ලෝක පරිසර දින සම්මන්ත්‍රණය…. කෝටි ගණන් වියදම් නොකළත්, යමක් කෙරුණ දවසක්….


ජුනි 05 වන දින ලෝක පරිසර දිනය වෙනුවෙන් ඉතාම කෙටි කලකින්, දින හතරක් තුළ සංවිධානය කළ  දේශන පහකින් යුතු සම්මන්ත්‍රණයක් සංවිධානය කළේ පරිසරය ගැන රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන් දැනුවත් කිරීම මගේ යුතුකමක් ලෙස හැඟුන නිසායි. මේ පිළිබඳ අදහස රසායන විද්‍යා ආයතනයේ ප්‍රධානි මහාචාර්ය ජේ එන් ඕ ප්‍රනාන්දු මහතාට මම දැන්වුයේ සිකුරාදා පැවති ආචාර්යවරුන්ගේ හමුවේදී. ඒ මහතා එක පයින්ම කැමති වුනා. ඔයාම සංවිධානය කරන්න කියා ඒ බර මට පැටෙවුවත්, ඒක මම බොහොම ගෞරවයෙන් භාර ගත්තෙ එය සංවිධානය කරන එක ලෝකය වෙනුවෙන් කරන තවත් එක යුතුකමක් පමණක් නොවන බව මම දන්න නිසාමයි. පිටරට සිටිද්දි ඇල්කෙමියාගේ රසායනාගාරය බ්ලොග් අඩවියෙන් පරිසරය සුරැකීම මෙන්ම පරිසරයට හානි පැමිණවීමෙන් සිදුවිය හැකි අවැඩ පිළිබඳ අනන්ත කතා කළත් සක්‍රීයව යමක් කිරීමේ පහසුකම මට තිබුණෙ නැහැ. ඒ පිටරටක මම ජීවත් වුන නිසාම… වෙනත් රටවල ජීවත් වෙද්දි තමන්ට යමක් සංවිධානය කිරීම අපහසු බව මට තේරුණේ වරක් දෙවරක් නොවෙයි. නමුත් තමන්ගෙ මවු රටේදී තමන්ට අවශ්‍යතාවය තිබෙනවා නම් එය කිරීම ඉතාම පහසු බව මේකෙන්ම මට වැටහුනා.

ඉතින් රසායන විද්‍යා ආයතනයේ සිටි ආචාර්ය මහාචාර්යවරුන්ට මගේ අදහස දැනුම් දුන් වහාම ඔවුනුත් එයට දායක වන්න කැමැත්ත පළ කළේ එක පයින්ම. එපමණක් නොවෙයි එදින නිවාඩු ලබාගෙන සිටි මහාචාරය දසරත ගුණවර්ධන මහතා පවා පසුව තමන් දේශනයක් කිරීමට කැමැති බව ප්‍රකාශ කළා. ඒ නිසා මුලින් දේශන හතරක් ව තිබූ සම්මන්ත්‍රණය පසුව දේශන පහක් දක්වා දීර්ඝ වුනා.

මුලින් පත්‍රිකා මගින් රසායන විද්‍යා ආයතනයේ සිසු සිසුවියන්ට මේ බව දැනුම් දුන්නත්,  සිසුන්ට ඒ ගැන දැනගන්න තිබුණ කාළය මදි වුනාද මන්දා… බලාපොරොත්තු වුන තරම් සහභාගිත්‍වයක් ලැබුණෙ නැහැ.. නමුත් වෙනත් පන්තියක සිටි භක්ති ගීත පුහුණු වෙමින් හිටපු සිසු සිසුවියන් ටිකක් ඇදලා අරගෙන යන්තම් සෙනඟ සම්පූර්ණ කර ගත්තා…

නමුත් දේශන මාලාව යන අතරවාරයේ මට තේරුණා මේ දේශනවල වටිනාකම. මා පවා නොදත් බොහෝ දේවල් ඒ දේශනවලින් ඉගෙන ගත්තා.. මගේ දේශනය තිබුණෙ අන්තිමට.. කෙසේ වුවත් මේ දේශන මාලාව මට හිතුන පරිදි සාර්ථකයි..

මේ දේශන මාලාව ගැන පූර්ව ප්‍රචාරයක් ලබා දුන් ලේක්හවුස් ආයතනයේ නලීන් දිල්රුක්‍ෂ අයියාට ස්තුතිය පිරිනැමීම කළ යුතුමයි. ඒ වගේම දිනමිණ සහ ඩේලි නිවුස් ආයතන දෙකෙන් පැමිණි චින්තා රණසිංහ සහ ඉෂාරා මුදුගමුව මාධ්‍යවේදිනියන්  දෙදෙනාටත් මගේ ස්තුතිය පිරිණමනවා.

ඉදිරියේදීත් මෙවැනි දේශන සංවිධානය කිරීමට අපේ ආචාර්ය මණ්ඩලය එකඟ වුනා.. සමහරවිට අපි දුරස්ථ පාසැල් වලට ගොස් එදිනෙදා ජීවිත හැඩගස්වා ගැනීමට රසායන විද්‍යාවෙන් සිදුවන මෙහෙයයන්, පරිසරය සුරැකීම, ආහාර පුරුදු වැනි දෑ පිළිබඳ සම්මන්ත්‍රණ පවත්වන්න අපට පුළුවන් වේවි…

මේ තියෙන්නෙ දිනමිණේ තිබුණ විස්තරේ…

Dinamina Article

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූනි 7, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 18.

  1. ප්‍රනාමය පුදමි. ගමන් දුෂ්කරතා හමුවේ කෙතරම් වැදගත් වුවද සහභාගී වීමට අපහස් වූ කී දෙනෙක් වෙත් ද ? පාසල් මට්ටම දක්වා පැමිණිය හැකි වෙතොත් එය මහත්ම මෙහෙවරක් වේවි. ඔබේ වෑයමට ජය පතමි.

    කැමතියි

  2. එතරම් දැනුමැත්කෙත් නොවුනද මෙහිවටිනාකම දනිමී. සහභාගී වන්නට තිබුනානං කියා සිතුනා

    කැමතියි

  3. ආ අමතක උනා ඔබේ අර අර සිහින ගොවිපල පටන්ගන්නේ කවදාද, මම නං අස්වනු නෙලා අවසන්ව වැස්ස තුරල් වනතෙක් බලා ඉන්නවා. මගේ වගා කාලය ආරම්භ වෙන්නේ වැහි කාලයෙන් පසු ( පොඩි වැහි වතුරටත් යටවෙන හන්දා)

    කැමතියි

  4. නියමයි ඇල්…..ඔබේ වෑයමට සපුරා ජය පතමි!!!

    දැනුම බලය වේ…Knowledge is power… 🙂

    කැමතියි

  5. සෑහෙන මෙහෙවරක් සිදු වූ බව මගේ සහ අැන්ටා ගේ හැඟීමයි 🙂

    කැමතියි

  6. අපේ ස්කොලෙත් ලස්සන පොඩි වැඩසටහනක් තිබ්බා.අපේ වගේ ගම්බද පලාත් වලට කොහොමත් ඒ වැඩසටහන වැදගත් වුනා.හේතුව තමයි ගම්බද පරිසරයත් වේගයෙන් පරිසර දූෂණය කරා යමින් පවතින එක. “ පාරිභෝජනය අවම කිරීම “ මූලික කරගෙන තමයි ස්කොලෙ වැඩසටහන තිබ්බේ…….පැලත් හිටෙව්වා.පැළ හිටෝන එක නම් අනේ මන්දා. පරිසර දින වලට හිටෝපු පැල තොගය අද තිබ්බ නම් ලංකාව වැහෙන තරමට ගස් කොළන් තියේවි.හිටොනව විතරයි…දවසට විතරයි. රැක ගැනීමක් පසු විපරමක් නැහැ.

    කැමතියි

  7. මෙය කියවා බලා හදවතින්ම සතුටු උනා මල්ලී. ඔබේ මේ වෑයම ඉදිරියේ දී ඉතා සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය සියළු ශක්තිය ධෛර්‍ය ලැබේවා! . පාරිසරික ගැටලු දරුවන් පොඩි කාලෙම දැනුවත් කිරීම හරිම වටිනවා. මොකද ලංකාවෙ දෙමාපියන් තමා දරුවන්ට වැරදි පුරුදු පුරුදු කරන්නෙ. කොල කෑල්ල පවා බිමදමා දරුවන්ට ආදර්ශ දෙන්න අපේ අම්මලා හරි දස්සයි. D:

    කැමතියි

  8. නියමයි ‍නියමයි ‍ඔබගේ ලිපි ඔබේ මේ වෑයම ඉදිරියේ දී ඉතා සාර්ථකව ඉටු කිරීමට අවශ්‍ය සියළු ශක්තිය ධෛර්‍ය ලැබේවා! .

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න