හිරුණිකා පළිගනී…….


දුමින්ද ආශ්චර්යයකින් සුව වී ගෙදර පැමිණි දිනයේ දත කට පූට්ටු වී සිටි හිරුණිකා සිය විශ්වාසවන්තම ආධාරකරුවන් පස්දෙනා නිවසට කැඳවූවාය..

දැන් ඉතිං අපට කරන්න දෙයක් නැද්ද ?

අනේ මන්දා මිස්… දැන් නම් ඉතිං මොනවා කරන්නද මන්දා.. හැම Option එකම වැහුන නේ…

නෑ නෑ… තව එක තුරුම්පුවක් තියෙනවා….

ඒ මොකද්ද ඒ ? පස් දෙනාම ඇරපු කටවල් වසා ගන්නට බැරිව බලා සිටියා…

මම එයාගෙන් පලි ගන්නවා පලි ගන්නවා මයි….

ඒ කොහොමද ?

මම එයාව…………

හරි… මම දන්නවා… මිස් ගිහින් අර ගලේ දේවාලෙ කපුවට ස්වර්ණමහල් එකෙන් රත්තරං කිලෝ එකක් අරන් ගිහින් දීලා පලි ගස්සවනවා…. එකෙක් පැන්නා……

නෑ… එහෙම නෙවෙයි…

හරි… මම දන්නවා… මම හිතන්නෙ මිස් අර අංකොක්කාවල සෝභිතට කියලා ගුරුකමක් කරවනවා….

නෑ අනේ….

එහෙනම් අර අළුත්ම සෙන්සේශන් එක අවුරුදු දහ අටේ සක්විති හාමුදුරුවොන්ට කියලා ගේමක් දෙන්න නේද යන්නෙ ?

නෑ එහෙමත් නෙවෙයි.. මම…

හරි හරි… කළුකම්බිලි දේවාලෙ ගිහින් මිරිස් තලියක් අඹරලා හැඳිගෑවිලා යන්නම වැඩක් දෙන්නයි මිස් හදන්නෙ..

නෑ අනේ මට ඔයාලා කියන්න දෙන්නෙම නෑනෙ…

හරි මිස්… ඔයා හදන්නෙ ජිනීවා වල මානව හිමිකම් එක මාර්ගයෙන් මේ ගැන කටයුතු කරන්න නේද ?

නෑ අනේ…

එහෙනම් කෙළින්ම ගිහින් ඔයාම වෙඩි තියන්නද ?

නෑ.. එතකොට මාව අහු වෙනව නෙ

හරි… කාව හරි ලවා වෙඩි තියවන්න….

එහෙමත්ම නෙවෙයි…

වස දෙන්නද ?

ඒක අමාරු වැඩක්…

හරි… මාලිගාවත්තෙ පාතාලෙ ලවුවා බෝම්බයක් ගහනවා…

නෑ අනේ…. ඔයාල මට කියන්න දෙන්නෙම නැද්ද ?

එහෙනම් දෙයියනේ ඔයා කොහොමද මිස් එයාගෙන් පලි ගන්නෙ ?

7

මම………….. දුමින්දව බඳිනවා………

Advertisements

Posted on මැයි 5, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 15.

  1. අම්මපා ඇල්කෙමි, මහා භයානක තීරනයක්නේ මේක? හැබැයි ඊට පස්සේ මෙයාව දිගටම මේ වගේ ‘මරාගෙන මැරෙන’ මිෂන් වලට යවන්න පුලුවන් වෙයි.

  2. හැබැයි දෙන්න පුළුවන් ළොකුම දඳුවම ඒක තමා.. පවු බං දුමියා ආයෙත් ඉස්පිරිතාලේ සේලයින් එකකුත් ගහගෙන. ඒ කියන්නේ අනිත් නඩු දිනේටත් මූ ඉස්පිරිතාලේ. කොහොමද නීති උපදෙස්. මම නම් ලොක්කට කියන්නේ. ඔය පී බී මහත්තයා. අයින් කොරලා ඔතෙන්ට දාන්න ඕන හේමන්ත වර්ණකුළසූරිය මහත්තයව.

  3. යසම වැඩේ දුමියාට….කාලා වරෙන්කෝ…ඊට පස්සේ දවසක කියයි “අයියෝ මම වැරදිකරු වෙලා හිරේ ගියානම් , අද නිදහස් ..” කියලා

  4. සමහර විට ජනාධිපති තුමා යෝජනා කලොත් ඔය දේත් සිද්ද වෙයි.

  5. ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව සිරදඬුවම

  6. අවුරුදු ගානක් පිට රටක ඉදල ලංකාවට ඇවිල්ල,
    මෙහෙම කෙටි විස්තරයකින්,
    ලොකු කතාවක් කීම ගැන සතුටුයි.
    කොහොමද පුංචි ඇල් පැටිය පාසලකට දැම්මද?

  7. ඔය දුමින්දව අතෑරලා අපෙන් පළිගන්න කියහංකෝ… 🙂

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: