යකෝ…. තංගල්ලෙ ඉන්නෙ සුද්දියෙක් දූෂණය කර ගන්න බැරි පො**යොද ?


උදේ පාන්දරම ඇහැ ඇරුණාම ඔළුවත් ටිකක් හෝන්දු මාන්දු වෙලා වගේ… රෑ නිදි මැරුවා වැඩිද මන්දා….. කරපු මගුලකුත් නෑ… ඇඳේ පොල්ලකුත් නෑ…. ආයෙම ටිකක් නිදා ගන්න කියලා අනිත් පැත්ත හැරිලා ඇස්දෙක පියා ගත්තා විතරයි…….

එකොළහායි… දොළහායි…. දහතුනායි…..එකොළහායි… දොළහායි…. දහතුනායි. එකොළහායි… දොළහායි…. දහතුනායි. පොඩි එකා උගේ කාර් ටික දහතුනේ ගොඩවල් වලට වෙන් කරනවා…..

ජිංජි බරස් බරස් බරස්….. ඔන්න ඇල්කෙමිච්චි ද කොහෙද පොල් ගාන්නත් පටං අරං…………..

බ්රූම්….. බ්රූම්….. බ්රූම්….. අල්ලපු ගෙදර මනුස්සයා එයාගේ බී එම් ඩබ්ලිවු එක රේස් කරනවා… මොන නින්දක්ද ?

ටී වී එක ඉස්සරහා වාඩි වෙලා චැනල් මාරු කරන්න ගත්තා…..

තාක්‍ෂණ විෂයය අළුත් විෂයයක් ලෙසින් උසස් පෙළට එකතු කරනවලු…. උස්සවේ මහියංගනේ ලු…අනේ හොඳයි…. මොකක් හරි අළුතෙන් සිද්ධ වෙනවා… කාට හරි හරි යයි නෙ….

මාස පහක් හුලං බීලා ජීවත් වෙච්ච එකෙක් හොයාගෙන ලු…..  අනාගතේ මේක ස්ටෑන්ඩර්ඩ් එකක් වේවිද මන්දා…

මත්තලට ගුවන් යානා එන්නෙ නැතිලු…. අළුතෙන් දාපු කඩේකට වුනත් මිනිස්සු එනවා අඩුයි නෙ… ණය ටිකක් වැඩියෙන් දුන්නාම හරි යයි.

ආ… දණ ගැහුවයි කියන ගුරුතුමී එජාපෙන් ඡන්දෙ ඉල්ලන්න සූදානමක් තියෙනවලු….. එතකොට ඒ ගුරුතුමී  දණ ගැස්සුවයි කිවු හිටිවන කවියා ? එයාට නාම යෝජනා හම්බ වෙයිද ?

ඒ මදැයි… ශ්‍රී ලංකන් ගුවන් සේවයට තෙල් ගහන්න ආණ්ඩුවෙන් බේල්  අවුට් එකක් දෙනවලු….. ඔය මලදානෙ වහලා දාලා හිමින් එයා එකට ප්ලේන් ටිකත් දීලා මත්තල ප්‍රධාන ගුවන් තොටුපල කළානම්….

හැහ් හැහ්… බස් ගැමුණුවාගේ පුක බිම ඇනිලලු… බස් ඉස්ට්‍රැයික් එක ලත් තැනම ලොප් ලු… ලොකු තැනකින් ආපු ටෙලිෆෝන් කෝල් එකකින් පස්සෙ නැට්ට දෙපරංදෙ අස්සෙ ගහගෙන බස් ධාවනය කළාලු…

බංකොලොත් දේශපාලනඥයො පිටිපස්සෙ යන්න එපා කියලා ජනාධිපතිතුමා හිරුණිකාට  අවවාද කළාලු… දැන්වත් දුමින්ද බැන්දොත් නරකද ?

අන්තර්ජාලෙ පීරනකොට ඇල්කෙමියාගේ දිනපොත කියලා එකක් දැක්කා…. බැලින්නං ඒක ලියන්නෙ මම ලු…

අනේ මන්දා… අර දූෂණය වුනයි කියපු සුද්දි දූෂණය වෙලා නෑ කියන්නෙ….

wtf-what-did-i-just-watch

Advertisements

Posted on ජූලි 15, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 19.

  1. ඈ මල්ලි එතකොට ඒකත් එහෙම ද? දැන් අර මැරිච්ච සුද්දක් ඔය මැරෙන කල්ම ඒකිත් එක්ක එකට නේද හිටියේ, ඌත් මුකුත් කොරලා නැතෙයි? අනේ මන්ද උබලට මඤ්ඤ ද ? මට මඤ්ඤ ද?

    • අර අළුත් ක්‍රමේට අළුත් එකක් තියල මහල ආපහු යවන්න ඇත්තේ. 🙂

    • ඌ සුද්දෙක් නෙවෙයි අයියා… භක්තිමත් ඉස්ලාම් තරුණයෙක්… ඌ බඳින්න ඉස්සර ඕවා අතපත ගාන්න යන්නෙ නෑලු… අන්වර් අයියා කිවුවෙ…
      අර සුද්දිත් පතිදම් සුරකින කාන්තාවක් ලු…. තාම මැස්සෙක්වත් වහලා නැතිලු…
      තංගල්ලෙ අයියා ඒ සුද්දිගෙ ඇඟ උඩ නැගලත් මොකුත් වෙලා නැත්තෙ සීතා දේවි වගේ පතිදම් සුරැකපු නිසයි කියලයි කියන්නෙ..
      ඔය පර සුද්දි ලංකාවට ඇවිත් තියෙන්නෙ අපට එරෙහිව කුමන්ත්‍රණ කරන්නලු… අපේ එවුන්ට කියලා දූෂණය වෙලා ලෝකෙටම කියන්න ලු… හොඳ වෙලාවට අපේ එවුන්ට ඒක කොරා ගන්න බැරි වෙලා තියෙන්නෙ…

  2. යකෝ ලංකාවට ආවට පස්සේ මෙයත් ඈක්කා එව්වා ලියනවා , ඔහේ කුණු හබ්බ ලියන්ඩ ගත්තහම අපි මොනවද ලියන්නේ ආයි බොවං , දන්න අම්ලයක් බෂ්මයක් ගැන ලියාගන ඉන්නවා හොදයි ථ ඔන්න මම නොකියුවයි කියන්ටෙපා ආයේ

  3. ඔය සුද්දා… සුද්දයි කිව්වට තම්බියෙක්නේ. ඕකා ඇවිත් තියෙනවා රුසියාවේ ගණිකාවක් එක්ක ඔය හෝටලේට. ගණිකාවන්ගේ පති දම් ඉහලින්ම තියෙන නිසා එතන අවුලක් නෑනේ. අනේ ඉතින් ඕන් ඔය අතරේ තමයි, අපේ සභාපති උපාසක තැන ඔතනට ඇවිත් තියෙන්නේ හෝටල් අයිතිකාරයගෙ කරදරෙන් බේරෙන්න බැරුවට. වතුර ටිකක් බීලා යන්න. අයිතිකාරයගෙන් බේරෙන්නේ බැරිම තැන කොකා කෝලා එකක් බිබි ඉන්දැද්දි තමයි. අර එංගලන්තේ තම්බි සුද්දා අර රුසියාවේ කෙල්ල රේප් කරලා. එයාගෙ ඔළුවට වෙඩි තියාගෙන මැරිලා තියෙන්නේ. සභාපති තුමා ඒ ටී පනස් හය තියාගෙන ඉඳලා තියෙන්නේ. උස පොල් ගස් වල පොල් කඩනළු. තංගල්ල පැත්තේ පොල් කඩන්නේ එහෙමලු. ඒ නිසා පොල කඩන හැමෝම ගාව ටී 56 හියෙනවලු. ගරු චන්ඩි මල්ලි මැතිතුමාගේ පුත්තු දෙන්නා, ගරු ජූලම්පිටියේ අමරේ මැතිතුමා වගේ අයත් පොල් කඩන්න පාවිච්චි කරන්නේ ටී 56 ලු.

    • මෙතැන තනිකර ගිහින් තියෙන්නෙ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්… ඊජිප්තුවෙ තම්බියෙක් රුසියාවෙ ගණිකාවක් එක්ක ලංකාවට ඇවිත් ස්කොට්ලන්තෙ හදපු විස්කි බීලා ඇමරිකාවෙ නිෂ්පාදනය කරපු ටී පනස් හයකින් වෙඩි තියාගෙන මැරිලා…

      අර මනුස්සයා කියපු කතාව හරි…

      • අනේ ගොයියෝ .ටි 56 ගහන්නේ චීනේ. එකේ මහඑකා 47 ගහන්නේ රුසියාවේ. චීනේ අපේ මිත්තරයානේ.චීනෙත් එක්ක තියෙන හොඳ හිත නවත්තන්න වෙන්න ඇති ඒක ගන්න ඇත්තේ.

      • බොහොම ස්තුතියි..
        මම හිතන්නෙත් එහෙම තමයි වෙන්න ඇත්තෙ…
        චීනෙ තරහ කරගත්තොත් ඉතිං සොරි ඩොට්කොම් තමයි …

  4. මම නම් මේක බලල බුරිය උල් වෙන්න හිනා උනා… ඇයි යකෝ හිනා යන්නෙ නැද්ද මේ ව අහද්දඉ….

  5. කාටවත් පෙනිලා නෑ නොවැ අර හෙමින්ම ඇදිලා ගිහින් තියන නයා. 🙂

  6. ඔය දේවල් සිලි ලංකාවට සුලු සිද්දි.
    ඔබගෙ අර කතාවත් ලියල ඉවරද?
    එක්කො අර හදනවයි කිව්ව චිත්තර පටිය හදන්නකො >>මාලු ගොඩ පිනයි<<කියල.

  7. යකෝ මේ වගේ හැමි*න පෝස්ට් එකක් මට මිස් උනේ කොහොමද ..? මන් මොන මගුලේ රිංගලා ඉද්දීද පරයෝ තෝ මේක දැම්මේ ..? 😀

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: