2013 මාර්තු 05 : ආසියාවේ ආශ්චර්යය – ආසියාවේ දැනුම් කේන්‍ද්‍රය


අපි හැමදාම ලෝකයේ ලොකුම එක, ආසියාවේ ලොකුම එක, දකුණු ආසියාවේ ලොකුම එක, ආදී ලොකු ලොකු දේ කරන්නට මෙන්ම සිහින දකින්නට ද දක්‍ෂය. ආසියාවේ කුඩාම රටක් වුවත් ලොකුම ඇමති මණ්ඩලය ඇත්තේ අපටය. අප ආසියාවේ ආර්ථිකව සමාජයීයව මෙන්ම අධ්‍යාපනිකව ද ඉතාම පසුපසින් සිටියත්, පාරම් බාන්නේ ආසියාවේ ආශ්චර්යමත්ම රට හැටියටය. පිටින් ණය අරන් උජාරුවට දිවි ගෙවන අපි හැම දෙනාම රුපියල් ලක්‍ෂ තුනක් පිටරටට ණයය. නමුත් ණය ගැනීම නතර වී ද නොමැත. අපි තවමත් කරන්නේ  අවුරුදු 2500 ක වංසෙ කබල් ගෑමක් වුනත්, අප එය පිළි ගැණීමට ද අකැමැතිය.

මෑතකදී අපි දකුණු ආසියාවේ ලොකුම ටින් මාළු කර්මාන්තශාලාව ගාල්ලේදී තනා නිම කර ජනතා අයිතියට පැවරූ රටකි. නමුත් මාළු ගෙන්වන්නේ චීනයෙනි. අපි දකුණු ආසියාවේ රටක් ඇතුලත තැනූ එකම වරාය තැනූ ජාතියයි. නමුත් එය ද චීනයෙන් ණය අරගෙන තැනූවකි. අපි, මිලියන 22 ක ජනතාවක් වෙසෙන වර්ග කිලෝමීටර් 65610 ක වපසරියක් ඇති රටක ගුවන් තොටුපල දෙකතුනක් ඇති රටකි. ඒද ණයට ගත් මුදලින් තනන්නකි. අපේ ප්‍රධාන ආදායම් මාර්ග වන්නේ 3T ය Tourism – Tea – Textile ය… එය එසේ වුවද ඒ සඳහා ද හරිහැටි සැලසුම් අපට නැත. ඊට අමතරව තරුණියන් – මවු වරුන් දහදුක් විඳ මැදපෙරදිග කඹුරා එවන තුට්ටු දෙක වුවත්, ඔවුනටද කිසිදු සහනයක් නොමැත. අපි සත්තකින්ම ආශ්චර්යමත් ජාතියකි.

අප කිසිදු විටෙක අගය එකතුකළ යමක් (value added products) පිටට ලබා නොදෙන ජාතියකි. නුපුහුණු ශ්‍රමය අමු ුඅමුවේම පිට රටට පටවන්නේ ඉතාම අඩු මිළකටය. හරි හැටි අගය එකතු කළ විට රටම ගොඩ ගන්නට තරම් වටිනාකමක් ඇති පුල්මුඩේ ඉල්මනයිට් නිධිය ජපනාට විකුණන්නේ අමු අමුවේය. රබර් අමු අමුවේම විකුණන අප පිටරටින් ටයර් ආනයනය කරමු. රට වටකර මුහුද ඇතත් මාළු ද ගිණි ගණන්ය. වසර පුරාවටම හිරු එළිය – වගා කළ හැකි වටපිටාවක් ඇති අපේ රටේ එළවලු ගිණි ගනන් ය.. තව කිව හැකි දෑ බොහොමයකි.

ඉන්දියාව අප තරම් පාරම් බාන්නේ නැත. ඉන්දියාවේ  ජනගහනයෙන් 80% ක් දරිද්‍රතාවයෙන් පෙලෙන රටකි. අම්බානිට අම්බානට මුදල් ඇතත්, වැඩි ප්‍රතිශතයක් දිනය ගෙවන්නේ ඩොලර් දෙකකට වඩා අඩු දෛනික ආදායමකිනි. එහි දේශපාලනඥයෝ ද අපේ අය මෙන්ම ඉතා දූරදර්ශී – විනීත, දූෂණයෙන් භීෂණයෙන් තොර ඉතාම බුද්ධිමත් කාණ්ඩයකි. ඒ නිසා අපේ රට මෙන්ම ඉන්දියාව ද ආසියාවේ ආශ්චර්යය කරා ළඟා වෙමින් පවතී. ඉන්දියාවේ අගමැති ආර්ථික විද්‍යා විශේෂඥයෙකු වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් හදාරා ඇති පුද්ගලයෙකි. ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය වූයේ  “India’s export performance, 1951–1960, export prospects and policy implications” යන්නයි. ඒ සමඟම එය “India’s Export Trends and Prospects for Self-Sustained Growth” පොතක් බවට පත් කිරීමට ද හේ උත්සුක විය. ඒ ඉන්දියාවේ අගමැතිතුමාගේ අධ්‍යාපනික සුදුසුකම් කිහිපයකි.

අපේ අගමැතිතුමාට දැන් සනීපය. ඒ නිසා එතුමා ඉල්ලා අස් වන්නේ නැත. පාප් වහන්සේ ඉල්ලා අස් වූවත් අගමැතිතුමා ඉල්ලා අස් විය යුතු නැත. ඒ එතුමාටය කියා අමුතුවෙන් කරන්න දෙයක් නැති නිසාමය. ලංකාවේ අගමැතිකම ඉන්දියාවේ ජනාධිපතිකම මෙන්ම බල රහිත එකක් නිසා අගමැතිතුමා කවුරු වුනත් කිසි ප්‍රශ්නයක් නැත.  එකම ප්‍රශ්නය ඒ පුද්ගලයා වෙනුවෙන් දරන්නට වෙන වියදම පමණි. නමුත් ඉන්දියාව යනු බිලියන 1.3 ක ජනගහනයක් ඇති ලොව ඉහළම ආර්ථිකයක් පවතින රටකි. එවන් රටක පාලනය දරන්නා (පමණක් නොව වෙනත් ඕනෑම රටක) බුද්ධිමතෙකු වීම රටේ ප්‍රගමනයට බලපායි. ඉන්දියාව මන්මෝහන් සිං පාලනයට නතු වූ දා පටන් විශාල සංවර්ධනයක් කරා ගමන් කරමින් සිටින රටකි.  ඒ රටේ ජනාධිපති වූයේ න්‍යෂ්ඨික භෞතික විද්‍යාඥයෙකු වූ ආචාර්ය අබ්දුල් කලාම් මහතාය. ඒ බුද්ධිමතුන් දෙදෙනකි.  ඊට පෙර 1991 දී ඉන්දියාවේ වෙළඳ ඇමති තනතුර හෙබවූයේ ච ආචාර්ය මන්මෝහන් සිං මහතාය.. ඉන්දියාව අපනයනය කරන්නේ බුද්ධිමතුන් ය. ඉන්දියාවෙන් පිටතට යන බුද්ධිමත් තරුණ තරුණියන් නැවත් පැමිණෙන්නේ ආචාර්ය උපාධි හෝ අවම වශයෙන් ශාස්ත්‍රපති/විද්‍යාපති උපාධියක් අත දරාගෙනය. ඉන් නොනවතින ඔවුහු රටේ නිෂ්පාදනයට දායක වෙති. ලොව ප්‍රධානතම ඖෂධ සමාගම් සහ රසායනික සමාගම් අඩු මිලට බුද්ධිය සොයාගෙන පැමිණෙන්නේ ඉන්දියාවටය. ලොව මූලිකම පරිඝණක සමාගම් සිය ශාඛා පිහිටවන්නේ ඉන්දියාවේය. ඉන්දියාවේ IIT (Indian Institute of Technology) විශ්ව විද්‍යාල අද තරඟ කරන්නේ ඇමරිකාවේ හාවඩ්, MIT, සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාල සමඟ සම තත්ත්‍වයේ සිටීමටය. මේ ඉන්දියාවේ අධ්‍යාපනයේ තත්ත්‍වයයි. අපි ?

මේ ලිපිය ලිවීමට සිත් වූයේ බ්‍රිතාන්‍යයේ රාජකීය රසායන විද්‍යා සංගමය මගින් පළ කරන Chemistry World නම් සඟරාවේ වූ ඉන්දියානු විද්‍යාත්මක චින්තනයේ ප්‍ර බෝධය පිළිබඳ වූ ලිපියක් දැකීමෙන් ඇති වූ සංවේගයයි. ඒ සංවේගය ඉන්දියාව ගැන නොවේ. ආසියාවේ ආශ්චර්යය යැයි උදම් අනන අපේ ලංකාව ගැන ඇති වූ සංවේගයයි.

ඉතාම මෑතකදී ඉන්දියාව තම රටට නව විද්‍යාත්මක ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දුනි. ලංකාවේ පුවත්පත්/මාධ්‍ය ආයතනවලට හොරෙන් මෙය කරන්නට ඇත්තේ අප රටේ ද මෙවැනිම ප්‍රතිපත්ති මාලාවක් හඳුන්වාදේ යැයි යන බියෙන් විය හැකිය. ඉන්දියාව මෙහිදී අවධාරණය කරන්නේ සීඝ්‍ර – දිගුකල් පවතින – සියළුම අංශවල වර්ධනයක් දැකිය හැකි විද්‍යාත්මක පිළිවෙතකි. මේ නිසා රටේ බොහෝ අංශ වල දියුණුවක් ඔවුහු අපේක්‍ෂා කරති. සමහර අංශ විද්‍යාත්මක ක්‍රමවේදයක් නොදැක තිබු අංශයන් වන අතර ඒවාට ද මේ පිළිවෙත් හඳුන්වාදීමට ඉන්දියාව අපේක්‍ෂා කරයි. ඉන්දීය රජය මෙහිදී ඉලක්ක කරන්නේ විද්‍යාත්මක සංවර්ධනය අතින් තමන්ගේ බලය වසර 2020 වනවිට ලොවට කියා පෑමටය. දැනට ලෝකයේ පළවන විද්‍යාත්මක ලිපි වලින් 3.5% ක ප්‍රමාණයක් පළ වන්නේ ඉන්දීය විද්‍යාඥයින් විසිනි. එය 2020 වනවිට 7% ක් දක්වා වැඩි කිරීමට ඉන්දියාව අදහස්කරගෙන ඇත. ලොව ඉහළම විද්‍යා ලිපි පළකෙරෙන සඟරා වලට ඉන්දියාවේ වර්තමාන දායකතවය වන 1% ක ප්‍රමාණය 2.5% දක්වා වැඩි කිරීමට ද සැලසුම් යොදා හමාරය. ඉන්දියාව ලබන වසර පහ ඇතුලත සිය විශ්ව විද්‍යාල සහ පර්යේෂණාගාරවල පර්යේෂකයින් සංඛ්‍යාව 66% කින් ඉහළ නැංවීමට, එනම් 150,000 ක් දක්වා වැඩි කිරීමට සැලසුම් කර ඇත. මෙයට අමතරව අධ්‍යාපනය ද ඒ හා සමගාමීව ඉහළ නංවන්නට අදහස් කරගෙන තිබේ.

ඉන්දියාවේ අගමැති

ඉන්දියාවේ අගමැති

කෙසේ වුවත් ඉන්දියාව ද විද්‍යාත්මක පර්යේෂණ වෙනුවෙන් වෙන් කරන්නේ දළ ජාතික ආදායමෙන් 1% ක් පමණි. 2017 වනවිට එය 2% දක්වා වැඩි කිරීමට ආචාර්ය මනමෝහන් සිං සැලසුම් කරගෙන තිබුණද, සමහර  විද්‍යාඥයින් ඒ පිළිබඳ සැක සංකා මතු කරති. ඉන්දියාවට දැන් ඇති ප්‍රධාන ප්‍රශ්නය චීනයේ ආර්ථික සහ විද්‍යාත්මක සංවර්ධනයයි. ඒ නිසා ඔවුන් චීනය හා කරට කර හෝ ඉදිරියට යාමට හැකි සියල්ලම සිදු කරති. ආසියාවේ ලොකුම දේවල් නොකළත්, තමන්ට හැකි පමණින් යමක් කිරීම ඔවුන්ගේ ක්‍රියා කලාපයයි. නමුත් අප කරන්නේ සියල්ලට ම පෙර ලොකු නමක් යොදාගත් ව්‍යාපෘතියක සමාරම්භක අවස්ථාවට එම ව්‍යාපෘතියට වෙන් කළ මුදලෙන් හරි අඩක් යොදා නාස්ති කර, ඉතිරියෙන් ද හැකි ප්‍රමාණයක් යටිමඩි ගසාගෙන ඉතිරියෙන් යමක් කිරීමයි. ඒ අපේ ආශ්චර්යයයි. ඒ මුදලින් යමක් සිදු වීම ම ආශ්චර්යයකි.

උදාහරණයක් ලෙස වරායේ සිට සපුගස්කන්දට තෙල් ගෙන යන නලය සෑම තැනින්ම සිදුරු වී සිදුවන තෙල් නාස්තියම අවම කිරීමෙන් අපට බොහෝ මුදලක් ඉතිරි කරගත හැක. නමුත් හැමදාම සිදු වන්නේ කාන්දුවන තැනකට පැලැස්තරයක් යොදා නැවතත් කාන්දුවක් ඇතිවනතෙක් බලා සිටීම නොවේද ? ජර්මනියේ BASF ආයතනයේ වර්ග කිලෝමීටර 10 ක වපසරියේ පමණක් අතුරා ඇති නල මාර්ගවල දිග කිලෝමීටර 2300 කට අධිකය. මේ කිසිදු නළයක කාන්දුවක් වසර 25 කින් වාර්තා වී නැත්තේ ඒවායේ කටයුතු සොයා බලන්නන්ගේ සහ අදාල ආයතනයේ කාර්යක්‍ෂමතාවය සහ වගකීම් සහගත ස්වභාවය නිසාය. නමුත් වරායේ සිට කොලොන්නාවට තෙල් ගෙනයන නලය හරිහැටි නඩත්තු කිරීමට අපට හැකියාවක් නැත. ඒ අපගේ ආශ්චර්යයයි.

වාසනාවට අපටද දැන් බුද්ධිමත් අගමැති අපේක්‍ෂකයෙකු පහළවන ලකුණු මතු වී ඇත.

අපේ අනාගත අගමැති

අපේ අනාගත අගමැති

අපේ රටේ අවිවාදයෙන්ම ජනප්‍රියතම ආචාර්යවරයා වන ආචාර්ය මර්වින් සිල්වා මහතා තමා තරම් අගමැති තනතුරට සුදුස්සෙකු තවත් මේ රටේ නොමැති බව රටටම හඬගා ප්‍රකාශ කර හමාරය. ඉන්දියාවේ අගමැතිතුමාට මෙන්ම එතුමාට ද ආචාර්ය උපාධියක් ඇත. මන්මෝහන් සිං මහතා මෙන්ම එතුමා ද කොටය. පොතක් ද ලියා ඇත.ඒ හැමටම වඩා මන්මෝහන් සිං මහතාට වඩා රට වෙනුවෙන් ඒ මහතා කැප වී ඇත. එතුමාගේ පවුලේ කිහිප දෙනෙකු මියගොස් ඇත්තේ රට වෙනුවෙන් වැඩ කිරීම නිසාවෙනි. ඉතිං…. අපටත් ආශ්චර්යයේ ඉදිරියටම යන්නට. මෙතරම් සුදුසුකම් ඇති.. එතුමා අගමැති කළොත් බැරි වෙයිද ?

Advertisements

About Alchemiya

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මාර්තු 4, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , , . Bookmark the permalink. ප්‍රතිචාර 10.

  1. හිතවත් මිතුර,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
    මේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
    එසේනම් දැන්ම මේ පාහරයා,
    ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
    මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
    මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
    ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
    පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..

    ** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
    (රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )

    කැමතියි

  2. අනිවා ඉතින් ඩොක්ටර් සිං වගේ තමයි ඩොකටර් මර්වින් කීවාම .

    කැමතියි

  3. ඇල්,
    මගේ ජාතිකාණුරාගය, උණුවී ගියා, ජාතිවාත්සල්‍යයෙන් මා ඔඳ වැඩි ගියා, ස්වරාලයෙන්ම මගේ දේශාභිමානය දැන් මේ නැගගෙන නැගගෙන එනවා ඒ නිසා මේ ඉක්මනට ලියන්නම්…. වාසනාවන්තයි අප්පා මගේ රට.

    කැමතියි

  4. කාලෝචිත ලිපියක් බව නම් නොකියා බැරිය. නමුත් මේ විහිලු කාරයන් ගැන කියන්න ගියොත් අනිවාර්යයෙන්ම කුණුහරප ලියවෙනවා. ඒ නිසා ඔබේ බ්ලොග් එක කැත නොකර නවතිනවා. අපිම අපේ ඔලුව අතගා බැලිය යුතුයි.

    කැමතියි

  5. ඉන්දියාව ඉදිරියට යන විවෘත ආර්ථික ක්‍රමය ඉන්දියාවට හඳුන්වා දුන්නේ අපට පසුවයි. එහෙත් එහි මුල සිටම මන් මෝහන් සිං වගේ බුද්ධිමතුන් විවෘත් ආර්ථික ක්‍රමයට ඉන්දියානු මුහුණුවරක් ලබා දුන්නා. අවංකවම කනගාටුයි. ඉන්දියාවට මුලින්ම ආප කෝල් සෙන්ටර් ලංකාවේ දාන්න හිටපු ඒවා. මමත් මුල් කාලයේ ජාත්‍යන්තර සමාගමක වැඩ කලා. එහෙත් ආකර්ෂණීය පහසුකම් නිසා ඔවුන් එක ඉන්දියාවට රැගෙන ගියා. අපේ රට නම් මේ ආන්ඩුව යටතේ තවත් ආගාදයට යෑමක් මිසක් කිසිම දියුණුවක් කරා නම් යන එකක් නෑ. එහෙම තිබුනානම් ඔබ වැනි උගතුන් පිරටට දැණුම ලබාදෙන්න අවශ්‍ය නෑනේ.. දැන් නම් බලයෙන් වියරු වැටිලා ඉන්නේ. කිසිම වැඩ පිලිවලක් නෑ. චීනයත් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර තියෙනවා. ඒ ඔවුන්ටත් දැනෙන්න ඇති, අපේ රට කිසිම විදේෂ ප්‍රතිපත්තියක් නැති රටක් බව…

    හැබැයි ඇල්…. මර්වින් අගමැති උනත්.. එච්චර පුදුම වෙන්න දේකුත් නෑ… මම හැමදාම කියනවා වගේ.. ඔක්කෝම මර්වින් සිල්වලා තමයි ඉන්නේ.. ඒක ඔප්පු වෙලා ඉවරයි…

    කැමතියි

  6. ලංකාවේ මිනිසුන්ට ලෝකයේ අනෙක් රටවල් ගැන ඇති දැනුම කෙසේ වෙතත් ලෝක සිතියමවත් දැක නැති අය මෙන් මේ කාලයේ හැසිරෙති. කුඹින් එකමුතුව වැඩකරන විට ලොකු වැඩ කරන බව ඇත්තකි නමුත් කුඹියෙක් අලියෙක් ලෙස සිතන්න වුවොත් මිය යනවා මිස කිසි වැඩක් වෙන්නේ නැත, අපි අපේ තරම දැනගත යුතුය.
    ඉන්දියාව සමග සහයෝගයෙන් වැඩ කිරීම අපි අනිවාර්යයෙන් කල යුතු දෙයකි.
    මාතලන් වැනි බ්ලොග් කරුවන් නිසා
    //ඉදිරියේදී අපට දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. // කියා ඉහත කෙනෙක් කියා ඇත

    මේ මිනිසුන් ඉදිරියේදී දුක් වෙන්නේ දැන් ලංකාවේ තත්වය ගැන සතුටින්ද ඉන්නේ,? මම නම් දුක් වෙන්නේ මේ දැනුයි. විකාරදේශපාලකයින් සිටින විකාර සිදුවන රටක් මේ මොහොතේ තිබීම ගැනය. දැන් ලංකාවේ තත්වය පිස්සුවකි පිස්සන්ට පිස්සුව හොඳ වීම දුකකි. අනාගතයේ ඇතිවන දුක් වන දිනය යනුවෙන් ඔවුන් භය වී ඇත්තේ මේ තියන ආතල් පිස්සුව හොඳ වීම පිලිබඳ බියකි.

    කැමතියි

  7. මේක කියවලා දුකක් ඇතිවුනා අපි ගැනම..

    මේ ක්‍රමය වෙනස් කළ හැකිද? හැකිනම් පටන් ගත යුත්තේ කොතනින්ද?

    කැමතියි

  8. මුගෙ පින්තූර නම් දාන්න එපා අප්පා. මට පුදුම වෛරයක් තියෙන්නෙ මූත් එක්ක. මිනිස්සු වයසට යන කොටවත් ශීලාචාර වෙන්න ඕන. අනික අපේ රට යන හැටියට අගමැතිකමට සුදුස්සාත් මූ මැයි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: