බාලචන්‍ද්‍රන්ගේ මරණය තුළින් එළිවන පරමාදර්ශීය ඇල්කෙමියාගේ නිරුවත………..


ඇල්කෙමියා පොරවාගෙන සිටි සියළු සළු පිළි උනා දමා නිරුවත් වී තිබේ.. නැත නැත, ඇල්කෙමියාගේ එකම එක ප්‍රතිචාරයකින් ඔහු මෙතෙක් කල් මානුෂිකත්‍වයේ සළුවෙන් වසාගෙන සිටි මෘගභාවයේ යථාර්තය එළියට පැමිණ තිබේ.. ඇල්කෙමියා අප හිතාගෙන සිටි සංවේදී මානුෂික පුද්ගලයා නොවේ… ඇල්කෙමියාගේ නියම ස්වරූපය එළියට පැමිණ තිබේ…. හුරේ… ඇල්කෙමියා නිරුවත් වී ඇත……. මෙය බ්ලොග් අවකාශයේ ජනප්‍රිය ලොකු පොරවල් දෙතුන් දෙනෙකුට සුවිශාල මාතෘකාවක් වී ඇතිවාක් පමණක් නොව ඒ නිසා සිය හිට් සංඛ්‍යාවද වැඩි කරගැනීමේ මඟක් ද පාදා ගෙන ඇත… සංතෝෂය… අප්‍රමාණ සංතෝෂය..

පින්තූරය ගත්තෙ කතන්දරකාරයාගේ මානුෂීය වෙබ් අඩවියෙන්

පින්තූරය ගත්තෙ කතන්දරකාරයාගේ මානුෂීය වෙබ් අඩවියෙන්

සිදු වූයේ කුමක්ද ? බොහෝ දෙනා නොදන්නවා විය හැකිය… අවම වශයෙන් මා කළ ප්‍රතිචාරය නිසා මට පහර ගසන බව වැටහෙන්නට මටද දින කිහිපයක් ගත වූ කල්හි, අන් අය ගැන කවර කතාද ? මාද එය දැනගත්තේ කතන්දරකාරයා දැමූ මේ ලිපියෙහි වූ කමෙන්ටුවක් ඇස ගැටුන කල ය… පහර ගැසුවත්  කෙළින්ම නම කියා පහර ගසන්නට තරම් අපේ බ්ලොග් කරුවන්  බියගුළුය… මා  මේ වනතෙක් කිසිම බ්ලොගයක් හෝ බ්ලොග් කරුවෙකු මේ බ්ලොග් අඩවිය තුළින් විවේචනය කර හෝ ප්‍රචලිත කර නැත. එය මගේ ප්‍රතිපත්තියක් නොවීය.. මේ ලිපිය මා ලිවීමට අදහස් නොකළ ලිපියක් වුවත්, ගසන්නට ගසන්නට ඔළුව නවාගෙන සිටීම කවරදාකවත් මගේ පුරුද්දක් නොවූ නිසා ඔබ කැමති ආකාරයකට තේරුම් ගැනීමට මා කැමති දේ මෙසේ ලියා තබමි.

ලාංකීය බ්ලොග් අවකාශය ප්‍රතිපත්ති, සාරධර්ම, සහ අපක්‍ෂපාතී විනිශ්චයන්ගෙන් තොර කලාපයකි. ලංකාවේ සමාජයේම තවත් එක් පැතිකඩක් වන බ්ලොග් අවකාශය බොහෝ විට පෞද්ගලික හිතවත්කම් මත ජනප්‍රියතාවය මනිනු ලබන සිදුවීමක් පමණි. ලියැවෙන බ්ලොග් වල ගුණාත්මක වටිනාකමකට අවම ලංසුවක් දෙන ලාංකීය බ්ලොග් අවකාශය බොහෝ විට සරළ වින්දනය ලබා දෙන බ්ලොග් අඩවි ජනප්‍රිය වන ස්ථානයකි. ලාංකීය බ්ලොග් අවකාශයේ ප්‍රධාන අංශ කිහිපයකි.

  1. සිය ජීවිත කතන්දර සහ සමීපතයින්ගේ කතන්දර ඉදිරිපත් කෙරෙන බ්ලොග් අඩවි.
  2. පාසැල් ජීවිතය නැවත නැවත ආවර්ජනය කෙරෙන අඩවි.
  3. කවි – කතා ලියැවෙන නිර්මාණාත්මක අඩවි.
  4. දේශපාලනය – සමාජයීය තොරතුරු ලියැවෙන බ්ලොග් අඩවි.
  5. තාක්‍ෂණික තොරතුරු ගෙන එන බ්ලොග්
  6. පර්යේෂණාත්මකව සහ විචාරාත්මකව ලියැවෙන බ්ලොග්.
  7. කුණුහරුප බ්ලොග්…

මේ මොන බ්ලොග් අඩවියේ බ්ලොග් එකක් පළ වුවත්, එයට ලැබෙන හිට් සහ කමෙන්ට් සංඛ්‍යාවෙන් 95% ක් තීරණය වන්නෙ ලිපියේ ගුණාත්මකභාවය නිසා නොවෙයි. ලේඛකයාගේ පෞද්ගලික දැන හැඳුනුම් කම් මත, බොහෝ දෙනා සයිබර් අවකාශයේ තවත් එක චරිතයක් පමණක් වුවත්, බ්ලොග් සහ ෆේස්බුක්, මාර්ගයෙන් දැන හඳුනාගෙන, මිතුරුදම් ඇති කරගෙන තම තමන් “කල්ලියකට” එකතු වෙනවා. අන්න ඒ කල්ලියේ ප්‍රමාණාත්මක භාවය අනුව කමෙන්ට් සහ හිට් ලැබෙනවා. මෙය මේ පසුගිය වසර තුනක කාළයකදී බ්ලොග් අවකාශයේ දුටු සත්‍යයක්. මේ නිසාම නවක බ්ලොග් කරුවන්ට සිය බ්ලොගය ප්‍රචලිත කරගැනීමට “මේ පැත්තෙනුත් ඇවිත් යන්න” කියන සිඟමන් යැදීමට සිදුවී තිබෙනවා. අවාසනාවන්තයි – නමුත් ඇත්ත මෙයයි.

බ්ලොග් අවකාශයේ ලියැවෙන බ්ලොග් වර්ගීකරණය කරන්නෙත් අපමයි. දේශපාලන ලිපියක් ලියැවුන සැණින් සමහර බ්ලොග් දේශපාලන ගොන්නට වැටෙන්නෙත්, සංවේදී ලිපියක් ලියැවුන බ්ලොග් එකක් මානුෂීය – සංවේදී ගණයට වැටෙන්නෙත් ඒ නිසයි. මේ අන්තර්ජාලයේ පුද්ගල අනන්‍යතාවය කියන දේ විහිළුවක් වුනත්, ලියැවෙන බ්ලොග් අනුසාරයෙන් බ්ලොග් ලියන්නා පිළිබඳ චිත්තරූප මවාගෙන ඒ පුද්ගලයා මෙන්න මේ වගේ චරිතයක්ය කියා හංවඩු ගහන්නෙත්  අපිමයි. මේ නිසාම බ්ලොග් ලිපිවල අන්තර්ගතයට වඩා ඒ බ්ලොගයේ ලේඛකයාවෙත ආකර්ෂණය වීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම ලාංකීය බ්ලොග් තලය තුළ. මේ නිසා පසුව බ්ලොග් අඩවියේ පෞරුෂත්‍වය ලේඛකයාගේ පෞරුෂත්‍වය බවට පත් වෙනවා. මේ නිසාමයි සමහර බ්ලොග් කරුවන් සාමාන්‍ය ජීවිතයේදී දුටුවිට මේ ඔහුමද/ඇයමද ? කියා විශ්වාස කරන්න අපහසු වෙන්නෙ… වැරදි වුනත් මේ වර්ග කිරීම කරගෙන ඉන්නෙ අපිමයි. නමුත් මේ චරිත සියල්ලම අපි බ්ලොග් හරහා දකින චරිතද ?

මේ බ්ලොග් වර්ග ඇල්කෙමියාගේ දිනපොත අයත් වන්නේ පර්යේෂණාත්මකව සහ විචාරාත්මක බ්ලොග් කාණ්ඩයට බව මගේ හැඟීමයි. මුලින් මුලින් දිනපොතෙහි එදිනෙදා රසායනාගාරයේහෝ ජීවිතයේ  සිදුවන දෑ ලියැවුනත්, එය මටම නීරස වූ නිසා කෙමෙන් කෙමෙන් පර්යේෂණාත්මක පැත්තට බර වුනා. ඒ මගේ ජීවිතයම පර්යේෂණ හා බැඳුන නිසා. දැන් බොහෝවිට ඇල්කෙමියාගේ දිනපොතෙහි ලියැවෙන්නෙ ඔබට කිසියම් දැනුමක් ලබාදීම අරමුණු කරගත් ලිපි. මේ ලිපි සමහර වෙලාවට කර්කෂයි. තවත් සමහර වෙලාවට සංවේදීයි. තවත් සමහර වෙලාවට මේ ලෝකෙ රහක් නෑ… නමුත්, ඒ මොනවා වුනත් ඇල්කෙමියාගේ දිනපොත බැලූ ඔබ එය කියවනවා. සමහර වෙලාවට නම් ඔබ කෙළින්ම කියනවා මෙය වැදගැම්මකට නැති ලිපියක් බව. නමුත් ඒ එහෙමත්ම කෙනෙක්.

මා ලිපි ලියන්නෙ ඔබ සතුටු කරන්න නොවෙයි. මා එකතු කර ගත් හො අන්තර්ජාලයෙන් උකහා ගත් දැනුම ඔබට ලබා දීමට, ඉඳහිට දේශපාලනික ලිපියක් හෝ වෙනයමක් ලියැවෙන්නෙ ඒකාකාරීබව මඟහරවා ගන්න. මම ලිපි ලියන්නෙ හිට් ගන්නවත් කොමෙන්ට් ගන්නවත් නෙවෙයි.. එහෙම ලියනවා නම් ලියන්න ඕනතරම් ලිපි තිබෙනවා. ඒත් මම ඒවා ලියන්නෙ නෑ.. මටත් ලස්සන පොඩි කාළයක් තිබුණා – දඟකාර පාසැල් සමයක් තිබුණා.. මම ඒවා ලියන්නෙ නෑ… මට ඊට වඩා වැදගත් දේ තිබෙනවා ලියන්න..  මට බ්ලොග්වලට ගිහින් කමෙන්ට් දාන්න තරම් වෙලාවක් නෑ.. අළුත් බ්ලොග් හොයාගෙන ගිහින් කියවන්න වෙලාවක් නෑ. මම ඒ නිසාම කියවන්නෙ අතට හසුවන ෆේස් බුක් එකේ ඇති- බ්ලොග් කිහිපයක් විතරයි. ඒ නිසාම මට බ්ලොගය හරහා මිතුරන් ඇතිකරගන්නවත්, ෆේස් බුක් එක හරහා මිතුරන් ඇතිකරගන්නවත් අවශ්‍යතාවයක් නෑ.. ඒ ඇති කරගත්තත් මිතුරුකම් පවත්වන්න වෙලාවක් නෑ…. මම සැබෑ ජීවිතයෙ හමු වෙලා තියෙන්නෙ  බ්ලොග් කරුවන් දෙදෙනෙකු විතරයි. ඒ අරුණි අක්කා සහ මහවෙදනා. වැප් නිශාන්ත එක්ක දෙවතාවක් දුරකථනයෙන් කතා කරලා තිබෙනවා. ඒ මගේ බ්ලොග් ලෝකයේ සයිබර් නොවන සම්බන්ධතාවයන්. ඒ විතරක් නොවෙයි මගේ බ්ලොග් එක ලියන්නවත් වෙලාවක් නෑ… ඒ නිසාම බ්ලොග් අඩවිය යාවත්කාලීන වෙන්නෙ ඉඳහිට. ගිය සතියෙ මගේ බ්ලොග් අඩවිය දිනපතා යාවත්කාලීන වුනේ මට තරමක් විවේකීව තිබුණ නිසා මෙන්ම Blog Awards Carnival නම් තරඟාවලියකට ඇතුලත්ව තිබූ නිසා. අදින් පසුව සතියක්ම රසායන විද්‍යා සම්මන්ත්‍රණ මාලාවකට සහභාගි වෙන්නට ඇති නිසා යාවත්කාලීන වන එකක් නැහැ. ඉතින් මේ සීමිත කාළයේ ඇල්කෙමියාගේ දිනපොත වටා බ්ලොග් කියවන්නන් 50 ක් පමණ එකතු වුනා. ලිපියක් දැමූ දවසක 200-300 අතර කියවූවත් එය බ්ලොග් ලෝකයේ මහ ලොකු දෙයක් නෙවෙයි. මට ඒක ප්‍රශ්නයකුත් නොවෙයි.

දැන් අපි ප්‍රධාන ප්‍රශ්නයට බහිමු…

යුධ සමයේත් ප්‍රධාන මාතෘකාවක් ව තිබූ ප්‍රභාකරන්ගේ බාලම පුතු බාලචන්‍ද්‍රන්ගේ මරණය නැවත වතාවක් කරළියට පැමිණ තිබෙනවා. මෙය පැමිණ තිබෙන්නේ ජිනීවා හි මානව හිමිකම් සැසිවාරයට සමගාමී වීම අපූරු සිද්ධියක්. මෙතෙක් කල් සැඟව තිබූ ඡායාරූප කිහිපයක් හදිසියේම කරලියට පැමිණ තිබෙනවා පමණක් නොවෙයි ඔහු මරාදැමීම පිළිබඳවත් ඇසින් දුටුවාසේ කතා ලියැවෙනවා. මේ පිළිබඳ මාරයාගේ හෝරාව බ්ලොග් අඩවියේ ඔක්කෝම හරි….. අපි වැරදියි යන මාතෘකාව යටතේ ඔහුගේ අදහස් ලියැවී තිබුණා. බ්ලොග් අඩවියක් තුළ ලියැවිය හැකි/යුතු දෑ පිළිබඳ කාටවත් අභියෝග කළ නොහැකියි. ඒ තමන්ගේ අඩවියෙහි අයිතිය තමන්ට ඇති නිසා. මේ ලිපියෙහි අන්තර්ගතය පිළිබඳව ශ්‍රී ලාංකීය බ්ලොග් අවකාශය මත දෙකක පිහිටනවා. ඒ කියන්නෙ දෙකට බෙදිලා. සුළු පිරිසක් එය සාධාරණීකරණය කරන අතර විශාල පිරිසක් එම මරණය හෙළාදැක තිබෙනවා. මරණය සිදු වූයේ කෙසේදැයි මේ බ්ලොග් අවකාශයේ කිසිම කෙනෙකු 100% ක් නිවැරදිව නොදැන සිටියත්, තමා සියල්ල දත් බව සිතමින් එහි සම්පූර්ණ වරද ත්‍රිවිධ හමුදාව වෙත පවරන්නෙ බොහොම පහසුවෙන්.

මෙහිදී මා පළ කළ අදහස වූයේ

කියන්න වදන් නෑ… සහතික ඇත්ත….
වඳ පීදිච්ච කෙහෙල් ගහක් ගලවනකොට වටේ ඉන්න මොටෙයියොත් ගලවන්නෙ ඒවා ලොකු වුනත් හැදෙන ගස් වඳ පීදෙන නිසා….
මම දන්නෙ එච්චරයි.”

එයින් මම අදහස් කළේ තීරණ ගත් කවුරුන් හෝ ඒ අවස්ථාවේ ගත යුතු සුදුසුම තීරණය අරගෙන ඇති බවයි. එයට පිළිතුරු සපයන මාතලන් : කනගාටුයි අල්කෙමියා. ඔබ ලාංකික දරුවන්ට ආදරය කරන්නේ හදවතින්ද.. නැතිනම් ජන්ප්‍රියතාවය සඳහාද…? මේ ප්‍රශ්ණය නැගුවා කියා ඔබ මා හා අමනාප නොවනු ඇතයි සිතමි.

මට ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ මම ඊට පිළිතුරු දැක්වූයේ

කණගාටු වෙන්න එපා මාතලන්…
මටත් මේ පින්තූරය දැක්කම දුක හිතුනා.. මම මිනිහෙක් තියා සතෙක්වත් මරණවට කැමති මිනිහෙක් නෙවෙයි…
නමුත්, මෙහෙම කියන අපි කී දෙනෙක් දුමින්ද මැරෙයි කියලා බලං හිටියද ? ප්‍රේමදාස මැරුණාම රතිඥ්ඥ පත්තු කළාද ? ප්‍රභාකරන් මලා කිවුවම කිරිබත් ඉව්වද ?
මේ රටවල කරන්නෙ සතෙක් මැරෙන්න යනව නං ඌට ඉන්ජෙක්ෂන් එකක් දීලා ඌට තවත් දුක් විඳින එකෙන් මුදවනවා.
හොඳයි මාතලන්ම හිතලා බලන්න, මාරයා කියපු දේවල වැරැද්දක් තියෙනවද කියලා…
ඔසාමාගෙ මිනිය පුච්චන්නෙ නැතුව මුහුදෙ ගිල්ලුවෙ ඒකා වීරයෙක් කරයි කියන සැකයට. මෙතනත් ඊට වඩා වෙනසක් දකින්නෙ නෑ… ආයුධ පෙන්නන්න ගිහින් මාංචු පිටින් මැරෙන පාතාලයොත් ඉන්නවා… සමහර දේවල් තියෙනවට වඩා නැති තරමට හොඳයි…
මම හිතන්නෙත් ඒ විදියට… මානුෂිකත්‍වය එක දෙයක්, ප්‍රායෝගිකත්‍වය තව දෙයක්… ලටපවා ගන්න එපා….

ඊට කිහිප දෙනෙකු ප්‍රතිචාර දක්වලා තිබුණා. නැවත මාතලන් කිවුවෙ “දුමින්ද එවෙලෙම වෙඩි හුවමාරුවෙන් මැරුණා නම් සතුටු වනවා මිසක්. ඔහුව මැරුවොත් මම සතුටු වෙන්නේ නෑ. ප්‍රේමදාස මැරුණාම මට ඇති වුනේ දුකක්. අද ඒක එදා කිරිබත් කාපු කාටත් දැනෙනවා ඇති. ඔහි සිටියානම් මේ රට ආර්ථික අතින් ඉහලටම ගමන් කරණවා. ප්‍රභා මැරුණම සතුටු උනාට. ඒ සතුටු වුනේ ප්‍රභාකරන මරා දැමීම ගැන නොවේ. තස්තවාදය අවසානය සනිටුහන් කල නිසා. මා ප්‍රභා මරා දැමු ආකාරයත් කිසි සේත් අනුමත කරන්නේ නෑ. මතක තබා ගන්න එළාරගේ සොහොනටත් ගරු කළ මිනිසුන් අපි. මට ඒ ඡායාරූප දෙස බලා සතුටු වන්නට නම් කිසිසේත්ම බෑ. ඇතිවන්නේ කනගාටුවක් හා කළකිරීමක් පමණයි. එසේ නොවන්නේ නම් ප්‍රභා අහා අප අතර ඇති වෙනස කුමක්ද…?

මෙතැනදී මම සතුටු වන බවක් කිසිම තැනක පවසා සිටියෙ නැහැ. ඒ වගේම මම මාතලන්ට ගරු කරනවා කෙළින්ම සාධාරණව මනුස්සයෙක් වගේ ප්‍රශ්නය කතා කිරීම ගැන. වහෙන් ඔරෝ එන්නෙ නැතුව කෙළින්ම ගේමට බැස්ස එක ගැන. එහෙම එන්න මිත්‍රයා. කිසිම තරහක් නෑ..

මම කිවුවෙ එතැන තිබූ ප්‍රායෝගිකත්‍වය. මම පෙරදිත් කිවූ පරිදි මම පර්යේෂණයන්ට සහ දත්ත – විශ්ලේෂණාත්මක තීරණ මත තීරණ ගන්න පුද්ගලයෙක්. මේ දැමු ප්‍රතිචාරය මම හැඟීම් බරව ලියූවක් නොවෙයි. මම ඒ ලියූ ප්‍රතිචාරය පිළිබඳ 100% ක වගකීම භාර ගන්නවා.  ඒ අතර නැඟුන ප්‍රධාන පැණයක් තමයි විජේවීරගෙ පවුල ආරක්‍ෂා කළ ආණ්ඩුව – කරුණා අම්මාන්ට ඇමති පදවියක් දුන් ආණ්ඩුව – කේ පීට අභය දානය දුන් ආණ්ඩුව බාලචන්‍ද්‍රන් මරා දැමුවෙ ඇයිද කියන ප්‍රශ්නය.

  1.  බාලචන්‍ද්‍රන් මරා දැමුවෙ ආණ්ඩුවද කොටිද යන දේ සහතිකව දන්නෙ කවුද ? මාතලන් දන්නවද ? කතන්දරකාරයා දන්නවද ? රයිගම් මණ්ඩිය ලියන පුද්ගලයා දන්නවද ?  කාටද කියන්න පුළුවන් 100% ක් සහතික ඇතුව බාලචන්‍ද්‍රන් මරා දැමුවෙ කවුද කියලා ? (මම කාටවත් කඩේ යනවා නෙවෙයි… මම ලියන්නෙ සාධාරණ සැකය මත) තවත් සැකයක් නම්, යුධ හමුදාවන්ගෙන් රැකවරණය ලැබූ බාලචන්‍ද්‍රන් මියගියේ අවසාන යුද්ධයේදී  කොටින්ගෙ වෙඩි පහරක් නිසා නොවන්න බැරිද ?
  2. විජේවීරගෙ පවුල මරා දැම්මෙ නැත්තෙ ඇයි ? හේතුවක් නොතිබුණ නිසා… විජේවීරගෙ පවුල ආණ්ඩුවට තර්ජනයක් නොවෙයි. පැවැත්මට තර්ජනයක් නොවෙයි. ඔවුන් ඇමට දාගෙන නැවතත් අරගලයක් පටන් ගන්න ජේ වී පී එකටවත් වෙනත් සිංහල සංවිධානයකටවත් කොන්දක් නැති බව ආණ්ඩුව දැනගෙන හිටි නිසා. හැරත් විජේවීර යටත් වුනේ යුධමය වාතාවරණයක් මත නොවන නිසා. විජේවීර යටත් වුනේ යුධබිමක නම්, විජේවීරගෙ පවුලටත් අයත් වෙන්නෙ ඔය ඉරණමම තමයි. හොඳයි නෑ කියන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?
  3. කරුණා අම්මාන් පිල්ලෙයාන් ආණ්ඩුවේ උසස් තනතුරු දරන්නෙ ඇයි ? කරුණා සහ පිල්ලෙයාන් කියන්නෙ ආණ්ඩුවට සම්පත් (assets) ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු මත ආණ්ඩුව සිය යුධ යාන්ත්‍රණය මෙහෙයවූවා. ජයග්‍රහණ අත්පත් කරගත්තා. කේ පී කියන්නෙ කොටි සංවිධානයේ ආර්ථික කේන්‍ද්‍රයේ මහ මොළය, දේශපාලනික උපක්‍රමශීලීත්‍වය අතින් ඉහළම හිණිපෙත්තෙ හිටපු ආණ්ඩුවට ඒ වගේ සම්පතක් කොතැනකවත් නැහැ.. බාලචන්‍ද්‍රන් සම්පතක්ද ? නැහැ. වගකීමක් (liability)
  4. බාලචන්‍ද්‍රන් ජීවතුන් අතර තබා ගත්තා නම් – ඔහු ජීවත් කිරීමේ වගකීම කිසිවෙකු හෝ දැරිය යුතු වෙනවා. කේ පී – කරුණා වගේ නොවෙයි ඔහු – කුඩා දරුවෙක්. පාසැල් යවන්න වෙනවා, මවුපිය සෙනෙහස ලබා දෙන්නට වෙනවා. ඔහු උසස් ගණයේ ඉලක්කයක්  (High profile target) ජනාධිපති තුමාගෙ දරුවන් මෙන්ම ආරක්‍ෂාවක් රැකබලාගැනීමක් කරන්නට වෙනවා. විශාල වගකීමක්, වැරදෙන්නට ඉඩ ඇති තැන් බොහෝයි.
  5. බාලචන්‍ද්‍රන් කියන්නෙ ප්‍රභාකරන් පරපුරේ අන්තිම පුරුක – ඊලාම් අරගලයේ මීලඟ බලාපොරොත්තුව – ප්‍රභාකරන්ගෙ ලේ බිංදුවක් ගෑවුන කිසිම කෙනෙකු නැතිව (සහෝදර සහෝදරියන් සිටියත්- ඔවුන් ක්‍රියාකාරී නැහැ) ඊලාම් අරගලය ඩයස්පෝරාව විසින් මෙතෙක් දුර අරගෙන යන අවස්ථාවේ, බාලචන්‍ද්‍රන්ගේ පැවැත්ම සියල්ල අවුල් කරන බව තීරණ ගන්නවුන් දැනගෙන සිටියා වන්නට පුළුවන්. පිටතින් බලන අපට ඒ බව තේරෙනවා නම් – ඇතුලත සිටින, දේශපාලනයෙන් තෙම්පරාදු වුන අයගේ තීරණ මීට වඩා බොහෝ ලෙසින් තීරණාත්මක වන්නට පුළුවන්. මේ නිසාම එක වෙඩි උණ්ඩයකින් ප්‍රශ්න බොහොමයකට විසඳුමක් ලබා දුන්නා වෙන්නට පුළුවන්.
  6. බාලචන්‍ද්‍රන්ගෙ අයියා – චාල්ස් ඇන්තනිත් බාලචන්‍ද්‍රන් වගේම හුරුබුහුටි කොල්ලකුව හිටියා කාටත් මතක ඇති. නමුත් අයියා කොටි සංවිධානයේ දෙවැනියා වී අවසන් සටනේදී මිය ගිය බව කාටත් අමතක වන්නටත් ඇති. නමුත් – අයියා ගිය මඟම මල්ලී යා දැයි කාට හෝ සංවේදී මනුස්සයෙකුට හැඟීමක් ඇතිවන්නට පුළුවන්. හිට්ලර් ගැනත් කවුදෝ ෆේස් බුක් එකේ ඔය වගේ කතාවක් ලියා තිබුණා. තමන්ගෙ පවුලම  සතුරන් අතින් තමන්ගෙම දෑස් ඉදිරිපිට මැරෙද්දී, ඒ හැඟීම් කාටද ජීවිතේ තියෙන තාක් කල් ඉවත් කරගන්න පුළුවන් ? මේ මානුෂිකත්‍වය ගැන කතා කරන මහත්වරුන්ට පලිගැනීම කියන චේතනාව හදවතේ කොතැනකවත් නැද්ද ? ඔබ බාලචන්‍ද්‍රන්ගෙ මනසට ඇතුළු වී බලන්න.
  7. බාලචන්‍ද්‍රන් ජීවත්ව සිටියා නම්, ඔහුට අයිතිවාසිකම් කියන්න ඉදිරිපත් වන්නෙ ප්‍රභාකරන්ගෙ සහෝදර සහෝදරියන් පමණක් නොවෙයි. ජයලලිතා – රුද්‍රකුමාරන් පමණක් නොවෙයි ඇඩෙලා බාලසිංහම් වුනත් අයිතිය කියාගෙන එන්න පුළුවන්. නවි පිල්ලෙත් ඇවිත් දරුකමට හදාගන්න ඉල්ලන්න බැරි නෑ… මෙය ආණ්ඩුවට ප්‍රශ්නයක්. පිළියම – මරා දැමීම වෙන්න පුළුවන්.

මේ ඔබ නොසිතන – මා දකින පිළිතුරු කිහිපයක්. මා අමානුෂික වන්නට පුළුවන්, නමුත් බාලචන්‍ද්‍රන් අපේ අතින් මරණයට පත් වූවා නම් මේ පිළිබඳ තීරණය ගත් කිසිවෙකු ඒ අවස්ථාවේ ගනු ලැබූ වඩාත්ම ප්‍රායෝගිකම තීරණය හැටියට මා එය දකිනවා. කොටි සංවිධානය විසින් ඔහුව මරණයට පත් කර ඡායාරූප ගනු ලැබුවා නම්, ඔවුන් ද ඒ අවස්ථාවේ කල හැකිව තිබූ අනාගත ආයෝජනයක් කර තිබෙනවා.

මානව සංහතිය මෙලොව රජකළ කාළයේ කිසිම අවස්ථාවක පන්සිල් පද පහ රැකගෙන දිනපු යුද්ධයක් නැහැ. එහෙම එකක් තියෙනවා නම් ඔය මානුෂිකත්‍වය ගැන කතා කරන මහත්වරු මට කියන්න. ලොව සිදුවන සෑම යුද්ධයකම මානව හිමිකම් කඩ වෙනවා. නමුත් යුද්ධ වලට සහභාගි වන හැම පාර්ශවයම ශිෂ්ණය දෙපරංදය අස්සෙ ගහගෙන වෘෂණ කෝෂ වලින් රමණය කරන්න යන නිසා (අදාල වචන තමන් දන්න කුණුහරුප වලින් ආදේශ කරගන්න) තමන් පිරිසිදු බව ලොවට හඬගා පවසනවා. ලංකාවට මානව හිමිකම් චෝදනා නගන ඇමරිකාව විසින් ඩ්‍රෝන් ප්‍රහාර වලින් සහ කෙළින්ම වෙඩි තබා කරන ඝාතන වලින් සිදු කරන මානව හිමිකම් කඩ කිරීම් ගැන කතා කරන්න නවි පිල්ලෙට කොන්දක් නෑ.. බන්කි මූන්ට කොන්දක් නෑ.. නමුත් පුංචි රටක් වන ලංකාවට තලන්න පෙලන්න හැමෝම සූදානම්, ඒකට සාක්‍ෂි දෙන්න ඕනතරම් කට්ටිය. හරියටම ලංකාවෙ නඩු අහනවා වගේ.

දිග වැඩියි.. ඒත් ලියනවා. බලන එවුන් බලයිනෙ….

දැන් ප්‍රශ්න ගොඩක් පැණ නගිනවා….

  1. ඇල්කෙමියා මේ ප්‍රහාර නිසා බ්ලොග් ලිවිල්ල නතර කරයිද ? – නැහැ මහත්වරුනේ…. බල්ලෙක් දෙන්නෙක් බිරුවට කන්දක් පහත් වෙන්නෙ නෑ… ඇල්කෙමියා කවදත් කියන්න ඕන දේ කිවුවා. යුද්ධය දිනූ මහින්ද – ෆොන්සේකා – ගෝඨා- බැසිල් සහ ලලිත් වීරතුංග මහත්වරුන් අගය කළා වගේම විවේචනය කරන්න අවශ්‍ය වුන අවස්ථාවලදී විවේචනය කරන්නත් ඇල්කෙමියට කොන්දක් තිබුණා. කොළඹ ලස්සන කරන ගෝඨාභයගෙ චින්තනය අගය කරන ඇල්කෙමියා ඔහුටම රටේ වන අපරාධ මර්ධනය කරගන්න බැරි එක ගැන තිබෙන්නෙ දුකක් – කළකිරීමක්. ඒ ගැන කතා කරන්න ඇල්කෙමියට බැඳීම් නැහැ. උඹලා මට ගැහුවයි කියලා මගේ බ්ලොග් ලිවිල්ල නතර වෙන්නෙ නැහැ.
  2. සංවේදී කට්ටිය ඇල්කෙමියගෙ දිනපොත කියවන එකක් නැද්ද ? මට පුකයෑ (කතන්දර කාරයා පුක යන වචනය කුණුහබ්බයක් නොවන බව පේටන්ට් බලපත්‍රයක් මගින් තහවුරු කරගෙන ඇති නිසා මා එය භාවිතා කරමි.) මම ලියන්නේ මගේ ආසාවට. මට මීට අවුරුදු 3 කට ඉස්සර නොහිටි පාඨකයො සංඛ්‍යාවක් මේ බ්ලොගය හරහා ලැබුණ බව ඇත්ත. ඒත් මම ඒ එකෙක්ගෙන්වත් හම්බකරන් කන්නෙ නැති බවත් ඇත්ත. ඉතිං මට උන් ආවත් නාවත් ප්‍රශ්නයක් නෑ… එන එවුන් බලාවි – නොඑන එවුන් නොබලාවි.
  3. ඇල්කෙමියා කොන් වේවිද ? ඇල්කෙමියා කොන් වෙන්න මිතුරු සමාගමක හිටියෙ නෑ… හිටියත් බොහොම සීමිත පිරිසක් තමයි හඳුනගෙන හිටියෙ… ඇල්කෙමියා මාරයාගෙ හෝරාවෙ ලියපු එක ප්‍රතිචාරයකට ඇල්කෙමියා කොන් කරන මිතුරු පිරිසක් ඉන්නවා නම්, උන් ඉන්නවට වඩා නැති එක ගැන ඇල්කෙමියාට සතුටුයි.
  4. මාරයා ලියූ ලිපියකට ඇල්කෙමියට ගහන්නෙ ඇයි ? ඵල ඇති රුකටයි ගල් වදින්නෙ… මාරයට ගැහුවට වැඩක් නෑ… ගතියක් නෑ…. මාරයා ඕකට උත්තර බඳින්න එන්නෙත් නෑ…. ඊට හොඳයි වඳුරන්ට අවකලනය කියලා දෙන එක…. නමුත්, ඇල්කෙමියා කියන්නෙ මානව හිතවාදියෙක් කියලා හැමෝටම ඒත්තු ගන්වගෙන හිටපු කෙනෙක්… ගැහුවාම Impact එක වැඩියි… ලැබෙන හිට් ප්‍රමාණය වැඩියි. දැනෙන සතුට වැඩියි. අපි ඇල්කෙමියටත් ගහපු පොරවල් කියලා අභිමානයක් එනවා. මාරයා කියන්නෙ නිකංම නිකං සිකුරිටි කාරයෙක්, ඇල්කෙමියා කියන්නෙ මහලොකුවට පීඑච් ඩී එකක් තියෙනවා කියලා කියාගනිපු පොරක්. වෙනස ඒකයි.

මේ මම පුද්ගලිකව කිසියම් බ්ලොග් කරුවක් හෝ පිරිසක් විවේචනය කර – අභියෝග කර ලියන එකම සටහන. මට සීමා බැඳීම් නැහැ. බුවාගෙ සටහනට ප්‍රතිචාර ලියන මම ම අන්වර් මනතුංගගෙ බ්ලොග් අඩවියටත් ප්‍රතිචාර දමනවා. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. නුඹලා කැමති නම් මගේ ලිපි බලපල්ලා… අකැමැති නම් නෑවිත් හිටපල්ලා… මට ලියන්න අවශ්‍ය දේවල් මම ලියනවා. මම පරමාදර්ශී පුද්ගලයෙක් කියා කොතැනකවත් ලියා නැහැ. මම කැමති සුසමාදර්ශීය වෙනසක් (Paradigm shift) කරන්න මිසක් කවදාවත් පරමාදර්ශීය සමාජයක් බිහි කරන්න නෙවෙයි. බුදුන් වහන්සෙට පරමාදර්ශීය සමාජයක් බිහි කරන්න බැරි වුන එකේ ඇල්කෙමියා වගේ පඟර නැටටෙක් මොනවා කරන්නද ? එල්ලුම් ගසට නියම වෙච්ච පුද්ගලයින් මරා දැමීම ගැන මගේ එකඟත්‍වය තිබෙනවා වගේම ආයුධ පෙන්නන්න ගිහින් මාංචු පිටින් මිය යන “පාතාලේ අපරාධ කරුවන්” (අහිංසකයින් නොවේ) ගැන මගේ අනුකම්පාවක් නැහැ. ඒ – ලංකාවෙ පුනරුත්ථාපනය කියන දේ විහිළුවක් නිසා. පොඩි හොරකමකට හිර ගෙදරට යන මිනිහා ඉන් එළියට එන්නෙ ඊට වඩා පරිපූර්ණ අපරාධකාරයෙක් වෙලා, හිරගෙදරට යන පාතාලයා නැවත එන්නෙ පාතාල නායකයෙක් වෙලා. ඊට වඩා ලේසියි එක වෙඩි උණ්ඩයකින් ප්‍රශ්න ගොඩක් නිරාකරණය කරගන්න එක… මානව හිමිකම් ? සති දෙකකින් කාටත් අමතකයි. 

මම ෆේස් බුක් මානුෂිකත්‍වය පසුපස යන්නෙ නැහැ. මලාලා හෝ ඉන්දියාවෙ දූෂණය වී මිය ගිය තරුණිය ගැන අන්තර්ජාලයේ දුක් වෙන්න මට වෙලාවක් නැහැ. ඒක පළක් නැති දෙයක්. අපි දුක් වුනා කියලා ඕවා ෆේස් බුක් එකේ බෙදා ගත්තා කියලා ඒවා නතර වෙන්නෙ නෑ… ෆේස් බුක් එකේ හඬක් නගන්න පුළුවන් නෙ ? මෑණියන්ගෙ වස්ත්‍රය තමයි…..

කොටින්ම කා ගැනවත් මම දුක් වෙන්නෙ නැහැ. දුක් වීමෙන් පලක් නැහැ. දුක් වීමෙන් දුකට හේතුව නැති වෙන්නෙ නැහැ. නමුත් මම පන්සල් යනවා. ඒ මාත් සමඟ පන්සල් යන අය සතුටු කරවන්න. මම බුදුන් වඳිනවා. යමක් ඉල්ලන්නෙ නැහැ… දානය දෙනවා… හැකිතරම් පන්සිල් රකිනවා..  මම බෞද්ධයෙක් – මම බුදු දහම හදාරනවා. මම සෝවාන් වෙලා නැහැ. පෘතහ්ජනයෙක්.  බාලචන්‍ද්‍රන්ගෙ මරණය බුදු දහමට පටහැණියි:සතුරාටත් මෛත්‍රී කළ යුතුයි. නමුත් එය ප්‍රායෝගිකද ? එතැනදී බුදු දහමත් ප්‍රායෝගිකත්‍වයත් අතර දෝලනය වීමක් සිදු වෙනවා. හැඟීම් වලට ඉදිරියෙන් විශලේෂණාත්මක තීරණ ඉදිරියට එනවා. එච්චරයි.

මහත්වරුනේ, මගේ ලිපි බලලා මාව සංවේදී මානුෂික ගොඩට දැම්මෙත් උඹලාමයි.. මාව පොරක් කළෙත් උඹලාමයි… දැන් මට ගහන්නෙත් උඹලාමයි.. ඒ ගැන මට කරන්න දෙයක් නැහැ.. රයිගම් මණ්ඩියේ ලියැවුන “පරමාදර්ශී ජීවන විලාසිතා සොයන වඳ පීදුන කෙහෙල් ගස්! Genuine fake watches for sale!” ලිපියේ අන්තිමට ලියලා තියෙන්නෙ “(බාලචන්ද්‍ර පිලිබඳ ලියවුන දේවල් වලින් මා බැලුවේ කතන්දර හා උදිතගේ සටහන් පමණයි).” කණගාටුයි… මහත්මයා කියන්න… ඔබතුමාත් අර නවලෝකෙ ස්කෑනර් එක පුපුරලා ළමයෙක් මැරිච්ච වෙලාවෙ රෝහල නවලෝකය කියාගන්න බැරුව තටමපු ලංකාවෙ විද්‍යුත් මාධ්‍ය වගේ… කොන්දක් නෑ මේක ඇල්කෙමියා කියපු දෙයක් කියලා කියන්න… රසික සූරියාරච්චි මහත්මයටත් කොන්දක් නෑ කෙළින්ම ඇල්කෙමියට ගහන්න.. නමුත්, එහෙම කළා කියලා මේ දෙදෙනාම මගේ පරම සතුරන් ගණයට දාන්නෙත් නැහැ. මොකද මෙතැන සිදු වුනේ මේ අයගෙ මානුෂිකත්‍වය හදිසියේම අවස්ථානුකූලව එළියට පැමිණීමක්. මට හංගන්න දෙයක් නෑ.. මම මගේ සැබෑ හැඟීම් සඟවගෙන මාරයාගේ ලිපියට බැණලා ප්‍රතිචාරයක් දැම්මා නම්  මේ අයට මම තවමත් පොරක්… නමුත් දැන් මම මෘගයෙක්…. මට අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ එක දෙයයි.

පූජාසනයේ ඔබ හිඳවා – ඔබට පුදන මේ ලෝකයමයි

ඔබට එරෙහි වී නැගිටින්නේ…

මේක මටත්, මහින්දටත්, ගෝඨාභයටක්, සරත් ෆොන්සේකටත්, ප්‍රේමදාසටත්, ඔබාමාටත්, මානුෂිකත්‍වයේ සළු පිළිවලින් නිරුවත වසාගෙන ඉන්න අයටත් පොදු ධර්මතාවයක්…

සේවා ස්ථානයෙදි පෞද්ගලිකව වෙබ් අඩවි වලට නොයන නිසාත්, මේ සතියෙම පැවැත්වෙන සම්මන්ත්‍රණ මාලාවකට සහභාගි වන නිසාත් මේ ලිපියට වැටෙන ප්‍රතිචාරවලට එසැණින් පිළිතුරු ලබා දීමේ හැකියාවක් මට නැහැ. ඔබට කැමති දෙයක් තියෙනවා නම් කියන්න…. පිළිතුරු සැපයිය යුතු යැයි හැඟෙන ප්‍රතිචාරවලට පිළිතුරු සපයන්නම්.

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on පෙබරවාරි 23, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 50.

  1. කෙහෙල් මොටැයි කතාවට මම එකඟ නෑ … එය මනෝවිද්‍යාත්මක සත්‍යයක් නොවේ. එය බුද්ධිමත් ප්‍රකාශයක් ද නොවේ. ඒත් බුද්ධිමත් ප්‍රකාශ නොකරන අය ඕන තරම් ඉන්නවා. මාත් එවැනි අයෙක් බව සමහර අයගේ මතයයි!!!!

    ඇල්කෙමියා මල්ලි එක්ක මම එකඟ නොවෙච්ච කොච්චර දේ තිබ්බත් මට නිදහස් ප්‍රකාශයට අයිතියක් තියෙනවා වගේ ඔයාටත් එයම තියෙන නිසා ඒ ගැන මල්ලි දරණ මතය කුමක් වුවත් මට කමක් නැහැ. එය වෙනස් කරන්නත් මා උත්සාහ ගන්නේ නැහැ.

    ඔබාමා වයස 16 අබ්දුල්රහ්මාන් අල්-අව්ලාකි මරා දැමූ විට මා ඇතුළු නිදහස අගයන කණ්ඩායම් බොහොමයක් ඇමෙරිකාවේ සෙනෙට් සභාව සහ නියෝජිත සභාවට ඒ ගැන අපේ අප්‍රසාදය දන්වන්න සහ එය වරදක් නම් දඬුවමක් ලැබිය යුතු යැයි නොයෙකුත් ලිපි, පෙත්සම් කරගෙන යනවා තවමත්. http://libertycrier.com/government/why-isnt-the-murder-of-an-american-boy-an-impeachable-offense/

    ඔබාමා ඔසාමා බින් ලාඩන් මරා දැමූ විට ඇමෙරිකාවේ සෙනෙට් සභාවේ සහ නියෝජිත සභාවේ ද ඒ කළ විදිය ගැන විරෝධතාවයක් පැතිර ගියා. මම දැමූ සටහනේ ද ඔබාමා ක්‍රියා කළ ආකාරය අනුමත නොකරන බව මා ද ලියා තියෙනවා.

    බුෂ් වගේ කෙනෙක් ඔබාමා කළ දේවල් වලින් අරික්කාලක් කළා නම් ලංකාවේ මිනිස්සුත් පාරවල් වලට බැහැලා පෙළපාලි යනවා. ඒත් වමට බර කෙනෙක්, ධනවාදයට බනින කෙනෙක් කරද්දී මිනිස් ඝාතන වුවත් සාධාරණීය වෙන ප්‍රවණතාවයක් ලෝකේ තියනවා. ඒක ඉතිහාසමය සත්‍යයක්.

    ලංකාව පුංචි රටක් නිසා හැමෝම තලන්න හදනවා නෙමෙයි. ණය ආධාර දීලා ඒකාධිපතියන් හැදීම අද ලෝකයේ තුරන් වෙන තවත් හැදියාවක්. ඒ ලෝකෙ හැම රටක්ම බංකොළොත් නිසා මේ කාලේ. ලංකාවට සහයෝගයෙන් විසඳා ගන්න ඕනෑ තරම් විධි ක්‍රම තියෙද්දී යන්නේ වෙන ගමනක් … ඒක මෙතැනට අදාළ නැති කතාවක්.

    නමුත් රටක් වගේමයි පුද්ගලයෙකුත්. උවදෙස් දෙන අය කොච්චර හිටියාත් මදි, ඕනෑකමෙන් ම ඒවා නොසලකා හරිනවා නම්.

    මම දන්නෙත් අතේ ඇඟිලි ගාණට අනිත් බ්ලොග් ලියන අයව. හැබැයි මම හිතන්නෙ මගේ අඩවියට එන 95% එන්නෙ එහි ගුණාත්මක බව නිසා. ඉතිරි 5% තමයි නිරුවත හොයන්න එන්නෙ!!!!!! 😀

    කැමතියි

    • ස්තුතියි නිදහස් මතයට.
      අපි හැමෝටම විවිධ මත තිබෙනවා. අපි හැම දෙනාම එකම මතයක පිහිටනවා නම් මේ ලෝකය කවදාවත් ඉදිරියට යන්නෙ නෑ… ඒක කරන්න බැරි දෙයක්.
      මම වුනත් ඔබේ හැම මතයක්ම පිළි ගන්නෙ නෑ වගේම ඔබත් මගේ හැම මතයක්ම පිළිගන්නෙ නෑ…
      නමුත්, අපි හැමදාම මේ අයුරින්ම ඉදිරියට යනවා.

      කැමතියි

    • //කෙහෙල් මොටැයි කතාවට මම එකඟ නෑ … එය මනෝවිද්‍යාත්මක සත්‍යයක් නොවේ. එය බුද්ධිමත් ප්‍රකාශයක් ද නොවේ.//

      මිනිස්සු මතවාද මවන්නේ තමන්ගේ දැනුමට අනුකුලව..අපි කතිරයක් ඇඳලා කෙනෙකුට ඒකෙන් රූපයක් මවන්න දුන්නොත්,හිතන්න ඒ කෙනා සන්නාලියෙක් කියල .බොහෝවිට එම තැනැත්තා කතිරෙන් දකින්නේ කතුරක්,කුඩා දරුවෙක් ඒක සරුංගලයක් විදියට දකින්න පුළුවන්.අපි කොච්චර දැනුවත් උනත් බුද්ධිමත් උනත් සාධකය අපේ දැනුමෙන් පරිභාහිර නම් අපිට නිවැරදි අර්ථ කථනයක් දෙන්න බෑ නේද?

      මේ විවාදයට තුඩු දෙන කොමෙන්ටුව මම නම් දකින්නේ ඉතාම සරල විදියට.කෙලින්ම කියනවා නම් “කොන් නොතිය වැඩේ ඉවර කරනවා” වගේ සරල අදහසක්.ඒ වගේම ඒකට දෙන්න පුළුවන් ලොකුම මනෝවිද්‍යාත්මක අර්ථකථනයත් ඒක.

      කැමතියි

  2. ඉක්මන් වුණා වැඩියි උත්තර දෙන්න.තව සතියකින් දෙකකින් ආපහු මේ ලිපිය කියවලා බලන්න,තමන් නොලිය යුතු දෙවල් කීයක් මෙක තුල ලියලා තියෙනවාද කියල?
    ඇත්ත මාරයගේ අච්චර දිග ලිපියට වැඩිය ඇල්කැමියාගේ පුංචි කොමෙන්ට් එකට දැඩි ප්‍රතිවිරෝධතාවයක් දක්වලා තියෙනවා.සමහර විට ඇල්කැමියා කියන විදියට හිට් ගන්න හරි සතුටට හරි කරන දෙයක් විදියට දකින්න පුළුවන් වාගේම තව පැත්තක් ඔකේ තියෙනවා, මම හරි මාරයා හරි කියන දෙයකට වැඩිය ඇල්කැමිය කියන දෙයකට තියෙන බර වැඩියි. ඒ ඇල්කැමියා උගතෙක් හින්දා.පි.එච්.ඩි එකක් වෙනකම් ඉගෙන ගෙන රටවල් කීපයක ඉඳලා අත් දැකීම් තියෙන පුද්ගලයෙක් විදිහට අර වාගෙ ප්‍රතිචාරයක් දක්වයි කියල බ්ලපොරොත්තු නොවන පිරිසකුත් ඉන්න නිසා.
    මතකද 2010 දී එංගලන්ත අගමැති (Gordon Brown )ජන්ද ව්යාපාරය තුළ ප්‍රශ්ණ අහපු කාන්තාවක් ගැන ගුවන් විදුලි වැඩසටහනට පස්සෙ මයික් එක ගලවන් අමතකව තමන්ගේ හිතවතෙක් (?) එක්ක පුද්ගලිකව කතා බහකදී අර කාන්තාව ගැන She was just a sort of bigoted womanකියල ඇති වේච්ච කලබලේ.
    හැබැයි එතනේදී අගමැතිවරයා ඊට පහුවදාම වාගේ ඒ කාන්තාවගේ නිවසටම ගිහින් සමාව ඉල්ලුවා.අගමැති වරයා අද දේශපාලනයෙන් විශ්‍රම අරන් වෙන්න ඔනේ ඉන්නේ හැබැයි ,ඉඒ සිදියෙන් පස්සෙත් මට මතක විදියට යුරෝපා කොමිසමමෙ හරි යුරෝපා පර්ලිමෙන්තුවේ වැදගත් තනතුරු ඉසුලුවා,පොත් පත් පව ලියුවා. .නිකමට හිතන්න අගමැති කියුවානම් මන් අතිශය පුද්ගලික මාගේ මතේ මාගේ යාළුවෙක් එක්ක කියපු එකට එක විකශනය කරපු අයයි වැරදි මම වැරදි නැහැ. මට පුද්ගලික කතා බහ වලදී ඔන කෙනෙක්ව විවෙචනය කරන්න පුළුවන් එක මාගේ පුද්ගලික නිදහස කියලා.ඇල්කැමියා අද ලියපු පොස්ට් එකෙන් කර ගෙන තියෙන්නෙ ඒ වාගේ වැඩක්.
    බ්‍රවුන් අගමැතිවරයාත් තමන්ගේ හිතට ආපු අවංකම අදහස තමයි මුලින්ම අර කාන්තාව ගැන කියුවේ එක ත්මයි මට හිතෙන ඇත්ත හරි කියල එ විදියට සම්ජ ගත වෙන්න තියලා හැරියේ නැහැ තමන්ගෙම ජ්න්ද ව්‍යාපරේ පැවැත්ම වෙනුවෙන් හරි අර කාන්තාවට කණගා‍ටුව ප්‍රකාශ කලා.
    සමහර අවස්ථා අපි මුලින් දක්වපු අදහස වුනත් වෙනස් කර ගත යුතු අවස්ථා තියෙනවා

    කැමතියි

    • බලමු ඉදිරියට… කොහොම වුනත් සමතුලිතතාවයෙ තියෙන පද්ධතියකට කිසියම් වෙනසක් කළාම ඒ පද්ධතිය නැවත අළුත් සමතුලිත තාවයකට පත්වෙනවා…. ඒක ඒ පද්ධතියෙ ප්‍රගමනයට හෝ විනාශයට හේතු වෙනවා….
      අපි බලමු ඉදිරිය…. හැමෝගෙම ලඟ එකම අදහස් නැහැනෙ…
      ස්තූතියි ඔබේ අදහසට

      කැමතියි

  3. //එයට ලැබෙන හිට් සහ කමෙන්ට් සංඛ්‍යාවෙන් 95% ක් තීරණය වන්නෙ ලිපියේ ගුණාත්මකභාවය නිසා නොවෙයි. ලේඛකයාගේ පෞද්ගලික දැන හැඳුනුම් කම් මත, බොහෝ දෙනා සයිබර් අවකාශයේ තවත් එක චරිතයක් පමණක් වුවත්, බ්ලොග් සහ ෆේස්බුක්, මාර්ගයෙන් දැන හඳුනාගෙන, මිතුරුදම් ඇති කරගෙන තම තමන් “කල්ලියකට” එකතු වෙනවා. අන්න ඒ කල්ලියේ ප්‍රමාණාත්මක භාවය අනුව කමෙන්ට් සහ හිට් ලැබෙනවා. මෙය මේ පසුගිය වසර තුනක කාළයකදී බ්ලොග් අවකාශයේ දුටු සත්‍යයක්. මේ නිසාම නවක බ්ලොග් කරුවන්ට සිය බ්ලොගය ප්‍රචලිත කරගැනීමට “මේ පැත්තෙනුත් ඇවිත් යන්න” කියන සිඟමන් යැදීමට සිදුවී තිබෙනවා. අවාසනාවන්තයි //

    මගේ අත්දැකීම් අනුව මේ කථාව සත්‍යයක් නෙවෙයි , පෞද්ගලික හිතවත්කමක් , බ්ලොග් ලෝකයෙන් භාහිර සාධකයක් මත ආපු ගාණ 5කටත් අඩුයි . යුද්ධය කියන්නේ මානව හිමිකම් කඩ කිරීමක් තමයි , හැබැයි මිනිස්සු ශිෂ්ටාචාරි වෙනකොට යුද්ධයකදී සිදුවන මානව හිමිකම් උල්ලංඝනය වීම් අවම කරන්න නිති හදාගෙන තියනවා . අවුරුදු දහස් ගාණකට කලින් ශිෂ්ටාචාර පිටින් කඩු ගාපු මිනිස් ජාතිය දැන් එහෙම නොකරන්නේ කාලෙන් කාලෙට හැදුනු රාමු නිසා . ඒ නිසා මට නම් ඔය කෙහෙල් ගස් – මොටයි කථාව මිනිස් ජීවිත ගැන ඇප්ලයි කිරීම ගැන හිරිකිතයි . බාලචන්ද්‍රන් යුධ ගැටුමකට මැදිවෙලා මිය යාම සහ හිත මතා මරා දැමීම අතර ලොකු වෙනසක් තියනවා . (ඇත්තටම සිදුවුනේ මොකක්ද කියල තවමත් තහවුරු වෙලා නෑ )

    මාරයට නැතුව ඇල්කෙමියටම ගහන්නේ ඇයි ? – පිස්සෙක් පාරේ *න්නට කවුරුවත් මොකුත් කියන්නේ නෑ නහය වහගෙන යනව මිසක් , ඒත් සිහි බුද්ධිය තියන උගත් වැදගත් මහත්තයෙක් ටයි පොලු දාගෙන පාරක් අයිනේ ඒ වැඩේට කලිසිම පාත් කලොත් මොකද වෙන්නේ

    ප.ලි- බ්ලොග් කරුවො බාලචන්ද්‍රන් ගැන ලියපුවා වැඩි වෙලා ගොසිප්9ට වෙච්ච වැඩේම වෙන්නත් බැරි නෑ

    කැමතියි

  4. අනේ ඇලා අයියේ..මං උඹේ ලිපි මුල ඉදන්ම කියෝපු එකෙක්… උඹ උඹේ අර රසායනාගාරේ තොරතුරු ලිය ලිය ඉද්දි මාත් ආසාවෙන් කියෙව්වා.. එයින් පස්සේ උඹ එක දිගට දේශපාලන ලිපි ලියද්දිත් මං කියෙව්වා.. හැබැයි අර මුල තරම්ම කැමැත්තකින් නෙවෙයි… මොකද උඹේ අදහස්වලට සීයට සීයක්ම මං එකග නොවන හින්දා.. හැබැයි ඒත් මං එවෙලෙට කරන එකම දේ කලා… ඒ තමා සද්ද නැතිව උඹට කැමති දෙයක් උඹේ බ්ලොග් එකේ ලියා ගන්න ඇරලා පාඩුවේ හිටිය එක. මේක උඹේ මිස මගේ නෙවෙයිනේ.. මගේ අදහස් උඹ ලියන්න ඕනනං අපි දෙන්නටම එකක් තිබුනම ඇති… උඹ විතරක් නෙවෙයි හුගාක් අගේ අදහස්වලට පිටින් යන අයගේ බ්ලොග් කියවලා මං කරන්නේ මගේ පාඩුවේ ඉන්න එක මිසක් ඕවෑ අහු කොං අල්ලගෙන පස්සේ පන්නන එක නෙවෙයි. උඹට වැඩ තියෙනවා වගේම මටත් වැඩ තියෙනවනේ.. වැදගත්ම දේ තම තමන්ට හිතෙන දේ තම තමන් කැමති විදියට තම තමන්ගේ බ්ලොග් වල ලියලා දාන එකයි. අරූ මෙහෙම කිව්වා… මූ මෙහෙම කිව්වා කියලා හිතලා අපි මොකටද අපේ ලිවීම අල්ලලා දාන්නේ.. අපේ දුමී අයියා එක වතාවක් ිව්වා වගේ අපි මෙතනට වැඩි හරියක් එන්නේ අපේ තියෙන ප්‍රශ්න අමතක කරලා ටිකක් සැහැල්ලුවෙන් ඉන්න මිස තව නැති ප්‍රශ්න හදා ගන්න නෙවෙයිනේ. මේවා නැතිවට අපිට තව ඕන තරං ප්‍රහ්න තියෙනවා. දුමී අයියා ඔය කියපු ටික මං බොහෝම ඉහලින් පිලිගන්න කෙනෙක්. හැබැයි මං ඕනෑම කාරණයක් ගැන මට හිතෙන දේ ලියලා දානවා.. ඒක විහිළු කතාවක්නං අනිත් අයත් එක්ක තව දුරටත් විහිළුවෙන් විනෝදයෙන් කතා බස් කර කර ඉන්නවා… ඒක තරමක් තද කතාවක්නං මං මට කියන්න තියෙන දේ කියලා දාලා මගේ හිත නිදහස් කරගෙන පාඩුවේ ඉන්නවා. ඔයිට වඩා වෙන මොනවද..?

    ඔය ලිපිය ගැන කියනවනං මං එතැනදී පැහැදිලිවම කිව්වා අපිට අහන්න ලැබුන කට කතාවක් ගැන.. ඒ කට කතාව ඇත්ත නම් ඔය මරණය සිදු කිරීමට මං එකගයි කියන එකයි කියලා දැම්මේ…

    1.ප්‍රභාකරන් පුතා සමගින්ම අල්ලා ගත්තා නම්.
    2.ප්‍රභාව පණ පිටින් තබා ගැනීම දීර්ඝකාලින වශයෙන් අනතුරක් නිසා මරා දැමීම අවශ්‍ය නිසා ඔහු මරා දැම්මා නම්.
    3.එකට බාර වූ පියා මරා දැමීම පුතා දන්නවානම්.
    4.එසේ දැන සිටී නම් එය ඔහු විසින් අනාගතයේ කුමනම හෝ මොහොතක හෙලිදරවු කිරීමට හැකියාව ඇති නිසා සහ එසේ කිරීම රටක් හැටියට අපගේ ආරක්ෂාව විශාල අනතුරක දැමීමට සමත් නම්…

    අන්න ඒ කියන කාරණා ටික හරි නම් ඔය මරණය අනිවාර්යයෙන්ම කල යුතුය කියන දේශපාලන තීන්දුව ගැනයි මං කතා කලේ.. ඒත් කරුමෙට අපේ මානුෂ වාදී අවිහිංසක කස්ටිය තම තමන්ගේ මහා චරිත ලක්ෂණ එළීයට දාගන්න මේක මහගු අවස්ථාවක් කර ගැනීම හරහා මං කියපු දේ තේරුම් ගත්ත උන් හිටියේ එකයි දෙන්නයි. ඒත් ඒ වෙද්දිත් උනුත් පොට පටලෝගෙන හිටියේ. ඉතිං කට්ටිය ආගිය අතේ කෑ ගැහුවා මිස මං කියපු දේ හරියටම අල්ලගෙන නෙවෙයි කතාව ගෙනිච්චේ… මට පුළුවන්ද අපේ එකාලා හදන්න… තම තම ණැන පමණින් තේරුම් ගත්ත හැටියට කියා ගන්න ඇරලා මං ඔහේ හිටියා…දැන් උනත් ලිපිය කියවන කෙනෙකුට බලන්න පුළුවන් මං ලිවුවට පස්සේ වැරදිලා තිබුන අකුරක්වත් හරිගස්සන්න ගියේ නැහැ..මොකද කිසිම කාරණයක් වෙනස් කරන්න උවමනා නැති නිසා. මට හිතෙන දේ මං කිව්වා එච්චරයි…

    ඒත් මං මුලින්ම කිව්වා වගේ මෙතනදී මානුෂික හැගීම් දෝර ගලන අය අතරේ වැඩි පිරිස යුද්ධය අවසන් වන විට සද්ද වහලා හිටිය පුද්ගලයින්.. සමහරු ඒ දවස්වලත් මේක අවසන් වීම ගැන නෙවෙයි නිතරම උළුප්පන්න හැදුවේ… අපේ අය බර අවි වලින් ගහනවා වගේ ගොං කතා තමයි උඩට ගන්න හැදුවේ… බොහෝම අල්පයක් අය ඉන්නවා පස්සෙන් පහු හරි මේක අවසන් කිරීම හොදයි කියලා කියාපු. ඒත් ඉතිං හිතකින් නෙවෙයි..නොකියාම බැරි තැන්වලදී. ඒත් හිත යට පුදුම තරහක් තියං ඉන්න අය.. මොකද මේ අයට තියෙන්නේ යුද්ධය දිනීමට වඩා ඒ හරහා මහින්ද උඩ යාමේ වේදනාව. යුද්ධයට විරුද්දව හිටිය මේ අයගෙන් පිරිසක් ෆොන්සේකා ජනාධිපති සටනට බැස්ස ගමන් අන්න බැස්සා පාරට..එතකොට තමයි එයාලට යුද්ධය දිනීම හොද උනේ.. හැබැයි වීරයා ෆොන්සේකා පමණයි… අඩුමගානේ දේශපාලකයෙකු හැටියට ආවට පස්සේ එයට සුදුසු විදියකට ආමණ්ත්‍රණය කරන්නේවත් නැතිව මුනුත් පටන් ගත්තා අපේ සර් අපේ සර්තතජෙනරල් කිය කිය දගලන්න..සමහරු ඒ වෙද්දී එස් එෆ් බලකාය කියන මනෝමය හමුදා ඛණ්ඩය ඇතුලේ සාමාජිකයින් වෙලා හිටියේ… එතකල් යුද්ධය දිහා කන්න කේන්තියකින් හිටිය අය මෙන්න හිටි හැටියේ යුද්ධයේ දායක මහත්තුරු උනා… ගියා අර මනුස්සයවත් උඩ දාගෙන කොහොම හරි මහින්දට කෙලවන්න… ඒක වැරදිලා කොට උඩ ගියාට පස්සේ මුලින් මුලින් අර මනුස්සයව උඩ දදා හිටලා මෑතක් වෙද්දී අනේ උන්දැව කරෙන් බිමට දාලා පයිනුත් ගහනවා මේ වෙද්දී…

    ඇත්තම කතාව කිව්වොත් මං දන්නේ මෙන්න මෙච්චරයි.. මේ අයගෙන් සියට අනූනවයක්ම තදබල එක්සත් ජාතික පාක්ෂීකයින්. ඒ වගේම එතැනිනුත් වැඩි හරිය රනිල් වික්‍රමසිංහ පාක්ෂිකයින්…ඔවුන්ගේ එකම ප්‍රාර්ථනාව නැවත එක්සත් ජාතික පක්ෂ රජයක් සහ රනිල් වික්‍රමසිංහගේ රජ විමක්… ඒ හින්දා මුල ඉදන්ම ඔවුන් හිටියේ රවි කරුණානායගම්ලගේ.. කිරි ඇල්ලලගේ..මංගල සමරවීරලගේ මට්ටමෙන්ම තමා. හැබැයි කතා කරන්න ගියොත් පුදුම විදියට මධ්‍යස්ථයි කියලා කතාවෙන් කොහොම හරි ඔප්පු කරන්නත් දගලනවා.

    ඔන්න ඔය පිරිසට තියෙන්නේ රට ගැන හැගීමක්වත් වෙන මොකක්වත් නෙවෙයි ඔය කියාපු අරමුණ විතරයි.. ඒක කෙලින් කියන්නේ නැතිව හතරවරං ගහන එක විතරයි කරන්නේ.. හරියටම හරියන වචනෙන් කිව්වොත් ඇලා අයියා කිව්ව විදියට අර භාණ්ඩේ හංගං දෙකෙන් කෙලින එක. ඔය ටික තේරුම් ගත්තට පස්සේ එහෙම අයගේ අදහස් කිසිම විදියකින් කකුලේ නියපොත්තෙන් උඩට නොගන්න එක විතරයි මං කරන්නේ.

    මේ ප්‍රශ්නෙදී උනත් මං දකින්නේ එහෙම පිපාසයෙන් ඉන්න කට්ටියට ආයෙමත් හිතේ දුක යන්න කියවන්න ලැබුන අවස්ථාවක් හැටියට විතරයි.

    මධ්‍යස්ථයි කියාගෙන රනිල්ට හා එක්සත් ජාතික පක්ෂයට කඩේ යනවා වගේ අරක තියං දෙකෙන් කෙලින වැඩ නොකර මං කරන්නේ කෙලින්ම මහින්දට කඩේ යනවා කියලා කියලා මගේ වැඩේ කරං යන එකයි. මොකද බොරු මධ්‍යස්ථ සළුවෙන් වසා ගත්තට වටේ ඉන්න උන්ට අපි දිහා බැළුවම තේරෙනවා මූ මොකාටද අදින්නේ කියලා. ඉතිං ඔය ටික හංග හංග කරනවට වඩා කෙලින්ම කිව්වම අහවරයිනේ. හැබැයි මගේ විදියට හිටියම සමහර ප්‍රශ්න වලදී හිර වෙනවා. ඒත් මධ්‍යස්ථ ලේබලය යටතේ ඇවිත් කඩේ ගියාම එහෙම නැහැ… ඔන්න ඔය ටික තමා මං දන්නේ…

    උඹට උනෙත් ඕකේ අනික… උන් උඹ ලියපු ඒවා දිහා බලලා ආතල් ගත්ත අය… ඒත් එක පාරටම උන්ගේ ආතල් කැඩෙන දෙයක් ලිව්වම කට්ටියම උස්සලා පොලවේ ගැහුවා වගේ උනා…උඹ ඒවා ලියන්න ඇත්තේ මැදිහත් සිතින් වෙන්න ඇති. ඒත් ආතල් ගන්න අය ඒවා දැක්කේ “අන්න අපේ ගොඩේ තවත් එකෙක්“ කියලා… ලේසි නැහැනේ.. උඹ කියනවා වගේම දැන උගත් ලොකු පොරක් අපේ ගොඩේ හිටියාම එන ආතල් එක එසේ මෙසේ එකක් නෙවෙයිනේ… ඒත් හිටි හැටියේ ඒ “දැන උගත් අපේ එකා“ තමුන්ගේ ආතල් කැඩෙන අන්දමේ කතාවක් කිව්වම..? කට්ටිය බොහෝම කලබල උනා… ඉතිං අර කොහොමත් තලන මගේ මුව හම අතෑරලා ඔන්න උඹට කෙලිනවා. මේ තමා හැටි… ඕවා ගණන් ගන්න එපා කියලා මං උඹට කියන්න ඕන නැහැ.. මොකද උඹ මේක ගණන් අරං නැති වග මේ ලිපියේ තියෙන දෙයින් මට පේන හින්දා…

    කරන්න තියෙන එකම දේ දිගටම අතනෑර ලිවීම විතරයි. බනින එකා බනී.. හොදයි කියන එකා හොදයි කියයි.. ඒ දේවල් කොහොම උනත් ලියන එක නවත්තන්නේ නැති එක විතරයි වෙන්න ඕන… උඹ දිගටම ලියහං… කියවන උන් කියවයි.. නැති අය නිකං හිටී… මමනං කියවනවා.. ඒත් මං දන්නවා උම හිතන පතන විදියට උඹ ලියන ඒවා ඉදිරියටත් මං කැමති ආකාරයේ ඒවා නොවන වග.. ඒත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි..උඹ ලියන්න ඕන උඹට ඕන දේ..මං ලියන්නේ මට ඕන දේ… ඕවට කේන්ති අරං ඇති වැඩක් නැහැ.. අනිත් උන් හදන්න ගිහින් ඇති වැඩකුත් නැහැ…

    ලොකුම දේ තමා අපි ඔය කියන තරං ලස්සන මානුෂික මිනිස්සු නෙවෙයි… අපි කැමතියි තමා අපි එහෙමයි කියලා පෙන්නන්න… ඒත් ඒක ඇත්ත නොවන බව අපිම දන්නවා… මමනං සුචරිතවාදියෙක් නෙවෙයි. මේ බ්ලොග් ලිවිල්ල හරහා ලෝකය ලස්සන තැනක් කරන්න පුළුවන් කියලා හිතන එහෙකුත් නෙවෙයි… අතිශය සංවේදී මනුස්සකම වැගිරෙන ජාතියේ පොරකුත් නෙවෙයි… මේ ලෝකේ තවත් එක මිනිහෙක් විතරයි…

    කැමතියි

  5. ඇල්කෙමියා

    ඔබ මේ ලිපියේ සඳහන් කර ලින්ක් එකක් දමා ඇති කයි කතන්දරය ලිවුවේ ඇල්කෙමියා ගැන සුවිශේෂීව හිතා නොවේ. පොදුවේ මේ ළමා මරණය ගැන අනුකම්පා විරහිත අදහස් පළකල සියලු දෙනා ගැන සිතාය. ඇල්කෙමියා ගේ නම එයට ඈදා ඇත්තේ වෙනකෙකු විසිනි.

    මා පුද්ගලිකව බ්ලොග් නම් සඳහන් කර ලිපි ලියා ඇත්තේ අරුණී ෂපීරෝ ගැන සහ පොඩි කුමාරිහාමි ගැන පමණි.

    1. අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි – බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම:
    http://kathandara.blogspot.com/2011/06/blog-post.html

    2. අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට!
    http://kathandara.blogspot.com/2012/08/to-aruni-shapiro-with-love.html

    3. පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්!
    http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

    4. පොඩි කුමාරිහාමිට ලොකු ප්‍රශ්ණයක්
    http://kathandara.blogspot.com/2011/09/big-question-for-little-princes-to.html

    මේ ලිපියේ සඳහන් කයි කතන්දරයේ දී එවැනි නම් සඳහනක් නොකලේ එවැනි ලයිස්තුවක් ඉතා දිගු වෙන නිසාය.

    මා ඔබ සමග හෝ වෙනත් අයෙකු සමග කිසිදු පුද්ගලික අමනාපකමක් නැත.

    එයට හේතුව මෙන්න.
    http://kathandara.blogspot.com.au/2012/08/2-voltaire-no-more.html

    ඔබ කලින් ලිපියක ප්‍රතිචාරයක සඳහන් කර තිබූ පරිදි මතු දිනයක හමුවෙමු!

    කැමතියි

  6. ප්‍රධාන කරුණ මා නම් කිසිම පුද්ගලයකුට පෞද්ගලිකව ගැහුවේ නෑ. එය ඔබත් අනුමත කොට තිබීම අගය කරමි. අනෙක් කරුන මා කිසි තැනක් කියා නෑ. මෙය හමුදාවෙන් කල වගක්. මා පැවසුවේ මේ පින්තූරූ මා කම්පම්නයකට පත්කලා කියා පමණයි. (නමුත් දෙගොල්ලන් ගැනම අපි හොඳටම දන්නවනේ.)

    බ්ලොග් කලාව ගැන ලියා ඇති සමහර කරුණු හා එකඟවිය හැකි වූවත්, සමහර කරුණු හා කිසිසේත්ම එකඟවිය නොහැකියි. අපේ ඒවා බලන්නත් මුලින්ම බල්ලෙක් වත් උන්නෙ නෑ. ඒත් ලියපු සමහර ඒවා පුවත්පත්වල පලවුනා. ඒත් ප්‍රසිද්ධ බ්ලොග් වල බ්ලොග් අඩවියේ නම සම්පූර්ණයෙන්ම පල උනත්. මගේ ඒවා දැම්මෙ මාතලන් කියලා විතරයි. ඇල්කේමියා මෙහිදි තමන්ට ප්‍රහාරයක් එල්ලවූ බව පවසනවා. ඇයි අන් අයට නැතු ඇල්කේමියා ගැන. කතන්දර, මතලන්, අරුණි, මාලන් පමණක් නොව වෙනත් මා අගය කරන බ්ලොග් කරුවනුත් කලකිරුනේ. ඒ ඇල්කේමියා කියු පරිදි අපි බ්ලොග් තුලින් ඇල්කේමියාගේ ඉමේජ් එකක් මවා ගන්නා නිසයි. ඇල්කේමියා මෙහි තම ප්‍රෝෆයිලයේ දමා තියෙන පින්තූරය බොරු එකක් උනත්, මම ඇල්කේමියා දැක තිබුනේ අති උතුම් මහත්මයකු ලෙසයි. විශේෂයෙන් තම රැකියාව හැරදමා, ලංකාවට සේවය කරන්න එන උතුම් මහත්මයකු ලෙසයි.

    ඔබ කියානයුරු අප කර ඇත්තේ වැරද්දක්. එයට අපට සමාවන්න.

    අපටත් බ්ලොග් ලියන හිතවතුන් තියා, අපේ හිතවතුන් හා එකවීමටවත් වෙලාවක් නෑ. නමුත් මා නම් ඒ ගැන කනගාටුවනවා මිස සතුටට පත්වන්නේ නෑ. හැකි සෑම වෙලාවකම මිතුරු සමාගම ප්‍රියකරනවා. මම නම් ඔබෙන් කෙලින්ම ප්‍රශ්න කරා. ඕනෑනම් ප්‍රශ්න නොකර ඉන්නත් තිබුනා, ඒත් ප්‍රශ්න කලේ මා ඔබේ රසික මිතුරෙකු නිසා. ඔබ දකින්න ඇති මා ප්‍රශ්ණ කලේ කිහිප දෙනෙකුගෙන් පමණක් බව. එහෙත් ඇල්කේමියා, ඔබට වඩා ප්‍රහාරය එල්ල වූයේ මටයි. ඔබ මෙන්ම මමත් ඒවා ගනන් ගන්නේ නැති මුත් සිත සැලුනේ නැතයි කීමත් බොරුවක්. අපේ අඹ යහලුවන් හා විසංවාදි මත බොහෝ තිබේනවා, එහෙත් අපේ මිතුරුකම අප නැතිකර ගන්නේ නෑ. එමෙන්ම මේ බ්ලොග් හිතවත් කමත් තව දුරටත් පවතිනු ඇතයි විශ්වාස කරමි. ළෝකේ ඔක්කෝම එක වගේ හිතුවනම් ලස්සනත් නෑ. කොහොමද ඔක්කෝම ප්‍රභා වගේ හිතන්න ගත්තොත්..

    කිව ඇති දෑ බොහෝයි.. නමුත් මේ ඇති…. තව කුණුහබ්බ අහගන්න බෑ. අපේ අම්මට හොඳටෝම කිඹුහුන් යනවලු..

    // බ්ලොග් අවකාශයේ ලියැවෙන බ්ලොග් වර්ගීකරණය කරන්නෙත් අපමයි. දේශපාලන ලිපියක් ලියැවුන සැණින් සමහර බ්ලොග් දේශපාලන ගොන්නට වැටෙන්නෙත්, සංවේදී ලිපියක් ලියැවුන බ්ලොග් එකක් මානුෂීය – සංවේදී ගණයට වැටෙන්නෙත් ඒ නිසයි. මේ අන්තර්ජාලයේ පුද්ගල අනන්‍යතාවය කියන දේ විහිළුවක් වුනත්, ලියැවෙන බ්ලොග් අනුසාරයෙන් බ්ලොග් ලියන්නා පිළිබඳ චිත්තරූප මවාගෙන ඒ පුද්ගලයා මෙන්න මේ වගේ චරිතයක්ය කියා හංවඩු ගහන්නෙත් අපිමයි. මේ නිසාම බ්ලොග් ලිපිවල අන්තර්ගතයට වඩා ඒ බ්ලොගයේ ලේඛකයාවෙත ආකර්ෂණය වීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම ලාංකීය බ්ලොග් තලය තුළ. මේ නිසා පසුව බ්ලොග් අඩවියේ පෞරුෂත්‍වය ලේඛකයාගේ පෞරුෂත්‍වය බවට පත් වෙනවා. මේ නිසාමයි සමහර බ්ලොග් කරුවන් සාමාන්‍ය ජීවිතයේදී දුටුවිට මේ ඔහුමද/ඇයමද ? කියා විශ්වාස කරන්න අපහසු වෙන්නෙ… වැරදි වුනත් මේ වර්ග කිරීම කරගෙන ඉන්නෙ අපිමයි. නමුත් මේ චරිත සියල්ලම අපි බ්ලොග් හරහා දකින චරිතද ? //

    මටත් තියෙන ප්‍රශ්නේ ඕකයි…

    ස්තූතියි ඇල්කේමියා…

    කැමතියි

  7. ඇල්කෙමියා,
    ඔබේ කරුණු ගොඩක් හරි. මේ බ්ලොග් ලියෙන්නෝ ගොඩක් ජනප්‍රිය මාතෘකා ගන්නෙ වේලෙන අඩවි වල හිට්ස් වැඩි කරගන්න. ඔය වේලෙන අඩවි වලට එන එකා දෙන්නා හැමදාම ලස්සන පෝස්ට් එකක්, අද මම එක, (දන්නවානෙ ඒ ‍බ්ලොග් ලියන කියන ගෑනියෙක් නෙවී, ඔය බිස්නස් එකට බොරු අලජ්ජි කතා ලියලා වෙන ගෑණු එකවුන්ට් එකක් හදාගෙන දාන පොර) ඒ වගේ රැස් කරගෙන සෙට් වෙච්ච කට්ටිය.

    ඔය මාතලන් කියල ඉන්නෙත් ‍ඒ පොරගෙ වෙන‍ ප්‍රෝෆයිල් එකක්ද මන්ද. හැබැයි පොර අර රාමා කියන පිස්සට $$ දෙන්න ගිහිල්ලා හොදට ඇරගත්තා ජීවිතේට අමතක නොවෙන්නෙ. ඊ‍ට පස්සෙ මෝල් රාමා ඔලුව අතගාලා (ටොක්ක ඇන්නට පස්සෙ). ඔය රාමාට සිංහලයාට පඩයක් ගියත් ඒක ජාතිවාදී ප‍ඩයක් ගියෝ කියල පෝස්ට් දාන අප්සට් එකක් තියනවා.

    කැමතියි

  8. මම මාරයාගේ ලිපියට මම දාපු කමෙන්ටුව,

    සහතික ඇත්ත. ඔය තරම් බලවත් ඇමෙරිකාව ඔසාමව පණ පිටින් අල්ලාගෙන මැරුවාය කියන්නේ.. කුදලාගෙන ඇවිත් ලෝකෙටම පෙන්නන්න තිබුනනේ. එහෙම කරන එකේ අවදානම නිසයි මැරුවාය කියන්නේ ? එහෙම නැතිනම් ඇත්තටම මැරුවේ.

    ෆොන්සේකා මහත්තයත් කියල තියෙන්නේ ඔය ලමයව හමුදාවට හම්බ වුනේම නැහැ කියලා..

    මම මිනිහෙක් තියා සතෙක් වුනත් මරණ එකට කැමති කෙනෙක් නෙවෙයි.

    ඒ වුනත් මේ බාලචන්ද්‍රන් කතාව ඇත්තනම් එහෙම දෙයක් වුනත් ඇල්කෙමි වගේම මම එහි වැරද්දක් දකින්නේ නැහැ. මොකද ප්‍රායෝගික යුද්ධයකදී ඔවැනි දේ වලක්වාලන්න ගිහින් ඇති වන පසු ප්‍රතිඵල ගැන තියෙන අවදානම අමතක කරන්න යුද්ධ කරන පාර්ශවයක් කැමති වෙන්නේ නැහැ. මෙතනදී ගොඩක් අය අහන්නේ ඒ විදියටම ස්ත්‍රී දුෂකයින්ගේ, වෙනත් අපරාධ කරුවන්ගේත් දරුවන් මරනවා ද යන්න. අනේ එහෙම වෙන්න ඕනි නැහැ.

    ප්‍රභාකරන් කියන්නේ, ඔය සාමාන්‍ය අපරාධ කරුවෙක් නෙවෙයිනේ. යම් පිරිසක් නොදැනුවත් කමින් වගේම දැනුවත් කමින් දේවත්වයෙන් වගේ අදහපු කෙනෙක්. බාලචන්ද්‍ර , චාර්ල්ස්ලා ජීවත්ව සිටියා නම් ඔවුන්ගේ පුද්ගලික උවමනාවට වඩා අනුගාමිකයන්ගේ උවමනාවට අර තැනට තල්ලු වෙනවා .ඇත්ත සමහර විට චාර්ල්ස් පවා ජීවත්ව සිටියානම් ජීවිතේ සාමකාමීව ගෙනියන්න ඉඩ තිබුනා. ඒත් අවිනිශ්චිත දෙයක් මත , බරපතල යුද්ධයකදී අවදානමක් ගන්න මොන පාර්ශ්වය වුනත් සුදානම් වෙන්නේ නැහැ.

    බින් ලාඩ්න් ගේ පුතා කුඩා ළමයෙක් වුනානම්, සහ / හෝ ලාඩ්න් සමග හිටියානම් ඇමෙරිකාව ඔහුව දරු කමට හදා ගන්නේ නැහැ.

    අනිත් දේ තමයි ඉතින් මාරයාත් කියනවා වගේ ඇත්තටම එහෙම වුනානම් මේ වැදගත්ම සාක්ෂිකරුවෙක්.

    කතාව ඇත්ත නම් කවුරු හරි ඒ දරුවා මරපු කෙනෙක් සම්මත සදාචාරවත් සීමාව ඉක්මවා තමන්ට පැවරුණු දේ කලත්, ඒ තීරණය කල අය වුනත් බොහොම තැවෙනවා ඇති. තමන් මිය යනකම් ඒ දේවල් නැවත නැවත මතක් වෙන්නත් පුළුවන්. නමුත් කලින් කිව්වා වගේ ඒ ප්‍රායෝගික යුද්ධය. යුධ භටයෙකුගේ සැබෑ පශ්චාත් යුධ මානසිකත්වය මොන වගේද .. මොන තරම් පසු තැවීම් ඔවුන් තුල තිබෙනවාද ? මුහුණ පෑ දේවල්, තමන් කරපු දේවල් . ඔවුන්ට‍ තිබෙන එකම සහනය තමන් රට වෙනුවෙන් ඒ යුතුකම කල බව.

    සමහර විට ඉතින් බාලචන්ද්‍ර මැරිල නැතිවත් ඇති. මේවා බොහොම දරුණු මාතෘකා.

    මෙහෙම කියන මමත් දරුණු අපරාධ කාරයෙක්, හරිය. බාලචන්ද්‍රන්ගේ කියන බොඩි ඒක දැකල මටත් දුක හිතුනෙම නැහැ

    ඒ වගේම මේ වගේ දෙයකදී ඒ ගැන මානුෂිකව, හැගීම්බරව ඒ ගැන බලන අයටත්, ප්‍රායෝගිකව ඒ ගැන හිතන, කතා කරන අයටත් දෙපාර්ශ්වයටම මම ගරු කරනවා.

    කැමතියි

  9. හහ්. හහ්. දැන් ඔබතුමා දන්නේ කොහමද විජේවීර මැරුවේ ආණ්ඩුවයි කියල. විජේවීර මරපු ඒවයේ ඡායාරූපයක්වත් නැහැ. විජේවීර මරපු හැටි ගැන ආණ්ඩුවෙන් කරපු නිල ප්‍රකාශයකුත් නැහැ. තියෙන්නේ හමුදාවෙන් එනකොට මිනිහා බාස්මතී හාල් කකා හිටියා කියන කටකතාවක් විතරයි.

    දැන් මම කියන්නෙ විජේවීර මැරුවේ ආණ්ඩුවෙන් නෙවෙයි කියල නෙවෙයි. විජේවීර මැරුවේ ආණ්ඩුවෙන් තමයි. ඒ මිසක් ජවිපෙ නෙවෙයි. නමුත් මට පෙන්නුම් කරන්න ඕන මිනිහ මැරුවේ ආණ්ඩුවෙන් කියන්න තියන සාක්ෂි ප්‍රමාණය බාලචන්ද්‍රන් මැරුවේ ආණ්ඩුවෙන් කියන්න තියන සාක්ෂි ප්‍රමාණයටත් වඩා අඩු බව. ඒත් මේ ලිපියේ ලේඛකයාට විජේවීර මැරුවේ ආණ්ඩුවෙන් කියන්න කිසිම අමාරුවක් නැහැ. විජේවීර මැරුවේ ආණ්ඩුවෙන් කියල 100%ක් සහතික ඇතුව කියන්න පුලුවන් කාටද කියල ඔහු අහන්නෙ නැහැ. ඒත් ඔහුට බාලචන්ද්‍රන් මරණය කළේ කවුද කියන එක බරපතල ප්‍රශ්නයක්. මේකට තමයි motivated cognition කියන්නේ.
    **
    ලේඛකයා අහනව // තවත් සැකයක් නම්, යුධ හමුදාවන්ගෙන් රැකවරණය ලැබූ බාලචන්‍ද්‍රන් මියගියේ අවසාන යුද්ධයේදී කොටින්ගෙ වෙඩි පහරක් නිසා නොවන්න බැරිද ?// කියල. කෙටි උත්තරය තමයි, බැහැ.

    මේ ඡායාරූප අධ්‍යයනය කළා මහාචාර්ය ඩෙරික් පවුන්ඩර්. ඔහු මේ විෂය සම්බන්ධව පිළිගත් විද්වතෙක්.ඔහු මේ විෂය සම්බන්ධව පිළිගත් විද්වතෙක්. සාමාන්‍යයෙන් සාමාන්‍යය මිනිස්සු කළ යුත්තේ තමන්ට තීරණය කළ නොහැකි දේවල් සම්බන්ධයෙන් ඒ පිළිබද වෘත්තිකයෙක්ගේ මතය පිළිගන්න එක. එවැනි විද්වතුන් කිහිප දෙනෙක්ගෙ මතය ගන්න පුලුවන් නම් වඩා හොදයි. නමුත් මම දන්න තරමින් දැනට මේ පිළිබදව අධ්‍යයනය කරල තියෙන්නේ පවුන්ඩර් පමණයි.

    ඔහු පෙන්නුම් කරන ආකාරයට මේ ළමයට උණ්ඩ පහක් වැදිලා තියනව. මේ තුවාල වල ස්වභාවයට අනුව ඒ වෙඩිපහරවල් අඩි දෙකක් හෝ තුනක දුරක ඉදල ඔහුගේ පපුවටම එල්ල කරපු පහරවල්. ඔහුගේ නිගමනයට අනුව මේක අත්වැරදීමක්වත්, වෙඩිහුවමාරුවකදී සිද්ධවුන අකරතැබ්බක්වත් නෙවෙයි. හිතාමතා කළ ඝාතනයක්.

    දැන් වෙනත් සාක්ෂි කිසිවක්ම නැතත් කෙනෙක් හිතන්න ඕන දෙයක් තියනව. ඒ තමයි මෙවැනි දෙයක් හමුදාව අතින් වෙන්න තියන පූර්ව සම්භාවිතාවයත්, එය කොටින් අතින් වෙන්න තියන පූර්ව සම්භාවිතාවයත්. කොච්චර බරපතල සිංහල අන්තවාදියෙක්ටවත් කියන්න බැහැ මෙවැන්නක් හමුදාව අතින් වෙන්න තියන පූර්ව සම්භාවිතාවය මෙවැන්නක් කොටින් අතින් වෙන්න තියන පුර්ව සම්භාවිතාවයට වඩා වැඩියි කියල. අපි මේ කතා කරන්නේ ප්‍රභාකරන්ගේ පුතා ගැන.

    මීට අමතරව මේ ඡායාරූපවල ඇති අනෙකුත් දත්තත් එක්ක එකතු කරල බලද්දී මෙය සිදු කර ඇත්තේ හමුදාවෙන් කියන එක හුගක් විශ්වාසයෙන් කියන්න පුලුවන්. 100% විශ්වාසයෙන් නෙවෙයි. 100% විශ්වාසයක් කිසිම දෙයක් පිළිබදව ඇති කරගන්න නරකයි. මේක Bayes Theorem ගැන දන්න ඕන කෙනෙක් පැහැදිලි කරයි.

    කෙනෙක්ට හිතනවනම් මේක කළේ හමුදාවෙන් නෙවෙයි කියල, මේ අවස්ථාවේදී කළ යුත්තේ එක එක කතන්දර හදන එක නෙවෙයි. මෙහෙම මෙහෙම උනාද දන් නැහැ කියන එක නෙවෙයි. මේ ගැන 100% විශ්වාසයෙන් දන්නේ කවුද කියල අහන එක නෙවෙයි. මේවා කියන මිනිස්සුන්ට මෙන්නෙ මේ මේ අරමුණු තියනව කියන එක නෙවෙයි. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය යම් සාක්ෂි ප්‍රමාණයක් ඉදිරිපත් කරල තියනව. මේකෙන් ගැලවෙන්න ක්‍රමය තමයි ඊට විරුද්ධ සාක්ෂි ඉදිරිපත් කරන එක.

    දැන් මට කොටිය කියල හංවඩු ගහන්න කළින් ලියල තියන දේ කියවල ඉන්න. Groundviews වෙබ් අඩවිය කියවන කෙනෙක් ඉන්නවනම් දන්නවා ඇති මම දැඩි කොටි විරුද්ධවාදියෙක් කියල. ඒත් එක්කම අන්තර්ජාතික මැදිහත්වීමකට දැඩි ලෙස විරුද්ධ කෙනෙක් කියල. ඇත්තටම මං මේ ගැන කිව යුතු නැහැ. ඒත් මම මේක කිව්වේ මට කොටිය කියල හංවඩු ගහනව වෙනුවට ඇත්තටම තියන සාක්ෂි හා ඒවායේ අඩුපාඩු වෙත අවධානය යොමු කරවන්න.

    කැමතියි

    • මම කාව වත් හංවඩු ගහන්නෙ නෑ…
      විජේවීර ගැන ඔබ නගපු තර්ක ගැන අහන්න තියෙන්නෙ එකම දෙයයි. ඔබ මැරිලා උපන්නද ? නැත්නම් ඔබට Selective Amnesia ද ?

      කැමතියි

      • මට එහෙම කිසි ලෙඩක් නැහැ. විජෙවීර මැරුවෙ ආන්ඩුවෙන් නෙවෙයි කියල මම කිව්වෙත් නැහැ. ඔහුව මැරුවෙ ආන්ඩුවෙන් තමයි. මම අහන්නෙ විජෙවීර මැරුවෙ ආන්ඩුවෙන් කියන්න තියන සාක්ෂි මොනවද කියල. ඇත්ත තමයි විජෙවීරගෙ මරණය ගැන ඡායාරුප සාක්ෂියක් වත් නැහැ. බාලචන්ද්‍රන් ගෙ මරණයට සාපෙක්ෂව විජේවීරගෙ මරණය වුනෙ කොහමද කියන්න සාක්ෂි හරිම අඩුයි. තියෙන්නෙ circumstantial evidence පමණයි. නමුත් ඔහුව මැරුවෙ ආණ්ඩුවෙන් කියන දෙ ගැන ඔබට කිසිම සැකයක් නැහැ. ඉතින් ඇයි ඔබ බාලචන්ද්‍රන් ගෙ මරණය කළෙ කවුද කියල මෙච්චර සැක කරන්නෙ? ඇයි මේ double standard එකක්? ඔබ විජේවීරගෙ මරණයත් සැක කරනවනම් ප්‍රශ්නයක් නැහැ. නමුත් කිසිම direct evidence එකක් නැති විජේවීර මරණය සැක නොකරන ගමන් ඊට වඩා සාක්ෂි තියෙන බාලචන්ද්‍රන් මරණය සැක නොකිරීමයි ප්‍රශ්නෙ.

        මේකට හෙතු වෙන්න පුලුවන් හුගක් දෙවල් තියනව.

        1. විජේවීර ඝාතනය කළේ රජයයි කියල සමාජය තුළ ස්ථාපිත වී තිබුනත් බාලචන්ද්‍රන් එසේ නොවීම.

        2. ජිනීවා සම්මුතිය කිහිල්ලෙ ගහගෙන අනික් අතින් තුවක්කුව අරන් සිවිල් ඝාතන 0 ක් වන පරිදි මානුශික මෙහෙයුමක් කළයි කියල රජයෙන් ගෙන ගිය හා ගෙන යන propaganda ව්‍යාපාරය.

        3. තමන්ගෙ ආදරණීය හමුදාව මෙහෙම අමානුෂික වැඩක් කළයි කියල පිළිගන්න තියන අකමැත්ත.

        4. දෙමළ විරොධය

        5. ජාත්‍යන්තර මැදිහත් වීමක් වෙයි කියල ඇති බය.

        හේතුව මොකක් උනත්, මේ එකක් වත් හොද හේතු නෙවෙයි.

        කැමතියි

  10. ඇල්, මගේ මිත්‍රයා,
    මම මේ මාතෘකාව පිළිබඳ දමන එකම කමෙන්ටුව. ඔබ සදා මගේ මිතුරෙක්. මගෙ මේ කමෙන්ටුවවත්, ඔබේ ඒ කමෙන්ටුවවත් අපේ මිත්‍රත්වයට බාධාවක් නෙමෙයි.

    මම ඔබ සමග එකඟ නැහැ. කෙසෙල් ගස් කතාවට මම එකඟ නැහැ. නමුත් ඒ ඔබේ මතය මම එයට ගරු කරනවා. මේ මගේ මතය, මා දන්නවා ඔබ මගේ ඒ අයිතිය පිළිගන්න බව.

    ඇල්, මම කිසිම විදියකින් මිනිහෙක් මරනවට විරුද්දයි. ප්‍රභා වුවත් මම හිතන්නේ නඩු අසා මරණයට පත් කළා නම් හොදයි. නමුත් ඒ අවස්ථාවට අනුව අපිට එහෙම කරන්න වුනා. මම එයට 100% එකඟයි. එතනදී මම භගවත් ගීතාව කියන දේ පිළිගන්නවා.

    “එනම් මිනිහෙක් තමන්ගේ රට වෙනුවෙන් සතුරාව යුද්ධයක දී මරනවා නම් ඒ සාධාරන ලෙස, ඔහුව දිව්‍යලෝකයට යනවා.” මේ කතාව ශ්‍රී ක්‍රිෂ්ණා කියන්නේ අර්ජුනට කුමකට ද? පිතා මහ මරන්න. පියා නැති අසරණ වූ පංචපාන්ඩවයන්ව හදා වඩාගෙන ඉගන්වන්නේ, බලාගන්නේ පිතාමහ. නමුත් අර්ජුනට යුද්ධයේදී ඔහුව මරන්න වෙනවා. ඔහු ක්‍රිෂ්ණගෙ කතාව අහලා එය කරනවා. ඒකයි යුද්ධයේ හැටි. ඒ නිසා අපි ප්‍රභාව මරපු එක හරි.

    බාලච්න්ද්‍රන් ගැන මම ඔබගේ මතයට විරුද්ධ ඒ යුද්ධය නොවන නිසාත්, ඔහු සොල්දාදුවෙකු නොවන නිසාත්, මට එය සාධාරනය කරන්න කිසිම පූර්ව සාධකයක් නැති නිසාත්.

    නමුත් බ්ලොග් අවකාශය පිළිබඳ ඔබේ අදහස් මගේත් අදහස්. එයට මම එකඟයි.

    හැබැයි රජෝ ඔන්න කිව්වා අපිට මේ පොඩි එකාගෙ ප්‍රශ්නෙන් ගැලවෙන්න පුළුවන්. ඒ ගැන මට සැකයක් නැහැ. ඒත් සී. ජේ. නෝනගේ කෙස් එකනම් සීරියස්.

    කැමතියි

    • ඇත්ත පොඩී එකාගේ එකෙන් ගැලවෙන්න තියන අවස්ථාව වැඩියි , හැබැයි ඉතින් ෆොන්සේකා මහත්තය බාලචන්ද්‍රන් කෙනෙක් අතඩංගුවට ගත්තේ නෑ , ම්නියක් හම්බුවුනෙත් නෑ කියත්දි , ඉන්දියාවේ ඉන්න අපේ මහ කොමසාරිස්තුමා බාලචන්ද්‍රන් ගැටුමකදි ගියා වගේ වෙනස් කථා කියන්න ගියොත් වැඩේ අවුල් වෙයි . අගවිනිසුරුගේ ප්‍රශ්නය ගහන්න ඕනි නිසා අතට ගත්ත ආයුධයක් , හැබැයි පොඩි එකා ඩයස්පෝරාවට සංවේදී කේස් එකක් . කොහොම හරි ඔය හැම එකෙන්ම බේරෙන්න පුලුවන් නම් හොඳයි , මොකද සම්බාධක වැටුණොත් කෙලවන්නේ අපිට මිසක් ඔය ලැම්බෝගිනි කුමාරයින්ට වත් , සම්බාධක නෙවෙයි මොන මඟුලෙන්වත් බලපැමක් වෙන්නෙ නැති කඩේ යන සමහර ගොබිලන්ටවත් වත් නෙවෙයි

      මේ මහවෙදනාද ?

      කැමතියි

    • මම දන්නවා මිත්‍රයා. අපි සමහර දේ ගැන එක මතයක හිටියත්, හැම දේකටම එකඟ වෙන්නෙ නැහැ.
      ඒ අපි දෙන්නා දෙන්නෙක් නිසා. ලෝකය විශමයි. ලෝකය පවතින්නෙත් ඒ නිසාමයි.

      කැමතියි

  11. කරුනාසේන ජයලත් මගේ ලොකේ වීරයෙක්. ඔහුගේ පොත් වලින් මිසක් හැබෑවට මා ඔහු දැක නෑ. පුද්ගලිකව ඔහු ඇසුරු කර නෑ. මගේ ජීවිතයට ඔහුගේ පොත් වලින් ලැබූ පාඩම් බොහෝමයි. මා ඔහුව කියෙව්වේ ඔහුගේ ලිවීම් වලින්.

    ලියන කෙනෙක්ව කියවන අය මනින්නේ ඔහු ලියන දේවල් වලින්. ඒ ලියන කෙනාගේ ජීවන දර්ෂනය අපේ ජීවිතයට සහන් එලියක් ගෙන එනවා කියලා දැනෙනවානම් අපි ඒ ලියන්නාගේ චරිතයට ආදරය කරන්න පටන් ගන්නවා. ඔහුව අපේ ලොකේ වීරයෙක් කර ගන්නවා.

    ලේඛකයෙක්ට කියන්න බෑ මාව උඹලගේ ලෝකයේ වීරයෙක් කර ගන්න එපා කියලා. එහෙනම් ඔහු / ඇය ලේඛන කලාවෙන් අයින් වෙන්න ඕන.

    ඒත් එක මොහොතක හෝ ඔහු, ඔහු එහෙක් ගමන් කල මාර්ගය වෙනුවට, එතෙක් පාඨකයාට ලබාදුන් සහන් එලිය වෙනුවට අන්ධකාර මාර්ගයක් පෙන්වනවානම් සහන් එලියේ සහ අන්ධකාරයේ වෙනස පාඨකයාට දැනෙනවානම් පාඨකයා ලේඛකයා වෙතින් ඉවත් වෙනවා.

    පාඨකයගේ හිතේ එතෙක් කල් ජීවත් වෙච්චි වීරයා මැරෙනවා. ඇත්ත ඒකයි ඇලා.

    එතනදී මම ලියන එවා මොකා කියෙව්වත් එකයි නොකියෙව්වත් එකයි, මම ලියන්න මට ඕන දේ . . . මම එකෙක්ගෙන් වත් කාලා ඇඳලා ඉන්නේ නෑ ඒ නිසා උඹලා ආවත් එකයි නැතත් එකයි වගේ මොන දේ කිව්වත් වැඩක් නෑ.

    මම හිතන්නේ උඹ දන්නවා උඹ දේසපාලන කතිකා වලදී මම හිටියේ උඹ වගේ තුන් කල් දැකිය හැකි මිනිහෙක් / මිනිස්සු අපේ දේසපාලනයට එනවා නම් කියන තැන බව. ඒ උඹ එක්තරා විදිහකින් උඹේ ලිවීම් හරහා අපිට දන්වලා තිබ්බ නිසා උඹ සාධාරණ මනුස්සයෙක් කියන දේ. උඹේ උගත් කමත් ඒ සමඟ එකතුවෙලා තිබුනා.

    උඹව කියවපු මම / අපි උඹේ උගත් කම එක්ක එකතු වුනු මානුෂිකත්වය සාමාන්‍ය අපි අතරින් උඹව උසස් තැනක තියලා සලකන්න පටන් ගත්තා.

    මිනීමරුවෙක්ගේ පුතාත් අනාගතයේදී මිනීමරුවෙක් වෙයි කියන දේ ඇඟවෙන්න වඳ බැහැපු කෙහෙල් පැලයක් මොටෙයි එක්කම අයින් කරන්න ඕන කතාවක් කියලා උඹ උගත්කම එක්ක එකතු වුනු මනුස්සකමකුත් තියෙන කෙනෙක් කියලා අනෙක් අය හිතූ දේ බොරුවක් බව දැනුනාම සාමාන්‍ය අපතයෙක් එක්ක උපදින්නේ නැති තරහක් උඹ එක්ක උපදින එක අසාධාරන නෑ ඇලා.

    කියපු දේ සාධාරණීය කරන කරන එක නතර කරලා ආයේ සැරයක් උඹේ හිතෙන් අහලා බලපන් උඹ ඒ වෙලාවේ ආවේගයට එහෙම කතාවක් කිව්වාද නැතිනම් ඇත්තටම ඒ වඳ බහින කතාව උඹේ හදවතින්ම කිව්වද කියලා . .

    උත්තරේ දෙවෙනි එක නම් ඇලා මට එක දෙයක් කියපන් . . . උඹේ හුරතලා පසිඳු උඹ විද්‍යාඥයෙක් නිසා අනාගතයේ විද්‍යාඥයෙක් විය යුතුයි. ඒත් බැරිවීමකින් වත් උඹ සමාජ ද්‍රෝහියෙක් මිනීමරුවෙක් උනානම් පසිඳුත් එහෙම වෙයි. උඹ සමාජ ද්‍රෝගියෙක් මිනීමරුවෙක් නිසා උඹේ දරුවත් අනාගතයේ එහෙම එකෙක් වෙයි කියලා මිනිස්සු අර හුරතල් කිරිසප්පයව මරන්න හිතුවොත් සමාජයේ යහපත වෙනුවෙන් ඒ දේ කල යුතු දෙයක් කියලා උඹ පිලිගන්නවා . . එහෙමද?

    කැමතියි

    • දුකා,
      උඹ මගේ හොඳ යාළුවෙකුටත් වඩා මම ආදර්ශයට ගන්න චරිතයක්, උඹේ ධෛර්යවන්තකම, උත්සාහය මම කවදත් අගය කළා ඉරිසියාවක් නැතුව. උඹට විරූස් එක ගැන කියන්න තියෙන දේවල් මම කෙළින්ම කියන්නෙත් උඹ දියුණු වෙලා ඉන්නවා බලන්න මම ආස නිසා.
      මම දන්නවා මගේ කෙමෙන්ටුවෙන් බොහෝ දෙනෙකුගෙ හිත් රිදුනා. ඒ – ඒ කමෙන්ටුව මගෙන් කිසිසේත්ම කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවූ නිසා. නමුත් මම ඒ දේ කිවුවා. කියූ දෙයෙහි වගකීම මම භාර ගන්නවා. පැනලා යන්නෙ නෑ… මම වැරදි වෙන්න පුළුවන්.
      මගේ පුතා ගැන උඹේ තර්කයට මට කියන්න තියෙන්නෙ මෙච්චරයි. ඒකා තනි මගේ පුතා පමණයි. මම කවදා හරි සිංහල ජාතිය වෙනුවෙන් සටන් කරලා සිංහල ජාතියට වෙනම ලෝකයක් හදන්න සටන් කරලා ලෝකෙටම වදයක් වෙලා මැරෙන දවසක සමහරවිට ලෝකයා ඌ ගැනත් එහෙම හිතාවි. නමුත් බාලචන්‍ද්‍රන් කියන්නෙ ජාතියක බලාපොරොත්තු රඳවගෙන හිටපු දරුවෙක්. ඒ දරුවා ඉත්තෙක් කරගන්න තියෙන අවස්ථා අනන්තයි.
      මම මෙතැන බැලුවෙ Big picture එකයි… මම එතැන පාවිච්චි කළ වචන වැරදි වෙන්න පුළුවන්. හිත් රිදෙන්න ඇති.

      අනික, දෙමාපියන්ගෙ වැරදි නිසා මියගිය එකම දරුවා බාලචන්‍ද්‍රන් නෙවෙයි දුකා.. හරි හෝ වැරදි, මද්දුම බණ්ඩාර මැරුණෙත් තාත්තගෙ වැරැද්ද නිසා… අපට මද්දුම බණ්ඩාර වීරයෙක්. ඒ ඇහැලේපොළගෙ පුතා වුන නිසා. උන්ට බාලචන්‍ද්‍රන් වීරයෙක් වෙන්න තිබුණ අවස්ථාවත් ඒ වගේමයි.. ඒ ප්‍රභාකරන්ගෙ පුතා නිසා.

      මම ගැන උඹලා මොනවා හිතුවත්, මම මමමයි… උඹලාට එක ප්‍රතිචාරයකින් මාව එපා වෙනව නං, මට කරන්න දෙයක් නෑ…..
      මම දන්නවා… උඹ අනාගතයෙ මට හම්බ වුන දවසක මුලින්ම අහන්නෙ යකෝ උඹ අර වගේ දෙයක් කිවුවෙ හිතකින්ද කියලා…. එදාට මට උඹට දෙන්න උත්තරයක් නැතිවෙයි…. ඒ, උඹලගෙ කෝණයෙන් මම වැරදි නිසා..

      කැමතියි

  12. අහෝ ඇල්කෙමියාණනි,මගේ ජීවිත කාලයෙහි එක් එක් කාල වකවානුවල මම පරමාදර්ශී චරිත ලෙස සිහසුනෙහි හිඳුවා කිරුළු පැළඳවූ චරිත කිහිපයෙක් වීය. මෙතෙක් ඒ සංඛ්‍යාවෙන් නම් අතලොස්සකටද අඩුය. ප්‍රධාන පරමාදර්ශී චරිතය ලෙස මගෙ ජීවිත කාලය මුළුල්ලේ අග්‍රස්ථානයෙහි වැජඹෙනුයේ ගෞතම බුදුන් වහන්සේය. අනු පරමාදර්ශී චරිත ලෙස කලින් කල මවිසින් නීල් ආම්ස්ට්‍රෝං, චාල්ස් ඩාවින්, ඇල්බට් අයින්ස්ටයින්, ආතර් සී. ක්ලාක් සහ කාල් සේගන් වැනි මහා පුරුෂයෝ පත් කොට ගන්නා ලද්දේය. ඒ අනු පරමාදර්ශී තනතුරෙහි වර්තමානයෙහි වැඩ හිඳිනුයේ මහා පුරුෂ ඇල්කෙමියාණනි, ඔබය. 🙂

    එහෙත් මහා ඛෙදවාචකයකි තොප ඒ අනු පරමාදර්ශී තනතුරෙහි ගෞරවය උදක්ම කෙළෙසා ඇත. අහෝ! අහෝ!! අහෝ!!!, 🙂

    එබැවින් තොප තව දුරටත් මාගේ අනු පරමාදර්ශී මහා පුරුෂ තනතුරෙහි ලා නොසළකන බවට ඔබට මෙයින් දැනුම් දෙන්නෙමි. පුරප්පාඩුවූ අනු පරමාදර්ශී මහා පුරුෂ තනතුරට සුදුස්සෙක් පිළිබඳව අන්තර් ජාලය පීරමින් සොයමින් සිටින්නෙමි. 🙂 🙂

    කැමතියි

  13. ඇලා මගේ සටහනේ මම කෙලින්ම උඹේ නම සහ මාරය්ගේ නම ලිව්වා මමත් ඇනෝ කෙනෙක් විදියට නොවෙයි කෙලින්ම මගේ නමින්ම දාපු සටහනක් ඒක . මම කරේ ඇලා උඹට ගහන එක නොවෙයි ගැහිල්ලක් මම මගේ ලිපියේ අදහස් කලේ නෑ. මම ලියපු ස්වරයේන් හිත රිදුනනම් කරන්න දෙයක් නෑ මොකද මට අනුව උඹ කිව්වෙත් හිත් රිදෙන කතාවක්.
    මාරයත් උඹත් උඹලගේ අදහස එළිපිට කිව්වා මම කිව්වේ මේ වගේ අදහස් කියන්න උඹලට ඇති අයිතිය පිලිගන්නවා නමුත් මේවා නොකිය හිටියනම් හොඳයි මොකද අනාගත පරපුර හැදෙන්නේ මේවා කියවල උඹලට බොක්කෙන්ම හිතෙන දේවල් උඹලම තියාගත්නම් හොඳයි කියල.
    .ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය සහ මහින්ද විද්‍යාලය අතර ක්‍රිකට් තරඟයට ඉස්සෙල්ල රෑ හැම වසරකම ඉස්කෝල දෙක අතර සුහඳ විවාද තරඟයක් තියනවා. ඇලා උඹ දන්නවනේ…මරාගන්න වාද කරගෙන සංවාදයේදී ඇතිවන තර්ක නිසා පුද්ගලික ප්‍රශ්න හදාගන්නේ නැතිව අතට අත දෙන්න තරම් දියුණු නැත්නම් අපි බ්ලොග් ලියල මොකටද?

    කැමතියි

    • ස්තුතියි උදිත,
      අපි ගොඩක් දෙනෙක් බැඳීම් වලින් බැඳිලා ඉන්නෙ. අපි හැම දේකටම බැඳෙනවා. ඒ වගේම බ්ලොග් ලියන අයටත් බ්ලොග් වලටත් බැඳීමක් ඇතිකරගන්නවා. මේ නිසාම තමන් ඇතිකරගත් බැඳීම තමන් හිතාගෙන හිටින මාර්ගයෙ නොයනවිට දුකයි. මෙතැන වුනේ ඒකයි.
      මම බැඳීම් වලින් නිදහස් මිනිහෙක්. මගේ බැඳීම තියෙන්නෙ පවුලට පමණයි. ඒත් ඒ දේත් අඩු කරගන්න පුළුවන් නම් මම ඒ දේත් කරනවා. බැඳීම් නැති වුනාම ජීවිතය නිදහස්….

      කැමතියි

  14. මම බ්ලොග් කාරයෙක් නෙමේ. වැඩියෙන්ම පත්තර වල තියෙන එකකාරි හෑලි කියවන්න බැරි නිසයි මම බ්ලොග් කියවන්නේ.
    නමුත් මම ඔබත් , මාතලන් හා මාරයා ලියපු වා කියෙව්වා.
    බ්ලොග් ලියන සුසීමා දර්ශී මහත්තුරු හා නෝනලාට කියන්න ඉංග්‍රිසි කියමනක් තියෙනවා where is the war- there is the no law.
    අනෙක් අතට විචාරක මහත්තයා කොල්ලා කාලේ (තනි තරුවෙන් හිටපු කාලේ) අණ දෙන නිළධාරියා කිව්වාලු යුද්ධයේ අනුශූරතාවක් කියලා දෙයක් නැහැ කියලා.
    හැබැයි මුල මෙහේ දැන් ඇමරිකන් නෝනාට කියන්න තියෙන්නේ –
    ඇමරිකන් කාරයා බෝම්බ දාන්නේ පිටරටට වගට. අපේ වාහෙලා බෝම්බ දමන්නේ අපේම රටේ මිනිස්සුන්ට.

    කැමතියි

  15. දුකා කියලා තියන එක තමයි මෙතන හැබෑ ප්‍රශ්නය ඇල්කෙමියා. මටත් දැනුන විදිහ ඒ වගෙයි. ජනප්‍රිය පුද්ගලයන් සම්බන්ධයෙන් මිනිස්සු එහෙම රූප හදාගන්නවා. කපුගේ සන්ෆ්ලවර් සමග ගීත ගැයීම ඔබට මතක ඇතිනේ. එහෙම වෙන්නෙ කලක් තිස්සේ කෙනෙක් ලියන කියන ඒවා බලං ඉඳලා ලියන පුද්ගලයා පිලිබඳ යම් රූපයක් මවා ගන්නා නිසයි. හිතලා බලන්න හෙට ඉඳන් අජිත් පැරකුම් ධනවාදය වෙනුවෙන් සහ අරුණි ශපිරෝ සමාජවාදය වෙනුවෙන් පෙනී හිටියොත් වෙන දේ 🙂 ඉතින් ඔබ දිහා බලා ඉඳලා ප්‍රතිරූප මවාගෙන, ඔබගේ මේ ප්‍රකාශයත් සමහ ඒවා බිඳුනහම ඔවුන් ඒ ගැන ලියනවා.

    \\මම ලිපි ලියන්නෙ හිට් ගන්නවත් කොමෙන්ට් ගන්නවත් නෙවෙයි.. එහෙම ලියනවා නම් ලියන්න ඕනතරම් ලිපි තිබෙනවා. ඒත් මම ඒවා ලියන්නෙ නෑ.. මටත් ලස්සන පොඩි කාළයක් තිබුණා – දඟකාර පාසැල් සමයක් තිබුණා.. \\

    ඔබත් පාවිච්චි කරලා තියෙන්නෙ බොහෝ දෙනෙක් කියන මම ලියන්නේ හිට්ස් ගනන් නෙමෙයි, නමුත් මට විරුද්ධව අනෙකා ලියන්නෙ හිට්ස් ගන්න කියන තර්කය. ඔහොම තර්ක ගේනවා නම්, මේ ලිපියත් හිට්ස් සහ කොමෙන්ට්ස් ගැනීමේ ගොඩට දාන්න පුළුවන්. නමුත් ඒක් එහෙම නොවෙන බව අපි දන්නවා. හිට්ස් සහ කොමෙන්ට්ස් වෙනුවෙන් ලියන අය ඉන්නවා නම් ඉන්නේ අතලොස්සයි. හිට්ස් වල සහ විශේෂයෙන්ම කොමෙන්ට්ස් වල වටිනාකමක් තියනවා. ඒවා ලබාගන්න ඔබ අනුගමනය කරන ක්‍රමයයි වැදගත්. ඕවා හිට්ස් සහ කොමෙන්ට්ස් කියලා හිතන්න එපා… බලන මිනිස්සු සහ බලලා අදහසක් කියන මිනිස්සු ලෙස හිතන්න.

    අවසානයේ අර කකාගේ අඩවියේ තිබ්බා දෙයක් වෙනස් කරලා කියනවා නම්, ඔබට ලිවීමට අයිතියක් සහ මට එය විවේච්නය කිරීමට අයිතියක් තියනවා. අප දෙදෙනාගේ අයිතීන් රැකීමට අප දෙදෙනාටම වගකීමක් තියනවා.

    කැමතියි

  16. අනේ මන්දා ඇල්කෙමිස්ට් මම උබේ පොස්ට් කියෙව්වට කවදාවත් කමෙන්ටුවක් දාලා නෑ . හෙතුව wordpress මට මෙකෙ පාස්වර්ඩ් එක පැටලෙනවා හරි කරදරයි ඒත් අද ලියන්න හිතුනෙ මම ඉන්නෙ උබේ මතයෙ නිසා. උබ ලියපු පුනුරුත්තාපනය ලංකාවෙ සිද්ද නොවන දෙයනම් සැබෑවක් KP කරුනා ගැන උනත් උබ ඉන්න මතයෙ මත් ඉන්නෙ තව හුඟක් දෙවල් වලට . මම මේ මාතෘකාව ගැන මුවා වෙලා ඉන්න කෙනෙක් හේතුව වැහිච්ච තුවාල හෑරුවම රිදෙන්න අපිටමයි

    කැමතියි

  17. ඇලා මාරයාගෙ බ්ලොග් එකේ දැම්ම කොමෙන්ටුවෙන් පේනවට වඩා වැඩි දෙයක් මේ පෝස්ට් එකෙන් පේනවා……

    ඔබ තුමා කියන විදිහට ඒ නිරීක්ෂණ විශ්ලේෂණය කරල බැලුවාම මට හිතුනෙ, ඔබතුමා අධික මාන්නයකින් යුතුව, අනෙකෙක් කියන දෙයක් නිවැරදිව තේරුම් ගැනීමට උනන්දුවක් නැති තවත් තමන් නිවැරදි යයි සැමවිට සිතාගෙන ඉන්න සුලභ ආචාර්ය වරයෙක් වගේ……. මේක කරුණු සහිතව තර්කයෙන් ඔප්පු කරන්න මහන්සි වෙන්නෙ නෑ…. තර්ක වලින් කලහැක්කක් නෑ…. නමුත් කියල යන්න කියුව නිසා කිව්වා…..

    කැමතියි

  18. ඇල්කෙමියා,

    මුලින්ම කියන්න ඕන [සමහර විට ඔබ දන්නවත් ඇති] මම ඔබේ ලිපි වල මුල් කාලයේ සිටම පාඨකයෙක්. සමහර ලිපිවලට ලයික් කලා [ඔබත් වර්ඩ්ප්‍රෙස් මමත් වර්ඩ්ප්‍රෙස්] මට හොඳයි කියන ලිපිවලට හොඳයි කිව්වා අනිත්වා කියවලා ගියා. ඔබට මතකනම් ඔබගේ සංවත්සර ලිපියකට [හෝ එවැනි වෙනත් ලිපියකට] මම කිව්වා

    “ඔබ වැන්නෙක් සිංහල බ්ලොග් අවකාශයට ආඩම්බරයක්..!”

    මමනම් උදිතගේ පෝස්ට් එකටයි, මාරයගේ පෝස්ට් එකටයි දෙකේම කමෙන්ට්ස් දැම්මේ ඔබේ නමත් එක්ක. කියන දෙයක් මමනම් මූණට කියනවා ඒ මගේ හැටි. [මාරය්ගේ පෝස්ට් එකේ කමෙන්ට් එකට මොනවා වුනාද මන්දා දැන් ඒක නෑ].

    දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා; ඇයි මාරයා ලියපු දේකට ඇල්කෙමියට ගහන්නේ..?

    මාරයා කවුද කියලා අපිත් දන්නවා ඌත් දන්නවා. මාරයා පෝස්ට් එකක් දාද්දි ඌ ලියන්න යන්නේ මොනවද කියලා ගොඩක් වෙලාවට දන්නවා. ඒක හරියට මහින්ද අබේසුන්දරගේ “විමසුම” බලනවා වගේ වැඩක්. ඒත් මම අල්කෙමියා ගැන හිතන් හිටපු විදිහ මීට වෙනස්.

    “ඔබ වැන්නෙක් සිංහල බ්ලොග් අවකාශයට ආඩම්බරයක්” මම එහෙම කිව්වේ ඔබ බොහෝ දේ දිහා මධ්‍යස්තව බලනව පැහුණු, ලංකාව කියන ළිඳ ඇතුළේ ඉදගෙන බක බක ගාන ගෙම්බෙක් නොවි, ලෝකය දැක ඇති ලොකෙයේ ඇවිද ඇති පුද්ගලයකු යැයි මා විශ්වාස කළ නිසා. සරලවම කිව්වොත් ඔබ ගැන මා මවා ගෙන සිටි ප්‍රතිරූපය නිසා.

    ඇත්ත. ප්‍රමාදර්ශ හොයන එකනම් විහිළුවක්. ඒත් ප්‍රමාදරශයක් නොවුනත් ඔබ ගැන මවා ගෙන සිටි ප්‍රතිරූපයත් එක්ක ඔබේ කමෙන්ට් එක මාව කම්පනයට පත් කළා [ඉතින් මට පුකෙයි..?]
    මගේ කමෙන්ට්ස් ලියවුනේ එහි ප්‍රතික්‍රියාවක් ලෙසයි. [මමනම් ඔය ගැන පෝස්ට් එකක් දාපු නැති නිසා කමෙන්ට්ස් හිට්ස් චෝදනාව මටනම් අදාල නෑ. අනිත් අය ඔයා ගැන ලියලා හම්බු කරපු කම්නෙට්ස් හිට්ස් තම්බලා කන්න ඇති]

    පාඨකයෝ විදිහට අපි නැති වුනාට අවුලක් නෑ අල්කෙමියා. දැන් ඔයාට අළුත් මාකට් එකක් හැදිලා තියෙන්නේ. දැන් ඒකේ දිගටම යන්න..!

    සුබ අනාගතයක්..! 🙂

    ප.ලි: සිංහල බ්ලොග් අවකාශයට තියෙන ලොකුම අවුලක් තමයි මේ හිට්ස් කමෙන්ට්ස් මේනියාව [කමෙන්ට්ස් කමක් නෑ කියමු ඒත් හිට්ස්..? තම්බලා කන්නද..? යනකොට අරන් යන්නද..?]. ඔය කෙහෙල් මල් හින්දා තමයි සිංහල බ්ලොග්ස් එක තැන පල් වෙන්නේ. මෙලෝ බල්ලේක් නො එන, ඒත් දින පතා අප්ඩේට් වෙන ඉන්ග්‍රීසි බ්ලොග්ස් කොච්චර තියෙනවද..? ඒවා ලියන්න ඒ මිනිස්සු කොයි තරම් මහන්සි වෙනවද..? ඒවයින් ඒ මිනිස්සු කොයි තරම් සතුටු වෙනවද..? අනේ මන්දා අපේ උන්ටනම් ගොඩ ඒමක් නෑ..!

    කැමතියි

    • මාලන්,
      මමත් ඔබට බොහොම ගරු කරන පුද්ගලයෙක්, සමාවෙන්න මා ගැන ඔබේ තිබූ ප්‍රතිරූපය බිඳ දැමුවට. මමත් සාමාන්‍ය මිනිහෙක් විතරයි. මම යමක් උගත්තත්, මගෙත් අනන්තවත් වැරදි තිබෙනවා. මම පරිපූර්ණ නැහැ.

      මෙතෙක් කල් මා සමඟ හිටියට ස්තූතියි. ඉදිරියට ආවත්, සාදරයෙන් පිළිගන්නවා.

      කැමතියි

  19. {බාලචන්‍ද්‍රන් ජීවතුන් අතර තබා ගත්තා නම් – ඔහු ජීවත් කිරීමේ වගකීම කිසිවෙකු හෝ දැරිය යුතු වෙනවා. කේ පී – කරුණා වගේ නොවෙයි ඔහු – කුඩා දරුවෙක්. පාසැල් යවන්න වෙනවා, මවුපිය සෙනෙහස ලබා දෙන්නට වෙනවා. ඔහු උසස් ගණයේ ඉලක්කයක් (High profile target) ජනාධිපති තුමාගෙ දරුවන් මෙන්ම ආරක්‍ෂාවක් රැකබලාගැනීමක් කරන්නට වෙනවා. විශාල වගකීමක්, වැරදෙන්නට ඉඩ ඇති තැන් බොහෝයි.}

    හීලෑ කරපු (අවශ්‍යය නම්) බාලචන්ද්‍රන් තරම් වටිනා තවත් සම්පතක් ආණ්ඩුවට නොතිබිය යුතුව තිබුණි… ඔහු මාර්ගයෙන් එක පැත්තකින් ඉන්දියානු දෙමල ජනයාගේ බලපෑම යම් දුරකට පාලනය කරගත හැකිව තිබුණු අතර… අනෙක් පසින් පරාජය නිසා තැලුණු දෙමල හිත් බොහොමයක් දිනාගත හැකිව තිබුණි…

    කැමතියි

  20. ලංකාවට තුවක්කු බෝම්බ සංස්කෘතිය හඳුන්වා දුන්නෙ විජේවීර ගෙ කට්ටිය. කී දෙනෙක් ඒ නිසා ටයර් සෑ උඩ දිවි පිදුවාද ?..ඒත් විජේවීරගේ පවුල ආණ්ඩුවෙන් මැරුවෙ නෑ. කොහොමද අපි කියන්නේ බාලචන්ද්‍රන් හමුදාවෙන් මැරුවා කියල. සියල්ල සිදු වී වසර 4 කට පසු මේවා කරලියට එන්නේ ඇයි.

    සිංහළයාට හැමදේම අමතක කරන්න යන්නේ සතියයි. එය ප්‍රභාකරන්ගේ කියමනක්. ඒ සත්‍යයෙන් ප්‍රභාකරන් උපරිම ප්‍රයෝජන ගත්තා. අනුන්ගේ දරුවන් ගේ කර වටේ සයනයිඩ් එල්ලල බෝම්බ එල්ලල ඉස්සරහට යැවුවා. ඇයි ප්‍රභාකරන් ඔය විදියට මළේ. සයනයිඩ් කන්න තිබුනනේ.

    හමුදාවට අසුවූ අනෙක ළ්ඨ්ඨ්E නායකයින්ගෙ අඹු දරුවන් හොඳින් ඉන්නවා නේද ? ප්‍රභාකරන්ගේ අනුදැනුම පිට ළ්ඨ්ඨ්E එකෙන්ම බාලචන්ද්‍රන් මැරුවා විය නොහැකිද ? ඔහුගේ බිරිඳට හා දියණියට කුමක් සිදුවේද ? ඒ අයගේ පින්තූරත් හෙට අනිද්ද වෙන කොට එළියට එයිද ?
    මමත් අහිංසාව ගරු කරන කෙනෙක්. ඒත් යුද්ධයකදී මිනිසුන් මැරෙන්න ඕන. එහෙම නැත්නම් එය අංග සම්පූර්ණ යුද්ධයක් නොවේ. යුද්ධයකදී හතුරන් තෝරා බේරා මරන්න බෑ.

    මේවගේ දේවල් අතීතයෙත් සිදු උනා. ශ්‍රී වික්‍රම රාජසිංහ , ඇහැලේපොලගේ පරම්පරාවම මැරුවේ අර ” වඳ කෙසෙල් ගස් ” තියරිය නිසයි.

    හය හතර නොදන්න අපෙ කිරි සප්පයන් , පතරොමකට සල්ලි වියදම් කරන්නේ මොකටද කියල ගස් ගල් වල ගහල මරා දමද්දි මුනිවත රැකි අය යුද්ධය නිමා වී වසර 4 කට පසු සුව වුනු තුවාල නැවත පාරවන්නේ මොන කෙහෙල් ගෙඩියටද ?
    මේක අමු විහිළුවක්.. ජයලලිතා කියනවා ලංකාවට ආර්තික සම්භාධක පනවන්න කියල. එතකොට ලංකාවේ ඉන්න දෙමළ ජනතාව ඉන් පීඩා විඳින්නේ නැද්ද ?

    මම දැන් මේ දේශපාලන ලිපි කියවීම නතර කරල තියෙන්නේ. ඒත් මෙය දුටු විගස මොනවා හරි ලියන්න හිතුනා.

    කැමතියි

  21. මේ ඔක්කොටම මුල සිංහල මිනිහගේ කරන දෙයක් හරියකට කර ගන්න බැරි කම …

    කැමතියි

  22. ඇලෝ බ්ලොග් එකක් පටන් ගනින් වර්ඩ්ප්‍රෙස් අටමගලෙ නවත්තලා. අපිට පෝස්ට් මිස් වෙනෝ..

    කැමතියි

  23. ඇල්කෙමියා
    මාත් ඔය ගැන වචනයක් හරි ලිව්ව නිසා මෙතන මගේ අදහසත් කොටල යන්නම්. ලිපිය ගැන නම් කියන්ඩ දෙයක් නෑ. ඔයා දාපු කමෙන්ට් එක සාධාර්ණීකරණය කරන්ඩ ගත්තු අහිංසක ඒත් අසාර්ථක උත්සහයක්. ඒකේ තියන දේවල් ගැන තර්ක කරන්ඩ ගියොත් මේක ඉවරයක් වෙන එකක් නෑ.
    හිට්ස්, කොමෙන්ට්ස් ගැන කියල තියන දේට නම් සම්පූර්ණයෙන්ම එකඟයි. මාලන් ඒ ගැන කියල තියන ටිකමයි මටත් කියන්ඩ තියෙන්නෙ.
    ලංකාවෙ අපේ පරම්පරාව කියන්නෙ පරමාදර්ශ අහිමි වෙච්ච පරම්පරාවක්. අපේ ඇස් ඉදිරිපිට පරමාදර්ශ කියන ඒවා බිඳවැටුන හැටි පහුගිය අවුරුදු 20 ඇතුලෙ අපි දැක්කනෙ. ඒ හින්දා ඇල්කෙමියා කියන පරමාදර්ශය බිදවැටීම ගැන එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඕක සති දෙකෙන් අමතක වෙලා යයි.
    ඒත් මට ප්‍රශ්නයක් තියෙන්නෙ “අඩෝ මම පරමාදර්ශී චරිතයක් නෙවේ හරිද? තොපිට මොකද මං මොකෙක් උනහම? ” කියල අහන එක ගැන. මං පෞද්ගලිකව විශ්වාස කරනව මිනිස්සුන්ගෙ ටාගට් එක තියෙන්න ඕනේ ඒ වගේ තැනක නෙවෙයි, ඊට වඩා ඉහළ තැනක. මං කැමතී පරමාදර්ශ වෙන්ඩ ට්‍රයි මිනිස්සුන්ට (උපාසකයො එහෙම නෙවෙයි ඈ ). ඒත් මං කැමති දේවල් කරන්ඩ ඇල්කෙමිය මගේ කවුද? අනික මං කවුද? (මේ බ්ලොග් එකට ඇවිත් ගිය අවස්ථා බොහොමයි, ඒත් අදහසක් දාන පළවෙනිවතාව )

    අන්තිමට කියන්ඩ තියෙන්නෙ වඩා ප්‍රැක්ටිකල්, ලේසි දේවල්, කරනවට වඩා ප්‍රැක්ටිකල් නැති, අමාරු දේවල් කරන්ඩ ට්‍රයි කරපු මිනිස්සු තමයි ලෝකෙ වෙනස් කරල තියෙන්නෙ. ඒක ගොඩක් හොඳට ඔයා දන්නව ඇතිනෙ. ඒ නිසා මෙහෙම කරා නම් ලේසි කියල ඒක සාධාරණිකරණය කරන එක ගැන මගේ එච්චර කැමැත්තක් නෑ. ඒත් මං කැමති දේවල් කරන්ඩ ඇල්කෙමිය මගේ කවුද? අනික මං කවුද?

    (මේක ඇල්කෙමියට නෙවෙයි )
    මෙතන තියෙන්නෙ බ්ලොග් අවකාශයේ මත ගැටුමක් පමණයි. මේකෙ ලියවෙන දේවල් වලින් මිනිහෙක්ගෙ සැබෑ චරිතය මනින එක තේරුමක් නෑ. යමක් ගැන මිනිහෙක්ගෙ මතයක් අනුව ඒ මිනිහා හොඳද නරකද කියල මනින එක කිසිම තේරුමක් නැති වැඩක්. බ්ලොග් අවකාශය අති බිහිසුනු ජාතිවාදී බ්ලොග්කාරයෝ ඇත්ත ජීවිතේ හරිම සංවේදී මිනිස්සු වෙන්න පුලුවන්. එහෙම චරිත මං දැකල තියනවා. ඒ නිසා පෞද්ගලික ජීවිතේ මෙතෙන්ට ඇදල ගන්න එක එච්චර හොඳ දෙයක් නෙවෙයි. විවේචනය කල යුත්තේ බ්ලොග් චරිතය පමණයි.

    කැමතියි

  24. ඇල්කෙමි ඔබ ලියපු මෙම ලිපිය ටිකක් විතර සැර වැඩියි කියලයි මම හිතන්නෙ.අර ප්‍රේමදාස ලොක්ක කියල තිබුනෙ මාව මැරුවට මගේ මොකක්ද මරන්න එපා කියල,අන්න ඒවගේ තියරියකින් ලිවනම් හරිය කියල හිතෙනව.දැන් කොහොම උනත් සංවාදය ජයටම ගියා.කව්රු කව්රුත් ඔළුවල කුණු කන්දල් තියාගන්නෙ නැතිව සුපුරුදු සහෝදරත්වයෙන් හොද හොද කථා ලියමු හොද සිතින් සංවාද කරමු.

    කැමතියි

  25. //ජනාධිපති තුමාගෙ දරුවන් මෙන්ම ආරක්‍ෂාවක් රැකබලාගැනීමක් කරන්නට වෙනවා.//

    කැමතියි

  26. මමත් මේ බාලචන්ද්‍රන්ගේ මරණය ගැන පොඩිම පොඩි පොස්ට් එකක් ලිව්වා…මම සාමාන්යෙන් ලින්ක් එකතු කරන්නේ නෑ..ඒත් මේ ලිපියේ අන්තර්ගතයට එක පොඩි මුක්කුවක් වේවි….

    අපි බාලචන්ද්‍රන් මරපු හැටි | Assassination of Balachandran

    කැමතියි

  27. ගොඩක් දෙනෙක් තමුන්ගේ ඇත්ත ස්වරූපයට බයයි….ඒක හින්දා ලෝකෙට පේන්නත් බොරු විදිහක් මවා ගන්නවා. ටික දවසක් ගියාම ඒ බොරුවට මාවා ගත්ත දේ හැබෑවක්මයි කියලා තමන්වත් රවට්ටවා ගන්නවා….ඒත් තමා තුල ඉන්න ඒකා හෑබෑවටම අදුන ගන්නකන් අපි අපිටම කෙලවගන්නවා…..

    සුද්දගේයි අපෙයි තියෙන ලොකුම වෙනසත් ඕකමයි…ඌ කවදාවත් ඌට බොරු කර ගන්නේ නෑ…

    මාරයගේ පෝස්ට් එකට දාපු කමෙන්ට එක මේකටත් හරි යනවා…

    ///තමන්ට හිතෙන දේ ඒ ආකාරයෙන්ම කියන්නට ඉදිරිපත් වීමත්, ඒ වෙනුවෙන් පෙනී හිටීමත් ගොඩක් හොද දෙයක්….ඒක හැමෝටම හැම වෙලාවෙම කරන්න බෑ……අවංකව ඇත්ත කථා කරන එක තරම් අමාරු දෙයක් ලෝකේ නෑ….///

    කැමතියි

  28. ඔබ දක්වා ඇති මානය අළුත් ප්‍රවේශයක් සපයනවා. මේ පිළිබඳව ඇත්ත වශයෙන්ම හදිසි නොවී සිතිය යුතුයි. මා සත්‍ය වශයෙන්ම මෙම ගැටලුවේ (මරණය ගැන) කොහේටත් නැති මට්ටමක සිටිනුයේ. සත්‍ය කුමක් දැයි වටහා ගනු බැහැ.
    නමුත්, මරා දැමුවානම් එය හදවතට එකඟව හෙලා දකිනවා. නමුත් බුද්ධීයට ද ඉඩ දිය යුතුය.

    කැමතියි

  29. බාලචන්ද්‍රන්ගේ මරණය ගැන නොයෙක් තැන අදහස් පළවී තිබිණ. එහෙත් ඒ කොතැනක දී වත් මම මගේ අදහසක් නොලීමි. අද ද මට කිය හැක්කේ යුද්ධය තුළ බිහිවන්නේ ම්ලේච්ඡ පරිසරයක් පමණක් බවයි. එවන් පරිසරයක දරුවන් මැරීම, ගැහැණු දූෂණයට ලක්වීම ආදී දේ කිසිත් සීමාවකින් තොරව සිදු විය හැකිය. එය සිංහල හමුදාවට පමණක් සීමාවන තත්ත්වයක් නොවේ. ඒ නිසා හෙට අනිද්දා තවතවත් ශාක්ෂි ගෙනහැර දැක්වුවා කියාත් පුදුම වෙන්නට කිසි කාරණාවක් නැත. යුද්ධයක් තුළ සිදුවිය නොහැකි යමක් සිදුවී ඇති බවක් කවුරුන් හෝ පෙන්වා දුන්නොත් එයට පමණක් මම පුදුම වෙමි. බාලචන්ද්‍රන්ගේ මරණය ගැන මට පුදුම වීමට කිසිවක් නැත. ඔහුව මැරුවේ හමුදාව වුවත් කොටි වුවත් මගේ අදහස ඒ දරුවා ගේ හැබෑ මිනීමරුවා යුද්ධය බවයි

    පුදුමවිය යුත්තේ මෙවැනි හා මීටත් වඩා ම්ලේච්ඡත්වයන්ට මග පාදන යුද්ධයන් ඇතිවීමට හේතුපාදකවන තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍යවන වගකීම් සහගත හැසිරීම තිස් අවුරුදු යුද්ධයකට පසුවත් ශ්‍රී ලාංකික සමාජය තුළ වර්ධනය නොවූයේ ඇයි ද යන්නයි. හැබෑ ම්ලේච්ඡත්වය ඇත්තේ එහිය.

    යුද්ධය නිම වී මාස අටක් පමණ ගත වූ තැන මා අතින් ලියැවුණු පිටස්තරයා 2 බ්ලොග් අඩවිය තුළ දී මා උත්සාහ කළේ මෙන්න මේ කාරණය වෙත අවධානය යොමු කිරීමයි. එහි හැම ලිපියකම ඇත්තේ ඔය කී කාරණයයි. අදවනවිට මා අවසන් බ්ලොග් ලිපිය ලියා අවුරුදු දෙකක් පමණ ගතවී ඇත. මේවන විට අප සිංහල සමාජය මුස්ලිමුන්ට එරෙහි කළු ජුලියකට අවශ්‍ය පරිසරය සකසාගෙන හමාරය. මෙවර ද එහි නායකයන් එසේ කරන්නේ ‘බුද්ධාගම’ ‍රැකගන්නටය.

    කොතැන හෝ වැටෙන ගිණිපුපුරකින් ගින්න ඇවිලීමට අවශ්‍ය ඉන්ධන අවශ්‍ය පරිදි විසුරුවා හැර අවසන්ය. ගින්න ඇවිලෙන තුරු මොහොතක් ඉවසීමෙන් බලා හිඳිමු. එයින් වසර විස්සක් තිහක් ගිය පසු අපට ආයෙත් සැරයක් මේ වගේ කාණුවක වැටී ඇති දරුවෙකුගේ මරණය ගැන සාරගර්භ සංවාදයක් ඇති කිරීමට අවශ්‍ය පරිසරය උදාවෙනු ඇත.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: