දයා සිරි – ඔයා හරි
හිතවත් දයාසිරි,
හිතවත් දයාසිරි කිවුවෙ තමුන්නාන්සෙ අපේ අයියගෙ යාළුවෙක් නිසා. ඉතිං තමුන්නාන්සෙත් අපට පුක පෙන්නලා අනිත් පැත්තට පැන්නා නෙ. පාරෙ ඉඳලා බස් එකට නැගලා අමූලික බොරු කියලා අපෙන් කීයක් හරි කඩාගන්න හිඟන්නෙකුට වඩා වෙනස්කමක් මම දේශපාලනඥයෙකුගෙන් දකින්නෙ නැති නිසා තමුන්නාන්සෙ ආණ්ඩුවට නෙවෙයි, එල් ටී ටී ඊ එකට එකතු වුනත් අරුමයක් නෙවෙයි. අපි දන්නවා තමුන්නාන්සෙ රනිල්ට වලි දැම්මා තමයි. ඒ පක්ෂය දියුණු කිරීම කියන බැටළුහම පොරවගෙන තමුන්නාන්සෙට තැනක් ගන්න තමයි කියලා දන්න මිනිස්සු දන්නවා. රනිලුත් දන්නවා – මහින්දත් දන්නවා. ඒත් අපේ ජරා ගතියට ඒ කිසිම දෙයක් නොදන්න ගානට අපි ඉන්නවා. ඕකම තමයි අපට කෙළවෙන්න ප්‍රධාන හේතුව. තමුන්නාන්සෙට ඔතැන කිසිම තැනක් ලැබුණෙ නැති නිසා දවසක් හොටු පෙරාගෙන ඇඬුවත් නෙ… ඒ ඔක්කොම දැන් ඉවරයි.
මෙච්චර කලක් තමුන්නාන්සෙ ආණ්ඩුවටයි මහින්දටයි පලු යන්න බැණ බැණ හිටියා. දැන් තමුන්නාන්සෙ ජනාධිපතිතුමාගෙ දෑත් ශක්තිමත් කරන්න කියලා කොහොම කොහොම හරි ආණ්ඩුවට ගොඩ වුනා. තමුන්නාන්සෙ හරි. එජාපෙ කියන ගිලෙන නැවේ ඉඳගෙන ආතක් පාතක් නැතුව ඉන්නවට වඩා, කෝටි විසිපහකට ආත්ම ගරුත්වය පාවා දුන්නා කියන ලේබලේ ගහ ගත්තත්, පලාබබා මැතිවරණෙ ආවම තමුන්නාන්සෙට බැණපු එවුන්ම මල් මාලා දාලා පිළිගන්නවා. අපේ හැටි එහෙමයි අනාගත මහ ඇමතිතුමා… අපේ එවුන්ට ලැජ්ජාවක් නෑ.. උන් ලැජ්ජ බිමින් තියන්න හරි දක්ෂයො..
ඉතිං තමුන්නාන්සෙ කීයක් අරන් ගියත්, මට නං ඇති ලබ්බක් නෑ… තමුන්නාන්සෙට සල්ලි ලැබුණද, බලේ ලැබුණද අරවා – මේවා ලැබුණද මට සත පහක් හම්බ වෙනවා කියලා යෑ.. ඔන්න අයියට නං මොනවා හරි සෙට් කරගන්න පුළුවන් වේවි.. පුළුවන් නං මොනවා හරි කරලා දෙන්න.. මම දන්නවා ඒ මනුස්සයා තමුන්නාන්සෙ වෙනුවෙන් ලොකු කැපවීමක් කරලා තියෙනවා. අමතක කරන්න එපා..
තමුන්නාන්සෙ මොනවා කළත් සාමාන්‍ය මිනිහට සෙතක් නෑ,..තමුන්නාන්සෙ ඔතැනට ගියා කියලා බඩු මිල අඩු වෙනවයෑ… තමුන්නාන්සෙ නඩත්තු කරන්න තව ටිකක් වැඩි වෙන එක විතරයි… අපටමයි කෙළවෙන්නෙ… තමුන්නාන්සෙ කරගන්න දෙයක් තමුන්නාන්සෙට. තමුන්නාන්සෙ විතරක් නෙවෙයි, ඔය දියවන්නා මඩ වගුරෙ ඉන්න 225 හෙන්ම අපට කිසිම සෙතක් නෑ. උන් ඔක්කොම කරන්නෙ උන්ටයි උන්ගෙ හෙංචයියොන්ටයි කොරන එක තමයි. උන්ට හේත්තු වෙලා ඉන්න කල් කිසි ප්‍රශ්නයක් නෑ… මොනවා කළත්, නීතියක් රීතියක්, සදාචාරයක් ආත්ම ගරුත්වයක්, හෘදය සාක්ෂියක් – ලැජ්ජාවක් කියන කාරණා උන් කිසිම කෙනෙකුට අදාල නෑ…
ඉතිං තමුන්නාන්සෙ – තමුන්නාන්සෙගෙ අනාගතය වෙනුවෙන් ගත්ත තීරණය හරියටම හරි. බුදු හාමුදුරුවෝ හරි යේසුස් වහන්සෙ හරි දේශපාලනයට ආවත් – දූෂණය, භීෂණය, ට අහු වෙන මේ සිස්ටම් එකේ පැවැත්මක් තියෙන්න නම්, හෘදය සාක්ෂිය බල්ලට දාලා, ලැජ්ජා නහරය කපා දමලා, මට මතක නෑ ඕයි තියරිය දාගෙන ඉන්න ඕන.. තමුන්නාන්සෙගේ ගුරුතුමා වගේම, තමුන්නාන්සෙත් ඒක හොඳට ප්‍රගුණ කරලා තියෙනවා. මට දුක ඊයෙ වෙනකල් තමුන්නාන්සෙ රටටම කොලේ වහලා අද මාරු වෙච්ච එක ගැන… ඇත්තටම තමුන්නාන්සෙට ලැජ්ජාවක් කියලා අළුක්කාලක්වත් ඇඟේ ගෑවිලාවත් තිබුණෙ නැද්ද අම්මපා ?
ඉතිං තමුන්නාන්සෙ අද ඉඳලා සත් ගුණවත් සන්ධාන දේශපාලනඥයෙක්, හැබැයි තමුන්නාන්සෙට ලොකු ලොකු දූෂණ චෝදනා ගෑවිලා නැති එක ගැන මම ටිකක් ගරු කරනවා. නමුත්, තමුන්නාන්සෙ ආණ්ඩුවට ආවට පස්සෙ ඒ රෙකෝඩ් එක තියා ගනීවිද කියලා සැකයක් තියෙනවා. මොකද කියනවා නම් ඔය විපක්ෂෙ ඉන්දෙද්දි තියෙන මොළෙයි කොන්දයි දෙකම හැමෝම ආණ්ඩුවට ආවට පස්සෙ ගෙදර තියලා එන නිසා. දැන් බලන්න ආපු කට්ටිය කෙළින පිස්සු… උන් විතරක් නම් මදෑ.. උන්ගෙ දරුවොත් පිස්සු නෙ කෙළින්නෙ.
දැන් මට තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි සන්ධානෙ ඉන්න 95% ක්ම ලොකු ලොක්කෝ ටික ඔරිම ජිනල් යූ ඇන් පී කාරයෝ වීම.. ඒ විතරක් නෙවෙයි උන් ඔක්කෝම ලොවෙත් නැති පිස්සු කෙළීම… එක වෙලාවකට හිතෙනවා මේක රනිල් කාරයාගෙ ගේමක් ද කියලත්. මොකද කියනවා නම් ඉන්න ගොබිලෝ ඔක්කොම සන්ධානෙට එවලා – උන්ට කියලා පිස්සු කෙළවලා – රජය ජනතාව අතර අපකීර්තියට පත් කරවලා – ආණ්ඩුව පෙරළලා දැම්මාම… අර ඉස්සර යූ ඇන් පී එකෙන් ආපු සෙට් එක ආයෙම යූ ඇන් පී එකට යනව නෙ.. මොකද තමුන්නාන්සෙලා රෙදි ඇඳගෙන නෙවෙයි නෙ ඉන්නෙ.. ඔය සෙට් එකටම ආපහු හැරිලා යන එක මහ කජ්ජක් නෙවෙයි… ඉතිං මට හිතෙන්නෙ නම් මේක රනිල් ගෙ දීර්ඝකාලීන සැලසුමක් ( සිංහල වචනෙ අමතක නිසා Long Term Plan කියලම කිවුවා…) හැබැයි Sexual harassment එකක් කියලා නම් කියන්න අමාරුයි…. මොකද තමුන්නාන්සෙට ටික දවසකින් තේරෙයි යූ ඇන් පී කාරයෝ තමුන්නාන්සෙට ඇරපු ඇරිල්ල හොඳයි කියලා. මොකද ඔය සන්ධාන කාරයෝ අරින ඇරිල්ලට අහු වුනොත් ඉතිං ආයෙ වැරදිලා පුක හෝදගන්නවත් ගඟක මූදක බහිනවා බොරු…..
ඉතිං දයාසිරි, ඔයා හරි…. ඔයා හරි කියන්නෙ ඔයා ඔයාගෙ පැත්තෙන් හරි…
හැබැයි ඔයා හරි වුනා කියලා අපට සොරි වෙන එක නවතින්නෙත් නෑ… මෙච්චර කලක් ඔයා ජොනියට බැණ බැණ හිටියා.. දැන් ඔයයි ජොනියයි දෙන්නා එකට ජොනි වෝකර් එකක් ගහයි… දේශපාලනේ හැටි ඔහොම තමයි කියලා දෙන්නම හිනා වෙයි… ඔයාට දැන් අඩු ආචාර්ය උපාධියක් විතරයි… ඒකත් ආචාර්ය මර්වින් සිල්වා මැතිතුමාට කිවුවා ම සෙට් කරලා දෙයි.. එතුමත් කියලා තිබුණෙ තමුන්නාන්සෙ ආණ්ඩුවට එනවා නම් එතුමත් සතුටුයි කියලා.. දැන් දෙන්නට ඩුවට් එකක් කියලා සී ඩී එකක් කරන්නත් පුළුවන් වේවි… විෂුවල්ස් වලට පබායි රෝසියි ගන්න… හැබෑට දැන් ඒ මනුස්සයට මොකෑ වෙන්නෙ ?
ඉතිං දයාසිරි, ඔයා විපක්ෂෙ ඉන්දෙද්දි ජනතාව වෙනුවෙන් කරපු අරගලේ ආණ්ඩු පක්ෂෙ ඉන්නකොට වඩා හොඳට කරනවා ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අර ඉස්සර කියපු බඩු මිල අඩු කරන කතා, යහපාලනේ, ආදී ලොකු ලොකු කතා… මතකද මන්දා..
මට නං කියන්න තියෙන්නෙ එකම දෙයයි…
දයා සිරි
ඔයා හරි
අඬනු බැරි
අපට සොරි.
Posted on ජූලි 24, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged ආණ්ඩුව, දයාසිරි, රනිල්. Bookmark the permalink. ප්‍රතිචාර 7.
හිතවත් ,
දයා සිරි
ඔයා හරි
අඬනු බැරි
අපට සොරි.
කැමතියිකැමතියි
Excellent!
කැමතියිකැමතියි
ලෙසටම ලියල.දයා කියෙව්වොත් ඇඩෙයිද මන්ද.
කෝටි ගනන් දීල එකෙක් අරගෙන ඉහලම තැන ඒකට දෙනකොට, පරම්පරාගත පාක්ෂිකයො කී දෙනෙක් පුපුරනව ඇද්ද?
කැමතියිකැමතියි
ඇල් මෙතනදි මේක රනිල්ගේ ගේමක් කියපු එක ගැන මම නම් හිතන්නේ මෙහෙමයි. මහින්ද කියන්නේ මම හිතන්නේ මේ මුළු ළෝකෙම ඉන්න හොඳම දේශපාළඥයා. 2005 දී ඔක්කෝම මහින්දට කැපිල්ල දැම්මේ. කරන්න දෙයක් නැති කමට උන් එක්ක හිටියට. ඒක මහින්දගේ හිතේ තියෙනවා. එහෙම නැත්නම් එයා මනුස්සයෙක් වෙන්න බෑ. අද ශ්රීලනීපයේ පරණ උන් ඔක්කොම කුණු බක්කියට දාලා තියෙන්නේ. දැන් පාත් එක හදන්නේ නාමල්ට. ඒත් නාමලුත් සජිත් කෙනෙක් වෙයිද නොවෙයිද කියන් දේ අනාගතයට අදාල දෙයක්. මධ්‍යම පලාත් සභාවත් සරත් ඒකනායකට දෙන්නේ නෑ. තරුණ එකෙකුට දෙයි. ඔය් මොකා පත් උනත්. සියල්ලෙහි පාළණය අරලිය ගහ මන්දිරයෙන් පමණයි. ජ්/කාලා සෝමෙලා අපිට වඩා ඒ දේ අවභෝධ කර ගත්තේ බොහෝ කලින්.
ඇල් ඇත්තටම මේ නියම සිරි ලංකාව. නියම සිරි ලංකික සංස්කෘතිය.. මේ තමයි යටත් විජිත යුගයට පෙර තිබූ ශ්‍රී ලංකාව.
කැමතියිකැමතියි
ඇල්… උබ සම්පූර්ණයෙන් හරි.. මම ඔය දේශපාලණය නොකෙරුවාට හරි වැරැද්ද පේනවනෙ…
කැමතියිකැමතියි
දයාසිරිගේ කතාවේ ගොඩාක් තැන් පරස්පර විරෝධියි.වාසියට වැඩ වෙනකොට එහෙම වෙනවා.අන්තිමට සෙක්ෂුවල් හැරස්මන්ට් කියන තැනටත් වැටුනනේ.මුන් ඔක්කොම උයි පරන කට්ටිය.
ලිංගික අවශ්‍යතාවයන් පුද්ගලානුබද්ධය.එයට ගැරහුවා නොවේ.
කැමතියිකැමතියි
ඔක්කොටම කලින් සේනාවක් හදන්න ඔනේ ඡන්දේ කාටවත් නොදී ඉන්න..තමන්ගේ ඡන්දේ අවලංගු ඡන්දයක් බවට පත් කරලා ඉන්න ඔනේ…දැන් ඉන්න මොකාට දුන්නත් වැඩක් නෑනේ…උන් කර ගන්නේ උන්ටයි,උන්ගේ වටේ ඉන්න හෙන්චයියෝ ටිකට විතරයි..මම නම් කියන්නේ හැමෝම ඡන්දය වර්ජනය කරන්න ඔනේ…නැද්ද මං කියන්නේ…එතකොට බලාගන්න පුලුවන් මුන් හොර ඡන්ද කොච්චරක් දානවද කියලා???
කැමතියිකැමතියි