පිරිමි අපි පියයුරුවලට මේ තරම් කැමති ඇයි ? පිරිමින්ට පමණයි… ගැහැණුන් මෙය කියවා බලා පිරිමින් එසේ කරන්නේ ඇයිදැයි තේරුම් ගන්න…


නිතරම වෛද්‍ය උපදෙස් පිළිපදින්න උත්සාහ කරන්න...

නිතරම වෛද්‍ය උපදෙස් පිළිපදින්න උත්සාහ කරන්න…

සමලිංගික නොවන පිරිමින්ට දවසකට විනාඩි 10 ක් පියයුරු දෙස බලා සිටීමෙන් ජීවිත කාලය දිගු කරගත හැකි බව කළෙක වෛද්‍ය වාර්තාවක සඳහන් වුනා.. නමුත් මෙය වරදවා වටහා ගතහොත් සිදු වන්නේ සමහර විට ජීවිත කාළය කෙටි කර ගැනීමටයි…. ඒ නිසා පරිස්සමෙන් මේ වෙදකම කරන්නට හිතට ගන්න..

පිරිමියා යන සත්ත්‍වයා ජීවිතයේ සෑම අවධියකම පියයුරුවලට ආකර්ෂණය වන බව වෛද්‍යවරුන්ගේ මතයයි. කුඩා දරුවන් නම් එය භාවිතා කරන්නේ ආහාර ලබා ගැනීමේ මාර්ගයක් වශයෙන් වුනත් තරුණ වයසට එළැඹෙනවිට එය ලිංගික ආකර්ෂණයක් දක්වා වෙනස් වෙනවා. සමහර වෙලාවට දරුවන්ට බොන්න කිරි නැති වෙන වෙලාවලුත් තියෙනවා.. තාත්තලා බීලා.. ඒක වෙනම කතාවක්… කෙසේ වුවත් ලොව පුරා මේ ආකර්ෂණය වෛද්‍යවරුන්ට මහත් වදයක් ගෙනදුන් ගැටළුවක්. නමුත් මේ ගැටළුවට කිසියම් අර්ථකතනයක් දෙන්නට ස්නායු වෛද්‍යවරයෙක් සමත් වෙලා තිබෙනවා. ඔහුට අනුව මානව පරිණාමයේදී ළදරුවා සහ මව අතර වූ බැඳීම ඇති කරන ප්‍රධාන ඒකකය වන පියයුරු (දරුවාගේ කිරි උරා බීම මගින්) දරුවා වයසින් වැඩෙත්ම මොළයේ පරිපථ ඒ බැඳීම අනුව සකස් වන බව පැවසෙනවා. ඒ අනුව දරුවා ලොකු මහත් වුවත් ඔහුට ඒ බැඳීම දිගටම පවතිනවා. නමුත් කාන්තාවන්ට එය සිදු නොවන්නේ කාන්තාවන් සතුව ඔවුන්ටම කියා පියයුරු යුවලක් ඇති නිසා වන්නට පුළුවනි. කෙසේ වුවත් අප වඩාත් කැමති වන්නේ අප සතුව නොමැති දේ වලට…

ඒ වගේම නවතම වෛද්‍ය පර්යේෂණ වලට අනුව පියයුරු තුඩු උත්තේජනය වීම නිසා කාන්තාවන් බොහෝ දෙනෙකුගේ ලිංගික හැඟීම් පහළ වීම වැඩි වනබව සොයාගෙන තිබෙනවා.. (සමහරු අහයි ඕක කියන්නත් දෙයක් ද කියලා) නමුත් මෙය සිදු වන්නේ පියයුරු උත්තේජනය සිදුවන අවස්ථාවේදී කාන්තාවගේ මොළයේ ඔක්සිටොසීන් නම් හෝමෝනය ශ්‍රාවය වන්නට පටන් ගන්නවා. මෙය දරුවාට කිරිදෙන අවස්ථාවේදී ද සිදු වන බව සොයාගෙන තිබෙනවා. මෙම හෝමෝනය මගින් ඇල්ම – බැඳීම ආදරය යන හැඟීම් මතුවීම වැඩි කරනවා. ඒ නිසයි මවක් දරුවාට කිරිදෙන අවස්ථාවේදී ආදරය දෝරෙගලා යනවා යැයි කියන්නේ.. එසේම ලිංගික සම්බන්ධතාවයක් සිදුවන අවස්ථාවේදීද මේ ඔක්සිටොසීන් ශ්‍රාවය වීමෙන් එසේම ආදරය දෝරෙගලා යන බව ලිංගිකව සක්‍රීය ඇත්තන් දන්නවා ඇති. වෙනත් ආකාරයකින් කියනවා නම් ලිංගික සම්බන්ධතාවයකට පෙර අවස්ථාවේදී (foreplay) කාන්තාවකගේ පියයුරු උත්තේජනය කිරීමෙන් අදාල කාන්තාව පහසුවෙන් තමා වෙත නම්මා ගැනීමට පිරිමියෙකුට හැකියාවක් ඇති බව පැවසෙනවා.

මෙය සිදු වන්නේ සමලිංගික නොවූ පිරිමියා නව යෞවන වියට පා තබන විට මොළයේ සිදුවන ස්නායු පරිපථ පියයුරු වලට ආකර්ෂණය වීමට නැඹුරු වෙමින් සැකසෙන නිසා බව මේ පිළිබඳ පර්යේෂණ කළ ඇමරිකාවේ එමරි විශ්ව විද්‍යාලයේ මනෝ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය ලැරී යං පවසනවා. මිනිස් ජීවිතයේ එක් විශ්මයක් ලෙස හඳුන්වන මෙය මානව පරිණාමය සිදුවන විට පිරිමියා ගැහැණියගේ පියයුරු වෙත ආකර්ෂණය වීම වැඩිවන සේ මොළය හැඩ ගැසී ඇති බවත්, ඒ නිසා ලිංගික කාර්යයේ දී මෙන්ම මව සහ ළදරුවා අතර සම්බන්ධතාවයේදී ඒ දෙදෙනා අතර බැඳීම වැඩි කිරීම මගින් මානව සංහතිය ඉදිරියට ගෙනයාමට උදව් කිරීමක් ලෙස සඳහන් කෙරෙනවා. එය වෙනත් ක්‍ෂීරපායීන් අතර සිදු නොවී මානවයන් අතර පමණක් ඇති වී ඇත්තේ මිනිසා පවුල යන සංකල්පයේදී එක් ස්වාමියෙකුට එක් බිරිඳක් ලෙස ජීවත් වීමට (බර වචනයෙන් කියනවා නම් ඒකපත්නීවෘතය – Monogamous)   පරිණාමය වීම මගින් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය ඇති කිරීමට සිදු කරන ලද්දක්.. එසේම තවත් සාධකයක් නම් ලිංගික කාර්යයේදී මානවයා බොහෝවිට මුහුණට මුහුණ බලාගෙන එය සිදුකිරීම හේතුවෙන් පියයුරු උත්තේජනයට වැඩි අවස්ථාවක් ලැබීම නිසා එසේ පරිණාමය වූ බවයි.  එසේ වුවත් මේ න්‍යාය බිඳ වැටෙන වෙනත් තර්ක ද පළ වෙනවා. ඉන් එකක් වන්නේ මානව පරිණාමයේදී මිනිසා වඩා පිරිපුන් පියයුරු ඇති කාන්තාවන් කෙරෙහි ඇල්මක් දැක්වූයේ තම වර්ගයා පෝෂණය කිරීමෙහි ලා වැඩිපුර මේද ඇති පියයුරු වලින් වඩා හොඳ කාර්යයක් සිදුවනු ඇති බවට පැරණි මානවයා විශ්වාස කිරීම නිසා විය හැකි බවත් පැවසෙනවා. මක් නිසාද යත් මිනිසා දියුණු වීමට ප්‍රථම සියළුම තීරණ ගැනීම සිදු වූයේ මානව පරපුර තවත් පරම්පරාවක් කරා ගෙනයාම මත පමණයි.

ලැරී යං ගේ මෙම මතය තවත් ආකාරයකින් බිඳ වැටෙන්නේ පියයුරු පරිණාමය පිළිබඳව දීර්ඝකාලීනව පර්යේෂණ සිදු කරන රට්ගර්ස් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්ය ෆ්‍රෑන් මාසියා ලීස් ගේ තර්කයකින්… ඇයට අනුව සෑම පිරිමියෙකුම පියයුරුවලට ආකර්ෂණය නොවන බවයි කියැවෙනවා. ඇය පවසන්නේ මානව පරිණාමය පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයින් මානව හැසිරීම සහ හැඟීම් පිළිබඳ මත ඉදිරිපත් කළත්, කිසිවෙකු සංස්කෘතික වෙනස්කම් පිළිබඳ හැදීරීමක් කර නොමැති බවයි. උදාහරණයක් වශයෙන් අප්‍රිකානු ගෝත්‍රික ජනතාවට අයත් කාන්තාවන් පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වන නිසා පිරිමින්ට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නොමැති බව පැවසෙනවා.. (ස්වාසීලන්තෙ කට්ටියත් එහෙමලු… ) නමුත් එයට පිළිතුරු දක්වන ලැරී යං පවසන්නේ, ඒ පියයුරු නිරාවරණය කරගෙන ජීවත් වූවා කියා ලිංගික කර්තව්‍යයේදී ඒවා උත්තේජනය නොකිරීමක් සිදු නොවන බවයි. එසේම මෙතෙක් කල් සිදුකර ඇති මානව විද්‍යා පර්යේෂණවලදී පියයුරු පිළිබඳ පර්යේෂණ සිදු වූවත් ලිංගික කාර්යයේදී සහ ඊට පෙර පියයුරු උත්තේජනය සිදුකිරීම පිළිබඳ පර්යේෂණ එතරම් සිදු නොවී ඇතිබවයි ඔහු පවසන්නෙ…

කරනව නං ඔන්න පර්යේෂණ…. !

Advertisements

Posted on පෙබරවාරි 7, 2013, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 10.

  1. කරනව නං ඔන්න පර්යේෂණ…. !//

    මේ සම්බන්ධයෙන් පර්යේෂනයක් ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද? ඒ කියන්නෙ සෘජු නිරීක්ෂනය කිරීම් නොකර නිකන් ප්‍රශ්නාවලියකින් මේ වගේ දෙයක් කරන එක නොමග යවන සුලුයි නේද? අල්කෙමියට මේ වගේ පර්යේෂනයක් දුන්නොත් මොනවගේ මාර්ග වලින්ද මේක කරන්නෙ?

    • මේක සෑහෙන බැරෑරුම් පර්යේෂණයක්, මොකද මේ ප්‍රශ්නය කෙළින්ම බලපාන්නේ සංස්කෘතිකමය වෙනස්කම් එක්කයි. ඒ අනුව අපට විවිධ සංස්කෘතීන්ගෙන් සැදුම්ලත් නියැදියක් ලබා ගන්න වෙනවා. ඒ නියැදියට විවිධ වයස් මට්ටම්වල කාන්තාවන් නියැදීන් ගන්න සිදු වෙනවා. මක් නිසාද යත්, ලිංගික තෘප්තිය විවිධ වයස් මට්ටම් අනුව වෙනස් වන නිසා. එසේම මේ පර්යේෂණයේ නියැදීන්වල විචල්‍යයන් (variables) අනන්තයි. වයස, පරිසරය, සංස්කෘතිය, කාන්තාවන්ගේ සිරුරු වල විවිධ කාළවන සිදුවන හෝමෝන වෙනස්කම්, පුරුෂයාට ඇති ආකර්ෂණය, වගේ බොහෝ විචල්‍යයන් තිබෙනවා.
      මේ ආරම්භය ගන්න පුළුවන් තැනක්, ඒත් ලංකාව වගේ ගල් යුගයෙ ජීවත් වන සංස්කෘතික පරිසරයක නම් මේ වගේ පර්යේෂණ කරන්න අමාරුයි.. විවෘතව හිතන සමාජයක මේ වගේ ප්‍රශ්නාවලියකට ඍජු පිලිතුරු ලබා ගැනීම අපහසුවක් නැහැ..
      මේ නිසා මේ පර්යේෂණය සෑහෙන සැලසුමක් කරලා කරන්න ඕන පර්යේෂණයක්. නමුත් මේ සම්බන්ධව පර්යේෂණ කරන කණ්ඩායම්වලට මේ සම්පත්දායකයින් සම්බන්ධ කරගැනීමට වැඩි හැකියාවක් තිබෙනවා..

      මේ මට හිතෙන හැටි….
      සංවාදයට විවෘතයි…

  2. \\\ගැහැණුන් මෙය කියවා බලා පිරිමින් එසේ කරන්නේ ඇයිදැයි තේරුම් ගන්න…////

    අල්කෙමියෝ ඔය පාර්ශවයේ අය අපිටත් වඩා හොදට
    ඕවගේ හැංගුන රහස් දන්නවා…පිරිමි අපිට බැහැ එයාලට
    උගන්නන්න යන්න…

    එයාලගේ පදේට අපි නැටවෙනවා මිස…
    පද පද — පද…

  3. මචං උඹ මේ වගේ පරීක්ෂණයක් කවදාහරි කරනවා නම් මම ස්වේච්ඡාවෙන් එනවා ඒවට සහභාගී වෙන්න..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: