යකෝ මගෙ සුරේ….. උඹ මාව කෑවා…. (සත්‍ය සිදුවීමක් ඇසුරෙනි)


මේ දවස්වල සිද්ධ වෙන්නේම අඥ්ඤකොරොස් ජාතියේ සිදුවීම්යැ.. යන්නෙ නෑ යන්නෙ නෑ කිය කියා හිටි දයාසොරි ලමයා ද ආයෙම මහගෙදර ගියේ ලොක්කාගේ (මං කිවුවෙ ලොක්කෝ දෙන්නාගෙම) බලාපොරොත්තු මල්පල ගන්වමින් යැ.. ඔය අල්ල පනල්ලේ දේශපාලන කතා බල බලා හිටි මට දන්නෙම නැතුව නින්ද ගියේ පුටුවක් උඩමයැ. හීනෙන් ඇවිදින – හීනෙන් ටයිප් කරන – හීනෙන් දොරවල් ඇරගෙන අනුන්ගේ ගෙවල්වලට යන – හීනෙන් ඇවිදගෙන ගොස් ශීතකරණයට චූ කරන ආදී හීනෙන් යන ප්‍රශ්න මටත් තිබෙන නිසාම.. කොහොම ඇඳට ගියා දැයි මමම දන්නේ නැතියැ..

හීනය කොයි වෙලාවේ දැක්කා දැයි නිනව්වක් නැතියැ. සිදුවීම මෙසේ යැ.

මම ඒ වෙලාවේ හිටියේ අරලියගහ මන්දිරයේයැ. මම ඒ වෙලාවේ හිටියේ මහින්ද අයියා ලඟමයැ. අපි දෙන්නා කුමක් හෝ බරපතල යමක් ගැන කතා කරමින් සිටියෙමුයැ. ඇල්කෙමිච්චි සහ පැටියා හිටියේ ශිරන්ති අක්කාගේ කාමරයේයැ.ශිරන්ති අක්කා මොකද්දෝ මසමින් මැසිම ලඟ හිටියායැ. අපි ඒ තරමට සමීප පවුල් දෙකක් බවට පත් වී සිටියේ කෙසේදැයි මටම හිතාගත නොහැකි වියැ.

Sri Lanka's President Mahinda Rajapaksa speaks during a meeting with foreign correspondents at his office in Colombo

ඔය අල්ලපනල්ලේ මහින්ද අයියාගේ අතේ තිබුණ සුරය කෙසේ හෝ මගේ අතට ඇවිල්ලා තිබුණේයැ. මමත් මේ සුරය සමඟ සෙල්ලම් කරමින් නොදැනුවත්වම ඒක මගේ නළලේ අතුල්ලාගෙන ඇත.. (අම්මපා මටත් වෙන වැඩ නැති හැටි. – හීනෙන් වුනත් මහින්ද අයියගේ සුරේ මගේ නළලෙ අතුල්ලා ගන්න…..)

මහින්ද අයියාට මළ පැන්නේ මෙන්න මේ වෙලාවේය…

“යකෝ මගේ සුරේ..” මහින්ද අයියා ම‘වෙත කඩා පැන්නේ හිඩ්න් ඩ්‍රැගන් වෙත පනින ක්‍රවුචින් ටයිගර් කෙනෙක් මෙනි…

president_mahinda_rajapaksa

“කෑවා… කෑවා… ශිරන්තිටවත් අල්ලන්න දුන්නෙ නැති සුරේ, ” කියමින් මහින්ද අයියා සුරේ අල්ලා පොලවේ ගැසුවේයැ.

සුරේ අම්බ්‍රෙල්ලා පවුඩර් වී ගියේයැ….

සුරේ තුළ තිබූ රතු පැහැති ජුජුස් කෑලි ටිකක් පොළවේ විසිරී ගියේයැ…

මම හිතුවේ ඒවා රතු මැණික් කියායැ… නැත නැත…. ඒවා සූටි සූටි හාට් ශේප් ගල්කැට වැනි යමකි…

“බුදු අයියේ… මම හිතලා කර දෙයක් නෙවෙයි….. සමාවෙන්න… මේ ඩෙංගු මදුරුවෙක් ද කොහෙද මාව කෑවා… ඒකයි නළල කැහැවුවෙ…..”

“මලේ… උඹ හින්දා සමාව දෙනවා… වෙන එකෙක් නං දනී කරන දේ… හරිය ?.”

“හැබෑට මක්කැයි මේ සූටි සූටි හදවත් ? හැත්තෑවක්ම විතර ?”

“හැහ්…හැහ්.. උඹ ඒකවත් දන්නෙ නැතෙයි ?” මහින්ද අයියා සුපුරුදු දකුණෙ බාසාවෙන්ම ඇසුවේයැ.

sri-lanka's-president-mahinda-rajapaksa-smiles-during-a

“යකෝ… මේ තියෙන්නෙ හෘද සාක්කි.. බං. හෘද සාක්කි.”

“අහවල් එකාලගෙයි ?”

“අනේ…තොත්ත බබා…… උඹ ඒකවත් දන්නෙ නැ‍තෙයි ?”

“මොකෝ අනේ හිනාවෙන්නෙ හීනෙන් ? “

“අපි ඉන්නෙ අරලියගහ මන්දිරේ නෙවෙයිය ?”

“මොන අරලියගහ මන්දිරයක්ද ? මේ ඉන්නෙ අපේ ගෙදර….”

“මේ…. මම ම ද ?”

“ඔව් ඔව් වදේ… ඔයාම තමයි… වෙන කවුද ?”

“මල ඉලව්වයි….. ඔයා නැගිට්ටවලා මට මහින්ද අයියගෙන් ඒ කාගෙ හෘදය සාක්කියද කියලවත් අහගන්න බැරි වුනා…. හීනෙන් වුනත් බොහොම වැදගත් කාරණයක්….”

අනේ මේ…නැගිටලා උදේට උයන්න පොල් ටිකක් ගානවා… මගුල් දේශපාලන වැඩසටහන් බලලා නිදාගෙන… මෙතන එනවා විකාර කතා කරන්න…..

Advertisements

Posted on ජූලි 26, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged . Bookmark the permalink. ප්‍රතිචාර 31.

  1. මාත් දැක්කා නොවැ දවසක් මම පබාගේ බෙල්ල මිරිකනවා…ඒකි ඒත් මරුනේ නෑනේ…එහෙව් ජරා ජාතියක්…අපිටත් පෙනෙන දේවල් අම්මපා… 😀

  2. සුරේ ශිරන්ති ඇල්ලුවෙ නැතිවුණාට කනර්අලී ලා, බැගීත ලා, බපා ලා එහෙම අල්ලනව නැතැයි….ඔහේ මක්කටෙයි ඒක අල්ලන්න ගියේ? එන පොට හරිනෑ……දානව ගිහින් හිරිකොත කාමරේකට හරිය……?

  3. ඇල් පංසිල් අරන් නිදියන්න. එතකොට ඔය භ්‍යානක හීන පේන, හීනෙන් ඇවිදින, කේස් නවතියි. හීනෙන් යන එක නම් මට කරන්න දෙයක් නැතිය. ඉරිදා පත්තරේක දැන්වීම් අතිරේකය කියවන්න.

    හැබැයි සුරේ වතුරේ දාල නිදියගත්ත නම් ඕව ඔක්කොම හරියයි.

  4. සැමදා නින්දට පෙර සුරය වතුරේ දමා නිදියන්න. හීන නොපෙනේවි. අර කෙම්මුර දවස් දෙක තුනට අත් පිරිතවත් කියවා නිදන්න.(මායියාට නොපෙනෙන්න)

  5. අපරාදේ සිහිනෙන් හරි අතට ආපු චෑන්ස් එක.
    අර පිටේ තියල කපන මාංශ කෑල්ලක්වත් අහල පහල තිබුන නම් අතුල්ලල දාන්න තිබුන,>>හුදී ජන සුව පිණිස<<කියල.
    අපරාදෙ ඔබෙ සිහිනය මට පේන්න තිබුනෙ.

  6. හීනෙන්වත් අතුල්ලගන්න හම්බෙච්ච එක ලොකු දෙයක්නෙ.

  7. හොඳ වෙලාවට ඕක නළලේම ඇතිල්ලුනේ… වෙන කොහේ හරි මර්මස්ථානයක ඇතිල්ලුනා නම් මළ සේක…!!!

  8. අනේ මන්දා..ඒ කෙසේ වෙතත් කථාව නම් පංකාදු පහයි.

  9. සුදු වැන් අවොත් අපි නැහැ

  10. කොහොමද මහින්ද අයියගේ පානට ඇඟිල්ල දාලා තෙල් අරගෙන ඒ තෙල් මගේ පානට දාන්න පටන්ගත්තානම් හීනෙන්ම?

  11. අතේ තිබිච්ච සුරේ හින්දා ගානක් නැහැ.අනිත් සුරේ නම් උරේ දාලා අරන් තියලා කියන්නෙ.

  12. පෂ්ට ලියවිල්ල ඇල්කෙමියා. මං අදමයි ආවෙ මෙහෙ.

  13. ඔය සුර රාජයගෙ ඇතුලෙ දෙයියො හතර දෙනෙකුත් ඉන්නවය කියනව නේද?

    2011 ලෝක සූරතා අන්තිම පයිනල් එකේදි ඉන්දියාව බැට් කරද්දි ඉන්දියන් කාරයො එවාපු දෙයියො මහින්ද අයියගෙ දෙයියන්ට ගහල පැන්නුවය අපි මැච් එක පැරදුනේ ඒ නිසාය කියල අර ගාල්ල පැත්තෙ පෙරකදෝරුවෙක් ඒ දවස්වල කිව්ව මට මතකයි

    ඇලා…….දැක්කෙ එහෙම නැත ඒ දෙයියො සෙට් එක?

  14. //ශිරන්ති අක්කා මොකද්දෝ මසමින් මැසිම ලඟ හිටියායැ//

    මට අල්ලා දෙන්ඩකෝ ඒක කැඩුනහම හදන්ඩ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: