2013 පෙබරවාරි 10: මෙන්න තවත් ලෝක වාර්තාවක්…. හිතේ අමාරුවට නොලියා ඉන්න බැරි වූ කතාවක්……


ලංකාවේ ආණ්ඩුවේ ඇමති තනතුරු සංඛ්‍යාව ශතකය ඉක්මවූයේ මෑතකදීය… ඒ බූරුවන් කූට්ටමේ වෙනස් වූ කොළ අතර ඛණිජ තෙල් ඇමති ධුරයද විය. ඛණිජතෙල් නීතිගත සංස්ථාව එසේ නැතහොත් සිපෙට්කෝ ආයතනය සැමදාම පාඩු ලැබූ ආයතනයකි. එය පාඩු ලබනවා පමණක් නොව විදුලිබල මණ්ඩලය වැනි ආයතනවලටද පාඩු සිදු කරන බව හිටපු විදුලිබල ඇමති පාඨලී චම්පික රණවක පවසා තිබුණි.

මෙසේ පාඩු ලබන මේ ආයතනය පසුගිය වසරක සිදු කළ ඓතිහාසික හෙජින් ගණුදෙනුවද, මෑතකදී සිදු කළ බාල පෙට්‍රල් ගෙන්වීම නිසා සිදු වූ අලකලංචිය ද ලිහිසි තෙල් හුටපටයක් නිසා සිදු වූ පාඩුව ද ආදී ආසියානු වාර්තා රැසක් තබා ඇති ආයතනයකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ නැතහොත් අඩුම ගණනේ ආසියාවේ ලොකුම ඒවා තබාගෙන වාර්තා තබන නිසා මෙවැනි වාර්තා ඇත්තෙන්ම ශ්‍රී ලාංකිකයනට අමුත්තක් නොවේ.

මේ අද දිවයින පුවත්පතේ වූ ලිපි දෙකකි. පළමුවැන්නෙන් කියැවෙන්නේ මූලදී රසායනාගාර තත්ත්‍ව පරීක්‍ෂණවලින් අසමත් වූ රුපියල් මිලියන 8000 ක් වටිනා ඛණිජතෙල් තොගයක් පසුව එක රැයින් රසායනාගාර පරීක්‍ෂණවලින් සමත් වූ බවය. මේ අනුව නැවතත් අපට සමහරවිට වාහනවලට වන්දි ලබා ගැනීමේ ස්වර්ණමය අවස්ථාව හිමි වෙනු ඇත.

දෙවන ප්‍රවෘත්තිය නම් ඛණිජතෙල් සංස්ථාවේ  එක්තරා ලොක්කෙකු සිය මාසික වැටුප රුපියල් ලක්‍ෂ දෙකේ සිට හත දක්වා වැඩි කරගෙන ඇති බවත් ඔහුට රුපියල් එක් කෝටි හතලිස් ලක්‍ෂයක් වටිනා වාහනයක් ද ආනයනය කරගෙන ඇති බවයි. එසේ වැඩි කර ගත්තේ අමතර කාර්යයක් හෝ අමතර වගකීමක් කිසිවෙකු දරන නිසාද ? නැතිනම් තමන්ට වැඩි කරගත හැකි වූ නිසා එසේ වැඩි කරගත්තාද ?

මේ එක දිනයක ඛණිජතෙල් සංස්ථාව තැබූ වාර්තාවකි… මේ දෙකටම ගෙවන්නේ අදාල නිලධාරීන් නොව මහජනතාවගේ මුදලිනි. එනම් පෙට්‍රල් හෝ ඩීසල් ලීටරයකට රුපියලක් හෝ දෙකක් වැනි ප්‍රමාණයක් මේ සඳහා වැයවනු ඇත.. මේ කාබාසිනියා කරන්නේ මහජන මුදල් වේ. සාමාන්‍යයෙන් සදාචාර සම්පන්න රටක පොදු දේපල අයථා ලෙස පරිහරණය කරන්නන් හට දඬුවම් ලැබෙන නමුත් ලංකාවේ ලැබෙන්නේ උසස්වීම් ය…

මේ, ඒ ආයතනයේ උසස් නිලධාරියෙකු දිවයිනට පැවසූ ප්‍රකාශයකි.

බාල පෙට්‍රල් හා බාල ඩීසල් ගෙන්වීමද, ඒවා නිසි පරිදි පරීක්‍ෂා කිරීම ආදී කටයුතුවලට සුදුසු සහ පළපුරුදු නිලධාරීන් නොමැති නිසා මෙම අර්බුද පැනනැගී ඇතැයි ද 1994 වසරින් පසු දේශපාලන හිතවතුන්ට ඉහළ තනතුරු ලබාදීම මෙම ප්‍රශ්නවලට ප්‍රධාන හේතුව යෑයි ද හෙතෙම කියා සිටියේය.

මේ අතර ඇමරිකාවේ එක්සෝන් මොබයිල් සමාගම 2012 වසරේ ඩොලර් බිලියන 44.3 ක වාර්තාගත ආදායමක් ලබා ගත් බවත් එය සමාගම් වැඩිම ලාභයට වඩා අඩුව ඇත්තේ මිලියන තුන්සියයකින් පමණක් බවත් මෙය ලෝකයේ තෙල් සමාගම් තැබූ ආදායම් වාර්තා අතර ඉහළම අගය ගන්නා බවත් වාර්තා වේ. මේ නිසි කළමණාකරණයෙන් නිසි සම්පත් පරිහරණයෙන් ලාභ ලබාගතහැකි එක් උදාහරණයක් පමණි. නමුත්, අප රටේ කිසිදු ආයතනයක නිසි සම්පත් කළමණාකරණයක් කවදා සිදු වේද ?

ජනාධිපතිතුමා කියන්නේ තමන්ගේ රට විවේචනය කිරීමෙන් වලකින ලෙසයි…. එසේනම් එතුමාගේ 2/3 බලතල සහ පූර්ණ විධායක ජනපති බලතල පාවිච්චි කර මේ අකටයුතුකම් නැවැත්විය යුතුය… එවිට රටේ සිදුවන යහපත් දෑ අගය කළ හැක… එතුමාගේ විධායක බලතල පාවිච්චි වන්නේ තම හෙංචයිනයට උසස්වීම් ලබාදෙන්නට පමණක් නම් අපට ආසියාවේ ආශ්චර්යය වීම ඉතාම ඉක්මනින් ඉටු කරගත හැක… සුදුස්සාට සුදුසු තැනක් ලැබෙන තුරු අපි හැමදාම වලේය…  නැතහොත් ඉක්මනින්ම මහින්ද චින්තනය ඇහින්ද චින්තනයක් වනු නොඅනුමානය…

සුභ අනාගතයක් !

සුභ අනාගතයක් !

ඔබට සුභ අනාගතයක් !

මේ සින්දුවත් අහගෙනම යමු…

මේ කියන්නේ තරහ ගන්නට නොව රට ගැන ආදරයට තියෙන හිතේ අමාරුවටය….. මේවා කිවුවාය කියා ඔබතුමන්ලා ගන්නා තීරණ වෙනස් වේ යැයි ද සිතන්නට අමාරුය… එසේ වූවා නම් මේ රට මීට වඩා හොඳ තැනක තිබෙන බව ද උපකල්පනය කළ හැක.

Advertisements

Posted on පෙබරවාරි 10, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , , . Bookmark the permalink. ප්‍රතිචාර 5.

  1. ජාතික ගීයට දෙමළ එකතු කරන්න හදපු එකට විරුද්ධ වෙන්න අය හිටියත්, නියම ජාති ජාතික ගීය- මේ දීපාල්ගේ ගීතයට හිමි තැන නොලැබීම ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ.තමන්ගේ වත්මන් උරුමය ගැන ජනතාවට වගේම ජනතා නියෝජිතයින්ට වැටහෙන්නේ නැහැ, එහෙම නැතිනම් ඒ ගැන හිතන්න වෙලා නැහැ.ඒත් එහෙමත් හරි යනවද ?. දැන් තියෙන නිල ජාතික ගීය එඩිට් කරන්න නෙවෙයි, සම්පුර්ණයෙන් ඉවත් කරලා දීපාල්ගේ මේ ගීය නිල ජාතික ගීය කරන්න ඕනි..

  2. දැන් මේ රටේ වෙන දේවල් ගැන නම් කතා කරල වැඩක් නෑ. ඒ උනාට ඉතින් සාමාන්‍ය ජහමනයට වෙන කරන්න දේකුත් නෑනෙ කතා කරනව ඇරෙන්න. මේ ගැන යමක් කමක් කළ හැකි මිනිස්සුත් කට වහගෙන ඉන්න එක නම් මහා පාපයක්.

  3. ///මේවා කිවුවාය කියා ඔබතුමන්ලා ගන්නා තීරණ වෙනස් වේ යැයි ද සිතන්නට අමාරුය… එසේ වූවා නම් මේ රට මීට වඩා හොඳ තැනක තිබෙන බව ද උපකල්පනය කළ හැක.////
    හිතේ අමරුවටමයි ලියල තියෙන්නේ කියල හිතෙනවා ඇල්කෙමි ..:D
    කමක් නැහැ , අන්තිමට පෝස්ට් ටිකක් හරි ඉතුරු වේවිනෙ..ඒ ඇති ..
    නිකන් ඉන්න මට අහල ගියත් ඇති වගේ…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: