2013 මාර්තු 07 : ප්රතිරූප වන්දනාව නිසා බැටකන ලසිත් මාලිංග
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දීමනා ප්‍රශ්නයක් නිසා ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ කොන්ත්‍රාත්තු අත්සන් කිරීමට ක්‍රීඩකයෝ 23 දෙනෙකු අකැමැතිවීම පිළිබඳ ආන්දෝලනය අවසාන වූයේ ඔවුන් ඒ සඳහා එකඟ වීමත්, සිදු වූ කිසිවක් මාධ්‍ය හමුවේ නොකිව යුතු බවට එකඟතාවයක් (හෝ තර්ජනයක්) ඇතිකරගැනීමත් සමඟය. නමුත් ඒ ආන්දෝලනය සමනය වන්නට නොදී ලංකාවේ ක්‍රිකට් නැවත වතාවක් ප්‍රධාන මාතෘකාවක් බවට පත් කරගැනීමට අපේ මාධ්‍ය සමත්විය.
මිනිසා කවදත් තමන්ට වඩා ඉදිරියෙන් සිටින්නකු වෙත කිසියම් ගෞරව පූර්වක බැල්මක් හෙලූ සත්ත්වයෙකි. ඒ නිසා ඒ පුද්ගලයා වටා ප්‍රතිරූපයක් ගොඩනගා ගනී. බටහිර සංස්කෘතියේ විශේෂයෙන් ඇමරිකාවේ වැඩිහිටියන්ට ගරු කිරීම හෝ උගතාට/ඉහළ මට්ටමේ රැකියාවක් කරන පුද්ගලයෙකුට එතරම් ගරු කිරීමක් නැත්තේ, සියල්ල සමානව සැලකීමට පුරුදුව ඇති නිසාය. යුරෝපයේ තවමත් අවම වශයෙන් අධ්‍යාපන ක්ෂෙත්රයේ මේ ගරුත්වය තරමක් හෝ දුරට රැඳී පවතී. ආසියාව තවමත් ප්රතිරූප වන්දනාව ඉහළින්ම ඇති කලාපයකි. මේ පුද්ගල/ප්රතිරූප වන්දනාවට ඉහළින්ම පාත්‍ර වන්නේ වෛද්‍යවරු – විශ්ව විද්‍යාල ආචාර්යවරු – ඉංජිනේරුවරු – නීතීඥයින් වැනි ඉහළ තලවල රැකියා දරන පුද්ගලයින් ය. එසේම පසුගිය යුධ කාළයේ ත්‍රිවිධ හමුදාවල සේවය කරන්නන් වන්දනා කළේ රණවිරුවන් යන නාමයෙන් වුවත්, දැන් දැන් කාර් රේස් සඳහා වැලි කොට්ට අදින, අතිරික්ත එළවලු වෙළඳාම් කරන පුද්ගලයින්ගේ තත්ත්වයට ඔවුන් පත්ව ඇත්තේ අපට ඇති සති දෙකේ මතකය නිසාම විය හැකිය. ඊට අමතරව කෘත්‍රිමව ඇතිකරගත් ප්රතිරූප වන්දනාවට අනුකූලව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ සිට ජනාධිපතිතුමා දක්වා විවිධාකාර දේශපාලනඥයින් සහ හෙංචයියන් පුද්ගල වන්දනාවට ලක්වෙති. ඒ බොහෝ දුරට එකිනෙකාගේ පෞද්ගලික වාසි ලබා ගැනීම පිණිසය.
නළු නිළියන් සහ ක්‍රීඩකයින් මෙන්ම වෙනත් ප්‍රසිද්ධ පුද්ගලයින් බොහෝ විට සිය දක්ෂතාවය මත කැපී පෙනෙන නිසා ප්රතිරූප වන්දනාවට ලක්වෙති. දක්ෂ නළු නිළියන් සහ දක්ෂ ක්‍රීඩකයින් මේ තත්ත්වයෙහි ඉදිරියෙන් සිටිති. මෙයට අමතරව මාධ්‍යවල අවශ්‍යතාවය මත පිම්බෙන සහ හැකිළෙන ප්රතිරූප වන්දනාවක් ද දැකිය හැක. නයි නළඟන මාධ්‍යවලට මහඟු වස්තුවක් වූයේත්, ආචාර්ය මර්වින් සිල්වා වැන්නන්ගේ සුළු චලනයක් වුවත් මාධ්‍යවලට සුවිශාල ආකර්ෂණයක් වන්නේත් මේ නිසාය. මිනිසුන් සතුව ස්වභාවයෙන්ම ඇති කටකතා සහ ඕපාදූප ඇසීමට ඇති කැමැත්ත දඩමීමා කරගෙන මාධ්‍ය සිය මඩි තර කර ගන්නේ එසේය.
ලංකාව පළමු ටෙස්ට් තරඟය දිනූ දිනයේ සිට සහ ඊට පෙරත්, ක්‍රිකට් ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් වෙත තරමක ආකර්ෂණයක් ඇතිව තිබුණි. මෙය ලෝක කුසලානය දිනූ කාළයේ සිට වැඩි වැඩියෙන් දක්නට ලැබුණි. ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ තත්ත්වය ඉහළ යන විට ඔවුන් ද පුද්ගල වන්දනාවට බඳුන් වූහ. එමෙන්ම අර්ජුන – මහේල – සනත් – සංගක්කාර – මුරලි – වාස් – වැනි අයගේ අගය ඉහළ ගියේ ඔවුන් සතුව තිබූ පෞරුෂත්වය සහ නිහතමානීකම නිසාම විය හැක. මේ අතර විවිධ චරිත දක්නට ඇත. සියල්ලන්ටම අර්ජුන – මහේල -සංගක්කාර වැන්නවුන් වීමට නොහැක. එකිනෙකාගේ පෞරුෂත්වය වෙනස්ය. නමුත් පුද්ගල වන්දනාවේ යෙදෙන්නවුන්ට මේ වෙනස නොතේරේ. ඔවුන්ට සියළුම ක්‍රිකට් ක්‍රීඩකයින් එක සේ දීප්තිමත්ව බැබැළිය යුතුය. ආදර්ශමත්ව හැසිරිය යුතුය. නමුත්, සත්‍යය බොහෝ විට උපකල්පිත මට්ටමින් බොහෝ අපගමනය වී ඇති බව කිසිවෙකුට නොවැටහේ. මේ නිසාම දර්ශීය ක්‍රිකට් ක්‍රීඩකයා මේ යැයි අච්චුවකට දමා (Stereotype) සියල්ලන්ම සැලකීමට පුරුදු වී තිබේ.
පසුගිය දා සිදු වූයේ එයයි. මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශ්නයකට මාලිංග දුන් පිළිතුරක් කප්පරක් සේ වර්ධනය කර ජනතාව අතරට ගිය කතාවයි.
මේ ද ලාස්ට් රෝ නම් වෙබ් අඩවියේ තිබූ සටහනකි. අයිතිය කස්සා සතුය. (වරද නිවැරදි කළෙමි)
මාලිංග , මාධ්‍යවේදියා සහ ක්‍රිකට් බලන අපි
——————————————-
මම කොල්ලේක් එක්ක චැටක් දාගන ඉන්න ගමන් මාලිංගගේ සීන් එකත් කතාවට ඇදුනා. ඌත් මම වගේම සෑහෙන ක්‍රිකට උනක් තියන එකෙක්
“මාලිංග පොඩ්ඩක් චාටර් උනා නේද” මම ඇහුවා.
“මොන චාටර්ද? ඔය අගේට ඉන්නේ”අරූ කියනවා.
“ඒ උනාට අර ටීවි එකේ ඌ කතාකරනවා පෙන්නුවට පස්සේ කට්ටියට පොඩ්ඩක් අවුල් ගියේ නැද්ද.උට කැමැත්තෙන් හිටපු එවුනුත් දැන් උට අනං මනං කියනවා”මම කිව්වා.
“මාලිංග බැන්නේ බං එතන හිටපු ජනලිස්ට මිසක් උගේ ක්‍රිකට් බලන එවුන්ට නෙවේනේ.මම කියන්නේ මචං මාලිංග මාධ්‍ය කාරයන්ට කතාකලා හොඳ වැඩියි. ඌ එතෙන්ට ආවේ ක්‍රිකට් ගහලා මිසක් ස්ටෙජ් වල කතා පවත්තපුවා පත්තරේ ටීවී එකේ දාලා නෙවේ. මාද්‍ය කාරයෝ සහ උගෙ ටැලන්ට් එකේ සම්බන්ද්යක් නෑනේ.”
“ඒ උනාට බන් හෙන සල්ලි ගොඩක් හම්බෙන එකේ මොකටද සල්ලි පස්සේම යන්නේ.එතකොටත් කොල්ලන්ට මල පනිනවනේ”
“අනේ බං ඔය මාලින්ගගේ වීඩියෝ එකට බනින ගොඩක් උන් අපි උඹලා වගේ නිදි මරාගෙන ක්‍රිකට් බලන එවුන් නෙවේ. උන්ට හෙන ඊරිසියාව අරුන්ට සල්ලි ගොඩක් හම්බෙනවා කියලා. ඉතින් බන් අනික් රටවල ක්‍රිකටස්ලට ගෙවන ගානත් එක්ක ඒ ගාන සාධාරන නැද්ද. ඔතන තියෙන්නේ කුහක කම. සමහර එවුන් හිතනවා අපි ඩිග්‍රිය ගහලත් මෙච්චර වැඩ කරලත් පඩි මෙච්චරයි අරුන්ට කෝටි ගනන් කියලා. අපිට ක්‍රිකට් ගහන්න බැරිවෙච්ච එකට හරි අපේ අම්මලා ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන වෙලාව ඒවට යන්න නොදි ශිෂ්‍යත්ව පන්ති යවපු එකට හරි උන් පලි නෑනේ.”
“හරි ඔක්කොම හරි කියමු ඒ උනාට පෝඩ්ඩක් හරි සංයමයෙන් කතාකරන්න තිබ්බේ නැද්ද”මම කිව්වා.
“උඹම මෙහෙම හිතපන්. අවුරුද්ද අවසාන ඉවැලුවෙශන් එකේදි ලොක්කා කියනවා තිබ්බ පඩියෙන් ගානක් කපලා තව තිබ්බ අනම් මනම් ටික්කුත් කපනවා කරන්න දෙයක් නෑ කියලා. ලොක්කත් එක්ක කොච්චර කතා කලත් වෙනසක් වෙන්නේ නෑ, බැරිනම් අස්වෙලා යන්න කියලත් ලොක්කා කියනවා.ඔය ගැන පැය දෙක තුනක් ලොක්කත් එක්ක ඇරගෙන ඔලුවේ දාහක් දේවල් තියාගෙන මීටිම ඉවරවෙලා ඔෆිස් එකෙන් එලියට බහිනකොටම දොරකඩ ගාව ඉඳන් මාධ්‍යකාරයෙක් උඹේන් ‘කොහොමද මීටිම’ කියලා මයික් එකක් දික් කරලා ඇහුවොත් උබේ කටට එන වචන මොනවද?
මගෙන් එහෙම ඇහුවනම් ඌ නෑසු සිංහල අහගන්නවා”
උපුටාගැනීම අවසන්.
මාලිංග ක්‍රිකට් ගැසුවේ මාලිංගගේ දක්ෂතාවය නිසා ය. ඒ නිසාම මාලිංග ධනවත් වී ඇත. මාලිංග රත්ගම වැල්ලේ ටෙනිස් බෝලයෙන් ක්‍රිකට් ගසමින් සිටියා නම් සමහරවිට කොහේ හෝ පෞද්ගලික ආයතනයක සුළු රැකියාවක් කරමින් සිටින පුද්ගලයෙකු වන්නට ඉඩ තිබුණි. නමුත් ඔහුගේත් අපගේත් වාසනාවට ඔහුගේ දක්ෂතාවයන් මත ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඉඩකඩ ලැබුණි.
අපි සියළුම දෙනාට ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළ නොහැක. මා ද අප ක්‍රීඩා කරන මට්ටමේ ක්‍රීඩකයින් අතර තරමක දක්ෂයෙකු වුවත්, මගේ දක්ෂතා ජාතික කණ්ඩායමට නොව ක්‍රීඩා සමාජයකටවත් වැද්ද ගැනීමට තරම් නොවේ. ජාතික තලයේ ක්‍රීඩකයින් එම ස්ථානවලට පැමිණ ඇත්තේ අපමණ දුක් විඳ සිදු කරනලද කැපවීම් තුළිනි. ඔබ-අප ද අප කරනා රාජකාරිවල නිසි කැපවීමක් ඇතුව ක්‍රියා කළා නම් සමහරවිට අප ද දැන් සිටින ස්ථානයට වඩා හොඳ රැකියාවක්, උසස් තනතුරක සිටින්නට බැරිකමක් නැත.
අප බොහෝ දෙනා ඉතා ඉක්මනින් නිගමනවලට පැමිණෙන පිරිසකි. කිසිවෙකු උසිගැන්වූ සැණින් සොයා නොබලා විවිධ චෝදනා කිරීමට අප මඟබලා සිටිමු. මාලිංගට වූයේ ද මෙයයි. මේ සුළු ප්රශ්නය අප වවාගෙන කෑවා විය හැකිය. මාලිංග ජාතික සම්පතක් වූ කාළයක් විය. නමුත් ඔහු ක්‍රීඩා කළ විලාශය අනුව සහ ප්‍රධාන තරඟවලදී පෙරදි නොපෙන්වූ දක්ෂතා නොපෙන්වීම නිසාම ඔහු මුදලට තරඟ කරන පුද්ගලයෙකු ලෙස ප්‍රසිද්ධ විය. අරවින්ද ද සිල්වා ටද මෙවැනිම චෝදනා එල්ල වී තිබූ කාළයක් මට මතක තිබේ. තරඟයේ හෝ තරඟාවලියේ වීරයා සඳහා සුපිරි මෝටර් රථයක් පිරිනමන්නේ නම් අරවින්දගේ දක්ෂතා නැරඹිය හැකි බවට මතයක් එකළ පැවතින.
මිනිසුන් තුළ විවිධ පුද්ගලයන් අරභයා විවිධ ප්රතිරූප මැවී පවතී. මෙවන් වාක්‍යයක් දේශපාලනඥයෙකුගේ මුවින් පිටවුනි නම්, එය සාමාන්‍ය දෙයක් වන්නට ඉඩ තිබිණ. ඒ රටේ සියළුම දෙනාගේ සිත් තුළ තැන්පත් වී ඇත් දේශපාලනඥයාගේ පහත් ප්‍රතිරූපය නිසායි. මේ වාක්‍යය සාමාන්‍ය මිනිසකුගේ මුවින් පිටවන්නට කිසිදු හේතුවක් නැත. ඒ ඔවුනට මාලිංගට තරම් මාධ්‍ය ආවරණයක් නොලැබෙන නිසාය. මේ සිදුවීම අල්ලාගෙන පතුරු ගසන්නට පටන් ගෙන ඇත්තේ කිසිදු වැඩක් නොකර ෆේස් බුක් එකේම කාළය ගෙවන කිහිප දෙනෙකු වන්නට පුළුවන. කාළයක් දුමින්ද සිල්වා, හිරුණිකා, අනර්කලී, මර්වින් සිල්වා, පබා, ආදී පුද්ගලනාමයන් පතුරු ගැසූ ඔබ මෑතකදී පතුරු ගසන්නට වූයේ හලාල් සහ බොදුබලසේනාවයි. මටද දිනකට හලාල් සහ මුස්ලිම් ආක්‍රමණ පිළිබඳ ඊ මේල් දහයක් පමණ ලැබුණත් මගේ මේල් පෙට්ටියේදී ඒ සියල්ලේ අවසාන නවාතැන වන්නේ කුණු කූඩයයි. මා සිංහලයෙකි. බෞද්ධයෙකි. නමුත්, මුස්ලිම් ප්‍රශ්නයත් හලාල් ප්‍රශ්නයත් මීට වඩා පුළුල්ව සහ සූක්ෂමව ක්‍රියා කළ යුත්තකි. එය ගාල කඩා ගත් හරක් සේ දුව පැන ඇවිද කෑ ගසා විසඳිය යුත්තක් නොවේ. බුද්ධිය මෙහෙයවා – නිසි සැළසුමක් ඇතිව කළ යුතු කටයුත්තකි. මෙසේ කෑ ගැසීමෙන් ඒ පිළිබඳ අවධානය වෙනතක යනවා පමණක් නොව අදාල ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා ගැනීමේ අවස්ථාව ද අවහිර වනු ඇත.
අපේ මාධ්‍ය ද කටයුතු කරන්නේ කළ දුටු කළ වල ඉහ ගැනීමේ න්‍යාය මත සිටය. කිසිදු වටිනාකමන් නැති නයි නළඟනට ලැබුණ මාධ්‍ය ආවරණය තුළින්ම අපේ මාධ්‍ය කටයුතු කරන ආකාරය ගැන මනා වැටහීමක් ලබා ගත හැකිය. අපේ මාධ්‍යවලට ආචාර ධර්ම පද්ධතියක් නැත. කිසිවෙකු ඒ සඳහා උනන්දුවක් ද නැත. ඒ වැල යන පැත්තට මැස්ස ගසාගෙන තමන්ගේ මඩි තර කර ගත හැකි බව ඒ සියල්ලන් දන්නා නිසාය. උඩු ගං බලා පිහිණීමට කිසිවෙකු කැමති නැත. ඒ එය අපහසු නිසාය.
තව සති දෙකකින් මාලිංග මාධ්‍ය වේදියාට බැණ වැදුනාද යන්න සැමට අමතක වනු ඇත. බාලචන්ද්‍රන් මිය ගියාද යන්නවත් සැමට අමතක වනු ඇත. දැනටමත් අමතක වී ඇත. මාලිංග ඊලඟ ටෙස්ට් තරඟයේදී කඩුළු පහක් හෝ ත්‍රිත්වයක් ගත් කළ ෆේස් බුක් පිටුවල නැවතත් මාලිංගව අගය කෙරෙනු ඇත. ඒ අපි මොනවා කලත් උන්ට ආදරේ නිසා බව ද ඒ ඒ පුද්ගලයින් තම මතය සාධාරණීකරණය කරන නිසාය.
ප්රතිරූප වන්දනාව භයානකය. අදාල පුද්ලයාටත්, වන්දනාව කරන පුද්ගලයින්ටත් එය එකසේ භයානකය. ප්රතිරූප වන්දනාවට ලක්වන පුද්ගලයා තමා තබා ඇති රාමුවෙන් පිටතට පැනීම මාරාන්තික විය හැක. ඒ වන්දනාව කරන පුද්ගලයින්ගේ සිතැඟි අනුව කටයුතු නොකළහොත් මරණය පවා අත්විය හැකි නිසාය….
මට නම් මාලිංග මොනවා කීවත් කමක් නැත. ඒක ඌට ඇති අයිතියකි. මීට වඩා කතා කිරීමට අපට ප්‍රශ්න ඇත.
ඒ මට හිතෙන හැටිය…
Posted on මාර්තු 6, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged ලසිත් මාලිංග. Bookmark the permalink. ප්‍රතිචාර 18.
ඇත්ත තමයි.
කැමතියිකැමතියි
ප්රතිරූප වන්දනාව නම් සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. ඕක අඩුවෙන්න ගත්තේ ජෙනරාල චන්දේ ඉල්ලපු දවස් වලම බව මම ඊයේ ලියපු පොස්ට් එකේදි සදහන් කලා
කැමතියිකැමතියි
අගේ ඇති ලිපියක්
කැමතියිකැමතියි
මටත් හිතුනේ එහෙමයි.
කැමතියිකැමතියි
The post you mentioned is not posted by niroshan perera.i wrote it to thelastrow.net. Please correct the reference please.
http://www.thelastrow.net/2013/03/%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%82%E0%B6%9C-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F-%E0%B7%83%E0%B7%84-%E0%B6%9A/
කැමතියිකැමතියි
Thank you for letting me know, I got it from the facebook, the person who posted it on fb has not quoted you,.
I will fix it.
කැමතියිකැමතියි
ඔවුන්ට ලැබෙන මුදල් සහ වරප්‍රසාද පෙන්නල, මිනිසුන්ගෙ හිත් වල තියෙන උපතින්ම ගෙනාව ඉර්ෂියාව වැඩි කිරීම තමයි දැන් කරන්නේ. මාලින්ගට ටිකක් සන්සුන්ව කතා කරන්න තිබුන. හැබැයි, මේවට බනින මිනිස්සුන්ගෙ සදාචාරය කොහෙද තියෙන්නෙ කියල පොඩ්ඩක් හිතල බැලුවොත් හොදයි. ක්‍රීඩකයන්ගෙ මුදල් කප්පදු කරල ඒවත් යටි මඩි ගහනව කියල ඇස්පනාපිට පෙනෙද්දි හා කමක් නෑ කියන්න තරම් පාරමිතා පුරන මිනිස්සු නෙමෙනෙ මෙතන ඉන්නෙ, ලෝක කුසලානෙ වෙලාවෙ මුදල් වලට උනේ මොනාද කලෙ කියල කිසි කෙනෙක් දන්නේ නෑ. මාලිංග බීච් එකේ ක්‍රිකට් ගහ ගහ ඉදල එදා වේල අමාරුවෙන් කෑව කොල්ලෙක් තමා. දැන් කෝටි ගනනින් හම්බ කරනවත් තමා. ඒකට ප්‍රදානම හේතුව උගෙ තියෙන හැකියාව. මේ වෙන හැම දේම ඉවසල ඉවසල රොශාන් මහානාම, අසංක ගුරුසිංහ වගෙ ක්‍රිකට් දාල යන තරමට එපා වෙලා සදා කාලික වීරයො වෙන එකද, හොඳ මෙහෙම හරි කමක් නෑ ප්‍රශ්න විසඳ ගන්න එකද හොඳ කියල පොඩ්ඩක් හිතල බලන්න…
කැමතියිකැමතියි
http://www.thelastrow.net/?p=35945
අර ලිපියෙ source එක මේකද?
කැමතියිකැමතියි
මාලිංග මොනවා කිව්වත් අපට කමක් නෑත …වැදගත් වන්නේ ඔහු රට වෙනුවෙන් නියම ලෙස ඔහුගේ උපරිමය යෙදෙව්වාද යන ප්‍රශ්ණයයි…….ඒත් ඒදා ඔහු දැක්වූයේ සල්ලි වලට ඔහු තුල ඇති කෑදරකමයි….ඉන්දියාවට එරෙහිව ලෝක කුසලාන අවසාන තරගයත්….20-20 අවසාන තරගයේත් මාලිංගගේ සුපුරුදු පංඩු යැවීම එලියට ආවේ නැත….සල්ලි වලට ඔහුගේ ඇති කෑදරකමත් මේ සිද්ධීන් අතරත් සම්භන්ධතාවයක් ඇත්දැයි සොයා බැලීම නම රටක් වශයෙන් වැදගත් කාරණාය…
කැමතියිකැමතියි
මම කියන්නෙත් ඔය ටිකම තමයි කියුවෙත් ඔය ට්කම තමයි මෙන්න මම ලියපු ලින්කුව මෙතන කොටන්න
මම ආතම්මගෙ පෙට්ටගමෙ ලොකුජෝන්
කැමතියිකැමතියි
Wow Alchemiya obage lipiya 100% hari math hithuwe okamai..thanks.
කැමතියිකැමතියි
++++++++++
කැමතියිකැමතියි
මොනවා උනත් මාලින්ග පට්ට පොරක් යන්න පිළි නොගන්නේ මොඩයෙකි, ඔහු කී “වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න” වදන දැනටමත් සෑහෙන ජනප්‍රියත්වයක් ලබාගෙන ඇත. එය තව අවුරුදු ගණනක් පවතිනබ බව නම් සිකුරුය.
කැමතියිකැමතියි
කුහක කම…. තමන්ට බැරි එකක් වෙන එකෙක් කරනකොට තියෙන කුහකකම… එච්චරයි…
කැමතියිකැමතියි
කෝ යකෝ කතාව? මන් දැන් දවස් කීයක් බලලා අපහු ගියාද?
කැමතියිකැමතියි
මේ දවස්වල වැඩ ටිකක් වැඩි වුනා…. කොහෙද මේ වෙන යක්කු පිස්සු කෙළින නිසා ඒ ගැනත් ලියන්න වෙනව නෙ… පොඩ්ඩක් හිටිං… මේ සතියෙ කොටස් දෙක තුනක් දාන්නම්… 🙂
කැමතියිකැමතියි
මම හිතන්නේ මටත් මේ ප්රතිරූප වන්දනාව ගැන යමක් කියන්න තියෙනවා.
ඒ ගැන උඹ ලියපු කරුනු එක්ක එකඟයි කිසිම සැකයක් නැතුව.
ප්රතිරූප වන්දනාවේදී ඒ කරුනු වලට එහා ගිය යමක් තියෙන්නත් පුලුවන් ඇලා.
සරලව ම මෙහෙම හිතමු.
මම යම් කිසි කෙනෙක්ව ඔය කිව්ව වගේ ප්රතිරූප වන්දනාවක් කරනවා.
අපි හැමෝම ලේ සම් ඇට මස් වලින් හැදුනු මිනිස්සු, හැමෝම අලුපාට මිනිස්සු කියලා මම හිතනවා.
නමුත් ඔහු මට වඩා ගොඩක් දේවල් වලින් උසස් එකෙක් නිසා මම ඌට ගෞරව කරනවා – ඒක එක්තරා ප්රතිරූප වන්දනාවක් ඇත්ත. මට ඒ හැඟීම දැනෙව්වේ ඔහු / ඇය මයි (රඟපෑමෙන්, වැඩවලින්, දක්ෂකමින්, මානුෂික කමින් මේ ඕන දෙයක් හිතපන්)
ඒත් දවසක ඌම ඔප්පු කරල පෙන්වනවා මම ගෞරව කරන / කරපු ගුණාංගය ඌ ගාව නෑ කියලා.
වන්දනාව එදායින් ඉවරයි.
ඒක වන්දනාව කරපු එකාගේ වරදද? තමන් උසස් කෙනෙක් කියලා මට දනවපු එකාගේ වරදද?
ඔහු / ඇය කොහේවත් කියලා නෑ මම උඹලට වඩා උසස් කියලා.
ඒත් ඔහුගේ / ඇයගේ ක්‍රියාකාරකම් නිසා කියපු කරපු දේ නිසා ඔහු මට වඩා උසස් කෙනෙක් කියලා මම හිතුවා.
එහෙම හිතපු හිතලා ඔහුට ගෞරව කරපු මගේයි වරද.
මේ තත්වයට පත් වුනු කීප දෙනෙක්ගේ නම් කියනන්ද?
මහා සංවේදී කලාකාරයෝ කියලා හිතපු නමුත් පස්සේ සල්ලි වෙනුවෙන් ඕනෑම කඩේ යෑමක කරනන් පුලුවන් කියලා පෙන්නපු රෝහණ වීරසිංහ, වසන්ති චතුරානි, ජැක්සන් ඇන්තනි ආදී “මහා කලාකාරයෝ” හිතපන් ඇයි මිනිස්සුන්ට ඒ අයව එපා උනේ?
අපි උන්ගෙන් මනුස්ස කමින් එහා ගිය දේවත්වයක් බලාපොරොත්තු උනේ නෑ ඒත් ඔවුන් අපට පෙන්වා සිටි මානුෂිකත්වය ඔවුන් ලඟ ඇති කියලා අපි හිතුවා.
නෑ කියලා ඔප්පු කරලා පෙන්නුවාම එතනින් එහාට ඔවුන්ත් අනෙක් සාමාන්‍ය මිනිස්සුන්ගේ ගානටම දැම්මා.
එච්චරයි.
කැමතියිකැමතියි
ඊයේ සිරස නිව්ස් බලපු මට මේ ගැන කමෙන්ට් එකක් දාන්න හිතුනා. මාලින්ග මධ්‍යට තමන්ගේ වැඩක් බලාගන්න කියලා දැන් සෑහෙන දවසක් උනත් තාම එයාලා එහෙම කරලා නෑ වගේ.
ඊයේ ප්‍රතිභා මහානාම හේවා සිරසට ඇවිත් මාලින්ගගේ කතාව විවේචනය කරා විතරක් නෙවෙයි මෙච්චර කාලයක් මාලින්ගට මේ වගේ කොන්ඩා මෝස්තර කරන්න දීපු එකත් බරපතල විනය පිරිහීමේ ලක්ශනක් කියලා කිව්වා.
එයා ක්‍රීඩකයෙකුගේ විනය ගැන කියපු නිසා මේක කියන්නම ඕන.
මම දකින හැටියට නම් ලන්කාවේ ඉහලම විනයක් සහිත ක්‍රීඩකයා තමයි මාලින්ග…..!!!
විශේෂයෙන් වේග පන්දු යවන්නෙකු හැටියට ඔහුගේ විනය අති විශිෂ්ඨයි.
ක්‍රීඩා පිටියේ කොච්චට උද්වේගකාරී අවස්තාවක උනත් ඔහු අසන්වර විදිහට හැසිරිලා නෑ. එහෙම නොවී අසන්වරව හැසිරිලා දඩ මුදල් වලට යට වෙලා තමගේ කන්ඩායමටත් රටටත් අගෞරව කරපු ක්‍රීඩකයන් ඕන තරම් ඉන්නවා.
වැරදි විනිසුරු තීරන වලදීත් පිතිකරුවන් තමන්ට එලව එලවා පහර දෙද්දීත් ඔහු හැමදාම කරේ සිනාමුසුව සිටපු එකයි.
අනෙක් කාරනය තමයි ක්‍රීඩකයෙක් මධ්‍යය සමග ගනුදෙනු කරන්නේ මධ්‍ය සාකච්චා වලදී.
එහෙම තැනකදී මධ්‍යට බැන වැදුනොත් තමයි ඒක සැබවින්ම මාධ්‍යට බැනවැදීමක් වෙන්නේ.
කැමරාවකුයි මයික් එකයි උස්සන් හැමතැනකම පස්සෙන් ගිහින් අහගන්න දේවල් වල වගකීම මාධ්ඨ්යවේදියොම බාරගන්න ඕන.
ඒ වගේම අමතක කරන්න එපා ඔවුන් බැනුම් ඇහුවේ car park එකකදී බව.
ඒ එකම කාරනයක් ගැන දැනගන්න දවස් දෙකක් මාලින්ග පස්සෙන් ගිහිල්ලා.
කොහොම උනත් උඹ ඔතනට එන්න කරපු කැපකිරීම අපි දන්නවා. ඒක හින්දා හැමදාම අපි උඹ එක්කයි.
කැමතියිකැමතියි