ලෝක පරිසර දිනය ජුනි 05 දා… සැමට කෙරෙන ආරාධනයයි….


අනාගතය වෙනුවෙන්

අනාගතය වෙනුවෙන්

අනාගත ලෝකය කෙසේ වේ දැයි තවමත් කිසිවෙකුට අනුමාන කළ නොහැක. නමුත් මේ යන ආකාරයට එය අනිවාර්යයෙන්ම අධිකව දූෂණය වූ පරිසරයක් ඇති, ජලය සහ පිරිසිදු වාතය සමහරවිට සුඛෝපභෝගී අවශ්‍යතා බවට පත් විය හැකි, සතුන් ගහකොළ විරළ වූ එකක් විය හැකි බව පමණක් සිතිය හැකිය.

ජුනි 05 වනදා ලෝක පරිසර දිනයයි. ඇල්කෙමියාගේ රසායනාගාරයෙන් පරිසරය සුරැකීමේ අවශ්‍යතාව පුන පුනා ප්‍රකාශ කෙරුණද, ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව යමක් කළ නොහැකිව තිබුණේ විදේශයන්හිදී සංවිධානය කළ හැකිව තිබූ දෑ අල්පයක් වී තිබීම නිසායි. නමුත් දැන් යමක් කළ හැකි තත්ත්‍වයක් ඇති නිසාම, රසායන විද්‍යා ආයතනයේදී ජුනි 05 වන දින සවස 2 සිට 4 දක්වා පැවැත්වෙන අනාගත ලෝකය වෙනුවෙන් පරිසරය සුරකිමු යන තේමාව ඔස්සේ ගෙන එනු ලබන දේශන මාලාවට කෙරෙන ආරාධනයයි මේ.

මේ දේශන මාලාවෙන් හි මාතෘකා වනුයේ..

  • පලිබෝධනාශකවල පාරිසරික ආචරණ
  • පරිසරය සහ කසළ කළමණාකරණය
  • පරිසරය සුරැකීමේ පාරම්පරික පසුබිම
  • කාබන් ඩයොක්සයිඩ් සතුරෙක්ද? මිතුරෙක්ද?

යන විෂයයන් වන අතර ඒ සියල්ල රසායන විද්‍යා ආයතනයේ කථිකාචාර්යවරුන් විසින් පවත්වනු ලබයි.

පරිසරය පිළිබඳ ඇල්මක් ඇති, යමක් ඉගෙන ගැනීමට කැමැත්ත ඇති අයට මේ දේශන මාලාවට සහභාගී වන මෙන් ආරාධනා කර සිටිමි.

දේශන මාලාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙන අතර පැමිණෙන සැම සාදරයෙන් පිළිගනු ලැබේ…

ස්ථානය : ශ්‍රී ලංකා රසායන විද්‍යා ආයතනය 341/22 ඇඩමැන්ටේන් නිවස, කෝට්ටේ පාර වැලිකඩ රාජගිරිය.

        ( සරණ පාරේ ජාතික දියවැඩියා මධ්‍යස්ථානය අසළ පාරෙන් පැමිණිය හැකිය)

දිනය : 2013 ජුනි 05 දා

වෙලාව : සවස 2.00 සිට 4.00 දක්වා

සියල්ලෝම පැමිණෙත්වා…………………

Advertisements

Posted on ජූනි 3, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 3.

  1. බොහොම අගේ ඇති වැඩක්. මම මේ ගැන මූණු පොතෙත් දැක්ක. ඒත් නරකද මේ ගැන සිංහලෙන්, මීට වඩා පොදු ජන සහභාගීත්වයක් ලබා ගත හැකි නගරෙන් පිට වඩා පුළුල් කතාවක් ඇතිකල හැකි විදියට සිදු කලොත්?

    (මම දන්නව ඔබ මෙය අවම පහසුකම් යටතේ කරන කැපවීමක් මිස කාගෙන්වත් ලකුණු දා ගැනිමට කරන යමක් නොවන බව සහ මගේ කමෙන්ටුවෙන් එම වටිනා ව්‍යායාමය හෑල්ලු කල බවක් නොහිතන්න)

    • ඇත්තෙන්ම මේක සිකුරාදා අවසර අරගෙන – සෙනසුරාදා සංවිධානය කරලා බදාදාට කරන ඉතාම කෙටි කාළයකින් සැකසුන දේශන මාලාවක්… මේ නිසයි සංවිධානය තරමක් අවිධිමත් වුනේ..
      නමුත් අපට මේ ගැන ප්‍රායෝගික ප්‍රශ්න තිබෙනවා. එකක් තමයි මේ කථිකාචාර්යවරුන්ට සිංහලෙන් තාක්‍ෂණික දැනුම බෙදා හැරීමට ඇති අපහසුතාවය. ඒ වගේම මේ කට්ටිය එකට එකතු කර ගැනීමට ඇති අපහසුව..
      ඇත්තෙන්ම සිංහලෙන් මේ කටයුත්ත සිදු වෙනවා නම් කෙරෙන කාර්යය වැඩියි.. වැඩි පිරිසක් කරා ලඟා විය හැකියි. අපි මේ ගැනත් සළකා බලනවා…
      සමහරවිට ඉදිරියේදී මීට වඩා පුළුල්ව අපිට මේක කරන්න පුළුවන් වේවි.
      ඔබේ ප්‍රතිචාරය සහ අදහස ඉතාම හොඳයි.. කිසිම වෙලාවක අහිතක් හිතන්න එපා..
      මල් මාලා වගේම ගල් මුලුත් මම අගය කරනවා…
      *මෙතැන සිදු වුනේ ඔබ මේ ගැන විකල්ප අදහසක් දැක්වීම පමණයි… එය මම ඉතාම අගය කරනවා… මොකද මට නොපෙනෙන දේවල් අන් අය දකින නිසා ඒ කෝණයෙනුත් අදහස් මෙතැන දක්වන්න පුළුවනි.
      බොහොම ස්තුතියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: