බෞද්ධයාගේ භක්තිය සහ ආගම් ඇදහිල්ල මෙහෙමයි….


පසුගිය සිකුරාදා මහනුවර බලා ගියේ සාමාන්‍යයෙන් ලැබිය නොහැකි සුවිශේෂී අවස්ථාවක් උදා කර ගැනීමේ අටියෙන්. අපේ ඥාතියෙකු විසින් භාරගත් දළදා වහන්සේට දානය පිරිනැමීම සඳහා පාත්‍රයක් පූජා කිරීමේ අවස්ථාවකට සහභාගී වීමේ දුර්ලභ අවස්ථාව අපටත් උදා වුනා. ඒ නිසා අප සැවොම ඒ සඳහා නුවර බලා පිටත් වුනා.

දළදා මන්දිරය යනු කුමන ආගමක් ඇදහූවත්, කුමන දර්ශනයක් අනුගමනය කළත් – හෝ අනාගමික වුවත්, සෑම දෙනෙකුම කිසියම් භක්තියක් මුසු හැඟීමකින් ඇතුළුවන ස්ථානයක්. මේ නිසාම එයට ඇතුළුවන පිරිස් කිසියම් සංයමකයට ලක් වෙනවා. දණහිසට වඩා ඉහළට ඇඳුම් ඇඳ ඇති අයට පාද වැසෙන සේ කිසියම් රෙද්දක් ලබාදීම, පපු පෙදෙස නිරාවරණය වූ කාන්තාවන්ට රෙද්දක් පෙරවීම වැනි දෑ සිදු කරන්නේ සාමාන්‍ය ජනතාවට අපිරිසිදු හැඟීම් මතු නොවීමට කටයුතු සැලසීමක් වශයෙනුයි.

බෞද්ධාගමිකයින් වශයෙන් පන්සලකට යාමේදී අනුගමනය කළ යුතු මූලිකම දෑ සමහරු අමතක කර තිබීම නම් බොහොම දුක්ඛදායකයි. සමහරු ඇඳලා සිටියේ කළුපාට – දම්පාට සහ කොළපාට ඇඳුම්.. තවත් සමහරු Angry Bird ටීශර්ට්… ඔය අතරේ තවත් ගෑණු ළමයෙක් I do it before the wedding කියලා පපුවෙ ගහගෙන ඇවිත් තිබුණා..මම හිතන්නෙ වෙඩින් එක ප්ලෑන් කරන එක වෙන්න ඇති. මේ මොනවා වුනත් මිනිස්සුන්ට තේරෙන්නෙ නැද්ද පන්සලකට – විශේෂයෙන් දළදා මාලිගාවට වැනි තැනකට පැමිණීමේදී පිරිසිදු සුදු ඇඳුමින් සැරසී ආ යුතු බව ? සමහරු නම් ඇවිත් තිබුණෙ ට්‍රිප් යන ගමන්. නමුත් තමන් ට්‍රිප් එකක් යන අතරේ දළදා මාලිගාවට එනවා කියන දේ නිසි සූදානමකින් පැමිණුනා නම්, එතැනදී ඇඳුමක් මාරු කරගන්න හෝ ඇඳ සිටින ඇඳුමට උඩින් සුදු ඇඳුමක් හෝ ඇඳගන්න නොහැකිද ? සමහරු තර්ක කරන්නට පුළුවන් තමන් අදහන ආගමට භක්තියක් ඇතිනම් කුමන ඇඳුමක් ඇන්දත් කමක් නෑ කියලා.. ඒ ගැන මම තර්ක කරන්න යන්නෙ නැත්තෙ ඒ ගැන කතා කරලා වැඩක් නැති බව මට හැඟෙන නිසා…

මට තේරෙන හැටියට නම් සිදු කළ යුත්තේ සුදු පැහැය 90% – 95% කට වඩා අඩු ප්‍රමාණයක් ඇති ඇඳුම් ඇඳි අය ආපසු හරවා යැවිය යුතු බවයි. එසේම සුදු ඇඳුම් ඇන්දත්, ශරීරය අනවශ්‍ය ආකාරයට නිරාවරණය වන හෝ අනවශ්‍ය ලෙස තදවන ආකාරයට ඇඳුම් ඇඳි අයත් හරවා යැවිය යුතුයි. මේ අන්දමට මාසයක් පමණ කාළයක් මේ කටයුත්ත නිසි ආකාරයට සිදු වනවා නම් නිසි විනයක් ඇතුව පන්සලකට යාමට බෞද්ධ ජනතාව පුරුදු වේවි. මේ කාරණය අනිත් ආගම් භක්තිකයන්ගෙන් දැකිය නොහැකියි. සිකුරාදා පල්ලි යන මුසල්මානුවන් නිසි පරිදි තමන්ගේ ඇඳුමින් සැරසිලයි පල්ලියට යන්නෙ.. මුස්ලිම් ආක්‍රමණයක් ගැන කෑ ගහන බොදු බල සේනාවරුනුත්, ෆේස් බුක් බෞද්ධයිනුත් මේ ගැනත් හිතුවොත් නරකද ?

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on මැයි 2, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 27.

  1. මේ ගැන හැමෝම හිතනවා නම් හරිම හොඳයි. හුගක් අය වන්දනාවෙ යන්නෙ බොහොම අසැබි ලෙස. දන්නෙ නෑ පන්සලකට යන විදිහ.දන්නෙ නෑ අඳින ඇඳුම. බීමතින් තමා යන්නෙ, විනෝදෙට. බොහොම කල කිරෙනවා විහාර ඇතුලෙ රථගාල් කරල කරන දේ දැක්කහම. යන්න අපායවල් නෑ මේ අයට. ඔබ කිවා සේ විහාර වලින් හරවලා යවන්න හෝ තහනමක් අවශ්‍යමයි හැදෙන්නට නම්.

    කැමතියි

  2. මේවා හදන්න බැහැ ඇල්.ඇත්තටම හදන්න බැහැ ,උත්සාහ කරන එක වටිනවා .ඒක වෙනම කතාවක්..

    කැමතියි

  3. අනිවාර්යෙන් හරවලා යවන්න ඕන. අදාල තැනට අදාල විදිහට එන්න දැනගන්න ඕන.

    කැමතියි

  4. අර නාන සාරලට ගල්/කුනු බිත්තර ගගහ ඉන්නවට වඩා,කරනවනම් මේවගේ දේවල් කොපමන තියෙනවද ඇල්කෙමි.

    කැමතියි

    • සමහරු එහෙම නෑ කියලා තියෙන්නෙ….
      හැම දේම තම තමන්ගෙ Agenda එකකට යටත් කරගෙන කරන තාක් කල්, මොනම හොඳ දෙයක වුනත් දිගුකාලීනව ප්‍රතිඵල ලැබෙන්නෙ නෑ… සෝඩා බෝතලය කැඩුවා වගේ පටන් ගත් තැනම රැස් විහිදුනාට, ටික කලක් යනකොට පල් වෙනවා.
      පොදු යහපත් අරමුණකට ජනතාව පෙළගස්වනවා නම් එතැන දීර්ඝකාලීන සාර්ථකත්‍වය තිබෙනවා.

      කැමතියි

  5. මහසෝන් පිල්ලිය

    අන්තවාදී අදහස් ඇත්තෙක් තවත් අන්තවාදී යයි සම්මත අදහස් ඇති පිරිසකට අන්තවාදී නොවීම ගැන උපදෙස් දෙයි.
    ලොල් ම ලොල් ය…

    මිනිසුන් ඇඳගෙන එන්නේ තමන්ට ඇඳගෙන එන්න පුළුවන් ඇඳුම. ඔබ හරියට ඇඳන් යන්න. අනිත් මිනිස්සුන්ගේ ඇඳුමේ හිර බව , කොට බව පාට ගැන ඔබට ඇති විවේචනය මාන්දමිකයි. අන්තවාදියි. ප්‍රජාතන්ත විරෝධියි. අශිස්ටයි. පිළිකුල් සහගතයි. ගෝත්‍රිකයි. පන්සල් යනු පොදුස්ථානයි . ඒවාට තලෙයිබාන් නිතිය දාන්න යන්න එපා. වඩා වැදගත් වෙන්නේ පන්සල් යාම මිස ඇඳන් ඉන්න රෙද්ද නොවේ.
    බුදුන් කල ඔබ වැනි මිනිසුන් හිටියා නම් පටාචාර තාමත් සසරේ. ඇයි ඇය පැමිණියේ නුල් පොටක් නැතුව නෙව.
    දාරුචිරිය .. දර පතුරු ඇඳගෙන ..
    ඔබ වැනි තලෙයිබාන් අදහස් ඇත්තෙක් පන්සලේ ගේට්ටුවේ සිටියා නම් ඔවුන් තාමත් සසරේ.
    මුස්ලිම් වරුන් චිත්ත පාරිශුද්ධියෙන් නොව දෙවියන් පහදවිමෙන් විමුක්තිය හොයන අය .
    ඔවුන් පල්ලි යාමට පමණක් නොවේ , සතුන් මස් කිරීමේදීත් අඳින්නේ සුදු ඇඳුම්. හරි ශෝක් නේද ? .
    චින්චිමානවිකාව ගේ චරිතය දිහා බලාගෙන සාර්ථක පවුල් ජිවිතයකට උපදෙස් ගන්නවා වගේ !

    ට්‍රිප් යන ගමන් හරි මිනිසුන් පුජනිය ස්ථානයකට පැමිණීම ගැන සිත පහදවා ගන්න. ඇද හොයන්න ඉස්සර.

    කැමතියි

    • ඔබේ ප්‍රතිචාරයට බොහොම ස්තූතියි..
      එහෙනම් අද ඉඳලා අපි නිරුවතින් පන්සල් යමු…
      ඔබෙන් පටන් ගනිමු….

      කැමතියි

      • මහසෝන් පිල්ලිය

        කනගාටුයි , ඉතාමත් මෝඩ පහේ මුඩ උත්තරයක්. වැඩිය මොලය වර්ධනය වෙලා නැහැ වගේ. උදාහරණයක් හරි හැටි තේරුම් ගන්න බැරි මිනිහ වෙන ඒවා කොහොම තේරුම් ගනීවිද

        පෝය දවසේ වත් පන්සලකට නොයා පත්තර බලමින් , ක්‍රිකට් මැච් බලමින් , බොන පාටි දමමින් සූකර අධම බෞධයන් වැඩි පිරිසක් සිටින ලංකාවේ මොකක් හරි පුළුවන් විදියකට ඇඳගෙන , ට්‍රිප් එකක් යන ගමනේ වුවත් පුජ්‍ය ස්ථානයකට ගොඩ වැදී යන අල්ප වූ දුක්පත් බෞධයන්ට තලෙයිබාන් මෝඩ පාට් දාන්නේ නැතුව ඉන්න.

        දවසක් පන්සල් ගිහිල්ල ලෝකේ ඉන්න ලොකුම බෞධයා වගේ අනිත් අයගේ රෙද්ද විවේචනය කිරීමෙන් වලකින්න. ඇතැමුන් සැමදාම සිරිතක් විදියට දළදා මාලිගාවට යනවා. ඔවුන් එහිදී අඳින්නේ සාමාන්‍ය ඇඳුම්. 95% සුදු පාට ඇඳුම්. හුහ් ! 😀

        කැමතියි

      • ඇත්ත මහත්මයා… ඔබ කිවූ දේ සියල්ල ඇත්ත…
        මගේ මෝඩ මොලේට ඔය ටික තේරුණේ නැහැනෙ….
        ඔන්න ඔහේ මිනිස්සුන්ට කැමති ඇඳුමක් ඇඳන් යන්න දෙමු… කොහොමත් ඉතිං මේක බැලුවයි කියලා මිනිස්සු වෙනස් කරන්න අපට බැහැ නෙ….
        ඉතිං මිනිස්සු කැමති විදියට කැමති දෙයක් ඇඳන් යාවි…
        ඇත්තෙන්ම මම පන්සලකට ගිය එකම දවස ඕකයි.. ඉතිං මම බොහොම උද්දාම වුනා.. මමත් දැන් බෞද්ධයෙක් නේද කියලා. වැරදිලා මේ වගේ දෙයක් ලියැවුනේ..
        සමාවෙන්න….

        කැමතියි

  6. මමත් ලියන්න කියලා හිතාගෙන ඉන්න මාතෘකාවක්. මේක මහා කාළකන්නි වැඩක්. සුද්දන්ට කොට කලිසමක් ඇඳගෙන යන්න දෙන්නෙ නෑ (එහෙම යන්න දෙන්න ඕනත් නෑ. මොකෝ උන් පල්ලියට යන්නෙ නෑනේ එහෙම.) ඒ උනාට අපේ උන් මියුසිකල් ෂෝ බලන්න යනවා වගේ ඇඳලා එන්නේ. ඇතුල් වෙන තැනම ඉන්න පොලීසියට මේවා පේන්නේ නෑ. මේක බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩ කියන ස්ථානය. එහෙම තැනක විනයක් නැති උනාම, ඒක විදේශිකයන්ටත් සිනහ උපදවන කාරනයක්. නව පරපුරේ ගොඩක් උන් මෝඩයෝ කියලා හිතෙන්නේ මේවා දැක්කමයි. අනික පොලීසියක් ඉඳිද්දිත් එහෙම එනවා කියන්නේ උන්ගෙන් සත පහක වැඩක් නැති බවයි. මේවාට හාමුදුරුවරුත් වග කියන්න ඕන.

    කැමතියි

    • බුදු දහමේ පිරිහීම සිදු වෙන්නෙ බුදු දහමෙන්මයි කියලා බුදුන් වහන්සේ වදාරලා තියෙන්නෙ ඒකනෙ….
      අපේ මිනිස්සුන්ට විනයක්, සංයමයක් තිබෙනවා නම් මේ රටේ වෙන බොහොමයක් අකටයුතුකම් අඩු කරගන්න පුළුවනි…

      කැමතියි

    • ආගමික ස්ථානයක දොරකඩ පොලිසියක් දමා එන අයගේ ඇඟ අතපත ගෑම ඔබ දන්නා බුද්ධාගමට අනුව පැහැදිලි කරන්න ඔබට පුලුවන්ද

      කැමතියි

      • මා කියූ දේ ඔබ තේරුම් ගෙන නැති හැඩයි.. මා කිවුවෙ කාගෙවත් ඇඟපත අතගාන්න නෙවෙයි… නුසුදුසු ඇඳුම් ඇඳලා එනවා නම් හරවා යවන්න.. පසුව නිවැරදි වී එන්නෙ නැතෑ ? පන්සලකට – විශේෂයෙන් දළදා මාලිගාවට එනවිට නිසි පරිදි සුදු ඇඳුමක් ඇඳන් එන්න බැරි බෞද්ධයාගෙන් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන් මොකද්ද ?
        සුද්දොන්ට ඇඳුම් අන්දන්න පුළුවන් පොලීසියක් ඉන්නකොට ඇයි ලංකාවෙ මිනිස්සුන්ට ඇඳුම් අන්දන්න බැරි ? ඇයි ලංකාවෙ මිනිස්සු වෙලා හිතන්න බැරි ?
        වෙනත් ආගම් වල මිනිස්සුන්ට තමන්ට සුදුසු විදියට ඇඳන් යන්න පුළුවන් නම් ඇයි අපට බැරි ?

        කැමතියි

  7. දැන් ඉන්න අම්මලාගෙන් බොහොමයකගේ ජීන්ස් එක, එයාට ලැබෙන ළමයි ගණන වැඩි වෙනකොට, ත්‍රී ක්වාටර් ජීන්ස් එක දක්වාත්, ඊළඟට කොට කලිසම දක්වාත් කොට වෙන්නේ ඇයි.

    මේ ළඟදී පොඩි හාමුදුරු නමක් මට අංකල් කිව්වා. (මට සීයේ කියන මුනුබුරු මිනිබිරියන් ඉන්නවා) නමුත් හාමුදුරුවෝ එහෙම කියපුවම මට දැණුනේ හාමුදුරුවෝ කුණුහරපයක් කිව්වා වගේ. මාමේ කිව්වනම් කොච්චර ලස්සනද.

    වරක්, අපේ පන්සලේ දායිකාවක් වන තරුණ මවක්, මැද පෙරදිග රැකියාවක් කරන ඇගේ සැමියාගෙන් ලද ටී ෂර්ට් එකක් ඇඳගෙන පන්සලට ආවා. එහි ඉදිරිපස මුද්‍රණය කර තිබුනේ Touch & Release කියලා. මගේ බිරිඳ එහි තේරුම ඇයට කියලා දුන්නම, ඇය ක්ෂණයකින් පන්සල් බිමෙන් නොපෙනී ගියා.

    කැමතියි

  8. ඉතාම හොඳ ලිපියක්.! දුවන්නන් වාලේ දුවමින් අනුකරණ වාදයෙන් තොරව සමාජය සංස්කරණය වීමේ අවශ්‍යතාව ඉති හොඳින් අවධාරණය වෙනවා.!! පුදුමය වන්නේ ජනතාව අතර බෙහෙවින් පැතිර යන විද්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍යයන් තුළින් මෙවැනි ආකල්ප වර්ධනයක් දෙසට ජනතාව ගෙන නොයාම නේද ? එහෙත් ඒ කිසිවකට නොරැවටුනු නූතන‍ තරුණ පරම්පරාව තුළ ර වර්ධනය වෙමින් පවතින නිවහල් බවින් මිදීමේ ආශාව හා ආකල්ප තුළ බලාපොරොත්තු තැබිය හැකි ඉතා ශුභදායි ලකුණු ද පහළ වෙමින් පවතින බව මේ ලිපියට ලැබෙන ප්‍රතිචාරවලින් වාගේම දළදා මාලිගාවට ගිය විට ද දක්නට ලැබෙමින් පවතිනවා.ශෝභනේට අදහන බුද්ධාගම, ජනප්‍රිය බුද්ධාගම, අගමුල පටලවා විකාර යක් බවට පත්කරගත් බුද්ධාගම හා බුදු දහම සෙල්ලමක් සේ නොගෙන එය හදවතින් වැළඳ ගැඹුරෙන් හදාරන්නට තැත් කරන අයගේ බුද්ධාගම වශයෙන් තුන් ආකාරයක බෞද්ධයන් අපේ රටේ සිටිනවා. ඇල්කෙමිට ගොඩාක් ස්තුතියි.

    කැමතියි

  9. මෙතන තියෙන්නෙ ආකල්ප වල පිරිහීමක් කියල මම නම් හිතන්නෙ. මිනිසුන්ගෙ ඇඳුම් පැළඳුම් වලට බුද්ධාගමින් නීති දාලා තියනවා කියල මම නම් දන්නෙ නෑ. පන්සලකට අපි සුදු අඳින්නෙ සංඛේතයක් විදිහට. සුදු අඳීමෙන් සංඛේතවත් වෙන්නෙ අපේ සිතේ පිරීසිදු බව. ඇඟ වැහෙන්න අඳින්න ඕනෙ අනික් අය ගැන හිතල. තමුන්ගෙ හිත කොච්චර පිරිසිදු උනත් තමුන් දිහා බලාගෙන ඉන්න අනුන්ට පන්සලට ගිය කාරිය කරගන්න අමතක වෙන විදිහෙ ඇඳුම් අඳින්නෙ නැතුව ඉන්න එක තමන්ගෙ යුතු කමක්.

    මේවා ඉතින් ගෙදරින්ම ලැබෙන්න ඕනෙ ගුරු හරු කම්. මගේ පුතාට අවුරුදු 9යි. මම එයාට පන්සලට සුදු අඳින්න ඕනෙම කියල නීති දාලා නෑ. ඒත් පන්සලට සුදු සහ විනීතව අඳින ඕනෙ ඇයි කියල කියල දීලා තියෙන්නෙ. දාහකුත් එකක් ප්‍රශ්න ඇහුවත් දැන් එයා පන්සලට යනකොට අඳිනෙන් සුදු. මම නම් හිතන්නෙ එතනින් තමයි පටන් ගන්නෙ ඕනෙ.

    කැමතියි

    • ඇත්ත, සමහර වෙලාවට තමන් හිතලා බලලා ආකල්ප සකසා ගන්නෙ නැතිනම්, මුලින් නීතියක් දාලා ඒක කරන්න ඕන.. මිනිස්සු එයට පුරුදු වුනාම එය රීතියක් බවට පත් වෙලා ඔවුන් දැනගන්නවා තමන්ගේ ආකල්පය සකසා ගන්න…
      වෙලා තියෙන්නෙ, කිසිවෙක් ඒ ගැන අවධානය යොමු කරන්නෙ නෑ… කියලා දෙන්නෙ නෑ… ඒ නිසා මිනිස්සුන්ගෙ අවධානය ඒ ගැන යොමු වෙන්නෙ නෑ…
      ඒකයි..
      මගේ දරුවා දන්නවා පන්සල කියන්නෙ පූජනීය ස්ථානයක්, හැසිරෙන්න ඕන මෙහෙමයි කියලා. නමුත් සමහර වැඩිහිටියො ඒක දන්නෙ නෑ.. නැතිනම් දන්නවා – ඕනකමක් නෑ…
      දැනුවත් කිරීමෙන් බොහෝ දේ කරන්න පුළුවන්. නමුත් දැනුවත් කරන්න කවුද පෙරමුණ ගන්නෙ ?

      කැමතියි

      • පටන් ගන්න පුලුවන් පන්සලෙන්ම. ඇල් දැකල තියනවද ජපන් බඩුත් එක්ක එන user guides? ඒවගෙ වැඩි හරියක් තියෙන්න පින්තූර. වාචික උපදෙස් තියෙන්නෙ අඩුවෙන්. මොකද මිනිස්සුන්ට කියවන දේට වඩා පිතුරෙ තියන දේ ඔලුවට යන නිසා. අනික ලොකු කුඩා හැමෝටම පින්තුර තේරුම් ගන්න පුලුවන්. ඉතින් මෙහෙම දෙයක් බැරිද අපිට දළදා වඳින යන අයට දෙන්න. අඩු තරමෙ ආයෙ එන දවසකටවත් හරියට එයි. ඒත් මිනිස්සුන්ට අමතක වීමට නම් මට දෙන්න පිලිතුරක් නෑ.

        කැමතියි

      • කරන්න අවශ්‍ය නම් ඕන තරම් ක්‍රම තිබෙනවා කරන්න… ගුවන් විදුලියේ රූපවාහිනියෙ මේවා කියලා දෙන්න පුළුවනි. දළදා මාලිගාවෙ අනුග්‍රහයෙන් පුවත්පත් දැන්වීමක් දාලා මිනිස්සු දැනුවත් කරන්නත් පුළුවනි. ඊට පස්සෙ එයට අවනත නොවෙන අය හරවා යවන්න පුළුවනි.. ටික දවසකින් හැමෝම ඉගෙනගනීවි…
        මෙතැන තියෙන්නෙ හැමදේටම නිදහසට කරුණු කීමක්… එච්චරයි… තමන්ගෙ හැසිරීම්වල ආකල්පවල වගකීම තමන් භාර නොගැනීම…

        කැමතියි

  10. apoi ow minisun pansal yanahati dakka,a aththatama pilikul ewagema lokuwata budhagama gana kathakarana ara nanu sarala dakkane perethayo wage kaama kanahati owa akapai kiya danne naha sangayage thana sangaya visinma vinasakaragena. hitagena kaama kanawa gihi apiwath oya vidihata hasirenne naha. rate waraddada diunuwa kiyana ekada siyalla kanapita harila. . dalada maligawe polim dekak videsikayantai apita. eth mama inna rate prasidda sthana narabanna videsiya kiyala wenama polim naha. mewa nokala uthu dewal. dannam andumanam pitarata inna ayatath wada hangagena inna onadewal penwanawa. hithanawa athi o apith dan diunu apita engirisi kathakaranna puluwan, salli thiyenawa hondata hoyala baluwoth oya vikara dewal karanne keeyak hari hoyaganna pitarata giya ayo hithanawa thaman anith ayata wada supiri kiya eka wennathi neda.

    කැමතියි

  11. මේක දැන් අවුරුදු 10 – 15 ක විතර ඉඳන් පටන් අරගෙන උඩු දුවලා තියෙන ප්‍රශ්නයක්…මම ඇල්කෙමියාට කිව්වා වගේ අපේ රටේ තියෙන ප්‍රශ්න වලට විසදුම් රජය දන්නවා…නමුත් ක්‍රියාත්මක කරන්නේ නෑ…රටේ මාධ්‍යය වලට වගකීමක් යුතුකමක් තියෙනවා දවසට විනඩි 5ක් රූපවාහිනියේ, 2 X 8 තීරුවක් පත්තරේ සමාජ සත්කාරය වෙනුවෙන් වෙන් කරන්න…මිනිසුන්ට සල්ලි දීලා, ස්ටාර්ස්ලා මතු කරලා වැඩක් නෑ…වැඩක් ඇති ආකල්පමය වෙනසක් ඇති කරන්න උත්සාහ කරන්නේ නැත්නම්…එතකොට තමයි හැමොම ස්ටාර්ස්ලා වෙන්නේ

    කැමතියි

  12. වැඩක් නෑ බන් කොච්චර ඔව්ව ගැන කතා කලත්…වචන ටික අපරාදේ…

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න