් දැන් ඔප්පු වීගෙන යමින් පවතී. මාංශ භක්‍ෂණය අධික වූ බටහිර රටවල් පවා දැන් දැන් නිර්මාංශ අනුභවයට නැඹුරු වෙමින් පවතී.

නමුත් මුස්ලිම් ආගමේ සත්ත්‍ව ඝාතනය අනුමත කරන්නේ කුමක් නිසාදැයි අල්ලා දෙවියන් පැවසූ නිසා හැරෙන්නට සහේතුකව පැහැදිළි කිරීමට හැකිද ?

බොහෝ දෙනා තමන් විශ්වාස කරන දෙවියන් අදහති. එය තම තමන්ගේ අයිතියකි. බෞද්ධාගමිකයින් ද බුද්ධාගමට අමතරව විෂ්ණු, කතරගම, සරස්වතී, ගණ දෙවියන් වැනි විවිධාකාර දෙවියන් සරණ පතති. තවත් සමහරු සායිබාබා සරණ පැතුවද ඔවුහු අසරණ කර සායි බාබා මෙලොව හැර ගියේය. කතෝලික බැතිමතුන් දෙවියන් වහන්සේ අදහන අතර මුස්ලිම් බැතිමතුන් අල්ලා දෙවියන් අදහති.  බුදු දහමේ හේතු ඵලවාදය පදනම්කරගෙන විස්තර කෙරෙන දෑ වෙනත් ආගම්වල දෙවියන් පැවසූ නිසාම බැතිමතුන් අනුගමනය කරති.

ස්ත්‍රී දූෂකයනට සහ චේතනාවක් සහිතව – සැලසුම් සහගතව සිදු කරන මිනීමැරුම් සඳහා මරණ දණ්ඩනය පැණවීම පිළිබඳ බෞද්ධාගමිකයෙකු වුවත් මගේ කිසිදු විරුද්ධත්වයක් නොමැත. එසේ විරුද්ධ නොවන්නේ මිනිසත්බව ලබා උපදින මිනිසෙකු වශයෙන් වෙනත් කෙනෙකු හිතාමතාම අතවරයට පත් කිරීම සහ මරා දැමීම යන කාරණා දෙක මනුෂ්‍යත්වය ඉදිරියේ  සමාව දිය හැකි කරුණු නොවන නිසාවෙනි. මේ මගේ පෞද්ගලික මතයයි.

රිෂානා අතින් සිදු වූ වැරැද්දෙන් ඇය සේවය කළ නිවසේ විසූ සිවු මස් දරුවා මරණයට පත් වී ඇත. රිෂානා මරා දැමීමෙන් ඒ දරුවාගේ ජීවිතය නැවත ලැබෙන්නේ නැත. එසේම ඇය මරා දැමීමෙන් ඒ දරුවාගේ දෙමාපියනට සැනසීමක් ලැබේදැයි ද සැක සහිතය. මක් නිසාද යත් තමාගේ දරුවකුගේ අඩුව වෙනත් කෙනෙකු මරා දැමීමෙන් (පලිගැනීමෙන්) පිරිමැසෙන්නේ නොමැති නිසාය.. කෙසේ වුවත් ඇය මිය ගොසිනි. ඇගේ මරණය වෙනුවෙන් ජාති භේදයෙන් තොරව ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි සැවොම ශෝක වෙමු. නමුත්, රිෂානාගෙන් සිදු වූ වැරැද්දට ඇයවත් මරණ දණ්ඩනයට ලක් කිරීම කෙසේ සාධාරණීකරණය කළ හැකි දැයි මා ඍජුවම ඔබගෙන් විමසීමට කැමැත්තෙමි.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජනවාරි 9, 2013, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 16.

  1. “චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම ලබා දීම හා එය ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක කිරීම මගින් එය සෙසු අයට එවැනි නොමනා ක්‍රියාවකට පෙළඹීමට ඇති නැඹුරුව නසා දැමීම සඳහා වූ අවවාදාත්මක ක්‍රියාවක් වන හෙයිනි. මෙමගින් සමාජයේ ඝාතන සඳහා වූ නැඹුරුව හා එවැනි මානසිකත්වය ඉවත් වී ගොස් ජීවිත සුරක්ෂිත කිරීමේ තත්වයක් නියත වශයෙන්ම උදාවනු ඇත…”
    මම කියන්නේ අද සමාජය දිහා බැලුවම විශේෂයෙන් ලංකාවට අවශ්‍ය මේ වගේ නීතියක්.නමුත් හරියටම වරදකරු කව්ද කියන එක හොයා ගත්තොත් තමයි මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුලුවන්.රිසානාගේ ප්‍රශ්නයේදි මම දන්න විදියට එයා උසාවියෙදි පාපොච්චාරනය කරලා තියෙන නිසා මේ ඉරනමට මුහුන දෙන්න වුනා කියලා මම හිතන්නේ…මැද පෙරදිග රටවල නීතියට තියෙන භය නිසා වැරදි කරන්නන් අඩු වෙලා තියෙනවා…මොන බලවතෙක් වැරද්දක් කලත් බේරෙනවා බොරු…අපේ මහින්ද මාමාට වෙන ජනාධිපති කෙනෙක් ලියුමක් එව්වොත් නිදහස් කරන්න කියලා සමුල ඝාතනයක් කරලා තියෙන එකෙක් උනත් නිදහස් කරයි…ඒක නිසා මම කියන්නේ මේ නීතිය ආගමකින් හො වේවා, ජාතියකින් හො වේවා කරලා තියෙන සේවය, වෙලා තියෙන අපරාද වලට වඩා වටිනවා…රිසානාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වුනාට මේ නීතිය නිසා බේරගෙන තියෙන ජීවිත ගනන වැඩි ඇති…සම්පුර්න ශරියා නීතිය ගැන නම් මම දන්නේ නෑ…ඉහත කොටස විතරක් ගැන මම කියන්නෙ

    කැමතියි

    • ඔව් තුෂාන් මේ ක්‍රමය හොඳයි නිදහසේ හිතන්න බැරි ගෝත්‍රික රැලකට. මැරුවොත් උඹවත් මරණවා. මේ වගේ ලොජික් එකක් දාලා රොබෝ වරු නිශ්පාදනය එච්චර අමාරු නැහැ. නමුත් දියුණු මිනිස්සුන්ට ඊට වඩා හිතන්න පුළුවන්. බෝට්ටු වලින් පැනලා යන මිනිස්සු ඕස්ට්‍රේලියාවට, කැනඩාවට යන්නේ ලඟ පාත මුස්ලිම් රටවලට නොයා? ලොකේ ජීවත් වීමට හොඳම රටවල් යුරෝපීය සහ බටහිර රටවල් වෙන්නෙ ඇයි. මිනිසත් භවයක ඉපදුනාට මිනිහෙක් වගේ ජීවත් වෙන්න බැරි නම් වැඩක් තියනවද? ෂරියා නීතිය තියන මුස්ලිම් රටවල් තමයි වැඩියක්ම ත්‍රස්තවාදීන් බිහි කරන්නේ. ඒ මිනී මැරුම් සාදාරණීකරනය කරගන්නත් ඉඩ ෂරියා නීතිය ඇතුලේ තියනවා. තමන්ට මරණ දඬුවම ලැබෙන මිනී මැරීමකට බය එකා තමන්ට මරණ දඬුවම නොලැබෙන, තමන් වීරයෙක් බවට පත්වන මිනීමැරීම් දාහක් කරන්න ඉදිරිපත්වෙන්නෙ ඇයි. උන් නොමරා ඉන්නෙ මිනිස් ජීවිතයක වටිනාකම තේරුම් අරගෙන ද? නෑ සිද්ද වෙන අවනම්බුවටයි, දඬුවමටයි බයේ.

      කැමතියි

  2. මොන නීතිය උනත් හර්දය සාක්කියට එකඟව ලියාගත් එකක්නම් වැරදිකරුවෙකු යැයි නම්කල එකෙකු මැරුවාටපසු මේතරම් මිනිසුන් සමූහයකට හදගින්දර ඇතිවන්නේත් නින්ද නැතිවන්නේත් නැත.

    කැමතියි

  3. http://www.saudigazette.com.sa/index.cfm?method=home.regcon&contentid=20130109148706

    සෞදි ගැසට් පත්තරයට අනුව:
    Rizana Nafeek smothered the infant to death after an argument with the child’s mother, her employer, said the ministry in a statement carried by SPA.

    සෞදි බලධාරීන්ට අනුව රිසානා ඕනෑ කමින් මිනීමැරුම කර ඇත. අදාළ චෝදනාව සහ නඩුව සාධාරණද නැතිද යන්න වෙනම සලකා බැලිය යුතුය.

    කැමතියි

  4. ඇලා.. උඹේ ලිපියේ අන්තර්ගතය ගැන කිසිම ගැටළුවක් නෑ. ඒත් මූලිකවම මේක ෂරියා නීතියේ ප්‍රශ්නෙකට වඩා අපේ රටේ ප්‍රශ්නයක් විදිහට දකින්න මම කැමතියි. මොක්ද අපිනෙ ගිහින් තියෙන්නේ ඔය රෙද්දවල් අස්සේ රිංගන්න. ලංකාවේ ආර්ථිකය දියුණු කරන්න බැරි අපේ කාලකණ්නි පාලකයෝ බලන් ඉන්නේ, ලංකාවට විදේශිකයෝ එනකනුයි, ලංකාවේ ගෘහ සේවිකාවෝ සල්ලි හම්බ කරලා එවනකනුයි.

    ගෘහ සේවිකාවෝ රට යවන නීතිරීති, දැනුවත් කිරීම් තව සිය ගුණයකින් වැඩිවිය යුතුයි. ඔවුන්ට අකරතැබ්බයක් වූ වෙලාවට භාවිත කල හැකි යාන්ත්‍රණයක් තිබිය යුතුයි. රන්ජන් පාර්ලිමේන්තුවේ කෑගහනකන් බලා නොඉඳ. ඔවුන් යන රටේ නීතිරීති ගැන දැඩි අවබෝධයක් ඔවුනට දිය යුතුයි. මෙවැනි සිදුවීම් රටපුරා ව්‍යාප්ත කල යුතුයි, රට යන අයව අධෛර්යමත් කරන්න. ඔව් මේවා පැලැස්තර තමයි. රටේ ආර්ථිකය දියුණු වෙනවා නම්, මෙහෙම රට යන එකක් නැහැ… ඒත් තියන ප්‍රශ්නෙට පිළියමක් කරලා ඉන්න එපායැ ඉස්සෙල්ල. තමන්ගේ සේවකයෙක් ප්‍රස්නයකට මැදි උනාම, රාජතාන්ත්‍රික විදිහට මැදිහත් වෙන්න ඉඩ නොදෙන රටවලට මිනිසුන් යවන එක නතර කරන්න පුළුවන් නම් හොඳයි. නැථ්නම් ඔවුන්ව දැඩිසේ දැනුවත් කරලා යවන්න ඕනේ. ඒ රටවලට යවන වයස් සීමාවල් ඉහල දාන්න ඕනේ.

    මේවා කිව්වට වැඩක් නෑ බං… මිනී උඩින් හරි තමන්ගේ බලය තහවුරු කරගන්න සැදී පැහැදී ඉන්න පාලකයෝ ඉන්න රටකට රිසානාගේ ජීවිතය වැදගත් නෑ. ඕනේ තූත්තුකුඩියක ගිහින් අපිට සල්ලි එවනවා නම් කමක් නෑ… හැබැයි වැඩ වරද්දගත්තොත් අපි නෑ වගේ ප්‍රතිපත්තියක් උන්ට තියෙන්නේ.

    කැමතියි

  5. This is my favorite part
    ”’බොදුනුවන් ද මස් මාංශ අනුභව කළත්, නවතම වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් වලට අනුව මස් මාංශ ශරීරයට අවශ්‍ය නොවන බව දැන් දැන් පිළිගැනෙමින් පවතී. මනුෂ්‍ය ආහාර ජීර්ණ පද්ධතිය මස් මාංශ ජීර්ණය සඳහා සැකසී නොමැත. කිසිදු මනුෂ්‍ය ජීරණ පද්ධතියක් මාංශ භක්‍ෂණය සඳහා අනුවර්තනය වී නොමැත. සිය ජීවිතය පවත්වාගෙන යාම සඳහා සහ සමහරවිටක කම්මැලිකම නිසාම ඉපැරණි මිනිසා සතුන් මරා මස් අනුභව කරන්නට ඇති වුවත්, නූතන මිනිසාට මාංශ භක්‍ෂණයේ කිසිදු විද්‍යානුකූල අවශ්‍යතාවයක් නොමැත. එසේම ශරීරයට අත්‍යවශ්‍ය සංඝඨක සියල්ල නිර්මාංශ ආහාර වේල්වලින් ලබාගත හැකි බව දැන් දැන් ඔප්පු වීගෙන යමින් පවතී. මාංශ භක්‍ෂණය අධික වූ බටහිර රටවල් පවා දැන් දැන් නිර්මාංශ අනුභවයට නැඹුරු වෙමින් පවතී.”’ 🙂

    කැමතියි

  6. තිසර මම කතා කරන්නේ ත්‍රස්තවාදින් ගැන නෙමේ…මම කියන්නේ ඩුබායි, අබු ඩාබි වල ක්‍රියාත්මක වෙන නීතිය ගැන…මොකද ඇත්ත්ටම බැලුවොත් මිනිසුන් කරන වැරදි වලට කාටවත් දඩුවම් දෙන්න බැහැ ආගමිකව බැලුවොත්…මොකද බුද්ධාගමේ හැටියට මිනිසුන් කරන වැරදි වලට මේ භවයේ හරි, ඊලඟ භවයකදි පල දෙනවාමයි…ක්‍රිස්තියානි ආගමේ හැටියට අපායේදි පල දෙනවා…අද ජීවිතාන්තය තෙක් සිර දඩුවම දෙන එක ගැන මිනිස්සු ගනන් ගන්නෙවත් නෑ…ඒක නිසා රටක නීතිය සාධාරනිකරනය කරන්න පුලුවන් ඒක කොච්චර දුරට හරියාකරව ක්‍රියත්මක වෙනවද නැද්ද කියන එක මතයි…

    කැමතියි

  7. බුදු දහමේ හැටියට මේ කර්ම විපාකයක් ම තමයි ඇල්කෙමි මල්ලි. මේ දේ ලබන ආත්මයේ දී වත් උන් ට පල දේවි. මිනිස් දහම හැම ආගමකටම පොදු වූවා නම් මේ දේ වෙන්නෙ නෑ. මිනිසත් බව ලබාපු එකේ ප්‍රයෝජනේ ගන්න බැරි හැටි. මුලු ලොවම දැවෙනවා මේ අධර්මිශ්ට නීතිය නිසා.

    කැමතියි

  8. මගේ කොමෙන්ට් එකක තිබ්බ ලින්ක් එකක් ඔස්සේ තවත් අපූරූ කරුනක් දැනගත්තා. ඇත්තද බොරුද කියන්න දන්නෙ නෑ. ඒ අනුව මවත් තම දරුවාට ඉපදී වසර දෙකක් යන තෙක් මව් කිරි ලබා දිය යුතු වෙනවා. එහෙම නම් මෙහිදි හිස ගසා දැමිය යුත්තේ මවගේයි…

    කැමතියි

  9. //චේතනීය මිනී මැරුමකට ඝාතකයාට මරණ දඬුවම //
    ඔය කියන චේතනාව අර්ථදැක්වීමම වැරදියි.

    මේ සිද්ධියෙදි මම නං දකින විදියට හැම පාර්ශවයක්ම වැරදියි.
    1. තමුන්ගෙ ලාබාල වයසෙ දියණිය සෞදියට යැව්ව දෙමව්පියන්. අවුරුදු 16ක කෙල්ලක් දන්නෙ නැති රටකට යැව්වම ඇතිවන තත්වය තේරුම්ගන්න බැරි තරමේම මෝඩයන්ද මේ දෙමව්පියන්? කෙනෙකුට කියන්න පුළුවන් දුප්පත්කම කියල. ඒත් දුප්පත්කම නැතිකරගන්න ගෑණු රට පටවපු බොහොමයක් පවුල්වලට වෙච්ච සෙතක් නෑ.

    2. අඩු වයසක ළමයෙක් පිටරට යවපු රැකියා ඒජන්සිය.
    ඇය අවුරුදු 4ක් හිරගෙදර හිටියත් ලඟදි තමයි ඒජන්සිකාරය ඇල්ලුවෙ. අඩුම ගානෙ ඒජන්සිය බ්ලැක් ලිස්ට් කරලද ? එකවරක් බාල තෙල් ගෙන්වපු සමාගම නැවතත් බාලතෙල් ගෙන්වන රටක්නේ මේක!

    3. ලංකාවෙ රජය.
    අවුරුදු 4ක් මොනවද කලේ? මේ ප්‍රශ්නය විතරක් නෙවේ, තානාපති කාර්යාලවලින් සිදුවන අකටයුතුකම් නවත්වන්න කිසිම රජයකට බැරිවුනා.

    4.සෞදි රජය
    ෂරියා නීතිය කිව්වට නඩු ඇසීමක් සිදුවෙලා නෑ කියලත් කියනව. අනෙක බාල වයස්කාරයෙකුට මරණ දඬුවම දෙන්න සාමාන්‍ය ලෝක නීතිය අනුව නම් බෑ.

    5.අන්තවාදී මුස්ලිම් දේශනා.
    ඉස්ලාම් ආගමෙන්ම අන්තවාදය යෝජනා කරල තියෙද්දි කුමන කතාද!

    මගේ යාලුවෙකුගෙ යාලුවෙකුට සෞදියෙදි වෙච්ච සිද්ධියක් කියන්නම්. එයා රියදුරෙක්. දවසක් වාහනය රිවස් කරද්දි ළමයෙක් යටවෙලා මැරුණ. එයාගෙ බෙල්ල කැපෙන්න නියමිතව තියෙද්දි මියගිය ළමයගෙ දෙමව්පියන් කිව්වෙ “තමුන්ගෙ ළමය මියගිය බවත් ඒක දේව කැමැත්ත බවත් වැරදිකාරයා මැරීම අවශ්‍ය නොවන බවත්”. ඒ නිසා එයා බේරුනා. මේ සිද්ධිය මෙහේ ප්‍රසිද්ධවුනේ නෑ.

    කැමතියි

    • තම අතදරුවාට කිරිදීම වෙන කෙනෙකුට පවරනවා නම් ඒ අම්මා එතරම් දරුවාවෙත බැඳීමක් ඇති තැනැත්තියක් වෙන්නට බැහැ. දේව කැමැත්ත සිදුවෙන්ට ඇති මෙතනදී. දැං රැකියාවට යන අම්මලා බොහොමයක් තනි කෙනෙකුට දරුවා පවරලා යන්නෙ නැහැනෙව. පවුලේ වැඩිමල් කෙනෙකු භාරයේ නේද තියලා යන්නේ?

      කැමතියි

  10. Harima kanagatudayakai siddiya. ewagema mama angilla dik karanne rajayatai. wahal sewayata yaveema nokara therumak nathi nasthi nokara thibunanam ada risana nawa youn tharuniyak lassana jeewithayak . agam welata wada hithanna ona thamange rate wasiyata phita wenna bari rajayak mokatada? anunge maranedi kiribath kaawa janadipathiwaru inna rataka wena mona kiyannada? thanks Alkemi obe lipiyata.

    කැමතියි

  11. මට අරාබිකරය ගැන පැහැදිලිවම ඇත්තේ අසතුටුදායක අදහසකි.. හිතාගත නොහැකි තරම් මස් කන අහිංසක සේවකයින්ට කටු අණින කොටසක් මිනිසුන් දැයි හිතාගත නොහැකිය… තමාව උපමාවට ගැනීමට ඔවුන්ට නොතේරෙනවා වැනිය… හැසිරීම ම්ලේච්ඡයින් වගේය…

    රිසානාට සිදු වූයේ මෙවැනි දෙයකි..

    කැමතියි

  12. කවද හරි අපේ රටටත් මේ ම්ලේච්ඡ ෂරියා නීතිය ගෙන එන එක තමයි මුස්ලිම් අන්තවාදීන්ගේ බලාපොරොත්තුව. මූණ වහගෙන පාරවල් වල දකින ගෝනි බිල්ලන් වගේ ගෑණු වැඩි වෙන එකෙන් ඒ බව පේනවා

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: