ස්වභාවික වරණය මිනිස් සමාජයට බලපෑම හෙවත් මාලකට ගහලා ඕයි…


පරිසරය – සොබාදහම මහා පුදුමාකාර දෙයකි. අවශ්‍ය සියල්ලම එතැන ඇති අතර – අනවශ්‍ය සියල්ලත් එතැනම ඇත. සියල්ල සමබරව හෝ එක් පැත්තකට තරමක් බරව පවතී, කාළයකදී බරවන පැත්ත තවත් කාලයකදී සැහැල්ලු වී අනෙක් පැත්තට බර වේ. ඕනෑම දෙයක සාමාන්‍ය ස්වභාවය මෙයයි. කෑළයක මුවෝ වැඩි වන්නේ විලෝපිකයින් අඩු වන විටය. කැළයක කොටියෙකු දෙන්නෙකු සිටින විට ඉබේම මුව ජනගහනය පාලනය වේ. ඇමරිකාවේ කැළෑවල කොටි නැත. එම නිසා සෑම වසරකම දඩයම් කාලයේදී අදාල ප්‍රාන්තයේ මුව ගහණය පිලිබඳ ඇගයීමක් කර, එක් දඩයක්කරුවෙකුට දඩයම් කරගත හැකි මුවන් ගණන දක්වනු ලැබේ. අදාල මුවන් සංඛ්‍යාව දඩයම් කරගන්නා ඔවුහු, නීතියට ගරුකරමින් සහ ස්වභාදහමට ගරු කරමින් සිය කටයුත්ත නිමා කරති. ඒ විනය සහ සදාචාරයයි.

මේ ආකාරයෙන් ස්වභාවික පාලනයකට යටත් නොවන අවස්ථාවක කෘත්‍රිම පාලනයක් මගින් සොබා දහමේ සමබරතාවය තුලනය කරනු ලබයි.

මිනිස් ජනගහනය ද කිසියම් ආකාරයකට මේ අයුරින් පාලනය වුවත්, නවීන ලෝකයේ වූ පහසුකම්, රෝහල් සහ වෛද්‍ය පහසුකම්වල ඇති දියුණුව සහ ස්වභාවික විපත්වලින් සිදුවිය හැකි හානිය කල්තියා දැන ගැනීමට හැකිවීම වැනි දෑ නිසා මිනිසුන්ගේ ආයුකාලය දීර්ඝ වීම සහ මරණ අනුපාතිකය අවම වී ඇත. නමුත්, ඒ හා සමානව උපත් අනුපාතිකය අඩු නොවීම නිසා සෑම තත්පර 13 කට වතාවක්ම ලෝකයේ ජනගහනය එකකින් වැඩිවන බව සොයාගෙන ඇත.

මේ සමතුලිත තත්ත්‍වය තුළ අප සමාජයේ විවිධාකාර මිනිසුන් දැකිය හැකිය. උගතුන්, බුද්ධිමතුන්, මෙන්ම නූගත් මුග්ධ-අවිචාරවත් මිනිසුන් අනන්තවත් දැකිය හැකිය. උගතුන්ගෙන් අනූන – විනයගරුක පිරිසක් සහිත සර්ව සම්පූර්ණ සමාජයක් අපට කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකිය : බලාපොරොත්තු නොවිය යුතුය. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අගය ද වැඩි වේ. නූගතුන් වැඩිවත්ම උගතුන්ගේ අවශ්‍යතාවය ද වැඩි වේ. සමහර සමාජයන් උගතුන් වැඩි අතර තවත් සමහර සමාජයන්ගේ නූගතුන් වැඩි වේ. මේ උගත් – නූගත් සහ විනයගරුක – අවිචාරවත් මිනිසුන්ගේ  අනුපාතය අනුව සමාජයේ ප්‍රගමනය තීරණය වේ. සුදනන් සහ දුදනන් අතර සම්බන්ධතාවය ද මේ හා සමාන වේ.

පසුගිය වසර 30 කට ආසන්න කාළයක අප කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අත්වින්දේ යුද්ධයයි. කොටින්ම කියතොත් අප සියළුම දෙනා අඩු වැඩි වශයෙන් සිටියේ යුධ මානසිකත්‍වයකයි. දෙනෝ දාහක් ඉදිරිපිට ජනාධිපති උපදේශක කෙනෙක් සහ අධීක්‍ෂක මන්ත්‍රී කෙනෙකු වෙඩිතබා ගත්තේ (ද කියා මට නම් මතක නැත) ද, ප්‍රාදේශීය සභා සභාපති කෙනෙකු සුද්දියෙක් විසින් දූෂණය වුනේද, හිටපු ප්‍රාදේශීය සභා අතකොට සභාපති කෙනෙකු දෙනෝදාහක් ඉදිරිපිට වතු අධිකාරීවරයෙකුගෙන් මැරුම් කෑවේද, පලාබබා කෙනෙකු ගුරුවරියක් ඉදිරිපිට දණ ගැසුවේද සහ වෙනත් අනන්තවත් උදාහරණ ඇත්තේ ද මේ පශ්චාත් යුධ මානසිකත්‍වය අඩු වැඩි වශයෙන් අප තුළ ඇතිවීම නිසායි. මේ කරුණු කාරණා යුද්ධය ඇති කාළයේ ද සිදු වුවද, යුධමය ප්‍රවෘත්තිවලට වැඩිපුර අවධානයක් යොමු වීම නිසාම, මේ කරුණු යටපත්ව ගොස් තිබෙන්නට ඇති බව මගේ හැඟීමයි. කෙසේ වුවත්, යුද්ධය නිමාවීමත් සමඟම මේ කරුණු දැන් දැන් ඉස්මතු වීමට පටන්ගෙන තිබෙනවා.

අප මොන දහම අනුගමනය කළත් සොබා දහමේ ඇත්තේ සමබරතාවය පිළිබඳ නීතියයි. එනම් ධන-ඍණ නීතියයි. සෑම ක්‍රියාවකටම සමාන හෝ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇතැයි නිවුටන් සොයා ගන්නට පෙර එය සොයා ගත්තේ පැරණි ඍෂීවරුන් විසිනි, ඒ සොබාදහම නිරීක්‍ෂණය කිරීමෙනි. ද්විත්වභාවය නොහොත් Duality යන්නෙන් හඳුන්වන්නේ එයයි. කෙසේ වුවත්, හොඳ සහ නරක අඩු වැඩි වශයෙන් සමාජයේ තිබිය යුතුය. විභාගයක සමතුන් තීරණය වන්නේ අසමතුන් ඇති විට පමණයි. ප්‍රගමනය වන සමාජයක උගතා – දක්‍ෂයා ඉදිරියට යා යුතුය. සමාජයේ යහ පැවැත්ම තීරණය වන්නේ හොඳ වැඩි වූ විටය. නරක වැඩි වූ විට සිදු වන දේ දැන් දැන් අපට අප රටේදීත්, වෙනත් රටවලදීත් හොඳින්ම පෙනෙන්නට ඇත. සතුන්ට සිතිය නොහැකි නිසාම – උන් ස්වභාවික වරණය මගින් පාළනය වේ. බලවතා විසින් දුබලයා සිය ග්‍රහණයට නතු කරගැනීම – ආහාරයට ගැනීම සිදු වේ. එසේම – බලවතුන් වැඩි වන්නට වැඩි වන්නට උන් උන් අතර සිදුවන සටනින් ඒ අවස්ථාවේ වඩාත්ම බලවතා ජය ගනී.

කෙසේ වුවත් බොහෝ විට මිනිසා බුද්ධිමත් (යැයි කියන) නිසාම, මේ ස්වභාවික වරණය  කිසියම් ආකාරයකට මැඬපැවැත්වී ඇත. නූතන සමාජයේද බලවත් විසින් දුබලයා පාගා දැමීම සිදු වුවත්, නීතිය – යම් තාක් දුරට හෝ ක්‍රියාත්මක වන විට දුබලයාට යම් සහනයක් ලබා ගැනීමේ හැකියාවක් ඇත. මෙය සභ්‍ය සමාජයක ලක්‍ෂණයයි. කෙසේ වුවත් බලවතාට නීතිය එක ආකාරයකිනුත් දුබලයාට තවත් ආකාරයකිනුත් ක්‍රියාත්මක වීම අද දැකිය හැකි ලක්‍ෂණයක් වීම නීතියේ ආධිපත්‍යයට එල්ලවන ප්‍රධාන අභියෝගයයි. එය ද අප හොඳින්ම අත්දැක්කෙමු.

නමුත්, කවදා හෝ මේ තත්ත්‍වය වෙනස් විය යුතුය – වෙනස් වීමට ඉඩ ඇත. ලෝකයේ බොහෝ බලවත් රාජ්‍යයන් බිඳ වැටුනේ නොසිතූ ආකාරයටය. එක්කෝ සිවිල් යුද්ධයකින්, එක්කෝ කුමන්ත්‍රණයකින්, නැතහොත් නායක කාරකාදීන්ගේ ස්වභාවික/අස්වාභාවික මරණයන්ගෙන්, පිටරට ආක්‍රමණයන්ගෙන්, ස්වභාවික විපතකින්, ආදී මෙකී නොකී කිසියම් ආකාරයකින් මේ ආධිපත්‍යයන් බිඳ වැටිය හැක. සමතුලිතව- සමබරව පවතින තාක්කල් එම පද්ධතියේ ශක්තිය අවමව පවතී. අවම ශක්තියක පවතින පද්ධතියක් ස්ථායීතාවයෙන් වැඩි වේ. අසමතුලිතතාවය කෘත්‍රිමව පාලනය කළ හැකි සීමාවක් තිබේ. ඒ පද්ධතියට දරාගත හැකි ශක්තිය ඉක්මවා යනතෙක් පමණි.

ගොරකා ගසට හෙණ ගසා ඇත. එය පැණි වරකා ගසක් නොවීම නිසා බොහෝ දෙනෙකු ඇත්තෙන්ම හිත යටින් සතුටු වන බව පෙනේ. එය ලියා රඟ දැක්වූ නාටකයක්දැයි අප තවමත් නොදනිමු. මේවායේ යටි අරුත් එළියට වන්නේ බොහෝ කළකට පසුව නිසා මේ සිදුවීම සිදු වූයේ ඇයිදැයි තවමත් අවසාන නිගමනයකට පැමිණීම මෝඩකමකි. නමුත් මෙයින් සමාජයට වැදගත් පණිවුඩයක් දී තිබේ.

ස්වභාවික වරණයේ විලෝමය

ස්වභාවික වරණයේ විලෝමය

මේ පණිවුඩය භයානකය. අපට නොව – ඉහළ වැජඹෙන්නන්ටය.

About Alchemist

ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්‍වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්‍වයක් දී ඇත. ලංකාවට පැමිණි පසු මයිඩාස් සේෆ්ටි ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද කටයුතු කර, දැනට MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කරයි. රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, රිවිර -රිවිනෙත කලාපයට සතිපතා ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. මෙයට අමතරව ඔහු නවෝත්පාදන සහ නිර්මාණශීලීත්‍වය පිළිබඳව දේශන සහ වැඩමුළු ද පවත්වයි. Dr. Piyal Ariyananda was schooled at Mahinda College, Galle and obtained his first degree at the Institute of Chemistry, Ceylon. He excelled the studies being the Batch top in the First year and overall Batch second in the final year exams. After two years of work as a chemist at the Unilever Sri Lanka, Dr. Piyal received a scholarship to pursue his Masters Degree at the university of Louisiana, Monroe where he became the most outstanding Graduate student of the Department of Chemistry in 2003 at his graduation. Dr. Piyal did his Ph.D at University of Delaware, with another scholarship to study his Ph.D in Chemistry, where he studied the conversion of Carbon Dioxide to useful chemical compounds. After graduation with a Ph.D he continued the research at the same university in Energy generation through Carbon Dioxide conversion for two years. Dr. Piyal was offered a scientist position at the Catalytic Research Lab at BASF – Germany and prior to return to Sri Lanka, He worked on converting Carbon Dioxide to Superabsorbant materials, which are used in Diapers if simply explained. Prior to the current assignment, Dr. Piyal headed the R&D team at Midas Safety, a safety and sports glove manufacturing organization located in the Export processing zones in Sri Lanka. His team introduced several new products and technologies into the glove industry, which includes a recent international patent on a new method of making a special type of a coating. His team won the most outstanding innovation team Gold award, in the 2015 National Chamber of Exporters’ award Ceremony. Dr. Piyal is currently heading the Bodyline Innovation team in General Manager capacity. Bodyline is one of the largest business units in MAS holdings with over 15000 employees. He uses the latest innovation methods in the world to innovate the products, and new business models to cater the latest trends in apparel market. Apart from his professional work, He is a science communicator and he writes a special article in Sunday Rivira – Rivinetha, and a science fiction to the same paper. He is also a trainer of Science teachers working with the department of education, and the secretary of the Royal Society of Chemistry, Sri Lanka Section.

Posted on ජූලි 30, 2013, in ඇල්කෙමියාගේ දිනපොත and tagged , . Bookmark the permalink. ප්‍රතිචාර 17.

  1. මෙය විනාෂ වන්නේ ස්වභාවධර්ම තියරියට නොවේ. නයා, තවත් නයකු විසින් ගිල ගැනීමෙනි. ඊයේ සිඳුවී ඇත්තේද මෙයයි..

    කැමතියි

  2. මම නම් හිතන්නෙ ඇල් මෙතන ඔය කියන මොකවත් වෙලා නෑ ….මර්වියගෙ තව බොරු ෂෝ එකක් විතරයි…ඔය යකාට මොනවහරි කරල පත්තරේ නම දාගත්තෙ නැත්තං නින්ද යන්නෙ නෑනෙ..දොළොස් දෙනෙක් එකතු වෙල මාලකට ගැහුවලු..හෙහ්, හෙහ්, මිනිහට පොඩි තුවාලයක් විතරයි මූණට වෙලා තියෙන්නෙ. අනික කෝ මිනිහගෙ තග් සිකියුරිටි එක ඒ වෙලාවෙ?…අර ක්ලබ් වල සීන් වලදි හතර අතට නෙලුවෙ මිනිහගෙ ඔය සිකියුරිටි එකනෙ..කෝ ඒ මිනිස්සු මේ වෙලාවෙ?

    කැමතියි

    • ඒක තමයි මමත් හිතන්නෙ… දැන් මාලක ගුටි කෑවා කියලා මිනිස්සු හිත හදා ගන්නවනෙ…
      ඔඩෙල් එකේ security footage බොඳ වෙලාලු නෙ…
      ඒ කියන්නෙ හොරකමක් කළත් ඔප්පු කරන්න බැරුව ඇති…
      ඔන්න හොරුන්ට චාන්ස් එකක්…
      ඒ විතරක් නෙවෙයි.. 12 ක ගෙන් ගුටි කාලා හොඳට ඉන්නෙ ? සුපර්මෑන් වෙන්න ඇති..

      කැමතියි

  3. මම දැකල තියන මොන්ටෙරෝවල හරි පැජෙරෝ වල හරි යන්න පුලුවන් 8-9යි.

    මේ 12 ඇවිල්ල තියෙන්නෙ මොන්ටෙරෝ බස් එකක වෙන්න ඇති.

    ලගපාත හිටියනම් මේ ගුටිකන්නෙ මාලක සිල්වා කියන සුනඛ පුතා කියලා දන්නවානම් මාත් ගඩොලකින් හරි ගහනවා.

    පස්සෙ කියනවා හීනෙන් ඇවිද්දා දොරක් කියලා හිතලා ගැහුවා කියලා…

    කැමතියි

  4. ඊයේ මර්වින් මාධ්‍යට කතා කරපු විදිහට මටත් හිතුනේ ෂෝ එකක් කියලා.හැබැයි ඒ ෂෝ එකේ ඕකට ගහන පැත්තේ නලුවෙක් වෙන්න මටත් ලැබුනා නම් කියලා හිතුනා.

    කැමතියි

  5. ඒ හරකට ගහන්න කාට හරි ගටක් තිබුන එක ගැන සතුටු උනා නිවුස් එක අහපු ගමන්.
    අර රවී කියල තියෙනව වගේ සංදර්ශනයක් කියල දැනුනම හිතට දුකයි.
    ඔය හරක යන හැම තැනම වාහන දෙකක වෙනම සෙට් එකක් යනව.

    කැමතියි

  6. මටත් ඕක අහපු ගමන් හිතුනෙ රඟපෑමක් කියලා.. ඇත්ත එකක්නම් මේ වෙනකොට නෑ මමමයි ගහගත්තෙ කියලා කියවෙන්න ඕනා.. තාම එහෙම ප්‍රකාශයක් නිකුත්වෙලා නෑ නේද ? අනිත් අතට වෙඩි තුනක් මොලේ හිල්කරගෙන ගිහිල්ලත් ජීවත් වෙන මිනිස්සු ඉන්න රටේ, දොළහකගෙන් ගුටි කාලා සීරිමක්වත් නැති එක ඒ හැටි පුදුමයක් නෙමේ.. අම්මපා අර නම දාපු එකාට මල්තියලා වදින්න ඕනා.. 😀

    කැමතියි

  7. ඇලා වැලිවේරියෙ වඳපීදුනු මොටයි ගලවපු හැටිත් ලියමුද? කොහොමත් කෙමිස්ට්‍රි සම්බන්දයිනෙ.

    කැමතියි

  8. හිතවත, ෆොන්ටෙරා අර්බුදය පිළිබඳව විද්‍යාත්මක් කරුණු පැහැදිලි කිරීමක් ඉක්මනින් පල කරන්න. ලංකාවේ ඕන තරම් ආයතන තිබ්බත් මට නම් ඒවා විශ්වාස නැහැ. අපි හැමෝගේම දැන ගැනීම පිණිස පුළුවන් නම් හොඳ විමර්ශනාත්මක ලිපියක් පල කරන්න. හැමදාම කමෙන්ට් නොදැම්මත් ඔබේ ලිපි බොහොම අවධානයෙන් කියවන තෙනෙක් මම.

    අනිත් එක ඔබ ලංකාවට ආවට පස්සේ, ලියන ලිපි වල පොඩි අඩුවක් වගේ දැනෙනවා. දේශපාලනය ගැන කොච්චර කතා කරත් අපිට මේ බහුතරයක් ඉන්න බුද්ධිමත් ජනතාව නිසා වෙනසක් කරන්න බැහැ. ඒ නිසා පුළුවන් තරම් අපිව දැනුවත් කරන එදිනෙදා ලිපි පල කරන්න.

    මම WakeUpWorld එකට පස්සේ උනන්දුවෙන්ම කියවන සයිට් එක තමා ඔබගේ එක‍

    කැමතියි

  9. මේක ශෝ එකක් නම් නොවේ, මොකද මර්වියා කියලා තිබ්බා මහින්ද එයාව අතහැරියොත් ආයේ පස්සෙන් යන්නේ නෑ කියලා, මහින්දගේ දෙපතුල් ලෙවකන මූ මේවගේ කතාවක් කියන්නේ ඇත්තටම පාරක් වැදිල වෙන්න ඔන

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: