ඔන්න ඕකයි ඇල්කෙමියගෙ දිනපොතට වුනේ………..


ලංකාවට ඇවිල්ලා අදට මාස තුනක් ගත වුනා… ඒ මාස තුනේ ලොකු ලොකු වෙනස්කම් කිහිපයක්ම මටත් සිද්ධ වුනා… පළමු මාස දෙකේම ජීවත් වුන පුංචි අම්මලාගේ ගෙදරින් අපේම කියලා වෙනම තැනකට ගියේ ජුනි මාසෙ මුල. අපේම කිවුවට අනුන්ගෙ.. මාසික කුලිය ගෙවලා අපේම කරගත්තා. ඒ නිසා ඒ වෙනුවෙන් බඩුගන්නයි – විකුණන්නයි පොළටයි ආවේ වගේ එහේ මෙහේ ඇවිදලා අත්‍යවශ්‍ය දේවල් ගන්න.. ආදී දේ වලට පහුගිය මාසෙම මහන්සි වුනා.. රසායන විද්‍යා ආයතනයෙ සතියකට දවස් තුනක් ඉගැන්වුවට, සමහර සතිවල දවස් හතර පහ යන්න වුනා.. ඒ අතරෙ මගේ සමාජ සේවා වැඩකටයුතුත් කරගන්න ලැබුණා.

අම්මා අසනීප තත්ත්‍වයෙන් හිටි නිසා තරමක් ඒ කටයුතු වලටත් මහන්සි වුනා. ඒ අතරේ ගිය සතියෙ මිතුරියකගෙ විවාහයත්, මගේ සමීපතම මිතුරෙකුගේ මවගේ තුන්මාසෙ දානෙටත් සහභාගි වෙන්න ඉඩ ලැබුණා.

මේ කරුණා කාරණා නිසා බ්ලොග් එක ලියන එක නම් හොඳටම අතපසු වුනා. පිටස්තරයා බලපු මගේ මිතුරෙක්, “කෝ යකෝ ආගන්තුකයා ?” කියලා අහුවාමයි මට මතක් වුනේ පිටස්තරයා කතාවෙ සෑහෙන ප්‍රමාණයක් ලියලා නෑ නේද ? කියලා.. තවත් පරිඡේද කිහිපයක් ලියලා තිබුණත්, ඉදිරියේදි පිටස්තරයා පොතක් වශයෙන් පළ කිරීමේ අභිලාශය ඇති නිසාම, අවසාන කොටස් කිහිපය පළ කිරීමෙන් වැලකී සිටීමට තීරණය කළා.

පසුගිය කාළයේ ම මම ලංකාවෙදි අත්දැකපු දේ බොහෝයි.

  • වාහනයක් පදවනවා නම් ඒ පාරේ යන්නේ තමන් පමණක් බව හිතාගෙන පැදවිය යුතුයි.
  • වම දකුණ කියා බේදයක් නැත. ඉඩ ඇති තැනකින් රිංගවිය යුතුය.
  • පයින් ගමන් කරනවා නම් පදික මාරුව තිබෙන්නේ අපට මාරු වීමට නොවන බව සිතට ගත යුතුය.
  • සමාජ සම්බන්ධතා ඇතිනම් ඕනෑම දෙයක් ඕනෑම තැනකින් කරගැනීමට හැකියි.
  • මොන බලු වැඩේ කරගන්නත් හොඳින් ඇඳ පැළඳ ටයි එකක් දමාගෙන හෝ යා යුතුයි.
  • සල්ලිවලට ගත නොහැකි දෙයක් නොමැති බව බොහෝ දෙනා සිතාගෙන සිටිති. තරමකට සත්‍යය.
  • ලංකාවේ මිනිසුන් හැදීමට නොහැක. ඊට වඩා හොඳයි වඳුරන්ට අවකලනය කියලා දෙනවා…
  • ලංකාවේ 90% ක් දෙනාට විනයක්, හැදියාවක්, සාරධර්ම යන කිසිවක වගක්වත් නොමැත.
  • තව ගොඩක් දේ ඇත….. කියලා වැඩක් නැත…

මේ සියල්ල මගේ අත්දැකීම් වලින් ලබාගත් නිගමන වේ. කිසිදු නිගමනයක් එක් වතාවක අත්දුටු දත්ත වලින් ලබාගත් නිගමන නොවෙයි.. ඒ නිසා මේ ගැන ලොකු වගකීමකිනුයි කතා කරන්නෙ…

මේ ගැන වෙන වෙනම කතා කරනවා නම් සෑහෙන දිග ලිපියක් ලියන්න වේවි.

ඉදිරියේදී නම් මගේ බ්ලොග්කරණයේ අඩුවක් දකින්න ලැබේවි. මොකද කියනවා නම් අගෝස්තු මාසයේ ඉඳලා මීටත් වඩා කාර්ය බහුල වෙන නිසා.. ඒ ගැනත් පසුව කියන්නම්..

මුලදි නම් අදහසක් තිබුණා ඇල්කෙමියාගේ රසායනාගාරය වෙනම වෙබ් පිටුවකට රැගෙන ගිහින් මීට වඩා සේවයක් කරන්න.. නමුත් දැන් දැන් සිදුවන කාර්යබහුලත්‍වයත් එක්ක ඒ අදහස නම් පස්සට දාන්න වෙනවා.

ඉඩ ලැබෙන විදියට බ්ලොග් සටහන් ලියන්න අදහස් කරගෙන ඉන්නවා… බලමු…

කොහොම වුනත් මාසෙකට එකක්වත් ලියන්න බලමු….

ඔන්න ඔහොමයි ඇල්කෙමියගෙ දිනපොතට ගිය කල…

Advertisements

Posted on ජූලි 1, 2013, in ඇල්කෙමියාගේ දිනපොත. Bookmark the permalink. ප්‍රතිචාර 33.

  1. ඔන්න දැන් වදුරෙක්ට අවකලනය කියලා දෙත හැකි. (වරදවා වටහා නොගන්න , පලමු කමෙන්ටුව දැම්මේ ඇත්තටමය ) ( දෙවැන්න විහිලුවකි)

  2. කාර්ය බහුල නම් ටිකක් අයිස් ගහන්න පුරුදුවෙන්න. 😉

  3. හහ් හහ් හා – – – – – — — – – !!!! ඇල්කෙමියාගේ මහා ලාංකීය කරණය – – – – – – – – !!!! ලංකාවට පයගහල මාස දෙකයි ගියේ – – – – — – !!!! ලිවිලි නවතී – – – – – – !!!! පිටස්තරයා නවතී – – – – – – !!!! ඇල්කෙමියාද අලස සුවය විඳීමට ක්‍රමයෙන් පුරුදු වෙමින් සිටී – – – – – – !!!! නොකෙරෙන වෙදකමට එක්ස්කිවුසස් නැවෙන් එකයි – — – !!!! පිටරට ඉන්න කාලේ ලංකාවේ දුප්පත් මිනිහෙක් ඉල්ලුවානම් වකුගඩුවක් උනත් නොමිලේ ගලවල දෙන සයිස් එකෙන් හිටි ඇල්කෙමියා . “පිටස්තරයා” ඉතුරු ටීක පුස්තකයක් ලෙසින් වඩම්මන්න පිඹුරුපත් අඳිමින් සිටී — – – – – – – – !!!! දුක නැද්ද ලොක්කා මොලීගේ චරිතෙ සෙල් එකේ දාන්න – — – – – ???? : ))))

  4. අපි ඕවා කලින් කිව්වා..

    දැන් ඉතින් ගිය හකුරට නාඬන්නේ.. ආපු හකුර කාපන්නේ…

    • හකුරෙ ප්‍රශ්නයක් නෙවෙයි සහෝදරයා… මම කිවුවෙ මේ රට යන අත…
      ලංකාවෙ නෙවෙයි… ස්වාසිලන්තෙ ජීවත් වුනත් මම ඒ විදියට ජීවත් වෙනවා.. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි.. කළකිරීමක් ඇත්තෙත් නැහැ..
      නමුත්, අර අපි හැමදාම බලාපොරොත්තු වෙන (සහ හදන්නට බලාපොරොත්තු වන) සුරම්‍ය භූමිය ලංකාවෙ (නෙවෙයි කොහේවත්) හැදෙන්නෙ නැති බව පේනවා…
      කාර්ය බහුලත්‍වය නම් මමම හදා ගත්ත එකක්… රටේ නැති වැඩ පංගාර්තු කරගෙන ඉන්න නිසා… ඒකට නම් කමක් නෑ ඇත්තටම… මොකද මම එහේ හිටියට වඩා ලොකු වැඩ කොටසක් මෙහේදි අනිත් අය වෙනුවෙන් කෙරෙනවා…දවසකට බ්ලොග් එක බලන්නෙ 100 කට වඩා අඩු පිරිසක්, නමුත් මම ඊට වඩා වැඩි ප්‍රමාණයකට කිසියම් සේවයක් කරනවා සැබෑ ජීවිතයෙදි….
      මම ඉන්නෙ සංතෝසෙන්… හැබෑවටම…
      මම සැලසුම් කරපු බොහොමයක් දේවල් මගේ ලඟ… ඉදිරියෙදි තව කිහිපයක් ලබා ගත්තාම බොහෝ දුරට සම්පූර්ණයි…
      අපි ජීවත් වෙන්න ඕන අපට පුළුවන් හැටියට… ඒ ටික හිතට ගත්තාම කිසි ප්‍රශ්නයක් නෑ..

  5. අලුත් වැඩ කටයුතු ඉතාම සාර්ථක වේවා! සතුටින් ඉන්න. ඔබ වැනි අය අපේ රටට සම්පතක් බව තෙරුම් ගන්න. ජයම වේවා! මල්ලියෙ ඔබට.

  6. මාතලන් , ඔය ඇල්කෙමියගෙ චාටු කතා වලට රැවටෙන්න එපා .ඇල්කෙමියා ඔය කියලා තියෙන පොඩි පොඩි ගණන් ගන්න බැරි දේවල් ටික ඇරුනහම . මේ දවස්වල ඇල්කෙමියගෙ බඹරෙ වැල්ලේ කැරකෙන කාලේ – – – – – – !!!! මේ ටික දොහට ඇල්කෙමිය ලංකාවට ඇවිත් අද්දගෙන තියෙන ජිම්කානා ,ජැක්පොට් ගැන දන්නවානම් ඔබාමාලා , බිල් ගෙට්ස්ල හැමදේම දමල ගහල ලංකාවට ඇවිත් පදිංචි වෙනවා – – – – – !!!! : ))))

  7. මොනතරම් කාර්ය බුහුල වුනත් ලිපි ලිවීමට හැකි සෑම විටකම උත්සාහ ගන්න. ඔබ වැනි වටිනා අදහස් හා දැක්මක් තිබෙන බො‍හෝ දෙනෙක් සිටිනවා. ඒත් ඒ අය නිහඬයි. ඒ අය බොල් මිනිසුන්ට සියල්ලම බාර දීලා වගේ ඒකයි මිනිස්සු නොහැදෙන්න එක ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නෙ. ඔබ නිහඬ ගොඩට නොවැටේවා කියි පතනවා.

  8. අර ලිස්ට් එකේ තියෙන්නේ කියන්න තියෙන දේවල් වලින් 10%ක් විතරයි.

    ඒ කොයි හැටි වෙතත් හැකි වෙලාවට ලියමු ඇල්.

  9. රසායන විද්‍යා ආයතනයට ඇතුලත්වීමට අවශ්‍ය සුදුසුකම් හා පාඨමාලා පිලිබඳව විස්තර සොයා ගත හැකි දුරකතන අංකයක් ලබාදිය හැකිද?
    මෙය තිබෙන්නේ රාජගිරියේ ද??

  10. දැන්නෙ ඇල් නියම පාරටම වැටෙන්න යන්නෙ. බලන්න මිත්‍රයා අපේ 2500 පරවුඩ ඉතිහාසය කොතරම් අපූරුද කොතරම සනීප ද? සුද්ධා තාම කැලේ……… අපිත් එක්ක හැප්පෙන්න……… ඒවා කොහෙද?

  11. මාසෙකට එකක් හරි ලියපන් මචං . . . අනිත් උන්ව හදන්න බැරි උනත් තමන්ටම ඒ ක්‍රමේට සෙට් නොවී ඉන්නවත් ආපහු ආපහු සිස්ටම් එකේ අප්සැට් එක ගැන කියන / ලියන එක හොඳා . .

  12. කොහොමත් ඇල්කෙමි පවුලට කරදරයක් නැතිව ජිවත් වන්න තියෙනව නම් සතුටක්.
    ලංකාවෙ අලුත් පරපුර සදහා ඔබගෙන් යම් සේවයක් වෙනවා නම් හරිම සතුටුයි.
    ඉගෙන ගන්න උනන්දු අයට සේවයක් කලාට ලොකු අයට බොක්කෙන් සේවෙ කරන්නෙ බලාගෙන.
    සේවය මුදලාලි පැලන්තියට අරහං බව ඔබ දන්නවනෙ.
    කොහොමද පුංචි ඇල් පැට්ට සිංහල දැවිල්ල කෑම කාල පාසල් යනවද?
    (මගේ මතය නම් ඔබ වැනි උගතුන්ට සේවය දෙන්න තරම් උගත් රටක් නෙමේ තාම අපේ සිරි ලංකාව.තාම ඩොලර්/යුරෝ වෙන්න ඇති භාවිතේ:).සේවයට සුපියල් වලින් ලැබෙද්දි හරි සනීපයි.සල්ලි වලට වඩා වෙන ඒවා එද්දී හරි හරියට සනීපයි.මේ කියන්නෙ අත්දැකීම් හරිය.)
    කොහොමත් ඔබ ඇතුලු සිය පවුලට සුභ අනාගතයක්…!!!

    • ඇල්කෙමි පැට්ටා පොඩි කාලෙ ඉඳලම දැවිල්ල කාලා පුරුදුයි… පාසැල් යන්නෙ සැප්තැම්බර් වල.
      තවම ඩොලර් මත යැපෙන්නෙ… ඉක්මනටම රුපියල් මත යැපෙන්න පටන් ගන්න ඕන.
      අළුත් පරපුර හදන්න උත්සාහ කරනවා.. කොහෙද, මුං හැදෙන පාටක් නෑ…
      බොහොම ස්තුතියි.

  13. මොක උනත් පිටස්තරයා පිටස්තරයෙක්ම වෙච්ච එක ගැන දුකයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: