Daily Archives: ජූලි 15, 2013
යකෝ…. තංගල්ලෙ ඉන්නෙ සුද්දියෙක් දූෂණය කර ගන්න බැරි පො**යොද ?
උදේ පාන්දරම ඇහැ ඇරුණාම ඔළුවත් ටිකක් හෝන්දු මාන්දු වෙලා වගේ… රෑ නිදි මැරුවා වැඩිද මන්දා….. කරපු මගුලකුත් නෑ… ඇඳේ පොල්ලකුත් නෑ…. ආයෙම ටිකක් නිදා ගන්න කියලා අනිත් පැත්ත හැරිලා ඇස්දෙක පියා ගත්තා විතරයි…….
එකොළහායි… දොළහායි…. දහතුනායි…..එකොළහායි… දොළහායි…. දහතුනායි. එකොළහායි… දොළහායි…. දහතුනායි. පොඩි එකා උගේ කාර් ටික දහතුනේ ගොඩවල් වලට වෙන් කරනවා…..
ජිංජි බරස් බරස් බරස්….. ඔන්න ඇල්කෙමිච්චි ද කොහෙද පොල් ගාන්නත් පටං අරං…………..
බ්රූම්….. බ්රූම්….. බ්රූම්….. අල්ලපු ගෙදර මනුස්සයා එයාගේ බී එම් ඩබ්ලිවු එක රේස් කරනවා… මොන නින්දක්ද ?
ටී වී එක ඉස්සරහා වාඩි වෙලා චැනල් මාරු කරන්න ගත්තා…..
තාක්ෂණ විෂයය අළුත් විෂයයක් ලෙසින් උසස් පෙළට එකතු කරනවලු…. උස්සවේ මහියංගනේ ලු…අනේ හොඳයි…. මොකක් හරි අළුතෙන් සිද්ධ වෙනවා… කාට හරි හරි යයි නෙ….
මාස පහක් හුලං බීලා ජීවත් වෙච්ච එකෙක් හොයාගෙන ලු….. අනාගතේ මේක ස්ටෑන්ඩර්ඩ් එකක් වේවිද මන්දා…
මත්තලට ගුවන් යානා එන්නෙ නැතිලු…. අළුතෙන් දාපු කඩේකට වුනත් මිනිස්සු එනවා අඩුයි නෙ… ණය ටිකක් වැඩියෙන් දුන්නාම හරි යයි.
ආ… දණ ගැහුවයි කියන ගුරුතුමී එජාපෙන් ඡන්දෙ ඉල්ලන්න සූදානමක් තියෙනවලු….. එතකොට ඒ ගුරුතුමී දණ ගැස්සුවයි කිවු හිටිවන කවියා ? එයාට නාම යෝජනා හම්බ වෙයිද ?
ඒ මදැයි… ශ්රී ලංකන් ගුවන් සේවයට තෙල් ගහන්න ආණ්ඩුවෙන් බේල් අවුට් එකක් දෙනවලු….. ඔය මලදානෙ වහලා දාලා හිමින් එයා එකට ප්ලේන් ටිකත් දීලා මත්තල ප්රධාන ගුවන් තොටුපල කළානම්….
හැහ් හැහ්… බස් ගැමුණුවාගේ පුක බිම ඇනිලලු… බස් ඉස්ට්රැයික් එක ලත් තැනම ලොප් ලු… ලොකු තැනකින් ආපු ටෙලිෆෝන් කෝල් එකකින් පස්සෙ නැට්ට දෙපරංදෙ අස්සෙ ගහගෙන බස් ධාවනය කළාලු…
බංකොලොත් දේශපාලනඥයො පිටිපස්සෙ යන්න එපා කියලා ජනාධිපතිතුමා හිරුණිකාට අවවාද කළාලු… දැන්වත් දුමින්ද බැන්දොත් නරකද ?
අන්තර්ජාලෙ පීරනකොට ඇල්කෙමියාගේ දිනපොත කියලා එකක් දැක්කා…. බැලින්නං ඒක ලියන්නෙ මම ලු…
අනේ මන්දා… අර දූෂණය වුනයි කියපු සුද්දි දූෂණය වෙලා නෑ කියන්නෙ….