සයිබරයේ හීන සැණකෙළියට ගොස් පණ පිටින් ආපසු පැමිණියෙමි……


සයිබරයේ සැරිසරන්න පටං අරන් අවුරුදු තුනක් වෙලත් පහුගිය අප්‍රේල් 22 වෙනිදා වෙනකල් හැබෑවටම හම්බ වෙලා (මුස්ලිම් නෙවෙයි ඈ) තිබුණෙ දෙන්නයි. අරුණි අක්කා සහ මහවෙදනා… අරුණි අක්කා නම් හම්බ වුනේ සුද්දගෙ රටේදී… මහවෙදනා නං හමු වුනේ බෙහෙතක් ගන්න ගිහිපු වෙලාවක… ඉතිං ඉඳලා හිටලා හරි මගේ බ්ලොග් එක බලන කීප දෙනෙක් හමු වෙන්න ආසාවක් හිතේ තිබුණා කාලෙක ඉඳලාම… ඒ ආසාව ඉෂ්ඨ වෙන අවස්ථාව ලැබෙයිද කියලා බලාගෙන හිටියා කාලෙක ඉඳලා.. ජර්මනියෙ ජීවිතේ ඉවර කරගෙන කඩේ වහලා ලංකාවට එන්න අදහස් කරගෙන ඉන්න කාලෙ තමයි දවසක් මූණු පොතේ ලොග් වෙලා අටං එක්ක කතා කළේ… එදා අටංට පොරොන්දු වුනේ සයිබරයෙ බකට කොහොම හරි එනවා කියලා… මුලින් අගෝස්තුවෙ එන්න හිතාගෙන හිටියත්, කොහොම කොහොම හරි අප්‍රේල් පළවෙනිදම ලංකාවට ගොඩ බැස්සා… 21 වෙනිදා කැලැන්ඩරේ දිනය වෙන් කරගෙන හිටියත්, ඒ දවස ලංවෙද්දි වෙන වෙන වැඩ ගොඩ ගැහෙන්න ගත්තා… 21 වෙනිදා උදේම නුවර යන්න කාරණාවක් සෙට් වුන අතරේ ටිකක් දුර ඥාතියෙක්ගෙ සීයා කෙනෙක්ගෙ මරණයකුත් සෙට් වුනේ එදාම.. ඒ දෙකම මග හැරිලා කොහොම හරි මහරගම නාකි මධ්‍යස්ථානෙට ගියේ උදේ නවයහමාරට විතර…. අවුරුදු පහක් හයක් මහරගම කරක් ගහපු මට තරුණ මධ්‍යස්ථානෙ කියන්නෙ ගෙදර වගේ… ඉතිං උදේ ඇවිත් අඳුරන ඩයල් එකක් හොයනකොට තමයි කිරි කොකා වගේ හිටපු වැප් නිශාන්ත මහත්තයාව දැක්කෙ..

හලෝ වැප් නිශාන්ත මහත්තයා…. මම පියල්….

කවුරු ?

පියල්… පියල්….

පියල් කිවුවෙ ?

ඇල්කෙමියා….

ඈහ්… මේ ඇල්කෙමියාමද ?

ඔව් ඔව්… මම තමයි ඒ….

බුදු අම්මේ… මම හිතං හිටියෙ අර වෙනිවැල් අයියා වගේ ඇට හැලිච්ච නාකි පොරක් කියල නෙ… මේ මෙයා අපටත් වඩා බාලයි නෙ…. (ඔන්න වැපා කිවුවෙ ඔහොමමයි)

එහෙම තමයි…  (අයියෝ මගේ ප්‍රතිරූපෙ දෙවනි වතාවටත් බිඳ වැටුනා)

ඔන්න ඔහොම තමයි අවුරුදු උළෙලට සෙට් වුනේ….

හොරෙන් කන්න හැදුවත් රුපියල් දෙසීය දීලා එන්න කියලා වැපා මාව රෙජිස්ට්‍රේශන් ඩෙස්ක් එකට යවපු අතරේ මගේ අතීසාර මිත්‍රයා (දන්නෝ දනිති ඒ විස්තරේ) මාරයත් එතැනට සේන්දු වෙලා… කට්ටිය මාරයට කියලා අන්න ඇලා ඇවිත් කියලා පුළුවන් නං හොයා ගන්න කියලා… මාරයා ඉතිං කිරි ගහට මෝටාර් එකක් ගැහුවා වගේ මම එතැනට එනකොටම අල්ල ගත්තා… ඔන්න ඔහොම එකා දෙන්නා සෙට් වෙන අතරේ ටික දෙනෙක් අනුන්ගෙ මාර්ගයෙන් මාව අඳුනගෙන ඇවිත් කතා කළා.

ඔය අතරෙ තමයි අටමයි පොඩි අටමියි දැක්කෙ.. අපරාදෙ කියන්න බෑ පොඩි එකී නං අටමා වගේ නෙවෙයි.. හොඳ වෙලාවට… (ඒ යාළුකමත් ඉවරයි ඕං)…. මම බොහොම ආසාවෙන් කියවන අටමගේ බ්ලොග් එක ලියන ඒකාව දැක බලාගෙන කතා කරන්න ලැබුන එක නම් බොහොම සතුටක්.. උඹ කවදා හරි මට උඹේ සිගරැට් බීම නැවැත්තුවා කියලා කිවුවොත් ඒක තමයි මට උඹ වෙනුවෙන් ලබන්න පුළුවන් උපරිම සතුට ….

නවම් මලයා මාත් එක්ක සෑහෙන දේවල් කතා කළා… අපි ඉතිං ආදරවන්තයන්ගෙ ඉස්කෝල දෙකේ නිසා අපට ඕනතරම් දේවල් තිබුණා කතා කරගන්න.. ප්‍රවීන් ඉන්ද්‍රනාම සහෝදරයාත් ඇවිත් ටික ටික කතා කරලා ගියා… ඔන්න ඉතිං ටික වෙලාවකට පස්සෙ අර විරූස් එකේ අයිතිකාරයා (මට අම්බානකට බැනපු එකා) ඇවිත් හිටියා… මම ඉතිං ඒකාට ගිහින් කතා කළා… ඌට ලැජ්ජයි ලු… මට බැන්නට… අනේ ඉතිං අපි අර සුර දූතියෝ දෙන්නා වගේ පිට්ටනිය මැද්දෙ ගහගන්න නං ගියේ නෑ… ඇදලා අරං බදාගෙන මචෝ කියලා කටපුරා කතා කළා… ඔන්න මාව ආයෙ පාරක් ෆ්‍රෙන්ඩ් කරලා ලැජ්ජ නැතුව..

බස් රේඩියෝවෙ කට්ටිය ඉස්පීකරවල සද්දෙ චෙක් කරන්න ගත්ත නිසා අපි උඩට ගිහින් පොඩි වටමේසයක් දාගෙන හිටියා.. පිටස්තරයා මල්ලියි තව තව කීප දෙනෙකුයි හිටියා…. අර මාරයාගෙ විවාහෙ ඇත්තක් කියලා දැන ගත්තෙත් ඒ වෙලාවෙමයි… ඒකත් ජයසිරි මංගලම් කිවුවලු…..

ඔන්න ඔහොම දේවල් යන අතරේ බ්ලැක් ‍මෝලියෙක් වගේ මල්ලි කෙනෙක් ඇවිත් ඌ ගෝල්ඩ් ෆිෂ් කියලා කියපි.. අන්න සහෝදරවරුනි ඒ ප්‍රතිරූපයත් බිඳ වැටුනා.. අඩවි රජා මල්ලි නං අඳුන ගන්න අමාරු වුනේ නැත්තෙ ෆේස් බුක් එක පුරාම ඇඩ් දාලා හිටපු නිසා ඒ වගේ ඩයල් එකක් ඕන කුණුගොඩක අඳුන ගන්න පුළුවන් වෙන්න මතක තිබුණ නිසා. හැබැයි ඒකව කඩේ යවපු එක නං වැරදියි…. මොනවා වුනත් නමට හරි රජෙක් නේ….

දවල් කන අතරේ අර ගෑණු ළමයි දෙන්නෙක් ගහ ගත්තා කියලත් ආරංචියක් ආවා… ලැජ්ජයි කියන්නෙ ලැජ්ජයි…. කට්ටිය ඒ ගැන ලියලා තියෙන නිසා මොනවත් ලියලා වැඩක් නෑ.. හැබැයි නංගිලා… බ්ලොග් එක කියන්නෙ ජීවිතේ නෙවෙයි… අහක යන බ්ලොග් එකකට දෙන්නෙක් ගහ ගන්නවා නම් තමුන්ගෙ මානසිකත්‍වය මොකද්ද කියලා ආපහු හැරිලා බලන එක හොඳයි…

ඉතිං අපිත් බනිස් කෑවා.. මාරයා නං හිටියෙ නිකං ඉතියෝපියාවෙන් ආපු එකෙක් වගේ…. බනිස්ම හයක් කෑව නෙ… තව බනිස් අතගාන්නත් කතාකළා මතකයි… වඩිවේලු අයියත් පොලීසියෙන් බේරිලා කැමරාවකුත් මානගෙන මානකොකා වගේ පින්තූර ගත්තා මතකයි… හැබැයි කැමරා තිබුණ ගාණට ඒ ගැන වාර්තා වෙච්ච පොටෝ ගාන නං මදි…. අවුරුදු කුමාරයා තේරීම සහ ජනගායනා නම් පංකාදු පහට තිබුණා.. ඒකෙ ගතිය වැඩිකළ ඕනයාට මගේ උපහාරය… ඔන්න ඔහොමයි කෙරෙන්න ඕන… ලබන වතාවෙ නිවේදන කටයුතු ඕනයාට බාර දිය යුතු බව මම යෝජනා කරනවා.

ඉතිං මේ සියල්ල මැද්දෙ මටත් අවස්ථාවක් ආවා සයිබරයේ හීන කුමාරිට තොප්පිය දාන්න.. ඒ වැඩේට මාව සෙට් කළ එකාට ස්තුතිවන්ත වෙනවා..  ඒත් කෝ යකෝ ඒ පොටෝ එක ?

ඔන්න ඔහොම අවසාන වුන අවුරුදු සැණකෙළියෙන් සමු අරන් සංතෝසෙන් ගෙදර ආවා… ඒකට ගිය එක ගැන නම් මම බොහොම සතුටු වෙනවා… ඉතිං ආයෙම දවසක හමු වෙමු….. නම් ලියැවුනේ නැති කෙනෙක් ඉන්නවා නම් සමා වෙන්න ඕන… දැං අපි වයසට යනකොට අමතක වීම් වැඩියි නෙ…

පින්තූර අනිත් අයගෙන් බලා ගන්න… මම පොටෝ මෝලක් ගෙන ගියේ නැත…

ඉතිං අඩුපාඩු සහ ගුණ දොස් ඉදිරියේදි ඇහෙන්න කියවන්න ලැබේවි… මම දැකපු අඩුපාඩුවකට තිබුණෙ සද්දෙ පාලනය ගැන පොඩ්ඩක් අවධානය යොමු නොකිරීම සහ එතැනට ආපු සියල්ලන් එකිනෙකා හඳුන්වාදීමට අවස්ථාවක් නොලැබීම. අපි බ්ලොග් ලිවුවට අපි හැමෝම සමාජශීලී නොවෙන්න පුළුවනි. ඒ නිසා හොඳ-ජනප්‍රිය බ්ලොග් එකක් ලියන කෙනෙක් වුනත් ඉදිරියට එනවා අඩුයි… නමුත් අපි හැම දෙනාටම තමන්ව අනිත් අයට හඳුන්වාදෙන්න කියලා අවස්ථාවක් දුන්නා නම් ඒක ලොකු දෙයක් වෙනවා. මම කියවපු බ්ලොග්වල හමු වෙන්න ආසකරන අය සමහර අය එතැනට ඇවිත් තිබුණා කියලා මම දන්නෙත් ෆේස් බුක් එකේ ෆොටෝ දැක්කාම….

 

Advertisements

Posted on අප්‍රේල් 22, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 45.

  1. මගේ නම ලිව්වේ නැතිවට තරහ වෙනව හොදේ..හොද වෙලාවට මම ඇලත් එක්ක කතා කරන්න කලිං මට අටමා ඇලාව අදුනවල දුන්නේ. ඇත්තටම මං හිතුවේ වයසක බ්ලොග් කාරයෙක්ගේ තරුණ පුතෙක් කියල. වෙනිය එහෙම ලග හිටියනම් අනිවා හිතයි වෙනී මාමගේ (කන්න වෙයිද දන්නෑ) පුතා කියල.

  2. ඔය වයඃ කල්‍යාණය කියන එක කලාතුරකින්ලු පිහිටන්නේ. මටත් අන්න ඒක තියෙනවා කියල දැන ගත්තේ මහවෙදනගෙන්.

    එන්ට බැරි වුනු ඒක ගැන දුකයි. ගෙට්ටුවටනම් ගොහින් කට්ටිය ටික දෙනෙක් මුණ ගැහුනා.

    අටම සිගරට් බොන එක නවත්තනවා වගේ ඕනයා බොන එක නවත්වනවානම්, අඩුම තරමේ ටිකක් හරි අඩු කරනවානම්… 😛

  3. ඇත්තටම සමාවෙන්න ඕන ඇල්කෙමියො උඹව අදුනගත්තෙ මෙ පෝස්ටුවෙන්.

  4. ඇ ‍ඇලෝ උඹ ඔච්චර ලස්සන හිත ලස්සන හන්දද

  5. හප්පච්චියේ, මමත් දැක්කේ අර ඔටුන්න දාන්න එන වෙලාවෙනේ. කතා කරන්න බැරි වුනාට සමාවෙන්න.

  6. අපි නං ඉතින් ආපු වෙලේ ඉදන් කතාවනේ නෙහ්? 🙂 🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

  7. යකෝ නාකි වුනාම ඇටත් හැලෙනවයි කියලා ඔන්න දැන් තමයි දන්නේ. ඇල්කෙමියාගේ බ්ලොගේම කියලා තියනවානම් ඉතින් සැක සංකා ඇති කරගන්න දිකුත් නෑනේ.
    එහෙනම් ජර්මනියටත් ආයුබෝවන් කිව්වා, ඈ?

    හප්පච්චියේ ගෝල්ඩ්‍ෆිෂාගේ ප්‍රතිරූපෙ! ඒකත් ඉවරයි.

    ඔතන කිව්ව උන්ගෙන් ගෝල්ඩ්‍ෆිෂා, අටමා, නවමා, ඕනයා මට හමුවෙලා තියෙන බව ආඩම්බරෙන් කියන්න කැමතියි. තව උන්ව හම්බවෙලා තිබ්බත් ඔතන හිටියද දන්නේ නැති නිසා කියන්න බෑ.

  8. මමනං කලින් දැකල තිබුණෙ මාරය විතරයි. එදා තමයි ගොඩ දෙනෙක් අඳුනගත්තෙ.

  9. මම හිතුවේ හෙන සද්ධන්ත පුරුෂයෙක් කියලා… බැලුවම පොඩි ලොක්කෙක්… සතුටුයි අයියේ අඳුන ගත්තට.

  10. මටත් හරි ආසාවක් තියෙනවා ඇල්ව අඳුන ගන්න ..අපි බලමුකෝ
    කවදා හරි ..වැඩිය හීන මවන්නත් එපා ඔයා ..මමත් නැහැ ..:P

  11. ඇත්තටම සතුටුයි ඔබ වැනි වියතෙක් එදින හදුනාගන්න කතා කරන්න ලැබීම ගැන…මේ පියල් කියල අදුන්වා දුන්නට එක පාරටම මටත් මිටර් වුණේ නෑ.. ඒත් ඇල්කෙමියා කිව ගමන් බදාගත්තේ ඒ නිසයි… හරිම සතුටු මොහොතක් අර උඩ තට්ටුවේ පොඩි චැට් එක අපි සෙට් එක. ජයම වේවා ඔබට..

  12. මමත් අයියලා ලව්වා… එහෙකුට තෑග්ගක් දුන්නා.. මතකද? මම මයික් කටා.. නීනුවා

  13. අප්පට සිරි ෆොටෝ එක දැක්කම මේව ලියන්නෙ මූමද කියල මට හිතුන බව කියා සිටිමි. ඇත්තටම හිතිච්චි දේ කියන්න එපෑ…

  14. දෙන්නම් වැපාට…මන් ඉවසන් හිටියෙ ගිය අවුරුද්දෙ ඉඳලමයි…

  15. අනේ යකෝ..එතකොට මගේ දකුණු පැත්තට වෙලා බනිස් ගුලි කර කර ගිල්ලේ අහවල් එකාද..? 😀

    අවුරුදු උත්සවය ගැන ලියවුන පෝස්ට් අතරින් හොදම එක දැනට මේක… (තව කවුරු ලියයිද දන්නේ නැහැනේ) මං උනත් මේ පාර ලිව්වේ මට පෙනුන අඩුපාඩු පැති විතරයි.. මොකද අවස්ථා කිහිපයකදිම බ්ලොග් ලියන කියවන උදවිය හම්බ වෙලා දැන හැදිනගෙන ඉන්න හින්දා අර නවමු ගතිය දැන් එන්නේ නැහැනේ… ඒ ගතිය දැනෙන්නේ ඇලා වගේ අළුතින්ම මෙහෙම එහෙකට ආව කෙනෙකුට තමා… ඒක ඒ හැටියෙන්ම වචනවලටත් හරවලා තිබීම හොදින්ම කෙරිලා තියෙනවා…

    අර වයස නොපෙනීම ගැනනං කියන්න තියෙන්නේ ළමයා ඉස්කෝලේ දාන්න යද්දී තව කවුරු හරි වැඩිහිටියෙක් එක්ක පලයං.. නැත්තං බොලාවත් රෙජිස්ටර් කරලා බාලාංසේ පංතියෙන් වාඩි කොරවනවා දෙකක් නැහැ…

  16. ඇල්කෙමි මල්ලිටත් ගෙදර ඇත්තිටත්, පුතාටත් සුබ නව වසරක් වේවා!
    සමාවන්න, මට එදා එන්නට බැරි උනා. බොහොම ආසාවෙන් කියෙව්වා සටහන් හැමෝගෙම. ආයේ වෙලාවක අපි හැමෝම හමුවේවි යැයි හිතනවා. හරිම සොඳුරුයි මේ සටහන.

  17. ආවට කතා කරන්න ලැබුනද කියලත් සුවර් නෑ… ඇත්තටම අර අදුනාගන්න වෙලාවක් තිබ්බනම් හොඳයි තමා…

  18. අන්තිම මොහොතේ හෝ කතා කරන්න ලැබීම සතුටට කරුණක්.

  19. ඇලා,

    උඹේ මේ පෝස්ට් එක මාර හැඟීම්බරයි. ඒ වගේම සල්ලි වලට ආචාර්‍යවරු වෙලා උඩින් යන බොල් බට වලට වඩා උඹ වගේ පීදුනු වී කරලක් කොයිතරම් උසස්ද කියල ආයි තහවුරු කලා. වෙලාවක අඳුනගමු.

    ලංකාවෙ කරන්න යන වැඩ වලට උපරිම සුභ පැතුම්!

  20. ජය වේවා.! සුන්දර අත්දැකීම් ගොන්නයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: